ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Friday, 27 May 2011
මේක චිකන් ද, ෆිෂ් ද? - Is this chicken or fish
මං කියපු වෙජිටේරියන්ස් ලා ගේ ලෝකය බණ දේශනාවයි, එලෝළු ජීවිතේ ගැන කතන්දරයයි මතකයි නේද?
ඒ එලෝළු ජීවිතේ කතාවේ සේරම වස් දොස් අද කතන්දර කෑල්ලෙන් මග හැරිලා යයි කියලා හිතෙනවා.
මං කලින් දවසක කියලා තියෙනවානේ නාඩි වාක්‍යය බලන්න ගිය කතන්දරේ?
ඉතිං මං ඔය කියන ස්ථානෙට ගිහිල්ලා රස්තියාදු වුණු දෙවෙනි දවසෙද කොහෙද මට තිබුණා පොඩි පහේ බඩගින්නක්.
වාසනාවට වගේ එතනම තිබුණා, මට මතක හැටියට ඔය සාස්තරකාරයෝ හිටපු ගොඩනැගිල්ලේ ම යට තට්ටුවේ තරමක හෝටලයක්.
ඔන්න ඉතිං මං ඇතුලට ගිහිල්ලා, වාඩිවෙලා, කෑමට දෙයක් ගැන අහලා බැලින්නම් මේක දකුණු ඉන්දියානු වර්ගයේ සයිවර් කඩයක්. තිබුනේ උළුඳු වඩේ, මසාල වඩේ, ඉට්ලි, තෝසේ, අල බෝල වගේ ඒවා විතරයි.
වඩේ ටිකක් ගේන්න කියලා, කෑල්ලක් කඩාගෙන, පිඟානට දා ගත්තු සාම්බාරු ටිකක ඩිප් කරලා කටේ ඔබා ගත්තා. තිබුණු බඩගින්න හින්දා ද මන්දා නිකං දිව්‍යලෝක රහක් තමා දැනුනේ.
දන්නවනේ, සාමාන්‍ය හෝටල්වල චිකන් රොටී, එළවළු රොටී, මස් රොටී, ෆිෂ් රොටී අඳුනාගන්න පහසු විදියට හතරැස්, තුන්හුලස්, රවුම් වගේ එක එක ෂේප් එකටනේ හදන්නේ.
තවත් කටකට දෙකකට අතට ගත්තු වඩේ එකට වග කියලා ඉවර වෙලා තවත් එකක් ගන්න යනවත් එක්කම මට මොකක්ද දන්නවද හිතුනේ?
මේවා චිකන් ද, ෆිෂ් ද?
හැබැයි තත්පරයෙන් මතක් වුනා මං මේ ඉන්නේ වෙජිටේරියන් රෙස්ටොරන්ට් එකක බවත්, කෑවේ මසාල වඩයක් බවත් කියන කාරණා දෙකම.
එළවළු ජීවිතත් නරකම නෑ වගේ, නේද?
-කතන්දරකාරයා
ප/ලි:
බෝන් එගේන් එළවළු ජීවිත ඉන්නවා නම්, මං හිතන්නේ හොඳ ඔප්ෂන් එකක් තමයි සෝයා මීට්. ඒත් අපේ දුව නං ඒවයෙත් සමහර වර්ග කන්නේ නෑ මාංශ කොටස් දාලාද කොහෙද කියලා.
මේ එළවලු කතා අදින් නිමාවෙන බව සතුටින් දැනුම් දෙමි. පරණ පුරුදු වර්ගයේ නෝටි කතා කීපයක් ලබන සඳුදා සිට.
ඊට කලින් ඉරිදාට දාන සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා බලන්නත් අමතක කරන්න එපා. ජූනි මැද වෙනකන් කතා සේරම සෙට් කරලයි තියෙන්නේ.
(image: http://americandad.wikia.com/wiki/Chicken_or_Fish_Banquet_Hall)
Subscribe to:
Post Comments (Atom)
ඒ උනාට හැම සෝයා මීට් එකේම එන්නෙ එකම රස.... අපේ හාමිනේට පෙන්නන්න බෑ... ඒ වගේද නැට්ට කොටා....
ReplyDeleteමේ ඔහෙගේ කතා සාප්පුවේ ලියල තියෙන කතා.. "ළඟදීම" හරි මොකක් හරි යටතේ සයිඩ් එකකින් දැම්මනම් හොඳයි.. නිකං අපිට ආතල් දෙන්නෙ නැතුව. අඩුගානෙ පින්තූරේවත්.
//එළවළු ජීවිතත් නරකම නෑ වගේ, නේද?//
ReplyDeleteඒක ඉතින් කාලම බලන්ට ඕනි නේද???ඔහොම නෙමේ අඩු ගානේ සතියක්වත් එක දිගට.:D
@මාතලන්,
එතකොට ඒකත් හරියට ඉස්සරහට අපට වෙන්නේ මොනවද කියලා කවුරු හරි කියනවා වගේ. දන්නේ නැතුව ඉන්න එක වැඩිය හොඳ බවයි මට නම් හිතෙන්නේ.
උලුඳු වඩ්ඩක තෝසෙක තියෙන රස කොහෙද මස් මාළු වල...
ReplyDeleteමාතලන් අයිය කිව්ව වගේම නැට්ට කොටා මරු නේද?
සෝයා මීටි වුණත් උයන්න ඕනේ සිස්ටම් එකක් තියෙනවා. නැත්නම් නිකම් මෙලෝ රහක් නැති දෙයක් හපනවා වගේ තමා. අපේ සූපවේදී මාරතුමා සෝයා මීටි උයන හොඳ ක්‍රමයක් දාලා තිබුණා වගේ මතකයි :)
ReplyDelete@ මාතලන් /සාතන්- නැට්ට කොටා කීවේ ඌරෙක් ද?
ReplyDeleteමාතලන් හා එකඟ වෙමි... Soon on හරි මොකක් හරි කියල සයිඩ් බාර් එකක දාමු ද? කුතුහලය ඇවිලෙන්න...
අද කතාවේ කෑම රහ විතරයි.කතාව රහ නැහැ.....
අද කතාව රහ නැත්තේ වඩේ වැඩියෙන් බැදිලා නිසයි.
ReplyDeleteමීට පස්සේ වඩේ බදින කොට අඩුවෙන් බදින්න ඕනෑ!
කතන්දරට අතීතය අමතක කරන්නම බෑ වගේ...:D
ReplyDeleteඕකට තමා තෙල් කෑම අඩුකරල ව්‍යායාම කරන්න කියන්නේ..:D
මසල වඩේ වල රහ වගේම තෙලුත් එහෙම්මම තමා. කන්න ආසයි බයයි.
ReplyDeleteසෝයා මීට්.....
ReplyDeleteඑක එක රහට එක එක විදිහට... :)
නොදන්නා රටකට ගියහම තමයි එළවලු විතරයි කඩේක අගේ වැඩි. අනික් ඒවායේ ඔක්කොම මස් කපන්නේ එකම පිහියෙන්ද කවුද දන්නේ. කොහොමද චිකන් සුප් එකේ පුංචි ගෙඹි කකුලක් හෙම තිබුනොත්. තව උදාහරණ දුන්නහැකි. කට්ටියට වමනේ යයිද දන්නේ නැහැ. තෝර මාළු ස්ටෝල් එකේ අල්ලපු එකේ හම ගහපු තඩි කිඹුලෙක් හිටිය සුපර් මාකට් එකක. සුමානයක් හෝ ඕන නම් ජීවිතේම වෙජිටරියන් වෙන්න පුළුවන් එක දැක්කම.
ReplyDeleteසෝයා මීට් ගැන නම් කථා කරන්න එපා. ලංකාවේ සෝයා මීට් නැහැ. තියන්නේ සෝයා සාරය ගත්ත පොල් කුඩු වගේ දෙයක්. ලමයින්ට දෙන්න එපා.
ReplyDeleteසෝයා මීට් වලට කුක්කුල්ලුන්ගෙ හොටවල් කුඩු කරල එකතු කරනවනෙ
ReplyDeleteමෙතන සයිවර් කඩයකට ගියා කියලා කියුවට , පින්තුරේ තියෙන්නේ chicken or Fish Banquet Hall කියලනේ .
ReplyDeleteමොනා වුනත් ඇති යන්තන් එළවලු කතා ඉවරයි. නැවත සුපුරුදු කතා සෙට් ඒක එනතුරු බලා සිටිමු
උළුඳු වඩේ, මසාල වඩේ, ඉට්ලි, තෝසේ, අල බෝල වගේ ඒවා විතරයි.
ReplyDeleteතිබුණු බඩගින්න හින්දා ද මන්දා නිකං දිව්‍යලෝක රහක් තමා දැනුනේ.
................
01. කතන්දර බඩගින්න තිබුනත් නැතත් මටනං ඔය කෑම කොහොමත් දිව්‍යලෝක රහයි.
02. ඒක නෙමේ කතන්දර ඈයි දිව්‍යලෝක රහයි කියන්නෙ? අපේ ආච්චිලත් කියනවා ඔය වචනේ ඒ කාලේ....
මාත් මාස හයක් විතර එලවලු ජීවිතේ ගෙවලා තියෙනවා. අල බෝල තමා මගේ ෆේවරිට් සයිවර් අයිටම් එක.
ReplyDelete@ බුද්ධි
ReplyDeleteකතන්දර එක සැරයක් දිව්‍ය ලෝකයේ ගිය නිසා.එහේ රස දන්නව ඇති..........
අපේ ටවුමේ දාපු අලුත් සයිවර් කඩේ චිකන් තෝසෙ (රු 200/-)උම්බලකඩ තෝසේ (150/-) වෙජිටබල් තෝසෙ (100/-) කිය කිය වයිවාරන්න තෝස වර්ග දාලා. දැං සයිවර් කඩත් වෙජිටේරියන් නෙමේ බලාගෙන යද්දි......!
ReplyDelete@ All
ReplyDeleteකීප දෙනෙකු ගේ ඉල්ලීම පරිදි ඉදිරියේ දී පල කිරීමට schedule කර තිබෙන කතන්දර කීපයක නම් දැන් පළ කළා. දකුණු පස කොලම බලන්න.
"වඩේ බදින කොට අඩුවෙන් බදින්න ඕනෑ!"
ReplyDeleteඒක ඇත්තටම කාටවත් තේරුනේ නැති හැටි!
තේරුනාට අපිට තාම කතන්දර ආතට වගේ බඩ ඇවිලල නෑ නෙව. මම හිතාන උන්න වඩේ බදින එකෙත් ජොලියක් ඇතෙයි කියල. :D
ReplyDeleteඅප්ප් එළවළු කතා ඉවර වෙන එකනම් හොඳයි මේවා මෙලෝ රහක් නෑ :D ;)
ReplyDeleteහප්පොච්චියේ.... අපිට ගැස්ට්‍රයිටිස් හදවන්නද හදන්නෙ ඈ...
ReplyDeleteවඩේ බදිනකොට නෙමෙයි . . . . වඩේ බද්දනකොටයි ආතල් එක තියෙන්නෙ
ReplyDeleteකසු , සොයාමීට් කියන්නෙ සොයා පුන්නක්කු වලට . අපිත් ආසාවට කනවා හැබැයි ඕවා ගැන මෙලො පරීක්සනයක් න0 නෑ ,
ReplyDeleteවඩේ බැදෙන්නෙ අඩුවෙන් බදිනකොද අර අය්ය පිටිපස්සෙන් එනකොටද?
ReplyDeleteසොඳුරු අක්කා,
ReplyDeleteඒකත් ඇත්ත. මිනිහා දිවියලෝකෙ රස දැන ගෙන නැවතිච්ච එකත් මදැ....!
"අද කතාව රහ නැත්තේ වඩේ වැඩියෙන් බැදිලා නිසයි.
ReplyDeleteමීට පස්සේ වඩේ බදින කොට අඩුවෙන් බදින්න ඕනෑ!"
වඩේ බදින කොට අඩුවෙන බැදලා ගුටි කෑවොත් අපි නෑ ඔන්න . . හික්ස්
ප්‍රශ්ණ වලට පිළිතුරු
ReplyDelete============
@ බුද්ධි සහ සොඳුරු
මං දිව්‍යලෝක රහ කියන එක අහලා තියෙන්නේ අපේ වැඩිහිටියන් කියනවා තමයි. කුණු හරුප ඇරුණාම අපි අන් හැම වචනයක් ම ඉගෙන ගත්තේ වැඩිහිටියන් ගෙන් නේ? මං හිතන්නේ ඔය දිව්‍යලෝක රහයි කියන එකම තමයි අමෘතය වගේ කියන එකෙනුත් අදහස් වෙන්නේ.
කෙහොම වුනත් බුද්ධි නිසා මට තව කතන්දරයකටත් අමුද්‍රව්‍ය ලැබුණා.
ලඟදීම බලාපොරොත්තු වෙන්න ආච්චී ගේ කතා!
@ සැමටම
ReplyDeleteවෙජිටේරියන් ලා නොවෙන අය ඉස්සෝ කනවා ඇලර්ජික් නැත්තම්. නමුත් ගෝනුස්සෝ කනවාද? නෑ නේද? ඇයි ඒ? බින්ඩි ලියා තියනවා වගේ ඇයි අපි තෝරමාලු කන්නේ කිඹුල් මාලු නොකන්නේ?
මේකට හේතුව අපිට අවට සමාජයෙන් පැටවී ඇති මති මතාන්තරයි.
අපිත් වියට්නාමයේ ඉපදුනා නම් ඔය කොයිකත් කනව සිකුරුයි!
මාත් අසම කාම ජාතියක් තමයි ඔය තෝස , උළුදු වඩ, මසාල තොස පාරවල්. ආයේ කන්න පුළුවන් පැලෙනකන්..
ReplyDeleteඅදට යෙදෙන ඔයාලගේ විවාහ සංවත්සරයට මගේ සුබ පැතුම්.
ReplyDeleteදෙන්නා මාල ගිරා ජෝඩුවක් වගේ ආදරෙන් හැමදාම සිටීවා...
දැන් බඳලා කොච්චර කල්ද හැබෑටම?
වඩේ දෙනව සාම්බාරු හොදි වල පොඟවල. හැන්දෙන් කන්න ඕනේ. මරු ඒකත්....
ReplyDeleteඅල බෝලයි, කොලපාට සම්බෝලෙයි තමයි ලෝකෙ තියෙන රහම කෑම ඕO...හිහ් හිහ් හිහ්...
කතන්දරට සුබෙන්ම් සුබ අනාගතයක් කිව්ව.....
එලවලු ජීවිතේ කිසිම නරකක් නෑ ! හැබැයි ඉතින් මස් මාලු කන අය එක්ක මගේ ඇරියස් එකකුත් නෑ අපේ ගෙදර ඔය දෙවර්ගයම හැදෙනවා . මම කන්නේ එක වර්ගයක් විතරයි .
ReplyDeleteඅපේ ගමේ කිඹුල් කරවල විකුනන්න තියනවා ..
@ හිස් අහස
ReplyDeleteමරු කතාව. මේක බින්ඩි දකීද?
කිඹුල් කරවල බොම්බිලි වගේ ඇති නේද? කාපු අය මොනවද කියන්නේ.
මාත් අද දවසම වෙජිටේරියන්. උදේට පාන්, දවල්ට වෙජි බුරියානි (ගෙදර හදපු), රෑට පාන් සහ පරිප්පු.
කතන්දර. අද දින පැවැත්වූ සංවත්සරය ගැන දැන්නේ මතක් උනේ. කෙසේ වෙතත් ඔබ දෙදෙනාට ජය සතුට...
ReplyDeleteමගෙන් උනුසුම් සුභ පැතුම්. අර ගිරා ජෝඩුව වගේම සතුටින් සැමදා ඉන්න ලැබේවා..!!!
:D :D :D එළවළු ජීවිතත් නරකම නෑ වගේ, නේද? නෑ වගේ නෙවේ.. නෑ තමා... :D :D :D
ReplyDelete