Wednesday 14 August 2013

ගර්ල් ෆ්‍රෙන්ඩ්ට වැරදි නමෙන් කතා කලොත්? - There are certain things you should never get mixed up!


අද අපේ ඔෆීසියේ පොඩි තේ පැන් සංග්‍රහයක් තිබුණා හවස් වරුවේ. සල්ලි එකතු කරලා, කේක් ගෙඩියක් ගෙනැල්ලා කෂ්ටිය සැට් වුනේ ෆෙයාවෙල් දෙකකුයි, වෙල්කම් එකකුයි, අවස්ථා තුනක්ම, එක දවසේ සමරන්නයි.

අපේ ඔෆීසියෙන් අස්වෙලා ලබන සඳුදා ඉඳලා අල්ලපු අමාත්‍යාංශයේ වැඩට යන අරවින්ද සුදසිංහ කියන හාදයා අපේ ඔෆීසියට ආවේ මීට මාස අටකට විතර කලින්.

පොරට දැන් කරන ජොබ් එකට වඩා තරමක පඩි වැඩි, ඒ එක්කම කරන්න වැඩියෙන් කැමති ජොබ් එකක් ලැබුණු නිසා අස්වෙලා යන බවයි කිව්වේ.

සාමාන්‍යයෙන් එකෙක් අස්වෙලා යන කොට උගේ මැනේජර් පොඩි කතාවක් කරන එක තමයි සිරිත. ඉතිං මේ කියන මැනේජර් කතාවක් කරලා සුභ පැතුවා අස්වෙලා යන පොරට.

"අරවින්ද මුණසිංහ මෙතන හිටි ටික කාලයේ සෑහෙන වැදගත් වැඩ කොටසක් කළා!" මැනේජර් කිව්වා.

මං අරවින්දයා දිහා බලලා ඇහැක් ගැහැව්වා. පොරටත් හිනා!

මොකද අරවින්ද ගේ නම සුදසිංහ මිසක් මුණසිංහ නොවෙයි!

මේ මැනේජර්කාරයා අරවින්ද වැඩට ආපු සතියේ වෙල්කම් ටී පාටි එක දවසේත් කතා කරන ගමන් අපිට අරවින්දව හඳුන්වලා දුන්නේ මුණසිංහ කියලායි.

හැබැයි එදා නම් අරවින්ද ඒක නිවැරදි කළා වහාම. ඒත් අද නම් පොර කට වහගෙන හිටියා පොඩි හිනාවක් දාලා.

ඔය සිද්ධිය වෙච්ච වෙලාවේ මට මතක් වුණා ඔය වගේ වැඩක් මටත් වෙලා තියෙනවා නේද කාලෙකට කලින් කියලා.

ඇත්තටම ඒක මීට වඩා භයානක කේස් එකක්!

ඔන්න මංතුමා අවුරුදු විසි දෙකේ කොල්ල කාලේ එක්තරා මාර්ගයක ඇවිද ගෙන යනවා. මගේ අතේ එල්ලීගෙන වගේ ගෑල්ළමයෙකුත් එනවා.

ඒ ළමයා මගෙන් මොකක්ද අහනවා. මට ඒක ඇහෙන්නේ නෑ.

මොකද දන්නවද? මගේ හිතේ වැඩ කරන්නේ මෙන්න මේ සින්දුවයි.



ඒ සින්දුව මට ඇහුණට, මේ ගෑල්ළමයාට ඇහෙන්නේ නෑ නොවැ! ඉතිං එයා ආපහු මා එක්ක ඒ මොකක් හරි කාරණේ ආයෙත් කියනවා.

ඔන්න මගේ සිහිය සැපත් වෙනවා.

එත් මට අර දෙපාරක් හෝ තුන්පාරක් ම කියපු දේ ඇහිලා නෑ.

"මොකක්ද ඔයා කිව්වේ අනුෂා?" මං එයා ගෙන් අහනවා.

උත්තරයක් නෑ!

මං ගෑල්ළමයා ගේ මූණ දිහා බලනවා.

මෙන්න බොලේ මූණ දික්වෙලා!

ඔන්න එතකොටම මට වැඩේ තේරෙනවා.

මළ කෙලියයි! මං වැරදි නමකින් නේ මේ ගෑල්ළමයාට කතා කරලා තියෙන්නේ!

-කතන්දරකාරයා

ප/ලි:
වසන්ත ඔබේසේකර අධ්‍යක්‍ෂණය කළ, ධර්මසිරි බණ්ඩාරනායක, දමයන්ති ෆොන්සේකා සහ රන්ජන් මෙන්ඩිර් රඟපෑ පළගැටියෝ චිත්‍රපටිය නරඹලා තියෙනවාද? මේක එක අවුරුද්දක හොඳම විත්‍රපටිය විදියට සම්මාන දිනපු සම්භාව්‍ය මෙව්ව එකක්!

ඒකේත් එක සීන් එකක ප්‍රධාන නිළිය නළුවාට වැරදි නමකින් කතා කරනවා!

ඒ කේස් මං මුලින් කියපු කේස් දෙකටම වඩා අති භයංකාරයි.

මොකද දන්නවද?

මේ කියන සීන් එක ඇඩල්ට්ස් ඔන්ලි සීන් එකක්! ඒ වැඩිහිටියන්ට පමණයි ක්‍රියාව කරන වෙලාවේ තමයි මේ කාන්තාව තමන් ගේ මිනිහාට වැරදි නමකින් කතා කරන්නේ!

(මෙය මා 2011 පෙබරවාරියේ පල කළ "වෙන්ඩ කතන්දර 100" ලයිස්තුවේ කතන්දරයකි. අද නැවත සිහිවිය.)

(image: http://perezhilton.com/2012-05-08-gossip-girl-hardly-made-ratings-the-voice-is-up)

50 comments:

  1. මටත් ඔය වාගේ සිද්ධි වේලා තියෙනවා..හැබැයි වෙන කෙල්ලන්ගේ නම් නෙමෙයි යළුවොත් එක්ක කථා කරන පුරුද්ද්ටට මචං කියවිලා..

    ReplyDelete
    Replies
    1. මම නම් තවමත් සමහර වෙලාවට මචං කියනවා....බඳින්න අවුරුද්දකට කලින් ඇත්තටම මචන් නිසා එක පුරුදු වෙලා.හැබැයි මරු කෙස් එක කියන්නේ මම " හලෝ" කිවොත් තද වෙනවා මචං කිව්වට අවුලක් නැහැ.

      Delete
  2. මම කසාද බැන්දලින් පස්සෙ බොහොම අමාරුවෙන් තමා නම් මාරුවෙන එක නවත්ත ගත්තෙ.

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් මේ කතා විස්වාස කරන කොළු නඩයකුත් ඉන්නවා නෙහ්...

      Delete
  3. ඔය වෙන නම් වලින් කතා කරන එක හා එකම ප්‍රශ්නය දෙතුන් පාරක් අහනකම් ඉදල උත්තර දෙන එක මටත් නිතරම වෙනවා හලෝ........ එකට හිතුව ඉතින් ඇත්තටම සිහිය එකතැන තියාගෙන වැඩ කොරන එක පිහිටලා නැති එක තමයි ....

    ReplyDelete
  4. සත්‍ය ගවේෂණය නුහුරු වූ අය, හාපෝයි ගර්ල් ෆ්‍රෙන්ඩ්ටත් වැරදි නමකින් කතා කරද්දි එහෙනම් හැමෝටම වැරදි නම් වලින් කතා කරන්න වැඩි දවසක් යන්නෙ නැහැයි කියමින් තමන් ද බිය වී අනුන්ව ද බිය ගැන්වීමේ යෙදුනහ.

    ReplyDelete
  5. පරණ දේවල් උණත් ගතිය තියනවා හොදට

    ReplyDelete
  6. දැන් ඉතින් ඔය ගෑනු ලමයගේ අතින් එල්ලිලා ගිය මාර්ගය මොකක්ද? :D

    ReplyDelete
    Replies
    1. කවුරුත් යන්නැති කවුරුත් දන්නැති මල් පෙති ඉහිරුන මල් පාර.

      Delete
  7. මටත් ඔය හා සමාන සිදුවීමක් වුනා, දවසක් මම ගෑල්ලමයත් එක්ක අක්බාර් පාලම යට බංකුවක වාඩිවෙලා ඉන්න අතරේ අපේ එකෙක් හෝ ගහලා sms ගහනවා "වර ප්‍රැක්ටිස්" කියලා , මම ඌට sms කළා "හිටපිය පොඩ්ඩක් කෑල්ල ඇවිත් ඉන්නේ" කියලා කරුමෙට හා හදිසියට මේක ගියේ ගෑල්ලමයාගේ ෆෝන් එකට , අයියෝ හරිම සෝචනීය වුනා ඊට පස්සේ.

    ReplyDelete
    Replies
    1. අක්බාර් පාලම යට කොහෙද යකෝ 'බංකු'?? නිකම් බොරු නොකිය හිටපිය..!! :P :P
      [ගස් කඳන් නම් තියෙනවා....ඇත්ත කියපන් බේගල් ඇද බාන්නෙ නැතුව...ලොල්..!!!!!]

      Delete
    2. Sirawata ? :P Banku Nane

      Delete
  8. නම කියන්නේ නැතුව එයාලත් එක්ක කතා කරන්න ඕන ඔයා මෙයා කියලා.. එතකොට වැඩේ ෂේප්...

    ReplyDelete
  9. අපෝ ඔය ඔපීසියේ ඉන්නේ හිඟන්නොද ? ඔච්චර සල්ලි එකතු කරලත් කේක් විතරද ගෙනාවේ ? අපෝ මෙලෝ රහක් නෑ.
    මම අද 1ද මන්දා ?

    මම එක ඇනෝ.

    ReplyDelete
    Replies
    1. ඔවු අද ඔබ එක !
      මගේ සුබ පැතුම්

      Delete
  10. මරු වැඩේ හැබැයි,:D ඕක ගොඩ දාගත්ත විදියත් කිව්වනම් තමා හොඳ...මොකද ඔය වගේ කෙස් හරි අමාරුයි තේරුම් කරලා දෙන්න.

    ReplyDelete
  11. Replies
    1. කොහෙන් හරි කමන් නෑ හිට්ස් ටිකක් නේ ???

      Delete
    2. තම්බල කන්න බැරියැ!

      Delete
  12. පළගැටියෝ රූපගත කලේ මගෙ ඇස් පනාපිට නෙ හෙහ්..!
    සිනමා ශාලා වල මොනව බලන්නද?

    ReplyDelete
    Replies
    1. ඒකෙ හිටියේ දම්මි නේද කෙන්ජි,ඔය වැරදි නම කියන සීන් එක මට මතක්වුනා

      Delete
    2. යකෝ රූපගත කොරන තැන ඉඳගෙන කුඩ ඇල්ලන ගමන් ලයිට් අල්ලන ගමන් පෙනෙන දේයි, ඒක එඩිට් කරලා සිනමා ශාලාවෙදි පෙනෙන දේයි වෙනස දන්නෙ නැති බූරුවො කියල හිතන්න එපා අනිත් උනුත්. නොදකින් උඹ.
      -ජපන් ඇනෝ-

      Delete
    3. Kenji
      පුදුමයි. බොරු නේද? ඒ කාලේ ඔබේ වයස කීයද?

      මේක Film hall එකක බලන්න තරම් වයසක නොවේ නේද ඔබ හිටියේ..?

      Delete
    4. දම්මි ෆොන්සේකා කියල(කර ගැට ෆොන්සේකලාගේ නෙමේ) අලුත්/උගත් ළමයෙක්.පස්සේ පොල්ගස්ඕවිට පැත්තේද කොහෙද වලව්වක මරල දාල තිබුන.

      Delete
    5. 16 යයි මාස 1යි.
      එකනේ වසන්ත අන්කල් වැඩිහිටි දර්ශන තියෙද්දී පොඩි එවුන්ට බලන්න හොද නැහැ කියල මාව එළවන්නේ.
      අන්න ඇවිද්ද පයට මම කොමන්ට් එකක් කලා.එක කියෙව්වමත් ඔබට ප්‍රශ්නයක් වෙයි.

      Delete
    6. ඩබින්,එඩිටින් සහ ටයිටල් කරල එවර වෙලා ස්ටුඩියෝ එහෙක බලනව.
      කොහොමත් ඒකාලේ පෝලිමෙත් සැහෙන කලක් ඉන්න තිබුනත් සම්බව්‍ය ගනයේ ඒවාට එතරම් තදයක් තිබුනෙ නැහැ මට මතක ලෙසට.

      Delete
  13. මේ ටිකේ ඉස්කෝල නිවාඩුව නිසා ටිකක් උදෙන් එන්න පුලුවන්.
    නැත්නම් හැමදාම රතු ඉරට යටින් තමා අත්සන් කරන්ඩ වෙන්නෙ

    ReplyDelete
  14. මමත් දැකලා තියෙනවා වැඩිහිටියන්ඩ පමණයි එකක් රූ ගත කරන හැටි..

    පුංචි බබා

    ReplyDelete
  15. මෙන්න පෙම්වතියට වෙනත් නමකින් කතා කරපු එක ගැන ගීතයක්....


    නිසංසල සඳක්
    පැතුම් මල් ගොඩක්
    සුපෙම්බර සිතක් ළඟ සිත
    නැවතෙනා හැඩක්//

    හමුවෙලා සවස දොළදෙනියේ කුඹුර ළඟ
    ඔබ කතාකළා රන් මැණිකේ කියා මට
    මම මුතු මැණිකේ
    ඔබට විතරම විතරයි රන් මැණිකේ

    පීදිලා දිළෙන ඔය රන්වන් කරල් දැක
    අම්මලා උනත් විරසක වෙනවාද හෙට
    සුදු කරල් එපා
    ඔබගෙයි මගෙයි පෙම් කෙතට

    -----------------------

    මේ ගීය මෙතනින් අහන්ඩ.
    http://www.ananmanan.lk/free-sinhala-mp3/song/3315/nisansala-sandak-shashika-nisansala-sinhala-mp3.html

    ReplyDelete
  16. අර මහ වැඩේ කොරන කොට නම් කට පියන් ඉන්න එක නුවනට හුරුයි..නැත්නම් ඉතින් නිළියොම කීයකගෙ නම් කියවෙයිද මන්දා ???!!!

    ReplyDelete
  17. එහෙනම් නෝම්බි වගේ තියෙන්න ඇති!

    ReplyDelete
  18. මල්ලිකා කියා රැවටිලා මට කතාකලාදෝ
    මල්ලිකා මගේ නම නොවෙයි ඇයි නොදන්නවාදෝ//

    ඒ වුනත් කාරී නෑ ඒ නමත් ලස්සනයි
    ආදරෙන් කීවොතින් මට කොයි නමත් ලස්සනයි

    ඒ නමින් ඔයහිතේ එක්කෙනෙක් උන්නදෝ
    පෑරුනා හිතා මගේ ඔව් ඒ තමා ආදරේ
    මල්ලිකා කියා .......

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. කකාට,නම් අමතක වෙන තරමටම ගෑල්ලමයි හිටියයි?

    මෙන්න කකා කියවපන් අර වැඩිහිටියන්ට පමණයි ක්‍රියාව සම්බන්ධ පොඩි පැටලැවිලක් ගැන කතාවක්.

    කකා ඉස්සර ආවයින් පස්සෙ තාම ආවෙ නෑ! මේ පාර නාවොත් බලාගන්ට බැරියෑ.

    ReplyDelete
  21. ඔය වැඩේට සමාන්තර කේස් එකක් මගේ මිත්‍රයකුට උනා. ඌ එකම දවසෙ ලියුම් තුනක් ලිව්වා, කෙල්ලට, අම්මට සහ හිතවත් හාමුදුරුනමකට. ලියුම් තුනත් අරන් පෝස්ට් ඔෆිස් එකට ගිහින් මුද්දර අච්චු ගහපු ලියුම් කවර තුනක් අරගෙන් ඇඩ්රස් එක ලියල හාමුදුරුවන්ට තැපැල් කළා. ඊ ළඟ ලියුම් කවරෙ ගෙදර ඇඩ්රස් එක ලියල අතේ තියන ලියුම් දෙකෙන් අම්මට ලියපු ලියුම තෝරනකොට ඒක නෑ. කෙල්ලගෙ ලියුමයි හාමුදුරුවන්ගෙ ලියුම්යි අතේ.

    අම්මගෙ ලියුම හාමුදුරුවන්ට යවලා. වැරදිලාවත් කෙල්ලගෙ ලියුම අම්මට යැවුවනම් මූට බඩු තමයි.

    ReplyDelete
  22. පළඟැටියෝ ෆිල්ම් එකේ හිටියේ ධම්මි ෆොන්සේකා.රන්ජන් මෙන්ඩිස් කලින් මැරුනා.ධම්මිවත් පාලු බංගලාවක මරලා දාලා තිබුනා.කෙන්ජි හරි.
    මම අඳුරන ගෑනු කෙනෙක් ඔෆිස් එකේ දාහක් වැඩ අස්සේ කෝල් එකක් ඇවිත් නිමල් කෙනෙක්ගෙන්.ගෑනි අහලා කවුද .....කවුද නිමල් කියන්නේ කියලා.අනිත් පැත්තෙන් කියනවාලු..නිමල්ද?නිමල් කියන්නේ රෑට උඹේ බඩ උඩ නගින එකා කියලා.අරූට මල පැනලා.අර කෝටියක් වැඩ අස්සේ ගෑනිට මිනිහගේ නම අමතක වෙලා.

    ReplyDelete
    Replies
    1. නිමල් ගේ කතාවත් පට්ට.
      රන්ජන් මෙන්ඩිස් ,ක්ලීටස් ලගේ නෑදැයෝ කිව්ව වගේ මතකයක් තියෙනවා.මීගමුවෙ කොල්ලෙක්.පොඩි කාලෙට හැමෝගෙම සිත් දිනාගත්ත.
      එම චිත්‍රපටයේ කොළඹ ෂූටින් ඉවර කරල,ඉතිරි රූපගත කිරීම් වලට වර්ල්ඩ්ස් එන්ඩ් ගියා දවස් පහක ට.රන්ජන් නියමිත දර්ශන දින දෙකෙන් අහවර උන නිසාත්,අසනීප ගතියක් නිසාත් ගෙදර ගියා.අපි කොළඹ බලා පිටත් වීමට ආරංචි උනා මළ බව.හේතුව කුඩා කල සිටම ප්‍රතිකාර ගනිමින් තිබු හදවතේ සිදුර කියලයි ආරංචි උනේ.
      වැඩ අවසන් කර කොළඹ බලා එද්දී ධර්මසිරි B ඔහුට ජර්මන් ජාතිකයකුගෙන් තෑගී ලැබුන දෙපැත්තේ දෙදනාගේ නම සදහන් සිල්වර් බ්‍රේස්ලට් එක මට තෑගී කලා ඔහුව සිහිවීම පිණිස.

      Delete
    2. @කෙන්ජි....නිමල් මගේ මස්සිනා.ඔය වැඩේ වෙනකොට මම එතන හිටිය.
      ක්ලීටස්ලා.රන්ජන්ලා නිමල්ගේ සෙට් එකේ යාලුවෝ.

      Delete
  23. තමන්ගේ සැමියාට අනියම් සම්බන්ධතාවයක් තියනවා කියලා සැක කරලා ඔහු නින්දෙන් කියවන ගෑණු නම් ලියාගන්න හදන බිරිඳක් ගැන පොඩි විහිළු වීඩියෝ එකක්... 'ස්කෙච් ෂෝ' කියලා කලකට පෙර ජනප්‍රිය විහිලු කතා වැඩ සටහනක තිබ්බේ....

    The Sketch Show Sleep Talking

    ReplyDelete
  24. කකා රස්සාවක් නැත්තම් කියපන්... සිරා බ්ලොග් කාරයෙක් ඉන්නවා රස්සාවල් නැති එවුන්ට අත හිත දෙන්න.....

    ReplyDelete
  25. There's a somewhat similar problem with texting on predictable (or whatever you call the mode where words are automatically suggested)mode. When you try to type "home", the first suggested word is "good". Once I got a text from a girl saying "came good" !!!

    ReplyDelete
  26. ඔය වගේ වැඩ නොවෙන්න තමන් වගබලා ගන්ට ඕනේ ,, අපි නම් නම් පටලගන්නේ නැහැ ,,බොහොම කල්පනාවෙන් නිතරම ඒ නිසා ඔක්කොටම සුදු කියන්නේ නම කියන්නේ නැහැ ඉතාම සාර්ථකයි ,

    ReplyDelete
    Replies
    1. බිත්තරයක් තැම්බෙන මොහොතෙත් යමක් සිතල ලියවිල්ලක් ලියන්න තරම් හැකියාව තිබීම ගැන හරිම ආඩම්බරයි.
      ඔබට කොමන්ට් කරන අයට ඇතිවෙන අපහසුතාවය හැකි ඉක්මනින් නිම කරන ලෙස ඉල්ලමි.

      Delete
    2. @kenji අනේ ඒක වෙනස් කරන්න බැහැ ,වෙනස් කලාට පස්සේ පරණ කොමෙන්ට් ඔක්කොම අයින් වෙනවා , අටම් මාමටත් කිවුවා එයත් කිඋවේ ඒ ටික,පින් වත් ඉන්නවා නම් ඊට එහා ක්‍රමයක් දන්න,මට උදවු කරන්න

      Delete
  27. මේ සැරේ නං හැමෝටම උත්තර දෙන්න වෙලාවක් නෑ වගේ!

    ReplyDelete
  28. හපොයි ඔක මහ දරුනු කෙස් එකක්

    ReplyDelete
  29. ඒ ගැන හිතන්න එපා කකා.

    ReplyDelete
  30. ඇයි, සුද්දෝ එක්ක කතා කර කර ඉද්දි සිංහලෙන් උත්තර දෙවෙන එක?

    ReplyDelete
  31. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 47
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 8
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 5
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 2
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 32

    ReplyDelete
  32. මේ ටිකක් සමාන අත්දැකීමක්

    ඊයේ රූ ඔබ
    සිහිනෙන් දෙඩවූ
    ඒ උපුලී කවුදෝ
    නිදිනැති රෑයාමේ
    මා හැඬවූ
    ඒ උපුලී කවුදෝ

    නැසියෙකු ද නෑ
    යෙහෙලියෙකු ද නෑ
    දන්නා තරමින්
    කිසිවෙකු හෝ නෑ
    අප වෙනුවෙන් ඔබ
    දාබිඳු හෙලනා
    අට හෝරාවේ
    ඔබහට යාවූ
    ජීවමාන ලියතඹරාවක් දෝ
    ඒ උපුලී ඒ උපුලී

    උපුලී උපුලී
    ආදර උපුලී
    එලිවෙන තුරු ඔබ‍
    දෙඩුවා මතකයි
    පුතු සමඟින් මහ
    මගට බහින්නට
    භයංකාර ඒ මග
    හෙලි පෙන්වන
    මනමෝහන වූ
    සළෙල ලියක් දෝ
    ඒ උපුලී ඒ උපුලී

    නරඹන්න


    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.