Wednesday 1 June 2011

සතිෂ් පෙරේරා බඳින්න කෙල්ලෙක් සෙවීමේ දී අනුගමනය කළ ක්‍රමවේදය - Satish Perera's bride finding methodology!


සතිෂ් පෙරේරා කියන්නේ අපි එක්ක කැම්පස් හිටිය පොරක්. තද බ්‍රයිටා. රැල්ලට විරුද්ධව උඩුගං බලා පීනලා කොළඹ ඉස්කෝලෙකින් පේරාදෙනියට එන්න තරම් ගට තිබුණු පොරක්!

නමුත් ඉතිං ඔය මොන බ්‍රයිටෙක් ආවත් අනිව ඩෙෆා ඔළුව හප්පගන්න ගහේ ඔළුව හප්පගෙන පොඩ්ඩක් විතර වාත වුණා තුනේ කැලෑසියෙදි විතර මට මතක හැටියට.

සතිෂ් ගේ සැබෑ බ්‍රයිටත්වය මට නම් පෙනුනේ, මැත ටියුට් එකේදී හරි, ට්‍රොනික්ස් ලැබ් එකේ දී හරි නං නෙමේ. අපි කොල්ලෝ කොයි කාටත් බලපාන එක්තර කාරණයක් ගැන සතිෂ් ගේ අදහස් මා එක්ක කියපු වෙලාවෙදියි.

සතිෂ්: කතන්දර, මචං උඹ දන්නවද, කවද හරි දවසක බඳින්න යන කෙල්ලගේ උඹ මොකක්ද බලන්න ඕනෑ අවශ්‍යම දෙය කියලා?

මම: මොකක්ද බං ඒ කතාව?

සතිෂ්: නෑ, මං මේ කියන්නේ හිතපං උඹේ ඔය සිහින මාළිගා බිඳ වැටුණු දවසක උඹ කවද හරි මනමාලියෙක් බලන්න යනව කියල. කෙල්ලගේ මොනවද උඹ බලන්න ඕනෑ අනිවාර්යෙන්ම?

මම: බලන්න ඕනෑ දේවල් නං මං දන්නවා බං. එත් බඳින්න කලින් ඒවා අපිට බලන්න දේවිද?

සතිෂ්: උඹ කියන කුණුහරුප නෙමේ බං, මං කියන්නේ නිකම්ම පේන්න තියෙන ඒවා.

මම: ඒ කියන්නේ කෙල්ලගේ නිකටේ උපන් ලපයක් තියෙනවද වගේ ඒවද?

සතිෂ්: නෑ, බං, උඹ බලන්න ඕනෑ කෙල්ල දිහා නෙමෙයි කෙල්ලගේ අම්මා දිහායි.

මම: ඒ මොකටද බං ඒ?

සතිෂ්: මේකයි, කෙල්ලෝ සාමාන්‍යයෙන් ලොකු වුණාම අම්මා ගේ ෂේප් එක තමයි ගන්නේ. උඹ බලන්න ඕනෑ, අම්මා ගේ සයිස් එක කොහොමද කියලා. අම්මා කෙට්ටු නං හොඳයි, හැබැයි පුතෝ කෙල්ලගේ අම්මා මහත නං, අනිවා ඩෙෆා කෙල්ලත් නාකි වෙන කොට මහත් වෙනවා!

අපි කැම්පස් එකෙන් අවුට් වෙලා අවුරුදු පහකින් විතර සතිෂ් කාරයා බැන්දා. මාත් ගියා වෙඩිමට හෝටලේක තිබුණු. කෙට්ටුම කෙට්ටු මනමාලියෙක් සහ කෙට්ටු නැන්දම්මා කෙනෙක් වගෙයි මට මතක.

මේ ලඟදී දැක්ක ෆේස් බුක් ෆොටෝ එකෙත් පේන්න තිබුනේ තාමත් වයිෆරේ ඒ ගානටම කෙට්ටුයි කියල.

සතිෂ් පෙරේරා ගේ බ්‍රයිට් මොලේට ආපු මනමාලිය හෙවීමේ ක්‍රයිටීරියාව නරකම නැහැ වගේ!

-කතන්දරකාරයා

ප/ලි:
ඉස්සර කාලේ විතරක් නෙමේ දැන් දැන් පවා, කොල්ලෝ කෙල්ලන්ගෙන් අනවශ්‍ය ප්‍රශ්ණ අහන කොට ගෙදර ඇවිත් අම්මගෙන් අහන්න කියලා සමහර කෙල්ලෝ කියන්නේ මේ හේතුව නිසා වෙන්න ඇති.

ප/ප/ලි
මෙන්න තවත් මොළකාරයෙක් මැෂිමක් හදපු හැටි ගැන පරණ කතාවක්.
http://kathandara.blogspot.com/2011/03/blog-post_25.html

(image: http://www.moviewallpaper.net/)

96 comments:

  1. ක්‍රමේ හරියටම හරි ඇති ක.ශු. ඔය කතාව මං තරුණ කාලෙ අපේ අන්කල් කෙනෙක් මට කිව්ව, හැබය් ඒ අන්කල් තව විස්තර ඇතුව කිව්වෙ. තමන්ගෙ මනුස්සයට කතා කොරන හැටි , ගමන බිමන, අඳින පළදින විදිය ආදී නොයෙකුත් ඒව. කිව්වෙත් තව යාළුවෙකුගෙ මගුල් ගෙදරදි මනමාලිගේ අම්ම දිහාවෙ බලල.

    ReplyDelete
  2. // හිතපං උඹේ ඔය සිහින මාළිගා බිඳ වැටුණු දවසක උඹ කවද හරි මනමාලියෙක් බලන්න යනව කියල. කෙල්ලගේ මොනවද උඹ බලන්න ඕනෑ අනිවාර්යෙන්ම?

    මම: බලන්න ඕනෑ දේවල් නං මං දන්නවා බං. එත් බඳින්න කලින් ඒවා අපිට බලන්න දේවිද? //

    මේ කෑල්ලනං පට්ටම පට්ටය... :D

    ReplyDelete
  3. ඕක පාසලුත් මට එක දවසක් කිව්වා... හැබැයි එයානම් අපේ අම්මව දැක්කේ යාලු වෙලා ගෙදර ආවට පස්සේ... (හොඳ වෙලාවට). පාසල් අම්මා දිහා බලලා කසාදේ ගැන තීරණය කළානම්.... හපෝ... එහෙනම් මම තාම තනිකඩ. මොකද අපේ අම්මත් මහතයි....

    ReplyDelete
  4. කෙල්ලගේ අම්මා නැත්නම් ,කාවද බලන්නේ?? ලොකු අම්මාද??????

    ReplyDelete
  5. මගෙ තාත්තත් මට බඳින්න කලින් ඔය කතාවමයි කීවෙ . . . ඊට අමතරව තව දෙයක් කීව . . . මොනක්‍රමේකින් හරි කෙල්ලගෙ "විලුඹ" පිරිසිදුද කියල බලන්න කියල . . . ඒකට හොඳම වැදගත්ම ක්‍රමේ කෙල්ලව පන්සල් එක්කගෙන යන එක මිසක් වෙන කොහෙවත් එක්කගෙන යන එක නෙමේ කියලත් කීව . . . . විලුඹේ පිරිසිදුකමේ සීන් එක කතන්දර දන්නව ඇතිනෙ ???

    ReplyDelete
  6. මාරයා මහතාත් ඔය ගැන කියා තිබුන . ඇයි වදේ මහත අම්ම ලගේ දුලට ගෙදර නාකි වෙන්නද ඔයා කියන්නේ. අපේ මලයට ආපු යෝජනාවකට අකමැති වුනා ආච්චි මහතයි කියල. මම ඇහුවේ ආච්චිවද ඔයා බඳින්නේ කියල..
    අම්ම මහත වුනත් කෙල්ල හොඳ නම් ජිම් එකකටවත් ඇරලා ෆිගර් ඒක තියා ගන්න බැරිය . කසු ඔය කියන්නේ අර උන්මාද චිත්‍ර සෙන ල හිටි කාලේ ගැනනේ. දැන් ඕවට පිලටිස් ...ජිම් ...සල්සා..හිප් හොප්...යෝගා..තියෙන්නේ. ඒවාට සල්ලි නැත්නම් දාන්නකෝ ඩයට් ප්ලෑන් එකක්.
    උදේට දුඹුරු පාන් පෙත්තයි දොඩම් වීදුරුවයි ..දවල්ට චුටි බත් කෝප්පයයි එළවලු මාළු වැඩියෙන් ..රෑට සුප් ඒක විතරමයි. ආසාවට මාරි බිස්කට් එකක්වත් කන්න දෙන්න එපා. [මේ මොන ලෝබයෙක්ද ගෑනිට හරියට කන්න දෙන්නේ නැති කියලා ඉරිසියාකාරයෝ කියන කතා ගණන් නොගෙන ඉන්නත් ඕන.]
    ඕව කරන්න කම්මැලි නම් පොඩි කාලේ ඉඳන් රුපියල් පහේ ඒවා එකතු කල කැටේ කඩලා ටිකට් එකක් අරන් මෙහෙ එන්න . ලස්සන චුටි බෝනිකෙක් වගේ කෙලි පොඩ්ඩක් හොයා ගන්න. එහෙම ඇවිත් නතරම වෙච්ච අයත් ඉන්නවා බර ගානක්..

    ReplyDelete
  7. මම වැඩියෙන්ම කැමති ප.ලි. කොටසට.

    ReplyDelete
  8. හැම ගෑනු ලමයම අම්මා වගේ මහත, කෙට්ටු වෙනවා කීවේ ඉස්සර. අර Bindi කියලා තියනවා වගේ ඒවාට දැන් ක්‍රම, සහ විධි තියනවාය. ජිම්, පූල්, යෝගා, ඩයට් ප්ලෑන්. ඔය කතාව කියන කාලේ ඕවා නොතිබුනා වෙන්නට ඇති.

    ගෑනු ලමයිනුත් දැන් පටන් ගනී මනමාලයගේ තාත්තගේ තට්ටය සහ බඩ දිහා බලන්ට. අපොයි කතන්දර කරපු වැඩැක්...:D

    ReplyDelete
  9. අනේ අපේ කෙල්ලටත් බඳින්න බැරිවෙයිද මන්ද? :(

    ReplyDelete
  10. මරු කතා පොඩ්ඩ... හික්ස් මටත් හිතෙන්නෙ කතාව හරි ආරෙට එන ඒවනෙ අයියො...

    ReplyDelete
  11. ඕනයා, කතන්දර,

    මොකද්ද අර විලුඹෙ කේස් එක?

    ReplyDelete
  12. මනමාලයගෙ තාත්තා දිහා බලලා කෙල්ලො කොල්ලොන්ට කැමති වෙන්න ගත්ත හවසට තමා කොල්ලොන්ට කෙල්ලො නැතුවම යන්නෙ.

    ReplyDelete
  13. අයියේ අම්මා කෙට්ටු වෙලා කෙල්ල මහත නම්...

    ReplyDelete
  14. කෙට්ටු කෙල්ලෝ සිරාය යන උපකල්පනය මත පදනම් වූ කතාවකි. මේක එතරම් අද දවසට ගැලපෙනවාදැයි විශ්වාස නැත.

    දැන්නම් කතන්දර කතන්දර සීයා කෙනෙකු වෙමින් සිටියි.

    "කොල්ලනේ උඹල දන්නවද අපේ සන්දියේ කොල්ලෙක් කෙල්ලෙක් තෝරන කොට ඒකිගේ අම්මගේ මහතයි බලන්නේ ඕන්..."

    ReplyDelete
  15. හුරා..... එහනං මාත් ගොඩ :D

    ReplyDelete
  16. අපේ තාත්තා නම් කෙට්‍ටුයි................... :D

    ReplyDelete
  17. අපේ මලයත් මට ඕක නිතරම කියනවා.
    එයාගේ තියරියත් ඕකමයි.
    හැබැයි 90%ක් විතර හරි.

    ReplyDelete
  18. කතන්දරේ කියවගෙන යනකොට මට හිනාත් එක්ක.. මොකද මේක මාත් අනුගමනය කරන ක්‍රමයක් වීම... :D බලන් යනකොට මේක අන්තර්ජාතිකව පිළිගත් ක්‍රමවේදයක් වගේ...

    ReplyDelete
  19. අපේ අප්පච්චිගේ බඩත් නෑ තට්ටෙත් නෑ...:D

    ReplyDelete
  20. දැන් බලනකොට බඩයි තට්ටෙයි තියෙන තාත්තෙක්ගෙ පුතෙක් තමා
    මටත් බඳින්ට වෙන්නෙ.

    ReplyDelete
  21. මේ තියරිය නං මාත් අහල තියෙනව. හැබැයි මොකද්ද ඔය විලුඹේ කේස් එක?

    ReplyDelete
  22. අද දවසට නොගැලපෙන බව කියූ කියමන ඉල්ලා අස් කර ගන්නවා.

    මා දන්නා තරමින් අද කෙල්ලන් මහත් වෙන්නේ ඉස්සර වගේ තනිකර ජාන නිසා ම නොවේ. එකයි මං කිව්වේ අද කාලෙට ගැලපෙන්නේ නැහැ කියලා. ඒ මතය හරි කියා තමයි හිතෙන්නේ.

    ඒ වුනාට ප්‍රතිචාර බැලුවාම කොල්ලෝ තවම හිතන් ඉන්නේ පරණ විදිහටම නිසා කතාවේ කාලින භාවය තවම වැලිඩ්. ඒ නිසා කතන්දරට සීය කියපු එක හරි නැහැ.

    හැබැයි දැන් ඕක අර්බන් ලෙජන්ඩ් එකක් විතරයි. ආහාර, ජිවන රටාව, හා කෘතීම ලෙස ආහාර සමග ලැබෙන හෝමෝන නිසා ගොඩක් දේවල් වෙනස් වෙලා. කෙට්ටු අම්මලාගේ මහත දූ ලා ද, මහත අම්මලාගේ කෙට්ටු දූ ලා ද, ජිම් ගොහින් ෆිගර් හදා ගන්නා බව දන්නවාද?

    ReplyDelete
  23. විලුබේ සීන් එකනම් ප්‍රසිද්දියේ කියන්නෙ කොහොමද කියල මට තේරෙන්නෙ නෑ කතන්දරම වචන හොයල කියාවි.. අනිත් එක තමයි ඔය ඕනෙම බීජයක් මවු ශාකාවට ආවේනික ලක්ෂණ ගන්න එක සාමන්‍ය සිරිතක්.. ඒත් ඉතින් අයිතිකාරය දැනගන්න ඕනෙ සාත්තුව ලෙසටම තියාගන්න.. ඔන්න උදාහරණයක් හැටියට අපේ අච්චිලගෙ ගෙදර තිබුනා කොට්ටම්බ පැලයක්.. ඒකෙ කිසිම ලස්සනට අතු කපල හදපු එකක් නෙවෙයි.. වැවෙන්නම් වාලෙ වැවිලා.. ඒත් ඒ ගහෙන් ගෙනාපු පැලයක් තමයි මම පැල කරල ආයෙ අතුකපල ලෙසටම හදාගෙන තියෙන්නෙ.. දකින අයට ආසාවෙ බෑ.. ඒ කියන්නෙ ඔය ඕනෙ එකක් නඩත්තු කරන්න පලපුරුද්ද තියෙනව මට.. ඔන්න මට එනව ස්වයං අභිමානයක් වගේ එකක්.. අන්න ඒක නැති අයට පුලුවන් ඉරිදා පත්තරේ මහා මත්‍රාචාරියොන්ට කියල එහෙම එකක ඇති කරගන්න මමනම් එක්ස්පීරියන්ස් එක ගත්තෙ කොට්ටම්බ පැලෙනුයි ඔය තව ඒ වගේ පැල දෙක තුනකිනුයි.. නැති අයට කතන්දරගෙ තියරිය අනුගමනය කරන්න පුලුවන්..

    ReplyDelete
  24. ප්‍රියා මංගල දැන්වීමක් දාලා වගේ . . හික්ස්

    "අපේ අප්පච්චිගේ බඩත් නෑ තට්ටෙත් නෑ.."

    ReplyDelete
  25. කසූ ඔය කතාව මමත් අහල තියෙනව. අපේ නැන්දම්ම නම් මහත නෑ ඒකටත් එක්ක දෝනිල දෙන්න . .

    අපේ එක්කෙනා නම් බඳිනකොට හුලඟට ගහගෙන යන සයිස් . .

    ඒකට දැන් . . .

    එයා දැන් ශෝයි එකට අපි දෙන්නටම එකම කලිසම් අඳින්න පුලුවන් ගානට ඉන්නවා . .. හික් හික් හික්

    ReplyDelete
  26. දැන් ඉතින් වෙන්න ඕන ඔක්කොම වෙලා ඉවරයි.. නැන්දම්ම කොයි වගේද කියල බලන්න නෝනගේ ආච්චි උන්නෙ නෑනේ..

    ඒ ආච්චි ෂුවර් එකට යක්ෂ ගෝත්‍රයෙන් වෙන්න ඕනා.

    ඔහේගේ මාකටින් නම් මරු.. මගේ ඊ තලේ තාම වැදුනේ නැතිය..එවා පොරොසිද්දියේ කියන්න බෑ නොවැ...

    ReplyDelete
  27. සිරා කතාව. ඔය විලුබේ සිද්දිය මොකක්ක්ද? එක අහල නෑ

    ReplyDelete
  28. මාර case 1නෙ... මං තාත්තා වගෙයිනෙ...

    ReplyDelete
  29. @ දුකා: අද රෑට කන්නෙ කඩෙන් වගේ! ;)

    ReplyDelete
  30. @ ඕනයා
    @ All
    විළුඹේ සිද්ධිය මම නොදනිමි.
    චාතුර්යා නවකතාවේ නම් චාතුර්යාගේ විලුඹ ලස්සනය වෙනත් කෙල්ලෙක් ගේ විලුඹ ගොරෝසුය ආදී වශයෙන් ලියවී තිබුණි.
    ඒ මිස විළුඹක් ගැන අසාවත් නැත!

    ReplyDelete
  31. මං දාන හිටපු පෝස්ට් එකක් මෙන්න කලින් දාල!

    මම මීට අවුරුදු පහලවකට විතර කලින් මේ ගැන මගේ හොඳම යාලුව උන ජයම්පති එක්ක එකතුවෙලා ලිස්ට් එකක් හැදුව. ඉතුරුටිකවත් වෙලාවක දාන්නං.

    ReplyDelete
  32. @ All
    Bindi, හරී, Podi Kumarimahi, පිණිබිඳු, Gimhani ඇතුලු සියළුම අම්මලාට සහ වෙන්ට අම්මලාට මට කීමට ඇත්තේ මගේ මේ ව්‍යායාමය තාත්තලා දෑවැදි සෙවීමට වෙහෙසෙද්දී, දැන් සිටම තමන් ගේ දුලා ගේ අනාගතය ගැන සිතා ජිම් ගොස් හෝ සෞඛ්‍ය මට්මමෙන් සිරුර තබා ගැනීමට අද කාලේ තරුණ අම්මලාව පොළඹවීමේ අදහසින් කෙරෙන්නක් බවයි!

    ReplyDelete
  33. එහෙම සිද්දියක් අපි දැනං හිටියේ නෑ නේ .මමත් බඳින දවසට මේ තියරිය අනුගමනය කරන්න ඕන .

    නැන්දම්මා කෙට්ටු වෙන එක කෝකටත් හොඳයි . හඳිස්සියක් උනාම හිතේ හයිය ඇතුව කෙල්ලගේ ගෙදරටවත් යන්න එන්න බැරියෑ .

    අපි තව දෙයක් අහලා තියනවා .. කෙල්ලට වෙරලු ගෙඩියක් කන්න දුන්නම . වෙරලු ගෙඩිය අතේ තියාගෙන ටිකෙන් ටික කාලා ඇටේ වීසි කරන කෙල්ල .හොඳයි ලු / වෙරලු ගෙඩියම කටේ දාගෙන ඇටේ සූප්පු කරන කෙනා චාටර් ලු

    මේ වෙරලු වාරේ නේ ට්‍රයි කරලා බලන්න

    ReplyDelete
  34. @ Observer
    දාන්නකෝ ඒ උදෙස් මාලාව අපිටත් බලන්න.
    මොනවද ඒවායින් වැඩ කලේ?

    ReplyDelete
  35. @ Buratheno
    බුරා , ඇත්තටම කෝල් එකක් දාලා අහලා බලන්න ඕනෑ සතිෂ් ගෙන් වෙන මොනවද බැලුවේ කියලා!

    ReplyDelete
  36. @ කොට ජීවිතේ
    මේ තියරිය බොරු වේවා යැයි අවංකව පතමි!

    ReplyDelete
  37. @ Gimahini

    ලොකු අක්කා කෙනෙක් ඉන්නවා නම් එයා දිහා බලන්නත් පුළුවනි!

    ReplyDelete
  38. @ Bindi

    අපෝ මට බෑ!
    නෙළුම් අල කෑහැකි, කිඹුල් මසුත් කන්න උනොත්?

    ReplyDelete
  39. @ කරුමක්කාරයා
    ආරේ කියන්නේ "කරුමෙ" තමා නේද?

    ReplyDelete
  40. @ prsanna86k

    එහෙනං කෙල්ල ආච්චි වගේ විය යුතුයි!

    ReplyDelete
  41. @ Sujeewa kokawala
    සුජීව
    ජිම් ගිහින් ෆිගර් හදනවාය කියන කතාවත් "උර්බාන්" ලෙජන්ඩ් බොරුවක්. ඒක සස්ටේන් කරන්න පුළුවන් කෙටි කාලයක් පමණයි ජිම් නවත්තලා. ආපහු එනවා එනවාමයි!
    Why dont you ask a Fatty Frog?

    ReplyDelete
  42. @ පාල
    තාත්තා ගේ තට්ටේ කොහොමද?

    ReplyDelete
  43. @ Gimhani

    මගේ සුභ පැතුම්.

    ReplyDelete
  44. @ පොඩි මෑන්
    මේ කොට්ටම්ඹා ගහේ අතු කැපුවට අනාගත බිරිඳක ගේ තටු කපන්න නම් යන්ණ එපා!

    ReplyDelete
  45. @ දුකා
    දුකා ගේ ෆොටෝ වල උඩ බාගේ විතරක් පෙන්න තියෙන්නේ මේ නිසා විය යුතුයි!

    ReplyDelete
  46. @ මන්තරකාරී
    මන්තර බලේ ලැබුනේ අම්මගෙන්ද?

    ReplyDelete
  47. @ ඉන්දික
    බුදු අම්මෝ ලියස්තුවක්ම තියෙනවාද?
    දාන්නකෝ බ්ලොග් එකේ දාල අපිටත් කියන්න.

    ReplyDelete
  48. @ හිස් අහස
    බුදු අම්මෝ!
    මං නම් ඔය කෙල්ලෝ දෙවර්ගයෙන්ම පරිස්සං කරගන්නවා sorry පරිස්සං වෙනවා.

    ReplyDelete
  49. [[ජිම් ගිහින් ෆිගර් හදනවාය කියන කතාවත් "උර්බාන්" ලෙජන්ඩ් බොරුවක්. ඒක සස්ටේන් කරන්න පුළුවන් කෙටි කාලයක් පමණයි ජිම් නවත්තලා. ආපහු එනවා එනවාමයි!]]

    පොදුවේ ඇත්ත වුනත්, අසු හාර දාහක් වැඩ මැද්දේ තවමත් මේ ගැන දැඩි උනන්දුවක් දක්වන [එ නිසාවෙන් තවම අතරමැද සයිස් එකෙක් ඉන්න] කෙනෙක් ගෙදර ඉන්න නිසා සැකයේ වාසිය පිතිකාරියට බාර කරමි.

    අපේ ගෙදර තරබාරු ප්‍රශ්නේ තියෙන්නේ මට. බැනුම් කෝටියයි. වෙලාවකුත් නැහැ නේ. එ කාලේ කෙල්ල අපේ තාත්තව දැක්ක නම මේ තියරිය අනුව මාව බඳින්නේ නැහැ. ඒත් එ වෙනකොට හාට් ඇටැක් හැදිලා තාත්තා නැති වෙලා. [ස්මයිල් දාන්නද? ක්‍රයි දාන්නද?]

    ReplyDelete
  50. ස්තූතියි අවවාදයට.
    ඉතිං අර සිහින මාලිගාවේ කුමාරිවද බැන්දෙ ඔයා?
    නැත්නම් වෙන කුමාරියක්ද??

    ReplyDelete
  51. මට මතකයි මේ වගේ කතාවක් මාරයත් කිවුවා,,එදා මම ඒකට දාපු කමෙන්ට් එක මේකටත් හරි,,,මුහුදුකරේ ඌරෝ හදන එක සුලභ දෙයක් ඉතින් මිනිස්සු ඌරු පැටවු ගන්න එනවා ගිහින් මුලින්ම බලන්නේ පැටවු නෙමේ පැටවුගේ අම්මා ඊරිව....

    ReplyDelete
  52. @ ItalyDilan

    උඹ නං ගුටි කනවා ළමයෝ!

    ReplyDelete
  53. ගෙදරට යනකොට අම්ම ඉස්සරහට ඇවිත් පිලිගත්තොත් ගෙදර පාලනය කරන්නේ අම්මා. ඒ පසුබිමත් එක්ක දුවත් මැරි කරාට පස්සෙ හස්බන්ඩා කන්ට්‍රෝල් කරන්න ට‍්‍රයි කරන්න පුළුවන්. තාත්ත ඇවිත් පිළිගත්තොත් ෂේප්. (මීට පස්සෙ ගෑනු ළමයි දැන ගන්න ඕන තාත්තව ඉස්සරහට එවන්න)

    ReplyDelete
  54. @මුහුදු කොල්ලකාරයා!
    මේ දවස්වල මම කොහොමත් කඩෙන් කන්නේ . .
    එපා වුනාම තනියෙන් උයාගෙන කනවා (එයා මේ ටිකේ ලංකාවේ) . .
    ඒකයි බය නැතුව කියලා දැම්මේ . . හික්ස්

    ReplyDelete
  55. එකක් විතරක් මෙතන "පිණි පලසට" උත්තරයක් විදියට දාල තියෙනව. අනික්ව හෙට හිමීට පෝස්ට් එකක් විදියට ලියාගෙන යන ගමං.

    http://upashantha.blogspot.com/2011/05/blog-post_26.html#comments

    ReplyDelete
  56. කසු ඔයා ඔහොම කිව්වට මෙහෙ කෙල්ලෝ දකින සමහර සුද්දෝ කිඹුල් මස් නෙමේ කිරි මැටිත් කන ගානට මෝඩ වෙනවා. බොහොමයක් තුනී ලෑලි සංස්ථාවේ වැඩ කරන අය වුනාට නාකි වෙනකම් එහෙමමනේ.

    ReplyDelete
  57. තට්ටේ ගැන කියලා වැඩක් නෑ ක.කා.මේකේ ඉන්නේ බහුතරයක් අක්කලා...... :D

    ReplyDelete
  58. බින්දි ඔයා පිලිපින්ද ඉන්නේ? ලෝකෙටම බිරින්දාවන් ප්‍රොඩක්ට් හැටියට සපයන දේශය. කළු කඩ බිස්නසුත් අඩු නෑ කියලයි ගිය උන් කිව්වේ.

    ReplyDelete
  59. හක් හක්.. අනාගතේට ප්‍රොයොජනවත්.. ;)

    ReplyDelete
  60. අනිවාර්යයෙන්.
    ඇත්ත කතාව

    ReplyDelete
  61. අනේ දන්න කෙනෙක් අර විලුඹේ කතාව කියල දෙන්න කෝ...

    ReplyDelete
  62. "ගෑනු ලමයිනුත් දැන් පටන් ගනී මනමාලයගේ තාත්තගේ තට්ටය සහ බඩ දිහා බලන්ට. අපොයි කතන්දර කරපු වැඩැක්...:D "

    කසූ පොඩි ප්‍රශ්නයක් ඇති කරල වගේ!
    නියම සිස්ටම් එකක්..ඕක ගොඩක් දුරට හරි

    ReplyDelete
  63. මාර මහතා මේ ගැන තවත් කතා ඇතුව සවිස්තර විස්තරයක් දාලා තිබ්බා වගේ මතකයි. කතන්දර මහතාත් මේ ගැන මතක් කරපු එකත් හොඳයි.

    කමෙන්ට්ස් වලිනුත් හොඳ හොඳ දේවල් ටිකක් දැනගන්න ලැබුණා ඒකත් හොඳයි

    දැන් අපිට කෙල්ලෙක් හොයාගන්න ඕනේ නම් මේ ටිකෙන් හොඳ ආදර්ශයක් ගන්න පුලුවන් ඒකත් හොඳයි.

    මට අන්තිමට කියන්න තියෙන්නේ මේ විලුඹේ සීන් එක හංගන එක නම් නරකයි.

    මාත් නරක මිනිහා කියන්න එපා ඕක හංග හංග ඉදල.

    දන්න කියන ඇත්තෙක් ඒක කියා දුන්නොත් ඒකත් හොඳයි.

    ප්‍රසිද්ධියේ කියන්න බැරිනම් මෙන්න මේකට hachagu@gmail.com කීයලා එව්වොත් හුඟාක් හොඳයි :))

    ReplyDelete
  64. වෙරළු කතාව කියෙව්වහම මතක් උනේ

    කන්‍යා භාවය බලන ක්‍රමයක් තියනවා: බොන්නේ Coke ද? Pepsi ද? කියල අහන්න.

    ReplyDelete
  65. This comment has been removed by the author.

    ReplyDelete
  66. මේක හරි යන්නෙ නැහැ..
    එහෙන් විලුඹක් ගැන කියනවා. තව එකෙක් වෙරළු ගෙඩියක් උඩ දානවා..ඒ මදිවට pepsi ද Coke ද අහන්න ලු....

    හුදි ජනයාගෙ පහන් සංවේගය උදෙසා ක සු මේවා විසඳලා දෙනවා හොඳයි...ඕවා මෙතන ලියන්න වචන තියෙන්නෙ කතන්දර ළඟම තමයි...

    (අනික් ඒවා ගැන නම් පොඩි පොඩි අනුමාන තිබුනාට Pepsi Coke වැඩේ ගැන නම් නෝ අයිඩියා...)

    ReplyDelete
  67. අනිත් දවසෙ මාව බලන්න මනමාලයෙක් ආවම , අම්මට පැත්ත පලාතේ එන්න දෙන්න නරකයි...

    සුළඟට ගහගෙන යන තරම් කෙට්ටු කෙල්ලන්ට මොකද කොල්ලො මෙච්චර කැමති.... ප්‍රසිද්ධියේ කියන්න බැරිනම් ඊයකින් වත් දන්වන්න කතන්දර...

    ලස්සන පුෂ්ටිමත් ගැහැණු ළමයි මම නම් දැකල තියනවා ( මම වගේ ) හිහි

    ReplyDelete
  68. පට්ට කතාව. මමත් එහෙනම් යාලු වෙන්න කලින් අම්මා කොහොමද කියලා බලනවා

    ReplyDelete
  69. අම්මගෙනම් පෙනුමෙන් වරදක් නෑ...
    කට තමයි අවුල...
    කියවන්න ගත්තහම නැවතිල්ලක් නෑ...
    ඒක දුවටත් අඩුවක් නැතුව පිහිටයි වගේ...

    ReplyDelete
  70. මරු...

    ReplyDelete
  71. විලුඹෙ කුනු තියනවනං (පැලිල තියන එක වෙනමම කතාවක් නේ) කෙල්ල නාන්න හොරයි. . . . විලුඹ සුද්දකරගන්නෙ නැති ගෑනි අනිත්ව කොහොමත් සුද්දකරගන්නෙ නෑ . . . කොටිංම ඒක "ගඳ ****".
    දැං ඉන්න කෙල්ලො සෙරෙප්පු නොදා එලියට බහින්නෑ කියල කවුරුවත් කියන්න එපා . . . සෙරෙප්පු නෙමේ මොක දාං හිටියත් නාන්නැත් එකී ඔය මෙතඩ් එකෙං හොයන්න පුලුවං

    ප.ලි. ඔය කිවුවෙ පුලුවං තරං සරලව . . . . මට තාත්ත විස්තර කරල දුන්න විදියට මේකෙ දාන්න බෑ . . . .

    ReplyDelete
  72. @ සුළඟිල්ල
    @ රොබින්
    ස්තුතියි ප්‍රතිචාරයට.

    ReplyDelete
  73. @ කොඩී
    අන්න ඕනයා කතාව දාලා!

    ReplyDelete
  74. @ සහෝධරයා
    තෑන්ක් යු කිව්වා!

    ReplyDelete
  75. @ Hasitha
    හසිත
    ෆුල් ගේමක් දෙන්න වගේ යන්නේ එහෙනං.
    අන්න ඕනයා කතාව ලියලා. කැලණියේ පන්සල් එක්ක ගෙන ගිහින් බලන්ණ බැරියැ විළුඹ, නේද?

    ReplyDelete
  76. @ amilaabeynayake

    මෙන්න බොලේ ඟෙයා තවත් ප්‍රශ්ණයක් දාලා!
    දැන් ඉතිං උත්තරෙත් දාන්න. මං නං දන්නේ නෑ ඔය නෝටි කතා.

    ReplyDelete
  77. @ සොඳුරු සිත
    මගේ නං ඔය වාද බේද ඇද කුද හෙවිලි මොකුත් නෑ!

    ReplyDelete
  78. @ මධුරංග
    මොනවා කළත් කමක් නෑ රජෝ, මාව නං ගාවන්න එපා!

    ReplyDelete
  79. @ තාරක Dilsh@n

    ලඟ පාත නෙමේ නේද දුවයි, වෙන්ඩ නැන්දම්මයි ඉන්නේ?

    ReplyDelete
  80. @ බබා...
    තැන්කීයු බබෝ!

    ReplyDelete
  81. @ ඕනයා

    මේ අවුල මුලින් දමා පහුවෙලා හෝ බේරලා දුන්නාට ස්තුතියි.

    එඩ්වඩ් මල්ලවආරච්චි ගේ චාතුර්යා මුල් පොතේ මේ විළුඹ ගැන කියලා තියෙනවා. ඒකේ තියෙන්නේ නං පැලුණු විළුඹත් හොඳ නෑ කියලයි.

    ReplyDelete
  82. @ඕනයා
    හප්පා... ඒක ඇහුමත් නිකං මොකක්ද මොකක්ද වගේ. මීට පස්සේ මොකක් නැති උනත් විලුඹ නම් අනිවා බලනවා :P

    ReplyDelete
  83. ඇත්ත කසූ දැන් ඔක්කොම හරි. අපි සාමේ. දැන් ඉතින් හිමින් සැරේ කැලණි පන්සල් යන්න බැරියැ :)) ඕන අයියාට මේ පින් බලෙන් කැමැති දෙයක් ලැබේවා :)

    ReplyDelete
  84. @ ALll

    එහෙනං සියළු දෙනාටම ස්තුතියි.

    සිකුරාදා (3 June 2011) කතන්දරෙන් හමුවෙමු!

    ReplyDelete
  85. මහත ගෑණු ලම්යින්ගේ අවුලක් මට නොපෙනේ. ළමය තවත් මහත් නොවීහිගටම ඒ මහතටම සිටීනම් සිරියාවන්තය

    ReplyDelete
  86. අයියෝ කතන්දර, මේ කතාව මිට මාස 12 කට කලින් දැම්ම නම්...හික්ස් කොහෙද මම අම්මව දැක්කේ යාලු උනාට පස්සේ නෙව... දැම්ම ඉදලම ජිම යවන්න ඕන... හික්ස්.

    ReplyDelete
  87. නරක නැහැ අදහස ..........
    ඒත් ඉතිං දැන් වැඩක් නැහැ ........

    ReplyDelete
  88. මම දන්නා විදියට බළල් ඇස් තියෙන කෙල්ලෝ ගොඩක් අපිරිසින්දුයි ලු හැබැයි ටෙස්ට් කරලා නම් නෑ

    ReplyDelete
  89. එහෙනම් විලුඹ ගැනත් අද ඔන්න දැනගත්තා.තවත් කොච්චර නම් දෙවල් තියනවද කෙල්ලෝ ගැන.කකුලේ පොඩි ඇගිලි.ඉස්සරහ දත්,පපුව,අම්මෝ මේවා සේරම බලන්න ගියොත් බදින්න නෙමෙයි හතර දෙනෙක්ගේ කර උඩින් යන්න වෙන්නේ.හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්

    ReplyDelete
  90. කථාව 100% අැත්ත.

    ReplyDelete
  91. සහො මගේ girl අම්මා කලුයි උසයි.එත් මගේ girl සුදුයි ගොඩක් මිටියි එතකොට එයා වයසට යද්දි උස ගිහින් කලු වෙනවද

    ReplyDelete
  92. මාතලන් කියුවා වගේ බදින්න කලින් නැන්දර්‍මමා ගැන බලන්න ක්‍රමයක් කියන්න.ගොඩක් වටිනවා.මම දන්න පොරක් ඉන්නවා මිනිහට ඉන්නවා ඉලන්දාරි කොල්ලෙක් , අපි ඉන්න තැනකම මු කොල්ලට කියනවා පුතේ කවදාහරි ‍මොන ගෑණියෙක් බැන්දත් කමක් නැ නැන්දර්‍මමා මැරිලා තියෙන්ඩ ඔන කියලා.නැන්දර්‍මමා ඉන්න කෙල්ලේකට උගේ කොල්ලා දෙන්නෑලු.අනේ කතන්දර කොහොමහරි නැන්දර්‍මමා ගැන දැන ගන්න ක්‍රමයක් කියහං බං

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.