Friday 11 February 2011

අපි හොඳ රණමුඛ ලා - හරිය?


තාත්තා ගේ මළ ගෙදරට ආපු හේමන්ත කියපු කතන්දර නිදිමතේම අහගෙන ඉන්න අතරේ මට මතක් වුණා පරණ සිද්ධියක් මළ ගෙදරක් හා සම්බන්ධ.

ඉස්සර සමහර මළ ගෙවල් වල අවසාන කටයුතු කෙරෙන වෙලාවේ ලවුඩිස්පීකර දානවා. එතකොට එදා ට මළ ගෙදරට එන්න බැරිවුණු ගමේ අයට ගෙදර ඉඳන්ම ඒ වැඩකටයුතු වලට සහභාගී වෙන්න පුළුවන් නේ. ඒ හින්දා වෙන්න ඕනැ!

අපි පොඩි කාලේ කුලියට ගෙයක් අරං හිටපු ගමේ එක දවසක් ඔය වගේ අවමගුලක් තිබුණා. ලවුඩිස්පීකර් ක්‍රමයෙන් එදා හවස මුළු ගමම සහභාගී වුණා අවමගුල් සභාවට.

අපේ අවමගුල් සභාවල පන්සිල් ගැනීම්, පූජ්‍ය පක්‍ෂයේ අනුශාසනා සහ පැන් වැඩීමෙන් පස්සේ ඊ ලඟට එන්නේ ගිහි අය ගේ කතා.

මෙතෙනදී, බොහෝ වෙලාවට කතා කරන්න අය පෝලිමේ. ගමේ අවමංගලාධාර සමිතියේ අය, පන්සලේ දායක සභාවේ අය, අල්ලපු ගමේ අය, ඥාති පරම්පරා හතරේ කෂ්ටිය, පවුලේ අය ගේ වැඩපොලවල් වල අය.

ඔන්න ඉතිං, එදා මේ කියන මළ ගෙදර තිබුණු කතා පෝලිම මාත් ගෙදර ඉදන් නොමිලේම අහං හිටියා ටිකටුත් ගන්නේ නැතුව.

"මීලඟට ඉහල පේරුවේ ඥාතීන් වෙනුවෙන් පියසේන රණවක මහතා කතාකරනවා ඇති..." ඇම්.සී. කාරයා එනවුන්ස් කළා.

තත්පර කිහිපයකින් පස්සේ ඔන්න පියසේන රණවක මහතා ගේ කතාව ඇරඹෙනවා ඇහෙනවා.

"ඥාති මිත්‍රාදීන් ඇතුළු අවමංගල සභාවෙන් අවසරයි. ඉහල පේරුවේ ඥාති සමූහයා වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කිරීමට කලින් මට එක් කරුණක් කියන්නට තියෙනවා."

"මෙතනදී ප්‍රකාශ කෙරුණා මගේ නම රණවක කියා. මම මේ අවස්ථාවේ දී අවධාරණය කරන්න කැමතියි මගේ වාසගම රණමුඛ බව."

"මා පමණක් නොවෙයි අපේ ඉහල පේරුවේ ඥාතීන් සියළු දෙනාම පාහේ හොඳ රණමුඛ ලා....!"

-කතන්දරකාරයා

ප/ලි
තමන් නිර්නාමිකව සිටිමින් ම, ලොව දසත සිය ගණනක පිරිසක් දන්නා මගේ නම සෙවීමට කමෙන්ට් පිට කමෙන්ට් දමමින් වෙහෙසුණු ඇනෝනිමස් නංගී ට මේ ලිපිය උපහාරයක් වේවා!

42 comments:

  1. තමන්ගෙ නම රසික සූරියආරච්චි බව ලොව දසත සිය ගණනක පිරිසක් දන්නා බව කතන්දර දැන් ලොකුවට කිව්වට රසික සූරියආරච්චි සහ කතන්දර කියන්නේ දෙන්නෙක් කියලා පෙන්නන්න / අඟවන්න කතන්දරට ඕනෙ වුනා. මම හිතන්නෙ ඒ බව පැහදිලි වෙන උදහරණ කීපයක්ම කතන්දර බ්ලොග් එකෙන් හොයලා දෙන්න පුලුවන්. කතන්දර බ්ලොග් එක කියවන අයත් (අර ලොව දසත ඉන්න සිය ගණනක පිරිසට ඇතුලත් නොවන අය පවා - ඒ කියන්නෙ කතන්දර බ්ලොග් එක ඇනලයිස් කරලා ඒ බව දැනගත් අයත්) මේ "රහස" දැන හිටියත් කාටවත් මේ කාරණේ ඉස්මතු කරන්න ඕනේ නැතිවුනේ මේ හැමෝම කතන්දර බ්ලොග් එක බැලුවෙ සරල විනෝදයක් ලබාගැනීම සඳහා වීමයි. ඒත් කතන්දර තමන්ගෙ මාක්ස්වාදය එලියට දාන්න ගත්තම (එහෙම නැත්නම් තමන්ගෙ ඇතුලෙ ඉන්න මාක්ස්වාදියාව එලියට අරගෙන අජිත් පැරකුම් ජයසිංහ වගේ සිංහල කොටින්ට කඩේ යන්න ගත්තාම) අපිත් ඉතින් නිකන් ඉන්නෙ නෑනෙ. මම මෙහෙම ලිව්වෙ රසික සූරියආරච්චි මාක්ස්වාදී සහිත්‍යය කියවල තියෙන කෙනෙක් කියලා මම හිතන හින්ද නෙමෙයි. රසික සූරියආරච්චි තමන්ගෙ නියම නමින්ම ලියන ලිපි වලින් පෙනෙනව රසික සූරියආරච්චි මාක්ස්වාදය ඇසුරු කරලා තියෙන්නෙ කොතරම් ළඟින්ද දුරින්ද කියන එක. (කතන්දරට පුළුවන් කමක් ලැබුනොත් අජිත් පැරකුම් ජයසිංහට කියන්න එයා ලේඛකයෙක් වුනේ කොයි කාලෙ ඉඳන්ද කියන එක අපි ගාව තියෙන හින්දා දැන් බොරු ඉතිහාසයක් ලියන්න හදන්න එපා කියලා)

    ReplyDelete
  2. ඇත්තටම අද නම් මෙලෝ දෙයක් තේරුනේ නැ ): ඇත්තටම මොකක්ද මේකෙ තේරුම?
    photo එකේ ඉන්නෙ කතන්දර ද?. හැබැටම කතන්දරට වයස කියක්විතර ඇද්ද :)

    ReplyDelete
  3. දැන් ඔය පින්තූරේ ඉන්නේ රසිකද එහෙම නැත්නම් කතන්දරද? මට ඔන්න හොඳටම පැටලිලා. 'රසික සූරියාරච්චි' කියන්නේ කවුද ඇත්තට?

    මම මේ බැලුවේ මටත් උපහාර ලිපියක් ලියවගන්න.

    ReplyDelete
  4. //ඇනෝනිමස් නංගී ට මේ ලිපිය උපහාරයක් වේවා!//

    "ඇනෝනිමස් නංගී" කිව්වෙ ඇයි?

    ReplyDelete
  5. හික්ස්! කවුද බොලේ නංගි?

    ReplyDelete
  6. මේකට මොනව ලියන්නද මන්දා?

    ReplyDelete
  7. කතන්දරයක් තුලින්, දිය යටින් ගින්දර ගෙනයාමට කතන්දරට ඇති හැකියාව නියමෙට ප්‍රදර්ශනය කල ලිපියක්. මාතෘකාවේ ඉඳන් ම එල!!

    ReplyDelete
  8. අපේ මරණාධාර සමිතියෙ භාණ්ඩාගාරික ඔය වගෙ තැනක කතාවක් පවත්වනකොට ටැපලීමක් වෙලා "මුත්‍ර කලේබරය" කිව්වා.

    ReplyDelete
  9. රණමුඛ ලා දුර්මුඛ වෙන අවස්ථා ඇත්තෙම නැද්ද?

    මළ ගෙදරක අවසන් කටයුතු වලින් පස්සෙ එළඹෙන දුක්කදායකම අවස්ථාව තමයි මේ කතා පෝලිම..

    ඇයි මංගල සභා කියල වෙනමෙයි... මංගල සභා වල නම් ඉවසන් ඉන්නව .මොකද අයිස් කෝපි එක මග එන නිසා...

    ReplyDelete
  10. දැන් ඔය රණමුඛ ට ඕන උනේ තමන් ගැන වර්ණනා කර ගන්නද? එතන තමන් කවුද කියල පෙන්වන්නද?
    එහෙම නැතුව මිය ගිය පුද්ගලයා ගැන කතා කරන්නද?
    කවුරුත් මල ගෙදර යන්නේ මියගිය කෙනා ගැන හොයන්න මිස රණමුඛ ගැන හොයන්න නොවේනේ...
    ප/ලි යේ තියන්නෙත් ඒකමනේ....

    ReplyDelete
  11. මළගේකදි ඉන්න අමාරුම අවස්ථාව තමා ඔය කතා පවත්වන වෙලාව. ඒ මොකද සමහරු ආසයි කොතන හරි කතාකරන්න ලැබෙනවානම් ඉතින් කතා කරන්න ගියාම අන්තිමට පවුලෙ අයව වර්ණනා කරනවා.ඊටපස්සේ මළේ කව්ද කියලා හොයාගන්න බැහැ.

    ReplyDelete
  12. @ඇනෝ ට සහ හැමෝ ට ම,

    කතන්දර බ්ලොග් එක අරඹා ටික දවසකින් ම මං මගේ මිත්‍රයින් ට ඒ බව කිව්වා. ඉන් පසුව විසිටින් කාඩ් එකක් මුදුණය කර අඳුනා ගන්න හැමෝටම ඒක දුන්නා. මං කවුද කියලා දන්න අය සිය ගනනක් ලෝ පුරා ඉන්නේ එහෙමයි.

    ඇනෝ නංගී ට මා ගැන හොයන්න හිතිලා තියෙන්නේ මං මුලින් හිතුවා වගේ මේ සෙනෙහෙ සිතක් හින්දා නෙමේ. W3Lanka කාරයා එක්ක තියෙන කේන්ති සිතක් හින්දායි.

    මට දැන් හිතෙනවා මේ ඇනෝ නංගී කෙනෙක් නෙමේ ඇනෝ අයියා කෙනෙක් ය කියලා!

    ReplyDelete
  13. @දෙවෙනි ඇනෝ

    කතන්දරේ තේරුම් ගැනීමට, ප්‍රියන්ත ගේ කමෙන්ටුව බලන්න.

    මගේ වයස guess කරන්න. පඩිය නං ඔන්නං කියන්නං.

    ReplyDelete
  14. @Podi Kumarihami
    "උපහාරයේ සැඟවුණු අපහාසය" කියන පොත කියවලා තියෙනවද?

    ReplyDelete
  15. @තුන්වෙනි ඇනෝ
    මං හිතුවේ එයා මං ගැන සෙනේහයෙන් මා ගැන හොයනවා කියල නේ. ඒකයි!

    ReplyDelete
  16. @blog gadol

    නම ඇලිස්. අර සින්දුවකුත් තියෙන්නේ.

    ReplyDelete
  17. @Petta
    ඔය ලියල තියෙන්නේ!

    ReplyDelete
  18. @මුහුදු කොල්ලකාරයා
    හැබැයි දියරෙද්දෙන් බෙල්ල කැපීම නං මං කරන්නේ නෑ!

    ReplyDelete
  19. @Observer
    තව පොඩ්ඩෙන් එයා කවන්ධයක් වෙලයි ඉවර වෙන්නේ!

    ReplyDelete
  20. @සොඳුරු සිත
    කේන්තියෙන් රත්වුනු සොඳුරු සිත කූල් කරගන්නේ අයිස් කෝපි වලින්ද?

    ReplyDelete
  21. @Priyantha
    ඔහොම එන්න, ප්‍රියන්ත, ඔහොම එන්න.

    ReplyDelete
  22. @Neetha
    හැබැයි මං මළ දාට නං ඔය සෙල්ලං බෑ.
    ඔය බොරු පම්පෝරි වැඩ කරන්න ආවොත් මොකා උනත් කමක් නෑ කණට දෙකක් දෙනවා!

    ReplyDelete
  23. මම පස් වෙනි ඇනෝ නංගි,.
    කකා ඔයාගේ පළමුවෙනි ඇනෝ නංගීට කියන්න වැඩිය "සිරා" ගහන්නේ නැතුව ඉන්න කියල.

    ReplyDelete
  24. හුම්ම්ම් හපොයි ඔයවගේ දේවල් වෙනවා ..

    ගොඩක් ඉන්නෙ හුලං නෑති බෑලුන්බෝල...

    ReplyDelete
  25. තල්මස්සු හැප්පෙන අස්සේ රිංගන්න ගිහින් පැන්නෙක් වගේ පෙතලි වෙන්න බැහැනේ. ඇනෝවරයා කතන්දර හා පරා වගේම බ්ලොග්කරණයේ දැවැන්තයෙක් ද? මොකද දැවැන්තයින්ට ඔහොම ආමන්ත්‍රණය කරන කෙනාත් දැවැන්තයෙක් කියලා රජ කාලේ කතාවක තිබ්බා.

    කතන්දර කවුද කියන එක හැම පොස්ට් පහ හයකට වතාවක් ඉඟි කරනවා. මම තුමා ලිව්වා කියල සිංදුවකුත් දැම්මම ඕක හොයා ගන්න එක මහා කජ්ජක් ද?

    ReplyDelete
  26. පොඩි කුමාරිහාමි,
    ඔච්චර මහන්සි වෙන්න මොකටද? මම මේ කාරණාව ගැන කිව්වෙ මිට කලින්.... ඔයාට කතන්දරයි, රසිකයි පැටලිලා නං මේක බලන්න. මේ ඉන්නෙ කව්ද කියලා දන්නවනං ඔය පැටලිල්ල ලෙහාගත්තැකි!
    http://www.facebook.com/photo.php?fbid=182080025143890&set=a.169579949727231.37365.100000256806646

    ReplyDelete
  27. පලවෙනි ඇනෝ,

    "හැමෝම කතන්දර බ්ලොග් එක බැලුවෙ සරල විනෝදයක් ලබාගැනීම සඳහා වීමයි."


    ඒක තේරුම් ගත්ත නං ඉතින් මොන මගුලකටද අපි ලියපු එකාගෙ ජාතකේ හොයන්නෙ, කතන්දර හරි රසික හරි මොන නමකින් ආවත් ඔයාට දිරවන්නේ නැත්තන් කියවන්නේ නැතුව ඇත ඇරලා දාන්න ඇනෝ. එකය් මගේ සිස්ටම් එක නං.මේ බ්ලොග් කියෝල තරහ ගන්නවට වැඩිය වැඩ නැද්ද ඇනෝටය් මටය් . මම නං ලඟදි මේ සිංහල බ්ලොග් කියවන්න පටන් ගත්තේ(ඉංග්‍රීසි ඒවා නම් කියෝලම නැති තරං, ක්‍රිකට් ගැන ඇරුනු කොට)

    ReplyDelete
  28. ඇනෝ අය්යද නංගිද කියන එක නෙමෙයි ප්‍රශ්නෙ. ප්‍රශ්නෙ කොටින්ට කඩේ යන එකයි. කොටින්ට කඩේ යන එක රසිකට සෙල්ලමක් වෙන්න පුළුවන් වුනාට ඒක මේ රටේ බහුතර ජනයාට සෙල්ලමක් නෙමෙයි කියන එක බ්ලොග් ලියන හැමෝම මතක තියා ගත්තොත් හොඳයි. මීට අවුරුද්දකට දෙකකට කලින් කොටි කියන්නෙ කොටින්ට කඩේ යන්නෙ නැති ජනතාවගේ ජීවිත පිළබඳ ප්‍රශ්නයක්. සෙල්ලමක් නෙමෙයි. ශරීරය හරහා යකඩ බෝල විස්සක් තිහක් යන ප්‍රශ්නයක්. ඒ නිසා බොරු නම් වලින් කොටින්ට කඩේ යන්න දෙන්න බෑ. කොටින්ට කඩේ යන්නෙ කව්ද කියල දැනගන්න මේ රටේ ජනතාවට අයිතියක් තියෙන්වා. මේ අයිතියේ ස්වභාවය ගැන මාක්ස්වාදීන් පස්සෙ ගිය අය දන්නෙ නැති වෙන්න පුළුවන් වුනත් 9/11 වලින් පස්සෙ ඇමෙරිකාවෙ ජීවත්වෙලා තියෙන අය මේ අයිතිය ගැන දන්නවා. කතන්දර නමින් කොටින්ට කඩේ යන්නෙ කව්ද කියන එක ගැන (ඒ රසික සූරියආරච්චි බව) ජනතාව දැනුවත් කරන්න වුනේ ඒ නිසයි.

    කතන්දර දැන් බබා වෙලා අඟවන්න හැදුවට මේක මේ අජිත් පැරකුම් ජයසිංහ එක්ක හරි w3lanka එක්ක හරි තියෙන ප්‍රශ්නයක් කියලා මේක එහෙම පුද්ගලයො එක්ක තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. මේක බොරු නම් වලින් කොටින්ට කඩේ යාම පිළිබඳ ප්‍රශ්නයක්. සෙල්ලමක් නෙමෙයි. අපි හුඟ දෙනෙකුගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්. අපි මැරෙන්නෙ කොහොමද කියන එක පිළිබඳ ප්‍රශ්නයක්.

    ReplyDelete
  29. මේක අතථ්‍ය ලෝකයක් නේ (Virtual World) ඉතින් මේක ඇතුලේ වෙන පොඩි පොඩි දේවල් ගණන් ගන්න තරම් දේවල් නෙමෙයි.
    මොනව උනත් මට නම් කතන්දර කව්රු උනත් වැඩක් නැහැ. කතා ටික නියමයි.

    අවමංගල්‍ය වගේම මංගල්‍ය උත්සවවලත් මට එපාම වෙන කොටස තමයි කතා පවත්වන එක

    ReplyDelete
  30. මේක ස්වාමිපුරුෂයයි භාර්යාවයි දෙන්නම එකම වෙලාවට එකම තැනකට යන අවස්ථාවකදි වුනත් දෙන්නා බස් දෙකක ගිය මිනිස්සු හිටපු රටක්. මොකද එක බස් එකක් බෝම්බෙකට අහුවුනොත් ළමයින්ට අම්මා තාත්තා දෙන්නාගෙන් එක් කෙනෙක් හරි ඉතුරුවෙන්න ඔනේ නිසා. මම මේ ලියන්නෙ ඒ මිනිස්සු වෙනුවෙන්. ඒ මිසක් පිටරවල ඉඳන් විනෝදෙට බ්ලොග් කියවන හතර පස් දෙනෙක් වෙනුවෙන් නෙමෙයි. මම නියෝජනය කරන්නෙ ඒ හතර පස් දෙනාගේ මතය නෙමෙයි තමයි.

    දිරවන්නෙ නැත්නම් කියවන්නෙ නැතිව අත ඇරලා දාන්න අම්මා තාත්තා දෙන්නා බස් දෙකක ගිය මිනිස්සුන්ට බැහැ. මේ ගොන් කතා කියලා මේ මිනිස්සුන්ගෙන් කුනුහරුප අහගත්තැකි. පිටරවල ඉඳන් විනෝදෙට බ්ලොග් කියවන කිහිප දෙනෙකුට ඒ විදිහට දිරවන්නෙ නැත්නම් කියවන්නෙ නැතිව අත ඇරලා දාන්න පුලුවන් ඇති. ඒත් මේ රටේ ගොඩක් දෙනෙකුට එහෙම පුලුවන්කමක් නැහැ. මෙන්න මේ ලින්ක් එකේ http://www.asiantribune.com/files/images/Keppitigollawa3.jpg තියෙන පින්තුරේ ඉන්න අයට එහෙම කරන්න බැහැ. මොකද මේක ඒ මිනිස්සුන්ගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක් නිසා. මම මේ රැ නිදි මරාගෙන ලියන්නෙ ඒ මිනිස්සු වෙනුවෙන්. ඉන්ටනෙට් කියන්නෙ මොකක්ද, බ්ලොග් කියන්නෙ මොනවද, මේ මොනවත් මේ මිනිස්සු දන්නෙ නැහැ. හැබැයි ප්‍රශ්නයක් ආපු දාට ඉස්සෙල්ල්ම මූන දෙන්න වෙන්නෙ ඒ මිනිස්සුන්ට. එහෙම මිනිසුන්ට, කොටින්ට කඩේ යන නරි මොක්කුන්ද ඒ නරින්ට කඩේ යන ඌරො මොක්කුන්ද කියලා දැනගන්න අයිතියක් තියෙනවා.

    මම මේ ලියන්නෙ ඕස්ට්‍රේලියාවෙ හරි කොහෙ හරි ගිහින් අනුන්ගෙ ශිෂ්ටාචාරෙක පරිධියේ ජීවත්වෙන්න කැමති මිනිස්සු වෙනුවෙන් නෙමෙයි. තමන් කේන්ද්‍රයේ ඉන්න ශිෂ්ටාචාරයකට උරුමකම් කියන්න කැමති මිනිස්සු වෙනුවෙන්.

    මේක අතථ්‍ය ලොකයක් කියල ලියල තිබුනු කලු පූසටත් මම මේක අමුතුවෙන් තේරුම් කරන්න අවශ්‍ය නැහැ.

    ReplyDelete
  31. @ඇනෝ

    ඇනෝ අයියේ, අපි ඉන්නේ සත්තුවත්තක වගේ නේද?

    කොටි,
    කොටින්ට කඩේ යන නරි,
    නරින්ට කඩේ යන ඌරෝ,
    ඌරන්ට කඩේ යන පූසෝ,
    (ඔටුවෝ, කැන්ගරුවෝ හෙමත් ඉන්නවද මන්දා)

    ඔබේ අදහස් දැක්වීම ගැන ස්තුතියි.

    මං comment moderation දාලා තියෙන්නේ කවුද එකෙක් කුණුහරුපයක් ලියපු නිසා මිස අදහස් පාලනය ට නෙමේ.

    හැබැයි ඉතිං මේ බ්ලොග්එකට ඔයා ඔය කියන දේවල්අදාල නැති බව භින්නෝද්මාදය නැති ඕනැ කෙනෙකුට තේරෙනවා ඇති.

    අනිත් අය ගේ පැටිකිරිය හොයන, සත්තුන් ගේ නම් දාන, අයියාගේ නම මොකක්ද?

    අයියාට ගැලපෙන සතෙක් ගේ නමකුත් කියන්න please.

    මේ ලිව්වේ හිතේ කිසි තරහකින් නොවෙයි, හොඳේ!

    ReplyDelete
  32. (1) භින්නෝද්මාදය. ඒ මොකක්ද ඒ? (ඒක ලෙඩක් නම්,) ඒ ලෙඩේ ගැන දන්නව ඇත්තෙත් ඒ ලෙඩේ තියෙන අයම වෙන්න ඇති.

    (2) භින්නෝන්මාදය (schizophrenia, මම දන්න විදිහට නම් මේ වචනෙ හැදිලා තියෙන්න්නෙ භින්න + උන්මාදය කියන වචන වලින්) භින්න කියන්නෙ පැළුනු කියන එක (split). මනස ගොඩක්ම පැළුනු කෙනෙකුට කරන්න පුළුවන් වැඩක් තමයි එක පැත්තකින් තමන්ගෙ බ්ලොග් එකේ තමන්ගෙ නොවන ඡායාරූප යොදා ගැනීමයි අනෙක් පැත්තෙන් තමන් හොර බොරු නැති වංචා නැති ප්‍රතිපත්ති ගරුක කෙනෙක් හැටියට හඳුන්වා දීමයි දෙකම එක පාර කරන්න පුළුවන් වීම. මට හිතෙන හැටියට තමන්ගෙ නොවන ඡායාරූප යොදා ගන්නයි, තමන් හොර බොරු නැති වංචා නැති කෙනෙක් විදියට හඳුන්වාගන්නයි දෙකම කරන ගමන් තමන්ව ප්‍රතිපත්ති ගරුක කෙනෙක විදියට හඳුන්වා ගන්න මනස පුදුම විදියට පැළිලා තියෙන්න ඕනෙ ඇති.

    (3) කතන්දර බ්ලොග් එකට මම කියන දේවල් අදාළද නැද්ද කියන එක පේන්නෙ බ්ලොග් එකේ ලියන්නෙ මොනවද කියන එකයි මේවා ලියන කෙනා කව්ද එයා මොන විදියේ අදහස් ඇති කෙනෙක්ද කියන එකයි දෙකම සමස්තයක් විදියට සලකල බලපුවාම. ලියන කෙනා කව්ද කියල මම කලින්ම හොයා ගත්තෙ ඒකයි. (නැතුව මට කාගෙවත් ජාතකයක් හොයන්න ඕනෙ නිසා නෙමෙයි.) ලියන කෙනා මොන වගේ අදහස් තියෙන කෙනෙක්ද කියන්න දන්නෙ නැතුව ලියන දෙයින් විතරක් ලියන කෙනා එන්නෙ මොකාටද කියල කියන්න අමරුයි. ඔන්න කතන්දර බ්ලොග් එක ලියන්නෙ දේශපලනය ගැන උනන්දුවක් නැති අයෙක් නම් අන්න එතකොට මම මේ කියන දේවල් මේ බ්ලොග් එකට අදාල නැති වෙනව. හැබැයි බ්ලොග් එක ලියන්නෙ රසික සූරියඅරච්චි නිසා මම කියන ඒවා අදාලයි.

    ReplyDelete
  33. අයියො... මොමොක්කක්ද අද වෙලා තියෙන්නෙ..
    මම කලිනුත් දැක්ක ක.ශු. ගෙ ID 1ක ගැන වෙහෙසෙනව...
    මගෙ පුද්ගලික අදහස...එ කියන්නෙ ඇයි මම මෙ බ්ලොග් 1ක ට එන්නෙ කියන 1ඉක කියනව නම්...
    මම එන්නෙ මෙ කෙ ලියල තියන දෙවල් කියවන්න විතරයි... මට ක.ශු. කවුද කියන 1ක වැදගත් නැ...
    මට එ ගැන දැනගන්න ඔන නම් මෙල් 1ක් දානව......
    ක.ශු. කවුද කියල හොයා ගත්ත ලියල කියන්නෙ හරියට අර ආකිමිඩිස් ඝනත්වය පිලිබදව හොයාගත්ත වගෙ නෙ...
    ලොකු රහස් පර්කික්ශක වැඩක් හරි ගිහිල්ල වගෙ නෙ හැසිරෙන්නෙ...


    මගෙ මෙ කොමෙන්ට් 1කත් ඇත්තටම නික්ං මොඩ වැඩක්...
    ඔයාල මොනව කියුවත් මට මොකද...
    මම රසික සුරියාඅරච්චි කියන කෙනාව දන්නෙත් නැනෙ....
    එත් මම මෙකෙ කොමෙන් ක්යවනෙත් ආසාවෙන්... මෙ ID ප්‍රශ්නයක් නිසා මට කියවන්න තියන දෙ වැඩි වෙනව නෙ..

    එකයි මටත් පොඩි උදැල්ලක් දාන්න හිතුනෙ.....

    සුභ දවසක්...!!!

    ReplyDelete
  34. /** මම පස් වෙනි ඇනෝ නංගි,. **/

    මේ පෝස්ට් එක දැම්මේ කව්ද? බ්ලොග් එක කියවන පාඨකයෙක්ද? නැතිනම් බ්ලොග් එක ලියන රසික සූරියආරච්චිමද? ඒ ප්‍රශ්නෙට හරියටම උත්තර දෙන්න නම් දිව්‍යඥානය වගේ දෙයක් තියෙන්න ඕනෙ. එහෙම දෙයක් නැති නිසා සමාන්‍ය අවබෝධයේ තරමින් උත්තරයක් දෙන්නයි මම මේ හදන්නෙ.

    (1) කතන්දර බ්ලොග් එක, කමෙන්ට්ස් මොඩෙරේට් කරන බ්ලොග් එකක්.
    (2) කතන්දර බ්ලොග් එකේ මේ කතාවෙන්නෙ, ඒකෙ සාමාන්‍යයෙන් කතාවෙන දෙයක් නෙමෙයි. මේ බ්ලොග් එකේ එහෙම සීරියස් දේවල් කතාවෙන්නෙ නෑනෙ. ඒ නිසා ඔය කමෙන්ට් එකේ තියෙන වැඩිය සිරා ගහන්නෙ නැතුව ඉන්න කියන එක කියන්න පුළුවන් මේ බ්ලොග් එක මොන වගේද කියලා දන්න කෙනෙකුටම තමයි. මොකද පොලිටික්ස් කතා කරන බ්ලොග්සුත් ඕනෙ තරම් තියනවනෙ, මේ බ්ලොග් එකේ නැතිවුනාට.
    (3) ඒ නිසා ඔය කමෙන්ට් එක දැම්මෙ පාඨකයෙක් නම් එයා මේ බ්ලොග් එක ගැන දන්න කෙනෙක් වෙන්න ඕනෙ. (පලවෙනි වතාවට බ්ලොග් එකට ආව කෙනෙක් ඒ කමෙන්ට් එක දැම්ම වෙන්න අමාරුයි.)
    (4) ඒ නිසා එයා මේ බ්ලොග් එක කමෙන්ට්ස් මොඩරේට් කරන බ්ලොග් එකක් බව දැන ගන්න ඕනෙ.
    (5) මේ බ්ලොග් එක, කමෙන්ට්ස් මොඩරේට් කරන බ්ලොග් එකක් බව දන්න පාඨකයෙක් තමන්ව අඳුන්වා ගැනීමේදි තමන් කීවෙනි ඇනෝද කියන එකට ඉලක්කමක් දෙන්න හිතන්නෙ නෑ. මොකද තමන්ගෙ කමෙන්ට් එක පෝස්ට් කරන්න කලින් පොස්ට් කරල තියෙන ඒත් තවම පෙනීමට සලස්වලා නැති ඇනෝ කමෙන්ට්ස් තියෙන්න පුළුවන් නිසා තමන් කීවෙනි ඇනෝද කියලා තමන්ව අඳුන්වා ගන්න යොදන ඉලක්කම වරදින්න සෑහෙන ඉඩක් තියෙන නිසා.
    (6) ඒ නිසා මට නම් හිතෙන්නෙ මේ කමෙන්ට් එක පාඨකයෙක්ගෙ කමෙන්ට් එකක් වෙන්න තියෙන ඉඩ අඩු බවයි.
    (7) මම උඩ ලියලා තියෙන්නෙ තමන් කීවෙනි ඇනෝද කියලා අඳුන්වගන්න ඉලක්කමක් යෙදීම ගැනයි. ඒ ඉලක්කම කීයද? ඒක හරිද? වැරදිද? වැරදි නම් ඒක හරි එකට වඩා අඩුද? වැඩිද? කියන ඒවා නෙමෙයි. ඒ ප්‍රශ්නවලට උත්තර දෙනකොට පේනවා යොදල තියෙන ඉලක්කම වැරදී කියලා. මේ ඇනෝ හතරවෙනි ඇනෝ වුනාට එයා තමන්ව අඳුන්වා ගන්නෙ තමන් පස්වෙනි ඇනෝ කියලයි.
    (8) හදිස්සියෙවත් පාඨකයෙක් තමන් 4 වෙනි ඇනෝ වෙද්දි තමන්ව 3 වෙනි ඇනෝ විදියට අඳුන්ව ගත්තා නම් ඒක තවම මොඩරේට් වෙලා නොතිබුනු ඇනෝ කමෙන්ට් නිසා සිදු වෙලා කියලා හිතන්න පොඩි හරි ඉඩක් තිබුනා. නමුත් මෙතන වෙලා තියෙන්නෙ එකේ අනිත් පැත්ත. තමන් 4 වෙනි ඇනෝ වෙද්දි තමන්ව 5 වෙනි ඇනෝ විදියටයි අඳුන්වාගෙන තියෙන්නෙ.
    (9) ඒ නිසා මේක හිතලාම හරි අත්වැරදීමකින් හරි වුනු වරදක් බව පේනව. ඩිස්ඉන්ෆොමේෂන් කැම්පේන්ස් වලදි හිතලම අත්වැරදීම් (ඉන්ටෙන්ඩඩ් මිස්ටේක්ස්) එක් කරනවා පොඩි ස්වාභාවික ගතියක් එක් කරන්න. සමහරවිට එහෙම 4 වෙනුවට 5 යොදල තියෙන්නෙ හිතලාම වෙන්නත් පුළුවන්. නැත්නම් අත්වැරදීමක් වෙන්නත් පුළුවන්.
    (10) මේ දෙකෙන් මොක වුනත්, මේ පෝස්ට් එක පාඨකයෙක්ගෙ පෝස්ට් එකක් වෙනවට වඩා රසික සූරියඅරච්චිගෙම පෝස්ට් එකක් වෙන්න වැඩි ඉඩක් තියෙනවා කියලයි මට නම් හිතෙන්නෙ.

    ReplyDelete
  35. මම මේ දහ අතේ කල්පනා කරනවා, කතන්දර කොහෙදිද කවදද, කොටින්ට හරි මොනයම්ම සතෙකුට හරි කඩේ ගියේ කියල. රයිට්....ඇනෝ කියල තිබුනෙ "කතන්දර", w3ලංකා ලියන සිංහල කොටියට කඩේ ගිය කතාවක්, දැනුය් මතක් වුනේ ඒක. ඇනෝ w3 ලංකා කාරයට විරුද්ධ නම් w3 ලංකා සපොටර්ලටත් විරුද්ධ ඇතිනේ.
    දැන් මට තේරුම් ගන්න පුළුවන්,
    මේ නමක් නැති ඇනෝ ලංකාවේ ජීවත් වෙන අම්මය් තාත්තය් බස් දෙකේ යන අහිංසක මිනිසුන් ගැහැනුන් වෙනුවෙන්, විශේෂයෙන්ම ඒගොල්ලෝ අන්තර්ජාලයට පිවිසෙන්නේ නැති නිසාම,
    එම අහිංසක අම්මල තාත්තල යන එන බස්, බෝම්බ පුපුරවල විනාශ කරන්ඩ වලි කන w3ලංකා කාරයට සහ අන්තර්ජාලයේ
    නම් දෙකකින් හෝ ඊටත් වැඩි ගණනකින් හැංගිලා ඉඳිමින් w3ලංකාට සපෝට් කරන තමන්ගේ අම්මල තාත්තල, සහෝදර සහෝදරියෝ, නෑද පරපුර, කිසිම හිත මිත්‍රයෙක් තියා, ලංකාවේ තමංගේ කියන්ඩ කිසිම සම්භන්ද කමක් නැති, සිංහල අමතක වෙය් කියන භයට සහ හුදු විනෝදෙට, සිංහල බ්ලොග් ලියන කියවන ඕනෙම සත්ව නාමයකින් හඳුන්වා දුන්නට හිත්වදින්නේ නැති මහා බල සම්පන්න සතුරාට විරුද්ධව, අඩු ගනනේ ආරුඩ නාමයකින් වත් තම සතුරාට තමා හඳුනාගැනීමට ඉඩ නොදීමට තරන් සුක්ෂම සටන් උපාය මාර්ග භාවිතා කරමින්, ගෙනයන මේ අන්තර්ජාල මහා සටන් ව්‍යාපාරයට නායකත්වයදීම පිළිබඳව. ඇනෝ විරුද්ධ නැතිනම් විතරක්, අනෙත් ඇනෝලගෙන් ඔය වීරෝධාර ඇනෝ වෙන් කර අඳුනාගනීමට පමණක් ඔය ඇනෝට මීට පස්සේ " ඇනොෆිලස් " කියල ආමන්ත්‍රණය කලාට කමක් නැද්ද
    කොටින්ට කඩේ යන නරි සහ ඒ නරින්ට කඩේ යන ඌරො වෙනුවෙන්.

    ReplyDelete
  36. සමහරුන්ට කොටි ත්‍රස්තවාදය බොහොම පොඩි ප්‍රශ්නයක්. ඒ අයට කොටින්ට කඩේ යන එක සෙල්ලමක් විතරයි. විරුද්දවීමට තරම් කාරනයක් නෙමෙයි. නමුත් වාසනාවට මෙහෙම හිතන අය ඉන්නෙ ටික දෙනයි. හැබැයි ඒ ටික දෙනාටත් ලංකාවෙදි හරි ලංකාවෙන් පිටදි හරි කරදරයක් නැතිව අද ඉන්න ඉඩ ලැබිලා තියෙන්නෙ කොටි නැති කරන එක ලොකු වැඩක් කියලා වැඩි දෙනෙක් හිතපු නිසයි.

    ReplyDelete
  37. @All
    මෙතැන් (12 පෙබරවාරි 2011 අපරභාගයේ) සිට, ප්‍රති උත්තර දීමේ දී හඳුණාගැනීමේ පහසුව උදෙසා, නිර්නාමිකව ප්‍රතිචාර කිරීමේ ඉඩ අසුරා ඇත.

    සිංහල බ්ලොග්කරුවන් ගේ සංගමයේ ප්‍රතිපත්තිවලට අනුකූල නොවෙන වදන් සහිත ප්‍රතිචාර සහ වෙළඳ දැන්වීම් සහිත ප්‍රතිචාර පළ නොකෙරෙනු ඇත.

    No Anonymous comments are allowed w.e.f. afternoon 12 Feb 2011. This is purely for identification purposes only.

    Comments with advertisements and inappropriate content (ref Sinhala Blogger Union guidelines) will not be published.

    ReplyDelete
  38. ​අයියෝ අයියගේ කතාවට පහලින් තව කතා වැලක්ම තියෙනවනේ...

    ReplyDelete
  39. අන්තිම වැරදිය් ක.ශු. අඩු ගානෙ "අනොෆිලස්" ට "අනොෆිලස්" නම රෙජිස්ටර් කොරගෙන නරින්ට, සුකරයන්ට උත්තර දෙන්න චාන්ස් එකක් දීල ඉන්න තිබුනනෙ.

    දැන් "අනොෆිලස්" කඩේ යන්නේ කොය් දේශපාලුවටද එහෙම නැත්තන් කොය් මුදලාලිටද කියල හරියට ප්‍රචාරය කරගන්න බැරිවුනොත්, පොරගේ ගතමන්ට් එකත් නොලැබී යන්ඩ ඉඩ තියෙනවා, කොන්ත්‍රාත් එක හරියට ඉවර කලේ නැහැ කියල.

    හැබය් ක. ශු. මේ ගැන වචනයක් වත් ආයේ මන් ලියන්නේ නැහැ කියල පොරොන්දු වෙනවා, එක හේතුවක්, ඇත්තටම "අනොෆිලස්" මොකක් හරි නමක් දාගෙන ආවේ නැත්නම් පොරට මීට පස්සේ කොමෙන්ට් දාන්න බැරි නිසා.

    අපරාදෙ, කතන්දර ලිවීම කියවීම නවත්තන්ඩ වෙය්ද දන්නෙ නැහැ සිංහල බ්ලොග් කාරයන්ට, මොකද "අනොෆිලස්" කඩේ යන්නේ නිකං ලේසි පහසු විශ්වකර්මයෙකුට නොවෙන්න පුළුවන් නිසා. ගෑනු පිරිමි කරන්ඩ විතරය් බැරි කියල කියපු දෙෂ්පාලල හිටපු අපේ රටේ දැන් එහෙම කරන්න පුළුවන් එවුනුත් පහල වෙලා ඉන්න බැරි නැහැ. එහෙම වුනොත් ක.ශු. කතන්දර ලියන ඔබත්, කියවන මෝඩ කොමෙන්ට් දාන මං වගේ එවුන්වත් "කප්පදු" එහෙම නැත්නං "කරඅඹල" එහෙම දැම්මොත්.....!!!
    ඊට වඩා හොඳය් "කවන්ධ" වෙන එක.

    ReplyDelete
  40. කතන්දර,

    මම ඔයා කවුද කියන එක හොඳටම දන්නවා. මගේ කමෙන්ට් එක දැම්මේ නම නොදන්න නංගි කෙනෙකුට උපහාර පිනිස කතන්දර මේ පාර කතාව දාලා තිබුන නිසා. අපි නම් එන්නේ ඔයාගේ කතන්දර බලන්නයි, ඒවා රස විඳින්නයි විතරයි හොඳේ.

    ReplyDelete
  41. එදා ගමන මටත් හිතයි පැන්නෙක් වෙන්න [තල්මස්සු අස්සේ රිංගලා].

    මේ ලියන්නේ ඔය කතන්දරට දිගටම ලියන ඇනෝ ට.

    1. කට්ටිය මේ අවකාශයේ ඉන්න කොට විවිධ නම් වලින් ඉන්නවා. ඒවා හැමවිටම සත්‍ය නම් නොවේ. ඔබේ අදහස කියන්න ඕනේ නම් සංවාදයක් නම් ඔබ කරන්නේ එක නමක් [ඇත්ත හරි බොරු හරි] අරගන්න. නමක් නැති අයට අයිති පොදු නිර්නාමික හෑන්ඩ්ලරයකින් ඔබ ආවාම සංවාදයක් කිරීම අපහසුයි මොකද අනික අයත් එකම යොදා ගන්න නිසා.

    2. ඔය කොටි රළට කඩේ යන මාක්ස්වාදියන් ගැන මටත් හොඳ අවබෝධයක් තියෙනවා. සැහෙන්න උත්තර දීලත් ඇති. රසිකත් එහෙමද කියන්න මා දන්නේ නැහැ. හැබැයි මේ දක්වා කතන්දර එහෙමයි කිවහැකි දෙයක් මා දැක නැහැ.

    මේ අවකාශය තුල පුද්ගලයාට වඩා මතවාද හා හෑන්ඩ්ලරයන් එක්ක ගනුදෙනු කරන්න වන්නේ පුද්ගලයා මෙහි සැඟවී ගිය සන්දර්භයක් නිසා. ඔහුට අවශ්‍ය නම් රසික එවි තනිකර වෙන නමකින්. ඔබටවත් මටවත් ඔහුව හොයා ගන්න බැහැ. ඒ නිසා රසික කොටියට කඩේ යන තැන්වල අපි රසිකට ඒ විදිහට කතා කරමු. කතන්දර ඇවිත් කතන්දර ලියන මෙතන [ඔහු එය නොකරන තාක් කල්] අපි ඔහුත් සමග මේ විදිහට සංවාදයක් කරමු.

    3. රසික කොටියට කඩේ ගිය තැනක් ලබා දෙන්න. මේ මාතෘකාව මාත් සැහෙන කාලයක් වැය කරන එකක්. ඒ කාලයට හරයක් ඇති යයි සිතනවා. ඔබ කියූ සේම ඊයම් බරුවල බර අපිට තවම අමතක නැහැ.

    4. රසික හමුදාව ගැන කතන්දර ලියා තියෙනවා. ඒවා විහිළු කතා බව ඇත්ත. හමුදාව කියන්නේ විහිළුවක් නොකර යුතු පිරිසක් නොවේ. අපේ ගරුත්වය සමග විහිළුවක් කරන සුහදත්වයක් තියෙනවා. ඒ විහිළු වල කොටියට අහවල් එකක් වත් ලැබුන බවක් මා දුටුවේ නැහැ.

    5. කතන්දර මගේ යාලුවෙක් කියා කිවහැකියි. අතත්‍ය මිත්‍රත්වය සංකීර්ණ කතාවක්. ඒත් මේ හෑන්ඩ්ලරය මගේ හෑන්ඩ්ලරය [මගේ සත්‍ය නමමයි] සමග මිතුරෙක්. හැබැයි එය මට හේතුවක් නොවේ ඔහුගේ මතවාද වලට එරෙහි වන්න. ඔහු ඊට මා හා වෛර බඳින තරම් අත දරුවෙකු කියා මා හිතන්නේ නැහැ.

    6. මාක්ස්වාදය දෙසා බාමින් "සර්ව සාධාරණ විදිහට" දෙමල ජනතාවට හෝ කොටින්ට විශේෂ තැනක් දෙන්න කියන තර්කය බ්ලොග් අවකාශයේ සුලභයි. පුද්ගලයන් ලෙස මෙය මෙහි බහුතරයක් නොවේ. ඒත් විප්ලවකාරයින් හැටියට උන්ට ලොකු ඕනෑකමක් තියෙනවා මේ සද්දේ දාන්න. ලියු ප්‍රමාණය මත ඔවුන් බහුතරයක්. ඒ නිසා මේ අවකාශය තුල ඔවුන්ගේ දුර්වලතාවයන් හා කතාවේ ඇති අසාධාරණ කම පෙන්නා දීම වරදක් ලෙස මා දකින්නේ නැහැ.

    ඔබට එය අවශ්‍ය නම් ඇති තරම් කට්ටිය ඉන්නවා ඔබේ පැහැදිලිකිරිම ලබා දිය යුතු. ඉතින් ඒ තැන්වල ඔබේ හඬ නගන්න. ඒ අයට කරුණු පැහැදිලි කර දෙන්න. පහුගිය කාලේ ඕක කලේ බොහෝ දුරට මා තනිවම.

    7. මා වැනි කෙනෙක් මාක්ස්වාදියෙක් වැනි අන්ධ භාක්තිකයෙකුට කරුණු වටහා දී වෙනස් කල හැකි යයි සිතන්නේ නැහැ. මේ අය නොවේ මගේ ඉලක්කය. මේ අය දවල් රෑ නැතුව බ්ලොග් පුරවන්නේ ඇයි. මාක්ස්වාදයත් පැත්තක තබා උතුරේ තුවාල ගැන විතරක් ලියන්නේ ඇයි. මේ මතවාදය අනික් මිනිසුන්ගේ හිත්වලට රින්ගවන්න. ඊළඟ ඉලාම් විවාදයේදී මිනිසුන් ඊට යොමුවන මොළ සේදුමක් කරා ගෙනයන්න. මෙන්න මේ නිසයි ඔබ කියූ ලෙස බොරුව හා පක්ෂග්රාහිත්වය පෙන්නුම් කල යුතු. ඒක දිගටම කරන්න.

    ඒත් මෙතන නොවේ. කතන්දර බ්ලොග් එක නොවෙයි එයට සුදුසු තැන. බය නැතුව ඒ තැන්වල ලියන්න. හරියට ලිව්වම කන් කෙඳිරි ගානවා ඇරෙන්න ඔය කට්ටිය කරන මහා ලොකු දෙයකුත් නැහැ.

    වෙනත් තැනකදී නැවත හමුවෙමු.

    ReplyDelete
  42. අහ්.. මම පස්සෙ දැක්කෙ ඔබ තුමා ගෙ පිංතූරෙත් දාල තියෙන්නෙ...
    වැඩිපුර කතාවට නෙ සිත යොමු වෙන්නෙ..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.