Monday, 7 March 2011

කැම්පස් එකේ කොම්පියුටර් සැන්ටරේ


ඔන්න එකමත් එක කාලෙක, එකමත් එක රටක, කැම්පස් එකක් තිබුනේය. ඒ කැම්පස් එකේ කොම්පියුර් සැන්ටරයක් තිබුනේය. ඒ කොම්පියුර් සැන්ටර් එකේ කොම්පියුටර් තිබුනේය.

සාමාන්‍යයෙන් විද්‍යා පීඨවල අනාදිමත් කාලෙක ඉඳලා ඔය කොම්පියුටින් කියන විෂයය උගන්නනවා. ඒ මැත සබ්ජෙක්ට්ස් එකක කෑල්ලක් හැටියටයි.

මේ කියන්නේ අලි තඩි "මිනි" කොම්පියුටර්, ෆෝට්‍රාන්, පන්ච් කාඩ් කාලේ. මේ කාලේ කම්පියුටර් කියන්නේ වැඩ වැඩි කරන දෙයක් මිස, වැඩ ලේසි කරන දෙයක් නෙමේ. ඒ දවස්වල කැම්පස්වල කොම්පියුටර් සෙන්ටර් තිබුනේ මැත්ස් ඩිපාර්ට්මන්ට් එකේ බූදලයක් විදියටයි. අයුතු පාවිච්චියක් ගැන නෙමේ මේ කියන්නේ - මැත්ස්කාරයින් ගේ බූලියන් ලොජික් අනුව තමයි ඒ සැන්ටර් රන් කලේ.

අපේ කාලේ වෙනකොට ඔන්න ටික ටික පී.සී. එන්න පටන් ගත්තා. මට මතකයි, මං අර නුවර තිප්පොලේ කල් මරණ කාලේ, ලෙක්චර්ස් කට් කරලා ගිහින් "බේසික් ප්‍රෝග්‍රෑමින්" පොත් අරගෙන, තනියම ඉගෙන ගෙන, පොඩි පොඩි ප්‍රෝග්‍රෑම් ලියනවා.

ලෙක්චර්ස් කට් කරන්න වුනේ, නැත්තං පීසී එකක් අල්ලා ගන්න බැරි හින්දයි. ඩිමාන්ඩ් එක අඩු වුනාට සැපයුමත් අඩුයි.

පස්සෙ කාලෙක මං ජොබකට සෙට් වුනා, වෙනිං තිප්පොලක. මෙතන තිබුණු කොම්පිටුටර් සැන්ටරේ ගැනයි අද කතන්දරේ.

මේ සැන්ටරේ, මුළු කැම්පස් එකටම පොදු එකක්. ඒකේ අධිපති බව දැරුවේ මැත්ස් ඩිපාර්ට්මන්ට් එකේ පරණ මහැදුරු පොරක්.

මේකට සැන්ටර් එකක් කියන්නද, දේවාලයක් කියන්නද මන්දා. ඇතුලට යන්න සපත්තු ගලවන්න ඕනෑ. ඇතුලේ නිල්පාට තිර රෙදි දාලා, ලයිට් දාලා, ඒසී දාලායි තියෙන්නේ.

උදේ අටට විතර කට්ටිය වැඩට ඇවිල්ලා, සෙට් වෙලා හෙම තමයි සැන්ටරේ පාවිච්චි කරන අයට දොරවල් අරින්නේ. හරියට හතරයි කාල වෙන කොට ඉබ්බෝ දාලා වහනවා. සති අන්තයත් දේවාලේ ක්ලෝස්, දෙයියෝ නිවාඩු නේ.

ඔහොම යනකොට ඉතිං මං අඳුණන පොරක් මේකේ ලොක්කා වුණා. පොර හොඳ අදහස් තියෙන පොරක්. මිනිහට ඕනෑ වුණා සැන්ටර් එක රන් කරන විදිය වෙනස් කරන්න.

සතියේ දවස්වල උදේ හතේ ඉඳලා හවස හය වෙනකන් සැන්ටරේ ඇරලා තියන්න. සති අන්තයේත් පැය අට ගානේවත් සැන්ටරේ අරින්න. ඒ එක්කම වාර අවසානයේ ළමයින් ට ප්‍රොජෙක්ට්ස් වල වැඩ හිරවෙන කාලේ වෙනකොට සැන්ටර් එක තවත් රෑ වෙනකං ඇරලා තියන්න වගේ ප්ලෑන්ස් ගොඩයි.

මේ සේරටම සල්ලි ඕනෑ නේ. විශේෂයෙන් ම ඕවර් ටයිම් වලට ගෙවන්න. පවර් යූස් එකත් වැඩි වෙනවා. ඒකටත් බජට් කරන්න ඕනෑ.

ඉතිං අළුත් බොස් මේක දැම්මා ෆැකල්ටි බෝඩ් එකේ ඩිස්කෂන් එකට.

"දැන් අපි අපේ සැන්ටර් එකෙන් නිසි ප්‍රයෝජනය ගන්නේ නෑ. දවසේ වැඩි හරියක් මේ කොම්පියුටර් ඕෆ් කරලයි තියෙන්නේ."

"සැන්ටරේ ඕපන් කරලා තියෙන වෙලාව වැඩි කිරීම තුලින් අපිට සැන්ටර් එකෙන් මීට වඩා ප්‍රයෝජනයක් ගන්න පුළුවන්."

වැඩි හොඳට පොර මෙහෙමත් කිව්වා.

"දැන් අපි කරන්නේ හොඳ කාර් එකක් අරගෙන ඒක ගෙදර ගරාජ් කාමරයේ දාලා වහලා තියෙනවා වාගේ වැඩක්."

මේ කතාව අහපු අර පරණ මහැදුරු තැන ට ටිකක් අප්සෙට්.

"ඉතිං, අපි අපේ කාර් හොඳට යූස් කරන්නේ ඒ වගේ පරිස්සම් කරලා තමයි. ඒකෙ ඇති වැරැද්ද මොකක්ද?"

පස්සෙ බැලින්නම්, පොර අළුත්ම කිරි කිරි කාර් එකක් තියෙනවා. අපි කවුරුවත් වැඩිය දැකලා නෑ. හේතුව, ඒක හඳුන්කූරු සුවඳ මැද ගෙදර ගරාජ් එකේ!

-කතන්දරකාරයා

ප/ලි:
මං කාර් කට්ටක් ගත්තු කතන්දරේ ඊලඟට දාන්නං.

ප/ප/ලි:
මේක මගේ වෙන්ට කතන්දර සීයෙන් එකකි. ඉතුරු අනූ නමයේ ලයිස්තුව මෙන්න මෙතනින් බලන්න.

(photo: http://www.postersguide.com/posters/computer-covered-in-cobwebs-3549628.html)

24 comments:

  1. ඇති කතන්දර 100 පටන් ගත්තා.
    ගොඩක් කොම්පියුටර් සැන්ටර් ඔය වගේ වහල තියෙන්නේ.
    හැබැයි ඕවා ඇරල තිබුනට වැඩි දෙනෙක් දැන් නම් කරන්නේ ෆේස් බුක් යන එකයි, කොල්ලෝ කෙල්ලෝ එක්ක චැට් කරන එකයි. අධ්‍යාපන වැඩ වලට පාවිච්චි කරන්නේ හරිම ටික දෙනයි. ඒ සඳහා ඔය සෙන්ටර් එකෙන් බාගයක් තිබුනත් ඇතිවෙයි කියලයි මට නම් හිතෙන්නේ....

    ReplyDelete
  2. ඔව් ඔව් මීට අඩුරුදු දහයකට විතර කලින් ඔය කොම්පීතර් කාමර දේවාල වගේ තමා, අපේ ඉස්කෝලෙ එකත් ඔහොම්මමයි. ජනේල සීල් කරල, බීරළු වලට ෆොයිල් කොල ගහල, කොටින්ම දොරයි පොළොවයි අතරෙ තියන හීනි ඉඩට ස්පොන්ච් පටියකුත් අලවල තිබුනෙ. හම්මෝ එහෙමත් අර පරිස්සමක් !

    ReplyDelete
  3. අපේ කාලෙනම් ඔය තිප්පොලෙ ඔයවගේ සැන්ටර් කීපයකම තිඋන. පැයවිසිහතරම ඇරපු ෆාස්ට් කොම්පියුටර් දාල තිඋන කොම්පුටර් ඩිපාර්ට්මෙන්ට් එකේ උන්ට.අනිත් උන්ට ටිකක් ස්ලොව් එව්ව දාල පැය දොලොහක්ද කොහෙද ඇරල තිඋන. ඊට පස්සෙ ලොකුම ලොකු කොම්පියුටර් සැන්ටර් එකක් ආව මුලු කැම්පස් එකටම. අපේ තිප්පොලෙ එවුනුත් ඕකට ගියා එක එක හේතු නිසා.

    හැබැයි දැන් ලේටස්ට්ම විදිය තමයි කොමොන් කොම්පුටර් සැන්ටර් නැතුව ලමයින්ට ලැප්ටොප් ගන්න සහන දෙන එක. කතන්දරගෙ පශ්තාත්කුපඩි ආයතනයෙ දැන් කරන්නෙ එහෙම තමයි

    ReplyDelete
  4. මේ වගේ උදවිය සෑහෙන්ඩ ඉන්නවා මේ වගේ කට්ටියට තමා කියන්නේ ජීවිතය විඳවන කට්ටිය කියලා

    ReplyDelete
  5. දේවාල කතාවනම් සහතික ඇත්ත...
    අපෙ අයියලගෙ කාලෙ පරිස්සම තවත් වැඩියි...
    මම ගෙදර computer 1ක ගත්තම අයියගෙ යලුවෙක් අහනව මල්ලි කාමරෙ ac කලාද කියල...
    මොනව උනත් 1කම හොදේ ගිය හැම කොම්පැනියකම කොම්පියුටර් රුම් 1ක ac
    ඉස්සර දැන් වගෙ හැමතැනම computer තියන්නෙ නැනෙ....
    එකට වෙනම තැනක් සහ පිරිසක් ඉන්නව...

    තාමත් හැම තැනම ගොඩක් වියදම් කරල කරන්නෙ ඉන්ටනෙට් බාවිතයයි, ලියුම් ගහන 1කයි (ඉමෙල් සහ වඩ්), තව පොඩි පොඩි වැඩ තමයි...

    ReplyDelete
  6. මම හිතාගෙන හිටියේ මේක මේ කම්පියුටර් සෙන්ටර් එකක් ගැන කතාවක් කියල. බැලින්නම් මේක අර ලොක්කගේ කාර් එක ගැන කතාවක්නෙ....!

    ReplyDelete
  7. හැත්තාගනන් වල අග හරියේ හරි, අසු ගණන් වල මුල හරි ලංගම හෙඩ් ඔෆිස් එකට කොම්පියුටර් ආවාම, එක සම්පුර්ණ කාමරක්ම කොම්පියුටරේ.

    ReplyDelete
  8. මේ තුංමුල්ල සෙන්ට්‍රල් එක ගැන නෙවෙයි වෙන්න ඕනා කියන්නෙ...

    ReplyDelete
  9. කතාව නම් ඇත්ත තමයි කතන්දර උන්නැහෙ,
    ඕව ගොඩක් සල්ලි වියදම් කරල ගත්තු එව හින්ද පරිස්සම් කරගන්න ඕන තමයි, පරිස්සමට වඩා ගන්න පොරොජනෙ නම් අඩුයි නම් තමා...
    සමාවෙන්ට ඕන,
    අද කතන්දරෙ නිදාන කතාව දිග වැඩියි වගේ....

    ReplyDelete
  10. හිහ්..හිහ්.. එතුමා තමන්ගේ කාරෙක පරිස්සම් කරනවා වගේම කොම්පියුටරෙත් පරිස්සම් කරලා. බලන්න ඉතින් තමන්ගේ බඩු වගේම අනිත් අයගේ බඩුත් පරිස්සම් කරන එක කොච්චර හොඳ දෙයක්ද.... :D

    ReplyDelete
  11. කොම්පීතරේ දුවපු දිවිල්ල හිතනකොටත් මොකක්ද වගෙ මේ අවුරුදු දහය පහලොවට....

    ReplyDelete
  12. දැං කාලෙත් ගොඩක් ඉස්කෝල වල කොම්පීටර්ලා බොහොම පරිස්සමට ඉන්නවා. අවුලකට තියෙන්නේ පෞද්ගලික නිවාස වල කොම්පීටර් කෙනෙක් නැති පැති වල ඉන්න ඉස්කෝල කොම්පීටර්ලාම තමා එහෙම ෆුල් ජොලියෙ ඉන්නේ. ගෙවල් වලත් කොම්පීටර්ලා පවුල් පිටිං ඉන්න පළාත් වල ඉස්කෝල කොම්පීටර්ලාත් මැරීගෙන වැඩ.

    ඔය කියන පැති වල කොම්පීටර් ගුරාලාගේ රාජකාරිය සාර්ථක(යි කියලා හිතන්නේ) කොම්පීටර් ටික පැකිං පිටිංම තිබුනොත් තමා. කොල්ලො කුරුට්ටොන්ට මොන කොම්පීටර්ද? ඒ උනාට අර චිංතනෙං මේ චිංතනෙංන කොම්පූටර් තොග පිටිං ගමට ගෙනියනවා!

    ඒ අවු අස්සෙ, ළඟදි දවසක පොලෝසියේ එක පළාතක ප්‍රාදේශීය උත්තමයෙක් කිවුවලු නෙව ඉස්කෝලෙ ප්‍රින්සිපල්ගෙ ලියුමක් නැත්තං නෙට් කැෆේ වලට යාම ඒ පළාතෙ 18- අයට තහනං කියලා (එතකොට තමා හිතෙන්න නොකියාම මෙහෙට ෆෙඩරල් ඇවිල්ලද කියලා!).

    ReplyDelete
  13. හෙහ් හෙහ් හෙහ් කට වරද්දා ගැනීමේ උපරිම...
    මටත් ඕකේ අනික් පැත්ත වෙන කාඩ් එකක් වැදිලා තිබුණනේ මහත්තයෝ, රුපියල් පන්සීයෙන් මාසයක් දුවන පුදුම කාර් එකේ හිමි කරු කියලා...
    හේතුව... කොහොමෙයි පෙට්‍රල් ගහන්නේ...? දරුවෙක් මල්ලෙක්ගේ අම්මා තාත්තගේ, ලෙඩකට දුකකට දුවන්න වුනොත් කියා පන්සීයක ගහලා ගාල් කරලා තියෙනවා...

    ReplyDelete
  14. මම ඉස්ඉස්සෙල්ලම කම්පීතරයක් දැක්කේ ස්කෝලේ 9 නැත්තම් 10 පන්තියේ. දැක්ක විතරයි. ඒක අල්ලන්න එදා පන්තියෙන්ම අවසර තිබ්බෙ ගුරුභවතියකගේ ළමයෙක්ට විතරයි. අපි ඉතින් දැකල. සාධු කියල ආවා.අමතක වෙලා ගියා...

    ඔය විශ්ව විද්‍යාලවල තත්ත්වය.. රජයේ කාර්යාල වල ආරම්භක තත්ත්වය ගොඩක්ම දරුණුයි.අන්තවාදීයි. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මගේ ප්‍රථම පරිගණකය මගේ ගෙදරට සැපත් වුනේ... ( එදා අම්ම අකම්පාල වුනා. දැවැද්දට එකතු කරපු සල්ලි වලින් මැෂිමක් අටෝ ගත්ත කියල ) පස්සෙ පස්සේ හීනියට මම ඔෆිස් එකේ ඉදිරියට යන්න මේ දැනුම පලප්‍ර යෝජන් න් වුනා.( ඔෆිස් වල වැඩ කරන්න කම්පීතර් ගැන මහ ලොකු දැනුමක් ඕනි නැහැනේ.වයර් එකක් හෙම හයි කර ගන්න පුලුවන් නම් ඒකත් සෑහෙන වටිනව. අදට වුනත් එහෙමයි මෙහෙ)

    අද මට ලැප්ටොප් එකකුත් තියේ. ( දුක්මහන්සි වෙලා හම්බකරපු සල්ලි තමයි) ඒක ගෙදරට කැන්දන් ආව දවසෙත් අම්ම සෑහෙන දෝසමුරයක් දුන්නා.... ඒත් ඉතින් මටයි කියල දෙයක් තියෙන කොට කාගෙත් අගේ මොටද... හිතට සැනසීමයි නෙව.

    ReplyDelete
  15. මමත් ඔය දේවාල දෙක තුනකම බඩ ගාලා තියෙනවා...

    මට මතකයි අපි ගාව තිබුණා ඔය අලි ඔළුවෙන් ඉන්න සෙන්ටර් අධිපතිලගේ හුලං බස්සන පොඩි පොඩි එප්‍රිල් ෆූල් ප්‍රෑන්ක්ස් තියෙන exe කලෙක්ෂන් එකක්... දෙක තුනක් දැම්මම ඉතින් මෑන් අන්දකයිප්පු වෙලා ලෙඩේ හොයනවා...

    මෙන්න සාම්පල් එකක්

    ReplyDelete
  16. මමත් හිතන් උන්නේ කොම්පියුටරේ කතාවක් කියලා බලද්දි මේ කාර් එකක් උනා නේ...ඕය වගේ මිනිස්සුන්ට කියන්නේ අර කොච්චර කලත් පින නැ විදින්න...

    ReplyDelete
  17. කතන්දර තුන්සිය හතලිහක් ලිවීම, හිට්ස් තුන් ලක්‍ෂයක් ලැබීම, ෆලෝවර්ස් ලා තුන්සිය පනහකට වඩා වැඩි වීම වගේ කාරණා මතක් කර සතුටු වීමට හැකි දවසක් අද!

    ඒත් මේ දිනවල බ්ලොග් අවකාශයේ සිදුවන හැකින් සහ ෆයිටින් දැකීමෙන් ඇතිවුණු කලකිරීම නිසා, ඒ ජොලිය නැතුව ගියා.

    මේ ගමනේ මා සමග පැමිණි ඔබ සැමට මගේ ආදර ස්තුතිය පිරි නමමි.

    ReplyDelete
  18. ඒ කලකිරීම ඔබට මෙන්ම අපටද දැනේ මිතුර
    සැම දෙනාම ලියන්නේ තමන් කැමති දේ. තවත් කෙනෙකු ලියන ආකාරයට අපි කැමති නැති වෙන්න පුළුවන්.
    ඒත් ඒ ලිවීමට නිසි ගෞරවයක් දක්වන්න අපට නොහැකි නම් අපේ ලිවීමෙන් පලක් නෑ නේද?
    විවේචන් චෝදනා වෙනම දෙයකි.
    එහෙත් හැකින් අපහාස කිරීම් යනු තවත් දෙයකි.
    ‍මේ දෙකේ වෙනස නොදත් අය මේ කලාවට පිවිසීම මේ ප්‍රශ්න වලට හේතුව වන්න පුළුවන්
    හිට්ස් ලක්‍ෂ තුනක් ලැබීමට සුභ පැතුම්

    ReplyDelete
  19. kawru hari dannwad Taboo sirta mak welad kiyala

    ReplyDelete
  20. හප්පා ඒ කාලෙ නම් කම්පියුටර් කාමර දේවාල වගෙ තමා. මමත් මුලින්ම කම්පියුටරයක් පාවිච්චි කරේ මගේ කසින් අය්ය කෙනෙක් ගෙ. මම එතකොට 8 වසරෙ. ඒ කාලෙ හාර්ඩ් ඩිස්ක් තිබුනෙ නෑ. අය්ය ඒකට වැඳලා තමා ඔන් කරන්නෙ. හෙ හෙ

    ReplyDelete
  21. මේ ගොල්ල කොම්පියුටර් ගැන කතා කරනවා. මගේ කාලේ ස්ටැටික්ස්ටික් ලැබ් එකේ දෙන්නට එකක් ගානේ කැල්කියුලේටර් දාල තිබුණා.
    අපේ යාළු පොරකට එංගලන්ත අයිය කෙනෙක් එකක් එවලා උගේ ගෑස් බලන්න එපැයි ඉතින්. තව එකෙක් ඒක යාප්පුවෙන් ඉල්ලගෙන වැඩක් කරගෙන ආපහු දීලා තියෙන්නෙ හදපු ගනන්වල ඉලක්කං ඩිස්ප්ලේ එකේ තියෙද්දිම පවර් ඕෆ් කරලා. මල ජූලියයි ඌ එදා පණ පිටින් ගෙදර ගියෙ අනූ නවයෙන්.
    අවුරුද්දකට විතර පස්සේ තව එකෙක්ට දෙන්නෙකුට විප්‍රවාසී අයියලා අක්කලා බඩු එවලා. එහෙව් එකක කේස් එ‍කේ බටන් එක වෙනුවට වෙල්ක්‍රෝ. කයි පප්පෙක් ඒක අරන් අරින්න හැදුවා... බරාස් ගාල වෙල්ක්‍රෝ එක ගැලවුනු ගමන් සුළුදිය නොගිහින් යන්තං අල්ලන් "අනේ මචං සොරි මචං... අනේ මචං..."

    ඕන් අපේ කාලෙ කතා.

    ප්‍රියන්ත ඒබී කියල තිබුණ ෆේස් බුක් යනවා චැට් කරනවා වගේ බාල වැඩ කරනවැයි... මතක් උනේ ඉතින් කාර් තියෙන උන් කරන්නෙත් ඔය දේම නේද කියලා...

    ReplyDelete
  22. ගොඩක් තැන් වල තාමත් එහෙම්ම තමයි අයියේ...

    ReplyDelete
  23. හන මිටි අය්යලා තාමත් ඉන්නවා සමහර තෑන් වල. ගොඩක්ම රජයේ තෑන් වල තමයි.... ලොල්z

    ReplyDelete
  24. ගමේ ඉස්කෝලෙකට ගියාම කිරි ටොය්ය වගේ තියන කොම්පීතර පොඩ්ඩක් බලාගන්න පුලුවන්.. ඉතින් කොහොමෙයි රටේ පරිගණක සාක්ෂරතාව දියුණු කොරන්නෙ.. මේ සිස්ටම් එක මුල ඉදලම වෙනස් කරන්න ඔන..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.