ඔන්න මුලින් ම කිව්වා, මේ කියන්න යන කතන්දරේ වැඩි තේරුමක් නෑ. කොලිටිය බලන අය දැන්ම ම වෙන ලින්ක් එකක් ක්ලික් කරන්න.
ඉස්සර තිබුණා රිවිරැස කියලා පත්තරයක්. මේක ගැහැව්වේ දවස පුවත්පත් සමාගමෙන්. මං හිතන්නේ ගුණසේන සාප්පුවත් ඒ සමාගමේ තමයි මුලදී. මේ කෂ්ටිය ගේ ඉංගිරිසි පත්තරේ තමයි සන්.
රිවිරැස පත්තරේ පටන් ගන්න කාලේ ඒකේ කතෘවෙලා තියෙන්නේ මං අහල තියෙන විදියට ඩී.බී. ධනපාල. ඒ කියන්නේ ඩී.බී. නිහාල්සිංහ ගේ තාත්තා. සමහර විට ලාල් ප්‍රේමනාත් ද මැල්, ඒ කියන්නේ සුන්දර නිහතමානී හෙවත් මානී ගේ තාත්තාත් මේ රිවිරැස පත්තරේ කතෘ මණ්ඩලයේ ඉන්න ඇති (?).
ඒ කියන්නේ මේක පරණ පත්තරයක්.
දවස පුවත්පත් සමාගම කාලයක් වහලා දාලා තියෙනවා හදිසි නීතිය යටතේ. ඊට පස්සේ, දෙවෙනි පාර පටන් අරං ටික කාලයක් දිව්වා, රිවිරැස පත්තරේ පලවුණා, පස්සේ සදහටම වැහිලා ගියා.
මොන හේතුවක් ද මන්දා මේ කියන රිවිරැස පත්තරේ වැඩ කරපු බොටල්-ජර්නලිස්ට් ලා ට, විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් ව පෙන්නන්න බෑ. කොහොම හරි නැති දේකට පටලවලා දාන්නය හැදුවේ හැමදාම.
මට මතක හැටියට ඔන්න මං කැම්පස් යන්න කලින් එක දවසක් මං රිවිරැස පත්තරේ බලනවා. මේ පත්තරේ පිටුවක් පුරා ලොකු ලිපියක් තිබුණා රට වනසන කුඩු මාරයා කියන හෙඩින් එකත් එක්ක. පොරක් කුඩු උරන ෆොටෝ එකකුත් තිබුණා.
සාමාන්‍යයෙන් මේ ආකාරයේ දිගු ලිපියක හෙඩිමට අමතරව තව සබ් හෙඩින්ස් තියෙනවා. ඒවා තියෙන්නේ, ඒ, ඒ සෙක්ෂන්ස් වෙන් කරලා පෙන්වන්නයි.
ලිපිය පටන් ගත්තේ කොළඹ කොහේද තැනක කුඩු වගයක් පොලිසියෙන් අල්ලපු කතාවක් එක්ක. එතැන ඉඳලා විවිධ කුඩු ජාති, ඒවා ලංකාවට එන තැන්, කුඩුවලට ඇබ්බැහි වෙන හැටි, කුඩුවලින් ඇති වෙන සෞඛ්‍යමය ගැටළු ආදී හොඳ විස්තර තිබුණා, ඒ, ඒ, සෙක්ෂන්ස් වලට ගැලපෙන සබ් හෙඩිනුත් එක්ක.
ඔන්න මේ ලිපිය සීඝ්‍රයෙන් කියවාගෙන යන මගේ ඇස් දෙක ගියේ වැදගත් සබ් හෙඩිමකටයි.
"සරසවි සිසුන්"
මේ දවස්වල කැම්පස් යන්න ඇඟිලි ගැන ගැන හිටපු හින්දා මං මාර උනන්දුවෙන් කියවං යනවා. කොළමක උඩ ඉඳලා යටටම ගියා, ම්හූ, සරසවි සිසුන් ගැන කිසිම කතා බහක් නෑ. මං හිතුවේ කුඩු ටික අල්ලපු කොළඹ පොට් එකේ කැම්පස් කොල්ලොත් ඉඳලාය කියලයි.
අන්තිමේ දී මෙන්න මේ කියන සෙක්ෂන් එක ඉවර වෙලා, ඊලඟ එක පටන් ගන්න කලින් පොඩි වාක්‍ය කෑල්ලක් තියෙනවා මෙන්න මෙහෙම.
"ඇමරිකාවේ සහ ඉතාලියේ කුඩු උරන්නන් අතර සරසවි සිසුන් ද සිටින බවට සැක කෙරේ!"
ඕක කියන්න තමයි අර සබ් හෙඩිම දාලා තියෙන්නේ!
ඊටත් වඩා ජොලි සීන් එකක් තිබුනේ අපි කැම්පස් ඉන්න කාලෙයි.
කැම්පස් වල නොයෙකුත් සෝෂල් යනුවෙන් චිරාත් කාලයක් තිස්සේ හැඳින්වෙන පාටි තියෙනවා නේ. එක එක ෆැකල්ටිවල, හෝල්ස් වල ඒවා වගේම හැමටම පොදු කලර්ස් නයිට් වගේ ඒවාත් තියෙනවා.
අපේ කාලේ ආට්ස් ෆැකල්ටියේ හිටපු උන් ගේ සෝෂල් එකේ නම කලා නිශාව. අපි ෆයිනල් ඉයර් එකේ දී මේ කලා නිශා සෝෂල් එක වෙලාවේ පොඩි ලාමක වලියක් ගිහින් තියෙනවා. ඒක එතනම ෂේප් වුණා කියලයි අපිට ආරංචි වුනේ. ජෙප්පෝ සහ ජුන්ටෝ අතර වලි තමයි දුර දිග ගියේ. මේක මේ බීමේ ආදිනව කියන වලියක්.
ඔන්න සතියකට පස්සේ රිවිරැස පත්තරේ මේ සාමාන්‍ය වලිය ගැන අසාමාන්‍ය ප්‍රමාණයේ විස්තරයක් තිබුණා.
ඒක පටන් ගත්තේ මෙහෙමයි.
"පසුගිය සති අන්තයේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පැවති කලා නිශාව (Colours Night) සාදයේ දී සිසුන් දෙපරිසක් අතර බරපතල ගැටුමක් ඇති විය."
මේ බොටල්-ජර්නලිස්ට් ලා හිතලා තියෙන්නේ කලා නිශාව කියන්නේ කලර්ස් නයිට් එකට කියලායි! ඒ මේ වචන සෙට් දෙකම එක වාගේ සද්ද වෙන නිසයි.
ඔය සේරම කතා කිව්වේ මෙන්න මේක කියන්නයි!
බැරි වෙලාවත් ඊයේ රෑ වැලන්ටයින් දිනයේ කැම්පස් කොල්ලෝ පාටියක් දාලා පොඩි වලියක් ගියා කියලා හිතන්න.
මුං හිටිය නං දායි, "වැල්-අදින්නන් ගේ (Valentine's Day) රාත්‍රිය දා මහ ගුටි කෙලි" කියලා.
-කතන්දර
ප/ලි
කලින් කතන්දරයක් ඇනෝ ට උපහාර පිණිස පල කළා. අද මේ කතන්දරේ කාට ඩෙඩිකේට් කරන්නද මන්දා?
(Photo: http://www.faqs.org/photo-dict/phrase/1169/St-Valentine)

මාධ්‍ය ගැන නම් කතා කරලා වැඩක් නෑ..
ReplyDeleteස්වර්ණවාහිනිය නැති දේ ඇති විදියට මවලා පෙන්වනවා.. ඒ වගේම ජනතාව කුපිත කරවන පුවත් ප්‍රචාරය කරනවා ජනතාව නොමඟ යන විදියට.. වැඩවර්ජනයක් ගත්තත්, අනතුරක් ගත්තත් වෙන මොනවා සිදු වුනත් ස්වර්ණවාහිනිය හැම වෙලාවෙම කරන්නෙ මිනිස්සුන්ට තමන්ගෙ පුවත් අස්වැන්න බෙදන්න..
ලංකාවෙ ජනමාධ්‍ය තමන්ගෙ හීනමානය වහගන්න තමයි හැමදේම කරන්නෙ..
කතාව කියවාගෙන යද්දිම මටත් මතක් උනේම ස්වර්ණවාහිනිය. මට කලින් රොශාන් හේරත් ඒ ටික කියලනෙ.... :(
ReplyDeleteඇයි කතන්දර ‘සැබෑ පත්තරකාරයොන්ට’!!!
ReplyDeleteපුංචි නිවැරදි කිරීමක්. රිවිරැස ආරම්භක ප්‍රධාන කතෘ (Chief Editor) ගුණදාස ලියනගේ. ඩී. බී. ධනපාල ඔහුගේ බොස් හෙවත් දවස නිවසේ සියළුම ප්‍රකාශන වල Editor-in-Chief - මේකට සිංහල යෙදුම මා දන්නේ නැහැ. එසේම ලාල් ප්‍රේමනාත් ද මැල් පුවත්පතක සේවය කළේ නැහැ. ඔහු සේවය කළේ ගුණසේන පොත් සාප්පුවේ.
ReplyDeleteරිවිරැස අනුන් විවේචනය කොට කොකු ඇදගන්නා පුවත්පතක් ලෙස ප්‍රකටයි. ප්‍රේමකීර්තිට 'පාන් කිරිත්තා' ලියන්ට වුණේද රිවිරැසින් ඔහුගේ යම් වැඩ සටහනක් දිගින් දිගටම විවේචනය කළ නිසා.
- Taboo
බහුතරයක් ජනමාධ්‍ය ගැන මගෙත් කිසිම පැහැදීමක් නැහැ. ගොඩක් ජනමාධ්‍ය වලින් ඇත්ත කෙසේවෙතත් අතිශෝක්තියෙන් යුත් පුවත්නම් දැක බලා ගන්න පුලුවන්.
ReplyDeleteයස අගේට මට උපහාර පිනිස කියලා දාන්න තිබුනානේ. මම ඔය කොයි උපහාරෙත් ආදරෙන් බාරගන්න කෙනා. උඩ තියන පින්තූරෙත් ලස්සනයි. එතකොට බලන අය එකපාරම හිතන්නේ, කතන්දරගේ හදවතයි, මල් ටිකයි උපහාර කරනකෙනාට දෙනවා කියලනේ. ෂහ්, කතන්දර අපරාදේ!!!
ReplyDeleteතව මොන, මොනවත් අහගන්නත් තිබුනා.
හැම ජනමාධ්‍යයකින්ම දැන් අපට ලැබෙන්නේ අපි දැනගන්න ඕන දේ නොවේ. ඔවුන්ට කියන්න ඕන දේ. අපට ඔනු කියන දෙය්ක් අහන් ඉනින වෙලා.
ReplyDeleteඔක දැනගෙනම තමයි පාටිය නොදාඉදල තියෙන්නෙ....
ReplyDeleteඒ කාලෙ ජනමාද්යවේදියො එක්ක ගත්තම අද කාලෙ උන්ගෙත් වැඩි වෙනසක් නම් නෑ
ReplyDeleteඉතින් ඇයි ස්වර්ණවාහිනිය ගැන විතරක් කතා කරන්නේ... සිරස ගැන කොහොමද ..?
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteතමන්ගෙ පාඩුවේ , තමන්ගෙ උප සංස්කෘතියට වෙලා ඉන්න ,සරසවි සිසු සිසුවියන් සමහරුන්ට ණයාට අඳු කොළ වගේ තමයි.
ReplyDeleteඅභ්‍යන්තර අර්බුද වලට වුනත් ගොඩක් වෙලාවට මූලික වෙන්නේ ශිෂ්‍ය ගැටලුවකටත් වඩා බාහිරින් එන ප්‍රශ්ණ.( බාහිර පාර්ශවයන් තමයි ශිෂ්‍යන් අතර ගැටලු ඇති කරවන්නේ) ඒ මොක වුනත්, මොළේ කළධක් නැති දරුවන් හැටියට උජාරුවෙන් සරසවි සිසුන් වෙත ඇඟිලි දික්කරන්නන් ගේ අරමුණ මොකක් ද කියල හිතා ගන්න බැහැ.
" පාන් කිරිත්තා " සින්දුව නම් එදාට වඩා අදට හොඳට ගැලපෙනවා. බ්ලොග් අවකාශයට වුනත් ගැලපෙනම ගීතයක්...
පාන් කිරිත්තා තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි
පාන් කිරිත්ති රබාන අරගෙන කරබාගෙන නටතෙයි
උන්ගේ පැටවුන් වටේට ඉඳගෙන දෑතින් හඬ තලතෙයි
ඒවා බල බල රන් කෑ දැත්තෙක් කීචී බීචී කියතෙයි
දවස, රිවිරැස, පත්තර වල වාර්තා කරුවෙකු ලෙස සේවය කර,පසුව නීතීඥයෙක් ලෙස කුරුණෑගල ප්‍රදේශයේ උසාවි වල වැඩ කල, නවකතා පොත් කිහිපක්ද ලියා ප්‍රසිද්ධ කල පුද්ගලයෙක් කියූ කතාවක් මේක. දවස, රිවිරැස මෙයා වැඩ කරන කාලෙ පිලිප් ගුනවර්දන මහත්මයා මිය යාමට ආසන්නව, පුද්ගලික රෝහලක ඉන්නකොට, පත්තර කන්තෝරුව පිලිප් ගුනවර්දන මහත්මයා මිය ගිය පසුව පල කරන පත්තරේ මුල්පිටුව ලැහැස්ති කරලලු තිබුනෙ. අපේ යාලුවටය් තව එයා වගේ ජුනියර් රිපෝටර් කෙනෙකුටය් තමා බාර දීල තියෙන්නෙ රෝහලේ ගැවසි ගැවසි ඉඳල පිලිප් ගුනවර්දන මහත්මයා මියගිය වහාම පත්තර කන්තෝරුවට දැනුම් දෙන්න. කෙසේ හෝ මෙයාලගේ විමසීම් නිසා හෝ කතාබහ නිසා හෝ නෑදා හිතවත්තු දැනගෙන තියෙනව මේ දෙන්න ඉන්නෙ මොකටද කියල. බොහොම අමාරුවෙන් තමය් ගුටි නොකා බේරිල, එතනින් පැනගෙන තියෙන්නෙ.
ReplyDeleteමට කියන්න තියන දේ මොන තරම් කතන්දරගෙ මාතෘකාවට අදාලද කියල මට තේරෙන්නෙ නෑ . . . ඒත් ඒක මේ තියන කොමෙන්ට් වලට නං අදාල වේවි. . . . . .
ReplyDeleteජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනීසිටින ජනමාධ්්‍යයන් අද වනවිට ඒ කටයුත්ත නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කරනවාදැයි යන්න ඉතා පැහැදිලිවම ප්‍රශ්නයට නැගිය හැකි හා ප්‍රශ්නයට නැගිය යුතු බරපතල කාරනයක්.
මම හිතන විදිහට අද තියෙන්නෙ ජනතාව විසින් ජන මාධ්්‍යයන් ගෙන් තොරතුරු ලබාගැනීමක් නොව ජනමාධ්්‍යයන් විසින් තමන්ට ඇවැසි තොරතුරු පමනක් ජනතාවට ලබාදෙන තත්වයක්. මේකට හොඳම උදාහරනයක් තමයි ස්වාධීන රූපවාහිනියෙ "විමසුම". මුලු රටම ආවරනය කල හැකි රූපවාහිනී නාලිකා දෙකෙන් එකක් මේ ආකාරයට එක් පිරිසකට උවමනා තොරතුරු පමනක් ජනතාවට ලබාදීම අනුමත කල නොහැක්කක් බව මගේ පුද්ගලික අදහසයි.
ඒ හැරුනුවිට පුද්ගලික මාධ්්‍යයන් අතර වර්තමානයේ ඇතිවී තිබෙන තරඟය නිසා එකිනෙකා පරයා ජනතාවට තොරතුරු ලබා දෙන්නට යාමෙන් එම තොරතුරු වල නිවරද්්‍යතාව පිලිබද බරපතල ගැටලු පැන නැඟිය හැක.
ප.ලි.
මර්වින් සිල්වට ඩෙඩිකේට් කරපං
රිවිරැස සහ දවස කියන්නෙ මහ බාලම කොලේක අච්චුගහපු ජරාම ජාතික පුවත්පත!
ReplyDeleteධනපාල මහත්තය කතෘමණ්ඩල අධිපති, ගු.ලි තමයි ප්‍රධාන කතෘ.
ගු.ලි කියන්නෙ කොහොමත් ලණු දෙන්න වලි අදින්න ප්‍රසිද්ධ පොරක්නෙ. අර වදකහ සුදිය කියන්නෙත් මිනිහගෙ ලණුවක්නෙ.
දැං උන්දැගෙ දුවෙක් සිරසෙ ප්‍රවෘත්ති කියමින් ලණු දෙනවව පුතෙක් "ශ්‍රීමත්" කටහඬ පාඨමාලා ලණුවක් දෙනව!
අනික් දරුවොනං මාධ්ය ලෝකෙ නෑ මයෙ හිතේ!
පත්තර උදවිය මීට වැඩිය වගකීමෙන් තමුන්ගෙ රාජකාරිය කල යුතුයි නේද....
ReplyDelete80 දශකයේ ආපු කුඩු අද කී දාහක් පවුල් අසරණ, අනාත කරලද....හනේ හපොයි.
@Roshan
ReplyDelete@හරි-පිණි පලස
මගේ යාළුවෙක් වැඩ කලා ඔය ස්වර්ණවාහිනී යේ. කළකිරිලයි අස්වුනේ.
@arunishapiro
ReplyDeleteමේ කතාව බොටල්-ජර්නලිස්ට් ලා ගැනනේ!
@ටැබූ
ReplyDeleteස්තුතියි නිවරදි කිරීමට.
සමහර තැන්වල ඉන්නේ එක editor කෙනයි. අනිත් අය sub-editor ලා.
@කොට ජීවිතේ
ReplyDeleteමං නං බලන්නේ නැති තරම්. සතියකට ඔන්නං පැයක් බලනවා. රේඩියෝව අහන්නේ කාර් එකේ යනකොට විතරයි.
ඉඩ තියෙන හැම වෙලාවෙම ලැපට කොටනවා නේ.
@Podi Kumarihami
ReplyDeleteනාඬ ඉන්න, හෙට දෙන්නං!
@Priyantha
ReplyDeleteවැඩේ කියන්නේ ප්‍රියන්ත, මේ බ්ලොග්වලත් කෙරුවාව එහෙමමයි නේ. උන්ට ඕනැ ඒවාමයි දාන්නේ, සර්පයෝ ගැන, වගා ගැන, කෑම ගැන, PC ගැන, මෝට බයික් ගැන!
@ඉන්දික
ReplyDeleteවැලන්ටයිං පාටි දාන්න නිකං බෑනේ, වැලංටිනා ලා ඕනෑ!
@රංග
ReplyDeleteඒ කාලේ ඡන්දදායකයෝත් එලෙසමයි. හැමදාම රැවටෙනවා!
@kumaraya
ReplyDeleteසිරස ගැන කතා කරන්න වෙනම ඇමති කෙනෙක් පත්කරලා නේද තියෙන්නේ?
@සොඳුරු සිත
ReplyDeleteඅර සිරකරුවොත් මනුශ්‍යයෝය කියවන කොට නං මට හිතුනේ රුහුණු කැම්පස් එකේ නම් නයි සහ පොලොංගු සටන් තිබිලා තියෙන්නේ ඇතුලේ ම යි.
@Observer
ReplyDeleteඔය ඔබිචුරි ලියලා තියා ගන්න එක පත්තරවල හැමදාම කෙරෙන දෙයක්.
මේ ලේඛකයා ගේ නමේ මුල් අකුරු කියන්නකෝ, ප්ලීස්.
@ඕනයා
ReplyDeleteමගේ ඇන්ටි කෙනෙක් ඉන්නවා බලන්නේ තමන් ගේ මතයට අදාල ITN, රූපවාහිනී විතරයි. සිරස අරහං.
අනිත් අන්තයේ ඉන්න අයත් ඉන්නවා ඇති පදං.
අපේ බ්ලොග් බැලිල්ලත් එහෙමනේ!
@ඉන්දික උපශාන්ත
ReplyDeleteඒමන් කාරියකරවන නං කියන්නේ වදකහ සුදිය කතාව එයා ගේ එකක් කියලයි.
කෙහොම හරි අපිට සින්දුවක් ඉතුරු වුනා එකෙන්.
@Heeniyata
ReplyDeleteඅනේ ද කියන්නේ!
ඉතින් මේ අයියාත් කොරලා තියෙන්නේ ඒ පත්තර කාරයා කොරා වගේම වැඩක් නොවැ. අයියාගේ මාතෘකාවට අදාල කතාවත් අන්තිමට පොඩිවට තියනවා :D
ReplyDelete@පූසා
ReplyDeleteමල්ලී, මාතෘකාවේ තමයි කතාව තියෙන්නේ!
කකා අයියත් ඒ අස්සෙම නයෙක් ඇරල තියනව නේද කාර් එකයි ලැප් එකයි ගැන කියල...
ReplyDeleteමටත් පුංචි කාලෙ බලන්න ලැබුන එකම ඉරිදා පත්තරේ රිවිරැස. ආටිකල් නම් එච්චර මතක නෑ. ගුරු ගෝල වෙනස නම් මතකයි.
ReplyDelete(වැල් අදිනන්ගේ දිනය කියන එකත් සෑහෙන්ඩ හරි නේ? :D)
දැන් එකම ප්‍රවුත්තිය රූපවාහිනී නාලිකා 10 ක යන්නේ 10 විදිහකට
ReplyDeleteඉතින් අපි කොහොමද සම්පූර්ණ සත්‍ය දැනගන්නේ. මේකට කරන්න පුළුවන් හොඳම වැඩේ තමයි තමන්ගේ දේශපාලන දර්ශනයට ගැලපෙන පත්තරය,රූපවාහිනී නාලිකාව නැරඹීම එක තමන්ගේ සෞඛ්‍යටත් හොඳයි නේ