ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Thursday 17 February 2011
අර ජොබ් එක මට ලැබුණා මචං, තෑන්ක්ස්!
කාලයක් තිබුණ මට සඳුද උදේ හරියට ම නමයට ඔෆිස් එකේ අනිවාර්යයෙන් ම කළ යුතු වැඩක් තියෙන.
මේක හරියට කරන්න නං, නිකං 8:55 ට විතර එතනට අත වන වනා ගිහින් බෑ. ඒ වෙලාව වෙනකොට, කලින් සතියෙ ඉදිරිපත් වුණු අස්-කොන් වැඩ සේරම අවසානයක් කරල, අළුත් සතියට වැඩ ප්ලෑන් කරල, ඒ සේරම කොම්පැනි ඉන්ට්‍රානෙට් එකේ සෙට් කරල තියන්න ඕනැ. එතකොට කරන්න තියෙන්නේ විනාඩි කීපයක් කලින් ගිහින් හරියට උදේ නමයට වැඩේ පටන් ගන්න එක විතරයි.
එතන ඉඳලා වැඩේ අනිත් හරිය ස්මූත් සේලිං!
අර මහනුවර තිප්පොලේ කෝස් වර්ක් ගහන කාලේ ඉඳලම මංතුමා හරි දස්සයි අන්තිම මොහොතේ ජස්ට්-ඉන්-ටයිම් ක්‍රමයට වැඩ කරන්න. ඉතිං ඒ පුරුද්දට මේ කියන දවස්වලත් මං කලේ වැඩ සේරම ටික ඉරිද රෑ වෙනකම්ම තියා ගන්න එකයි. නමුත් ඉතිං හැම වැඩක් ම ගෙදර ඉඳන් කරන්න බෑ. ඒ නිසා හුඟක් සතිවල වුනේ ඉරිද හවස ඔෆිස් එකට ගිහින්, සෙකුරිටිකාරයින් ට කියල බිල්ඩිම ඇරගෙන, දනි පනි ගාල වැඩ ටික කරල දාන එකයි.
දවසක් ඉරිද දවසක පහමාරට විතර ඔහොම මං ඔෆිස් එකේ කට්ට කකා ඉන්න වෙලාවේ ආව කෝල් එකක්.
බැලින්නං මේ උදුල් ධර්මවර්ධන ගෙන්.
මං එදා පොර ගෙදරට කෝල් කරල, මං නැති හින්ද, හාමිනේ ගෙන් ඔෆිස් නම්බර් එක අරගෙනයි මේ මාව කන්ටෑක්ට් කලේ. මේ කියන දවසේ මං හදිස්සියට මොබයිල් ෆෝන් එකත් ගෙදර දාලා ගිහින්.
බැලින්නං පොරට අපේ කොම්පැනියෙම වෙන සෙක්ෂන් එකක ජොබ් එකකට ඇප්ලයි කරල, අඟහරුවාදා ඉන්ටර්වීව් එක සෙට් වෙලා, මගෙන් ඒ ගැන උපදෙස් ගන්නයි මේ කතා කරන්නේ.
උදුල් ධර්මවර්ධන යි මායි එච්චර හොඳට අඳුණන වුන් නෙමේ. ඌ ගියේ වෙන යුනිවසිටි එකකට. හිටියේ වෙන පලාතක. හැබැයි මගේ හොඳම යාළුවෙක් වෙන රත්නායක ගේ හොඳම හිතවතෙක්. ඇත්තරම මට උදුල් ධර්මවර්ධනව හම්බ වෙලා තිබුනේ ඒ වෙනකොට රත්නායක ගේ ගෙදර පාටියක දී විතරයි මගෙ හිතේ.
උදුල් කාරයා කියපු සෙක්ෂන් එක ගැන මං වැඩිය තොරතුරු දැනගෙන හිටියේ නෑ. ඒකේ බොස් ලා ඉන්ටර්වීව් එකේ මොනවා අහයිද කියලා මං කොහෙමද දන්නේ? ඒ මොනවා වුනත් මූ විනාඩි හතලිහක් විතර මගෙන් හරස් ප්‍රශ්ණ ඇහැව්වා එදා ටෙලිෆෝන් එකෙන්.
ඌ හිතන්න ඇති මං මේ ඉරිදා හවස ඔෆිස් ඇවිත් ඉන්නේ නිකං ඉන්න බැරුවටය කියලා!
කමක් නෑ කියමුකෝ. වෙලාව කොයි හැටි උනත්, පොරකට උදව් කරන්න ලැබීමත් ලොකු දෙයක් නේ. මං පුළුවන් විදියට උත්තර දීලා, ගුඩ් ලක් කියලා විෂ් කලා.
රෑ අට වෙනකං ඔෆිස් එකේ තැපලා තමයි පහුවදාට ඕනෑ වැඩ ටික ඉවර කර ගත්තේ එදා.
ඉතිං ඔන්න ටික දවසක් ගතවෙලා ගියා. උදුල් කාරයා මාව ආපහු කන්ටෑක්ට් කලේ නෑ, ඉන්ටර්වීව් එකට මොනවා වුනාද කියන්න. මං හිතුවා සද්දයක් නැති නිසා වැඩේ සෙට් වෙන්න නැතිව ඇතිය කියලා.
අන්තිමේ දී මටත් ඕක අමතක වෙලා ගියා. මොකද අපිට වෙන වැඩ නැතුව කියලයැ?
සතියකට විතර පස්සේ වෙන වැඩකට මට කතා කරපු ගමන් අපේ රත්නායක මහත්තයා මගෙන් අහපි:
"උදුල් කාරයාට කියන්න ඇති නේද, උඹල ගේ කොම්පැනියේ ජොබ් එකක් ඌට සෙට් වුණාය කියලා?"
"නෑ මචං මට කිව්වෙ නෑ. පොර ඉන්ටර්වීව් යන්න කලින් නම් මට කෝල් කරලා සෑහෙන්න වෙලාවක් විස්තර ඇහැව්වා."
"මචං, උදුල් මට ඔය කතාව කීවේ දැම්ම කාටවත් කියන්න එපා කියලයි. උඹ වෙනකාටවත් කියන්න එපා. තාම උන් ඕක හරියට ඉන් රයිටින් දීලා නෑනේ."
රත්නායක ගේ කීම අහපු මාත් ඉතිං කා එක්කවත් කියන්න ගියේ නෑ. උදුල් ගෙන් අහන්න ගියෙත් නෑ!
තව දවසක් දෙකක් යන කොට මට හම්බ වුනා හර්ෂා මීටින් එකකට ඇවිත් ඉන්නවා. හර්ෂාත් අපේ කොම්පැනියෙමයි, හැබැයි වෙන ටවුන් එකක බ්‍රාන්ච් එකකයි වැඩ කලේ.
"ආ ඔයා ගේ යාළුවෙක් එනවා නේද මෙහේ වැඩට?" හර්ෂා ඇහැව්වා.
"කවුද ඒ?"
"ඇයි අනේ උදුල්?"
"ආ ඇත්තද? ඔයා උදුල්ව අඳුණනවද? කවුද ඔයාට ඔය කතාව කිව්වේ?"
"මං උදුල් ව එච්චර අඳුණන්නේ නෑ. එයා අනිත් යුනිවසිටි එකේ නේ. මගේ බැචෙකුගේ කසින් කෙනෙකු ගේ නේබර්ස් ලා. උදුල් ම තමයි මට කිව්වේ ගිය සුමානේ ප්‍රියා මට ඉන්ට්‍රොඩියුස් කරල දුන්නු වෙලාවේ!"
අන්තිමට බැලින්නං, මුළු රටම දන්නවා උදුල් කාරයාට ජොබ් එක ලැබුණු බව, මං හැර.
මේ සිද්ධිය වෙලා දැන් අවුරුදු හතක් වෙනවා. තාම උදුල් කාරයා මට කිව්වේ නැහැ ජොබ් එක ලැබුණා කියලා.
මොනව කියන්නද එක අතකට, ඌයි මායි අල්ලපු බිල්ඩින් වල අවුරුද්දකටත් වඩා වැඩ කළා, මං එතනින් වෙන ජොබ් එකකට යන කල්ම.
-කතන්දරකාරයා
Subscribe to:
Post Comments (Atom)
මම නං උදුල්ව ඉස්සර ඉඳන්ම අඳුරනවා !!!
ReplyDeleteඅපි හැමෝගෙම ඇගේ දුවන්නෙ JIT Compilers වෙන්න ඇති.. මටත් ඔය ලෙඩේම තියෙනවනෙ, කොච්චර ට්‍රයි කරත් වැඩ කලින් කරන්න හිතෙන්නෙ නෑ.. lastminute.com සරණං තමා ඉතිං.. :)
ReplyDeleteඔයා කලින් ඉන්ටර්වීව් එකේ අහයි කියලා කිව්ව ඒවා ඒකක්වත් අහන්න නැතුව ඇති. ඒකට තද වෙලාද දන්නේ නෑ.
ReplyDeleteනියම ලාංකිකයෙක්. හැබැයි මමත් මෙහෙම ලීවේ මේක සිංහලෙන් ලියන නිසා. අපටනම් උදුල් ලා දිනපතාම වගේ හමුවෙනවා..
ReplyDeleteසුභ දවසක් කතන්දර.!!
අඩුවක් දැනේනවා. අද ප.ලි. නැද්ද?
ReplyDeleteඉතින් මෑන් අවුරුදු හතක්ම කතා කලේ නැද්ද?
ක.ශු. සුසිල් සහ උදුල් එක්කෙනාමද?
ReplyDeleteවෙන කොමෙන්ට් එකකත් තිබුන වගේ,ඔය උදුල් ල සුලභ සත්ව කොට්ටාශයක්.කතාවක් නං මතක් වුනා,ඒ වුනාට ක.ශු.ගේ කතාවට හුඟක් ලඟින් යන්නෙ ඒක.රිපීට් කළා වගේ වෙනවා කොමෙන්ට් තීරුවෙ දැම්මොත්.
@ bura,
lastminute.com හේ.. හේ.. ඉඳල හිටල වත් ඕක sorry.com වෙලා එහෙම නැද්ද?
"මංතුමා හරි දස්සයි අන්තිම මොහොතේ ජස්ට්-ඉන්-ටයිම් ක්‍රමයට වැඩ කරන්න."
ReplyDeleteමේක ගැන නම් ඉතින් කියලා වැඩක් නෑ කතන්දර...
හිත හොදින් කරන කිසිම දෙයක් ගෑන ආපසු හිතා හිත රිදවා ගත යුතු නෑත....
ReplyDeleteඔය කියන්නෙ අර අන්** උදුලය ද ?
ReplyDelete@හරි-පිණිපලස
ReplyDeleteමං හිතන්නේ ඔයා දන්නේ උදුල් ගේ නිවුන් සෙහොයුරා, විදුල් ව වෙන්න ඕනෑ. පොරත් ඇරපු අදතක් නෑ උදුල් වගේමයි!
@Buratheno
ReplyDeleteමං හිතන්නේ ඕකට හේතුව අපි එෆිෂන්සි සහ ප්‍රොඩක්ටිවිටි එක ගැන හිතීමයි. වැඩේ කලින් කරලා වැලිව් ඇඩ් කරලා ප්‍රයෝජනයක් නෑනේ.
@අරවින්ද චන්ද්‍රපද්ම
ReplyDeleteඅහන ඒවා නං එයා දන්නවා. තේරීම් පටිපාටිය අනුවනේ ප්‍රශ්ණ කරන්නේ.
@Priyantha
ReplyDelete/*
නියම ලාංකිකයෙක්. හැබැයි මමත් මෙහෙම ලීවේ මේක සිංහලෙන් ලියන නිසා.
*/
ස්වයං විවේචනයක් නැති නිසා තමයි අප ට කෙලවෙන්නේ!
@yasith
ReplyDeleteෂහ්, මං ප/ලි ය දාලා නේ ප්‍රධාන කොටසට!
@Observer
ReplyDeleteස්තුතියි, ඔන්න හැදුවා. සුසිල් කිව්වත්, උදුල් කිව්වත් දෙකම බොරු නම් නේ.
@Podi Kumarihami
ReplyDeleteඔයා නං වෙලාවට වැඩ කරන කෙනෙක් වගේ! අනේ සාදු!!
@ඉලංදාරියා
ReplyDeleteපිස්සුද, මේ ජොලියට කියන කතා නේ. උදුල් කාරයා මට ගිය පෝය දා ත් පන්සලේ දී හම්බ වෙලා කතා කළා.
@ඕනයා
ReplyDeleteඑයා ප්‍රේමරත්න නේ. මෙයා ධර්මවර්ධන.
අරාබියෙත් ඉන්නව කියහන්කො ලාOකික උදුල්ල ගමකටම.....හනේ හපොයි.
ReplyDeleteකතන්දර මේ පෝස්ට් එක මේ අවස්ථාවේදීම පළ කළේ ඇයි කියා මට සිතා ගත හැකියි. අදාළ සිද්ධිය සම්බන්ධව මටත් ඇත්තේ ඔවැනිම සිතිවිල්ලක්. නමුත් අප කාට හෝ උදව් කරන්නේ ස්තූතියක් හෝ ප්‍රත්‍යුපකාරයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි නේද? අපේ අභ්‍යන්තර සතුට තකා අප කරන දෙයට ඇයි ස්තූතියක් නොලැබුණාය කියා කම්පා වෙන්නේ? (උදාහරණයක් හැටියට ටැබූගේ අඩවිය තමන්ගේ Blog Roll එකේ පළ කිරීම මඟින් කතන්දර ටැබූට හැමදාම හිට්ස් අරන් දෙනවා - සමහරවිට සින්ඩි වලටත් වැඩියෙන් - දැනට ලබා දුන් මුළු හිට්ස් ගණන 5,000 කට අධිකයි. ඉතින් ටැබූකාරයා ඕකට කවදාවත් ස්තූති කළායැ!)
ReplyDelete- Taboo
කියන්න තරම් ලොකු යාළුකමක් තිබිල නැහැ නේ . කතන්දරම ඒක පිළිගන්නව නේ. අනික ඉතින් කතන්දර ඒ මනුස්සයට උත්තර දීල තියෙන්‍නෙත් එච්චර පැහැදීමකින් නොවෙන බවයි කතාව කියෙවුවම නම් තේරුම් යන් නේ.
ReplyDeleteඉතින් මම නම් වරදක් දකින් නේ නැහැ ..ස්තූති නොකල කියලවත්. රස්සාව හම්බුනා කියල නොකිවයි කියලත්......
@Heeniyata
ReplyDeleteඋදුල් ල විතරද, උදුලා ලා හෙම හම්බ වෙලා නැද්ද?
@Taboo
ReplyDelete/* ඉතින් ටැබූකාරයා ඕකට කවදාවත් ස්තූති කළායැ! */
අනේ ද කියන්නේ? කොහෙද ඉතිං අදවත් කලේ නෑනේ, ඒ ස්තුතිය.
මේ කතාවේ, නොලැබුණු ස්තුතියටත් වඩා මට දුක හිතුනේ, උදුල් ගේ අල්ලපු ගෙදර එකා ගේ කසින් ගේ බැචීටත් අතරමගදි හම්බ වෙලා දුන්නු ආරංචිය මට නොදුන්නේ ඇයි ද කියලා හිතලායි.
ආරංචිය දෙන්න කතා කළා නං ඉතිං ස්තුති කරන්නත් වෙනවා තමයි!
@ සොඳුරු සිත
ReplyDeleteවැඩේ කියන්නේ ළමයෝ, මේ කතාව ලියන්න නිමිත්ත දුන්නු එකට මට උදුල් ට ස්තුති කරන්නත් බෑනේ.
@ කතන්දර
ReplyDeleteකතන්දර මේ කතාව යහපත් චේතනාවකින් ලියපු එකක් නෙමෙයි නිසා උදුලට මොන ස්තූති ද?
උදුලට මේක නෙත ගැටෙන එක , කතන්දරට ලොකු සතුටක් වෙනු නොඅනුමානයි....
@සොඳුරු සිත
ReplyDeleteමේ කතා සේරම ලියන්නේ කතන්දර කියවන අයගේ පහන් සංවේගය පිණිසයි.
ඒක යහපත් චේතනාවක් නොවෙයිද?
උඳුල් ශ්‍රී ලාංකීය අභිමානය!
ReplyDeleteදැන් බලන්න එයා ඔයාට කතා කලේ ඉරිදා හවස. ඔයාගේ කාර්යාල වේලාවෙන් වැදගත් ම කොටස. ආයිත් කොහොමද ඉරිදා හවසකම බුවා කතා කරලා විනාඩි 30ක ස්තුති කතාවක් දුන්න නම්.
ReplyDeleteඅද 'සිත නිවන කතා' වේ පිටපත් රචකයා රසික සූරියාරච්චි බව දුටුවෙමි. පුරුදු නමක් දැකීමෙන් සියුම් සතුටක් දැනුනි! ක.ශු. එතුමා හඳුනන බැවින් මෙතන සටහනක් දැමිමී. :D :D
ReplyDeleteඔය සඳුදට කරන්ඩ තිබ්බ වැඩෙත් බ්ලොග් පොස්ට් එකක් ලියනව වගේ කලින් කරල ඔටෝ පොස්ට් වෙන්ඩ දාන්ඩ තිබ්බ නං කොච්චර හොඳද?
ReplyDeleteඔය විදිහ උදුල්ලනම් අනන්තවත් ඉන්නවා... :)
ReplyDelete@All
ReplyDeleteප්‍රතිචාර දැක්වූ සියළු දෙනාටම ස්තුතියි.
ඉතිං, හෙට කතන්දරෙන් හමුවෙමු.
-කකා