ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Sunday, 30 January 2011
බ්ලොග්කාරයින් ට කෙලවන රයිටර්ස් බ්ලොක් එක - Writer's Block
අපේ ආච්චි ගේ තාත්තාගෙන් බේත් ගන්න ආපු ගමේ ගෑනු කෙනෙක් මහා භයානක භයවීමක් භය වෙච්ච හැටි ගැන මං කතන්දරයක් කිව්ව නේ දැන් ටික කාළෙකට කලින්.
අන්න ඒ වගේ මහා භයානක භයවීමක් භය වුනා මාත් මේ ලඟදි දවසක. ඒ වෙන මොකක්වත් ගැන නෙමේ මේ අපේ කතන්දර බ්ලොග් එක ගැනයි.
ගිය අවුරුද්දේ අග දී, මං පොඩි ස්ටොක් ටේකිං එකක් කරද්දී මගේ ලැප්ටොප් එකේ සම්පූර්ණයෙන් ම ලියල ඉවර කරපු කතන්දර පාලහක් තිබුණ. බාගෙට ලියල ඉවර කරපු කතන්දර පහක් තිබුණ. ලියන්න ප්ලෑන් කරපු කතන්දර ලයිස්තුවේ මාතෘකා හැටක් තිබුණ.
නමුත් පහුගිය සති අන්තයේ බලන කොට මෙන්න බොලේ ලියපු කතන්දර පහයි, අළුතින් බාගෙට ලියපු ඒව දෙකයි. ලිස්ට් එකත් එහෙමමයි. ඒ කියන්නේ මං ලියල තිබුණු කතන්දර බ්ලොග් එකේ පලකරපු වේගෙන් අළුතින් කතන්දර මා අතින් ලියවිලා නෑ.
ඒකම විතරක් නෙමේ මං මේ කියන මහා භයානක භයවීම භය වෙන්න හේතුව. කතන්දර ස්ටොක් එක වැඩි කර ගන්න කියලා වහාම ලැප්ටොප් එක ඕපන් කරල සෙට් වුණාට මට අකුරක්වත් ටයිප් කරන්න හිතුනේ ම නෑ.
පහුවදාත් ඒ සන්තෑසියමයි. අනිත්-පහුවදාත් ඒකමයි වුනේ.
ඉතිං මං මහා භයානක භයවීමක් භයවෙන එක අහන්නත් දෙයක් යැ.
දන්නවාද මොකක්ද කියල මට හැදිල තිබුණු ලෙඩේ?
මේකට කියන්නේ රයිටර්ස් බ්ලොක් කියලයි.
මේ ලෙඩේ හැදුනම එක අකුරක් ටයිප් කරන්න හිතෙන්නේ නෑ. වැඩි විස්තර මෙතනින් බලන්න කෝ.
ඉතිං ලෙඩේට බේත් විදියට මං මොකද දන්නවාද කලේ? තව දවසක් දෙකක් යන්න ඇරල, මෙන්න මේ කතන්දරේ ලියන්න පටන් ගත්තා.
දැන් මට තේරෙනවා ටික ටික ලෙඩේ හොඳ වේගෙන එනවා!
මේ අව්අස්සෙ මට මතක් වුණා තවත් මේ වගේ රයිටර්ස් බ්ලොක් එකක් තියෙන මගේ යාළුවෙක්ව. වෙනිං කවුරුත් නෙමේ, මේ කියන්නේ අර කීප්-අ-සයිඩ් කුකින් කරපු, මී-කිරිවල රස-ගුණ අඳුණන, කාන්තාවන් ගේ xxx හොයපු, රත්නායක ජෝක්ස් නිර්මාතෘවර අපේ සද්ගුණවත් රත්නායක මහත්තයා යි.
මීට අවුරුදු හතරකට, පහකට විතර කලින් දවසක මට ඇහුණා අපේ රත්නායක රේඩියෝ එකක සාකච්ඡාවක් යන වෙලාවේ හොට් නොම්බරේට කෝල් කරලා පරණ කතාවක් කියනවා. මාතෘකාව වුනේ වතුර නාස්තිය. රත්නායක කිව්වේ පොර පොඩි කාලේ ගම් පලාතේ වතුර නැතුව දුක් විඳපු හැටි ගැණයි.
මං ඔය දවස්වල පොඩි සඟරාවක් එඩිට් කළා. ඉතිං, සංස්කාරක හැටියට මං රත්නායක මහත්තයාට ආරාධනා කළා, ඒ අත්දැකීම් සඟරාවට ලියන්න නිකං තීරු ලිපියක් වගේ. මේක අවුරුද්දකට කලාප හතරක් පලකෙරෙන සඟරාවක්.
පොරත් කැමති වුණා -එක පයින් ම.
මාසෙකට විතර පස්සේ මං ඇහැව්වාම කිව්වා, කොටස් අටකින් ලියන්න සැලසුමකුත් හැදුවා කියලා.
හැබැයි ඊට අවුරුදු තුනකට පස්සේ මං සංස්කාරක රාජකාරිය වෙන කෙනෙකුට දෙනතුරුත්, ඒ තියා අද වෙනකනුත්, රත්නායකකාරයා ලියපු තීරු ලිපියක් නං නෑ.
මං හිතන්නේ රත්නායකටත් රයිටර්ස් බ්ලොක් එක හැදිලා. නිකං නෙමේ, එකම එක ලිපියක, එකම එක අකුරක් වත් ලියන්නත් කලින්!
ඒක නං මේ ආත්මේ සනීප වෙන ලෙඩක් නෙමේ වගේ පේන්නේ!!
-කතන්දරකාරයා
ප/ලි
මේ ලිපිය පල කෙරෙන අද දින වෙන විට, කතන්දර ස්ටොක් එක ඉතා සීඝ්‍රයෙන් වැඩි වී ඇති බව සතුටු සිතින් යුතුව මෙයින් දැනුම් දෙමි. ලියන්නට තියෙන ලයිස්තුවේ ප්‍රමාණය ද දැන් සීයකට ආසන්නයි!
Subscribe to:
Post Comments (Atom)
ලෙඩේ ඉක්මනට හොඳ කරගත්ත එක හොඳයි, නැත්තං එහෙම....
ReplyDeleteක.කා බ්ලොග් ලියල ඉවරයි!
රයිටර්ස් බ්ලොක් එක නන්ස්ටොප් රයිටර් කරගමු.
ReplyDeleteසේකර 'රයිටර්ස් බ්ලොක්' එකට මුහුණ දුන්නේ හා එය විසඳා ගත්තේ මෙහෙමයි.
ReplyDeleteඔප් නැඟූ විසල් මේසයක් මත
තබා සුදු සුමුදු කරදාසියක්
ඒ මත පාකර් පෑන් තුඩකින්
ලියන්නට මට නොමැත කවියක්.
වැඩ ඇරී එන කලට ඔබ සමඟ
සෙනඟින් පිරීගිය දුම්රියක
අවුලාගෙන හිස් සිගරැට් පැකට්ටුවක්
ඒ මත පැන්සල් කෙටියකින්
කුරුටු ගාන්නට ඇත මට කවියක්.
අනන්තවත් මේ ලෙඩේ හැදිලා මැෂින් එක ඉස්සරහ හූල්ල හූල්ල ඉඳල නිදා ගන්න ගිහින් තියෙනව.
ReplyDeleteඅර මම වගේ හිමාලේ නැගලා හුඹස් දෙක, තුනක් හෑරුවානම් ඔය බ්ලොක් උනු හැම එකම හරියනවා.
ReplyDeleteඅප්පද බොල...... දැන්නෙ මගේ ලෙඩේ හොයා ගත්තෙ... ඒකට කියන්නෙ එහෙමද අම්මපා ...?
ReplyDelete@Praසන්ன
ReplyDeleteඔව්, ඔව්, දැන් වෙන්ඩ කතන්දර 93 ක් තියෙනවා. ඒ කියන්නේ මේ අවුරුද්ද දුවන්න පුළුවන්!
@ටැබූ
ReplyDeleteමං නං හිතන්නේ ඇත්ත තත්වය වුනේ මෙන්න මේකයි.
කවියක් ලියන්නට
මට නොමැත
ඔප් නැඟූ විසල් මේසයක්
සුදු සුමුදු කරදාසියක්
මිල අධික පාකර් පෑන් තුඩක්
-සේකර
.
@පිටස්තරයා
ReplyDeleteමේ රයිටරස් බ්ලොග් එක හැදෙන එකේ තියෙන ලොකුම ජොලිය තමයි එතකොට තේරෙනවා "බොලේ, මාත් එහෙනං රයිටර් කෙනෙක් නේද?" කියලා.
මං සඟරාවකට මාස්පතා ලියන ලිපියක් මේ පාර පරක්කු වුණා. මේ ප්‍රශ්ණය දන්නැති අය හිතන්න පුළුවන් මූ මේක කලින් එව්වේ නෑනේ කියලා.
කතන්දර නං ලියපු ස්ටොක් තිබුණු හින්දයි බේරුනේ.
@පොඩි කුමාරිහාමි
ReplyDeleteඅනේ, මැණිකේ , මැණිකෙට කියන්ට, මට නං ඔය හිමාල ගච්ඡාමි නම් බැරුවා.
@දුමී
ReplyDeleteඔහේට නං ඉතිං, කතන්දරයක් ලියන්න "කට කහන රෝගෙත්" උත්සන්න වෙන්න ඕනැ නේ!
මටත් ඔය ලෙඩේ දරුනුවට හැදුන ...වැඩිම වුනා... අන්තිමට පහල වුන රෝග ලක්ෂණත් එක්ක, මට මගේම බ්ලොග් එක පෙන්නන්න බැරිව ගියා.ඊට පස්සෙ තමයි මම බ්ලොග් එක වහල දැම්මෙ.
ReplyDeleteඊට පස්සෙ ටික ටික යථාතත්ත්වයට ආවාත් සුපුරුදු පරිදි ලියන්න බැරිවුනා... අතුරු ආබාධ බහුල වුනා... බොහොම අමාරුවෙන් මේ දැන් ඉන්න තත්ත්වෙට ආවාත් ආයෙත් රෝග ලක්ෂණ පහල වෙලා....
කවියක පදයක් ගොතා ගන්න බැරි වුනා බය හිතෙනවා... ඇත්තටම මේක නම් ලෙඩක් කතන්දර...
ඒක නේන්නන්, මම හිතාගෙන හිටියාට වැඩිය එක ලෙඩක් වැඩියිනෙ බොලේ දැන්.....! තියෙන ලෙඩ ටික ගනින්න අතේ අඟිලි දහයත් මදිද මන්දා දැන්...!
ReplyDeleteමටත් තියෙන්නේ ඔය ලෙඩේ නේ අප්පා
ReplyDeleteමේ මේ කතන්දර, ඔය කතන්දර හරියන්නේ නැහැ,වහාම කතන්දර පබ්ලිෂ් කරන්න පටන් ගත්තොත් හොඳය්,නිදහසට කරුණු ඉදිරිපත් කොරනවට වැඩිය. ලඟකදී බුරතෙනොගේ කමෙන්ට්ස් එහෙමත් දැක්කෙ නැහැ කාගෙවත් පෝස්ට් එකක,හොයල බලන්න වෙය්ද මන්ද පොර ගැන.
ReplyDelete@කකා
ReplyDeleteහික්.. ඒකනං ඇත්ත. රයිටර්ස්ලටනෙ රයිටර්ස් බ්ලොක් හැදෙන්නෙ.
අපොයි දෙයියනේ මටත් තියෙන්නේ ඔය ලෙඩේමනේ. අදයි දැනගත්තේ. බොරුනම් ගිහිල්ලම බලන්නකො.
ReplyDeletehttp://www.hasiyasblog.blogspot.com/
1 වෙනි පෝස්ට් එක විතරයි. :D
හැමදාම හිතන් ඉන්නවා අලුත් එකක් ලියන්න. එත් කොම්පීටරේ ලගට ගියාම ලියවෙන්නේ නැහැ. අනේ ක.සු පුලුවන්නම් මේකට බෙහෙතක් දෙන්නකෝ.
මටත් ඕක හැදිලා හිටියා අවුරුදු 2 ක්. ඒ කාලේදී මම ලියනවා කියලවත් කියන්න අකමැත්තෙන් හිටියේ. පත්තරෙන් අයින් උනේ 2008. ඊටපස්සේ ඉඳල 2010 තමයි ආයේ ලියන්න ගත්තේ. එතකන් පත්තරේ අය මං ලව්වා ලියාව ගන්නම හැදුවා. මට කොච්චර ලියන්න හිතුවත් වචනයක් වත් ලියාගන්න බැරි උනා. අපෝ දැන් නම් බයත් හිතෙනවා.
ReplyDeleteඅනේ මට නම් කිසිම ඉහෙන් බහින රෝගයක් නෑ නින්ද යන්නෙ නැති එක ඇරුනම
ReplyDeleteකතන්දර ඇත්තෝ ඔය කතාව කලින් කීවා නම් මේ චූටි කුමාරිලාට කියලා අල්ලවගන හිමාලේ නග්ගගන්ට තිබුනනේ අපූරුවට.
ReplyDeleteවැඩ ඇරුනට පස්සේ ඔය උද්‍යානයක් පැත්තේ කැරකිලා,ගෙදර යනකොට කෝච්චියක බස් එකෙක යනගමන් ඕප දූප ටිකක් හොයාගත්ත නම් ඉබේටම කතා මැවේවි.
ReplyDeleteකතන්දර සූරින්ගෙ කතන්දර කියෙව්වට අද තමයි කමෙන්ටුවක් දාන දවස. මාත් හා හා පුරා කියලා පටන් ගත්තා බ්ලොග් එකක්, වෙලාවක් තිබුනොත් ගිහින් බලන්න. ඔබතුමා ගෙ අදහස් වටිනව නෙව.
ReplyDeletehttp://srilankansoftware.blogspot.com/
හික් හික් . . . . මට ඔය ලෙඩේ හැදුනෙ ලියන්න පටං ගන්නත් කලිං . . . ඒකනෙ මගෙ බ්ලොග් එකේ පහුගිය අවුරුදු දෙකටම මොකුත් නැත්තෙ . . .
ReplyDeleteතාම ලෙඩේට බේත් ගන්නව . . . . තව මාස දෙක තුනකින් විතර නිට්ටාවට සනීපවෙයි . . .
කොහොමත් හාමිනේට කියන්න කියල ඉන්නෙ ඉක්මන් සුවය පතා"බෝධි පූජාවක්" වත් කරන්න කියල
@සොඳුරු සිත
ReplyDeleteඔයා ට ඔය ලෙඩේ හැදුණ වෙලේ පාඨකයෝ කම්පා වුණා මට මතකයි.
ඒත් අපේ රත්නායක මහත්තයට රයිටර්ස් බ්ලොක් හැදුනට අඩු වශයෙන් ඌටවත් ගාණක් නෑ!
@සූර සරදියෙල්
ReplyDelete@හෂිත මධුශංඛ
@ජනනි
ඕක ට හොඳම බේත තමයි මිල්ක් ඔෆ් මැග්නීෂියා.
ඕනැ බ්ලොක් එකක් නිට්ටාවටම සනීප වෙනවා!
@Observer
ReplyDeleteබ්ලොග් පාඨකයින්ටත් රීඩර්ස් බ්ලොක් හැදෙනවා වගේ, ඒකද බුරාතීනෝ පෙන්න නැත්තේ?
@රංග
ReplyDeleteඔයාට තියෙන්නේ වෙන ලෙඩක්.
ඒකනේ L4NK4N එක ගැලෙව්වේ. මගේ ලෝකයෙත් කෑලි හැලෙන්නේ!
@neetha
ReplyDeleteතෑන්කිව් කිව්වා නීතා කුමාරි
ඒත් මගේ වෙන්ඩ කතන්දර ලිස්ට් එකේ මාතෘකා සීයක් තියෙනවා කියලා කිව්වනේ.
ලියන්න තමයි ලේඩේ ආවේ.
@ඕනයා
ReplyDeleteහාමිනේ ගේ ලෙඩේ සනීප වෙන්නේකොයි කාලෙද?
මානසික විශ්ලේෂණයක් කලොත් [මෙච්චර රයිටර්ස් ලා ඉන්න ලෝකේ මට මනෝ වෛද්‍ය වරයෙක් වෙන්න බැරි ද?]
ReplyDeleteමේකට හේතුව නම් carried-away මානසිකත්වයක් ඇතිවීම. ලිවීමෙන් කියවන්නන් වැඩිවේ. කියවන්නන් කොමෙන්ටු දමති. කොමෙන්ටු වැඩි විට ලියන්නට සිතේ. වැඩිපුර ලිවීමෙන් වෙහෙසකර වන අතර කොලිටිය බහි. මෙහෙම කරගෙන යනකොට එක පාරට, what clothe is this? කියා සිතීමත් සමගම එක වරම ලිවිම නවතී. නැවත යථා තත්වයට පත වන්නේ තරමක කාලයකිනි.
මේ නිසා කියවන්නා මත ලියන ප්‍රමාණය වෙනස් වීම නවතා ගත්තොත් මින් අත් මිදිය හැක.
මටත් ඔය රත්නායක මහත්තයට වගේ ලියන්නට කලින් ඔය ලෙඩේ හැදුන
ReplyDeleteඅපි මෙහෙ ඉන්නවෝ.. අකුරක් කොටන්ට කම්මැලිකමට කොමෙන්ටුවක් දැම්මෙ නැතෝ.. සොරි වෙන්ටෝ..
ReplyDeleteමෙහෙම ගියාම අපිට "කොමෙන්ටු රයිටර්ස් බ්ලොක්" ලෙඩකුත් හැදෙයි ද මන්දා
ReplyDeleteක.කා. අද වාට්ටුවක්ම වෙන් කොරල ඕO, කට්ටියටම වැටිල ඉන්න......හික්
ReplyDeleteමටත් දැං රයිටර්ස් බ්ලොක්!
ReplyDeleteඔය සිද්ධියම නවම් මාවතේ චූටි මැණිකේ අන්තිමට දාපු පෝස්ට් එකේ තියෙන ව මෙන්න මෙහෙම"අනේ දෙයියනේ බලන්න දුකයි.පටංගන්න කොට දවසට පෝස්ට් දෙකක් විතර දාපු මනුස්සයා ටික කාලෙකින් සතියකට දෙකක් ඊටත් පස්සෙ සතියකට එකක් දාන තරං නිර්මාණ බංකොලොත් භාවයකට පත්වෙලා."
ReplyDeleteමේක කියෙව්වම බ්ලොග් අවකාශයට අලුත් වුනත් මටත් ඒ ලෙඩේම හැදුනා.මටනම් ඉතින් දුම් වැටියක් පත්තු කරාම සිතුවිලි ගලාගෙන එන හිංද යන්තම් ගොඩ ගියා.
අනික මේ ඔය රෝගෙ තියාගෙන අල්ලපනල්ලේ කොරන නිර්මාණවල බංකොලොත්භාවයක් තියෙනවා වගේ.
රෝගේ නම දැනගත්ත එක ගැනනම් සතුටුයි.