Sunday 30 May 2010

පෝසත් කෙල්ලයි දුප්පත් කොල්ලයි ද? දුප්පත් කෙල්ලයි පෝසත් කොල්ලයි ද?


ඔය ලව් ස්ටෝරීස් තියෙනව නේද? ඕව ලියන එක එක වට්ටෝරු තියෙනව. ඒ මොන වට්ටෝරුව අනුව ලිව්වත්, ලව් ස්ටෝරීස් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වර්ගීකරණය කරන්න පුළුවන්.

පලමුවෙනි වර්ගය තමයි පෝසත් කෙල්ලෙකුයි දුප්පත් කොල්ලෙකුයි අතර ඇතිවන ආදර සම්බන්ධකම් ගැන කියවෙන ලව් ස්ටෝරීස්. දෙන්නගෙ ආර්ථිකේ එහෙම වෙනස් වෙලා විතරක් මදි, ඒ අසමානතාවය ලව් ස්ටෝරියට බලපාන්නත් ඕනැ. දන්නවනෙ, කෙල්ලගෙ තාත්ත කියනව "උඹ ඌ එක්ක ගියොත් මගෙන් සතයක් වත් හම්බවෙන්නෙ නෑ!" කියල. කෙල්ල කියනව කොල්ල එක්ක "මට පුළුවන් ඔයා එක්ක ගිහින් සම්බෝලයි බතුයි හරි කාල ජීවත්වෙන්න!" කියල. අන්න ඒ ජාතියෙ කතා.

දෙවෙනි වර්ගය තමා මේකෙ අනිත් අන්තය, ඒ කියන්නෙ, දුප්පත් කෙල්ලෙකුයි පෝසත් කොල්ලෙකුයි අතර ඇතිවෙන ආදර සම්බන්ධකම් ගැන කියවෙන ලව් ස්ටෝරීස්. නැවතත්, සල්ලි ඇති නැති පරතරය, ලව් ස්ටෝරි එකට බලපාන්න ඕනැ. කොල්ල කාරෙකෙන් එනව කෙල්ල බලන්න. කෙල්ලගෙ ගෙදරින් අකමැතිම නෑ. "දුවේ, ඔය සල්ලිකාරයො විශ්වාස කරන්න පුළුවන්ද?" කියල කෙල්ලගෙ අම්ම අහනව. "මට එයා ඉර හඳ වගේ විශ්වාසයි අම්මෙ!" කෙල්ල කියනව. දන්නවනෙ මේ ජාතියෙ කතා.

එච්චර වැදගත් නැතිවුනත් තුන්වෙනි ලව් ස්ටෝරීස් වර්ගයකුත් තියෙනව. ඒ තමයි කෙල්ලගෙයි, කොල්ලගෙයි ආර්ථික තත්වය ආදර සම්බන්ධයට බලපාන්නෙ නැති ලව් ස්ටෝරීස්. එහෙම වෙන්න නම් අනිවාර්යයෙන්ම එක්කො දෙන්නම දුප්පත්, නැත්නම් දෙන්නම පෝසත් වෙන්න ඕනැ. එහෙම නැතුව පොඩ්ඩක් හරි ඇති නැති පරතරයක් දෙන්න අතර තිබුනොත් ඉතිං ඕක කොහෙන් හරි කොනකින් ඇදිල එනවනෙ රියලිස්ටික් ලව් ස්ටෝරීස් වල!

අපි දන්න කෙල්ල පෝසත්, කොල්ල දුප්පත් වර්ගයේ ලව් ස්ටෝරීස් ගැන පොඩ්ඩක් හිතල බලමු. චුල්ලපදුම කුමාරයගෙ බිසවගෙ දෙවෙනි ලව් එකේ, පටාචාරා ගෙ කතාවෙ ඉඳල, කුමාර කරුණාරත්න ගේ, එඩ්වඩ් මල්ලවාරච්චි ගේ වගේම මං කියවලා නැති සුජීව ප්‍රසන්නආරච්චි ගේ නවකතාවල මේ වගේ ලව් ස්ටෝරීස් ගොඩක් තියෙනව. බොහොමයක් කතන්තර ඉතිං සුඛාන්ත තමයි. හැබැයි, සමහර ඒවා දුඛාන්ත.

අනිත් පැත්තෙන් බැලුවොත්, කොල්ල පෝසත් කෙල්ල දුප්පත් වර්ගයේ ලව් ස්ටෝරීස් ගැන -බුදු අම්මෝ, මේව තමයි වැහි වැහැල තියෙනේනෙ. මල් කතා, ටෙලි නාට්‍ය ඉතිං බොහොමයක් මේ කැටගරි එකේ තමයි.

ටික කාලෙකට කලින් මට මේ සම්බන්ධයෙන් ආව පොඩි ප්‍රශ්ණයක්. ඒක තමයි අර මුල් දෙවර්ගයේ ලව් ස්ටෝරීස් වලින් කොයි වර්ගය වඩාත් තාත්වික ද කියන එක තෝරා බේරා ගන්න. ඒ කියන්නෙ පෝසත් කෙල්ලයි දුප්පත් කොල්ලයි ඉන්න ලව් ස්ටෝරීස් ද වඩා රියලිස්ටික් නැත්නම් දුප්පත් කෙල්ලයි පෝසත් කොල්ලයි ඉන්න ලව් ස්ටෝරීස් ද කියන ප්‍රශ්ණය.

ඔන්න ඔය ප්‍රශ්ණෙට පිලිතුරු හොයාගන්න මං මීට අවුරුදු කීපයකට කලින් පොඩි සමීක්‍ෂණයක් කළා, මං දන්න දන්න අය අතරේ.

ඒකෙන් සොයාගත්තු කරුණු සහ නිගමන ගැණ කියන්න කලින් මට හිතුන, සිංහල බ්ලොග් පාඨක පිරිස අතර මේ ගැන සමීක්‍ෂණයක් තියන්න.

ඉතිං හොඳ ළමයි වගේ ඔය දකුණු අත පැත්තේ කොලම් එකේ උඩින්ම තියෙන ප්‍රශ්නෙට උත්තර දීල යන්නකෝ. අවංකවම උත්තර දෙන්න. තමන් කොල්ලෙක් ද කෙල්ලෙක් ද කියල කියන එකත් මේ සමීක්‍ෂණයේ වැදගත් අංගයක්.

තෑන්ක් යූ එකක් වේවා!

කතන්දරකාරයා
ප/ලිඃ
ඔන්න මං ඉස්සිස්සෙල්ලාම වෝට් කළා!

16 comments:

  1. කතන්දර අයියාටත් හිතෙන දේවල් ..........

    [ දැන් ජන[ලව්] සංඛ්‍ය ලේකන එකේද වැඩ? ]

    ReplyDelete
  2. කකා, මොකද ජනප්‍රිය ලව්කතාවක් ලියන්න ද අදහස ?

    ReplyDelete
  3. ඔන්න මමත් ඡන්දෙ දැම්මා :D

    ReplyDelete
  4. අනේ මන්දා මම මේ ස්ටෝරි වර්ග දෙකටම කැමතියි.. දෙකම කියවලා තියේ.. ඒත් ඉතිං එකකට චන්දෙ දුන්නා..

    ReplyDelete
  5. ඉතිං මම ඔය දෙකටම විශේෂ කැමැත්තක් නෑ නොවැ. දහ අතේ කල්පනා කළා මොකටද මනාපෙ දෙන්නෙ කියලා.. දෙකටම කැමතියි හෝ අකමැතියි කියල විකල්පයක් නොතිබ්බ නිසා මනාපෙ දුන්නෙ නෑ.

    ReplyDelete
  6. ඔන්න ඉතින් ජේ.ඩී කොලුවත් ඡන්දෙ දැම්ම කියපන්කො......... ඒත් ඉතින් මම ඔය කතා කියවන්නෙ නැති එකතමා අවුල.
    කමක් නෑ ඔය ඔක්කොටොම හරියන්න ෆිල්ම්වල තියෙන්නෙ කියල ගැහුව එකකට :D

    ReplyDelete
  7. මටනම් මෙතන තියෙන වටිනාම දේ තමයි.. කතන්දර මලයගේ නිර්මාන හැකියාව.. දැන් ඉතින් අපටත් මේ වෝටින් වැඩෙනුත් ප්‍රයෝජනයක් ගන්න පුලුවන්...

    මෙන්න ඇගිල්ල.. මාත් මගේ වටිනා ඡන්දය පාවිච්චි කොළා......

    ReplyDelete
  8. ඔන්න මාත් 10- 20 ගනන් කරලා එකක් දැම්මා ;-)

    ReplyDelete
  9. ඔන්න මමත් චන්දේ දුන්න.....!!

    කොල්ල දුප්පත් නම් ඉතින් පස්සෙ ආදරේ කන්න බැ කියයිද?

    එක නිසා මම කමති කොල්ල පොසත් නම්...

    පස්සෙ කරදර නැ නෙ...

    නත්නම් කොල්ල කෙල්ලගෙ WIFE වෙනව........

    කතා ඔක්කොම දෙන්න එක්කතු වෙන තැනින් ඉවරයි. උන් 2න ජ්වත්වෙන්නෙ කොහොමද කියල
    කවොරුත් කියන්නෙ නැ නෙ... නෙද?

    ReplyDelete
  10. කතාවක් හැටියට සලකල බැලුවොත් කොල්ල පෝසත් වීම තමා හොඳ. ඒත් සැබෑජීවිතේ නම් දෙන්නම එකම ආර්ථික තත්වයෙ සිටීම තමා සුදුසු. මොකද කොල්ල කෙල්ල කොච්චර ආදරෙන් අවභෝදයෙන් උන්නත් නෑයින්ගෙන් ප්‍රශ්න කෙනිහිලි ඇති වෙන්න පුලුවන්. නෑ දෙමව්පියො නැතිව හරි අයින් කරල හරි ජීවත් වෙන එක සිංහල රටාවට අකැපයි සහ ප්‍රායොගික නැහැ නොවැ. අර කතාවටත් කියන්නෙ " පෙළපත මොටද වරිගෙ නැති!" කියල.

    ReplyDelete
  11. මමනම් කැමති කොල්ල දුප්පත් චරිතෙට.එතකොට කෙල්ල ඌට ආදරේ කරන්නෙ හදවතින්මයි.(කෙල්ල පෝසත් උනත් එකයි,දුප්පත් උනත් එකයි.)

    ReplyDelete
  12. මටත් දෙකෙන් එකක් තීරණය කර ගන්න බෑ. ඒක හින්ද චන්දය දුන්නෙ නෑ. දෙකටම කැමති හෝ අකමැති අයට තෝරන්න එකක් නෑ නේද? සොරි වෙන්න ඕනි!

    ReplyDelete
  13. මට නම් මේ හිතාගනන් බැරුව ඉන්නේ...:-o
    කෙල්ල පෝසත් කොල්ල දුප්පත් කතාවල වෙන්නේ අර චුල්ලපදුම කුමාරයගේ බිසවගේ දෙවනි ආදර කතාවේ වගේ අර කොටාව කරේ තියාගෙන කුමාරයගෙ සතුට බල බලා හූල්ලන එක.පටාචාරාවට උනෙත් අන්තිමෙදි තමන්ගේ කියලා කාත් කවුරුවත් නැති වුන එක.

    එහෙම එකේ ආදර කතා ගැන නොහිතා හිටියහම ඇගට ගුණයි.... :D :D
    කතාන්දරටත් හිතෙන්නේ මහ පුදුම ඒවනේ :) :)

    ReplyDelete
  14. මගේ සමීක්‍ෂණය සාර්ථකව ඉදිරියට ඇදෙයි.

    මෙයට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම තුති.

    නිගමන පසුවට.

    ReplyDelete
  15. හෝ. හෝ.... මං දැනුයි ඡන්දෙ දාන්න ආවේ. මෙයා ඉස්තුති කරලත් ඉවරයි!

    ReplyDelete
  16. කෝ අපි එනකොට නිගමන දාන්නත් ලේස්තියිනේ.
    මේවා (වි)ජාතික කුරුමන්තන

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.