Thursday 8 August 2013

උංගු පුතා සහ ගංගි බේබි - Not grown up yet?


අප්‍රිකාවේ එක්තරා ට්‍රයිබ් එකක බබෙක් ඉපදුණාම ඒ බබා ගේ තාත්තා පවුලේ තවත් වැඩිහිටියෙක් එක්ක බබාවත් වඩාගෙන යනවා ලු කැලේ මැද්දට. ගිහින්, බබාව අහසට උස්සලා බබා ට දාන නම කියලා කෑ ගහනවා ලු.

ඒ චාරිත්‍රය ඉටු කරලා බබාවත් අරං ආපහු ගමට එන ඒ දෙන්නා වෙන කාටවත් ඒ බබාට දාපු නම නොකියා රහසක් විදියට රැකගන්නවා ලු.

මේ බබා ට අර නමෙන් නැතුව වෙනත් නමකින් ලු කතා කරන්නේ.

කැලේ දී දාපු නම දන්නේ වැඩිහිටියෝ දෙන්නයි, කෑ ගැහිල්ල අහං හිටපු දෙයියයි විතරයි!

අපි දන්න කී දෙනෙකුට ඔය අප්‍රිකා නං දැමිල්ල දාලා තියෙනවා ද? අපි ඒ අයව දන්නේ උප්පැන්නේ තියෙන නමින් නොවෙයි වෙනත් නමකින්.

පර්සි මහේන්ද්‍ර, නන්දසිරි විජේවීර හොඳම උදාහරණ දෙකක්.

සමහරු උප්පැන්නේ නම වෙනුවට වෙනත් සම්ප්‍රදානුකූල නමක් පාවිච්චි කරනවා. සමහරුන් ගේ නම්වලට මං කලින් දවසක තඩි ප්‍රියන්ත ලොකු අතුල සහ හොඳ සුරන්ජිත් කතන්දරේ දී කියුවා වගේ විශේෂණ පද එකතුවෙනවා.

තවත් සමහරුන්ට ලොවෙත් නැති නම් පටබැඳෙනවා.

ඒ විදියට පටබැඳෙන නම් සමහර වෙලාවට ඇරඹෙන්නේ තමන් ගේ ගෙදරින්මයි.

මට මතකයි මං පොඩි කාලේ අපේ තාත්ත ගේ මහ ගෙදර ඉන්න කාලේ මං පවුලේ ලොකු ළමයා හින්දා අපේ බාප්පා මට ලොක්කෝ කියලා කතා කරන්න පටන් ගත්තා.

ඒක බාප්පාට ප්‍රශ්ණයක් නොවුණේ පොරට පවුලේ අනිත් අය කිව්වේ පොඩි කොලුවා කියලයි. ඒ පවුලේ බාලයා නිසයි. මතකද අර පරණ ටෙලියකත් හිටියේ පොඩි මෑන් කියලා ළමා චරිතයක්?

කතන්දර කුමාර වගේ හොඳ නමක් තියෙන මං කැමති වුනේ නෑ මට ලොක්කා කියලා කියන එකට. මං අපේ බාප්පාට එහෙම කියන්න එපා කියලා කිව්වාම පොර කියපි එහෙම නම් ගෙදරට කියන්න වෙනත් නමක් දා ගන්න, නිකං මංජුල වගේ එකක්, කියලා!

මං නෙමෙයි ඒවට අහුවුනේ!

ඔය සේරම කිව්වේ පොඩි කතන්දර දෙකක් කියන්නයි.

ඔන්න අපේ කාලේ කැම්පස් හිටිය කෙල්ලෙක් පස්සේ කළුබෝවිල හොස්පිටිතාලේ ඉන්ටර්න් කෙනෙක් විදියට හිටියා. ඒ දවස්වල එයා නතරවෙලා හිටියේ හොස්පිටිතාලේ ඇතුලේම තිබුණු නේවාසිකාගාරයකි.

දවසක් සෙකුරිටි පෝස්ට් එකෙන් මෙතනට කෝල් එකක් එනවා.

"ඔතන ඉන්නවද ගංගි බේබි කියලා කෙනෙක්. මේ කවුද ඇවිල්ලා ඉන්නවා හම්බ වෙන්න".

පස්සේ බැලින්නම් මේ ගංගි බේබි කියලා හොයන්නේ අපේ මේ අවුරුදු විසිපහක ගෑල්ළමයාවයි. මේ ඇවිත් තියෙන්නේ මේ ගොල්ලෝ පොඩි කාලේ ඉඳලාම දන්න කියන හිතවත් පවුලක කෙනෙක්. මේ වෙනකොට ගංගි බේබිටත් අමතක වෙලයි තිබුණේ තමන්ගේ ඒ නම!

දෙවෙනි කේස් එක වුනේ බංකියකයි. (බැංකුව කියන එකට හොස්පිටිතාලේ නමේ අච්චුවෙන් කියන්න පුළුවන් බංකිය කියලා. මට මතක විදියට සරච්චන්ද්‍ර ගේ මළගිය ඇත්තෝ නවකතාවේ බංකිය, තලදසුන වගේ වචන භාවිතා කරනවා).

මේ බංකියට දවසක් අමුත්තෙක් ඇවිත් බංකියේ වැඩ කරන කෙනෙකුට දවල්ට කෑම එකක් අරගෙන. කෑම එක සෙකුරිටි එකට දීලා ගිහිල්ලා. දැන් ඉතිං සෙකුරිටි එකෙන් මේ දවල් කෑම එකේ අයිතිකාරයා හොයනවා.

හොඳ වෙලාවට ගෙදරින් බත් එක එවන කොට අම්මා ඒකේ නම ලියලා තිබුණා.

පොඩි ප්‍රශ්නයක් වුනේ ඒ "උංගු පුතා" කියන්නේ බංකියේ වැඩකරන මිස් ලා ගෙන් කොයි එක්කෙනාද කියලා හොයා ගන්න එක විතරයි!

-කතන්දරකාරයා

ප/ලි:
බබා ලා ගේ නම් ගැන මං 2009 දී ලියපු කතන්දර කිහිපයකට මෙන්න පාර.

1. පබා ල ගෙ, බබා ල ගෙ නම් ගැන කතන්දර කිහිපයක්

2. බබා ල ගෙ නම් ගැන කතන්දර - II කොටස

3. අම්ම ගෙ නම දුවට - බබා ල ගෙ පබා ල ගෙ නම් ගැන කතන්දර

4. ආච්චි ලා ගේ බබා ලා ගේ නම්


http://themadadr.wordpress.com/2010/04/26/do-nicknames-count/

59 comments:

  1. මං දන්න එක්කෙනෙක් ගොඩක් අයට කියන්නේ පැටියෝ කියලා...මොකද එයාට නම් මතක් තියෙන්නේ නෑ...

    කැම්පස් වල දාන කාඩ් නම්ජීවීත් කාලයටම හරි යනව කියාලා කියනවා...

    ReplyDelete
    Replies
    1. මයියා කියලා සාමන්‍යයෙන් කියන්නේ මහින්දලාටයි!

      මහින්ද කියලා කියන්නේ මහේන්ද්‍රලාටයි!

      Delete
    2. මහින්දලාට අපේ පැත්තේ නම් දාන පොදු නම මයිනා

      Delete
  2. පොඩි කාලේ ගෙදරට කියපු නම් හින්දා පස්සේ කාලෙක අපහසුතාවයට පත්වෙන අය නම් අනන්තවත් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. උක්කුං වගේ නම් තමයි නියම!

      Delete
  3. ෂා, අදනම් නියම හරබර ලිපියක්.

    ReplyDelete
  4. mata podi kaale kivva nama kivvoth mata thava nam hadeyi.

    ReplyDelete
    Replies
    1. ජපානයට ගිය මුල් කාලෙම මට එවුන් කිව්වෙ Kenji කියල.මගෙ සිහල නමට කිට්ටුවෙන්වත් යන්නෙ නැහැ.
      මම හිතන්නෙ නළු පෙනුම වෙන්න ඇති.

      Delete
  5. ඔය සීන් එක වුනා, අපි හිටපු බෝඩිමේ ආන්ටි කාමරේට තට්ටු කරලා කියනවා "පුතාලා මෙන්න කලුපුතාට ගෙදරින් කතාකරනවා" කියලා. අපිත් බැලුවා මොකද මේ කියලා,කවුරුත් සද්ද නෑ, ඊට පස්සේ එකෙක් ඇහුවා කවුද ඇන්ටි කතා කරන්නේ කියලා, "කලුපුතාගෙ තාත්තා ලු",අනේ කාලේ වනේ වාසේ කියලා අපි හතර දෙනාගෙන් එකෙක් වත් කළු පුතා වුනේ නෑලු.හැබැයි වැඩේ මාට්ටු වුනේ එකෙක් රෑ හොරෙන්ම පාරේ කණුවට ගිහින් ගෙදර මිනිස්සුන්ට බනින හැටි අතේ මාට්ටු වුනාම.

    ReplyDelete
    Replies
    1. සුදු කළු ලෝකයක කළු පුතා නෝටි එකෙක්. අඩු වශයෙන් ග්‍රේ ස්කේල් එකේ දාන්න තිබුණානේ!

      Delete
  6. බ්ලොගෙන් නම් හදාගත්තු අය
    ඔයා = කකා
    මම =රාළ
    තව ඉන්නවා
    =අටමා
    =මාරයා
    =සිරා
    ?
    ?
    ? කට්ටියට පුළුවන් අඩුපාඩු පුරවන්න

    ReplyDelete
    Replies
    1. උඹ හිතන් ඉන්නෙ අනිත් එවුන්ට වැඩ නෑ කියලද?

      Delete
    2. කතන්දරකාරයා යනු මේ බ්ලොගය වෙනුවෙන් ගොඩනගන ලද චරිතයකි.
      කකා යනු එහි මුලකුරුය. දිසානායක මුදියන්සේට දිමු කියා කියන්නාක් මෙනි!

      Delete
  7. හපොයි ඔය ගැන නම් කියලා වැඩක් නෑ. පොඩ්ඩිට වෙලා තියෙන දේ බලන්ටකෝ. ගෙදර අයට 'පොඩ්ඩි' අහවලාට 'පැටියා' ...වැඩේ කියන්නේ ඒ නම් දෙකටම මම කැමතී. නැත්නම් ඉතින් මොනවාම හරි කරන්ට තිබුණා. :D

    ReplyDelete
    Replies
    1. දැන් දරු පැටව් ලැබුණාම හබියා මෙනාවා කියයිද මන්දා? බබාගේ අම්මා කියයිද?

      Delete
  8. මට නම් අදටත් කියන්නේ ලොක්කා. පොඩි කාළේ අකමැති උනේ, ගෙදරට කිරි ගෙනාපු එකත් (පොඩි කාලේ කියන්නේ මාමා.) ලොක්කා නිසා. දැන් නම් ඒකට බොහොම මනාපයි.

    ReplyDelete
    Replies
    1. අපි කියන්නෙත් ලොක්ක කියලනෙ.

      Delete
    2. අපි මාතලන්ට ලොක්ක කියනව. ලොක්ක මොනව කියනවද දන්නේ නෑ!

      Delete
    3. ලොක්ක කියන්නෙ රනිල් කියල.

      Delete
  9. අද ලිපිය නම් නියමයි කකා. එක හුස්මටම කියෙව්වා. මට කට උත්තරත් නැතුව ගියා.
    මම අද 1ද මන්දා ?

    මම එක ඇනෝ.

    ReplyDelete
    Replies
    1. කැපිටල් ඇනෝ අංකල් නං දැං දැං යමක් කමක් ලියනව. ඔහෙත් ඒ වගේ වෙයි ටික දවසකින්.

      Delete
  10. මේ වගේ නම් දැමීම වැරදි අදහසක්, විශේෂයෙන් ම ප්‍රායෝගික අතින් තමයි. මෙම වැරදි විශ්වාසය තමයි බැස්ටියාට් විසින් “ඉටිපන්දම් හදන්නන්ගේ පෙත්සමෙන්” පෙන්වා දෙන්නෙ. ගෙදරවල් වල හුරතලේට නම් දැමීම මඟින් ප්‍රංශයේ දේශීය නිෂ්පාදකයාට යහපතක් සිද්ධ වෙනවා යන්න සත්‍යයක් නම් සූර්යයා වසා දැමුවොත් සූර්යයාලෝකය දහවල් කාලයේ පවතින නිසා ආලෝකය ලබාදෙන්නට සූර්යයා හා තරඟයට මුහුණ දෙන ඉටිපන්දම් හදනා අයට යහපතක් වෙනවා යැයි ද සත්‍යයක් වෙනවා දැයි විමසීම. බාගයකින් වාසියක් ඇත්නම් සම්පූර්ණයෙන් වැඩි වාසියක් ලැබෙනවා නේද යැයි බැස්ටියාට් ප්‍රශ්න කරන්නේ මෙම වැරදි අදහසේ නිරර්ථකත්වය (absurdity) පෙන්වා දෙන්නටයි.

    ReplyDelete
    Replies
    1. බැස්ටියාට් ඉටිපන්දම් හැදුවෙ මොකටද දන්නෙ නෑ නේද? :-)

      Delete
  11. අපේ තඩිම තඩි මලයට තාම කියන්නේ චූටි පැටි කියලයි. යාළුවෙක්ගේ අයියට කතා කරන්නේ “රත්තරං පුතා“ කියලා.. මිනිහා විසේසඥයෙක්.. අම්මාට ගමේ කියන්නේ රත්තරං අම්මා කියලයි. හොව් හෝව් මග්ගොන පොර නෙමෙයි..

    ReplyDelete
  12. ඔයවගේ සීන් එකක් මටත් උනා. දවසක් කැම්පස් එකේ යාලුවෙක් දුන්න උගේ නම්බරේ. ඔන්න මම මොකද්දෝ උවමනාවකට කතා කලා. ෆෝන් එක ගත්‍තෙ උගේ අම්ම. මම ඇත්තටම දන්නෙ උගේ කාඩ් එක විතරයි. ඒක ටිකක් විතර කැත අසභ්‍ය නමක්. මම ගල් ගැහුන නම දන්නෙ නැති නිසා. පස්සෙ අර කැම්පස් එකේ ඉන්න මල්ලිට කතා කරන්න කියලයි ඌ ගෙන්න ගත්තෙ

    ReplyDelete
    Replies
    1. කාඩ් එක වගේම අමාරු කේස් එකක් තමයි වාසගමින් විතරක් දන්න අයට ගෙවල්වලට කෝල් කරන එක. තාත්තා තමයි ෆෝන් එකට එන්නේ!

      Delete
  13. මේ දවස්වල මම ලෙඩ ගානේ හන්දා සංගණනය දාන්න වෙන්නේ නෑ කකා. උනක් හැදිලා හරිම අමාරුයි. සංගණනය තුලින් මම ලොකු සතුටක් ලබනවා. මේ ලෙඩේ නිසා මට ඒ සතුටත් ලබන්න වෙන්නේ නෑ.. දුක තමයි :( :( :(
    මේ ආවෙත් අළුත් පෝස්ට් වැටිලද කියලා බලන්න.

    සංගණන ඇනෝ.

    ReplyDelete
    Replies
    1. මූට කොමෙන්ට් දාලා වැඩක් නෑ... මේ..... උගුඩුවා මකනවා.....

      Delete
    2. දැන් මාසෙකට කලිනුත් ලෙඩ වුනා නේද? වෛරස් ද, නැත්තං වෙන මොකක් හරිද?
      ඉක්මන් සුවට ලැබේවා!

      Delete
    3. වයිරස් උනක් තමා.
      වැස්සනේ කක. ලෙඩ බෝවෙනවා වැඩියි.


      සංගණන ඇනෝ.

      Delete
  14. අං දිග ගෝණා වගේ ඔලුව උදුම්මගෙන ඉන්නවා.... බලමුකො හිට්ස් අඩු වෙනකොට බඩ ගාගෙන එනහැටි ඇනෝලා මතක් වෙලා.....

    ආයෙ පැත්ත පලාතෙ එන්නෙ නෑ උඹේ රෙද්ද බලන්න....

    මුල මතක නැති "හොට කපපු පැස්බරා"..... මේ පාර උඹේ පොතත් ගන්න හිටියෙ... ගන්නෙ නෑ... ඒ සල්ලි වලින් බල්ලොන්ට බනිස් අරන් දෙනවා....

    ReplyDelete
    Replies
    1. ඔබලාට ඕන නම් ඒ පැත්තේ ඇවිත් යා හැකිය.කිසිදු ඇනෝ කමෙන්ටුවක් වාරණය නොකරයි.ඕනෑම වලියක් පටන් ගත හැකිය.
      දුලාගේ අඩවිය | Dula's Place

      Delete
  15. පොඩි කාලේ මට කිව්වේ සුදු මහත්තයා කියලා.අදටත් ගමේ ගියාම එහේ කට්ටිය කතා කරන්නේ එහෙම.ඒත් දැන් පොඩි අවුලක් තියෙනවා.දැන් මම කලුයිනේ.හික් හික්

    ReplyDelete
    Replies
    1. අව්වෙම වේලිලා වෙන්නැති කළු වුනේ?

      Delete
    2. එතකොට ගල් බනිස් වලට එහෙම කියන්නෙ ගල් තිබිලද.උබ කලු නිසා තමයි එහෙම කියන්න ඈත්තෙ

      Delete
  16. වෙළඳ දැන්වීම් අනවශ්‍යයි!

    ReplyDelete
  17. කෝ මගේ කමෙන්ටුව

    ReplyDelete
    Replies
    1. මේක නෙමෙයි අනේ......දිග කමෙන්ටුවක් ලීවා.ඒක බහිරවය ගිල්ලැයි? :(

      Delete
  18. කකා......අපේ ගෙදර නංගිලා මල්ලිලා සෙට් එක මෙහෙමයි.ටයිනි,පිංකි.ලේනු.රෝසි.අපේ යාලුවෝ ගෙදර ආවහම අම්මගෙන් අහන්නේ"ඇන්ටි කොහොමද? ඇන්ටිගේ බලු පැටව් සෙට් එකම අද ගෙදරද"ආදී වශයෙන්.

    ReplyDelete
    Replies
    1. මං දන්න ඇන්ටි කෙනෙකුගේ බබෙකුත් ඉන්නවා පින්කි කියලා. තව දුවෙකුගේ නම මින්කා!

      Delete
  19. අපෙ අයියට පොඩිකාලෙ කිවුවෙ බෙබි කියල මට බබා කියල.දවසක් අපෙ නෑන්දල ගෙදර කටිටිය අපෙ ගෙදර යන්න ඈවිත් බස් ස්ටෑන්ඩ් එකෙ ඉන්නවලු මම ඉස්කොලෙ ඈරිල ආවම මාවත් එක්ක යන්න.එතකොට ඈවිත් තියෙනව අපෙ ඉස්කොලෙම අපෙ ගෙවල් ලග ඉන්න අයිය කෙනෙක්.එයාව ඩෑක්ක හෑටියෙ එහෙ අක්ක අහල තියෙනව "මල්ලි බබා හම්බ උනෙ නෑද්ද" කියල අරුයි උගෙ යාලුවොයි බස් ස්ටෑන්ඩ් එක දෙක වෙන්න හිනා වෙලා

    ReplyDelete
  20. අපෙත් ඉන්නවා හෙන සෙට් එකක්

    ReplyDelete
  21. කොහොමත් දැං ඉන්න පොඩි උන්ටනං මොකක් හරි කියන්ඩ පහසු වෙන නමක් පාවිච්චි කළාට කමක් නෑ.උංගේ උප්පැන්නෙ නම කියන්ඩ ගියාම දිව උළුක් වෙනවනේ.

    ReplyDelete
  22. //ඔබේ ප්‍රතිචාරය හැකි ඉක්මණින් මෙහි පලකෙරෙනු ඇත. මෙහි කිසිදු අදහස් වාරණයක් සිදු නොවේ. මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. Comments are moderated and with filthy content will be deleted. No other censorship.

    මේක අතේ පලවෙන බොරුවක් ! දැනටම සෑහෙන කමෙන්ට් ගොඩක් වාරණය කරලා !

    ReplyDelete
  23. http://anonymousaya.blogspot.com/2013/08/blog-post_8.html

    ReplyDelete
  24. කාලයක් එක්තරා වෘත්තීය සමිති නායකයෙක් අපි අනුරාධපුරේ ඉඳිද්දි නිතර අපේ ගෙදර හෝල්ට් එක ගැහුවා. එයාගේ නම ව්ලැඩිමීර් ලෙනින් වගේ එකක්.

    එක දවසක් කෝල් එකක් ආවා පිටරටින් සුරේෂ් ඉන්නවද අහලා. මම කිව්වා එහෙම කෙනෙක් නැහැ කියලා. නැවතත් මේ කෝල් එක ආවා. එහෙන් කිව්වා අද හවස සුරේෂ් එනවා ය කිව්වා කියලා. මම රෝං නම්බර් කියලා තිබ්බා. හවස අර ව්ලදිමීර් ලෙනින් ආවා. ඇවිත් අහනවා ඌට කෝල් එකක් ආවද කියලා.

    බැලින්නම් ලෙනින්ටත් අර වගේ නමක් තිබිලා, ගෙදරට කියන.

    ReplyDelete
  25. KOMENTU WARANAYA SAMBANDAWA APAGE BALAWATH WIRODAYA
    KAKA = HITLAR,IDI AMEEN,MAHINDA ETC...

    ReplyDelete
  26. අපේ අප්පචිචිට අපි පොඩි කාලේ කිවේ අප්පි කියල.දැන් අපි ඔක්කොමල කසාද බැඳලා නිසා ඒ බැඳිච්ච අය කියන්නෙත් අප්පි කියල.පිට කෙනෙක් එක්ක කතා කරනකොට ඔක්කොම අවුල්.අයි කවුරුත් දන්නේ නැහැනේ අප්පි කතාව...

    ReplyDelete
  27. ඉස්සර අපේ ගෙවල් ළඟ අයියල මල්ලිලා තුන්දෙනෙක් හිටිය. ලොකුළමයගේ නම ලංකානාථ. අනිත්දෙන්නට තිබුනේ සුදේශ්, චතුර වගේ නම්. එයාලගේ අම්මා ඒගොල්ලන්ට කතා කලේ ඊටත්වඩා වෙනස් හුරතල් නම් වලින්. එත් ගැටවර වියේ ඉඳන්ම මෙයාලගේ
    කල්කිරියාව අප්සෙට් වෙන්න ගත්නිසා ගමේ මිනිස්සු වැඩිමලාට කියන්න ගත්ත ලෝකානාථ හෙවත් ලෝකයා කියලා. අනිත්දෙන්නටත් නම් වැටුන රටඅනාථ සහ ගමඅනාථ කියල.

    ReplyDelete
  28. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 55
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 3
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 10
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 16
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 26

    ReplyDelete
  29. අපේ ‍ගෙදරත් ඔහොම දෙයක් උනා..දවසක් අපේ අයියගේ පුතාගේ කැමපස් යා‍ලුවෙක් ගෙදරට කෝල් එකක් දීල අහනව...අංකල් මනාට කතා කරන්න පුලුවන්ද කියල..අපේ අයිය අයිය එක පාරටම ඇහුවෙ මොකාට? කියල..එච්චරයි කෝල් එක කට් උකා...

    ReplyDelete
  30. MATATH PODIKALE KEEWE 'SUDA' KIYALA.MAMATH GENULAMAYEK.MAMA H.S.C. KARANA KALETH SAMAHARA LAMAY MATA SUDA KIYALA KATHA KALA. MARA PAL EKANE.MOKADA DANNAWADA ?MATA THATHTHA KATHAKARANNE "SUDOOOO" KIYALA ONIMA THENAKADI.MAMA RANDU UNA EKALE THATHTHA EKKA.DENNAM HINA,MATATH DEN 60 PENALA.

    ReplyDelete
    Replies
    1. හැට තුනයි මාසයයි සති තුනයි නේද?

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.