Tuesday 17 September 2013

දන් දුන්නොත් පින් ලැබේද? (බුද්ධාගමට අපහාස කරන ලිපියක් නොවේ) - The power of giving, oh yeah!


පන්සල් ලඟින් යනකොට පස්ස පැත්ත උස්සන එක ගැන මං කලින් දවසක ලියල තියෙනවා. ඒ වගේම පන්සල් ලඟින් යනකොට කප්පං දෙනවා වගේ සල්ලි දාන එකත් අපි සමහරු කරන වැඩක්.

මට කොහේදෝ දැක්කා කවුද ලියලා තියෙනවා අපේ සමහරු පන්සල් ගිහින් වැඳලා පින් පෙට්ටියට රුපියලක් දාලා පාරට ආපු ගමන් රැපියල් විස්සක් දීලා ලොතරැයියක් ගන්නවාය කියලා ඒ කරපු පින එදාම රෑට පල දීලා කෝටි දෙකක් දිනාගන්න ලැබුණොත් කියලා!

ඔය කතා දෙක මං ලිව්වේ මේ සාහිත්‍ය මාසයේ අද පොත්-කතන්දරය ලෙස මං ඉදිරිපත් කරන විචාරයට මුල පිරීමක් විදියටයි.

දැන් මෙන්න කියවන්න අද පොත්-කතන්දරේ.


දානයේ ආනිසංස (දීමේ බල මහිමය)
ඩී.බී. කුරුප්පු ගේ කෘතිය පිළිබඳව කෙටි සටහනකි

මීට දශයකටත් වඩා ඉහත දිනයකදී සිනමා පටයක් නැරඹීම සඳහා අපට ටිකට් පත් දෙකක් ලැබුණි. ජනප්‍රිය හොලිවුඩ් නළුවෙකු වන කෙවින් ස්පේසී පාසල් ගුරුවරයෙකු ලෙස රඟපෑ, ”පේ-ඉට්-ෆෝවර්ඩ්” නම් වූ එහි කතාව ගොඩ නැගී තිබුනේ එතෙක් මා අසා නොතිබුණු අපූරු සිද්ධාන්තයක් පදනම් කර ගෙනය.

අපේ ජීවිත කාලය තුල විවිධ පුද්ගලයින් ගෙන් අපට විවිධාකාරයේ උදව් උපකාර ලැබේ. එවැනි සමහර උදව් උපකාර අපට අතීතයේ දී නොලැබුනේ නම් සමහර විට අපේ ජීවිත මීට වඩා හාත්පසින්ම වෙනස් වී වඩාත් දුක්බර වන්නටද ඉඩ තිබුණි. අප සමාජයේ මෙවැනි උදව් උපකාර සම්බන්ධයෙන් පිළිගත් මතය වන්නේ එසේ අපට උදව් කළ අයට හැකි සෑම විටකම ප්‍රතිඋපකාර කළ යුතු බවයි. එසේ නොකර සිටීම කෙලෙහි ගුණ නොදන්නා කමක් ලෙස සැලකේ.

"පේ-ඉට්-ෆෝවර්ඩ්" චිත්‍රපටියෙන් ඉස්මතු කර පෙන්වූ ඉහත ප්‍රතිඋපකාර කිරීමට වෛකල්පික මතය නම් යමෙකුගෙන් උදව්වක් උපකාරයක් ගත් අප කළ යුත්තේ, එවැනි උදව්වක් උපකාරයක් වෙනත් අයට ද කිිරීම බවයි. එයින් සැමට උදව් උපකාර කරන ගුණෝත්තරව ප්‍රසාරණය වන සුවිශාල ජාලයක් ඇතිවේ. මුළු සමාජය ම එකිනෙකාට උදව්කරන්නා වූ එකක් බවට පත් වේ.

අප බොහෝදෙනකු ගේ සිතේ ඇති එක්තරා කණගාටුවක් නම් අපේ දෙමව්පියන් එදා අප කුඩා කල අපට කළ උදව් උපකාරවලට කෙසේ නම් ප්‍රතිඋපකාර කරන්න ද, එසේත් නැත්නම්, දෙමව්පියන්ට ඇති ඒ ණය කෙලෙස ගෙවන්නද යන්නයි. "පේ-ඉට්-ෆෝවර්ඩ්" සිනමාපටය නැරඹීමෙන් පසුව මට වැටහුනේ අපට අපේ දෙමව්පියන් වෙනුවෙන් කළ හැකි හොඳම කළගුණ සැලකීම නම් අපේ දරුවන්ට හොඳ දෙමව්පියන් වීම බවයි!

අප කරන්නේ "පේ-බැක්" ද, "පේ-ෆෝවර්ඩ්" ද යන්න කෙසේ වෙතත්, වෙනත් අයෙකුට අඩුතරමේ වචනයකින් හෝ සිනාවකින් හෝ උදව්වක් උපකාරයක් කළ හැකි නම් එය ඉතා වටිනා මානුශීය ක්‍ර්‍රියාවක් බව ආගමික පසුබිමක් නොමැති කෙනෙකුට වුවද එකඟ විය හැකි කරුණකි. කෘතහස්ත ලේඛක ඩී.බී. කුරුප්පු විසින් රචිත දානයේ ආනිසංස (දීමේ බල මහිමය), මේ බව මනාව සාධනය කර පෙන්වන්නකි.

උවැසියක් බුදුන්ට ආහාර පූජා කරන කංචුකයකින් මේ කෘතිය සැරසී තිබුණද, එහි අන්තර්ගතයේ සුවිශේෂීව බුද්ධාගමට පමණක් වෙන් වූ සිද්ධාන්තයක් අඩංගු නොවන බව කිවයුතු ම ය.

දානය හෙවත් දීම පිළිබඳව සහ ඒ හා අදාල විවිධ මාතෘකා යටතේ ලියවී එකට ඈඳුණු කුඩා පරිච්ඡේද විසි පහකින් සමන්විත මේ කෘතිය සඳහා ඩී.බී. කුරුප්පු මුලිකව පාදක කරගෙන ඇත්තේ ඇමරිකන් ජාතික අසීම් ජමාල් සහ හාවේ මැකිනොන් විසින් රචිත "ද පවර් ඔෆ් ගිවින්" නම් වූ කෘතියයි. එසේ වතුදු මේ කෘතියේ එන විවිධ කරුණු සනාථ කිරීම සඳහා දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල දී තමා ලබා ඇති අත්දැකීම් සහ විවිධ අදහස්, ඔහු ගේ අනෙකුත් කෘති සහ ලිපිවල අප කියවා ඇති සුවිශේෂී ආකාරයටම ඩී.බී. උපයෝගී කොට ගෙන ඇති හෙයින් මෙය හුදු පරිවර්තනයකට වඩා බෙහෙවින්ම ස්වායත්ත වූ කෘතියක් ලෙස සැලකිය යුතුය.

දානය හෙවත් දීම යනුවෙන් සැමවිටම අදහස් වන්නේ යම් කිසි භෞතික වස්තුවක් පරිත්‍යාග කීරීම ම නොවේ. එසේම දීම යනු පින් තකා කෙරෙන කටයුත්තක් විය යුතුම නැත. මේ සරල කරුණු කිහිපය අවබෝධ කර ගත් විට දානය යන්න අපේ එදිනෙදා ජීවිතයට කෙතරම් ලේසියෙන් සම්බන්ධකරගත හැකිද යන්නත්, එයින් පුද්ගලිකව අපටත්, පොදුවේ අප වෙසෙන සමාජයටත් කොයි ආකාරයේ ධනාත්මක බලපෑමක් කළ හැකිද යන්නත් මනාව පැහැදිලි වෙයි.

වරෙක සිතට හාස්‍යය ගෙන දෙන, වරෙක සිත සසල කරවන, වරෙක සිත හැඟුම් බර කරවන විවිධ උදාහරණ සහිතව, පහසුවෙන් කියවිය හැකි ඩී.බී. කුරුප්පු ගේ සරල සුමට භාෂා ශෛලියෙන් ලියවී අනාකූලව ගලා යන මේ වැදගත් කෘතිය කියවීමෙන් අප සැම දෙනෙකුටම පාහේ අළුතින් හිතන්නට යමක් ලැබෙන බව ඉඳුරාම කිව හැකිය.

මේ පොත කියවන තැනැත්තෙක් එයින් යමක් උකහා ගත්තොත් ඉන් පසු කළ යුත්තේ එය සම්පාදනය කළ ඩී.බී. කුරුප්පු ට ස්තුතිවන්න වීමට වඩා, ඒ තමා අවබෝධකරගත් කාරණය තව අයෙකුටත් වටහා ගැනීමට ඉඩ ලබාදීම පිණිස පොත තවත් පිරිසක් අතර සංසරණය කිරීම බව අවසාන වශයෙන් පවසමි.

පෙර කී "පේ-ඉට්-ෆෝවර්ඩ්" සිනමා පටය නැරඹීමෙන් අනතුරුව "පිය සමර" නමින් කවි පන්තියක් ලියා මා කලේ ද, අද මෙම කෙටි සටහන ලිවීම තුලින් මා සිදු කරන්නේද එවැනි ම වූ ක්‍රියාවන් ය.


මෙම ග්‍රන්ථයේ රචක ඩී.බී. කුරුප්පු පරිවර්තනය කළ මැංචෝසන් චාරිකා කෘතිය ගැන මගේ ලිපිය කියවලා තියෙනවා නේද?

-කතන්දරකාරයා

ප/ලි:
1. පෙර කී "පිය සමර" කවි පන්තිය මෙතනින් කියවන්න.
http://kathandara.blogspot.com/2010/04/for-those-who-have-sensitive-hearts.html

2. අසීම් ජමාල් සහ හාවේ මැකිනොන් විසින් රචිත "ද පවර් ඔෆ් ගිවින්" නම් වූ කෘතිය පිළිබඳ විස්තර සහ පළමුවෙනි පරිච්ඡේදය මෙතනින් කියවන්න.
http://thepowerofgiving.org/home

3. පේ-ඉට්-ෆෝවර්ඩ් සිනමා පටය පිළිබඳ විස්තර
http://www.imdb.com/title/tt0223897/

65 comments:

  1. Replies
    1. ඔයා හැමදාම පන්තියේ එක. මම දෙක...:D

      Delete
    2. කමක් නෑ දෙන්නම පලිපානනේ ...:D

      Delete
    3. කෙන්ජිට ඉතින් පලදෙන්නෙ බොක්කෙ පිනනේ...

      Delete
    4. පවුල් සමාගමක් ද?

      Delete
  2. //අපට අපේ දෙමව්පියන් වෙනුවෙන් කළ හැකි හොඳම කළගුණ සැලකීම නම් අපේ දරුවන්ට හොඳ දෙමව්පියන් වීම බවයි!//

    හරිම හොඳ අදහසක්...කතන්දර ඔයාගේ පෝස්ට් එක මගේ බ්ලොග් රෝලේ අප්ඩේට් වෙලා නෑනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්
      තමන්ට හොඳට සලකල උසස් තැනක තිබ්බ දෙමවුපියන්ට කරන්න පුළුවන් හොඳම කලගුණ සැලකීම උන්ට පුකට දෙකක් ගහල පාරට හිඟා කන්න දාල තමන් දරුවන්ට හොඳ පියෙක් වීම
      කන්න දෙන මිනිහට කරන්න පුළුවන් හොඳම කලගුණ සැලකීම හොඳට බඩ පැලෙන්න හැමදාම උගෙන් කෑම.
      උදවු කරන මිනිහට කරන්න පුළුවන් හොඳම කාලගුණ සැලකීම හැමදාම උගෙන් උදව් ගැනිම.

      අනේ මෙහෙමත් දෙව්දත් බණ !

      මේක නම් අප්ඩේට් නොවුනත් පාඩුවක් නැහැ !!

      Delete
    2. @ Anonymous September 17, 2013 at 11:31 AM

      ඔයා ගේ ඇස්වල දෝශයක් වෙන්න බෑ. වෙන අමාරුවක් වෙන්න ඕනෑ.

      හැකි ඉක්මනින් ඔයා ගේ හොස්පිටිතාලෙටම ඇඩ්මිට් වෙන්න මෙයා!

      Delete
    3. @ Anonymous September 17, 2013 at 11:31 AM
      ඒ විතරක්ද තමන් ඉගෙන ගත්තු ඉස්කොලෙට සලකන්න තියන හොදම විදිහ තමයි තමන්ගෙ ආගමට රටට අපහාස කිරීම.....

      Delete
    4. මාත් කැමතිම කෑල්ලක් තමයි ඒක!

      Delete
  3. අද ඔබගේ මේ කෙටි සටහනින් පොඩ්ඩි ත් පෙන්නල දීල තියන,
    >>අපට අපේ දෙමව්පියන් වෙනුවෙන් කළ හැකි හොඳම කළගුණ සැලකීම නම් අපේ දරුවන්ට හොඳ දෙමව්පියන් වීම බවයි!<<
    වචන ටික නම් ඉතා වටිනව.

    ReplyDelete
    Replies
    1. මගේ පුතාට මං කියන්නේ ලොකුවෙලා හොඳ තාත්තා කෙනෙක් වෙන්න කියලයි!

      Delete
  4. දීමෙන් හොඳ දීම තමයි.... කියලා බයිලා එකක් තිබුනා අපි වෙනස් කරලා කියන...

    මමත් හිතන්නේ ලංකාවේ ගොඩක් දෙනා අඩු නැතුව, ඒක නම් දෙනවා කියලා...

    ReplyDelete
    Replies
    1. සීයත් දුන්නද අඩු නැතුව.
      මුත්තල ඒ කාලෙ පෘතුගීසින්ට ඉන්ග්‍රීසින්ට ලොවි හැලෙන්ඩ දෙන්න ඇති නේද

      Delete
    2. මෙයා දෙන්නෙ ඉතින් RPS ට නේ....

      Delete
    3. සීයට තිරික්කලයක් ලැබුණේ ගිය ආත්මෙ මොනවා දන් දීලද?

      Delete
    4. මහ රහතුන් වහන්සේලාගෙන් ලක්දිව පිරී පවත්නා සමයේ රහත් භාවය ලැබූ එහෙත් සෘද්ධි බල නැති රහතුන් වහන්සේ නමක සතුව තිබූ ගොනා නැති කරත්තයකට මහත් වූ ශ්‍රද්ධාවෙන් මඩිනාලද සිත් ඇතිව පිට දුන් පිනෙන් මතු ආත්මයේ මිනිසත් බව ලබා තිරික්කලයක් ලැබීමට පිනැත්තෙක් විය....

      Delete
    5. @ Maathalan
      මට නං මතක ඒ තාලේ බයිලා එක බුරියෙන් හොඳ බුරිය තමයි ඩගියගෙ බුරිය කියන එක!

      Delete
  5. වටිනාම වාක්‍යය මුලටම දාලා ..//"බුද්ධාගමට අපහාස කරන ලිපියක් නොවේ"// මොකද නැත්තං මොකක් හරි සේනාවක් රෙද්ද උස්සන් එයි , අන්න ජයසේකර අපොන්සු හදපු "සීතා මං ආවා "පිච්චර් එකටත් රාවණා බලය ගේම ඉල්ලනවා එකෙන් රාවණාට අපහාස වෙනවලු කියලා .

    ReplyDelete
    Replies
    1. ඒක පොඩි මාකටින් පාරක්. මාත් අපොන්සු වගේ තමයි!

      Delete
  6. මං "පේ-ඉට්-ෆෝවර්ඩ්" බලල නැහැ, හැබැයි මගේ හිතේ තියෙන්නෙත් ඒ වගේ අදහසක් තමයි... දෙමවුපියන්ට ණය ගෙවන්නෙ කොහොමද කියල දුක් වෙන්න අවශ්‍ය නැහැ... පුලුවන් විදිහට ඒ අයට සලකන්න, ඉතිරිය තමයි අපි අපේ දරුවන්ට කරන්නෙ... සමහර වෙලාවට දෙමවුපියො කියනව "අතපය නොකඩා හැදුවා......." කියලා (මම මේ කියන්නෙ දෙමවුපියන් තමන්ගේ මතයට ළමයි නම්මගන්න කියන කතන්දර)... ප්‍රශ්නය තියෙන්නෙ, එතන ළමයි හැදුවෙ දෙමවුපියන්ගේ උවමනාවට, ළමයි ඇවිත් "අනේ අපිව උපද්දවගෙන කවල පොවල හදන්න" කියල ඉල්ලපු නිසා හැදුව නෙවෙයි නෙ... අපි ඒ ගුණේ තමයි අපේ ළමයින්ට හොඳින් සලකල පෙන්නන්නෙ...

    අනෙක් අයට උදව් කිරීම ගැන නම් කියන්න තියෙන්නෙ, මම ඒ දේ කරන්නෙ මට සතුටක් ලැබෙන නිසා... උදව් කරන්න ගිහින් මට දුකක් (නමුත් ඒ අයට සතුටක්) වෙන දෙයක් නම් මං කොහොමත් ඒ දේ කරන්නෙ නැහැ...

    :)

    ReplyDelete
    Replies
    1. ජීව ලෝකය පවතින්නේ ඒ ක්‍රමය නිසා තමයි.

      හිතලා බලන්න පොල් ගෙඩියක් ගැන. කජු ගෙඩියක් ගැන. ස්වභාව ධරමය කියන්නේ ජීවයේ පැවැත්මයි.

      Delete
  7. ඩී.බී. කුරුප්පු !!!
    මැංචෝසන් චාරිකා පොතේ පරිවර්තක.. මේ පොත ගැන නම් දැනන් උන්නේ නෑ.

    ReplyDelete
  8. //පන්සල් ලඟින් යනකොට පස්ස පැත්ත උස්සන එක ගැන මං කලින් දවසක ලියල තියෙනවා. ඒ වගේම පන්සල් ලඟින් යනකොට කප්පං දෙනවා වගේ සල්ලි දාන එකත් අපි සමහරු කරන වැඩක්.

    මිනිස්සු තුල තියෙන බෞද්ධාගමික භක්තිය මේ විදිහට හෑල්ලු කරන එක නම් අම අනුමත කරන්නේ නෑ කකා.

    ReplyDelete
    Replies
    1. ඇදහිලි වලට අපහාසෙන් පාන සිනා....
      දිරච්ච අං දිග ගෝණා යනු කොතැනා....
      ගෙරි මස් කන මත් පැන් බොන මහ මුදුනා...
      මහ වෙර ගෙන නිරයට යන මග කපනා.....

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. (බුද්ධාගමට අපහාස කරන ලිපියක් නොවේ) KK, I think you made a mistake and set an inconvenient precedent there.Now, if you don't put it in similar future posts the religious watchdogs will take them as "අපහාස කරන"
      In any event what's the point of being defensive (unless u wrote it tongue in cheek!), fanatics are immune and allergic to logic!

      BTW what are the other books by Kuruppu? Is the translation of Count of Monte Cristo one?

      Delete
    5. කකා මේ හැමදාම වැටෙන ඉංග්‍රිසි කොමෙන්ටුව මේ බ්ලොග් සටහනට අවලස්සනක් එකතු කරනවා.... එය මේ බ්ලොග් සටහනේ රිද්මයට බාධාවක්... අපේ ඇසට වදයක්..... මිනිහෙක් තමන්ගෙ කුසීත කමට මෙහෙම ලියන එකෙන් අනෙක් කියවන්නන්ට කරදරයක් වෙනවා....

      Pra Jay කරුණාකර සිංහලෙන් ලියන්න.... මළ වදයක් මේක....

      Delete
    6. බ්ලොග් සටහනට අවලස්සනක්,අපේ ඇසට වදයක් !!!! WOW! KK, Your blog has aesthetic watchdogs too!

      මළ වදයක් මේක - AnonymousSeptember 17, 2013 at 1:45 PM Do I have that much of an effect on you? Well, I'm sorry and I mean it. But, I feel flattered that you feel this strong about my comments. BTW I don't write EVERY day. I'm really curious, you don't really object to English but you think it's රිද්මයට බාධාවක් and කරදරයක් right? Hmmm.
      KK should I stop?

      Delete
    7. THAT ANO CAN"T UNDERSTAND ENGLISH. THAT IS THE PROBLEM.

      Delete
    8. වැඩිමනත් යමක් මෙම කරදරය ඔබේ කුසීත භාවය නිසා වන බව දැන ගැන්මෙන් තමයි මෙම කමෙන්ටුව ලියන්න පෙලඹුනේ..... යුනිකෝඩ් භාවිතයට හුරුවන්න.... කකා වරක් ඔබට එය පෙන්වා දුන්නා....

      about aesthetic watchdogs.....
      කතන්දර බ්ලොගය සුරැකීමේ ජාතික සංසදය නම් ඇනෝ සංවිධානයක් තිබෙනවා අප එහි සාමාජිකයින්.... අප කරන්නේ මේ බ්ලොග් සටහන කරගෙන යෑම සදහා කකාට අවශ්‍ය හිට්ස්... කොමෙන්ට්ස්... මාතෘකා ආදිය ලබා දීමත් මෙවැනි වැරදි නිවැරදි කිරීමත් පමණයි...

      කෙසේ වෙතත් කකා ඔබට රිදෙන කිසිවක් කියන එකක් නැහැ.... ඔහුට වැදගත් හිට්ස් සහ කොමෙන්ට් පමණයි.... එය ග්‍රීක් බසින් කලත් ගැටළුවක් නෑ.... මන්ද? ඔහු එහි අන්තර්ගතය කියවන්නේ නෑ.... ඔහුගේ සරල කොමෙන්ටු කිහිපයක් වන
      "පව්" "ස්තූතියි" "වැඩ වැඩ වැඩ... හරිම බිසි කාලයක්" වැනි වදන් හෝ තවත් හිට්ස් මරා ගැනීමට ලින්ක් දැමීමක් පමණයි කරන්නේ..

      Delete
    9. ඉහත ඇනෝ කමෙන්ටුවට මාත් වචන ස්වල්පයක් එකතු කරන්නම්.

      තැන තැන හිට්ස් දමමින් විවිධ බ්ලොග් වලට යන පාඨකයන් පවා මේ බ්ලොගයට කැඳවාගෙන ඒමද වලියක් මැද්දට ගොස් මම වලියට බර පොරක් නොවේ කියා සරම උස්සා පුක (පුක කියන්නේ කුණුහරුපයක් නොවේ) පෙන්වා යලි නිරුපද්‍රිතව පැමිණීමේ හැකියාවද යමෙකු රැඩිකල් මාතෘකාවක් යටතේ ලිපි ලියූ විට එය විවේචනය කර පෝස්ට් දැමීමද මම හාෆ් ඩේ එකක් දැම්මෙමි මම කෝච්චියේ ගියෙමි මම ටයරයක් මාෆෘ කලෙමි වැනි දේද පෝස්ට් ලෙස ලිවිම්මේ හැකියාවෙන් අනූන පුද්ගලයෙකි.

      තවද ඔහු ඇනෝ කමෙන්ටුවලට දමන ජනප්‍රියම රිප්ලයි කමෙන්ටුව වන්නේ "හා මචං !" කමෙන්ටුව ය.

      Delete
    10. @ Pra Jay

      ඔබ කැමති ආකාරයකට ප්‍රතිචාර දක්වන්න. එහි අවුලක් නැත. ඇනෝලාගේ විරෝධය එක්කෝ ඔබ කියන දේ නිවරදිව වටහා ගන්නට බැරි නිසාය. නැතිනම්, ඔබේ අදහස්වලට මතවාදීව විරුද්ධ නිසා, එයට තර්කානුකූලව පිළිතුරු දෙනු වෙනුවට කරන පොල් අඩි ගැසීමකි.

      "බුද්ධාගමට අපහාස කරන ලිපියක් නොවේ" යන්න මගේ අලෙවිකරන / ප්‍රචාරණ ක්‍රමවේදයේ කොටසකි!

      Delete
  9. රියල් පෝස්ට් එක කාකා!

    මචං, ලංකාවට එන කලාකරුවන්ට බෝම්බ ගැසීමේ ආනිශංස මොනා වෙන්න ඇති ද?

    ReplyDelete
  10. //(බුද්ධාගමට අපහාස කරන ලිපියක් නොවේ)//

    මෙන්න මේක නම් අම්බානක වැදගත් මචෝ!

    "සීතා මං ආවා" ෆිල්ම් එකට ගේම ඇද්ද දේශප්‍රේමියෝ ටික ඇයි බං මගේ RA-ONE ෆිල්ම් එකට මුකුත්ම කිව්වේ නැත්තේ.......??

    ඒ ෆිල්ම් එකෙන් රාවණාගේ චරිතයට සාධාරණයක් ඉෂ්ට වුණ නිසා ද?????

    ReplyDelete
  11. ෆිල්ම් එක බලන්න ඕන.

    ReplyDelete
  12. අනේ මන්ද කකා ...

    ReplyDelete
  13. අයියනායක - විමලරත්න කුමාරගම


    දෙවි දේවතාවුන් සැරි සරන මහ වනේ
    පවතින බලය ඇඟ ලොම් කුඩකටද දැනේ
    මොළයෙන් තමා ලෝකේ සුවය වැනසුණේ
    මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වුණේ


    ***************
    ඇදහිලි වලට පාමින් අමන නක්කලේ....
    තට්ට කකා ඇවිදියි ඇතුව වික්කලේ
    එවන් කිවිදෙකුට දැනුනත් ඒ උතුම් බලේ....
    අමන දනන් හට දුර වෙයි මොක් බලේ....
    ***************************


    සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
    කෙම්වර දවස්වල පානින් සැරසීම
    වන අතු කඩා ගස් දෙබලක දැවටීම
    මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම


    *********************
    කිරි ඉතිරීම වෙනුවට ගෙරි මස් කෑම...
    සැම දිනකදිම රහ මෙර වඩි දිව ගෑම....
    සමරිසි දනන් වෙත වැඩි ලීලය පෑම....
    මුගෙ සැනසුමයි ඇදහිලි වල දොස් පෑම....
    *****************************

    සාගත වසංගත හා එන නියඟවලින්
    සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්
    එන මේ පිරිස සැරසීමට නුවණ මලින්
    පෙළෙඹෙන අයට අනුකම්පා කරමි මුලින්


    ************************
    තොප වැනි නිවට මිනිසුන් පෙර ඇදිනගෙන.....
    විමලරත්න කිවිදුන් පෙර නෙලූ නෙලුමින.....
    අට-පහ හය-හතර නිසි ලෙස ඇදිනගෙන...
    පුහුදුන් ලොවට නිසි අභිමන් පුදනු මැන.....
    ******************************


    ReplyDelete
  14. කකා මේ දවස්වල ලංකාවේ පොත් ප්‍රදර්ශනේ තියෙනවා.
    පුලුවන් නම් වසල සූත්‍රය පොත අරගෙන කියවන්න.

    ReplyDelete
    Replies
    1. ඔබ දැක මට සිහිවූයේ මංගල සූතයයේ එන අසේවනාච බාලානං වදනයි!

      Delete
  15. මම නම් බොහෝ විට කතන්දර දරන අදහස් වලට විරුද්ධ මත දරණ කෙනෙක්.ඒත් සමහර අවස්ථා වල අපේ අදහස් හුඟක් සමාන වෙනවා.ඇත්තටම බෞද්ධ දර්ශනය වෙනස් කරලා බඩගිනි බුද්ධාගමක් කර ගත්ත අය ලොකු වරදක් කළා කියලයි මට හිතෙන්නෙ.බන පොත් වල තිබෙන සමහර දේවල් මට නම් අප්පිරියයි.හාමුදුරුවන්ට දානෙ දුන්නම අරහෙම වෙනව මෙහෙම වෙනව කියල මිනිස්සු ගොනාට අන්දන එක හරි කැතයි.හොඳම ගිහියටත් වඩා දුස්සීල භික්ෂුව උතුම් කියල මිළින්ද නාඅගසේන ප්‍රශ්නෙදි නාගසේන හාමුදුරුවො උත්තර දීල තිබුන.මම නම් බුදු හාමුදුරුවො කිව්වත් මට අල්ලන්නෙ නැති කතා පිළිගන්නෙ නෑ.නාගසේන හාමුදුරුවන්ගෙ කතාව දුස්සීල පනින රිළවුන්ට ඉණිමන් බැඳෙමක්.අරක්කු බිබී දගලන භික්ෂූන් තිසරණය ගැන ගිහියන්ට වඩා පැහැදීමක් තිබෙනවා කියන එක පිළිගන්න බෑ.මම නම් කියන්නෙ වැරැද්ද මොකා කළත් වැරදියි.දුස්සීල අයට දෙන දානෙ නිසා පවු සිදු වෙනව කියල දෙසල තිබ්බනම් මෙච්චර සන්තෑසියක් වෙන්නෙ නෑ.රජවරු ඉඩම් අක්කර දස දහස් ගනන් පිදුවෙ හාමුදුරුවරු ලියල තිබුනනෙ එහෙම පිදුවම දිව්‍ය සැප ,බ්‍රහ්ම සැප ලැබෙනව කියල.මේව කියවල රජවරු සිටුවරු ලාබ සම්පත් පුදනව.ජනතාව දුක් මහන්සියෙන් හොයන දේවල් මේ කම්මැලියන්ගෙ කකුල් දෙක ලඟ ගොඩ ගහනව.මේව ලියල බුද්ධාදී අට තැන ගැන සැක කරල අහක ඉන්න මන් අපායෙ යනවා.
    මටනම් කවුරු දැම්මත් ගොන්පාට් නම් අල්ලන්නෙ නෑ.

    දුස්සීල මේ මිනිස්සුන්ට දෙන ඒවට පින් සිද්ධ වෙනව නම් අනේ මන්ද

    සමහරු කියනව කාට දුන්නත් අපි සිත පහදවගත්තම හරිනෙ කියල.එහෙම නම් සිත පහදවගෙන ඕනම වැඩක් කරන්න පුළුවන්නෙ.

    ReplyDelete
    Replies
    1. well said..............

      Delete
    2. සැමට මිතුරු අදහස්වලට මාත් බොහෝ දුරට එකඟයි මෙහිදී.

      දානය ගැන නම් කියන්න තියෙන්නේ - තම තම හැකි පමණින් දන් දෙන එක කළාම ඉවරයිනේ.

      අනික දීලා ආපහු බලාපොරොත්තු වෙන එක නං දීමේත් හොඳ ගතිය වනසන දෙයක්.

      Delete
  16. ඩී බී කුරුප්පු මහතා ගොළු හදවත කෘතිය ලියවීමටත් සම්බන්ධයි,කකා ඔබ ඒ ගැන දන්නවද දන්නේ නෑ ඒ ඩී රන්ජිත් කුමාර කරුණාසේන ජයලත් සූරීන් ගැන ලියපු ලිපියක මම දැක්කා

    ReplyDelete
    Replies
    1. හැලපයෝ මමත් අහලා තියෙනවා ඔහොම කතාවක්. ඇත්ත සුගත් ඔය මහත්තයලු. කරුණාසේන ජයලත් ඉඳලා තියෙන්නෙත් එක ඉස්කෝලෙලු. එයා දම්මිට ආදරේ කලාට දම්මි ආදරේ කරලා තියෙන්නේ ඩී. බී. කුරුප්පුටලු. දම්මි පස්සේ කාලෙක වෙන රටක ඉඳලා තියෙන්නේ (ඇමරිකාව??? ) දැන් නම් කොහොමද දන්නේ නෑ.

      Delete
    2. @ Helapa kade

      ඒ ලිපිය ගියේ මේ ලඟදී, ඊට කලින් මා ඒ කතාව කියවූයේ ඩී බී කුරුප්පු ලියූ "හැන්දෑවට පායන හිරු" නම් ඔහුගේ ජීවිත කතාවේ මුල් කොටසින්.

      ගොළු හදවත ගැන මගේ අදහස මෙන්න.
      http://kathandara.blogspot.com/2012/06/montessori-love-affairs.html

      Delete
  17. තෙද බල ඇති කඳ සුරිඳුනි!
    ඔබගේ නාමය විකුණමින් මුදල් වාසි අරමුණූ කොට බොරු බේගල් ඇඳ බා අහිංසකයන් රවටන අයට පුංචි දඩුවමක් හරි ලැබේවා.උන්ගේ බොරු අසා අද දින ඔබව සියැසින් දැක ගැනීමේ අදහසින් කතරගම යන සියළු අහිංසක මෝඩ ජනතාවට ආරක්ෂාව සලසනු මැනවි.

    ReplyDelete
    Replies
    1. ඕකේ, ඕකේ, ෂලකලා බලන්නං කොලුවෝ

      Delete
    2. කකා නිකන් කතරගම දෙයියෝ විදිහට ඇට් කලාට කවුරුත් දන්නවා කකා "පරණ දෙයියෙක්" කියලා. හා...හී...හූ...

      Delete
    3. කකා පරණ කොකෙක්....

      Delete
    4. //AnonymousSeptember 17, 2013 at 1:57 PM
      තෙද බල ඇති කඳ සුරිඳුනි!
      ඔබගේ නාමය විකුණමින් මුදල් වාසි අරමුණූ කොට බොරු බේගල් ඇඳ බා අහිංසකයන් රවටන අයට පුංචි දඩුවමක් හරි ලැබේවා.උන්ගේ බොරු අසා අද දින ඔබව සියැසින් දැක ගැනීමේ අදහසින් කතරගම යන සියළු අහිංසක මෝඩ ජනතාවට ආරක්ෂාව සලසනු මැනවි. //

      මට පේන්නේ ඇනෝ කොල්ලගෙ පවුලෙ කට්ටියකුත් කතරගම ගිහිල්ල වගේ..

      Delete
    5. කකා ගේ දෙයියා පල් වෙලා

      Delete
  18. සමහර අය කියනවා අනේ මමනම් පවු කරන්නෙත් නෑ පිං කරන්නෙත් නෑ . ඉතින් මම පන්සල් යන්නේ මොකටද සිල්ගන්නේ මොකටද දාන දෙන්නේ මොකටද කියලා .
    බුද්දාගමට තියන තර්ජනෙත් ඕකම තමයි .

    ReplyDelete
    Replies
    1. බුද්ධාගමට ඇති තර්ජනය තලිබාන්-බුඩ්ඩාගංකාරයන් ගේ මිලිටන්ට් වැඩ පිළිවෙලයි.

      Delete
    2. තලිබාන් Atheist ල ගැන කකා දන්නෙ නෑ

      Delete
  19. "අප කරන්නේ "පේ-බැක්" ද, "පේ-ෆෝවර්ඩ්" ද යන්න කෙසේ වෙතත්," ඈත්තටම ඔය දෙකම සිදු විය යුතුයි. තමන් වෑදු දෙමාපියන් වෙත නොසලකන පුද්ගලයා කිසිවිටක තමාගෙ දරුවන්ට හොද මවක් හො පියෙක් නොවෙ.අද සමජය ඔය දෙකම නොකරන අය බොහො සිටි. අර ඔබ තුමා කිව්වා වගෙ සැමට උදව් උපකාර කරන ගුණෝත්තරව ප්‍රසාරණය වන සුවිශාල ජාලයක් කෙදිනක නිර්මානය වෙයිද......!

    ReplyDelete
  20. kaka did u see this
    http://publicshaming.tumblr.com/post/61388585374/americans-call-first-indian-american-miss-america

    ReplyDelete
  21. මට තියෙන ප්‍රශ්නේ ඇයි පින් හින්දා විතරක් මිනිස්සු අනිත් අයට උදව් වෙන්නේ? එහෙම නැත්නම් අපේ දෙමාපියන් අපිට සැලකුවට අපේ දරුවන්ට විතරක්ම සලකන්නේ? ඇයි එතකොට අනිත් ළමයි ළමයි නෙමෙයිද? අනිත් මිනිස්සුන්ට කාටවත් උදව් ඕනේ නැතිද?
    මම දකිනවා මට බොහෝ අය පින් දෙනවා. කොටින්ම මට නම් ඒක ඇහෙද්දිම හිනා යනවා. ඒ පින් කතාවට වඩා ස්තුතියි කීවා නම් හිනාවක් දුන්නා නම් මට ඊට වඩා සතුටු හිතෙයි කියලා මම උපකල්පණය කරනවා. හරියට අපි මිනිස්සු පින් බලාගෙන උදව් කරනවා වගෙනේ බලාගෙන ගියාම. ලොතරැයි ඇදෙන එකත් පිණක් කියලා හිතන්නේ ඒක හින්දම වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. පින් සිද්ද වේවා ! කියන පදය වසර දහස් ගානක් තිස්සේ ලංකාවේ බුද්ධාගම සමග බැඳෙමින් පැවතගෙන ආපු සංස්කෘතිය නිසා සිංහල භාෂාවට ලැබිච්ච දායාදයක්. තමන්ගේ කෘතඥතාවය පල කරන්න සිංහලයා පාවිව්චි කරපු පදයක්. හරියට සුද්ද God Bless you කියනවා වගේ.

      නමත් මොකද්දෝ විස්කිරිග්ඥ භාෂාවකින් තියෙන තමන්ගේ මුල , ජාතිකත්වය , සංස්කෘතිකමය වශයෙන් එන භාෂා භාවිතාව නොදන්නා ඔයා වගේ ගන්ධබ්බයෙක්ට ඔය වගේ මුග්ධ උපකල්පන ඇර වෙන මොන උපකල්පනද ? නේද මෙයා ?

      Delete
  22. කකා
    දානයේ ආනිශන්ස දෙවනි මුද්‍රනය කියෙව්වද?
    ඉන්දරේ

    ReplyDelete
  23. මට ඔබේ මතයට එකඟ වෙන්න බැහැ. බස් එකේදී උනත් නුවර ඉඳල කොළඹට යනකොට ගැටඹේ බෝධියට පඬුරක් දමන්න හා ආසනයෙන් නැගිට බෝධියට වඳින්න මා පැකිලෙන්නේ නැහැ.දැන් දින කීපයකට පෙරදී මා යාලුවෙක්ගෙන් ඉල්ලා ගත් කාර් එකකින් නුවරින් හැටන්,බලන්ගොඩ,හපුතලේ හරහා නුවරඑලිය පාරෙන් ආපහු නුවරට එන ගමනක් ගියා. කාර් එක ඉල්ලා ගත්තේ සවස බැවින් මට ලයිට් පරික්ෂා කරන්න බැරිඋනා. බැලින්නම් පත්තු වෙන්නේ හෙඩ් ලයිට් දෙක විතරයි. පිටිපස්සේ ලයිට් බ්‍රේක් ලයිට් මොකුත්ම නැහැ.ගමන නොයාත් බැහැ.මග දිගටම ට්‍රැපික් පොලිස් ඉන්න නිසා දඩ කොළ ෂුවර්මයි. මම බොහොම අමාරුවෙන් ගටඹේට ගිහිල්ල පඬුරක් දමල ආරක්ෂාව පතල ගමන ගියා.එන කල්ම කිසිම පොලිස් පරීක්ෂාවක් උනේ නැහැ.තැන් දෙකකදීම මට ඉස්සරහින් හිටි වාහනය නැවැත්තුවා. මිට පෙර වතාවකදීත් මගේ ෆොක්ස්වාගන් කාර් එකේ වැලිමඩට ටන කොටත් ගියේ ගැටඹේට පඩුරක් දමල පෙරාදෙණියේ ඉඳල මම ගිහින් තියෙන්නේ බැටරි කරන්ට් එකෙන් කියලා දැන ගත්තේ ගෙදර ගියාමයි.ඒක හදා ගන්න බණ්ඩාරවෙලට ගියත් වැඩක් උනේ නැහැ.මම හිතුවේ නංගිගේ කාර් එක ඉල්ලගෙන ආපසු එනවා කියල. ඒ උනත් එයාට මගේ ගැටලුව තේරුනේ නැහැ.සවස පහේ ඉඳල මම සහ පවුලේ අය ආපහු නුවර එන්න පටන් ගත්තා.එන්ජිම නවත් වන්නේ නැතිව හෝන් ගහන්නේ නැතිව පාකින් ලයිට් වල පිහිටෙන් නුවරටම ආව.එන්ජිම විදුලිය නැහැ කියල කියන්න පටන් ගත්තේ ගෙදරට හරවන කොටයි.එතකොටත් කිලෝ මීටර 100ක් බැටරි කරන්ට් එකෙන් දුවල.
    මම කියන්න හදන්නේ මුලින්ම භක්තිය සහ ශ්‍රධාව වගා කර ගන්කෙනාට පිහිට ලැබෙනවා නියතයි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.