
පෙරේදා ඇඩල්ට්ස් ඔන්ලි කතන්දරයක් දාල, ඊයෙ පවුලේ සැමට කියවන්න කතන්දරයක් මං පලකලා.
අද හිතුණා "සංවේදී හදවත් ඇති" අයට පමණක් සුදුසු පෝස්ට් එකක් දාන්න.
මේක කවි පන්තියක්. උපුටා ගත්තේ රසික සූරියආරච්චි ගේ "සිව් සිත් කව්" කාව්‍ය සංග්‍රහයෙන්. එහෙනම් සංවේදී සිත් තියෙන අය විතරක් කියවන්න.
මිතුරා ට ලියූ ලිපිය
පියා මිය ගිය පුවත
ලැබ සිත වුවද කම්පිත
සඟවා කඳුළු නෙත
මා කියන බස අසන් පිය මිත
උපන්නොත් මෙලොවේ
දිනක මරණය හිමිවේ
මෙය බුදු දහම වේ
සියළු දේ ලොව නැසෙන සුළු වේ
ඔබ අද ලැබූ එම
දුක් බරිත පණිවිඩයම
මතු දිනයකදි මම
ලබන්නෙමි නැත කිසි සැකක් හෙම
එය අවසන නොවේ
දුක එලෙස නිම නොමවේ
අප පුතුනට ලොවේ
දිනෙක මේ දුක් පුවත හිමි වේ
අප කුඩා කල දී
හොඳ නරක පහදා දී
ගුණ දම් කියා දී
පිය මෙහෙය දෙවි කමට පරදී
අප උපන්දා සිට
පියවරුන් කල සේවෙට
ඇති ණය ගෙවන්නට
කෙලෙස නම් හැකි වේද අප හට
දුක් වන්නට එලෙස
කාරණා නැත කිසි ලෙස
මා කියන මේ බස
අසා සැනසෙන් මා මිතුර යස
ගත් ණය ගෙවන්නේ
ආපස්සට නොවන්නේ
පිය නම රැකෙන්නේ
ඉදිරි පරපුර රැකුනොතින්නේ
පිය ගුණ සිහි කරමු
හොඳ දූ පුතුන් සාදමු
හොඳ පියවරුන් වෙමු
පියාණන් ණය එලෙස පියවමු
කතන්දරකාරයා
ප/ලිඃ
මගේ ආදරණීය තාත්තාව අද සවස රෝහලට ඇතුලත් කලා.
ඒ වේදනාවත් සිතින් දරාගෙනයි මේ බ්ලොග් කරන්නේ.
සංවේදී කවි පන්තියක් . . .
ReplyDeleteඋඹේ පියාට ඉක්මන් සුව පතන්නම් මේ සමඟ !
බොරු කියන්නෙ මොකටද මං කවියනම් කියෙව්වෙ නෑ,මට මතක ඇති කාලෙ ඉදන් මට කවි පේන්න බෑ :P
ReplyDeleteඒ කෙසේ වෙතත් ඔබතුමාගේ පියාණන් ඉක්මනින් සුවවේවායි ප්‍රාර්ථනා කරනව.....
අසා සිට මෙපවත්
ReplyDeleteසිතින් වූයෙමි දුක්පත්
පියතුම ගිලන් පත්
වෙන්ට පතනෙමි විගස සුවපත්
ඇත්තටම සංවේදී කවිපෙළ...
ඔබේ පියාට ඉක්මන් සුවය පතමු!
ReplyDeleteකතන්දරගෙ සංවේදි හිත ගැන කතන්දර බලන අපි කවුරුත් හොඳට දන්නව. අපි අද මේ වගේ කතන්දර කියවන්නේ කතන්දරගෙ තාත්තා නිසයි.
ReplyDeleteකවියක් ලියන්න හිටයත් මට පද ගලපගන්න හරිම අමාරුයි. ඔබේ පියාට ඉක්මන් සුවය පතමි. කතන්දර කියවන්න බලන් ඉන්න අපිට ලියන්න තරම් ඔබේ හිත ධෛර්මත් වුවාටත් ඒ සිත තව තවත් ධෛර්යමත්වන්නටත් අවශ්‍ය ශක්තියත් ඔබට ලැබේවායි පතමි.
නුඹේ පියාට ඉක්මන් සුව පතන්නම් අපත් ......!
ReplyDeleteවෙන මුකුත් ලියා ගන්නට බැරිය... එහෙත් කව් පද ටිකද ලස්සනය...
කතන්දර ගේ පියාණන්ට ඉක්මණින්ම සුවය ලැබෙන්න ඕනෙ..
ReplyDeleteඔබතුමාගේ පියාණන්ට ඉක්මන් සුවය පතමි !!!
ReplyDeleteWishing your father speedy recovery and good health!
ReplyDeleteමමත් කවියනම් හරියට කියෙවුවේ නෑ.
ReplyDeleteකොහොම වුනත් කථෘ අයියාගේ තාත්තාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!
ඔබේ පියාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි!
ReplyDeleteසංවේදී පද පෙළක්..
ReplyDeleteඔබේ පියාට ඉක්මන් සුවය පතමි.
One of ur post I have seen in Lakbima sunday paper.
ReplyDeletehttp://www.lakbima.lk/lakbima%202/lakb2%206.htm
Keep write.
cheers
පියාට ඉක්මන් සුවය පතනව අයියේ....
ReplyDeleteඔබේ පියාට ඉක්මන් සුවය පතමු!
ReplyDeleteසියළු දෙනාටම ස්තුතියි.
ReplyDeleteමගේ තාත්තා තාම රෝහලේ. වැඩි විස්තර පසුවට.
තාත්තාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.
ReplyDelete/බිඟුවා...!
කතන්දරගේ ආදරණීය පියාණන්ට ඉක්මනින්ම යථා සුවය ලැබෙන්න කියල මුළු හිතින්ම පතනවා !
ReplyDeleteඔබ තුමාගේ පියානන්ට ඉක්මන් සුවය පතමි..........
ReplyDeleteඔබ තුමාගේ පියානන්ට ඉක්මන් සුවය පතමි..........
ReplyDeleteඔබේ පියාණන්ට ඉක්මන් සුවය පතනවා..
ReplyDeleteඔබගේ පියාණන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා......
ReplyDeleteකසූගේ තාත්තා තෙරුවන් සරණින් ඉක්මනටම සුවපත් වේවා කියල පතනවා....
ReplyDeleteතාත්තාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...
ReplyDeleteඅපේ හිතවත් කතන්දර සූරීන්ගේ පියතුමාට ඉක්මන් සුව ලැබේවා. පියතුමාගේ අළුත් තත්වය කොහොමද ?
ReplyDeleteපියාට ඉක්මන් සුව පතන්නම්..
ReplyDelete