Monday 10 October 2011

රත්නායක මහත්තයා ගේ ඉටිරෙද්ද : Kabara-proofing Ramani Method


රත්නායක මහත්තයා කියන්නේ කතන්දර බ්ලොග් එක කියවන බොහෝ දෙනෙකු හොඳන් දන්නා කියන කෙනෙක් නේ. මං පොර ගැන ලියපු කතන්දර සේරම ලයිස්තුව පල්ලෙහා දාලා තියෙනවා නොදන්න අයට බලාගන්න.

අද රත්නායක ගේ උපන් දිනය නිසා මට හිතුණා තව කතන්දර කීපයක් ම පලකරන්න.

ඔන්න කාලෙකට ඉස්සර දවසක රත්නායක මහත්තයා සිය පවුලත් සමග දුර බැහැර මිතුරෙකුගේ නිවසට ගියා. මේ මිතුරා අළුතින් නිවසක් සාදා ඒ ගෙට ගෙවැදීම වෙනුවෙනුයි මේ ගමන යෙදුනේ.

එදා ටිකක් සීතල දවසක්. නමුත් ඉතිං සීතල බියර් එකක් දැක්කාම සීතල කියලා අත හරින්න පුළුවනී යැ, නේද?

ඒ මදිවට එකක් නං මොකෝ. මේ නව නිවෙස හිමිකරු මිතුරා බෝතල් මහ ගොඩක් ගෙනැල්ලා නොවැ!

ඉතිං ඔහොම ඔහොම කාලය ගෙවුණා. මස් දීසි ඉවර වුණා. සින්දු කවි කෙරුණා. ජෝතිපාලව විතරක් නෙමේ අර හොඳට ඉන්න අමරදේවවත් නොමරා මැරුණා!

බත් කාලා ඉවරවෙනකොට රාත්‍රී දොලහත් පහු වුනාලු.

මේ දවස්වල රත්නායක මහත්තයා ගේ දෝණී අත දරුවෙක් හින්දා ගෙදර ඇත්තෝ රත්නායක පවුලට තමන්ගේ නිදන කාමරේම දුන්නා.

අනිත් ඈයෝ ඉතිං සාලේ පැදුරු එලං නිදාගත්තා.

පහුවදා ඔන්න හතට විතර අපි නැගිටලා උදේ තේ බොමින් ඉන්න අතරේ රත්නායක මහත්තයා නැගිටලා, නාලා, ඇඳ පැළඳගෙන ආවා කෑම කාමරෙ පැත්තට.

"රමණී, මොකක්ද අර ඉටිරෙදි දෙකක් තියෙන්නේ ඇඳේ?" රත්නායක මහත්තයා ඒ ඇහැව්වෙ රමණී නෝනා මහත්තයාගෙන්.

රමණී මොකුත් නොකියා හිටියා.

ඇතුලත ගිණි පිටට නොදෙනු කියලා කිව්වානේ!

පස්සේ බැලින්නම් මේකයි කේස් එක.

රත්නායක මහත්තයාට බියර් කුප්පි දෙක වැඩි වෙලා පොඩි පහේ කබරයෙක් ගියොත් අළුතින් හදපු ගෙදර ටෙරාසෝ බිම, අළුත් ඇඳ, ඇඳ ඇතිරිලි වැනසේය කියලා බයවෙච්ච රමණී නෝනා ඇඳේ රත්නායක මහත්තයා ගේ පැත්තටයි, ඒ පැත්තේ බිමටයි ඉටිරෙදි දාලායි ඊයේ රෑ නිදාගෙන තියෙන්නේ.

ඇතුලත ගිණි පිටට නොදෙනු එක්කම කියල දෙන එකක්ද මන්දා අර සූදානම් සරීරේ කියන කතාව?

රත්නායක මහත්තයාට ශුභ උපන් දිනයක් වේවා!

-කතන්දරකාරයා

ප/ලි:
අද සවස රත්නායක මහත්තයා ගේ නිවසේ දී පැවැත්වෙන රාත්‍රී භෝජන සංග්‍රහයේ දී කියන්නට මා ලියූ හිටිවන කවිය මෙන්න.

ශීතකරණයේ ලූ සීතල බියරේ
රස ගුණ නොමද විඳගන්නා අතරතුරේ
ඔබ දිවිමගේ අද ඇරඹෙන නව වසරේ
මහැදුරුකම ලැබේවා පතනෙමි මිතුරේ


මංතුමා ඉතිං සති ගාණකට කලින්ම බ්ලොග් එකේ ලිපි දාලා උදේ හයට පබ්ලිෂ් වෙන්න සෙට් කරලා තියෙන කෙනෙක්නේ. හිටිවන කවිය වුනත් කලින්ම ලියලයි තියෙන්නේ.

ප/ප/ලි:
මෙන්න රත්නායක කතන්දර ලේඛනය
රත්නායක ජෝක්ස්
රත්නායක මහත්තයා ගෑණුන් ගේ xxx හොයපු හැටි
රමණී මෙතඩ්
පුරාතන මධ්‍යතන නූතන
එසේම වේවා
මී කිරිවල ගුණ
කටුබැද්දේ කුකුල්ලු දෙන්නා
අරක්කු ඕනා, කෝක් වානා
කීප් එ සයිඩ් - Keep aside - අන්තර්ජාලයේ ඉවුං පිහුං
රත්නායක මහත්තයා ගේ තවත් වැඩකිඩ

(image: http://test.ical.ly/2011/07/28/today-is-the-day-symfony-2-0-is-being-released/)

23 comments:

  1. අපොයි යාලුවන්ට උපන්දිනේට සුබ පතන්නේ මෙහෙමද?...:D

    ReplyDelete
  2. අදනං මම පළවෙනියා වගේ.

    මුලින‍්ම කියන්නඩ කෙහෙල්කොටුවේ චූටි මහත්තයත් රත්නායක මහත්තයට සුබ උපන්දිනයකට ආසිරි පැතුවයි කියලා. කතන්දර හින්දා දැං රත්නායක මහත්තයත් අපේ හිතවතෙක් ගානයි.

    දෙවෙනි කාරනේ අද හවසට කතන්දරගෙ කතන්දර ලැයිස්තුවට හොඳ කතා ටිකක් අලුතින් එකතු වෙයි නේද.....

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. සිකේයියා! හයිඩ්‍රජන් බැලුම් බෝලේ මට කලින් නැඟිටලනේ.....

    ReplyDelete
  5. රමණි සෑහෙන්න දුර දිග හිතන කෙනෙක් පාටයි ! රත්නායක මහත්තයාට අපි සුභ උපන්දිනයක් වේවා කියල පතමු. හිටිවන කයියත් ශෝක් ! අද මටත් ඉස්සෙල්ල පො.කු සහ චූටි මහත්තයා මේ පැත්තෙ ඇවිත්. .. හොඳා හොඳා ! හෙට ඉඳන් එලාම් එක පැය භාගයක් ඉස්සරහට කරකවන්න වෙයි වගේ !

    ReplyDelete
  6. හෙහ් හෙහ්.............මාත් කතන්දර බ්ලොග් එකේ පලවෙනි කමෙන්ටුව දාපු කාලයක් තිබ්බ අප්පා....

    රත්නායක මහත්තය තවත් මහත්තයෙක් එක්කල පටලා ගත්ත අයත් හිටිය විත්තිය කතන්දර දන්නව ඇති නෙව.

    මොනා උනත් අපේ මේ රත්නායක මහත්තයව අපිට අපේම හිතවතෙක් වගේ. කතන්දර අපේ හිතවතා, රත්නායක කතන්දරගෙ හිතවතා, කතන්දර තමුන්ගෙ හිතවතාට පින්සිද්ධ වෙන්න කතාන්දරම කීයක් ගොඩ දා ගත්ත ද ...

    හොඳයි හොඳයි...කතන්දරගානේ දැන් ඔය රත්නායක මහත්තයට ගෙනියන්නේ , වේලාසන ලියපු හිටියව කවියක් විතරෙයි....

    කතන්දර තුලින් නිතරම හමුවෙනවා
    අසල්වැසි ලෙසින් සිත තුල වැජඹෙනවා
    අදත් අලුත් දවසක සිරි උසුලනවා
    මෙයින් සුබ උපන් දිනයක් පවසනවා

    එහෙනම් රත්නායක මහත්තයෝ ශ්‍රි ලංකාවේ , දකුණ ලක කෙළවරේ පුංචි ගමකිනුත් ඔයැයිටයි ඔයැයිගෙ රමණි හාමිනේටැයි දෝණිටයි...සුබ උපන් දිනයක්....

    අපොයි වැරදුනා.... සියළු දෙනාටම සුබම සුබ දවසක්...

    ReplyDelete
  7. රත්නායක මහත්තැන්ට සුබ උපන්දිනයක් කිව්වා ඕං...!

    මොනවා වුනත් රතනායක මහත්තැන්ට හම්බුවෙලා තියෙන්නෙ හොඳට දුරදිග බලන නෝනමහත්තැන් කෙනෙක්... අගෙයි!

    ReplyDelete
  8. මොනවා වුනත් රමණි නෝනානම් හොද බුද්ධිමත් නෝනෙක් වගේ.

    රත්නායක මහත්තයාට සුභ උපන්දිනයක් වේවා කියලා පැතුවා කියන්නකෝ එහෙනම්.

    ReplyDelete
  9. හැපි බර්ත් ඩේ කතෝ...!!!
    කී වෙනි එකද...?
    ඇත්තටම රත්නායකගෙ නම් එයාට ෆෝවර්ඩ් කරන්න...

    ReplyDelete
  10. ඔක්කොටම වඩා හිනා බුද්ධිට වෙලා තියෙන වැඩේට,, රත්නායක නෙමේ රමණි මේක දැක්කොත් තමා වැඩේ.

    @ මාතලන්, කතීගෙ උපන්දිනේ එන්නෙ තව දින දාසයකින් ( පත්තරේ තිබුණෙ )

    ReplyDelete
  11. කතන්දර අයියාට කතන්දර හැදූ රත්නායක මහතාට සුබ උපන්දිනයක් වේවා!

    ඒක නෙමෙයි අද රෑට බියර් බොන්නේ? අයිස් ටී නැතෙයි?

    ReplyDelete
  12. මරු කථාවක් නේ ..... රත්නායක මහත්තයට සුභ උපන් දිනයක් වේවා කිව්වා කියන්න....

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. සුබ උපන්දිනයක් වේවා !!!!
    කොයිකටත් සූදානම් වෙලා ඉන්න එක හොදා.

    ReplyDelete
  15. මහැදුරු කම අද හෝ හෙට ලැබෙන්නයි
    හැ0ගූ බියර් සේරම එලි බහින්නයි
    තව සාදෙකට යලි ඇරයුම් ලැබෙන්නයි
    කලු වූ කොන්ඩෙ ඒ විලසම තිබෙන්නයි :D :D :D

    ReplyDelete
  16. "ඇතුලත ගිණි පිටට නොදෙනු"
    හෑබෑටම කකාට බියර්වලට වමනෙ යනවද?

    ReplyDelete
  17. කතන්දරගේ රත්නායක මහත්තයාට හැපි බර්ත්ඩේ කිව්වා කියලා කියන්ට හොඳඳ? ඒ එක්කම තව එකක්, හිටිවන කවිය කලින්ම ලෑස්ති කලා වගේ කෝකටත් රමණී නෝනා ආදර්ශයට අරගෙන පාටියට යන්න කළින් ඉටිරෙදි දෙකකුත් කතන්දරගේ පැත්තෙන් එළලා ගියොත් මොකද? කතීටත් ලේසියිනේ?

    ReplyDelete
  18. හිටගෙන ලියු හිටිවන කවි...හික්ස්...

    ReplyDelete
  19. අද දින සිය ජීවන මගේ තවත් එක උපන්දිනයක් සමරන රත්නායක මාමාට මේ සුභ උපන්දිනයකට සුභාසිරි ගෙන එන්නේ . . . .
    ඕනමැන්ටල් චූටි පුතා

    ප.ලි.
    කලිං ලිවුවත් කල්පනාවට ආපු වෙලේ ඒක හිටිවන කවියක් නෙ . . . . ඒ විදියට බලද්දි අවුලක් නෑ

    ReplyDelete
  20. අවදානමට වඩා සූදානම හොදයි කියල රමණි නෝන දැනගෙන ඉදල තියනව. ඒකයි.

    ReplyDelete
  21. මහැදුරෙක් වෙන්න කියල ඔන්න අපිත් පැතුව එහෙනම්. කරුමෙට රත්නායක මහත්තය බ්ලොග් ලියන්නෙ නෑ නෙ. එහෙම උනානං එතුම කකා ගැන කියන මේ වගේම රස කතා ටිකක් අහ ගන්න තිබ්බ!

    ReplyDelete
  22. රමණි නෝනගේ දුර දිග හිතා වැඩ කිරිමේ හැකියාව ගැන සතුටු වෙන්න ඕන..

    ReplyDelete
  23. @ All
    රත්නායක මහත්තයාට සුභ පැතූ සියල්ලන්ටම මගේ ස්තුතිය.

    හිටිවන කවිය කලින්ම ලියා ගෙන ගියාට එතනදී කියන්න ගියවෙලේ පොඩ්ඩක් විතර ටැපලුනා නේ.

    මං හිතන්නේ ඒකට හේතුව තමයි මිතුරේ කියන වචනේට හරියන්න බියරේ කියලා ලියන් ගියාට, එතනදී අයිස් ටී බීපු එක වෙන්න ඕනෑ!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.