
අර "සෝඩ එපා!" කියන කතාව අහල තියෙනව නේද?
හොඳයි, අහල නැති අය වෙනුවෙන් ඉස්සෙල්ලාම ඒක කියල ඉන්නංකෝ.
ඔන්න පොරක් ගියා යාළුවෙකු ගෙ ගෙදර. යාළුවො දෙන්න ටිකක් කතා බහ කර කර ඉඳල ඔන්න ආගන්තුක සංග්‍රහයට සැරසුනා.
දන්නවානෙ සාමාන්‍ය ක්‍රමය. දෙතුන් පාරක් එපා කියද්දි බලෙන් වගෙනෙ සංග්‍රහ කරන්න ඕනැ.
"තේ එකක් බොමුද?"
"අනේ තේ එපා."
"එහෙනම් කූල් එකක් බොමුද?"
"අනේ කූල් බීම එපා."
"එහෙනම් අරක්කු ටිකක් වත් බොමුද සෝඩ එක්ක ෂැන්ඩි කරල?"
"අනේ සෝඩ එපා!"
මේකත් ඒ වගේ කතාවක්. හැබැයි පොඩ්ඩක් වෙනස්.
අපේ යාළුවෙක් ඉන්නව මිනිහ ඉගෙන ගෙන තියෙන්නෙ ඉන්දියාවෙ යුනිවසිටියක. ඉතිං පොර ලංකාවෙ කොල්ලො කොළු කමට කරන සමහර ඒව ගැන වැඩිය දන්නෙ නෑ. සමහර විට ඒකට තවත් හේතුවක් තමා, අද අපි වගේ අය ආශ්‍රය කෙරුවට, මිනිහ කොළඹ ඉහල මධ්‍යම පන්තියෙ පවුලක කෙනෙක්. මං මෑන් ව අඳුන ගන්න කොට මිනිහ ඉන්දියාවෙ ඉඳල ඇවිත් අවුරුදු කීපයක් ගතවෙලා.
ඔන්න දවසක් අපේ කොල්ලො කෂ්ටිය පොඩි ඩ්‍රින්ක්ස් එකකට සෙට් වුනා.
එතන හිටිය ලංකාවෙ යුනිවසිටි එකක ඉගෙන ගත්ත පොරකුත් මං ලඟදි අඳුනගත්තු. පොර කිව්ව කැම්පස් ඉන්න කාලෙ විභාග ඉවරවෙන දවසට, රිසල්ට්ස් එන දවසට හෙම කොල්ලො එකතු වෙලා බොන විදිය. සල්ලි එක්කහු කරල, මොරටුවෙන් හරි පිලියන්දලින් හරි බඩු ගෙනැල්ල, හොස්ටල් එකේ හරි, බෝඩිමක හරි සෙට් වෙලා බොන හැටි.
මේ කතාව යන අතරෙත් සිද්ද වෙන්නෙ ඒ ආකාරයේම වැඩ සටහනක්. එකම වෙනස, පොල් සහ වඩේ වෙනුවට විස්කි බෝතලයකුයි, කෝක්, අයිස්, සෝඩ යනාදිය තියෙන එකයි.
"හැබැයි, අපි නම් අරක්කු බොන්න කවදාවත් කෝක් දැම්මෙ නෑ!" ලංකාවෙ යුනිවසිටි එකේ පොර කිව්ව.
"ඇයි ඒ, පොල් අරක්කු බොන්න පුළුවන් ද ඩයිලූට් කරන්නෙ නැතුව?" ඉන්දියන් උපාධිකාරය අහනව.
"බොන්න නං අමාරුයි තමා. ඒත් කෝක් ගන්න කෝ සල්ලි? අරක්කු බෝතලේට ගාන හොයා ගන්නෙත් කොච්චර අමාරුවෙන් ද?"
"අරක්කු බොන්න සල්ලි තිබේනම් කෝක් ගන්න සල්ලි නැත්තේ ඇයි? තව රුපියල් කීපයයි නෙ ඕනැ."
"ඒකම තමයි හේතුව, තියෙන සල්ලි ටික අරක්කු වලට ගියාම කෝක් වලට සල්ලි කෝ?"
කොච්චර පැහැදිලි කලත්, අපේ යාළුවට නම් හිතාගන්න ම බැරිවුනා, ලංකාවෙ කොල්ලො කෝක් නොබිව්වෙ ඇයි කියල.
වැඩේ මේකනෙ. අරක්කු නැතුව අරක්කු බොන්න බෑ. ඒත් කෝක් නැතුව අරක්කු බොන්න පුළුවන්. ඕකයි සරලම පැහැදිලි කිරීම.
මං ඉගෙන ගත්ත ආර්ථික විද්‍යාවෙ සංකල්පයක් තිබුන මතකයි ගිෆන් භාණ්ඩ කියල. ඒක මේ "අරක්කු ඕනා, කෝක් වානා" සංසිද්ධියට සෑහෙන්න සමානයි.
මේ බ්ලොග් සටහන දැං හුඟක් දික් වුන හින්ද ඒ කතාව තව දවස් දෙක තුනකින් වෙනම දාන්නං.
ආපහු "කතන්දර" බ්ලොග් එකට එන්න අමතක කරන්න එපා!
-කතන්දරකාරයා
ප/ලි:
මෙන්න ඒ ගිෆන් භාණ්ඩ ගැන කතන්දරේ.
http://kathandara.blogspot.com/2009/08/blog-post_18.html
(image: http://www.divaina.com/2010/08/11/news13.html)
mata mathak wenawa arabi nisollasaya!
ReplyDeleteගොන් කතා කීමට බලපත් අවශ්‍ය නොවන නමුත්, එනිසාම සීමාවක් නැතිව ගොන් කතා කීම කවුරුන් වුවද නොකලයුතුය යන්න අපගේ මැදහත් විශ්වාසයයි.
ReplyDeleteඅනිත් කතා ටික අපි ආසාවෙන් කියෙව්ව මේක නං මෙලෝ රහක් නෑ.
eka nam etta tamai apith e dawaswala coke natiwa tamai gahuwe. eka me rata giya ewun danne naha
ReplyDeleteඅපිටත් ඕකම තමා අරක්කු බෝතලේ ගත්තම බයිට් වලටයි සැන්ඩි වලටයි සල්ලි මදි ඉතින් ඒව පුළුවන් අවමයෙන් තමා පාවිච්චි කරන්නේ
ReplyDeleteකෝක් නැහැ සෝඩා, හරි වතුර හරි තමා
ඩෙවල් චිකන් නෙමෙයි රටකජු
කතන්දර නියමයි. කියන විදියත් අලුත්. ඒ වගේම මතට තිත තියෙන පරිසරයක් තුලත් මේ කතන්දර දිග ඇරෙන නිසා එන කොමෙන්ට්ස් තුත් නියමයි.
ReplyDeleteඅර පහුගිය කතන්දරවල ඇදෙන දේශපාලන යටගියාවට සම්බන්ධ කතා තමයි වැඩියෙන් රහ කියල නම් කියන්නම ඕන...
සැන්ඩිත් නැති බයිටුත් නැති අඩුම ගානේ වීදුරැවක්වත් නැති අන්තිම හිඟන බීම් ගැන මතකයක් නැති විශ්ව විද්‍යාල කට්ටිය දැං නම් ඇති ඕන පදං...
ReplyDeleteඑහෙම කාලයක් නම් තිබ්බා තමයි...හැබැයි ඔය කියන කාලේ තමයි...
http://teraki.blogspot.com/
හකාවති
> මං ඉගෙන ගත්ත ආර්ථික විද්‍යාවෙ සංකල්පයක් තිබුන මතකයි ගිෆන්
ReplyDelete> භාණ්ඩ කියල
අපි දන්න ආර්ථික විද්‍යාවෙන් නම් මෙතන Coke වලට කියන්න වෙන්නෙ "අනුපූරක" භාණ්ඩයක් කියලා.. ;)
රා බොන කතන්දර අහල තියෙනව ද?
ReplyDeleteමං මේ කල්පනා කළේ ඇයි අපට අරක්කු නැතිව කෝක් බොන්න බැරි කියල....
ReplyDeleteමම කවදටත් කලවර්‍ම කරන් නැ.මොකටද අපරාදේ රස මරන්නේ.පස්සේ හොදට වතූර බොනවා
ReplyDelete