ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Monday, 31 October 2011
දාම් ඇදීමට කැරැක්ටර් සැටිෆිකේට් එකක්? - A Chess move in a Draughts game
ටිකක් හිනාවෙන්න බ්ලොගේ ලියන අභීතට මලියදේවෙන් අයින් වෙද්දී හම්බ වුණාලු පිටු දෙකක කැරැක්ටර් සර්ටිෆිකේට් එකක්.
ඉස්කෝලවලින් හම්බවෙන ඔය සැටිෆිකේට් දිග වෙන්නේ තමන් කොරන ඇක්ස්ට්‍රා කරිකියුලර් වැඩ ගොඩ හින්දයි.
මං දහයේ පන්තියේ ඉඳලා ස්ටඩි කරපු ඉස්කෝලෙන් ලැබිච්ච සැටිෆිකේට් එකේ නං මගේ ඒ-ලෙවල් රිසල්ට්ස් වලට අමතරව තිබුනේ පේලි දෙකකයි. ඒකට හේතුව තමයි ඉස්කෝලේ හැට-හුටමාරක් සංගම්, සංවිධාන තිබුණට මං හිටියේ සංගම් දෙකෝම දෙකේ වීමයි.
එකක් එනර්ජී කන්සරවේෂන් සොසයිටි. ඒ සංගමෙන් මොනව කළාද කියලා දැන් නං මට මතක නෑ.
අනික තමයි දාම් සංගමය.
දාම් කියන්නේ මං පුංචි කාලේ ඉඳලාම ටික ටික දැන ගෙන හිටිය බෝඩ් ගේම් එකක්.
චෙස් කියන බෝඩ් ගේම් එක දන්නවා නේද? චෙස් තමයි ඉතිං රට ෆොරිජින් පොෂ් ගේම, ඔය මකරා වගේ අය කැමති.
අපි නොදන්න චෙස් කිව්වලු!
දාම් කියන්නේ ගං චෙස්, වල් චෙස් නැත්තං ලෝකල් චෙස් කියලා හඳුන්වලා දෙන්න පුළුවන්.
අපේ ආච්චී ලා ගේ ගෙදර තිබුණා දාම් බෝඩ් එකක්. ඇත්තටම කියනවා නං ඒක ඩුවල් පර්පස් එකක්. ඒකේ එක පැත්තක දාම් පෙත. අනිත් පැත්තේ පංචි පෙත.
දන්නවනේ අර කවඩි බෙල්ලෝ හයදෙනෙක් හොල්ලලා බිමට දාලා එන ලකුණු අනුව කොටුවෙන් කොටුවට පැනලා දිනුම් කණුවට යන ගේම් එක?
අපේ ආච්චී, අම්මා, පුංචි අම්මලා හෙම වැඩියෙන් කැමති පංචි දාන්නයි. මගේ හිත ගියේ නං පංචි සෙල්ලමට නොවෙයි, දාම් අදින්නයි.
අපේ අම්මගේ තාත්තා, අපි එයාට කිව්වේ සීයා කියලා නෙමෙයි ආතා කියලයි, තමයි දාම් වලට සූරයා. දාම් ඇදලා ආතාව පරද්දන්න බැරි හින්දා තමයි ආච්චී, අම්මා, පුංචිලා පංචි දාන්න වැඩියෙන් කැමති.
ඇයි මේ ගේම් දෙකම තියෙන්නේ එක බෝඩ් එකේ දෙපැත්තේ නේ. බහුතරයේ කැමැත්තෙන් පංචි දාද්දී ආතාටත් එන්න වෙනවා ඒකට එකතුවෙන්න.
පංචි කියන්නේ ලක් එක අනුව දිනන ගේමක් නිසා ආතා ට දාම් ඇදිල්ලේ දී වගේ දිනන්න බෑ. ඒ නිසා ආතා වැඩියෙන් කැමති දාං අදින්නයි.
මේ දාම් බෝඩ් එකත් අසමසම එකක්. දාම් ඉත්තෝ සෙට් දෙකක් ඉන්නවානේ ප්ලේයර්ස් ලා දෙන්නට. සාමාන්‍යයෙන් මේ එක සෙට් එකක් සුදු පාටයි, අනික කළු පාටයි. ආතා ගේ සෙට් එකේ සේරම සුදු ඉත්තෝ වෙනුට තිබුණේ මෝර මාළු කටු. ඇත්තම කියනවානම් මොර මාළුවාගේ කොඳු ඇට පෙලේ කටු!
ඔව්, මෝරා කියන්නේ කෙලවල්ලා, ඇටවල්ලා, හුරුල්ලා වගේ නෙමේ කොන්දක් තියෙන මාළුවෙක්!
කොහොම හරි ඉතිං මං ආතා එක්ක දාම් අදින්න පටන් ගත්තා. මේ කාලේ මං පහේ පන්තියේ විතර ඉන්න ඇති.
එදා ඉඳලා, අවුරුද්දකට දෙපාරක්වත් පාසල් නිවාඩු කාලේ අපි ගමේ ගිහින් ඉන්න කොට එක දිගට හැමදාම එක පාරක් හරි දාං ඇදලා, ඇදලා, මං අන්තිමේදී හතේ පන්තියේ විතර ඉඳිද්දී එක දවසක් ආතාව පැරුද්දුවා.
ඒ සංසිද්ධිය සිද්ධ වුනේ මෙහෙමයි.
මං වගේ පොඩි එකෙක් එක්ක දාං අදින එක ආතා වගේ කෙනෙකුට මහ කම්මැලි වැඩක් වෙන්න ඇතිනේ! මේ කියන දවසේ දාං අදින ගමන් ආතා මා එක්ක කතාවට පැටලුනා. එදා ආතා මා එක්ක කිව්වේ කෝට් එක හොයන්න ගිය කතන්දරේ ද, බූරුවා ගහපු කතන්දරේ ද මට මතක නෑ. ආතා ජෝන් මහත්තයාව මට්ටු කරපු කතාව නං මට කිව්වේ අම්මා. ආතා පේන අහපු හැටි මට කිව්වේ පුංචි අම්මා.
ඒ මොකක් වුනත්, කතාවෙන් කතාවෙන් මං ආතාට දාම් පෙතේ හදපු ට්‍රැප් එක ආතා නියම වෙලාවට දැක්කේ නෑ. මං ආතාගේ ඉත්තෝ පහක් එක දිගට කැපුවා.
ඊ ලඟට ආතා ට මගේ මිස්ටේක් එකක් මිස් වුණා. මං දාං ගියා.
ආතා පැරදුණා!
-කතන්දරකාරයා
ප/ලි:
අභීත ගේ කැරැක්ටර් සැටිෆිකේට් කතාව මං දැන ගත්තේ කතාබස් වැඩසටහනේ ඕඩියෝ ට්‍රැක් එක අහන වෙලේයි.
අන්න අහනවනං අන්න ඇසිය යුතුම වැඩසටහනක්.
මං නං ඕඩියෝ ට්‍රැක් එක ඩවුං ලෝඩ් කරලා තියාගත්තා.
මොකද කියනව නං ඒ රේඩියෝ ඉන්ටර්වීව් එකේ අභීතගේ කතාවේ මටත් කැරැක්ටර් සැටිෆිකේට් එකක් තියෙනවා!
ඉස්කෝලෙන් ගත්තු සැටිෆිකේට් එක නං මට කිසිම පල ප්‍රයෝජනයක් ගන්න තියා කවදාකවත් ෆයිල් එකෙන් එලියට ගත්තු එකක් නෙමේ.
බලමු අභීත මට දුන්නු සැටිෆිකේට් එකෙන්වත් ප්‍රයෝජනයක් තියෙයිද, කොහොම වෙයිද කියලා.
ප/ප/ලි
සැප්තැම්බර් මාසයේ සිට මා ඇරඹූ අඟහරුවාදා, බදාදා සහ සෙනසුරාදා කයි-කතන්දර පල කරන වැඩ පිළිවෙල ලබන මස සිට අත් හිටුවන බව කණගාටුවෙන් දැනුම් දෙමි.
සඳුදා, බදාදා සහ සිකුරාදා කතන්දර පල කෙරෙනු ඇත. ඒවා කයි-කතන්දර වීමටද ඉඩ තිබේ. ඉරිදාට සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාව ද පල කෙරෙනු ඇත.
මේ දක්වා දැක්වූ ඔබේ සහයෝගයට ස්තුතියි.
(image: http://www.tradgames.org.uk/games/Draughts.htm)
Subscribe to:
Post Comments (Atom)
දාං අදින එකට ලෝකල් චෙස් කියල කියන්න එපා. ඒකත් ටිකක් විතර සිරා ගේම් එකක්. චෙස් අදින අයට වුනත් එක පාරට දාං ඇදල දිනන්න අමාරුයි.
ReplyDeleteදෙවැනි කාරණාව, ඔය ක්රමමේට තමයි දාං ඇදල දිනන හුඟ දෙනෙක් කරන්නෙ මං දැකල තියෙන හැටියට. ප්රැතිවාදියාගෙ මනස වෙන පැත්තකට හරවනවා.
Am I the first commentator?
ReplyDeleteඅද මම එකද.... මරැ කකා....
ReplyDeleteදාන් චෙස් වල මුල ඉන්දියාව කියල අහල තීනව. ඔය දාම් වගෙම ගේමක් මෙහෙත් තීනව. අරාබි ශිෂා උර උර එක දිනව එළිවෙනකල්, සීතල කාලෙට.
ReplyDeleteචෙස් කියන්නේ යුද්ධයක් සැලසුම් කරනව වගේ වැඩක්නේ , දාම් එච්චර සංකීර්ණ නැහෙනේ , ටික කාලයක් ඇදල පුරුදු කෙනාට හෙවත් ප්‍රවීනයාට චැන්ස් එක වැඩියි . චේස් නම් හොඳ මොල කාරයෙක් සෙට් වුනාම ප්‍රවීනයෙක් උනත් දණගස්සන්න පුලුවන් සීන් එකක්
ReplyDeleteපාසැල් කාලේ නම් යම් තරමක චෙස් හැකියාවක් තිබුනා පස්සෙ කාලෙ ඒක අතැරුනා , මැතකදි වින්ඩෝස් වල චෙස් ගේම ගහන්න ගියාම තමයි තේරුණේ බිගිනර් ලෙවල් එකත් ගේමක් වෙන තරමට චෙස් හැකියාව බැහැල කියල
දාම් ඇදල දිනල තියෙන්නෙ එකම පාරයි , හැබැයි අර ප්‍රංශ දාම් ද මොකක්ද කියල එකක් තියෙන්නෙ ඉස්සෙල්ලාම ඉත්තො ඉඅවරc කරගන්න එක . අන්න ඒකෙන් නම් ටිකක් දිනල තියනව
දාම් ටිකවෙලාවක් ඇදල ප්‍රංශ දාම් කරගෙන තමයි සෙල්ලම හැමදාම ඉවර කලේ . . .
ReplyDeleteමම දාං අදින්න පුරුදු උනේ අපේ පුංචි අම්මගේ පුතත් එක්ක
ReplyDeleteමුල් කාලේදී මම හැමදාම වගේ පරදිනවා, මට වගේ නෙමෙයි මිනිහට හැමදාම වගේ කඩපලේ දාං ඇදල හොඳ පළපුරුද්දක් තිබුනා
ඒත් පස්සේ පස්සේ මමත් එයාව පරද්දන්න පටන් ගත්තා
කාලෙකින් දාං අතක් ඇද්දේ නැහැනේ, ඒකත් මතක් වුනේ මේ පොස්ට් එක දැක්කට පස්සේ
මමනම් කවදාවත් චෙස් ඇදල නැහැ, අපි නොදන්න චෙස් කියන්නේ කට කහනවට නෙමෙයි මම හිතන්නේ
දාම් වල කරන්නේ මැද හිඩැස් අවම කරගෙන ඉත්තෝ ඉස්සරහට ගන්න එකයි, එකක් දීලා දෙකක් ගන්න තැන් හොයන එකයි, කෙලවරේ කොටු දෙක ගැන පරිස්සම් වෙන එකයි, ගේම් එකේ ටිකක් පහුවෙද්දී දාම් යන්න පුළුවන් විදියක් හොයන එකයි... ඔච්චරයි මගේ දාම් දැනුම...
ReplyDeleteඒත් චෙස් එහෙමද..? ඕපනින් ම කීයක් තියෙනවද..? මටනම් කවදාවත් එපා වෙන්නේ නෑ...
ඔයවගේම වෙනසක් තියෙනවා ඕමි වලයි 304 වලයි... ඕමි බලනවාට වඩා ලොකු විනෝදයක් ගන්න පුළුවන් 304 වලින්...
ඔය හතරම සෙල්ලම් කරන තැනක් අහුවුනොත් මම මගෑරලා යන්නේ නම් නෑ... :)
අද කාලේ හුඟක් ලමයි දාම්, පංච කියන ක්‍රීඩාවන් දන්නෙ නැහැ, කියන මමත් ඉස්සර නම් මතකයි, ඒත් දැන්නං පංච මතක නැහැ, අපේ දේවල් අපිටම අමතක වෙන්නෙ මොකද මන්ද ...
ReplyDeleteහැබැයි චෙස් නං පුලුවන් ..........
මාත් අද 500 ලීවා...මගෙත් ගමනේ වේගය බාල කන්න කාලය හරි.
ReplyDeleteමේ කතන්දරේ මං සඳුදාට සෙට් කරන කොට දවස ටැපලිලා ඉරිදාම පල වුණා!
ReplyDeleteනමුත් දැන් ආපහු සඳුදාට එකක් අමුතුවෙන් දාන්න යන්නේ නෑ.
කතන්දර වේගය අඩු කරනවා මෙතැන් සිට.
This post took me to my past. I also used to visit my mother's parents place which was in a village, during some school holidays. One of the highlights of the stay was playing draughts with my grandfather. We started playing when I was about twelve. In about three years time i managed to get 50:50 winning.
ReplyDeleteeven though I started playing chess at the same time, I still think draughts shaped my strategical thinking for good or for bad.
In another similarity with your story, I also got selected to the Pera Eng Fac. Unlike you I never went there for some unfortunate reasons.
After completing my studies out side, I went to see my grand father a few times, but couldn't find time to play a game of draughts with him. Though old he was in good shape of mind and we agreed to play a game in my next visit.
We never got to play that game as he died a year later before my next visit. That game of draughts remains an unfinished business that I will never be able complete, even though it taught me a lesson.
Thank you for this post. It touched me (assuming it is a true story). Would like to know whether you got to play draughts with your grandfather after became a big man too.
/
කොච්චර පැරදුනත්, චෙස් තමයි හොඳම ගේම් එක.
ReplyDeleteදාම්වල ඉතින් අදින්ට දෙයක් නෑ. අත් තුන හතරකින් දිනන්ට පුලුවන්.:D
චෙස් වලත් අනිත් කෙන නොදන්න ඔපනින්ග් 1ක් දන්නවනම් ඉතින් සැහෙන දෙයක් කරගන්න පුලුවන් නෙ ? එ වගෙද දාම් අපෙ රටෙ දෙයක් නෙ.
ReplyDeleteකට්ටියම සෙට් වෙලා චෙස් ගෙන කතා කරමුද(අර ජොකා ල ගැන කතා කර වගෙ)
ReplyDeleteඅයියගේ කැරැක්ටර් සෙටිපිකේට් එක මං ඇහුවා....
ReplyDeleteඔය දාම් සෙල්ලටම මං කොයි කරම් අකැමති වුනත් අපේ මලයා මාව ඔය ගේමට ඈද ගන්නවමයි. හේතුව මං ඌට හැමදාමත් පරදින නිසා. දැනට අවුරද්දකට විතර කලින් දවසක් මූ මට සිංහ පාට් දාලා කතා කලා ගේමට. එදා කල්පනාවෙන් ඈද්ද නිසා පොර පරාදයි... එදා ඉඳන් අද වෙනකං තාම තරඟයක් පැවැත්තුනේ නෑ...
මේක කියෙව්වාම මතක් උනේ සනත් නන්දසිරි මහත්තයගෙ සින්දුවක්....
ReplyDelete'ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාං අදින්නේ..
ගැටව් කතා බහට කඩ එලිපත්තේ රංචු ගැහෙන්නේ....'
මට සින්දුව මතක් උනේ මම ඉසෙල්ලම මේ දාම් සෙල්ලම දැක්කෙ අත්තම්මගෙ ගමේ, සින්දුවේ කියල තියෙන වගේ පරිසරයක හින්දා... හැමදාම අපි ඒ කඩේ ලඟින් යනකොට දෙන්නෙක් හිස් ලෑලි පෙට්ටි දෙකක් උඩ වාඩි වෙලා, තවත් හිස් පෙට්ටියක් උඩ දාම් ලෑල්ල තියාගෙන දාම් අදිනවා..තව කිහිප දෙනෙක් වටේ ඉඳගෙන බලන් ඉන්නවා...
මමත් මාමලත් එක්ක දාම් ඇදලා තියෙනවා... ඒත් කවදාවත් දිනන්න බැරිවුනු නිසා ගේම එපාම උනා.... පංචි දාලා නම් දිනලා තියෙනවා ඕන හැටියෙ... ඒ දවස්වල අපේ ගෙදරත් පංචි පෙතක් තිබුනා... ඒ නිසා මං නම් ආස පංච දැමිල්ලට....
මොලේ මළකඩ යන්න හොද ක්‍රීඩාව. ඒත් බලං ඉන්න අයට නං එච්චර විනෝදයක් ලැබෙන්නෙ නෑ.
ReplyDeleteමටත් දාන් කතාවක් මතක් වුනා, පොස්ට් එකක් හැටියටම ලඟදි දාන්නං
ReplyDeleteපුන්චිම පුන්චි කාලෙ දාන අදිනවා බලා ඉඳලා උපදෙස් දෙන්න ගිහින් ගුටි කාලා තියෙනවා..ඊට පස්සෙ අපි දාන් අදිද්දි අපිඅ උපදෙස් දෙන්න ආපු පුන්චි උන්ට ගුටි දීලා තියෙනව !
ReplyDeleteඉස්සර නම් චෙස් ඇද්දා දැන්නම් මොලේ කොලොප්පං වෙනවා ඒකට. දාම් ලෑල්ලක් වත් හොයාගන්න ඕන ආපහු.
ReplyDelete@ Ano Oct 30 2011 8:08 PM
ReplyDeleteඇනෝ
මේ ගං චෙස්, වල් චෙස් කතා නිකං ජොලියට කියන ඒවනේ, ගණං ගන්න එපා!
@ බස්සා
ReplyDeleteබස්සා එන කොට රෑ වෙලා වැඩියි, වවුලෙක් ඇවිත් ගිහින්!
@ ඉන්දික උපශාන්ත
ReplyDeleteදාම් නොහොත් ඩ්‍රාෆ්ට්ස් වර්ග කීපයක් තියෙනවා.
@ බූවා
ReplyDeleteප්‍රංශ දාම් වුනත් අන්තිම හරිය හරි අමාරුයි!
ඕනයා
ReplyDeleteමං නං චෙස් ගහන්න ගියත් අන්තිමේදී ප්‍රංශ දාම් වගේ තමයි.
@ ලොකු පුතා
ReplyDeleteචෙස් සංඛීර්ණයි. මං මුලින්ම චෙස් ඇදපු කාලේ හීනෙණුත් පේන්නේ චෙස්.
@ Beetle
ReplyDeleteඒක ඇත්ත, මටත් ඕමි නං අප්ඵිරියයි, කිසි චැලේන්ජ් එකක් නෑ.
ලිට්රේචර් කියල තියෙනව මාර ගේමක් අහලා තියෙනවාද?
@ පන්සල් හන්දිය
ReplyDeleteපංච මතක නැති වුණාට එහෙනං ලූඩෝ මතක ඇති නේ?
@ Mundeer
ReplyDeleteමේක ඇත්ත කතාවක්. අනිත් කතන්දරත් එහෙමයි.
ආතා එක්ක මං දිනුවේ එක ගේමයි ඒ හතේ පන්තියේ දී විතර වෙන්න ඕනෑ.
පස්සේ දහයේ පන්තියේදී තමයි මට හොඳට දාං අඳින්න පුළුවන් වුනේ. එතකොට ආතා ගේ උනන්දුව ගිහින්.
ආතා මං පේරාදෙනියේ ෆයිනල් ඉයර් එකේ ඉන්න කාලේ නැතිවුණා!
@ Podi Kumarihami
ReplyDeleteඅත් තුන හතරකින් දිනන්න පුළුවන්? ඒ ඉතිං ඔයාගේ විරුද්ධවාදියා
හැකියාව තමයි.
මා එක්ක නං ඒ සෙල්ලං බෑ.
@ Theekshana
ReplyDeleteදාම් රටවල් ගොඩක, විවිධ වර්ගයෙන් තියෙනවා!
@ Prasanna
ReplyDeleteසමහරු අකමැතියි පරදින්න. මං දාම් අත් කොච්චර නං පැරදිලා ඇද්ද? ඒවායෙන් තමයි පන්නරය ලැබුනේ!
@ Miyuru
ReplyDeleteපංච දැමිල්ල සාමාන්‍යයෙන් කාන්තාවන් ගේ ක්‍රීඩාවක් අවුරුදු කාලේ!
@ රාජ්
ReplyDeleteකියවල/බලල තියෙනවද තුංමං හන්දයේ දාම් අදිනවා?
@ Observer
ReplyDelete"දාන්" කතාව "දාන්"-නකෝ එහෙනං.
@ Weni
ReplyDeleteබූරුවා ගහන්න ගිහිල්ලා ගුටි කෑවේ නෑ වගේ නේ කතාව?
@ Kandyan
ReplyDeleteකැරම් හොඳයි පාකින්සන් හැදෙනකං!
චීන චෙකර්ස් කියල එකක් මෙහෙ ජනප්‍රියයි .තව ඔය දාම් වගේ එකක් හැබැයි බෝඩ් එක හෙම වෙනස් සෙල්ලම් කරනවා දකිනවා . විශේෂයෙන් පාරේ අයිනේ පොඩි කඩ ළඟ . අපි පොඩි කාලෙත් අවුරුදු නිවාඩුවට ගමේ ගියහම දාම් සහ පංචි දැම්මා . දැන් මතක නම් නැහැ . දැනුත් ඉඳහිට අපි හතර දෙනා ඕමි හරි චයිනිස් චෙකර්ස් හරි සෙල්ලම් කරනවා . පුංචි බනියා බාල්දියක් පෙරලලා අයින් වෙනවා . එයාගේ අත මට තමයි කරන්න වෙන්නේ . තව අර නයි ඉනිමන් සෙල්ලම මතකද .
ReplyDeleteගම්පෙරළියේ නන්දල පංචි දැම්ම කියල මතකයි .
ආයෙත් ට්‍රැප් එක මිස් වුනාද කථාවට ගිහිල්ලා කස්ටියටම..... !!!!
ReplyDelete@ සොඳුරු සිත
ReplyDeleteමගේ සුභ පැතුම්!
මං සුභ පැතුවේ ඇත්තටම කලින් දවසේයි.
සොඳුරු සිත තවත් සොඳුරු වේවා!
@ Bindi
ReplyDeleteපංච දැමිල්ලේ කිසිම උපක්‍රමශීලි බවක් නෑනේ. බූරුවා ගහනවා වගේමයි.
@ තිස්ස
ReplyDeleteඅපි බ්ලොග් ලෝකයේ දී දාං යන්නේ අනුං ගේ ඉත්තෝ කපන්නේ නැතුව නේ.
ඒ නිසා ට්‍රැප් අනවශ්‍යයයි.
අන්න සොඳුරු සිතත් දාං ගිහින්!
මන් දන්නා ගමේ මනුස්සයෙක් හිටියා කිසිම උගත්කමක් නැති.. හැබැයි මිනිහ එක්ක දාන අදින්න පුළුවන් කවුරුත් මම දැක්කේ නැහැ. මුළු දාම් ලැල්ලම මිනිහගේ ඔලුවේ තියෙනවා කියලයි අනිත් මිනිස්සු කිවුවේ.. ඒ වගේම මං ඉස්සර කාලයක් වැඩ කල ආයතනයේත් ලොක්කෙක් හිටියා මිනිස්සුන් දාම් අදින.. අන්තිම සීන් එක වෙනකම් කාටවත් කියන්න බැරි උනා මොකාටද එන්නේ කියල. එක මිනිහෙක් එයාට ඕන තැනට දාගන්න ඕන උනාම හතර පස් දෙනෙක් පාවිච්චි කරලා එක අපුරුවට කළා.
ReplyDeleteko, Nov 01, kathawa??
ReplyDelete(DLNNM)
@ සරත් ලංකාප්‍රිය
ReplyDeleteඅපි මහජනයා ඉතිං කොහොමටත් දේශපාන දාං පෙතේ ඉත්තෝ නේ.
ඇයි, තවත් සමහරු කැමති බිම දාං අඳින්න නේද?
@ Ano Nov 1, 2001 2:12 PM
ReplyDeleteප/ප/ලි යේ ලියා තියෙන එක දැකලා නෑ වගේ?
@ All
ReplyDeleteසියළු දෙනාටම
අගෝස්තු මාසෙන් පස්සේ අද තමයි කතන්දර බ්ලොග් එක මුලින්ම පාළුවට ගිය දවස.
මාස දෙකක් තිස්සේ අඟහරුවාදාට දාපු කයි-කතන්දරය නැතුව මට නිකං මොකක්ද මොකක්ද වගේ!
හෙට හමුවෙමු.
ලොකු දාන් බෝඩ් එහෙක කොටු කීයද?, එක පැත්තකට ඉත්තෝ කීයද?..
ReplyDeleteදාන් අදින්න ටැක්ටික්ස් කියන්නකෝ
ReplyDelete