Saturday 22 October 2011

මගේ උණහපුළු පැටියා - My cute little Slender Loris


උණහපුළුවාට උගේ පැටියා රත්තරං ය කියලා කියනවනේ. කොච්චර කැතවුණත් තමන් ගේ දේ තමන්ට ලොකුයි. ඒක අර ඇනෝ කියන නාසිසිසම් ද මොකක්ද වුණත් මට නං ලොකු ප්‍රශ්ණයක් නෑ ඒ ගැන.

මෙන්න මං සෙකන්ඩ් ඉයර් එකේදී ලියපු හොඳම කවිය.

හොඳම කියන්නේ මගේ අනිත් කවිවලට සාපේක්‍ෂව මිස වෙනත් අර්ථයකින් නෙමේ.

එහෙම ගත්තොත් මේ ලෝකේ නිරපේක්‍ෂ දේවල් කියලා ජාතියක් තියෙනවායැ. සේරම සාපේක්‍ෂයි!

මේ කවිය මගේ හිතට ආවේ ෆර්ස්ට් ඉයර් එකේ මැද හරියේ විතර. අන්තිමේදී තටමලා, තටමලා මේක මේ විදියටවත් එලියට ගත්තේ සෙකන්ඩ් ඉයර් එකේත් මාස දෙක තුනක් ගියාට පස්සෙයි.

එහෙම වද විඳලා වදපු උණුහපුළු පැටියා මෙන්න!

පුදුමය

ඔබ දුටු සඳ
සතුටින් පිරී ගිය සිත
නිශ්ක්‍රීය වී ඇත

මම ද මා?

මා දුටු සඳ
නැගුණු මදහස මුවට
වියලිළා ගොස් ය අද

ඔබ ද ඔබ?෴


-කතන්දරකාරයා

ප/ලි
ඔය කවිය ලියවිලා ඉවර වුණු වෙලාවේ මගේ හිතට දැණුනු සතුට නං කියලා ඉවරකරන්න බෑ.

තව දවස් කීපයකින් කතන්දර බ්ලොග් එකේ සතුටුදායක පොඩි සැතපුම් කණුවක් එනවා. කතන්දර ලියන පොරගේත් සතුටුදායක පොඩි සංසිද්ධියක් එනවා.

ඒ දවස පහුවුණාම කියන්නං, එදා පේරාදෙනියේ සෙකන්ඩ් ඉයර් එකේ මේ කවිය ලියලා ඉවරවුණු වෙලාවේද, නැත්තම් ලඟදීම එන සංසිද්ධිවලදී ද සතුට වැඩිය දැනුනේ කියලා!

(image: http://www.zimbio.com/pictures/1hCA2ynwNk0/Two+baby+Loris+Given+Health+Check+Veterinary/XE90fhx2HLN)

27 comments:

  1. ඔය උනහපුළු පැටියා කැතයි කියන්නෙ කාට සාපේක්ෂවද ? මගේ නොවුනත් ඌ හරිම ලස්සනයි !

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ඔය ලෝරිස් කියන්නෙ උණහපුළුවාටද? පින්තූරෙ ගත්ත ලින්ක් එකේ තිබුණෙ ඒ නම?

    ReplyDelete
  4. අහ්! කතන්දරයෙ මාතෘකාවෙත් තියෙන්නෙ ඒ නමනෙ.. හදිස්සියෙ දැක්කෙ නෑ. ජය!

    ReplyDelete
  5. ඇනිවසරියක් ලඟයි වගේ....!

    ReplyDelete
  6. ලස්සන කවියක් !!!

    ReplyDelete
  7. උනහපුළු පැටියෝ දෙන්නම ලස්සනයි. මම කීවේ පින්තූරෙයි, කවියයි දෙකම...:D

    ReplyDelete
  8. මේ පින්තූරෙ බැලුවම පේනව උණහපුළුව කැත නෑ කියල නේද .. හරි හුරතල් මූණ...ලඟදි ලමා නිවාසෙකට දානයක් දෙන්න ගිය වෙලාවෙ මේ වගේම මුනක් තියන හුරතල් කොලු පැටියෙක් දැක්ක . මූණ මේ වගේමයි...

    ReplyDelete
  9. කවුරු කොහොම කීවත් මටනම් උනහපුලු පැටියා හරිම ලස්සනයි.ඔහොම කියන්න පටන් ගත්ත හේතුව මොකද්ද කියල මටනම් හිතාගන්න බැ.
    කවියත් ලස්සනයි අදහස ගැඹුරු වෙලා වැඩියි වගේ,එකමයි ඒ ලස්සන .
    *වසිලිස්සා*

    ReplyDelete
  10. මට හැමදාම තියන නොවිසඳුන ප්‍රශ්නයක් . . . "මොකාද කිවුවෙ උනහපුලු පැටිය කැතයිකියල . . . ???"

    ReplyDelete
  11. ෂෝක් උණහපුලු පැටියා .....
    හොඳ තේරුමක් තියන පැටියා ......

    ReplyDelete
  12. අඩේ උනහපුලු පැටිය මාර ලස්සනයි නෙ. :D

    ReplyDelete
  13. උනහපුලුව කැතයි කියන්නේ , අර ලොකු ඇස් වලින් මූණ දිහා බලන විදිහ නිසයි....හරිම දුක පාටයි....

    ඔය උනහපුලු වන්ගේ කඳුළු බෙහෙතකට ගන්නව කියල අහල තියෙනව වගේ මතකයි මට.

    ReplyDelete
  14. කකා ගේ උනහපුළු කවිය නිසා තාවකාලිකව මගහැර ගිය රසිකාවියන් ආපහු ඇවිත් වගේ!

    ReplyDelete
  15. කවියෙ වචන ගොඩා...............යි...

    ReplyDelete
  16. cute unahapulu patiya

    - ZIGzag

    ReplyDelete
  17. උණහපුලුවා කැත නැති බවට මෙයින් මගේ ඡන්දය ප්‍රකාශ කර සිටිමි.
    henryblogwalker the Dude

    ReplyDelete
  18. රස විඳින්න දන්න අයෙකුට මේ උණහපුළු පැටවුන් දෙදෙනාම ලස්සනයි.
    පිටු ගණන් ලියවෙන කවි වලට වඩා මං කැමති මේ වගේ පොඩි ඒත් තේරුම ලොකු කවි වලට.

    ReplyDelete
  19. ඇනිවර්සරි එකක් ලගයි වගේ.... කවිය ලස්සනයි අයියේ....

    ReplyDelete
  20. කවිය පොඩි වුනාට හොඳ තේරුමක් තියෙනවා . පස්සෙන් ගිහින් ගිහින් යාළුවෙලා ටිකක් කල් යද්දී ආදරේ සාමාන්‍ය කරණය වෙලා වගේ . නිතර දකින කුකුලාගේකරමලේ වගේ වුනාද ?

    ReplyDelete
  21. අර නිශ්ක්‍රිය කියන වචනෙ අනිත් වචන එක්ක එකට යන්නෙ නෑ වගේද මංදා. කොහොමටත් උණහපුළු පැටියා ලස්සනයි, ලොකු වුනහම උණහපුළුව වගේ බලන් ඉන්නෙ නැත්තං.
    TA

    ReplyDelete
  22. උණහපුලු පැටියා කැතයි කියනවන්ං ඒ සුන්දරත්වය මොකද්ද කියලා දන්නැති එකේක්.....මොනා උනත් උඹට සතුටක් ඇතිවෙන දෙයක් සිද්ද වෙනවන්ං අපිටත් සතුටුයි බං....

    ReplyDelete
  23. මම නම් උණ හපුලුවන්ට ආසයි.. මගෙයි උන්ගෙයි ලොකු වෙනසක් නැති නිසා

    ReplyDelete
  24. "උණහපුළුවාට උගේ පැටියා රත්තරං ය කියලා කියනවනේ. කොච්චර කැතවුණත් තමන් ගේ දේ තමන්ට ලොකුයි. ඒක අර ඇනෝ කියන නාසිසිසම් ද මොකක්ද වුණත් මට නං ලොකු ප්‍රශ්ණයක් නෑ ඒ ගැන."

    Showing more and more evidences that you are suffering from inferiority complex, that you try to over compensate with narcissistic showoffs...
    :-D

    ReplyDelete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. ඔබ දුටු සඳ
    සතුටින් පිරී ගිය සිත
    නිශ්ක්‍රීය වී ඇත..........................ඇයි???

    ReplyDelete
  27. මොකද, උන හපුලු කතාවක් කියන්නෙ? පවුලෙ count එක වැඩි වෙනවද?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.