Friday 3 June 2011

පුරාතන, මධ්‍යතන සහ නූතන - Ancient, Medieval and Modern (Hey, wait-a-minute!)



PamelaJuliaCalista
මේ දේශපාලන කරුණක් ගැන කෙරෙන තර්කයක් හෙම නං නෙමෙයි. ඒක හින්දා, සාමාන්‍යයෙන් විහිළු කතන්දර ලියන මංතුමා, ඉඳලා හිටලා එක්කෝ පොලිටික්ස් කතා කරන කෙනෙක් ලියපු පොතක් ගැන පෝස්ට් එකක් ලිව්වොත් හරි, නැත්තං මගේ කතාවක ලාවට වගේ මේ කියන කෂ්ටියට බූදලයෙන් අයිති වෙලා තියෙන පොලිටිකල් ග්ලොසරියෙන් වචනයක් හෝ වැරදිලා ලියවිලා තිබුණොත් හරි, මේ අහිංසක මට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන පොලිටිකල් ඇනිමල්ස් ලා මේකට කලබල වෙන්න හේතුවක් නෑ.

දැන් ටික කාලෙකට කලින් අපේ රත්නායක මහත්තයා එක්ක කයියක් දිදී ඉන්න වෙලාවක ඉගෙන ගත්තු මේ කරුණු බ්ලොග් එකේ ලියන්නද නොලියන්නද කියලා මාස ගානක් තිස්සේ හිත හිත ඉඳලා, ඔන්න අද හිතුණා, ඕ.පූ. වේවා, ඔන්න ඔහේ ලියලා දානවා කියලා.

පුක කියන්නේ කුණුහරුපයක් නොවේය කියා තර්ක කරලා, පx යනු පදාර්ථයක්ද, පරමාණුවක් ද? කියන කතන්දරෙත් ලියපු මට මේක ලියන එක මහ කජ්ජක් ද නේද?

මේ කතන්දරේ සිහියට එන්න මූලික හේතුව වුනේ පසුගිය දවසක පත්තරේක ගිය ලිපියකද කොහෙද කියවපු කතාවක්.

"අතීතයේ ඉඳල වර්තමානය දක්වා ඉතිහාසය සලකා බලන කොට, ලංකාව එන්න එන්නම පිරිහිලා!" කියලයි මේ ලිපියේ කියන්නේ.

ලංකාව විතරක් නෙමේ මුළු ලෝකෙම එහෙමයි කියන එකයි මගේ මතය.

"මේ නූතන යුගයේ මිනිසත් බව කියන එක ටිකෙන් ටික නැතිවෙලා යමින් තියෙනවා."

ඒක ඇත්ත! තවත් මිනිහෙක් මැරුණාය කියල අහල සතුටු වෙන්න නම්, තමන් ගේ මිනිසත්කම ටිකක් හරි කොම්ප්‍රොමයිස් නොකර බෑ කියලයි මට නම් හිතෙන්නේ.

ඔතන ඔය නූතන යුගය ගැන කියවෙද්දී මතක තියාගන්න ඕනෑ, ඉතිහාසය ගැන කතා කරද්දී, සාමාන්‍යයෙන් යුග තුනක් ගැන කතා වෙන බව.

පුරාතන, මධ්‍යතන සහ නූතන යුගය.

දැන් රත්නායක මහත්තාය කියන විදියට, ඔය තුන අර්ථ දැක්වෙන්නේ මෙහෙමයි.

පුරාතන කියන්නේ අපි කවුරුත් සැමදා ආදරයෙන් සිහි කරන කිරියෙන් ඉතිරී ගිය, සම්පතින් ආධ්‍ය වූ සශ්‍රීක එකක්. මතක් වුනත් සිත ඔකද වෙනවා! හදවත කින්කින් වෙනවා.

මධ්‍යතනත් නරකම නෑ. අපි බොහෝ දෙනෙකු කැමති දෙයක් තමයි. පුරාතනය තරම් නැති වුනත්, මධ්‍යතනත් කිරියෙන්, සම්පතින් පිරී ගිය එකක්.

ඒකටත් එක්ක නූතනය. කියලා වැඩක් නෑ, අන්තිමයි. කවද හරි වැඩි දියුණු කරල ගත්තෙ නැත්තං කාටවත් වැඩක් වෙයි ද මන්දා.

-කතන්දරකාරයා

ප/ලි:
සිංහල භාෂාව මරු භාෂාවක්. ඒත් ගොන්නු තාමත් කන්නේ තණ නේද? ඒ හින්දා ද මන්දා මට මේ කතන්දරේ ලියන්න සෑහෙන වෙලාවක් ගියා.

ඔය උඩින් දාලා තියෙන ෆොටෝ හොයා ගන්න නම් වැඩි වෙලාවක් ගියේ නෑ.

ප/ප/ලි
ස්ටාටරේ ගහල ගිහින් තියෙන ටියුබ් ලයිට් කෂ්ටිය මට ඊ-මේල් එකක් එවන්න. කතන්දරඇට්ජීමේල්ඩොට්කොම්

(Photos from: http://au.askmen.com/)

58 comments:

  1. හික්..! පුරාතන දැකල heart beat එකත් වැඩිඋනා :D අනේ හැබෑටම ඉඳල ඉඳල කසූටත් හිතෙන ඒව.
    මම නම් කැමති "පුරා තනයි" "මධ්‍ය තනයි" අතර මැද තියන යුගවලට :D
    කසූ කැමති මොන යුගයටද? ;) :D

    ReplyDelete
  2. මොන මගුලක්ද බොල..! ඔය මොකක් උනත් මොකද කෙල්ලෙක් කැමති නම්.. එකෙක් වත් ඇහැක් ඇරලා බලන්නැනේ :-/

    ReplyDelete
  3. ආහ් මේක ගැනද මේ කිව්වේ? පුරාතන දැකලනම් ඉතින් කොල්ලන්ගේ හාට් බීට් එක කොහොමත් වැඩි වෙයි... :D

    ReplyDelete
  4. මං නම් කැමති මොඩර්න් ඒවට. මොකෝ වයසට ගියත් යන්ග් ඇට් හර්ට්. වයසෙ වැරද්දක්ද මන්දා. මගේ වයසෙ අනික් ඒවුන්ගෙත් අවංක අදහසත් ඒකමයි. පොඩි කාළේ කැමති මීඩිවල් ඒවට. ලෙඩක්ද හැටිද අනේ මන්දා.. ඔහේ කැමති මක්කටෙයි...

    ReplyDelete
  5. මාත් මාතලන් එක්ක එකගයි.. කසූ කියනව වගේ පුරාතනය නූතනයට එනකොට පිරිහිලා වගේ අපේ අදහසුත් පිරිහිලාද දන්නෙ නෑ.. ඒත් මෙහෙම එකක් තියෙනවා... දැන් ඔය වර්තමානෙ හැමෝම කැමති පොඩි පොඩි ඒවටනෙ... ඉස්සර ගඩොල් බාගයක් වගේ තිබුන සෙල්ෆෝන් දැන් සයිස් එක ?? ඉස්සර අලිපත් ඩෙක්ස්ටොප් වෙනුවට ලැප්ටොප් නෙවෙයි පාම්ටොප් වෙලත් ඇවිලා... ඒ කියන්නෙ වර්තමානෙ මිනිස්සු කැමති මයික්‍රො ඒවට.. හුරුබුහුටියි නෙත්කලුයි පාවිච්චියට ලේසියි...අනිත් එක තමයි ඕනම දෙයක් සයිස් එකෙක්න් ලොකු වෙනකොට නිවැරදි ප්‍රමිතියට හා හැඩේට පවතවාගන්න ආදාරක ඕනෑ...අදාරක නැති උනාම ඔය සමහරුන්ගෙ වැඩිවෙච්ච හාට් බීට් නවතීවි. ඕනම දෙයක් විනිවිද දකින්න අත්දැකීම් අවශ්‍යයි..... කසූ මොකද කියන්නෙ ???

    ReplyDelete
  6. හැමදේම එන්න එන්න පුංචි වෙන කාලේ , මිනිස්සු අසහස් අතිනුත් පුංචි වෙලා ද මන් ද?

    සිතින් ගතින් පිරිනු අදහස් වලට අද තැනක් නැති වෙලා වගේ.......

    ඒත් මතක තියා ගන්න “ අතීතය ආයේ ආයෙත් සිද්ධ වෙනවා “

    මේ තුන් යුගයටම පොදු දේ මොකක් ද?

    ReplyDelete
  7. කතන්දර මේ මොනවා කියනවද මන්දා.. වෙන මොනවට ටියුබ් උනත් මේවා ගැන කතා කරද්දී අපේ කස්ටියට ස්ටාටර් ඕනෙම නෑ... මාත් වැඩිපුරම කැමති මධ්‍යතන එව්වට තමා.. පුරාතන එව්වා වැඩී වගේ නූතන එව්වා මදී වගේ..මධ්‍යතන එව්වා තමයි අයිඩියල්.. අද කතන්දරෙත් කට්ටියට අල්ලලා යනවා වගේ.. කතන්දර දැන් ස්ට්‍රැටජි එක වෙනස් කරලද මන්දා.... ;-)

    ReplyDelete
  8. අඩේ... කතන්දර අංකල් මරු පෝස්ට් එක...

    කොමෙන්ට් ටික කියෙව්වහමයි "පුරාතන,මධ්‍යතන,නූතන" කියන්නේ මොනවද කියල තේරුනේ.. :D :D :D

    ReplyDelete
  9. අහ්.... පින්තූර තුනත් දැනුයි තේරුනේ... ටියුබ් ලයිට් ද මන්දා..

    ReplyDelete
  10. මමත් 'වත්' එක්ක එකඟයි. අතීතය ආයම, ආයම සිද්ධවෙනවා. ඒ හන්දා කට්ටිය දැනට ඉතින් කැමති, කැමති යුගවල හිටපුවාවේ.

    ReplyDelete
  11. කතන්දරේට පුදුම හැකියාවක්නෙ තියෙන්නේ යමක් විස්තර කරන්න. නරකද කතා කරන රස්සාවකට මාරු උනොත්?

    ReplyDelete
  12. අපිට ඉතින් අදාළ නැහැනේ .අහල බලන්න ඕන.

    ReplyDelete
  13. @පොඩි මෑන්
    //ඒත් මෙහෙම එකක් තියෙනවා... දැන් ඔය වර්තමානෙ හැමෝම කැමති පොඩි පොඩි ඒවටනෙ...//
    එහෙමද? ...මේ අපි මේ මොනවා ගැනද කතා කරන්නේ? යුග තුනට විතරක් අදාළ නම් ඉතින් කමක් නෑ. පොදුවේ සියල්ලටම අදාලද ඕක හැබැට? :P

    ReplyDelete
  14. මේ පොටෝ 3 දැක්කම මම දාපු අන්තිම පෝස්ට් එකේ හිටපු ස්ලිම් ඇන්ඩ් සෙක්සි කෙල්ලො ඔක්කොම අයිති වෙන්නෙ නූතන යුගයට කියලා බය නැතිව කියන්න පුලුවන් සාධක මට අද වගේ මතකයි.

    ඔය කියන යුග වලට එක එක්කෙනා කැමති එක එක ආකාරයේ හේතු හින්දා. උදාහරණයක් හැටියට අපේ කුරුලුලොක්කෝ කිව්වෙ මධ්‍යතන යුගයට කැමතියි කියලා. මොකෝ ඒ ගොල්ලන්ට නුතන යුගය ගොඩනගන්න ඈප කැප වෙලා වැඩකරන්න අපිට වගේ වෙලාව නැති හින්දා.

    කතන්දර අහලා තියෙනවද නෙල්සන් වාස් මාමා කියන "එහා ඉවුරෙ තණකොල කන ගොනා..... මෙහා ඉවුරෙ තන දකිනවා මනා....." කියන සින්දුව.

    ReplyDelete
  15. ඔන්න එහෙනම් මටත් මේල් එකක් එවන්නම වෙනවා. තනිකරම කොයිල් උනා

    ReplyDelete
  16. අඩේ දැනුයි මීටර් උනේ. කතාව තුන්පාරක්ම කියෙව්වා. මං කිව්වේ නැද්ද මම බට ලයිට් එකක් කියලා. පට්ට කතාව.

    ReplyDelete
  17. ඇත්ත තමයි, අතීතය ආයෙත් සිද්ධ වෙනවා,

    හැබැයි නුතන යුගයෙ මධ්‍යතන දේවල් අනාගතයෙ පුරාතනයට යාමේ ඉඩ වැඩියි. ඒ නිසා ඔය මධ්‍යතන යුගයට කැමති නූතන යුගයෙ ඇත්තො නූතන යුගයෙම ඉන්නවනම් පසුකාලීනව (ක)තන්(දර) නිවැරදිව වටහා ගැනීමේ වටිනා කම දැනෙනු ඇත.

    ReplyDelete
  18. මෙහෙමයි කතන්දර. නුතන යුගය හැමදාම නුතන යුගය නෙවෙයි. කාලයත් එක්ක නුතනය වෙනස් වෙනවා. හැබැයි නුතනය වෙනස් වන්නේ අප අද දකින මේ පුරාතනය වගේ නොවෙයි. අද නුතනයේ ඉන්න උන්ට අනාගතේ ඉතුරු වන්නේ වැහැරුණු අතීතයක් වෙන්නට පුළුවන් මහන්සි නොවුනොත්.

    පුරාතනයට ප්‍රිය කරන්නන් මුහුණ දෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ ශ්‍රී විභූතිය විනාස වෙන්න නොදී රැක ගන්නේ කොහොමද කියන එක. ඉස්මුරුත්තෙට යන්න පුරාතනය බදා ගෙන ඉන්න ගියාම අවුට් ඔෆ් කොන්ට්‍රෝල් යන්න ඉඩ තියෙනවා [අද ලංකාව බලන්නකො].

    මධ්‍යතන යුගයේ දුර්ගුණයක් තමා ශ්‍රී විභූතියට වඩා පුද්ගල චරිත පිම්බෙන එක.

    පුරාතන මධ්‍යතන නුතන යුග ඔක්කොම හැඩ ලස්සන කරන වගකීම ඇත්තේ අප අපට ම බව ද අමතක නොකරන්න.

    එතකොට අර ගෑනු ළමයි දෙන්න කියන අතීතය නැවත සිදුවෙන මතය ගැන මොකද හිතන්නේ.

    මාර ක්‍රියේටිව් පෝසට් එක. ටියුබ් ලයිට් නම් අන්එක්ස්පෙක්ටෙඩ්. ඒ කියන්නේ අපේ අලුත් පරම්පරාව "ඔව්වට නෑ" එහෙනම්. වයස ගියාට නාකි නොවන්නේ අපි ම ද?

    ReplyDelete
  19. ෂා.. කතන්දරට තැන්කූ වෙවා අර පුරා තනය මතක් කරලා දුන්නට. මම මේ කල්පනා කරේ හැබෑට ඔය අමුනලා තියෙන පුරාතනයටත් පරන ඒවා කොහොමට හිටින්න ඇද්ද කියලා...

    ReplyDelete
  20. හක් හක්.. මයෙ ගහල ගොහින් තියෙන්නෙ චෝක් එක.. :D :D :D

    ReplyDelete
  21. මම මේ කල්පනා කරන්නෙ මේ යුගතුනේ පිරමි පක්ෂය ගැන.
    නුතනේ ඉන්න පිරිමි ටිකටත් මේකම නෙව වෙලා ඇත්තෙ.
    හික්ස්

    ReplyDelete
  22. අපිටත් ඉතිං ඕව්වා තේරෙන්නෙම නැහැනේ.... මොන මගුල කිව්වත් කුණුහරුපයක් විදියට බලන අපිට ඔව්වා මොනාද...?

    අර අන්තිම එකේ මුලින්ම තියෙන "නූ" යන්න "නෑ" යන්න වුනානම් තමා හරිම අර්තය එන්නේ...

    ReplyDelete
  23. මගේ ඉහත සටහනේ "යුග" කියන වචනයට අරුත දෙකක් ඇති බව තකහනියක් කියන්නේ ටියුබ් ලයිට් ළමයින්ට.

    අත් "යුග" අල්ලන ඇවිදන් ගියස් හැටි මතකද ඒ "යුග"යේ...

    ReplyDelete
  24. සුපර්බ් කතන්දරයක් නොවැ ලියලා තියෙන්නේ.
    මාත් ඉතිං ටියුබ් ලයිට් තමයි.

    මේක නම් සිරා කතාවක් අප්පා.

    ReplyDelete
  25. [[ඒත් ගොන්නු තාමත් කන්නේ තණ නේද?]]

    හපොයි නැහැ. මහප්‍රාණ නොවන එව්වා කන "ගොන්නු" ඉන්න ෆිල්ම් බලලා තියේ කොල්ලා කාලේ. ඔන්න දැන්නම් මං බලන්නේ නැහැ ඔව්වා හොඳේ. අපි වැදගත් නීති ගරුක මිනිස්සු.

    ReplyDelete
  26. පෝස්ට් එක කියවල ඉවර වෙනකම් ලයිට් එක ඕන් නොවුනත් පලවෙනි කමෙන්ට් එකෙන් ලයිට් එක ඕන් උනා...
    හැබෑට පුදුම අතීතයක් ‍ඈ :D

    ReplyDelete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. ඔය නූතන මධ්‍යතන යුග ජන ගහනය බෝකිරීමත් සමඟ පුරාතන වෙලා නාභිය දක්වා ගමන් කිරීම තමයි ගැටවළුව

    ReplyDelete
  29. මොකද මේ ලඟකදි ඉඳම් ලලනාවන් ගැනම මාතෘකාව??
    කාරණාව කිම??

    ReplyDelete
  30. මගේ නම් චෝයිස්‌ ඒක මද්‍යතන.... හැබැයි ඉතින් දැන් ඔය යුග තුනේ වෙනස බාහිරින් බලල තීරණේ කරන්න අමාරුයි නෙව.... :D

    ReplyDelete
  31. කාලෙකට ඉස්සර අහපු කය්යක් මතක් වුනා

    දෙළුම් ගෙඩි රැක්කා
    තැඹිලි ඉඳ හිට වික්කා
    පසුව වට්ටක්කා
    වැලක එල්ලී සිටිනු දැක්කා

    ReplyDelete
  32. ඔව් ඉතින් එක එක පිරිමි අය කැමති එක එක යුග වලටනේ......

    ReplyDelete
  33. :-)

    [මට හිනා ගියෙ කතන්දරේටම නෙමෙයි. රත්නායකයගෙන්ම ඇහුවනං ඌ සහසුද්දෙන් තේරුං කරල දෙයි. :-)]

    ReplyDelete
  34. කතාව දෙවෙනි පාර කියවද්දි තමා තේරුණේ ඔ්ං....
    @Observer
    පට්ට කවියක් නොවැ...
    maru maru

    ReplyDelete
  35. අර කිව්වත් වගේ අපි ගැටවු කාලේ පුරාතනය අගය කරලා ඒ අදහස් අද වෙනකොට ටිකෙන් ටික අපෙන් ඈත් වෙලා ගිහිල්ලා..අවසානයේ නූතනයට පෙම් බැඳීමෙන් නැවතිලා තියෙනවා..සුජීව කිව්වා වගේ ඔය පුරාතන ශ්‍රී විභූතිය රැක ගනීමත් ලේසී නැහැ..

    එහෙම පිරිහීමට ලක් වෙන බව දැන දැන පුරාතනයට ලොල වඩන්ට අමාරුයි නෙව...

    එහෙම බැළුවම මධ්‍යතන යුගය ගැන උනත් ඒ හැටි ආල වඩන්ට දෙයක් නැහැ නෙව..කෝකටත් කියලා නූතන යේම එල්ලිලා නූතනයේ රස විඳින එකම තමා හොඳ මගේ කල්පනාවේ හැටියට..

    ReplyDelete
  36. ..ම්මටඋඩු පුරාතනය.

    ReplyDelete
  37. @ All
    බුදු අම්මෝ තියෙන කමෙන්ට්ස් ගොඩ.

    මේ සේරට උත්තර බඳින්න නං වෙලාව නෑ ළමයිනේ.

    මං මෙහෙම කරන්නං.

    කාන්තා පක්‍ෂයේ කමෙන්ට්ස් වලට විතරක් උත්තර දෙන්නම් හොදේ. කොල්ලෝ ටික තරහා වෙන එකක් නෑ මගේ හිතේ!

    ReplyDelete
  38. @ කොට ජීවිතේ
    මේවා ස්වභාවික ප්‍රතික්‍රියා. මුළු ලෝකෙම පවතින්නේ ඔය ආශ්‍රීතව තමයි. කියවලා නැද්ද මනුසත් උයන සහ නිරුවත් මානවයා?

    ReplyDelete
  39. @ සොඳුරු සිත
    ඔබේ ටොකු මට වැදුණි.

    ලක්‍ෂ්මී ලියා පොත විකුණුනේ නැති විට හිඟන කොල්ලා ලියා ඩබ්ලිව්.ඒ. සිල්වා කියා ඇති දේ දන්නවාද?

    තුන් යුගයට පොදු දේ නම් ඒලියන්ස් ලා ඇති කරගන්නා ආකර්ක්‍ෂණයයි!

    ReplyDelete
  40. @ පොඩි කුමාරි
    හිස්ටරි රිපීට්ස් නේද? අනේ මන්දා?

    මට මතක තියෙන අතීතයක් ඔබට මතක නෑ!

    ReplyDelete
  41. @ Bindi
    හොඳයි, අහල බලන්නකෝ එහෙනං!

    ReplyDelete
  42. @ Gimhani

    Hikz.

    (කියන්නට තියෙන්නේ එපමණකි!)

    ReplyDelete
  43. @ Gimhani-2

    කවදත් මං ලලනාවන් ගැන අමතක කලේ නෑ!

    ReplyDelete
  44. @ neetha

    සමහරු නං පරණවිතානලා.
    හුඟ දෙනෙක් හැබැයි කැමති අනුරාධපුර යුගයට වඩා කෝට්ටේ යුගයටයි.

    ReplyDelete
  45. පුරා තන නම් ඇති වෙන්න දැකලා තියෙනවා.
    මධ්‍ය තන නම් දැකලම නැති පාටයි.
    නූ තන පේන්නෙ වත් නැහැ නේ :(

    ReplyDelete
  46. අපි මේ කතාවට දේශීය මුහුණුවරක් දෙනවා නම් පටන්ගන්න වෙන්නේ සුමනා ගෝමස් කියල. ඊළඟට?

    ReplyDelete
  47. @බස්සා :
    හෙහ් හෙහ් . . . උඹ ඔහොම කියන්නෙ නෑ "කාව්්‍යා" එකේ තේමාගීතයෙදි ඕෂදී ගෙ දිවිල්ල දැක්කනං . . . . ෆුහ් . . . බේ වොච් එකේ පැමෙලගෙ රන් එක කැලේ

    ReplyDelete
  48. පලවෙනි කමෙන්ට් එකෙන් පස්සෙ තමයි පත්තු වුනේ...
    නියම කතන්දරයක්නේ

    ReplyDelete
  49. නොබලපු කට්ටිය මෙන්න්න මේ ෆිල්ම් එක බලන්න , හොඳ උදාහරණයක් එකිනෙකාගේ රුචි අරුචි වෙනස් වීම ගැන ...

    http://www.baiscopelk.com/?p=7175

    ReplyDelete
  50. පුරාතන මව්වරුන්ගේ ආරට නූතන දුලාද පත්වීම නියතය. අහල නැත්ද මලක් ඇති විලක් කලක් යනකොට පලක් නැති වලක් වෙන්ව කියල.

    නූතන දියුණුවේ රහස වැල වරක කරන කිරි බාල්දියි කියලයි මට හිතෙන්නෙ. ඒවගෙ පිහිටෙන් ඔක්කොම බොන්සයි කරලනෙ!

    තව අහල තීනවද බන්දුල ගුණවර්ධන මහත්තය ගැන ජනප්‍රිය කතාව?

    ReplyDelete
  51. පුරාතනේ තමයි පුරාතනේ! :D

    ReplyDelete
  52. ඕකනෙ ඉතිං කරන්න බැරි. ශ්‍රී ලංකාව ජාතියක් විදියට ආපස්සටමයි යන්නේ. මෙහෙම පුළුවන්ද රටක් ගොඩ නගන්න? ඉතිහාසය හදාරනවා කියන්නේ ඉතිහාසයම වන්දනා කර කර වත්මනට ගරහනවා කියන එක නෙවේ. ඉතිහාසය අධ්‍යයනය කරලා එහි ධනාත්මක ලක්‍ෂණ ගෙන ඍණාත්මක ලක්‍ෂණ හැර වත්මන සකස්කොට අනාගතය ගොඩ නගන එකයි.

    නැද්ද මං අහන්නේ?!

    ReplyDelete
  53. නූතනය අනිත් ඒවට වඩා හරිම සෙන්සිටිව් කියල කතාවක් අහල තියනවා. ඇත්තද දන්නෑ... ;)

    ReplyDelete
  54. @ All
    මං කාන්තා පක්‍ෂයේ කමෙන්ට්වලට විතරයි නේ මේ පාර උත්තර දෙන්නේ.

    නමුත් ඊයෙන් පස්සේ කවුරුවත් ගෑණු ළමයි අළුතින් මොකුත් ලියලා නෑ!

    ප/ලි
    හෙට සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකට දාන්න හිතාගෙන හිටපු කතන්දරේ වෙනස් කරන්නටයි මං යන්නේ.

    ReplyDelete
  55. මරු ගැලපිල්ල ඕO.....

    ReplyDelete
  56. කතන්දර කොහොමත් බ්ලොග් අවකාශෙට අළුත් ට්‍රෙන්ඩ් අරගෙන එන්න කොහොමත් දක්ශයානෙ....! ඔන්න දැන් මටත් කට කහගෙන කහගෙන එනවා එනවා වගේ.....!

    ඒ කට කහගෙන යන විදිහට මම කියන්න යන්නෙ, පුරාතන කාන්තාවක් විසින් නූතන කාන්තාවකට පුරාතන කාන්තාවක් බැරිනම් අඩුම තරමේ මධ්‍යතන කාන්තාවක් බවට පත්වෙන්න නම් අනුගමනය කලයුතු අත්කම්, කැටයම් සහ සුකුරුත්තම් ගැන....!

    තව ටික කාලෙකින් බලාපොරොත්තු වන්න....!

    ReplyDelete
  57. දැන් නොවැ තේරුනේ
    විකාෂනේ නරකම නෑ......

    ReplyDelete
  58. ටිකක් වෙලා ගියාම තමා කතන්දරේ තේරුනේ .......
    නියම කතන්දරේ ..........

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.