Thursday 27 October 2011

පන්සීයයි, මල කෙලියයි නොහොත් දෙමගුල! - Five hundred posts as a B'day present


මතකද නන්ද කුමාරයා?

පොර ගේ දෙමගුලක් ම එකම දවසේ යෙදිලා තිබුණා. ජනපද කල්‍යාණි සමග විවාහ වීම යි, කිඹුල්වත් පුරයේ රජකමට පත්වීමයි.

ඕකට තමයි කියන්නේ දෙමගුල කියලා.

අපේ යාළුවෙක් හිටියා, එයාට මුලින් ලැබුණු පුතාත්, ඊලඟ අවුරුද්දේ ලැබුණු දුවත් දෙන්නාම ඉපදුනේ අවුරුද්දේ එක දවසේ. ඉතිං ගෙදර බර්ත් ඩේ පාටි එකයි තියෙන්නේ ළමයි දෙන්නටම. අපිත් ගියා ඉස්සර ඒ ගොල්ලෝ අහල පහල ඉන්න කාලේ තෑගි දෙකක් අරං බර්ත්ඩේ පාටියට.

ළමයි දෙන්නා ගේ උපන්දින එක දවසට ආවේ ප්ලෑන් කරලා හෙම නෙමේ. ස්වාභාවික දරු උපත් ඒ දෙකම.

තව සමහරු කරන්නේ හොඳ දවසක් බලලා එදාට සිසේරියන් එකක් දාගන්නවා. ඒවා නම් මහ අජූව වැඩ.

ඒත් මාත් කෙරුවා ඒ ටිකම. එහෙම කරපු නිසා අද මගේ බ්ලොග් එකේ සුපිරිම දවස වුනා!

මගේ බ්ලොගයේ අදට යෙදෙන දෙමගුල මෙන්න මෙහෙමයි.

එකක් තමයි, අද මේ කතන්දර බ්ලොගය සඳහා කතන්දර ලියන මිනිසා ගේ උපන් දිනය වීම.

දෙවැනි කාරණය තමයි මේ ලියවෙන්නේ කතන්දර බ්ලොගයේ 500 වැනි කතන්දරය වීම.

මුල් කාරණය හැමදාම මං දැනං හිටිය එකක් නේ. ඒක මට වෙනස් කරන්න බැරි දවසක්.

මේ අවුරුද්දේ අගෝස්තුවේ විතර මට තේරුණා, කතන්දර 500 ක් වෙන්න තව ටිකයි දුර යන්න තියෙන්නේ කියලා. ඒක මගේ උපන් දිනේ දවසටම දාගත්තොත් මරු නේද කියලත් හිතුණා. ඒ වගේ පිස්සු අදහස් එන එක පුදුමයක් නෙමේ. පිස්සු නැත්තං කතන්දර 500 ක් ලියයිද?

හොඳ වෙලාවට පරණ කවි පොතක් ලැබුණා කැම්පස් කාලේ ලියපු කවි තියෙන. සාහිත්‍ය මාසයත් ආවා. ඉතිං සිසේරියන් එකකින් නැකතට ළමයාව ගන්නවා වගේ හරියටම උපන් දිනය දවසටම 500 වෙනි කතන්දරේ දාන්න සෙට් කරගන්න පුළුවන් වුණා!

සිංහල බ්ලොග් අවකාශයේ මීට පෙර සටහන් 500 ක් තැබුවෙකු සිටියේ නම් ඒ බියෝන්ඩ් ද ෆ්‍රේම් විතරයි, මං දන්න විදියට.

නියගය දරුණු වෙලා ඇල දොල ගංගා හිඳිලා ලූල්ලු වඳ වෙලා නිසා අද කණයෙකුට පිනුම් ගහන්න පුළුවන් වෙලා!

කාටද ආඩම්බර?

මට මෙවේලේ මතක් වෙනවා මගේ දෙමව්පියන්ව. තාත්තා මිය ගියේ මගේ මේ බ්ලොග් කරුමාන්තේ ගැන හාංකවිසියක් වත් නොදැන. අම්මා නම් දන්නවා දැන්.

ඊලඟට මගේ ප්‍රිය බිරිඳ, දුව සහ පුතා. කතන්දර 500 සඳහා සෑහෙන කාලයක් ගෙදරදීත් ගත කරන්න මං හොරා ගත්තේ ඒ ගොල්ලන්ගෙන්. විශේෂයෙන්ම හාමිනේ ගේ සහයෝගය - කියල වැඩක් නෑ!

මගේ කතන්දරවලට වස්තු බීජ සපයපු සැම දෙනාමත් මට සිහිවෙනවා. දැන් මගේ වෙන්ඩ කතන්දර ලයිස්තුව දෙසීය පන්නලා. ලියන ගානටත් වැඩියෙන් එකතු වෙනවා, සතියට දෙක තුනක්ම.

ඒ මොනවා වුනත් මේ කතා ලියන්නේ ඒවා කියවන්න අය ඉන්න හින්දයි. කමෙන්ට් කරන අය ඉන්න හින්දයි. නැත්තං ඉතිං වලක් හාරල වලට කියල එතන උණ පඳුරක් හිටෝනවනේ!

කතන්දර කියවන, ප්‍රතිචාර දක්වන, මට ඊ-මේල් එවන, ඔබ සැමට මගේ ආචාරය.

-කතන්දරකාරයා

ප/ලි:
එක දවසේ දෙමගුලක් තිබුණු නන්ද කුමාරයා ඒ මගුල් දෙකම දාලා තව්තිසාවේ සුරදූතියක් එක්ක තුන්වෙනි මගුලක් කරගන්න ගිහින් තිබුණු දෙමගුලත් නැතිවුණ බවත් අමතක කරන්න හොඳ නෑ!

106 comments:

  1. Wish you a "Happy Birthday & Many Happy Returns"
    also hope to read your 1000 th post a.s.a.p.

    ReplyDelete
  2. මගේ උණුසුම් සුබපැතුම් කසු.. හොඳම කතන්දර ලියන්න තව තවත් ධෛර්යය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා...
    අහ්.. තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. සුබ උපන් දිනයකුත් වේවා (අවංකවම අපට නම් වටින්නේ කතන්දර 500. නැතුව කසු ගේ උපන් දිනයට අපිට කේක් හම්බ වෙනවා යැ )

    ReplyDelete
  3. සුභ උපන් දිනයක් වේවා කතන්දර....!!!

    වැඩි වැඩියෙන් ලියන්න හයිය හත්තිය ලැබේවා !!!

    ReplyDelete
  4. සුභ පැතුම් දෙමගුලටම .....කතන්දර 500ක් කියන්නෙ සැහෙන ගේමක් , බියොන්ද ප්‍රේම්ට නම් ආණ්ඩුව දවසගානේ කරන වැරදි ටික තිබුන නිසා වැඩේ ලේසි නොවැ . කතන්දර 500 ක් ගොතනවාය කියන එක ඊට ටිකක් අමාරුයි කියලයි මට හිතෙන්නෙ .

    ReplyDelete
  5. සුභ දෙමගුලක් වේවා....

    ReplyDelete
  6. ඔන්න කතන්දර අය්යට සුභ උපන් දියනයක් සමඟ උම්මා උම්මා උම්මා ....

    ඒවගේම 500 වන පෝස්ට් එකටත් උණුසුම් සුභ පැතුම්.. අපිත් එක්ක දිගටම රැඳී ඉන්න අය්යේ...

    ජය පතනවා....

    ReplyDelete
  7. ඉස්සෙල්ලාම දුවගන එන්ට හිතා හිටියත්, වැඩ හන්දා පරක්කු වුනා. ඔන්න මුලින්ම උපන්දිනේට මගෙන් සුබ පැතුම්.

    ඊලඟට කත්න්දර 500ට. ඊලඟ උපන්දිනේට කලින් කතන්දර 1000 සම්පූර්න වේවා කියලා මුලු හදවතින්ම ප්‍රාතනා කරනවා. ඒ සමගම තව, තවත් ගෑනු ලමයින්ට කවි කියවේවා කියලත් හිතනවා.

    කතන්දර තමයි මම දැකලා තියන හොඳම කතන්දරකාරයා.

    අන්න උම්මා නම් ගිම්හානී දීලා තියනවනේ...:D:D:D

    ReplyDelete
  8. මට හිතා ගන්නවත් බැහැ ඔහොම ලියන්න වෙලාව හොයා ගන්නෙ කොහොමද කියලා, ඇත්තටම අති විශිෂ්ඨයි ........

    මගේ හද පතුලෙන්ම සුබ පැතුම් .........

    ReplyDelete
  9. සුභ පැතුම් මේ දෙමඟුලටම ! "සුරඟන රූසිරු දැනිමි හැඳින්නෙමි" කියලා ඉන්ඩ අප්පා !

    ReplyDelete
  10. සුබ අනාගතයක්‌..! ;)

    ReplyDelete
  11. සුභම සුභ උපන් දිනයක් සමගින් 500 වෙනි පොස්ට් එකට ආසිරි.. ජිවන ගමනේ තව බොහෝ කල් යහමින් වැජබෙමින් ලෝකය දිනනා අතරම 500වෙනි පොස්ට් එක 5000 වෙනි පොස්ට් එකටත් එහා ගෙනියන්න ශක්තිය ලැබේවා කියලා හදවතින්ම සුභ පතනවා..

    හාමිනේ ඇතුලු පවුලේ සැමට බ්ලොග් කියවන අපගේ උපහාරය

    ReplyDelete
  12. Many Happy Returns Of The Day, " Kathandara ".

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. සුබ ම සුබ උපන් දිනයක් වේවා...!!!
    ජය වේවා...!!!

    ReplyDelete
  15. Wish u a very happy Birthday Kathandara!!!

    ReplyDelete
  16. සුභ උපන් දිනයක් කතන්දර මහත්තයෝ..
    කිව්වත් වාගේ කතන්දර පන්සීයක් ලියනවා කියන්නේ ලේසි කාරණාවක් නෙවේ..
    අපටත් අඩුපාඩු කියාදී මේ සිංහල බ්ලොග් අවකාශයේ තවත් බොහෝ කල් රැඳෙන්න නිදුක් නීරෝගී වාසනා සම්පත්තියම ලැබේවායි පතමි..

    ReplyDelete
  17. සුභ උපන්දිනයක් වේවා !!!
    ඒ වගේම තවත් කතන්දර ලියන්න හයිය හත්තිය ලැබේවා !!!

    ReplyDelete
  18. සියල්ලට පළමුව කතන්දරට සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා..!!!
    කතන්දර 500ක් කියන්නේ පොඩි වැඩක් ලේසි වැඩක් හෙම නොවේ. කතන්දර මේ බ්ලොග් එක වෙනුවෙන් කැපවී ඇති ආකාරය හොඳින්ම පේනවා මේ කතන්දර 500න්. තව වෙන්ඩ කතන්දරම 100+ තියන නිසා මෙහි කතන්දර දහස් ගණනින් ලියවෙනු ඇති බවට කිසිම සැකයක් නෑ.
    ඒහෙමනම් නැවතත් කතන්දරට සුභ උපන් දිනයකට හා බ්ලොග් එකේ 500 වන කතන්දරය වෙනුවෙන් උනුසුම් සුභ පැතුම්

    ReplyDelete
  19. බලන්ඩකෝ ඒකෙත් හැටි....දෙමඟුලක් නෙමේ මට නං මේක තෙමගුලක් උනා.

    උපන්දිනේට මගේන් උණුසුම් සුබ පැතුම් හද පතුලෙන්ම.....!

    කතන්දර 500ක් කියන්නෙ ලේසිපහසු වැඩැක් යැයි! අනික ජනප්‍රියකම අඩුවෙන්නෙත් නැතුව, තවතව පිරිසක් එතකු කර ගනිමින් කරන මේ වැඩේ හැමෝටම නං කරන්න අමාරුවෙයි මගේ හිතේ..... දිගමට අපිට කතන්දර අහන්න වාසනාව ලැබේවා!

    කතන්දරගෙ දෙමගුල අහලා මට ඒක තෙමඟුලක් උනේ මොකද කියලා දැනගන්න ඕන්නං කෙහෙල්කොටුව පැත්තෙ ඇවිල්ලා යන්ට....කතන්දර!

    ReplyDelete
  20. සුබ උපන්දිනයක් වේවා මචො...උඹට පුලුවං දුරක් තව පලයන්..වැඩෙ ලේසී නැතිබව මාත් දන්නව..නමුත් ...අපි කියොනව..ජය

    ReplyDelete
  21. කතන්දරගෙ උපන් දිනේටත් බ්ලොග් එකේ 500 වන කතන්දරය වෙනුවෙනුත් හෘදයාංගම සුභ පැතුම්...!!

    තව තවත් වැඩි වැඩියෙන් අලුත් කතා ලියන්නට දිරිය හා ශක්තිය ලැබේවා.....!!

    ReplyDelete
  22. සුභ පැතුම් අයියේ...

    ReplyDelete
  23. දෙමගුලටම සුභ පතනවා....!!!!

    ReplyDelete
  24. කකාට සුභම සුභ උපන්දිනයක් වේවා!

    ඒ වගේම කතන්දර බ්ලොග් එකටත් ජයෙන් ජය පතනවා... කතන්දර 1000 ට යන්න අමාරු වෙන්නෙ නෑ, මොකද දැනටමත් වෙන්ඩ කතන්දර 200+ තියෙන නිසා :)

    උම්මා නම් ගොඩක් හම්බුවෙලා තියෙන පාටයි... ලොල්! ඔන්න ඕක හෙනේට හිටියොත් මිසක්කා කතන්දර 1000 ගහන්න බැරිවෙන්නෙ නෑ...

    ReplyDelete
  25. Trafic Ano
    ම‍ගෙ මෙෂර්මන්ට් එකේ හැටියට වැඩියෙන්ම කියවන සිංහල බ්ලොග් එක කතන්දර.
    500ට සුබ පැතුම්.
    කතෘ තුමාටත් සුභ උපන්දිනයක්.
    උදේ පාන්දර ගොඩක් ලියන්න අමාරුයි, නැත්තං තව තියනව කියන්න.
    (මං ඒත් කල්පනා කළා දවස ගානේ, දවසට දෙක ගානේ ලියන්න පටන් ගත්තෙ මොකද කියල, අර කඩේ වහල දවසක් තිබුන එක මේකට සම්බන්ධ වෙනවද මන්දා)

    ReplyDelete
  26. සුභම සුභ උපන් දිනයක් වේවා!

    කතන්දර 1000ක් ලියන්න අතපය වාරු ලැබේවා........

    ReplyDelete
  27. Congradulations and celebrations !!!

    Keep up the good work.

    ReplyDelete
  28. ගුරුතුමාට සුභ උපන් දිනක් වේවා........! චිරාත් කාලයක් කතන්දර ලිවීම සඳහා යෙහෙන් වැජඹේවා.................!

    ReplyDelete
  29. සොයුර ඔබ සිංහළ බ්ලොග් කරුවන් අතර ප්‍රමුඛයෙක්. මමත් ආසාවෙන් ඔබේ කථා කියවූවා හැමදාම. මට බ්ලොග්කරණයට එන්න සිතුනේ ඔබ මාරයා වැනි අය නිසයි. මම හැමදාමත් ඔබට ගරුකලා. මගේ ලිපියකට ඔබෙන් කමෙන්ටුවක් ලැබුනු දවසේ එය මට මහමෙරක් වුනා. මම බල බලා හිටියේ ඔබ මට කවදා කමෙන්ට් කරයිද කියා.
    ඔබට සුභ දෙමගුලක් වේවා! තව බොහෝ දේවල් ඔබෙන් ලියවේවා!
    මිතුර ඔබට සුභ උපන්දිනයක් වේවා!!!!!!!!

    ReplyDelete
  30. හැපි බර්ත්ඩේ කතන්දර... උම්මා..

    ඒ වගේම බ්ලොග් එකේ ඇනිවසරි එකටත් කතන්දර 500ටත් උණුසුම් සුභ පැතුම්... තව තවත් රසබර කතන්දර ලියන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කොරනව ඕං...

    අන්තිම කාලෙ ටාගට් අචීව් කොරන්න හොඳ රේස් එකක් දුවල තියෙන බව පේනව අර උඩ තියෙන වගුවෙන්... කොහොම උනත් කතන්දර 1000 මගුලත් ඉක්මණින්ම සෙලිබ්‍රේට් කොරන්න ඕනෙ හරි...

    ReplyDelete
  31. උණුසුම් සුභ පැතුම්!

    ReplyDelete
  32. ඔබේ බ්ලොග් එක් හැමදාම කියෙව්වත්, කමෙන්ට් එකක් දාල තිබුනෙ නෑ මීට කලින් මම හිතන්නෙ. ඔබට සුභම සුභ උපන්දිනක් වෙවා. ආයු වර්ණ සැප බල වැඩේවා. දිගටම කතන්දර ලියන්න ලැබෙන්නත්, ඒ කතන්දර සතුටුදායක ඒවා වේවාත් කියල ප්‍රාර්ථනා කරමි. :)

    ReplyDelete
  33. කාලයක් තිස්සේ කසු ගේ කතන්දර කවි ඔක්කොම කියවල දෙමගුල දවසේ සුබම සුබ උපන්දිනයක් වගේම සුබ කතන්දර ගමනකුත් ප්‍රර්ථනා කරනවා.....
    1000 ඉක්මනටම කියවන්න ලැබේවා.....!!!

    ReplyDelete
  34. කාලයක් තිස්සේ කසු ගේ කතන්දර කවි ඔක්කොම කියවල දෙමගුල දවසේ සුබම සුබ උපන්දිනයක් වගේම සුබ කතන්දර ගමනකුත් ප්‍රර්ථනා කරනවා.....
    1000 ඉක්මනටම කියවන්න ලැබේවා.....!!!

    ReplyDelete
  35. ශුභ පැතුම්, 500ට 50ට සොර්‍රී, 32ට
    මමත් කතන්දරගේ උනන්දු කිරීමට බ්ලොග් ලියන්න ගත්ත කෙනෙක්.

    ReplyDelete
  36. subama suba upan dinayak menma kathandara 5000 tath unusum suba pathum...jaya wewa...

    ReplyDelete
  37. තව තවත් කතාන්දර ලිවීමට ශක්තිය ධෛරය ලැබේවා.ටිකක් පණ්ඩිත වුනාට ඔයා බ්ලොග් අවකාශයේ ඉන්න දක්‍ෂම ලේඛකයෙක්.කිසිවෙකුගේ සිත් නොරිදවා මහත්මයෙකු ලෙස බ්ලොග් ලිපි ලිවීම අගය කරනවා.ඔබට ජය

    ReplyDelete
  38. සුභ උපන්දිනයක් වේවා !

    ReplyDelete
  39. "ඉතිං සිසේරියන් එකකින් නැකතට ළමයාව ගන්නවා වගේ....."
    ආපෝ.. මතක් කරන්න එපා.මේ වැඩේ තමයි අපිට අරහංම වැඩේ.මමත් මේ කාලයක් ඉදන් හොයන්නේ මේ "බඩේ ඉන්න ළමයට කේන්දර හදන්න" පුරුදු කරපු මිනිහගේ මූන චුට්ටක් බලා ගන්න.

    ReplyDelete
  40. තමන් නම නෙමෙයි වෙන නමකින් ලියන
    කතන්දර කියා සැමසිත් තුටු කරන
    ඇනෝ මිතුරන්ට නිතරම පිලිතුරු බදින
    කතන්දරේ නුඹටයි මේ සුබ පැතුම

    පන්සියයක් කතන්දර තව ලියවෙන්න
    ඒ හැම කතාවම මෙමටත් කියවෙන්න
    ඊයේ අද මෙන්ම හෙටටත් හිනහෙන්න
    පතනව දිගාසිරි පැතුමන් ඉටු වෙන්න

    මම ගිහින් ගනන් කරල බැලුවා... බැලින්නම් මම ඔයාට වඩා ලිපි 4ක් අඩුයි... පබ්ලිෂ් කරල මකපුවා නම් දෙකක් ඇති... එහෙම බැලුවත් 500ක් නැහැ.ගුණාත්මකබවත් රදවන් 500ක් ලියන එකත් ලේසි පහසු වැඩක් නෙමෙයි.....

    ෴ සුබම සුබ පැතුම් කතන්දරේ ෴

    ReplyDelete
  41. ඒ වගේම මම තමයි කතන්දරේ 661 වෙනි ෆලෝවර් , මෙච්චර කල් කියෙවුවට, ෆලෝවර් වෙලා ඉදල නැහැ නෙව මම.......

    ReplyDelete
  42. ඉස්සෙල්ලම කාරණා දෙකටම සුභපතනවා. කතන්දර පන්සීයක් කියන්නෙ ඉතාම අමාරු වැඩක්. ඒත් මට පුදුමෙ "වෙන්ට කතන්දර" ලිස්ට් එක දෙසීයක් වෙනඑක.(එහෙම බ්ලොග් කරුවෙක් ලෝකෙම ඉන්නවද කියල මට සැකයි).
    කියන්න තියන අනිත් කාරණා ගත්තොත් කතන්දරට මුවාවී ඉන්න පුද්ගලයා, ගතානුගතික නොවන, අළුත් විදියට හිතන, ජාතිවාදී-ආගම්වාදී නොවන කෙනෙක් බව පැහැදිලි කරගන්න පුළුවන් බ්ලොග්එක බැලුවම.(මෙය වර්ණනාවක් නොවේ)

    ReplyDelete
  43. ටාගට් කරල මගුල් දෙකක් ම ගොඩ දාල තියෙන්නෙ. කතන්දරට සුභම සුභ උපන්දිනයක් වේවා! ඒ වගේම මේ 500 ට තව 5000 ක් කතන්දර ලියන්න ශක්තිය ධයිර්ය ලැබේවා කියල ප්‍රර්ථනා කරනව!:)

    ReplyDelete
  44. සුභ උපන්දිනයක් වේවා !

    500ට ත් සුබ පැතුම්!!

    ඉටිපන්දම් 550 ක් එව්වොත් ඇතිද කේක් එකට?
    ..සුභා..

    ReplyDelete
  45. සුභ උපන් දිනයක් මචෝ . .

    ඒ වගේම ලිපි 500යත් සුභ පැතුම් . . .

    ලිපියක් ලියද්දී සහ කොමෙන්ට්ස් වලට පිලිතුරු ලියන්න වගේ දේවල් කරද්දී එක ලිපියක් ලියන්න කාලය කොහොම හොයා ගනන්ද කියලා හිත හිත ඉන්න අපිට උඹගේ මේ ලිපි 500 ලොකු හයියක් දෙයි කියල හිතෙනවා . .

    ජය වේවා . .

    ReplyDelete
  46. කතන්දර 500 ටත් කසූගෙ උපන්දිනේටත් සුබ පැතුම්.
    තව දිගුකල් කතන්දර ලියන්න හැකියාව ලැබේවා.

    දැන් කකාගෙ තුන්වෙනි මගුල මොකක්ද?

    ReplyDelete
  47. සුභ උපන් දිනයක් අයියා.

    මම හිතන්නේ ඔයාගේ කතන්දර පටන් ගත්තෙම අපි දෙන්නා වලියක් දාගෙන නේ. මතකද ගූගල් ට්‍රාන්ස්ලේශන් මේල් එක.
    එදා මෙදා හැමදාම මම ඔබගේ බ්ලොග් එකට එනවා. කොටින්ම බොහෝ වෙලාවට මම බොහෝ බ්ලොග්ස් වලට යන්නේ තාමත් ඔබේ බ්ලොගෙට ඇවිත් එතනින්. මේක නිකම් පුරුද්දක් විදියට වෙන දෙයක් තාමත්. නිර්මානාත්මක දේවල් ලියවෙන්න සුභ පැතුම්

    ReplyDelete
  48. සුභ උපන්දිනයක් වේවා කතන්දර..! කවදාහරි සිංහල බ්ලොග් ලෝකයේ කතන්දර සීයා වෙන්න ලැබේවා...

    ReplyDelete
  49. සුභ පැතුම් කාකා..!

    අමුතුවෙන් කියන්ට දෙයක් නැහැ..මොකද උඩ කට්ටිය කියලා තියෙනවා නෙව මදි නොකියන්ටම... චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා..!

    ReplyDelete
  50. ඩිජිටල් කතන්දර ආතා! ඔන්න ඔහොමලු පස්සෙ අපේ ළමයි කතන්දර තුමා ගැන කියන්නෙ. අර අපි දැන් පියල් සමරවීර ගැන ගරි ටයි මාමා ගැන හරි ආසාවෙන් මත්ක් කරන විදියට!
    ඔබට එතනට යන්න සුභ පැතුම්!

    ReplyDelete
  51. මචන් කකා...

    සුභ උපන් දිනක් වේවා...
    ඔක්කොම තද පොරවල් . ඔක්තෝබර් 27 තමය්.
    මගෙත් උපන් දිනේ අද මචන්..හෙහ් හෙහ් හෙහ්...

    අපේ පවුල් වල පළවෙනි පිරිමියා විදියට මම ඉපදුනෙ අද වගේ දවසක.

    ReplyDelete
  52. Happy Birthday kathandara and congratulations on teh 500th blog post !!!!

    ReplyDelete
  53. කතන්දරට සුභ උපන් දිනයකට හා බ්ලොග් එකේ 500 වන කතන්දරය වෙනුවෙන් උනුසුම් සුභ පැතුම්

    ReplyDelete
  54. කතන්දරට සුබ ම සුබ උපන් දිනයක් වේවා...!!!

    Dick-son

    ReplyDelete
  55. Happy Birthday Mr.Kathandara..!

    ReplyDelete
  56. සුභ උපන්දිනයක් කතන්දර අයියා...දැන් හැබෑටම මේ කීවෙනි එකද?? ;))

    තව පෝස්ට් 500ක් ලියන්න දීර්ගායු ලැබේවා...

    ReplyDelete
  57. මමත් ඉස්සෙල්ලම කියවපු බ්ලොග් එකනේ . පිළිවෙලකට මේ වැඩේ කරගෙන යන්න ඉවසීම තිබ්බ එකම මදැයි . කතන්දරටයි බ්ලොග් එකටයි දෙන්නටම සුබ උපන් දිනක් වේවා . උම්මා නම් ඔය ගෑනු ළමයි දීලනේ දැනටමත් . ඊ ළඟ පෝස්ට් එක ප්ලාස්ටර් වලින් පිරුන මුණක් වෙයිද මන්දා . අර මග් එක තාම තියනවද ?
    විහිළුවක් කලේ . ඇත්තටම හාමිනේ හොඳ කෙනෙක් වෙන්න ඕන . හමිනේවත් මතක් කළා කියන්නකෝ

    ReplyDelete
  58. පෝස්ට් දැමීමේදිත්, කොමෙන්ට් දැමීමෙදිත් සිංහල බ්ලොග් කරුවන් අතර සාමයෙන් ඉවසීමෙන් වැඩකරන්නෙ කොහොහොමද කියන එකට හොඳම උදාහරණය ඔබ...

    ඇනෝලාට ආදරය කරන එකත් හොඳ පුරුද්දක්...

    දෙමඟුලටම ජය...!

    ReplyDelete
  59. Happy birthday and congrats Kathandara!!
    Hopefully we will be lucky enough to read the 5000.
    (on the run, so no sinhala :))

    ReplyDelete
  60. නියමයි. සුබ දෙමගුලක් වේවා ඔබට.
    අර කිව්වත් වගේ උපන් මගුල නං මොනව කලත් නොකලත් එනවනොවැ.
    ඒත් අර 500 මගුල නං සිරා.....
    සුබපැතුම්...!

    ReplyDelete
  61. 30+ හෝ 40+ උපන් දිනයට සහ 500 වෙනි කතන්දරයට මගෙනුත් සුභපැතුම්!

    ReplyDelete
  62. යකඩො මං ඇහුවමයි උපන්දිනෙට මගුල්කන එකෙක් හෙහ් හෙ

    …කමක්නෑ මගෙත් සුබ පැතුම් තව බොහෝකල් කතන්දර ලියන්න හැකිවේවා !!!

    ReplyDelete
  63. සුභ පැතුම් දෙමගුලටම...!!! ඒක තමයි අර පහුගිය දවස්වල පිස්සු බල්ලෙක් කාල වගේ දවසට දෙක තුන පෝස්ට් දැමීමේ රහස...

    ReplyDelete
  64. වසිලිස්සා27 October 2011 at 14:38

    සුබම සුබ උපන්දිනයක් කතන්දර !
    500 වෙනි කතාවටත් සුබපතන්නේ තව තවත් හරවත් රසවත් කතා 1000 ටත් වැඩ ලිවීමට නිරෝගී සුවය පතමිනි.
    මන් සිංහල බ්ලොග් එකක් ලියන්න හිතුනත් එය ලිවීමට වඩාත් උත්සුක වුයේ ඔබතුම නිසාවෙනි.අදටත් මන් පළමුව කතන්දර බ්ලොග් එකට පැමිණ ඉන්පසු අනෙක් බ්ලොග් වලට යන්නේ හැමදාමත් කුමක් හෝ නොදන්නා දෙයක් දැනගැනීමේ උවමනාවෙනි. ඔබට ජේසු පිහිට පතමි!

    ReplyDelete
  65. සුභ දෙමංගලම් වේවා!!!!!!!

    ReplyDelete
  66. සුභ ම සුභ උපන්දිනක් වේවා!

    ReplyDelete
  67. සුභ උපන්දිනයක් !!!! මේ සුබපැතුම් 500 ට !!!

    ReplyDelete
  68. සුබ ම සුබ උපන් දිනයක් වේවා...!!!

    ReplyDelete
  69. අපේ... ඔබා අයියට කතන්දරගේ 1000 වෙනි පොස්ට් එක විතරක් නෙවේ 5000 වෙනි පොස්ට් එකත් කියවන්න දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ....

    ReplyDelete
  70. සුභ පැතුම් ක.කා පන්සීයක් කියන්නෙ සුළුප‍ටු කෙළියක් නෙමෙයිනෙ ලියන්න ගියාම. තව කාලාන්තරයක් බ්ලොග් කියල කවදා හරි ක.මු [කතන්දර මුත්තා] වෙන්ට ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව ඕං !

    ReplyDelete
  71. මම ඉතිං පාන්දරම පැතුව නොවැ . . . මගෙ සුභ පැතුම් තියනව ඔහේගෙ කලිං පෝස්ට් එකෙයි මේල් බොක්ස් එකෙයි . . .

    ඈ ගුරල බාගු ලන්න . . .!!!!

    ReplyDelete
  72. කතන්දර පිටුවටත්, කතන්දර ලියන කතන්දර කුමාර අයියාටත් වසනාවන්ත අනාගතයකට සුභාසිරි. බ්ලොග් ලියන්න මමත් පටන් ගත්තෙ ඔබට පින් සිද්ධ වෙන්නම තමයි..

    ReplyDelete
  73. කසු පොඩි ප්‍රශ්නයක් ...
    40 වෙනි උපන් දිනේදී naughty forty කියනවා නේ. 50 දී කියන්නේ dirty fifty කියලද ?? LOLzzz ...

    ReplyDelete
  74. සුභ උපන්දිනයක් කතන්දර අන්කල්!!!! 500ක් පොස්ට් ලිව්වට මගෙන් සුබපැතුම්!!!! ජයවේවා!!!!

    ReplyDelete
  75. සුභ උපන් දිනයක්!!!
    මැණික්

    ReplyDelete
  76. මේ මල ඉලවු බ්ලොග් කියවන්න පුරුදු වුනේ ඔහේගෙ මේ කතන්දර බ්ලොග් එක නිසා..... පෝස්ට් 500ට සුබ පැතුම්, සුබ උපන්දිනයක් වේවා...තව තවත් බ්ලොග් නොකියවන උන් අමාරුවේ දාගන්න හැකියාව ශක්තිය ලැබේවා....

    ReplyDelete
  77. දෙමගුලටම සුභ පතනවා....!!!!

    ReplyDelete
  78. කතන්දර අංකල්ට සුභම සුභ උපන්දිනයක් වේවා! රස කතා වැඩි වැඩියෙන් ලියන්න, අපට රස විඳින්න වැඩි වැඩියෙන් හේතු වාසනා වේවා!!! :) :) :)

    --
    මට මතක හැටියට මාත් ඔහොම දෙමඟුලක් ගත්තා... මගේ බ්ලොග් එකේ උපන්දිනය සහ 100 වෙනි බ්ලොග් සටහන. :)
    http://blog.shaakunthala.com/2009/10/plus.html

    ReplyDelete
  79. සුභ උපන් දිනයක් වේවා කතන්දර....!!!

    ReplyDelete
  80. Jaya weva !!!
    mage suba pathum

    ReplyDelete
  81. Many happy returns of the day... "Kathandara wala"... also Wish you all the best for Another 500 stories.
    -Taboo

    ReplyDelete
  82. උණුසුම් සුභ පැතුම් අයියේ,,

    ජය...

    ReplyDelete
  83. සුභ උපන්දිනයක් වේවා!

    අදට කතන්දරයියා මේ බ්ලොග් එකේ පළවෙනි පෝස්ට් එක දාලා දවස් 838 පළවෙනි පෝස්ට් එකේ මෙහෙමත් ලියලා තියෙනවා
    "ඉතිං මගේ අරමුණ, මතකයට එන පරණ කතන්දර එකින් එක මේ කතන්දර බ්ලොග් එකට දාන්නයි. සතියකට එකක් දාගත්තොත් ලොකු දෙයක්"

    එදා එහෙම කිව්ව කෙනාගේ පෝස්ට් දැමීමේ සාමාන්‍ය වේගය කොහොමද දැන්! :D

    ReplyDelete
  84. තියන තියන පය පෙරටම තැබෙවා
    දහස්වෙනි බ්ලොගත් ලගදිම ලියේවා
    සිතේ සතුට සාමය හැම රැකේවා
    පැතුම් සපිරි උපන් දිනක් ලැබේවා

    ReplyDelete
  85. සුබ උපන් දිනයක් මෙන්ම පන්සියයේ සලකුණ පසු කිරීමට මගේ හද පිරි සුබ පැතුම්.

    කාලෝට සීට් එක දීලා පටන් ගත්තු ගමන ලංකාණ්ඩුවේ පැන්සල වගේ පුංචි කතා තුලින් ගොඩ නැගී [මං මේ අඩවියට ගොඩ වුනේ ඔතනින්] අද හිට්ස් හාරදාහක් සතියකට වදින [මේක මීටත් වැඩි ඇති ඇතැම් කාලවල] නව නළු රසයෙන් පිරිපුන්, ත්‍රාසය භීතිය, කුතුහලය, ජෝක්, සටන්, පෙම් ජවනිකා වැනි සියලු භූමිකා සහිත පවුලේ සැමට එකට හිඳ නැරඹිය හැකි [විටින් විට පොඩි එකාගේ ඇහැ වහන්න සිදු වුවත්] සොඳුරු බ්ලොග් පියසක් දක්වා ඔබ ඇවිත්.

    මාධ්‍ය කරුවෙක් හැටියට සීමිත [ආන්තික?] මාධ්‍ය වලට ලියු ඔබ ලේඛකයෙකු වුනත් [මේ රටේ කඩල ගොට්ටටවත් කවි පොතක් ගන්නේ නැති කාලෙක] ඔබ මේ ලෝකෙට දායාද කල ලොකුම ලේඛන කර්තව්‍ය මේ බ්ලොග් එකද කියා මට සිතේ.

    ලියන්නට කැමති කෙනෙකුට මීට වඩා තව මොනවාද?

    අද ඉන්න සමහර ප්‍රසිද්ධ බ්ලොග් කරුවන් ඔබෙන් උගත් දිරිමත් වූ හෝ මුල් අත්පොත තැබුවන්. පුංචි බ්ලොග්කාරයින් වන අපිට පවා ඔබෙන් ලැබෙන තල්ලුව දිරි ගැන්වීම උපකාරය අති මහත්. අනික මා නිතර දකිනවා ඔබ ඉතාම අඩුවෙන් හිට් වෙන [මගේ බ්ලොග් එකත් ඒ ගොඩේ ද මන්දා] එහෙමත් නැතිනම් බොහොම අලුත් බ්ලොග් කරුවන් ගේ පොස්ට් වල කිසියම සටහනක් දානවා. මේක ඒ අයට ලොකු දිරිගැන්වීමක්.

    සම්භාව්‍ය බ්ලොග්කරුවන් කියා සමහර අය පෙනී හිටින,ඒ නිසාම නවකයින්, පොඩි සිල්ලර කතා කරුවන් නොසලකා හරින ගති ඇති මේ අවකාශයේ ඔබේ ඒ නිහතමානි හැසිරීමත් එසේම අගය කල යුතුයි.

    නාසි-ඇනෝ ලාත් එක්ක පවා බොහොම සාමකාමී ලෙසට සහයෝගයෙන් ඉන්න, මිනි මරා ගන්න පට්ට සීරියස් අවකාශයක පොඩි සාකස්ටික් විහිළුවකින් කතා බහ නිමා කරන ඔබ හොඳ ආදර්ශයක්.

    ඔන්න පන්සියය දාහ කරන්න [තව තුන්සියනේ ඕනේ] ඔබට දිරි මෙන්ම දීර්ඝායුෂ ලැබේවා. බ්ලොග් ලිවීම නිසා ඔබේ රසවත් ආහාර පාන භුක්ති විඳීමට නොලැබෙන [ඒ නිසාම ඔබේ ඔලු පලන] ගෙදර හැමෝටම අපේ ස්තුතිය, ලේඛකයාගේ කාලය අප වෙනුවෙන් මිඩංගු කරන්න ඉඩ කඩ දුන්නට.

    එහෙනම් සුබ ගමනක් ඔබට.

    ReplyDelete
  86. සුබ උපන්දිනයක් වේවා කතන්දර අයියේ . තව තවත් වැඩි වැඩියෙන් කතන්දර ගොතන්න වාසනාව හා හයිය හත්තිය ලැබේවා !!

    මේ ලියාපු කතන්දර පන්සීයම නම් මම කියවලා නෑ ඒත් දව්සක් දාගෙන ඒ වැඩේත් පටන්ගන්න ඕන ..සේරම කියවලා බලන්න ඕන

    අපි හැමදාම මේ කතන්දර කියවනවා . ජයෙන් ජය වේවා කතන්දර

    ReplyDelete
  87. කළු කපුටා සුදු වන තුරු....
    මෝල් ගහේ දළු ලන තුරු.....
    යහතින් අප අතර රැඳී ඉන්නට.. කතන්දරටත් බ්ලොගාටත් ආයුශ ලැබේවා!!!

    සරෝජා

    ReplyDelete
  88. සුබ උපන් දිනයක් වේවා...
    මුලින්ම කතන්දර බලන්න ආවේ අද නොවැ
    අවේ ගොඩක් හොඳ දවසක වගේ
    පුළු පුළුවන් විදිහට පරණ ලිපි ටික කියවන්න බලන්න ඕනේ
    තව තවත් ලියන්න ධෛර්යය ලැබේවා කියල පතනවා

    ReplyDelete
  89. දැන් ඉතින් අපි කොහොමද මහින්දට දොස් කියන්නේ ගල කඩන්නේත් නැතුව වරාය විවුර්ත කිරීම උපන්දිනේටම දාගත්ත එක ගැන. අධිවේගෙටත් ඒ වගේම දෙයක් වෙන්න යනවලු. ප්‍රබාකරන් උනත් මහවිරු සමරුව දාල තිබ්බේ එයාගේ උපන්දිනෙත් අහුවෙන විදියට නේ.

    උපන්දිනේට හරියන විදියට 'සීසර්' කරන එක ලොකු මිනිස්සුන්ගේ වැඩක් වගෙයි.

    කතන්දරගේ උපදිනේටත්, 500 වෙනි කතන්දරයටත් සුභ පැතුම් !

    ReplyDelete
  90. මගේ උණුසුම් සුබපැතුම්

    ReplyDelete
  91. This comment has been removed by the author.

    ReplyDelete
  92. සුබ උපන්දිනයක් වේවා!!

    ReplyDelete
  93. මොන මගුලකටවත් සුබ පතන්න විදියක් නෑ. මේ මගුල හිර වෙනවනෙ.
    කතන්දරට තව තවත් ලියන්න හැකි වේවා.
    මමත් 100 ට කිට්ටුයි. 100 ක් ලියල නවත්තන්නයි හිතන් ඉන්නෙ.
    අමතකත් උනා සුදුම සුදු සුබ දිනයක්.

    ReplyDelete
  94. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  95. හප්පා හිට් 3500 දවසට නේ. හොඳයි හොඳයි. ජාතික පුවත් පත් වල සයිට් විතරයි මේ ගාන ඉක්මවන සිංහල සයිට් ඇත්තේ. සමහර විට ජපුරේ ඉන්න බහතෝරන මන්තිරියා [තුමා කියා හිතා මතා නොයොදන ලදී] නිසා ගොසිප් සයිට් එහෙමත් මේ දවස් වල ඔය ගානට ඇවිත් ඇති.

    ශ්‍රී ලාංකීය බ්ලොග් ගත්තොත්, යුද්ධේ කාලේ ඩිෆෙන්ස් වයර් [100000+ ලු] ඇරෙන්න මෙහෙම ශ්‍රී ලාංකීය බ්ලොග් එකක් තියෙන්න නැතුව ඇති.

    ReplyDelete
  96. @ All
    සියළු දෙනාටම ඉතා ආදරයෙන් ලියා දන්වන වග නම්.....

    සියළුම ප්‍රතිචාර සහ සුහපැතුම් වලට ඉතා ස්තුතියි.

    ආ ගමන දුරයි. යා හැකි දුර බොහෝයි. තාමත් හති වැටී නම් නෑ. ඒත් ටිකක් ස්ලෝ වෙන්න අදහසක් තියෙනවා.

    මේ පෝස්ට් 500 දාන්න මං කොච්චාර කාලයක් ගත කළාද කියන එක, එක කතන්දරයක් ලියලා දාපු කෙනෙකුට වුනත් හිතාගන්න පුළුවන්. ඒඛ සෑහෙන කැඵ කිරීමක්. නමුත් ඒකෙන් සිතට සතුටක් දැනෙනවා.

    ඒ නිසයි තවත් දුවන්නේ.

    මට තමන් ගේ ප්‍රොෆයිල්වලින් ප්‍රතිචාර දක්වපු සහ මං ඊ-මේල් ලිපියනයන් දන්නා බොහෝ දෙණෙකුට පුද්ගලික ඊ-මේල් යැව්වා.

    සියළු දෙනාටම නැවතත් ස්තුතියි!

    ReplyDelete
  97. කතන්දරට උපන්දින සුභපැතුම් වගේම බ්ලොග් එකේ ලිපි 500ටත් මගෙන් උණුසුම් සුභ පැතුම්. මම කලිනුත් කියලා තියෙනවා වගේ කතන්දර කියන්නෙ බ්ලොග් ගඩොල් පටන් ගැනීමට ලැබුනු විශාල උත්ප්‍රේරකයක්. දැනටත් මගේ අඩවියට කතන්දර හරහා විශාල පිරිසක් එනවා. ඒ හැම දේටම ස්තුතියි. ඉදිරියටත් දිගටම ලියන්න කකා

    ReplyDelete
  98. Wish you a very Happy B'day Mr. Kathandara..! and Wish you all the very best for your Blog ..!!! cheers..!!

    ReplyDelete
  99. නිහතමානී ක.ශු.. ට ජයෙන් ජය.......බ්ලොග් කියවන්නේක් හැටියට බ්ලොග් කරුවන් තර සිටින (රසිකයෙකු ලෙස මා දකින) සිරා පොරක්.....ක.ශු.. ඔබ හුදෙක් පොරක් නොව බ්ලොග් කරුවන් අතර අපි දකින පොර ඔබයි.....නැවතවරක් ඔබට අපේ අචාරය....... එකට දහස් වරක් ආවඩා ආයුබෝ වේවා.......!!!!!!!!

    X-Porter

    ReplyDelete
  100. මේ බෙදාගත් සොඳුරු සිතිවිලි
    සියක්ගුනයෙන් වැඩිවී තවත්
    සහසක් සොඳුරු හදවත්
    පිනවන්නට අවැසි ධෛර්යය
    නුඹට නිබඳව ලැබේවා..

    පමාවුනත් සුභ පැතුමටග...සුභ උපන්දිනක්..!

    ReplyDelete
  101. Congtaz for your achievement (500 blog articles) and...
    wish u a happy Bday !

    ReplyDelete
  102. Happy belated b'day wishes...and Congratulations for publishing 500 posts!
    මම ඉස්සරවෙලාම කියවපු සිංහල බ්ලොග් එක තමයි 'කතන්දර'. අර ගමේ පුස්තකාලේ අක්කලා දෙන්නෙක් පොත් වර්ගීකරණය කරපු කතන්දරේ..අන්න ඒක. ඒක කියවලා පුදුම විනෝදයක් ලැබුවෙ. බොහොම ස්තුතියි. :)

    ReplyDelete
  103. පරක්කුයි... හොඳටම... ඒත් කමක් නෑ... මගෙනුත් සුබ පැතුම්... 500 ට වගේම උපන්දිනයටත්....

    ReplyDelete
  104. ඉතාම පමා වෙලා වුනත් මගෙනුත් සුබපැතුම්. ජය වේවා!

    ReplyDelete
  105. මාසයක්ම පරක්කු උනත් මෙන්න මගෙනුත් සුභ පැතුම්...!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.