
ඔය රැවුලත් ඕනෑ, කැඳත් ඕනෑ කියන කතාව නං මහ විහිළුවක්. ඔය දෙකම නැතුවත් ඉන්න පුළුවනි අපූරුවට. මාත් ඉඳලා, හිටලා රැවුල සේරම කපලා දානවා. කැඳ නං බීපු කාලයක් මතක නෑ.
ඉතිං රැවුල ද කැඳ ද කියන කැඳ බොන රැවුලන් ගේ උභතෝකෝටිකය මට නං මහ ඉටිගෙඩියක් නෙමෙයි.
හැබැයි වැස්ස ඒ වගේ නෙමේ.
වහින වෙලාවට ඒක මහ වාතයක්. හැබැයි වහින්නෙම නැත්තං ඒක ඊටත් වඩා වාතයක්!
මෙන්න වැස්ස ගැන මං ලියපු කවියක්.
වැස්ස ගැන කවි දෙකක්
යලට කුඹුර වපුරන්නට
යසට වතුර නාගන්නට
හොඳට සැපට නිදියන්නට
වැහැපං! බැහැ ඉවසන්නට
ග්‍රවුන්ඩ් එකම වෙට් වෙනවා
පිච් එක ඩිස්ට්‍රක්ට් වෙනවා
ක්‍රිකට් තරග ඩල් වෙනවා
වැස්සොත් අපි වැනසෙනවා෴
-කතන්දරකාරයා
ප/ලි:
මං පොඩි කාලේ ඉඳලාම හිතන දෙයක් තමයි වැස්ස අපිට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවනි නම් කොච්චර හොඳද කියන එක.
එහෙම නං මං හැමදාම මහ රෑ දොලහෙන් පස්සේ පැයක් විතර වහින්න සෙට් කර ගන්නවා.
දවල් වරුවේ වැස්ස තහනම්!
(image: http://www.nikkiemcdade.com/subFiles/2DExamples.html)
වැස්ස ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් නං ටොපේ ටොප්.
ReplyDelete(මෙහෙම පොස්ට් දාන්න ගියාම කොමෙන්ට් දාන අහිංසක අපි ෆුල් අතරමං)
අපෝ හය්යෙන් කියන්න එපා . ඇමති කෙනෙක් දායි. ඉස්සර නම් උන්නා එක්කෙනෙක් .වැස්ස වලාහක දෙය්යෝ .
ReplyDeleteවෙලාව පමණක් නෙවෙයි, වහින ස්ථානය පවා ප්‍රෝග්‍රෑම් කරන්න පුලුවන්නම් මරු. හතුරා තෙමවන්න පුළුවන්.
ReplyDeleteමං නං, එහෙනං, දවසම වැස්ස දාලා නිදාගන ඉන්නවා හිතුනු, හිතුනු වෙලාවට...:D
ReplyDeleteවැස්ස අපිව ප්‍රෝග්‍රෑම් කරන අපූරුව විතරක් !
ReplyDeleteමම පොඩි කාලේ ඉස්කෝලේ යන්න කම්මැලි කමට උදේම හිතන්නේ ...වැහැපන් මහ වැස්ස කාලා බුදියන්න කියල.....
ReplyDeleteමමත් ඔහොම හිතුවා ඉස්සර, හැමදාම රෑ 12න් පස්සෙ පැය 2-3ක් තරමක වැස්සක් එන විදියට ප්‍රෝග්‍රෑම් කරන්න තිබ්බනං කියලා.. එතකොට සැපට නිදන්න පුළුවන්නේ.. :D
ReplyDelete"මා ජනාධිපති උනොත්" වගේ අහිංසක සිතුවිල්ලක්
ReplyDeleteපොඩි කාළේ ආසම දෙයක් "වැසි දිනයක් චිත්‍රයට නගන්න." එදාට උගන්නන්නෙ නෑ..
එකෙක් ඇන්දා තනිකර කළු පාට
ඇයි මේ
වැස්ස හරි සැරයි ටීචර් මුකුත් පේන්නේ නෑ.
වැස්ස ප්‍රොග්‍රෑම් කලොත් කිසි ගතියක් නැතිවෙයි කියලා හිතෙන්නේ නැද්ද අයියේ?
ReplyDeleteවැඩ දමන්න බැටාලා නැති වෙලාවේ
ReplyDeleteවැහි කුරුල්ලෝ පියඹා විත් සිනාවේ
මැච පරදින්න හදනා මේ නියාවේ
කළු කරලා වැහැපන් වැහි වළාවේ
මම නං අහල තියෙන්නෙ,
ReplyDelete"වැහැපන් වැස්ස හිටගෙන පුක හෝදන්න" කියල...:)
සැ.යු.-පුක යනු කුණුහරුපයක් නොවේ.
මටත් ඔහොම හිතෙනවා.වැඩිපුරම හිතිලා තියෙන්නෙ සාරි ඇදගෙන වැඩට යන කාලෙ හපොයි එපා වෙනවා.
ReplyDeleteසහතික ඇත්ත අව්ව සහ රස්නේ දරාගන්න බැරිවුණාම අපි හිතනවා අනේ වැස්සනම් කියල හැබැයි පැල් බැඳගෙන වහිද්දි හිතනවා අනේ! ටිකකක් පැව්වොත් කොච්චර ෂෝක් ද කියලා.වැස්ස අපිට ඕන වෙලාවට ඕන තැනට ලබාගන්න පුලුවන්නම් එළකිරි අදහස කතන්දර .
ReplyDelete*වසිලිස්සා*
STDP වැඩ කරපු අවුරුදු 2කේම වැස්ස වැස්ස වැස්ස...හපෝ.... ඇත්තටම අර වැස්ස වලාහක දෙයියෝ උන්න නම්....මේ කාලේ....
ReplyDeleteයටගිය දවස ඇමරිකාවේ විසූ රතු ඉන්දියානුවෝ නර්ථනයක් මගින් වැස්ස ලබාගත් බව මම අහලා තියනවා ඒ නැටුම නැටුවා අම් අපටත් හැකියි වෑස්ස පාලනය කරන්න .
ReplyDeleteඑහෙත් හරි වැස්ස මෙහෙත් හරි වැස්ස.....
ReplyDeleteවැස්ස තමා අපිව ප්‍රෝග්‍රෑම් කරන්නෙ .......
ReplyDeleteලස්සන පද පේලි ටික .......
This comment has been removed by the author.
ReplyDeleteඑහෙත් හරි වැස්ස මෙහෙත් එම වෙන්ටැ - අපොයි හරි වැස්ස වෙලත් උතුරන්න
ReplyDeleteමේ ජාතියෙ කවි වලට තමා මම වැඩිය කැමති.
ReplyDeleteවැස්සට කිසිම අරමුනක් නෑ
ReplyDeleteඔහේ වහිනව
වේලිච්ච පලාත්වලට වහින්නෙ නෑ
තෙත්කලාපෙටමයි එයත්
ගිහිල්ල වැහැපන්කෝ
වියලි කලාපෙට
එක දිගටම පායනකොට ගුන නෑ කියනවනෙ කතන්දර . . . . .
ReplyDeleteප.ලි.
කතන්දර පෝස්ට් දාන එක අපිට ප්‍රෝග්‍රෑම් කරන්න පුලුවං නං . . .
කොළඹින් ලංකාවෙ හුඟක් ගමණාන්තවලට බස් පිටත්වෙන්නෙ රෑ දොළහට. එතකොට රට යන එන අය ගොඩක් එයාර්පෝර්ට් යන්නෙ එන්නෙ ඔය වෙලාවට. බස් නැතුව රෑ වැඩ ඉවරවෙලා පයිං ගෙවල් වලට යන ඈයො, නයිට් එක කරල ගෙදර යන ගාමන්ට් ළමයි වගේ ඔය මහ රෑට යන අය සහ ඕනය වගේ කොටු පනින උන් එහෙම උනොත් මොකද කරන්නෙ? කවුද උන් ගැන හිතන්නෙ?
ReplyDeleteවැස්ස ප්‍රොග්‍රෑම් කරන්න.. එකත් නියම අදහස...
ReplyDelete