
කියවලා නොවේ සමස්තයක් විදියට නිරීක්‍ෂණය කරලා තේරුම් ගත යුතු සංයුක්ත කවි වර්ගයට දාන්න පුළුවන් මං ලියපු ජීවිතය කියන කවිය ගැන කයි-කතන්දරේ මං අද උදේ දැම්මා.
මේ සංයුක්ත කවි තියෙන්නේ කියවන්න නෙමේ බලන්න.
මං සෙකන්ඩ් ඉයර් එකේ ඉන්න කාලේ ලියලා ආට් සර්කල් බිත්ති පුවරුවේ දාපු ඒ එකම එක කවිය දැකපු ඒ දවස්වල අපේ ඉංජිනේරු පීඨයේ හිටිය කෂ්ටිය මං හිතන්නේ මං ලියපු අනිත් සේරම කවිවලින් ලබපු සමස්ත වින්දනයට වඩා වැඩි වින්දනයක් ඒ එක කවියෙන් ලැබුවා!
ඉතිං මං ආයේ පාරක් ලිව්වා ඒ වගේ සංයුක්ත කවියක්. ඒකේ මාතෘකාවත් "ජීවිතය".
මෙන්න බලන්න ඒක
ජීවිතය
-කතන්දරකාරයා
ප/ලි
මේ දෙවෙනි "ජීවිතය" කවිය ගැන මොකද හිතෙන්නේ?
හැම ජීවිතයක්ම එක වගේ නෑ නේද? හොඳ වෙලාවට!!!
(image: http://lolzombie.com/4085/inbox-full-life-empty/)
හැම අතිංම හිස් . . . .
ReplyDeleteමේකනම් අපි නොදන්න ලයිව් ටයිප්... :)
ReplyDelete(ජස්ට් කිඩින්) :D
අර්නස්ට් හෙමින්ග්වේ කියන ලේඛකයාගේ නිර්මාණයක් මතක් වුණා, ඒකත් මේ වගේ කියවන්න නෙමෙයි බලන්න ලියපු එකක් මගේ හිතේ... ඒකෙ තියෙන්නෙ මෙච්චරයි...
ReplyDeleteFor sale: baby shoes, never worn.
පබදින්නට අකුරු නොමැති කවියක් වගේ...
ReplyDeleteමාතෘකාව දාන්න තිබ්බේ 'සමහරුන්ගේ ජීවිතේ' කියලා :D
ReplyDeleteහ්ම්ම්...
ReplyDeleteඒකෙත් ගතියක් තියේ... :)
අරකේ දුක මේකේ මුකුත් නෑ...
ReplyDeleteසහතික ඇත්ත...
හත්තිලව්වෙ ඔක්කොම හිස්නෙ .......
ReplyDeleteවිඳින්න පුරුදු වුනහම හිස් බව මහා සැහැල්ලුවක් !
ReplyDeleteජීවිතය - මෙහෙම තමයි ජීවිතේ තියෙන්න ඕන තම තමන්ට කැමති විදිහට මේක පුරෝගන්න පුලුවන් එතකොට
ReplyDeleteමේක රහස් කේත විසේසයකින් වත් ලියලද ?
ReplyDeleteසංයුක්ත "කවි" අයිති වන්නේ කවි වලටද? චිත්‍ර වලටද? මේ විදිහට කවි ලියන්නන් මුහුණු පොතේ සුලභයි.
ReplyDeleteඅහල ඇතිනේ ප්‍රසිද්ධ චිත්‍රය.
මාතෘකාව: සුවිසල් දුර්භික්ෂයක්.
චිත්‍රය: ටොයිලට් කටක් උඩ මකුළු දැලක්.
කුරුටු ගෑ කවි පොතේ...
ReplyDeleteසිතුවම් කෑ ගසා...
මගේ හද පාරවා..
ගෙනේ වද වේදනා...
සරෝජා
ඩාර්ක් ෆොන්ට් එකකින් දැම්මනම් කියවන්න තිබ්බා :-)
ReplyDeleteHIS කිව්වට හිස්ම කියන්නත් බැහැ.
ReplyDeleteමාතෘකාවක් තියන හිස් ජිවිතයක් .............. නරක නෑ වැඩේ .ඇත්තටම අපට උවමනා වේලාවට පුරවගන්න හිස් කරගන්න ඕන වෙන්න ඕන විඳින ජිවිතයක් වුනාම.නැත්නම් ඉතින් හැමදේම පුරවාගෙන විඳවන්න තම වෙන්නේ.හැබය් අන්තිමට කතන්දර කියයිද දන්නේනෑ බුධිමතුනට පමණක් කවිය කියවන්න පුළුවන් කියල :)
ReplyDelete*වසිලිස්සා*
මේක පේන්නෙ මොලේ තියෙන අයට විතරයිලු....!
ReplyDelete