
ඉස්සර අපේ තාත්තා මොකක් හරි වැදගත් යමක් කියන්න යන සමහර වෙලාවලදී කියන දෙයක් තියෙනවා.
"හොඳ විශ්වාස ඇත්තක් කියන්නද?"
ඔය ප්‍රශ්ණෙ ඇහැව්වහම කවුරුවත්ම එපා කියන්නේ නෑ. හැබැයි තාත්තා උත්තරයක් දෙනකම් ඉන්නේ නෑ එයා ගේ කතාව පටන්ගන්න.
මං මේ කරන්න යන්නේත් අන්න ඒ වගේ දෙයක්.
හොඳ විශ්වාස ඇත්තක් කියන්නද?
අපේ රටේ සිංහල කවි ලියන අය දාස් ගණනාවක් ඉන්නවා. ඒත් කවි කියවන අය ගණන, අර කවි ලියන අය ගණනට වඩා අඩුයි!
තමන් කවි ලියන්නේ නැති, කවදාකවත් ලියලාවත් නැති, ඒත් වෙනත් කෙනෙක් ලියපු කවියක් කියවලා රස විඳින්න පුළුවන් අය ඉන්නේ ටික දෙනයි.
ඒ ටික දෙනාගෙන් බහුතරයක් මේ බ්ලොග් එක බලන එක කොච්චර ජොලියක් ද?
ඒ වගේම ජොලියක් තමයි, තමන් ලියපු කවියක් දැකලා, ඒකෙන් කාව්‍ය රසයම නොවෙතත් වෙනිං මොකක් හෝ වින්දනයක් ලබා ගන්න අය නිසා කවිය ලියපු කෙනාට ඇතිවෙන ජොලිය!
මං පේරාදෙනියේ ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ පල කළ මේ කවියෙන් මට ලැබුනේ අන්න ඒ දෙවෙනි ආකාරයේ සතුටක්.
මෙන්න ඒ කවිය.
ජීවිතය
දුක
දුක
දුක
දුක
දුක
දුක
සැනසුම
දුක
දුක
දුක, දුක, දුක... ...෴
-කතන්දරකාරයා
ප/ලි:
මේ කවිය ලියවුනේ කවිය කියවා නොව සමස්ත රූපයක් විදියට නිරීක්‍ෂණය කරලා රස විඳිය යුතු සංයුක්ත කවි කියන වර්ගයේ කවියක් නිර්මාණය කරන්න ගත්තු වෑයමක සරල ප්‍රථිපලයක් විදියටයි.
සංයුක්ත කවි ගැන මං මුලින්ම දැන ගත්තේ අජිත් තිලකසේන ගේ "මල් වැනි ගල්" කියන පොතෙන්.
(image: http://boondionline.blogspot.com/2009/01/blog-post_29.html)
මට මතක විදියට මහගම සේකරයා මහත්මයාගෙ "හෙට ඉරක් පායයි" ගද්‍ය සංග්‍රහයේ තියෙන්නෙ බොහොමයක් කවි සංයුක්ත කවි. ඒ වගේ රසය වෙනස් පද ස්වල්පයයි.
ReplyDelete"කාව්‍ය රසයම නොවෙතත් වෙනිං මොකක් හෝ වින්දනයක් ලබා ගන්න අය"
ReplyDeleteමං අහු වෙන්නෙ අන්න ඒ සෙට් ඒකට වෙන්නැති
දුක ගොඩාක් අතරින් පහලට වෙන්න සැනසුමක් ඉස්සරහට ඇවිත්!
ReplyDeleteමම සංයුක්‍ත කවි ගැන මුලින්ම දැනගත්තේ පත්තරේක ගිය ලිපියකින්. ඒක දැක්ක වෙලේ ඉඳන් සංයුක්ත කවියට මගේ හිත ගියා. මෑතකදි බූන්දියේ සංයුක්ත කවි කීපයක් දැක්කා. මමත් පොඩි උත්සාහයක් කරලා සංයුකත් කව්(වෙන්න ඕනේ) කීපයක් ලිව්වා. මුලින්ම ලිව්ව සංයුක්ත කවිය බ්ලොග් එකේ දැම්මාම ගොඩක් අය ඇහුවේ කෝ කවිය කියලා. මගේ දෙවෙනි සංයුක්ත කවිය(වෙන්න ඕනේ) ඊයේ බ්ලොග් එකට දැම්මා.
සුළු වචන කිහිපයකින් මහා කතන්දරයක් කියනවා..
ReplyDeleteසංයුක්ත කවියක් ලිවීමට කල සරල වෑයම සාර්තක බවයි කවියෙන් පෙනෙන්නේ...:)
ReplyDeleteසැප ටිකයි, දුක ගොඩයි....
ReplyDeleteමටත් මතක් උනේ පූසා ඊයේ ලියපු කවිය ...
ReplyDeleteනසන්නට..
ReplyDeleteතැත් කිරීමත්...
දුකක්මය..
දුක ලැබුණු පසු සැප ලැබුණු යැයි සතුටු වුවද නැවත ලැබුණෙ දුකම පමණයි.
ReplyDeleteසංයුක්ත කවි ගැන මොකුත්ම නොදනිමි. දන්න කෙනෙක් ඉන්නවනං කියල දෙන්න.
ReplyDeleteක්තන්දරගෙ කවි දැකපු හොදම නිර්මාණයක්.... කියල වැඩක් නෑ හොදේ.... සංයුක්ත කවියෙන් කරන්න පුලුවන් වැඩ බොහෝමයි...
ReplyDelete෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
ReplyDelete෴෴෴෴෴෴සතුට෴෴෴෴෴
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
෴෴෴෴෴෴මම෴෴෴෴෴෴
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴ නුඹ
෴෴෴෴෴෴දුක෴෴෴෴෴෴
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
මටත් මතක් උනේ පූසාඅගේ සංයුක්ත කවිය . . . කාව්‍ය රසය නැති උනාට පද රටාව බලලා හිතන කොට වෙන රසයක් එනවා . . .
ReplyDeleteඇත්තටම සරල පුංචි වචන ගොඩකින් ලොකු කතන්දරයක් කියන අපූරුව :O
ReplyDeleteමේ කවි මට දනේන්නේනම් එහෙමය් .
@සොඳුරු සිත
ඔයාගේ කවියත් ලස්සනය්.
*වසිලිස්සා*
මට රසඥතාවයක් නැද්ද මංදා..?
ReplyDeleteපූසා ගේ කවියට යන පාර කියන්නකෝ කවුරු හරි..
ReplyDeleteවචන දෙකකින් ලොකු තේරුමක්...
ReplyDeleteමේ කවියේ වෙනස්ම රසයක් තියෙනවා !!!
ReplyDeleteඅනේ මංදා මට නම් මතක් වෙන්නෙම සීතාම්බර සලුපට.මමත් මාරයා වගේ !
ReplyDeleteමමත් ඕව ඉස්සෙල්ලම දැක්කෙ අජිත් තිලකසේනගෙ පොතේ තමයි.
ReplyDeleteඅනේ ගොනෝ, බත් කන හරකෝ...? අපිත් උබේ ගානට දාගන්නද? කල්පනාව.
ReplyDeleteමේක කවියක්ද නැත්නම් නිසඳැසක්ද? කයි ගැන නොදන්න කමටයි අහන්නේ!
ReplyDelete......"අපේ රටේ සිංහල කවි ලියන අය දාස් ගණනාවක් ඉන්නවා. ඒත් කවි කියවන අය ගණන, අර කවි ලියන අය ගණනට වඩා අඩුයි!".......
කවි ලියන අයවත් අනික් කවියන්ගේ කවි කියවනවානම් මේ ගාන සමාන වෙයි මගේ හිතේ.
@ All
ReplyDeleteමේ සංයුක්ත කවි තියෙන්නේ කියවන්න ම නෙමේ බලලා අදහස හිතට ගන්නයි.
මෙන්න එදා මේ කවිය දැකපු බැචාලා කියූ කතා.
1. මූට මාස දොලහෙන් එක මාසයයි දුකක් නැත්තේ.
2. මූට කෙල්ල එක මාසෙන් ම බූට් එක දුන්නා නේද?
3. ඔතනට "දු" යන්න නෙමේ නේද හරි අකුර?
4. ඇත්තටම මචං උඹට බාගෙට පිස්සු නේද?
ඔය අන්තිම කතාව ගැන කියනවා නං, මේ කවිය ලියන කාලේ මගේ වයස අවුරුදු විස්සයි! HikZ.
අපරාදේ කියන්න බැහැ නියමෙට සරලව ලියලා තියනවා ....
ReplyDeletehttp://sudupoosa.blogspot.com/2011/10/blog-post_17.html
ReplyDeleteඔයතමයි පුසගේ කවියට යන පාර . දැන්නේ බොලේ තේරුනේ එක සංයුක්ත කවියක් කියලා .
මුණු පොතේ නම් කීපයක් දැක්ක ඔය වගේ .
@ All
ReplyDeleteසංයුක්ත කවි ගැන:
http://www.divaina.com/2010/09/16/sarasavi%204.html
අජිත් තිලකසේන ගේ මල් වැනි ගල් පොතේ තියෙනවා සංයුක්ත කවි ගැන විස්තර සහ පොර ගේ සංයුක්ත කවි.
http://boondionline.blogspot.com/2009/01/blog-post_29.html
ඒබා බොහොමයක් රූප මගින් කවි ගොඩනගන්න කරපු උත්සාහයන්.
පූසා ගේ කවි දෙකත් ඒ වගේ ඒවා.
මං හැදුවේ රූප නැතුව වචන වලින් විතරක් කියවන්න නොවේ බලන්න ආකාරයේ කවි ලියන්නයි.
ඔන්න මේ දැන් තව එකක් දැම්මා. ඒකේ නමත් ජීවීතය.
http://kathandara.blogspot.com/2011/10/life-sukz.html
පේරාදෙනියේ දී ලියපු එකක්.
//4. ඇත්තටම මචං උඹට බාගෙට පිස්සු නේද?
ReplyDeleteඔය අන්තිම කතාව ගැන කියනවා නං, මේ කවිය ලියන කාලේ මගේ වයස අවුරුදු විස්සයි! //
හරි . . . ඒ කියන්නෙ කතන්දරට දැන් වයස අවුරුදු හතලිහයි කියන එන නෙ . . . .
සිත් සිත් සිත් ....සිත සනසන පෙම් ලෝකයේ......
ReplyDelete