ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Thursday, 20 October 2011
ලන්කට් ගැන ඇවිස්සුනු චමින්ද ගේ මතකය - Chaminda gets nostalgic about Lankets (පාරිභෝගික අවවාදය: මෙය පිරිමි කතාවකි)
මං ලියපු ලන්කට් එකක් හෙවත් වවුල් ජොකෙක් නැතුව ගොනා කානුවේ කියන කතන්දරය කියවපු හුඟ දෙනෙකුගේ අතීත මතකයන් අවදිවෙලා තිබුණු බව පෙනුනා දාල තිබුණ ප්‍රතිචාර වලින්. එක් පාඨකයෙක් ඉංගිරිසියෙනුත් කමෙන්ටුවක් දාලා ගිහින්.
මට හිතුනා ඒකේ සිංහලානුවාදයක් දාන්න.
ලංකට් යන වචනයෙන් එක්තරා වයස් සීමාවක චමින්දලා ගේ මතකය බොහෝ ඇවිස්සෙනු ඇත. බොඩිය යන වචනයෙන් තවත් යුගයක මල්කාන්ති ලා ගේ මතකයද එලෙසම අවදි වෙනු ඇතැයි මම සිතමි.
ලංකට් යන වචනයේ නිරුක්තිය තව දුරටත් අභිරහසක්ව පවතී. එය ධෛර්යසම්පන්න වාග්විද්‍යා ආචාර්ය උපාධි ශිෂ්‍යයෙක් විසින් විසඳිය යුතු ප්‍රශ්ණයක් සේ පෙනේ.
ලන්කට් යනු අතිශය වර්ණවත් ඇඳුම් විශේෂයක් බව කිව යුතුය. ඒවා මසනු ලැබුවේ කෑලි රෙදි වලිනි. සරොම්, කමිස ඇතුළු අන් ඇඳුම් මසා ඉතිරිවන රෙදි කැබලිවලින් ටේලර් ලා ලන්කට් මැසූහ. එනිසා ඒවා ටෙක්නිකලර් හෙවත් වෛවර්ණව නිපදවී තිබෙනු දක්නා ලදී.
සමහර ලන්කට් කෑලි රෙදිවලින් අල්ලි-ක්‍රමයට කෙතරම් විචිත්‍රව මසා තිබුනේ ද යත් ඒවා පන්සල් අසල එල්වා තිබූ කුඩා කොඩි සිහි කළේය.
රෙදි වැලක එල්ලා තිබෙන ලන්කට් ද අතිශය දීප්තිමත් දර්ශනයක් වේ.
ලන්කටයක් ඇඳීමේ සහ ගැලවීමේ විධික්‍රමය ඒවා මසන රෙදි මෙන්ම වෛවර්ණ වේ. ලන්කටය ඇඳීමේදී, ඔබට මුලින් සරම බුරුල් කර, සරමේ වාටිය දත්වලින් අල්ලා, ලන්කටය එක කකුලක ලා (ලන්කටයක ඇත්තේ එක කකුලක් පමණි), ඉන්පසු, එහි අනිත් පස දෙපළුවේ ඇති පටි දෙක බැගින් ගලපා ගැට ගැසිය යුතුය.
බොහෝ විට මේ ගැට ලේසියෙන් ගලවාගත නොහැකි තරමටම තද වේ. ගැට ගැසුණු පටි බේරුම් ඇරීමට ලන්කට් අඳින්නෝ සමහර විටෙක ඉච්ඡාභංගත්වය ඇති කරවන තරමේ කාලයක් ගත කරති.
සමහර විටෙක මෙම පටි කැඩි යන අතර, ආයාකටු භාවිතයෙන් ලන්කටය තාවකාලිකව බැඳ ගැනීමට සිදුවේ.
ඩීඇස්අයි සහ බීඇෆ්අයි යට ඇඳුම් වෙළදපොළට ඒමට පෙර කාලයේ වෙලෝනා කොම්පැනිය විසින් බැනියම් රෙද්දෙන් මසන ලද ලන්කට් වර්ගයක් අළෙවිකරන ලදී. ඒ ලන්කට් විශේෂය සම්ප්‍රදායානුකූල ලන්කට් මෝස්තරයේ එකක් නොවිණි. එහි පටි නොතිබුණු අතර එක කකුලක් විවෘත වී නොතිබුණි. ඒවා බොහෝ දුරට අද භාවිතා වෙන යට ඇඳුම් ආකාරයේ ම විය.
~කතෘ අඥාතයි~
-කතන්දරකාරයා
ප/ලි:
තවත් ජොක්කු කතන්දර දෙකහමාරක් තියෙනව මේ සීරිස් එකේ. එකක් සිකුරාදා උදේ, අනික සඳුදා උදේ ඔටෝ පබ්ලිෂ් වෙන්න සෙට්කරලයි තියෙන්නේ.
Labels:
ජොකා,
ජොක්කු,
ජොක්කු කතන්දර
Subscribe to:
Post Comments (Atom)
Hey You took me back to memory lane
ReplyDeleteWelldone. True and real true
මං ඉස්සෙල්ල ජොක්කු පෝස්ට් එකට කොමෙන්ට් එකක් හැටියට දැම්මද මතක නැහැ, ඉස්කෝලෙ බෝඩිමේ "කක්ක ලන්කට්" කතාවක් මතක් වුනා. පෝස්ට් එකක් හැටියට ලිව්වැකි, වැඩේ තියෙන්නේ හැම කොමෙන්ට් එකෙන්ම අහන්නෙ උඹටද මේක වුනේ කියලනෙ.
ReplyDeleteප.ලි.
අද දවසට පෝස්ට් කීයක් පබ්ලිෂ් කලාද? කොමෙන්ට් දාන අහිංසක අපි ගැන කිසිම අනුකම්පාවක් නැද්ද?
ඇයි සුපර් මෑන් කලිසමට උඩින් ජොකා අඳින්නෙ?
ReplyDelete@kevin Perera:
ReplyDeleteසුපර් මෑන්ගෙයි නිකං මෑන්ගෙයි වෙනස තමා ඒක
ඇයි මචො ඔය ඇඟ හදාගන්ට දඟලන අයියලත් පටි වවුල්ලු අඳිනව නොවැ.. අර අමුඩේ වගේ හදාගත්ත එවත් තියෙනව..ඔව ගැන අපේ වෙද මහත්තයත් දවසක් කතකොලා...
ReplyDeleteඇයි එක පුලියෙ තියෙන පටි ජොකා... යකඩ කෑලි උස්සන්න යනකොට මමත් අදිනව එකෙක්...
ReplyDeleteහිහ් ..... හිහ් .........
ReplyDeleteහිනා වෙනවා ඇරෙන්න වෙන මොනා කරන්නද ......
පොඩි මෑන් කියන ජාතියෙ සුවපහසු වෙයාවෙල් එක හින්දා වෙන්ඩැති වවුලට හෙන ගැහිලම ගියේ......
ReplyDeleteකියන්නත් වගේ සුපර් මෑන්ට උඩින් ඇන්දැකි අපි ඇන්දොත්...අම්මෝ හිතාගන්ඩත් බෑ....
ආ.. දැනුයි මතක් උනේ මයිකල් ජැක්සනුත් මං දැක්කා රත්තරං ජොකෙක් උඩින් ඇඳගෙන සින්දුකියනවා....
හප්පේ මාර මාතෘකාවක් නේ.....
ReplyDeleteලන්කැට්ටුවක් ගිය දුර හැබෑටම! ඕකට ලන්කට් කියන නම ආවේ කොහොමද කියන්න දන්න කවුරුවත් නැද්ද? අර කිව්වා වගේ ඩබල් ඩොක්ටරෑට්ටුවක් දෙන්න වටිනවා හොයන කෙනාට.
ReplyDeleteපහුගිය දවසක අපේ ගෙදර ඇඩ්‍රස් එක ගූගල් ස්ට්‍රීට් විව් එකේ ගහලා බලනකොටයි දැක්කේ මගේ ඊස්ට්මන් වර්ණ සරමයි ජොක් රාජයායි ගෙදර පිටිපස්සේ වැලේ එල්ලිලා ඉන්න ලස්සන!
ඔය බොඩිය කිව්වම මතක් වුනේ...දවසක් පොලිසියට මහ රෑ call එකක් ආවලු පාරේ accident එකකින් මිනිහෙක් මැරිලා කියල.පොලිසිය යනකොට අහල පහල ගෑනු පිරිමි ඔක්කොම මිනිය වටා පිරිළලු. රෑ කාලේ නිසා කව්රුත් රෑ ඇඳුම් තමය් ඇඳගෙන ඉඳලා තියෙන්නේ .එක රාලහාමි කෙනෙක් මල්කාන්ති කෙනෙක් ගාවට කිට්ටු කරලා ඇහුවලු "කෝ බොඩිය ?" කියලා. මල්කාන්ති අත් දෙකෙන් පපුව වහගෙන ගෙදරට දිව්වලු...!!
ReplyDelete@ ග්‍රීස් යකා - එළ එළ ......
ReplyDeleteuba maha jangi kollek ne
ReplyDelete@ All
ReplyDeleteප්‍රතිචාර දැක්වූ සියළු දෙනාටම ස්තුතියි!
ජොකා සීරීස් එකේ මේ ලිපිය අතුරු ලිපියක්. සිතුරාදා අංක දෙක. සඳුදා අංක තුන. එතනින් වැඩේ ඉවරයි.
මම බත් කන කොටයි මෙක කියවන්න ගත්තේ. මගෙ බිරිද
ReplyDeleteහැවීවා කැම රසද කියලා. මම කිවිවා BLOG ඵකට පිං සිද්ද වෙන්න කැවා කියලා.
maru kathandara. My brother who is now in his 40s also experienced the same. He wore undies for the first time when he wrote the 5th standard scholarship exam. He was so exited that every one thought it was a miracle that he passed.
ReplyDeleteමාත් මාර ආසයි වෙලෝන මෙව්වා අඳින්න....ඒවයේ චූ කරද්දි ජොකා පහත් කොරන්ට ඔනි නෑ. අර හිලක් තියල තියෙන තැනින් චූවා එලියට අරන් චූ කරත හැකි.... :D :D
ReplyDelete@ග්‍රිස් යකා ග්‍රිස් යකාගෙ කතාව ලස්සනයි මම ඒක ට්කක් කොපි කරගත්තා...
ReplyDeleteමල් බොඩි හා පටි ජොකු
ReplyDeleteගිලිහෙන්න දුන්නොත් තන පටක්
ඇයි දුන්නෙ මට මල් බොඩි ටිකක්
අපි විව්වෙ ලස්සන බොඩි දෙකක්
මගෙ වෙන්න ඇයි පටි නැති එකක්
තන් වාගෙ හිලටත් ජංගියක්
පෙන්වන්න පටියක් නැති එකක්
මට ගන්න සිදු වෙද පටි ජොකක්
හිල දන්නෙ නැහැ ඒ බව තවත් //
හැමදාම මල් බොඩි ඇන්ඳුවත්
දැනුනේම නෑ බොඩි ඇඳි වගක්
නෑ මා කඩෙන් ගෙන ජංගියක්
වහ ගන්නෙ කොහොමද හිල තවත් //
ඒ කාලේ ප්‍රේමදාස ඈන්දෙත් ලන්කට් තමයි
ReplyDelete