ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Friday, 28 October 2011
බ්ලොග් ලෝකයේ දී මා උගත් හොඳ හොඳ පාඩම් - Lessons learnt in the Sinhala Blogsphere
දැන් ඉතිං කතන්දර 500 ක් ලියලා දාලා, පොර සේ, විවේකෙන් ඉන්න නිසා, මට හිතුනා පොඩි පොර ටෝක්ස් ටිකක් දෙන්න.
මුලින්ම එකක් කියන්න ඕනෑ. කතන්දර 500 ක් දැම්මාය කියල අමුතුවෙන් පොරක් වෙන්න දෙයක් මගේ තිබුණේ නෑ.
මං පොඩි කාලේ ඉඳලාම පොරක්!
දැන් මෙන්න 2009 ජූලි 11 දින ඇරඹුණු මගේ අවුරුදු දෙකයි මාස තුනයි සති දෙකක් වයසැති බ්ලොග් ජීවිතයේ දී මං ඉගෙන ගත්තු හොඳ හොඳ පාඩම් කීපයක්.
1. අනුන් ගේ දුකේ දී හිත උණුවෙන හොඳ මිනිස්සු මේ බ්ලොග් ලෝකේ ඉන්නවා-I
මගේ තාත්තා ගේ අසනීප වුණු වෙලේ, මට ලෝකේ හැම පැත්තෙන්ම පණිවිඩ ගලාගෙන ආවා තාත්තාට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරලා.
ඒවායෙන් මට අමතක නොවෙන එක තමයි තිස්ස දොඩංගොඩ කියන හිත හොඳ මනුස්සයා ගෙන් ලැබුණු මේ පණිවිඩය.
http://kathandara.blogspot.com/2010/04/blog-post_18.html?showComment=1271847607676#c8543242532756802621
කිසිදාක දැකලා, මුණ ගැහලා කතා කරළා නැති, ආරූඪ නමකින් විතරක් දන්න කෙනෙකුට උදව් කරන්න මෙහෙම හිතෙන්නේ (පුණ්‍ය කටයුතුවලට වෙන් කරන්න) සල්ලි තියෙන හින්දම විතරක් නෙමේ. පින්බර හිතකුත් තියෙන හින්දයි.
ඊලඟට මගේ තාත්තා ගේ මරණය සිදුවෙච්ච වෙලාවේ, ශෝකය පල කරලා මට එවපු පණිවිඩ සිය ගණනත් මට කිසිදා අමතක වෙන්නේ නෑ. අහල පහල හිටපු කීප දෙනෙක් මළ ගෙදරටත් ආවා.
තාත්තා මැරෙනවා කියන්නේ මට විතරක් නෙමේ, මගේ දුවටයි පුතාටයි මුහුණ දෙන්න වෙන සිදුවීමක් බව කොච්චර දන්නවා වුනත්, හිතේ ඇතිවුනු දුක නිවා ගන්න ඒ සේරම දේවල් උපකාරී වුණා.
2. අනුන් ගේ දුකේ දී හිත උණුවෙන හොඳ මිනිස්සු මේ බ්ලොග් ලෝකේ ඉන්නවා-II
ඉලන්දාරියා ගේ සිද්ධියේ දී බ්ලොග් ලියන කියවන අති බහුතරය, ඒ කොල්ලා ගේ කේස් එක ගොඩ දාන්න සල්ලි හොයන්න දායක වෙච්ච හැටිත් ආශ්චර්යජනකයි!
එතනින් නතර නොවී ඒ එකතු කරපු සල්ලි, ඒ වගේම පුණ්‍යකර්මයකට යොදා ගන්න බවත් ලඟදී ආරංචි වුණා.
3. සිංහල බ්ලොග් අවකාශය සමාජයේ නිවරදි හරස් කඩක්
බ්ලොග් අවකාශයේ සැරිසරන්නේ සාමාන්‍ය සාක්‍ෂරතාවය සහ පරිගණක සාක්‍ෂරතාවය තියෙන අය බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ. එහෙම වුණාට, අපි පොදු සමාජයට වඩා උසස් මනසකින් යුතු සුවිශේෂී පිරිසක් කියලා හඳුන්වාගන්න නම් බෑ මේ කපේට.
විභාග පාස් කරලා විශ්ව විද්‍යාලෙට ගියා කියලා, එතන ඉන්න උං හරි විශ්ව විද්‍යාලයෙන් පිටවෙන උං හරි අමුතු බුද්ධිමතුන් වෙන්නේ නෑනේ.
ඒ වගේම තමයි බ්ලොග් අවකාශයේ සැරිසරණ පිරිසත්. බුද්ධිමතුන් මෙන්ම මන්දබුද්ධිකලාත්, ඥාණවන්තයින් මෙන්ම මහදැණමුත්තලාත්, බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තන් මෙන්ම සියල්ල දත්තෝත්, සිංහයෝ මෙන්ම සිංහවෙස් ගත් සිඟාලයෝත් ඔය සේරම කෂ්ටිය අඩු වැඩි වශයෙන් මෙතන ඉන්නවා.
ඒ කියන්නේ සිංහල බ්ලොග් අවකාශයත්, බාහිර සමාජයේ නිවරදි හරස්කඩක් කියන එකයි!
-කතන්දරකාරයා
ප/ලි:
ඊයේ ට යෙදුනු කතන්දර බ්ලොග් එක ලියන මනුස්සයා ගේ උපන් දිනය සහ 500 වෙනි කතන්දරේ වෙනුවෙන් සුභ පැතූ සැමට මගේ ස්තුතිය!
Labels:
සිංහල බ්ලොගින් මැනර්ස්
Subscribe to:
Post Comments (Atom)
මේවා තදින්ම හදවතට වැදුනු ඒවා බව වෙන්ටැති. ඒත් හැබෑටම මේ පාඩම් ටික විතරමද ඉගෙනගත්තේ?
ReplyDeleteමම නම් තාම අවුරුද්දක් පහු උනා විතරයි. ඒත් හොඳ, හොඳ පාඩම් ටිකක් ඉගෙනගත්තා...:D
//ඒ කියන්නේ සිංහල බ්ලොග් අවකාශයත්, බාහිර සමාජයේ නිවරදි හරස්කඩක් කියන එකයි!//
ReplyDeleteසැටිපිකේට් ට්රූ
වෙන මොනවා කියන්න ද , සහතික ඇත්ත කියලා තමයි කියන්න වෙන්නේ...
ReplyDeletepalaweni neereekshna deka nam goda denek kiyana ekak..
ReplyDeletethunweni eka nam itin only from KK :)))
ඔය කාරණා නිසාම වෙන්න ඇති බ්ලොග් අවකාශය මේතරම්ම සජීවීව ඉන්න අයත් එක්ක බැඳිලා ඉස්සරහට යන්නෙ !
ReplyDeleteඇත්ත මචං...
ReplyDeleteසහතික ඇත්ත..
ReplyDeleteබ්ලොග් කරණය පිලිබඳ උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිසමෙ(ඒක පුදගල ) වාර්තාව නිකුත් වී ඇත !!!
ReplyDelete:)
කේක්...?
ReplyDeleteබ්ලොග් අවකාශය කොහොම තැනක්ද කියල මම තාමත් හරියටම අවබෝධ කරගෙන නෑ කියල මට සිතෙන්නේ .. මොකද මම මේකට අළුත් කෙනෙක් . ඒවගේම කිසිම කෙනෙක් එක්ක මේ අවකාශෙන් පිට සම්බන්ධ වෙන්නෙ නැති නිසා ටිකක් කල් යයි මේ ගැන අවබෝධ වෙන්න .. කාලයට ඉඩ දෙනවා ...
ReplyDeleteඔබේ උපන්දිනය, 500 වෙනි කතාන්දරය වෙනුවෙන් මගෙනුත් සුබ පැතුම්!
ReplyDeleteකියල තියන දේවල් නම් සහතික ඇත්ත.
ආන්න... ප්‍රසන්නයට විතරයි මතක් උනේ කෝ කේක්???
ReplyDeleteකමක් නෑ කමක් නෑ...! හැපී බ'ඩේ...! ඇන්ඩ් කොන්ග්රජියුලේෂන්ස් ෆෝ ද 500ත් පොස්ට්... දිගටම පොර ටෝක්ස් දෙන්න ලැබේවා...
ReplyDelete"ඒ කියන්නේ සිංහල බ්ලොග් අවකාශයත්, බාහිර සමාජයේ නිවරදි හරස්කඩක් කියන එකයි!"
ReplyDeleteසම්පූර්ණයෙන්ම එකගයි...
මටත් මේ බ්ලොග් අවකාශයේදී චරිත කිහිපයයි හම්බ වෙලා තියෙන්නේ අදහාගත නොහැකි තරමේ මනුෂ්‍යත්වයක් තියෙන... එයිනුත් දෙනෙක්ව මම බොහෝම සමීපව හදවතින්ම ඇසුරු කරනවා.. එයින් පළමුවෙන්ම හඳුනා ගත්ත අමුතුම ආකාරයේ පුද්ගලයා තමයි තිස්ස දොඩංගොඩ කියන්නේ... ඔබේ සටහන දැක්කම මටත් ඒ ගැන වචනයක් නොකියා යන්න බැරි උනා...
කශූ කියන්නේ මගේ බ්ලොග් ගුරාල දෙන්නගෙන් කෙනෙක් කියලා මම කියලා තියනවනේ(අනිකා මාරයා). කොහොමහරි ඔබේ දැක්ම නිවැරදියි. අනික මොකක්ද යථාවදී සමාජ පැතිකඩක් නොවන්නේ??? හැම තැනම හැමදේම යථාවාදී ස,ආජයේ පැතිකඩවල් තමයි. කථාව ඇත්ත.
ReplyDeleteතුන් වෙනි පාඩමනම් බොහෝ දුරට ඇත්ත කියල දැනට කියවපු බ්ලොග් සහ කමෙන්ට් ගැන හිතද්දී තේරෙනවා.මන් හිතුව අදවත් කේක් ගෙඩියක් හෝ කෑමක් ගැන පල කරාවි කියල අපිට සංග්‍රහයක් විදිහට.එක්කෝ රසබර කවියක් හරි හෙට දාන්නකෝ.
ReplyDelete:)
සම්පුර්ණ ඇත්ත .
ReplyDelete01. බ්ලොග් වලින් හඳුනාගත්තු මිත්‍රයන් ගැන නිර්වචයක් මට තාම නෑ. කාලයක් තිස්සෙ අඳුරනව වගේ හිතුනත් ඒ ගොඩක් යාලුවෝ තාම දැකලත් නෑ. හමුවුනු අය ගැන හිතද්දිත් හරිම පුදුමයි. මුල්ම හමුවීමත් හරියට කාලයක් නොදැක හිටපු යාලුවෙක් දැක්කා වගේ හරිම මිත්‍රශීලි විනෝදබර එකක්.
ReplyDelete02. කොච්චර වැදගත් තාලෙට කමෙන්ට් කරලා යන්න හැදුවත් අර පොටෝ එක දැක්කම ඒගැන අදහසක් දෙන්නැතුව යන්න මොකද්ද වගේ. ඉවසන දනා රුපුයුධයට ජයකොඩිය කිව්වලුනෙ. ඒත් මේකනං නොකියම බෑ. "අර හතර පෝයට සිල් ගන්න බස් සංගමේ සහාපතිට ඔච්චරට සුදු ශර්ට් එකක් හොයා ගන්න බැරි උනේ මොකද?"
ගිම්හානි කියපු මේ කතාවම තමයි මටත් කියන්න තියෙන්නෙ.....
ReplyDelete"බ්ලොග් අවකාශය කොහොම තැනක්ද කියල මම තාමත් හරියටම අවබෝධ කරගෙන නෑ කියල මට සිතෙන්නේ .. මොකද මම මේකට අළුත් කෙනෙක් . ඒවගේම කිසිම කෙනෙක් එක්ක මේ අවකාශෙන් පිට සම්බන්ධ වෙන්නෙ නැති නිසා ටිකක් කල් යයි මේ ගැන අවබෝධ වෙන්න .. කාලයට ඉඩ දෙනවා ..."
[ඒ වගේම තමයි බ්ලොග් අවකාශයේ සැරිසරණ පිරිසත්. බුද්ධිමතුන් මෙන්ම මන්දබුද්ධිකලාත්, ඥාණවන්තයින් මෙන්ම මහදැණමුත්තලාත්, බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තන් මෙන්ම සියල්ල දත්තෝත්, සිංහයෝ මෙන්ම සිංහවෙස් ගත් සිඟාලයෝත් ඔය සේරම කෂ්ටිය අඩු වැඩි වශයෙන් මෙතන ඉන්නවා.
ReplyDelete]
මගෙත් වැටහීම මෙහෙමයි! :) මොකද ඉන්ටනෙට් පාවිච්චි කරන්නෙත් ජීවත් වෙන මිනිස්සු නිසා!
ඔන්න පන්සීයෙං ඉදිරි ගමනට සුභපැතුං අෑ :)
මාත් තවම අලුත් නිසා වැඩිය තේරෙන්නෙ නෑ කොහොම තැනක්ද කියලා.ඒත් මං බ්ලොග් ලියන්න එන්න එක හේතුවක් වුනේ මේ බ්ලොග් ලියන අයගෙ හුගක් වෙලාවට දකින සහෝදරත්වය.
ReplyDeleteඉස්සල්ලාම කසූ ලිපි 500ක් ලියපු එකට මගෙන් උණුසුම් සුභ පැතුම් ! පහු ගිය දවස් ටිකේ කසූ පෝස්ට් දාන වේගෙන් මට නම් කමෙන්ට් කරන්න බැරි උනා...!
ReplyDeleteකසූගේ ඇනලයිස් එකට මගෙනුත් සැලියුට් එකක් !
මම නම් පහුගිය දොගේ නිවාඩුවට ආපු වෙලාවෙ අපේ බ්ලොග් සහෘදයෝ ගොඩ දෙනෙක්ව මුණ ගැසුනා.....! මට නම් උන් ටික උන් ලියන දේවල් වගේම හරිම සුන්දරයි.....!
තව අවුරුදු එකහමාරකින් පෝස්ට් 1000 කට සුභ පතන්න බලාගෙන ඉන්නම්....!
@බුද්ධි,
ReplyDeleteඑහම කියන්න එපා... අපි බුද්ධාගං කාරයෝ සුදු ඇන්දට කතෝලික අය මළ ගෙවල් වලට අඳින්නෙ කළු පාටනේ....! වැප්-නි-සාන්ත කතෝලික ආගමේ වෙන්න ඇති....!
දූමී,
ReplyDeleteවිකාර කතා කරන්ඩ එපා. බස් සංගමේ සභාපතිට අමතරව මිනිහා ක්ෂිරභාත් පුරයේ, හතර පෝයට සිල් ගන්න තරුණයන්ගෙ සංගමෙත් ඉන්නවා. කැමරාවට බය වෙලා බිරන්තට්ටු වෙලා හිටියට මොකද ඒ අතරින් පොඩ්ඩක් බලහංකො මූණෙ තියන පිං පාට.....:D
Is there a connection between your lesson 3 and the photograph?
ReplyDeleteජය වේවා..
ReplyDeleteඔබා මාමා අයියා කිව්වත් වගේ කකා කියලා තියෙන්නේ සැටිපිකේට් ඇත්ත . . .
ReplyDeleteඅපිට ගොඩක් වෙලාවට වරදින තැන තමයි මේ සියළුම ජාතියේ අය ඉන්නවා කියලා අමතක කරලා හැමදෙනාම එකම මිම්මෙන් මැනලා ඇසුරු කරන්න යන එක . . .
හරස් කඩේ ඒ ඒ කෙසෙල් වලට ඒ ඒ බනිස් කියලා වැඩ නොකලොත් සමහර විට උපරිම එකෙන් කෙලව ගන්න උනත් පුලුවන් තරම් අවදානමක් තියෙනවා . .
ජය වේවා
මමනං . . . 4වෙනි පාඩමත් ඉගෙනගත්තා . . . .
ReplyDeleteකතාව ඇත්ත. තව ඉගෙන ගන්න දෙවල් බොහෝයි.
ReplyDeleteකකා...බ්ලොග් සමාජය කියන්නේ ...
ReplyDeleteදන්න අඳුනන අය නැවත මුණගැහෙන්න පුළුවන්...
නොදන්න අය අඳුන ගන්න පුළුවන්...
......ඒ වගේම.....
දන්න අඳුනන අය නොදන්නවා වගේ ආශ්‍රය කරන්න පුළුවන්.....
.....අරුම පුදුම තැනක්....
Well said Kathandhara and dhukaa.
ReplyDeleteතන්දරකාරයා මේ තරම් සේවයක් කල පොරක් බව දන්නේ අදයිනේ.
ReplyDeleteඔබට සුබ පැතුම් ..!!!
@ All
ReplyDeleteමේ මාතෟකාවට අදාන නොමැති කමෙන්ටු කිහිපයක් ඉවත් කළ බව සලකන්න.
චීනුන්ට අභිං
ReplyDeleteඋන ඇති අපට බ්ලොගිං
කතන්දර අයියට මගෙනුත් සුබ පැතුම්. අයියා කියලා තියෙන කතා ටික සහතික ඇත්ත ඈ.
ReplyDeleteබොග් ගුරාට සුභ උපන්දිනයක් සහ කඩඉමට උණුසුම් සුභ පැතුම්. ලේට් විෂස් වලට වන්න සමා. පොඩි රවුමක් ගහලා දැන් ආවේ..
ReplyDeleteආයූ බෝ වේවා බොග් රජාණනී...!!!
එල එල...
ReplyDeleteසහතික ඇත්ත .....
ReplyDeleteඅපි ගැනත් කියල තීන්නෙ :D
ReplyDeleteකතාව ඇත්ත. බලං ගියාම මේකෙ නැති එකෙක් නෑ! (කකා කවද්ද බොරු කිව්වෙ! )
තුවාලේ තිබිච්ච මනුස්සයානෙව වේදනාව හඳුනන්නේ මහත්තයෝ...
ReplyDeleteඉස්සෙල්ලාම හිතේ තුවාලයක් හැදුනේ උදේට පාං ගේන්න සල්ලි නැතුව අප්පච්චී තැවෙනකොට, මම එකතුකරං හිටිය නොබැඳි සමුළු කාසි දෙක, පාං ගේන්නය කියල අප්පච්චිගේ අතේ තිබ්බම ඒ ඇස් වලින් ආපු කඳුළු දැකල....
ඒත් ඒ තුවාල මාව යහපත් තැනකට තල්ලු කලා කියලා හිතෙන්නේ ඔබලා වැනි අයගේ මේ කෘතවේදී සටහන් දැක්කම....
ස්තූතියි මහත්තයෝ මේ සටහනට..
බ්ලොග් අවකාශයෙන් බොහොම සුන්දර මිනිසුන් පිරිසක් හමු උනා... ඔබ හරි... " සිංහල බ්ලොග් අවකාශයත්, බාහිර සමාජයේ නිවරදි හරස්කඩක් කියන එකයි "
ReplyDeleteසම්පූර්නයෙන්ම එකඟයි.
මාත් අලුත් නෙ තාම
ReplyDeletemamath ehemai ada me beluwamai blog ekak
ReplyDeletemamath me beluwamai blog ekak
ReplyDeleteniyamai matath me blog liyana widiya kiyala denna berida?
ReplyDelete