
අද උදේම මං දැම්ම මගේ මිත්‍රයෙකුට කෝල් එකක්. මේ අපේ ප්‍රාණප්‍රිය මිත්‍ර රත්නායක. මතකයි නේද? අර රත්නායක ජෝක් වල නිර්මාතෘ සහ කීප්-අ-සයිඩ් ඉන්ටර්නෙට් කුකිං වලට දක්‍ෂයා.
පොර ඒ පැත්තෙන් "හලෝ" කියන්නත් කලින්ම මං මෙන්න මෙහෙම අළුත් අවුරුද්දට සුභ පැතුවා.
"එසේම වේවා!"
මං එහෙම කිව්වෙ මොකද කියල පැහැදිලියි නේ?
ඔය "එසේම වේවා" කියන කෑල්ල තමයි මේ දවස්වල සිංහල මිනිස්සු අතර වඩාත්ම භාවිතාවෙන "ග්‍රීටින්" එක.
හොඳ සිංහලෙන් ඕකට කියන්නේ "සේම් ටු යූ". ඒ කියන්නෙ "ඔබට එසේම".
මේ සුමානෙ මුල ඉඳල, එස්.එම්.එස්, ටෙලිෆෝන් කොල්ස්, ඊමේල් මේ සේරගෙම සිංහල අළුත් අවුරුදු සුභභැතුම් පිරිල ඉතිරිල ගිහින්. ඒ මදිවට, මූණු පොතට ඉමේජස් දාල ඒව අපේ නම් වලින් ටැග් කරල ඒවායින් එන කමෙන්ට්ස් සහිත ඊමේල්.
කොටින්ම මගේ ඊමේල් එකවුන්ට් දෙකේම නොබලපු ඊමේල් ගාන 500 පන්නල.
ඔන්න එක මිත්‍ර සමාගමක යාළුවෙක් යවනව දන්න හැමෝටම ඊමේල් එකක් අවුරුද්දට සුභ පතල "සුභ අළුත් අවුරුද්දක් වේවා!" කියල.
ඔන්න දැන් ඕකට එනව උත්තර හැට හුට හාමරක්. ඒ සේරගෙම වගෙ තියෙන්නෙ "සේම් ටු යූ - එසේම වේවා!!!" කියලයි.
ඕව බැලුවට පස්සෙයි මට තේරුණේ වඩාත් ම ජනප්‍රිය අළුත් අවුරුද්දට සුභ පැතුම, "ග්‍රීටින් එක", මොකක්ද කියල.
ඉතිං මං කිව්ව මගේ මිත්‍රයට "එසේම වේවා!" කියල.
මෙන්න පොර දුන්න උත්තරේ.
"එසේම වේවා!"
කතන්දරකාරයා
ප/ලිඃ ඔබ සැමටත් "එසේම වේවා!"
ප/ප/ලිඃ අවුරුද්දෙ අඩුවක් හෙම දැනුනෙ නැත්ද?
එසේම වේවා !!!
ReplyDeleteකතන්දරටත් "එසේම වේවා !"
ReplyDeleteකතන්දර කාරයාටත් එසේම වේවා!!
ReplyDeletemadhayi . . .
ReplyDeleteකතා අයියා ටත් එසෙම වෙවා.( සුභ අලුත් අවුරුද්දක් )
ReplyDeleteපරක්කු වුනාට කමක් නැහැ නෙ..
ඔබටත් එසේම වේවා කසු. නදී අයියත් මේක ගැන කතා කරලා තිබ්බා :) :) :)
ReplyDeleteහහ් හහ් හා... එසෙම වේවා!!!! ජය වේවා! ඕක රෙකෝඩ් කරල තියල answer machine එකක් දැම්ම නම් හරි
ReplyDeleteඑසේම වේවා ලොල්
ReplyDeleteඑසේම වේවා..
ReplyDelete:D
same to u එහෙමත් නෑත්නම් එසේම වෙවා කතන්දරේ
ReplyDeleteසුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..............
http://www.athugalpura-zone.co.cc/
Vorrei lo stesso per te! :D
ReplyDeleteඑසේම වේවා..
ReplyDelete:D
එසේම වේවා..
ReplyDeletesame to you එහෙනම්
ReplyDeleteඑසේම වේවා එකක්ම වේවා....
ReplyDeleteඑසේම වේවා..!!
ReplyDeleteඔබටත් එසේම වේවා..!
ReplyDeleteඔබටත් එසේම වේවා..!
ReplyDeleteඑසේම වේවා..!!
ReplyDelete@ All
ReplyDeleteසැමටම "එසේම වේවා" එකක් වේවා යැයි ඉත සිතින් පතමි.
කතන්දරකාරයා
සේම් ටු යූ වේවා! ගිරව් වගේ ඔහේ කියවනවා කියල වෙන්නැ අර ගිරවෙක් දාලා තියෙන්නෙ නේද!
ReplyDelete