
ඉස්කෝලේ උසස් පෙල කරන කාලේ අපි හැමෝගෙම සිහිනය වුනේ කැම්පස් යන එකයි. ලංකාවේ තියෙන ආර්ථික ප්‍රශ්ණ නිසා තාමත් හැමෝටම ඒ සිහිනය සැබෑ කරගන්න බැහැ.
යන්න ඕනෑ හැමෝටම කැම්පස් යන්න ප්ලෑන් එකක් ගැන කතන්දරයක් මං මේ දවස්වල ලියාගෙන යනවා.
කැම්පස් සිහිනය සැබෑවෙලා මං පේරාදෙනි ගිහින් එහෙදී ලියපු කවි මේ කතන්දර බ්ලොග් එකේ කයි-කතන්දර විදියට සෑහෙන්න දාලා තියෙනවා. ඒවා බහුතරය මං දැම්මේ සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනුයි. අද සෙනසුරාදා නිවාඩු පාඩුවේ ඉන්න දවස නිසා හිතුනා ඔන්න ඔහේ තව එකක් දාන්න.
මේක මං ලිව්වේ මං පේරාදෙනියේ ෆර්ස්ට් ඉයර් එකේ ඉන්න කාලේ දෙවෙනි පාර ඒ ලෙවල්ස් කරන මගේ මල්ලී ගැනයි.
කැම්පස් අයියාගෙන් ඒ ලෙවල් කරන මල්ලී ට ලිපියක්
සරසවියට පිවිසෙන්නට සිතූ පැතූ ඒ දිනයේ
තුන් යාමෙම නිදිමරාන පාඩම් කළ නමුත් මලේ
අද නුඹ වෙහෙසෙන හැටි දැක
දුකක් නැගේ මගේ සිතට
සිතේ මැවෙන සරසවි බිම සක්වල තුල නැතේ මලේ
ලස්සන මල් නැතිය පිපී මුළු ලෝකෙම වේලිලා ය
මහවැලි ගඟ ගැයූ ගීත වැලිගොඩ මැද හිරවෙලා ය
ලස්සන කඳුවැටි නැත අද පිච්චිලාය කරවෙලා ය
හිතන් උන්නු ලෝකෙ නෙමේ වෙන කොහේද තනිවෙලා ය
නැතේ කුසට රස ආහාර කුස ගින්නෙන් හැකිළිලා ය
නැතේ සිතට සැනසිල්ලක් දහසක් බර පැටළිලා ය
හිතේ තිබුණු නිදහස් බව අද ඉබේම නැතිවෙළා ය
සිව් වසරක් සිර ගෙය තුල දුක් විඳින්න සිදුවෙලා ය
සිතන සිතුම් බොඳවෙනවා
පතන පැතුම් සුන්වෙනවා
සරසවි ජීවිතය අග්නි ජාලා මැද ගෙවේ මලේ
ඒත් එපා පැකිලෙන්නට
තව තව උත්සාග හනිං
අයියණ්ඩී වැටුණු වලේ උඹත් වැටි බලන් මලේ
-කතන්දරකාරයා
ප/ලි:
මල්ලී ට ලිපියක් කිව්වට මේක පොර කවදාකවත් දැකලා නැතුව ඇති. බ්ලොග් එක බැලුවොත් ඔන්න අද දැක ගනියි!
(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී මවිසින් හස්තද්වාරයෙන් එලිදක්වන ලද "හන්තානේ කඳු පාමුල" කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)
(image: http://dearbrotherletters.wordpress.com/)
මේක මල්ලි නොදැකපු එක හොඳය්, නැත්තන් මලය උත්සාහය අත ඇරල දාන්නත් ඉඩ තිබ්බ. හෙහ්...හෙහ්...
ReplyDeleteඔබා අයියා කිව්ව වගේ, මේක මල්ලි නොදැකපු එක හොඳයි තමා :) මලයා කැම්පස් සිහිනෙ සැබෑ කරගත්තද?
ReplyDeleteඒක හොද ලිපියක්... යතාර්ත වාදි කතාවක්.
ReplyDeleteමෙන්න ලංකාවේ නෙට්මනි කරනා අයට හොද ෆෝරම් එකක්. ගොඩක් දෙවල් නිකන්ම ගන්න.. අමුතුම ටිප්ස් ගොඩක් එක්ක www.blackpointforum.com
කොළඹ කොන්ක්‍රීට් වනාන්තරයක්, මිනිස් කම පැනල හිහින් ඉතුරු වෙලා තියෙන්නෙ සල්ලි මත , සහ සල්ලි, මිනිස්සු රූකඩ කරගත් සමාජයක්ය කියන මතය හිසේ දරාන මම ජපුර කැම්පස් ආවේ... හීන මැව්වෙ ...අපරාදෙ පේරා යන්න තිබ්බ නම් කියලා.. කශු ට වඩා දහසක් ආර්ථික ප්‍රශ්න මට තියෙන්න ඇති..තාත්තා ගොවිතැන කල නිසා..ඒත් ඔය නිර්මානයෙන් ඔබ දැකපු අඳුරු ජීවිතේට වඩා දහසක් සොඳුරු ජීවිතයක් තමයි මම ගෙව්වෙ මේ කොළඹ..මොකද්ද මන්දා වෙනස ? දිවිය ලෝකවල දුක් විඳින දෙවියොත්, අපාය වල සතුටින් කල් ගෙවන අයත් ඉන්නව වගෙයි !
ReplyDeleteමටත් හිතෙන්නේ මල්ලි මේක නොදැක්ක එක හොඳයි...:D
ReplyDeleteඇත්තට මල්ලි මේ කවිය දැක්කනම් මොනා කරයිද?
ReplyDeleteගියපු ගමන් කෑල්ලක් සෙට් කොර ගන්න එපැයි. එතකොට අන්ධ වෙනවා. ඔය කියන හැම දේම මාර ලස්සනට පේනවා. ඒකනේ ඔය කළාකාරයෝ. කවි කාරයෝ, සිංදු කාරයෝ ඕක වර්ණනා කොරන්නේ. මේ කවිකාරයා වැඩේ නාගෙන.
ReplyDeleteඅපිත් හිතන් හිටියෙ පේර කිව්වම නිකන් හින්දි සින්දුවක බැක්ග්‍රවුන්ඩ් ලොකේෂන් එකක් වගේ කියල!
ReplyDeleteඉගෙන ගන්න ඉතිං පොඩි කට්ටක් කන්න ඕන තමා . ..
ReplyDeleteපේරා ගැන හමෝම ලියපු දේවල් නිසා ගොඩක් අය එහේ යන්න හීන මවනවානේ. . .
අදටත් නුවර යද්දී පේරා පහුකරනකොට පපුව පොඩ්ඩක් රිදෙන්න ගන්නවා . . .
(මේක කියෙව්වට පස්සේ ඒක නැතිවෙයිද මන්දා)
විශ්ව විද්‍යාලය = විවාහය
ReplyDeleteඇතුලට ගිය අය එළියට එන්නට දගලන
පිට ඉන්නා අය එහි තතු විමසන
අපූරු සුරපුරයක්
වෙලාවට මලයා මේක දකින්නේ දැන්...නැත්නං ෂුවර් පොර ගේම අතාරිනවා....ඇත්තටම මල්ලිට මොකෝ උනේ?
ReplyDeleteමල්ලිත් ඔය කියන ලෝකය ටේස් කරලා බැලුවාද???
ReplyDeleteකකාට පොඩි ජෙලක් ආව නේද මල්ලිත් කැම්පස් එයි කියල ???
ReplyDeleteකැම්පස් ජීවිතෙත් අර කිව්ව වගේ කට්ටක් තමා ඒත් එකෙත් අමුතු සුන්දරත්වයක් නැතුවත් නෙමේ.
ReplyDeleteඔන්න ඕකයි මම නම් කැම්පස් නොගියේ !
ReplyDeleteමල්ලි කැම්පස් ගියාද? අපිත් කැම්පස් එකේ ෆස්ට් ඉයර් ඉන්න කාලෙ හන්තානට ගියා.එතකොට පේරා කැම්පස් එක දැකලා හිතුනේ අනේ මෙහෙ එන්න තියෙනවානම් කියලා.ඔය කියන විදිහට එච්චර ලස්සන නැද්ද??? :O
ReplyDeleteමේ කවියේ වචනවලින් සැලෙන්න එපා!
ReplyDeleteකවි ලියන කොට ටිකක් අතිශයෝක්තියකින් ලියන බව මං කලින් දවසක පැහැදිලිවම කිව්වා නේද?
මොනවා වුනත් විවි ජීවිතය රෝසමල් යහනාවක් නොවෙයි නේ?
@ All
ReplyDeleteසියළු දෙනාටම ස්තුතියි!
කයි-කතන්දර තව තියෙනවා. සාහිත්‍ය මාසය ඉවර වුනත් ඉඳලා හිටලා එකක් දාන්නයි අදහස. වසීලීස්සාත් කීවා නේ!
පරක්කුයි. කෝච්චිය ගිහින් වගේ . ඇත්තටම අර ලස්සන සින්දුයි කතන්දරයි කියවල පේරාදෙණිය පැත්තේ යන්න බැරි එකට හිනි දුකක් තිබ්බට මෙව්වා කියවල හිත හැදෙනවා . කකාට ජය
ReplyDeleteඔන්න මම එෆ් බී එකේ ෂෙයාර් කොර ගත්ත.... ලස්සනයි ලස්සනයි.......
ReplyDeleteකතන්දරේ නම් ලස්සනයි. එත් ලෝකේ කිසිම දෙයක් සම්පුර්නෙන්ම හොදවත් සම්පුර්නෙන්ම නරකවත් නෑ කියලයි මට නම් හිතෙන්නේ.හැම හොද දේකම නරක ටිකකුත් හැම නරක දේකම හොද ටිකකුත් තියෙනවා. සෑම කළු වලාකුලකම රිදී රේඛාවක් තියෙනවා කියනවනේ. විශ්ව විද්‍යලෙටත් ඒ කතාව සාධාරණයි. ටිකක් දුක් වින්දත් හිටියට වැඩිය ටිකක් හරි හොඳ තත්වෙකට අපිව ගෙනියනවනේ.
ReplyDelete