Followers

Thursday, October 13, 2011

විස්ස විජ්ජාලය ගැන කයි දෙකක් - Eternal truth about University life?


ඔය උඩින් තියෙන්නේ ඉංජිනේරු පීඨ කලා කවයේ ෆේස් බුක් පිටුවෙන් උපුටාගත් ඡායාරූපයකි. මගේ කවියක් නොවේ!

මං පේරාදෙනියේ ඉගෙන ගන්න කාලේ එක විනෝදාංශයක් වුනේ කවි ලියන එක. මේවා පල කෙරුණේ ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේයි.

මං කලා කවයට මුලින්ම සෙට් වෙන්න හේතුවත් කවිම තමයි. කැම්පස් යන්න කලින් ලියපු කවි එකතු කරලා හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරපු කවි පොතක්, ඒ දවස්වලම අපේ ඇන්ටි කෙනෙක් ඔෆිස් එකට ගිහින් එතන වැඩකරපු කවියෙකුට පෙන්නලා තිබුණා. මෑන්ස් ගේ යාළුවෙක් හිටියා ඉංජිනේරු පීඨයේ ඉගෙන ගන්න. මංතුමා පේරාදෙනි යන කොට ඒ පොර තුන්වන වසරේ.

පොර තමයි ඒ වසරේ අපේ ඉංජිනේරු පීඨ කලා කවයේ සභාපති වුනේ. මාත් කමිටු සාමාජිකයෙක් වුණා.

ඊටත් කලින්ම කළේ ලියවුණු කවි කලා කවයේ පුවරුවේ පළකරන්න දුන්නු එකයි.

සෙකන්ඩ් ඉයර් එකට ගියාම මට බාර වුණා කලා කවයේ එඩිටර් තනතුර.

මේ කවි දෙක ලියවුනේ ඒ කාලේ. මං කැමතිම කවි දෙකක් බව කියන්න පුළුවනි.

විස්ස විජ්ජාලය

ඈත ඉඳන් බලන කලදි
කහ පාටින් බැබලෙනවා
මල් විමනක් කියා සිතී
එන්නට සටනක් දෙනවා
ලඟට ඇවිත් බලන කලදි
රස්නය ටික ටික එනවා
මල් නොවේ ය
ගිණි ගොඩක් ය
ආපු එවුන් පිච්චෙනවා!෴


ඒකට සාක්‍ෂි දෙන්න ඕනෑ තරම් අය ඉඳීවි!

දැන් මෙන්න දෙවෙනි කවිය.

දම්වැල

ඔවුන්ට ද කිසිවෙකු
එසේ කියන්නට ඇත
ඔව්හූ අපට එය
පැවසුවෝය
අපි ද තව පිරිසකට
එය පවසන්නෙමු
ඔවුන් ද මතුදා මෙසේ
කියනු ඇත
අපේ කාලේ කැම්පස් එක
මෙහෙම නෙමෙයි හරි ශෝක්!෴


-කතන්දරකාරයා

ප/ලි:
තුන්වෙනි වසරේදී මං කලා කවයේ ලේකම් විදියට කටයුතු කළා. ෆයිනල් ඉයර් එකේදී ඊට වඩා බරපතල වැඩවලට කර ගහන්න වුනු නිසා, කලා කවයේ සංවිධාන කටයුතුවලින්, දුකෙන් වුනත්, ඈත් වෙන්න වුණා.

ඒ කතන්දර පසුවට.

(image: http://www.facebook.com/groups/170520374022/)

28 අදහස්:

  1. කතන්දර කැම්පස් එකේදී සතුටින් ලීව (ගෑනු ලමයි දැකලා ඔය ප්‍රශ්න හැමදේම අමතක කල ) කවි ටිකක් දැම්මොත් මොකද වෙන්නේ? ලස්සන කාලෙකුත් තියෙන්ට නැතෑ...:D

    ReplyDelete
  2. අපිත් මේ බලන් ඉන්නේ කතන්දර හාමිනේ ට ලිව්ව කවි හෙම කියවන්න

    ReplyDelete
  3. එතකොට 06' බැච් එකේ බට්ටා කවුද?ඒ ඔයාද?

    ReplyDelete
  4. මම කැමතියි පළමුවන කවියට.
    දෙවනි එකේ අන්තිම පේළියෙ ''හරි ෂෝක්'' කියන එක ''හරිම ෂෝක්'' වුනා නම් වඩා හොඳයි වගේ නෙ.

    ReplyDelete
  5. මේ අඳුර එලිය කවිය කාගේද කතන්දර? ඒ කවිය හරිම ලස්සනය්. දැන් දැන්නම් ඉස්සරට වඩා ටිකක් වෙනස් රාමුවක කවි පලවෙන්නේ.
    විවිදත්වයක් පැවතීම හොඳය්
    *වසිලිස්සා*

    ReplyDelete
  6. හෙහේ අපේ සින්නෙක් ...ජය වේවා අයියා ."අඳුර එලිය "ත් එක්ක තවත් දේවල් එකතු කරලා පොඩි වැඩක් පටන් ගත්තා ..ගොහිල්ලම බලන්නකෝ .පින්තාරු වූ යන්තර.. http://colored-machines.blogspot.com/

    ReplyDelete
  7. අපොයි...පේරා එපා වෙන්නමනෙ කවි ලියලා තියෙන්නෙ.

    ReplyDelete
  8. ඉන්ජෙක් කයියෙක් සාහිත්‍ය කාරයෙක් වෙන්නේ බොහොම කලාතුරකින් තමයි .. හැබැයි උනාම බොහොම අපුරුයි මේ වගේ.

    ReplyDelete
  9. කතන්දර කැම්පස් එපාවෙන්නමනෙ කවි ලියල තියෙන්නෙ . . . .???

    ReplyDelete
  10. මයියාOct 13, 2011 01:45 AM

    බට්ටා කාඩ් එක වැටුනේ කකා ඇගෙන් පොඩි ද?

    ReplyDelete
  11. "අපේ කාලේ කැම්පස් එක
    මෙහෙම නෙමෙයි හරි ශෝක්"

    මේක කතාව නම් හරියටම හරි. කැම්පස් විතරක් නෙවේ ඉස්කෝල, වැඩපොලවල්, ගම, නගරය...ඔය හැම එකම ගැන කියන කතාවක් ඕක.

    ReplyDelete
  12. @ All
    ඔය උඩින් තියෙන්නේ ඉංජිනේරු පීඨ කලා කවයේ ෆේස් බුක් පිටුවෙන් උපුටාගත් ඡායාරූපයකි. මගේ කවියක් නොවේ!

    ReplyDelete
  13. @ Podi Kumarihami
    ඔහොම ඉල්ලන කොට ඒ ජොලි කවි නොදා කෙහොමද? ලඟදීම දාඤ්ඤං!

    ReplyDelete
  14. @ නදී
    මං බට්වා කවුද දන්නේ නෑ. ඒ කලාකවයේ ගිය කවි. ෆේස් බුකියෙන් ගත්තේ!

    ReplyDelete
  15. @ kumaraya
    ස්තුතියි!
    හරිම ශෝක් නෑ නේ. මොකද දුක්බර කවිමයි ලියවුනේ!

    ReplyDelete
  16. @ ගැටයා
    බෝම ස්තුතියි. අපේ කාලේ මොන බ්ලොග් ද?
    අපි කොල කෑලි වල තමයි කවි ලිව්වේ.
    ඉංජිනේරු පීඨ කලාකවයට ජයවේවායි පතමි!

    ReplyDelete
  17. @ නිසූපා
    තිත්ත මිදි?

    ReplyDelete
  18. @ සරත් ලංකාප්‍රිය
    බුදු අම්මෝ මං සාහිත්‍යකාරයෙක්ද?
    මං හිතං ඉන්නේ කතන්දරකාරයෙක් ය කියල නේ!

    ReplyDelete
  19. @ ඕනයා
    හැමදාම දුකෙන් හිටියේ නෑ. දුක හිතුනු දවසට තමයි කවි ලිව්වේ. මුල් අවුරුද්දේ කවි දුසිමකට වඩා නෑ!

    ReplyDelete
  20. @ මයියා
    ඒක මගේ නෙමෙයි මයියෝ!

    ReplyDelete
  21. @ kandyan
    ඒක නං ඇත්ත. අපි පොඩි කාලේ ආච්චිලාගේ ගමට ගිහින් කරපු දේවල් එකක්වත් දැන් පොඩි උන්ට කරන්න බෑ. කැලෑ නෑ. දොළ පාරවල් හිඳිලා!

    ReplyDelete
  22. හප්පේ කලා රිටක්නේ..
    කොහොමත්..
    හෙහ් හෙහ්......

    ReplyDelete
  23. නැද්ද අයියා ඒ දවස් වල කෙල්ලෙක් යාලු කරගන්න ලියපු කවියක් එහම... දාන්නකෝ අපිටත් බලන්නත් එක්ක...

    ReplyDelete
  24. කවි දෙක නම් නියමයි !!!




    @නදී :
    ඔය බට්ටා කියන්නේ අපේ බැච් එකේ කොල්ලෙක්. නුවර එකෙක්

    ReplyDelete
  25. දෙවැනි කවියට පට්ටම එකඟයි!!!

    මම නම් ඉතින් උපන් කවියෙක් නෙවෙයි... ඒත් වැඩේ කියන්නේ මම ලියපු කවියකුත් පලවුනා ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ! ඒක ඇවිල්ලා කලින් පලවෙච්ච කවි පන්තියකට පිළිතුරු විදියට හිතේ වේගෙටම ලියවිච්ච කවි පන්තියක් :) දැං ඒ කවිය හොයාගන්න බෑ :(

    ReplyDelete
  26. තවත් සොඳුරු නවාතැනක් එකතු වෙන්න සතුටුයි.......

    ReplyDelete
  27. @ගීතක - ඇත්ත කතා...!!!
    ඒ කාලේ බිත්තියේ තිබුණු එවුවා පයිල් කවර 7 ,8 ක දමා තිබේ ,වැඩි විස්තර දුන්නොත් ඉන්වෙස්ටිගේෂන් පාරක් දැමිය හැක ..

    ReplyDelete

කතන්දරේ ගැන මොකද හිතෙන්නේ? ලියන්න! Any comments, please?
(Comments are moderated and those with inappropriate content will be deleted).