ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Monday 10 October 2011
අපි නොදන්න එලකියුෂන් - The rain in Spain stays mainly in the plain
පොඩි කාලේ අපි දහම් පාසල් යද්දී "බුද්ධඝජ්ඣය (බුද්ධ ගද්‍යය?)" කියලා පොතක් කියෝලා තියෙනවා. ඒකේ තිබුණේ මහා දරුණු මහාප්‍රාණ ශ්ලෝක වගේ ඒවා.
මෙන්න මට මතක එකක්.
"ජය ජය ධර්මරාජ
ජනකෘත ශර්මපූජ
අසදෘශ බුද්ධ ලීල
අතිපරිශුද්ධ ශීල"
ඔය "බුද්ධගජ්ඣය" මුළුමනින්ම කියෝපු කෙනෙකුට නං කිසිම ප්‍රශ්ණයක් වෙන්නේ නෑ, ඕනෑ මහාප්‍රාණයක් ශබ්ද කරලා කියන්න!
බුද්ධගජ්ඣය වගේම පොතක් වෙන්න ඕනෑ සකස්කඩ කියන්නේ. "සකස්කඩ නොකී කට උඹේ කට හුඹස් කට!" යැයි කතාවක් තියෙනවා අහලා තියෙනවාද?
මං අහල තියෙන විදියට සකස්කඩ කියන්නේ ඉස්සර පාවිච්චි වුණු සිංහල පොතක් ලු. මං නං දැකලා, කියෝලා නෑ. ඒ පොත නම් සිංහල වචන උච්චාරණය කරන්න උගන්වන එකක් වගෙයි පේන්නේ.
අපි මුල් භාෂාවක ඉඳලා දෙවෙනි භාෂාවකට හුරුවෙන කොට අර මුලින් කතාකරපු භාෂාවේ වචන උච්චාරනය කරපු විදිහ, දෙවෙනි භාෂාවට කාන්දු වෙනවා. මේකට තමයි කියන්නේ ඇක්සන්ට් එක කියලා.
උදාහරණක් විදියට, ඉංගිරිසි භාෂාව ඉන්දියන් පොරක් කතාකරන විදියයි, ස්කොටිෂ් පොරක් කතාකරන විදියයි වෙනස් වෙන්නේ ඒ නිසයි.
ඔය වචන උච්චාරණය හරියට ඉගෙන ගන්න නං, එලකියුෂන් පන්ති යන්න ඕනෑ. හැබැයි ඉතිං ඒවා උගන්වන අයගේ උච්ඡාරනය තමයි අන්තිමට හුරුවෙන්නේ. ලංකාවේ ඉංගිරිසි ඉගෙන ගන්න ළමයි සහ එංගලන්තේ දී ඉගෙන ගන්න ළමයින්ගේ උච්ඡාරණය වෙනස් ඒකයි.
"මයි ෆෙයා ලේඩි" කියන පරණ චිත්‍රපටිය දැකලා තියෙන අයට මතක ඇති කොක්නි ඇක්සන්ට් එකක් තියෙන එලයිසා ට, ඉහල පන්තියේ ඉංගිරිසි උච්ඡාරනය උගන්වන්න මහාචාර්ය හිඟින්ස් වෙන මහන්සිය.
ඔය සේරම කතා ලිව්වේ මේක කියන්නයි. මේක රත්නායක මහත්තයා ගේ කතා බහේ සියුම් උපහාසය පිළිබඳ හොඳ නිදර්ශනයක්.
දැන් අපි ඔය ලංකාවේ ඉගෙන ගෙන පස්තාච්චි කුපාඩි වැඩවලට පිටරට ගියාම තමයි තේරෙන්නේ අපේ ඉංගිරිසි උච්ඡාරණය සමහරුන්ට තේරෙන්නේ නැති බව. උච්ඡාරණය ගැන කුමණ කතාද ඉංගිරිසි දැනුම පිළිබඳ ප්‍රශ්ණත් තියෙන කොට? මතකනේ වී.කේ. විරාජ් ජර්මනියට යන්න ප්ලෑන් කරපු හැටි?
පොඩි කාලේ ඉඳලා එක්කෝ ගෙදරින්ම නැත්තං එලකියුෂන් පන්ති ගිහින් පොෂ් ඉංගිරිසි කතාකරන්න ඉගෙනගෙන තිබෙන අයට නං ඒ ප්‍රශ්ණය එන්නේ නෑ බොහෝ දුරට.
ඔන්න අපේ පොරක් එක දවසක් මේ ගැන දුක් වෙනවා.
"ඇත්තටම අපේ තාත්තාට තිබුණා අපි වැඩි කාලයක් කොළඹත් හිටපු එකේ මාව එලකියුෂන් ක්ලාස් එකකට යවන්න! ෂිහ්!"
අනේ, මුගේ තාත්තයි අම්මයි දෙන්නාම රජයේ සේවයේ කඹුරලා, ළමයින්ව කොළඹ ඉස්කෝලවලට යවලා ඉගෙන ගන්න පහසුකම් සපයලා දීලා, අන්තිමේදී මෙන්න අහගන්න වෙන කතන්දර!
ඇත්තටම මූ තාත්තටත් කිව්වද මන්දා ඔය කතාව මූණටම?
ඔය කතාව මං කියවා අහලා අපේ රත්නායක මහත්තයා කිව්වේ මෙච්චරයි.
"අයියෝ, පොර කොහොමද එලකියුෂන් දන්නේ කොළඹ ඉඳලා. අපේ ගමේ නං එලකියුෂන් වැහි වැහැලා. ගමේ ගොඩේ හැම වැටකටම ඉන්දලා තියෙන්නේ ඒවානේ. අපි නොදන්න එලකියුෂන්!"
දාන්න රත්නායක මහත්තයා පහක්!
-කතන්දර
ප/ලි:
මේ අදට යෙදී ඇති රත්නායක මහත්තයා ගේ උපන් දිනය වෙනුවෙන් ප්‍රකාශයට පත්කෙරෙන දෙවෙනි කතන්දරයයි.
මෙන්න රත්නායක කතන්දර ලේඛනය
රත්නායක ජෝක්ස්
රත්නායක මහත්තයා ගෑණුන් ගේ xxx හොයපු හැටි
රමණී මෙතඩ්
පුරාතන මධ්‍යතන නූතන
එසේම වේවා
මී කිරිවල ගුණ
කටුබැද්දේ කුකුල්ලු දෙන්නා
අරක්කු ඕනා, කෝක් වානා
කීප් එ සයිඩ් - Keep aside - අන්තර්ජාලයේ ඉවුං පිහුං
රත්නායක මහත්තයා ගේ තවත් වැඩකිඩ
රත්නායක මහත්තයා ගේ ඉටිරෙද්ද
(image: http://ahamas.glogster.com/my-fair-lady/)
Labels:
රත්නායක මහත්තයා
Subscribe to:
Post Comments (Atom)
රත්නායක අංකල්ගෙ උපන්දිනේට තෑගි ගොඩයි,, :D
ReplyDeleteසකස්කඩ මගේ ලඟ තියනවා. ඔය සකස්කඩ නොකී කට ගැන කතාව අහපු දාම තීරනය කලා ඒක අරගෙන කියවන්න ඕනා කියලා, ඉතින් ගොඩගේ එකට ගොඩ වැදිලා පොත හොයාගත්තා. ඒක හරිම පොඩි පොතක්. මහප්‍රාණ වචන වලින බුද්ධ චරිතය ගද්‍යයට නගලා තියෙන්නේ. තවත් විශේෂත්වයක් තමයි මුලු පොතම ලියා තියෙන්නේ තනි වාක්‍යයකින් පමණක් විම.
ReplyDeleteඇක්සන්ට් ගැන කියනවනම් මේක තමයි මම දැකපු හොඳම එක.
ReplyDeleteඉන්දිකගෙ විඩියෝවත් මාරයි
ReplyDeleteමම නම් හිතන්නේ ඔය ඇක්සන්ට් එක ගැන අපි කරදර වෙන තරමට සුද්දෝ කරදර වෙන්නේ නෑ කියලයි! අනික අපි එලකියුශන් පංති ගිහින් (මම නම් ගිහින් නෑ) රැජිනගේ ඉංග්‍රීසි (Queens English) ඉගෙනගන්න උත්සාහ කලාට, මහරැජිනත් දැන් ඒ ඉංග්‍රීසිය කතාකරන්නෙ නැති බවක් මං ටික කාලෙකට කලින් මොකක් හරි ලිපියක කියෙව්වා...
ReplyDeleteකතාව ඇත්ත.. මම මෙහෙ ආපු දවස්වල සුද්දන්ගේ ඇක්සන්ට් එක අල්ල ගන්න පට්ට ගේමක් දෙන්න උනා. ලංකාවේ අපිට මොනවා කිව්වත් පුරුදු ඇමරිකන් ඇක්සන්ට් එක. ඉතින් එංගලන්තේ සුද්දගේ නාහෙන් කතා කරන එක තෙරුනෙම නෑ. ඒ මදිවට වේල්ස් වල එකා එකා විදිහක්, ස්කොට්ලන්තේ එකා තව විදිහක්.. වැඩිය ඕනේ නෑ ලන්ඩන් ඇතුලෙත් සුද්දගේ ඇක්සන්ට් එකෙන් කියන්න පුළුවන් කොයි හරියේද කියලා. එච්චරට ඇක්සන්ට් ගොඩක් තියෙනවා.
ReplyDeleteහැබැයි ඔය එල-ටුයිෂන් එකේ නම් කරන්නේ අලිම අලි බොරුවක්.
ඇක්සන්ට් එකක් නැත්නම් ගොඩක් හොදයි.. නමුත් අපි හැමෝටම අඩු වැඩි වශයෙන් තියෙනවා. හැබැයි ඉන්දියාවේ උන්ට වඩා නම් අපේ උච්චාරණය සැහෙන්න හොදයි කියල තමා මට හිතෙන්නේ.
රත්නායක මහත්තයට සුබ උපන් දිනයක්!!
අපේ ඉන්ගිරිස් උච්චාරනේ හරි නැතෙයි කියල. බ්‍රිටිෂ් කවුන්සිල් එකේ සුද්දියෙක් ගෙන්නෙව්වා අපේ කොම්පැනියෙන්. ප්‍රොජෙක්ට් එක ඉවර වෙලා චෙයාමන් ඇහුවලු සුද්දිගෙන් "හව් වොස් ද ප්‍රොජෙක්ට් කියල", සුද්දි එයගේ ඇක්සන්ට් එකෙන් කිව්වලු. "මට්ච ඩෙන් හොන්ඩට ශින්හලා පුලුවා" කියලා. ඒ පන්තියේ සුද්දිගේ එක ගෝලයෙක් මම. ඉතිරි කොටස වැඩිහිටියන්ට පමණයි.
ReplyDeleteකිව්වත් වගේ ඉන්දිකගේ වීඩියෝවත් තෑග්ගකට මරු
ReplyDeleteඅපි ඉංග්‍රීසි කතා කරන එක ගැන සුද්දෝ සතුටුයි . ඇයි දෙවෙනි බසක් ඉගෙන ගැනීම ගැන . ඒ ඇර උච්චාරණය ගැන ඒ හැටි වද වෙන්නේ නැහැ . නෙවර් . යුවර් ඉන්දියන් ඉංග්‍රීසිත් එක්ක බැලුවම අපි මක් කිව්වම මොකද . මගෙත් අදහස තේරුම් ගන්න පුළුවන් නම් එච්චරයි. රත්නායක මහත්තය කිව්ව ගස් ජාතිය මොකක්ද . වැටට හිටවන
ReplyDeleteමොනාද ඒ “එළකියුෂන්“ ගස් ජාතිය.වැටහිර ද?
ReplyDeleteකතන්දර , ඔයාට මතක දෙවෙනි ඒකෙ තිබ්බ දෙවෙනි ශ්ලෝකෙ...මේන පළමු එක.
ReplyDeleteනම: සමන්ත භද්‍රාය
සර්ව ගෝචර චක්ෂුෂේ
කරුණාමෘත කල්ලෝල
සින්ධවේ සූර්්‍ය බන්ධ වේ.....
සකස්කඩ පටන් ගන්නේ “නම: ශ්‍රී ඝණාය “ ඉවර කරන්නේ “ස්වස්ත භවතු“ කියල.
මම ඉස්සර සකස්කඩට කීවේ සහස්කඩ කියලා....
එලකියුෂන් ගස්, අපේ ගමේ නැද්ද මන්ද?
අපේ සමහර එවුවො හිතල ඇමරිකන් ඇක්සන්ට් එක දාන්න ගිහිං ඇනගන්නව ඇනගැනිල්ලක් . . . .
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅනේ මුන්ගේ කෙහෙල්මල් accent එක. අපේ සමහරුන්ට හැම සුදු එකෙක් මොකක් හරි කිව්වොත් ඒක තමයි ලොකුම දේ. මම දැකල/අහල තියෙනවා අර වාක්‍ය ඉවරවෙද්දි දාන question tag එක, isn't it? කියන එක මෙහෙ (UK) එවුන් කියන්නේ in it වගේ විදිහකට. හැමෝම නෙවෙයි, ඔය රස්තියාදු කාරයෝ තමයි වැඩිපුරම. අපේ lecturers ල එහෙම කවදාවත් ඔය ගොන්පාට් දාන්නේ නැහැ.
ReplyDeleteඉතින් අපේ බුවාලත් ඕක ඔහොම්මම කියන්න යනවා. කොච්චර ගැති වෙලාද කියනවා නම් you are so tired. in it ?? ගානට in it පාවිච්චි කරනවා. I we you ඔක්කොටම in it.
අපේ පන්තියේ හිටපු ඉන්දියානු (කේරල) කොල්ලෙක් දවසක් ෆන් එකට කියනවා isn't it කියන එකට උත්තරේ it is not කියල දෙනවා නම් (අපි හිතමු), in it කියන එකට දෙන්න වෙන්නේ not in it කියල තමයි ලු.
මන්ද ඔයාල දැකල තියෙනවද කියල. මෙහෙ (UK) ඉන්න සමහර අය තමුන්ගේ මුණු පොතේ තමුන් දන්නා බාසාවල් ගැන දාල තියෙන්නේ knows sinhala british english කියල. මම හිතන්නේ අර in it වගේ ඒවා දන්න අය වෙන්න ඇති.
රත්නායක මහත්තයට සුභ උපන් දිනයක් වේවා ........!!!!
ReplyDeleteඅපි නොදන්න වැටට හිටෝල තියෙන "එලකියුශන්" ඔය කියන්නේ "වැටහිටෝනියාස්" කියන ක්රෝටන් ජාතිය ගැනනේ in it ?
ReplyDeleteඑලකියුෂන්???? මොකක්ද අප්පා ඒ ගස් ජාතිය?? බැරිද දන්නෑ කෑල්ලක් ඉල්ලගන්න අපේ ගෙදර වැටට හිටවන්න :-)
ReplyDeletehttp://si.wikibooks.org/wiki/සකස්කඩ
ReplyDeleteඔන්න ඒකත්
@ All
ReplyDeleteරත්නායක මහත්තයාට සුභ පැතූ සියල්ලන්ටම මගේ ස්තුතිය.
මං නං මොකා මොකක් කිව්වත් මට ඕනෑ විදියටයි English පාවිච්චිය.
ටෝෆල් කරද්දී කැසට් දාං අහලා පුරුදු වුනා තේරුම් ගන්න.
අයිඊටුඑල්එස් කරද්දීද් නං වැඩි අමාරුවක් වුනේ නෑ.
පස්සේ මං පස්තාච්චි කරද්දී ලෙක්චරර්ස්ලා ගේ බෙල්ජියන් ඉංගිරිසි, ඉන්දියන් ඉංගිරිසි, පිලිපීනෝ ඉංගිරිසි, ජපන් ඉංගිරිසි, මැලේ ඉංගිරිසි, ප්‍රංශ ඉංගිරිසි, පාකිස්ථාන් ඉංගිරිසි වලින් ඉගෙන ගත්තු නිසා දැන් ඕනෑ කෙහෙල්මලක් තේරෙනවා!
මං කියන ඒවා නොතේරෙන එක මගේ ප්‍රශ්ණයක් නෙමේ, අහන කෙනාගේ එකක්.
සියළු දෙනාටම ස්තුතියි.
එළ....
ReplyDeleteisn't එකේ informal form එකක් ain't. මම හිතන්නේ ඔය "in it" කියලා ඇහෙන්න ඇත්තේ ඒක. :)
ReplyDelete@ herath, no these people say 'innit' with everything. now even in scrable game they accept 'innit' as a correct English word.
ReplyDeleteso is 'Ya' It's cold ya?, Let's go ya?
saying 'wah?' for 'what?'
queen's english my foot!