ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Monday, 17 October 2011
තායිලන්තයේ සිට අගුණකොළපැලැස්ස දක්වා - From Thailand with love
කාලෙකට ඉස්සර කතන්දර හාමිනේ යි, මායි ගියා ඉන්දියාට පොඩි පහේ ට්‍රිප් එකක්. මං අර බැංකුකාරයෝ ලෝක අමාරුකාරයෝ කතන්දරේ ලිව්වේ ඒ ට්‍රිප් එකට ලේස්ති වෙන කාලේ වෙච්ච බැංකු අකලංචියක් ගැණයි.
රට යනකොට බැංකු යන්නේ ඩොලර් ගන්නනේ. ඉතිං අපි ඩොලර් අරං ගිහින් එහේදී ඉන්දියානු රුපියල්වලට මාරු කළා.
ඒකෙනුත් ඉතිං බැංකුකාරයින් ට තමයි වාසිය. කෙලින්ම ඉන්දියන් රුපියල් අරං ගියා නං බැංකු කොමිෂන් ගෙවන්න වෙන්නේ එකපාරයි.
ඒ දවස්වල ඉන්දියන් රුපියලක් ලංකාවේ රුපියල් එකයි පනහක් වගේ මට මතක හැටියට. ඉතිං අපි දෙන්නා ඉන්දියන් සාරි, විසිතුරු බඩු ගන්න හිතෙන හැම පාරම කෙරුවේ උන් ගේ මිල එකහමාරෙන් බෙදලා බලන එකයි. එතකොට විතරයි අපේ හිතෙන් මිල ගැන අදහසක් ගන්න පුළුවන් වෙන්නේ.
ඉන්දියාවේදීත් එහෙම නම් ලංකාවේ රුපියලට වඩා මුදලේ වටිනාකම සෑහෙන්න වැඩි බටහිර රටකට ගියොත් අනිවා ඩෙෆා රුපියල් ෂොක් එක එනවා. ඒ කියන්නේ ඒ රටේ බඩුවල මිල, සීයෙන්, දෙසීයෙන් වැඩි කළාම, අපිට කලන්තේ දානවා.
ඕකේ අනිත් පැත්තට තමයි සුද්දෝ ලංකාවට ආපුවාම. උන්ට නං නිකං සුද්දෝ වගේ වියදම් කරන්න පුළුවනි!
පස්තාච්චි කුපාඩි වැඩේට අපි තායිලන්තේ තියෙන ආසියානු තාක්‍ෂණික ආයතනයට ගිය කාලෙත් ඔය රුපියල් ෂොක් එක ටිකක් විතර ආවා. ඒකෙන් ගැලවෙන්න ලැබුනේ එහෙමත් දෙයකදී තමයි. එවායින් ලොකුම දේ ලංකාවට ලියුම් යැවීම.
එහේ ඉදං ලංකාවට එයාමේල් ලියුමක් යවන්න ඒ කාලේ ලංකාවෙන් එහාට යවන ගානට වඩා සල්ලි යනවා. කොහොමටත් ලංකාවෙන් පිට ගිහින් ඉන්න කොට හෝම්සික්නස් එන නිසා මුලදී නිතරම ලියුම් යවන්න ඕනෑ වෙනවනේ!
එහේ යද්දීම අපිට ලැබුණු උපදේශයක් තමයි ලංකාවේ තැපැල් මුද්දර ටිකක් අරං යන්නය කියන එක. ඒකට හේතුව තමයි, නිතරම ලංකාවට යන අය ඉන්න නිසා ඒ අය අතේ ලියුං එවන්න පුළුවන් වීම ලංකාවේදී තැපැල් කරන්න.
සාමාන්‍යයෙන් කවුරු හරි ලංකාවට යනකොට අපි හැමෝම කරන්නේ ලියුං ලියලා, කවරවල දාලා ලංකාවෙන් ගෙනත් තියෙන මුද්දර ගහල ඒ යන අයට දෙන එක.
වියදමත් අඩුයි, අනික දවස් දෙක තුනකින් ලියුම ලංකාවේ ලිපිනයට ලැබෙනවා.
හැබැයි ඉතිං ඒ විදියට ලියුං යවලා මං දැන් තායිලන්තේ ඉන්නේ කියලා අපි ලියන කතාව විශ්වාස කරවන්න තමයි ටිකක් අමාරු.
ඔන්න ඉතිං අපේ පොරක් දවසක් ලියුමක් ලියලා එදා ලංකාවට යන පුද්ගලයාට දෙන්න ගියා. පොර යනකොට, මෑන් එයාපෝට් යන්න පිටත්වෙලා. ඉතිං මොකෝ කරන්නේ? මේ ලියුමත් හදිස්සි එකක්. කැම්පස් එක ඇතුලේම තියෙන පෝස්ට් ඔෆිස් එකට ගිහින් සල්ලි සල්ලි කියා නොබලා තායි මුද්දර ගහලා තැපැල් කළා!
දැන් ඉතිං පොර ලියුමට උත්තරයක් එනකං බලං ඉන්නවා.
ටික දවසකට පස්සේ දවසක තමන් ගේ ලියුං පෙට්ටිය බැලින්නම් මෙන්න අර තැපැල් කරපු ලියුම ආපහු ඇවිත්. උඩින් ගහලා තියෙනවා මෙන්න මෙහෙම.
COUNTRY NOT FOUND
පොර බැලුවා ලිපිනය.
S.P.B. Raja
125, Main Street
Angunakolapelessa
අහන්නත් දෙයක් යෑ? අගුණකොලපැලැස්සට යන ප්ලේන් එකක් හොයා ගන්න බැරිවෙන්නැති මේ ලියුම එයාමේල් එකේ යවන්න.
-කතන්දරකාරයා
ප/ලි:
හෆොයි ප/ලිය දාන්න අමතක වෙලා, දැනුයි නේ දැක්කේ. ස්තුතියි කැන්ඩියන්.
(image: http://www.flickr.com/photos/22955235@N00/440453309/sizes/o/in/photostream/)
Labels:
තායිලන්ත කාලේ,
පස්තාච්චි කුපාඩි
Subscribe to:
Post Comments (Atom)
එළ කතාව...
ReplyDeleteඔහොම අසම්පූර්ණ ඇඩ්‍රස් දැමීම නිසා මට එන්න තිබුණ වටිනාම සුන්දරම ලියුමක් නැති වුනා.
තව ඉතිං මම කට්ට කාගෙන යවපු තඩි ලියුමක්, 150ක් විතර වටින ලොස්ට් වුනා,
මං හිතන්නෙ ඒක නම් උස්සන්ටවත් ඇති.
අපරාදෙ.
හිහ් හිහ් .....
ReplyDeleteමාර සීන් එක, කොහොම උනත් ඔය මුද්දරේ මම දැක්කමයි ...
වතාවක් මම පත්තරේ තිබුණු පෑනේ මිතුරු දැන්වීමක් බලලා ඝානාවට ලිපියක් තැපෑල කළා. Country Not Found ඇරෙන්න ලිපිනයේ අනිත් හැම කොටසක්ම වැරදියි කියලා සීල් ගොඩක් වැදිලා මාස හයකට විතර පස්සේ මටම ලැබුනා.
ReplyDeleteමගේ මුද්දර පොතේ මේ මුද්දරේ නැහැනේ...බැරිද තියනම් මට එවන්න. ආහ් තව අවංලගු චෙව්වි මුද්දර තියෙනම් ඔයා ඉන්න රටේ ඒවා. මට එවන්න පුලුවන් ද? මුද්දර පොතේ තව ඉඩ තියේ...
ReplyDeleteඑකයි පනහෙන් බෙදුව ම, එන ගාන වැරදි නැද්ද. එකයි පනහෙන් වැඩි කළාම නේද අපේ රටේ මුදලින් වටිනකම එන්‍නේ.?
ඔය ලංකාවේ මුද්දරයක්ද? රුසියාවේ මුද්දරයක්ද? අහන්ටත් දෙයක් යැයි හරි මුද්දරේ ගහලා යැව්වානම් අගුණකොලපැලැස්ස හොයාගන්ටත් තිබුනා.
ReplyDeleteහැබෑට කතන්දර විහිලුවට නෙමේ ඔය රට තියෙන්නේ කොහෙද?...:D:D:D
:D
ReplyDeleteමගේ යාලුවෙක් දවසක රෙජිස්ටර් ලිව්මක ලිපින දෙක මාරු කරලා ලියලා කලබලේට . මෙන්න ටික දවසකින් ලියුම මිනිහටම ආවා !
ReplyDeleteතව කාලයක් ගියහම ලියුම් කියන ජාතිය කටුගෙවල් වල තියෙයි '' අන්න බලන්න පුතේ අර තියෙන්නේ ලියුමක් . '' ළමයින්ට අම්මල කියල දෙයි . දැනටමත් මුද්දර කියන ජාතිය වැඩි පාවිච්චියක් නැහැ නේද ..
ReplyDeleteමොනවා වුනත් ලස්සන මුද්දරෙකට තවම හිත යනවා . මමත් ඔය ලෙනින් මුද්දරේ දැකල නැහැ . කොයින්ද අප්පා හොයා ගත්තේ . 60 ගණන් වල හරි ඊට පෙර හරි වෙන්න ඕන . Ceylon කියලනේ තියෙන්නේ .
අපේ තැපැල් කන්තෝරුවෙ ඉන්න උන් දන්නෙ නෑ..ලබන්නාගෙ ලිපිනයයි...යවන්නාගෙ ලිපිනයයි ලියන්න ඕනෙ තැන්.......
ReplyDeleteඑක සැරයක් මම චිත්‍ර තරඟෙකට යවන්න චිත්‍ර වගයක් භාර දුන්නා තැපැල් කන්තෝරුවට... ඔන්න දවස් දෙකකින් විතර අපේ ගෙදරටම චිත්‍ර ටික එනවා...
එක පාරක් නම් කමක් නෑ.. අපේ මලයා යවපු චිත්‍ර වගේකුත් දවසක් ඉස්කෝලෙ ගිහින් එද්දි ගෙනාවා..
බැලින්නම් මේ ගොන් හැත්ත ඒක යවලා තියෙන්නෙ ඉස්කෝලෙ ලිපිනයට... යවන්නාගෙ ලිපිනය විදිහට දාපු....
Home sickness සඳහා බෙහෙතක් ලෙස දැන් පාවිච්චි කරන්නේ Skype.
ReplyDeleteපොඩ්ඩක් ඉන්න මහත්තයෝ. මම මේ සිතියමේ රට හොනවා. ඊට පස්සේ කොමෙන්ට් එක දාන්නම්...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteතායිලන්ත කාරයෝ ඇස් නලලෙ තියාගෙන ඇඩ්ඩ්‍රස් එක හොයන්ඩ ඇති.
ReplyDeleteඔය වගේ අද්දදැකීම් නං එමට අපේ තැපැල් කන්තෝරුවේ.
සමහරු ගැසට් ඕන උනාම කැසට් එක ඉල්ලන්නෙ ඇවිල්ලා. ඉතිං තව මොනාද?
ඔය වගේ ඒවට අපේ ඇත්තො කියන්නෙ “හදිස්සිය වැඩි වුනහම කොරොස් කටේ අත දාන්නත් බැරිවෙනවා” කියල. මේක ලියුම් යැවීම පිළිබඳ විතරක් තියෙන ගැටළුවක් නොවෙයි. යතුර ඇතුලේ තියෙද්දි දොර ලොක් කරගන්නව වගේ සීන් කාට කාටත් වගේ වෙලා ඇති.
ReplyDeleteTraffic Ano
මුද්දරේ පොටෝ එක දැම්මට ගොඩක් ස්තුතියි.
ReplyDelete(ළඟදි මම දැක්ක වෙබ් පේජ් එකක හාල් පොතක පොටෝ එකකුත්.)
Traffic Ano
හැබැට මන් ගාවත් පරණ මුද්දර ගොඩක් තිබ්බට ශත40 මේ මුද්දරේ හම්බෙලා නැනේ කොහෙන්වත්.මේක ලංකාවේ මුද්දරයක්ද ඇත්තට?
ReplyDelete*වසිලිස්සා*
ඔය රුපියල් ශොක් එක මටත් මේදවස් වලවැදිලතියෙන්නෙ අම්බානක . . . ඇයි බොලේ මාලෙ රුපියා එකක් කියන්නෙ ලංකාවෙ නං රුපියල්ම අටක් නෙව
ReplyDelete@ ඕනයා,
ReplyDeleteදැන් බයිට් එකට කන්නෙ උම්බලකඩද?
@ Gordonia Ceylanica
ReplyDeleteමොකක්ද මේ 150ක් වටින කියන්නේ?
අළුත් යෙදුමක්ද?
@ පන්සල් හන්දිය
ReplyDeleteමේ මුද්දරේ මාත් මේ දැක්කමයි!
හෆොයි . . කලබොලේට වෙලා තියෙන දෙයක් . .
ReplyDelete@ ඉඳුනිල්
ReplyDeleteපෑනේ මිතුරු!
අනේ එහෙමත් ඒවා තිබුණා නේද? මටත් ඉඳලා තියෙනවා මිතුරියක්!
@ සොඳුරු සිත
ReplyDeleteඔයා හරි ගණං කාරියක් නේ?
දැන් මක්කටෙයි මුද්දර එකතු කරන්නේ. මේ ඉමේජ් එක සේව් කර ගන්නකෝ!
@ පොඩි කුමාරිහාමි
ReplyDeleteඅගුණකොලපැලැස්ස තියෙන්නේ මුවන්පැලැස්සේ ඉඳලා හූ දෙකහමාරක දුරින්!
අගුණකොල පැලැස්සට සී ප්ලේන් එහෙම යනවද දන්නේ නෑ.
ReplyDeleteඑහෙම උනොත් ඒකක හරි පටෝලා යවන්න බැරුවයෑ...
@ බූවා ගේ සිතුවිලි.
ReplyDeleteබූවාටත් මාර සිතුවිලි නේ පහල වෙන්නේ!
හීනෙන් පේනවා ඇති මේ වගේ ඒවා නේද?
<3 ;-) =/
@ Weni
ReplyDeleteමගේ යාළුවෙක් කළබලේට කෙල්ලට දාන ලියුම අම්මට දාලා, අම්මට දාන ලියුම කෙල්ලට දාලා!
@ Bindi
ReplyDeleteමේ මුද්දරේ තිබුණු තැන යටින් දාලා තියෙනවා පොඩියට, ෆ්ලිකර් එකේ තිබුනේ.
මං ගූගල් කරලායි හොයා ගත්තේ.
ළමයෝ කියන්නේ 1972 ට පෙර කියන එකයි. මේක 1970 සමගි පෙරමුණ කාලේ ගහපු මුද්දරයක් වෙන්න ඕනෑ. පේන්නේ නැද්ද රතුපාටයි, නිල්පාටයි.
@ හරි
ReplyDeleteඕකට කරන්න ඕනෑ, ලබන්නා ගේ ලිපිනය හරි තැන ලොකු අකුරින් ලිවීම සහ යවන්නා ගේ ලිපිනය හරස් අතට කෙටි අකුරින් ලිවීමයි.
අනික වැරදියට ලියුම බෙදුවා නම් ආපසු තැපැල් කන්තෝරුවට ම දෙන්න.
@ ජය ශ්‍රී
ReplyDeleteස්කයිපී කරන කොටත් දෙන්නාගේ ලොකු සයිස් මුද්දර දෙක පේනවානේ දෙන්නටම.
@ මාතලන්
ReplyDeleteබලන්න මොනරතැන්න හරියේ!
@ රාජ්
ReplyDeleteතෑන්කියු කිව්වා. දාන්නං මේකටත් ලින්ක් එකක්!
මේ කතාව කියවද්දියි මතක් වුනේ ඉස්සර අපිත් වතිකන් එකට යනවා ඉක්මනින් ලියුම් යවා ගන්න.රට ඇතුලේ මේල් නිකම් ගොළු බෙල්ලා වගේ නිසා කොහොම හරි වැඩි ගාණක මුද්දර ගහලා වතිකාන් පෝස්ට් එකෙන්ම යවනවා. ලංකාවට යන අයට ලියුම් දුන්නම නම් ඉතින් සමහර ඒව කවදාවත් ලැබුනේ නෑ. ලැබුනත් මේල් එකේ තිබුන විස්තර ඔක්කොම වටෙ අපිටේ අය දන්නවා.
ReplyDeleteමම කියන්නේ මෙයිට අවුරුදු පහලොවකට විතර එහා කාලේ. ඊට පස්සේ නම් මම ලංකාවට ලියුමක් යවලාම නැද්ද කොහෙද?
@ බුද්ධි
ReplyDeleteපොඩි කාලේ තැපැල් කත්තෝරුවේදී දැක්ක ඒවා කියන්න කෝ ඉතිං!
@ ට්‍රැෆික් ඇනෝ
ReplyDeleteකොහොමින් හරි මේ වැඩේ සිද්ද වුනේ නැත්තං අපිට එක කතන්දරයක් අඩුවෙනවානේ?
අන්න එහෙමයි අපි ධනාත්මකව හිතන්න ඕනෑ!
@ වසිලිස්සා
ReplyDeleteමං හිතන්නේ මේක 1970-1972 අතර කාලේ රෙජිස්ටර් ලියුම්වලට ගහපු එකක් වෙන්න ඇති.
ඒක වෙන්න ඇති දකින්න නොතිබුනේ මුද්දර කලෙක්ෂන් වල
@ ඕනයා
ReplyDeleteඑහෙනං මාලේ කාරයෝ ලංකාවට ඇවිල්ලා සුද්දෝ වගේ වියදම් කරනවා ඇති!
ඔච්චර වැඩි වුනේ ටුවරිසම් නිසාද? උම්බලකඩ නිසාද?
අපොයි.....හික්ස්....
ReplyDelete@ Observer
ReplyDeleteඕනයා එහේ ගිහින් තියෙන්නේ උම්බලකඩ වේලන්න වගේ?
@ දුකා
ReplyDeleteදුකාලටත් මේව වෙලා තියෙනව වගේ?
@ මධුරංග
ReplyDeleteඅන්න රාජ් නං යනවාලු දවස ගානේ අගුණකොලපැලස්සේ, සී ප්ලේන් චාටර් කරලා වෙන්න ඕනි!
ඔය ලංකාවට යන අය අතේ ලියුම් තැපැල් කරන එක නම් අදටත් තියෙනවද කොහෙද, වතාවක් මට මෙහෙ තැපැල් කාර්යාලයේදී හමුවු අපේ රටේ සොයුරියක් "නංගි මේකෙ ශ්‍රී ලංකා කියලා ලියලා දෙන්න " කියලා ලිපියක් දුන්නා. ඒකෙ ලිපිනය ලියා තිබුණෙ සිංහලෙන්. ලිපිය නැතිවෙයිද මඟදි, නෑ මම යවන ලියුම් නොවරදවා ලැබෙනවා , ඇගේ පිළිතුර උනේ ඒක.
ReplyDelete@ Il mondo di una povera pazza
ReplyDeleteමට හිතාගන්න බැරි රෝම්වලම තියෙන වැටිකන් එකේ ඇයි මුද්දර ගාස්තු වැඩි කියලා!
@ නිසූපා
ReplyDeleteමං දැන් තමයි හොඳට දැක්කේ ඔයා ගේ ප්‍රොෆයිල් ෆොටෝ එකෙන්. තාම ඔයා ඔය උපාධි ලෝගුව ගලෝලා නෑ නේද?
@ කතන්දර,
ReplyDeleteවතිකන් කියන්නේ වෙනම ස්ටේට් එකක්. රෝම් වල තිබුනට ඒකේ මැනේජ්මන්ට් වෙනයි.
ලෝකල් පෝස්ට් වල කාලය වැඩියි. ඉන්ටර්නැශනල් මේල් වලට අදටත් මෙහෙම තමයි. ඒ කාලේ මට මතක විදිහට වතිකන් පෝස්ට් දවස් පහ හයකින් ලංකාවට ගියත් ඉටෑලියන් පෝස්ට් මාසයක් වගේ ගියා. දැන් නම් කොහොමද කියන්න දන්නේ නෑ අවුරුදු පහලොවකට මෙහායින් මේල් යවලා නැති නිසා. ඒත් අදටත් වැඩි වෙනසක් නැතිව ඇති.
@ @ Il mondo di una povera pazza
ReplyDeleteඒකම තමයි මාත් ඇහැව්වේ. එයා මේල් එන දුර එකයිනේ. සමහර විට ගෝඩ් ටැක්ස් එකක් වෙන්ණ ඇති?
@කතන්දර, ඔය කියන වතිකන් ස්ටේට් එකේ සුපර් මාකට් එකක් තියෙනවා. වෙනම පාස් එකක් ඕන ඒකට- තියෙන්නෙත් ඔය ෆාදර්ස්ලට හා වැදගත් පවුල් වල අයට. ඒකේ අපේ ආන්ඩුවේ බදු මොකුත් නෑ. කෙලින්ම සියයට විස්සේ ලාහයක්. දෙවියොත් සලකන්නේ දෙවියන්ට හිතවත් අයට විතරයි හැබැයි.
ReplyDeleteSkype සහ ජංගම දුරකථන දෙවි දේවතාවුන්ට පින් සිද්ද වෙන්න අපිට නම් ලංකාවට ලියුම් යවන්න වෙන්නෙම නැති තරම්. හැබැයි මෙහෙ (UK ) ඉඳල ලංකාවට සාමාන්‍ය තැපැල් ගාස්තුවත් පවුමක් විතර. ඒ කියන්නේ Rs 180 ක් විතර. බැරිම case එකක් උනොත් ඇරෙන්න ලියුම් නම් යවන්නේ නැහැ.
ReplyDeleteඅන්න හම්බන්තොට කියල යැව්වනං ඩුං ගාල යයි! :D
ReplyDeleteකතන්දර මොකද අද ප/ලි නැත්තේ?
ReplyDeleteහදිසි කාරයට වහ කන්න හිතෙන්න ඇති....
ReplyDeleteමේ ලෙනින් මුද්දරය මා කුඩා කාලයේ, ඒ කියන්නේ 1971 දී නිකුත් කරපු එකක්. ඒ කාලයේ ලියුමක් අරින්න ශත 10ක මුද්දරත් තැපැල් පතක ශත 5ක මුද්දරත් අලවන්න ඕනේ. මේ මුද්දරය ශත 40ක එකක් නිසා සමහරවිට ලියාපදිංචි ලියුමවලට භාවිතා කරන්න ඇති. ලියාපදිංචි ලියුමකට ඒ කාලයේ කීයක් අය කළාද කියලා නම් මට මතකයකුත් නැහැ, කුඩා නිසා තේරුමකුත් නැහැ. 1976 දී පමණ නම් ලියාපදිංචි ලියුමකට ශත 75 ක් ගත්තා මතකයි. සාමාන්‍ය ලියුමකට ඒ වෙනකොට ශත 15 ක් ගත්තා.
ReplyDeleteමුද්දරේ තියෙන්නෙ සිලෝන් කියල නිසා 1972ට පෙර විය යුතුයි.
ReplyDeleteරතු සහ නිල තියෙන නිසාත්, කොළ පාට නැති නිසාත්, ලෙනින් සමාජවාදියෙක් (වගේ කෙනෙක්) නිසාත්, යූ ඇන් පී ආණ්ඩුවක් නොතිබුනු කාලෙක වෙන්න ඕනැ.
1971 හරි ඇති.
ශත 40ක් වුනේ ඇයි කියල හිතන්න අමාරුයි. ලියුම් වලට ගහනවට අමතරව පාර්සල් වලටත්, ඔප්පු රෙජිස්ටර් කරනව වගේ වැඩ වලටත් වැඩි වටිනාකම් තියෙන මුද්දර පාවිච්චි කරනවනෙ.
@ හරි - පිණිපලස
ReplyDeleteඇය හරි! රට විතරයි ඉංගිරිසියෙන් ලියන්න ඕනෑ, නැත්තං ෆෙන්ච් වලින්.
අනිත් හරිය සිංහලෙන් තිබුණාම ඇති, මොකද කටුනායකින් මෙහා අපේ රාජ්ජේ නේ.
අපේ ආච්චී කෙනෙක් එංගලන්තේ ගිහිල්ලා ලංකාවට ලියුං එව්වේ සිංහලෙන් ලියලායි, යටින් SRI LANKA එක්ක.
හැබැයි SRI LANKA කියලා ලියන්න දන්නේ නැති අය ඉන්නවාය කියන එක නං පුදුමයි!
@ මරුමුස්,
ReplyDelete@ තනි අලියා,
@ කැන්ඩියන්,
@ ප්‍රසන්න,
@ ඇනෝ ලා
ප්‍රතිචාර, පැහැදිලි කිරීම් සහ ප/ලිය මිසින් බව පෙන්නීම ගැන ස්තුතියි.
නැවත හමුවෙමු.
@ All
ReplyDeleteසියළු දෙනාටම.
බොහොම ස්තුතියි, නැවත දිනයක, ඒ කියන්නේ හෙට විතර, හමුවෙමු!