ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Sunday, 23 October 2011
බැඳපු අයට උපදෙස් කීපයක් (බඳින්න හිතං ඉන්න අයටත් හොඳයි!) - Advice for married people (my version)
කාලෙකට ඉස්සර මං පෙම් කිරීමට උපදෙස් මාලාවක් ලියන්න ගත්තා. ඒකේ කොටස් තුනක් ලිව්වා මට මතක විදියට.
1. මං හොඳ වෙන්න බලන කෙනෙක්
2. කොල්ලන්ට පොඩි උපදෙසක්
3. පෙම් කිරීමට උපදෙස්
ඉන් පස්සේ බැඳපු අයට මල් කඩන්න උපදෙස් දෙන ලිපියක් ලිව්වා. ඒක නං නොබැඳපු අයත් කියෙව්වා ද කොහෙද?
අද මේ ලිපිය ලියන්න හේතුව මේකයි. දැන් ඔය විටින් විට ඔය ඊ-මේල්වලින් අපිට එනවානේ විවිධ උපදෙස්? අපේ සමහරු ඉන්නවා උං, තමන් කියවන්නත් කලින් අනිත් අයට ඒක ෆෝවර්ඩ් කරලා ඉවරයි.
මට එන බොහොමයක් ඒ වගේ චේන් ඊ-මේල්වල මං තමයි අවසාන පුරුක.
නමුත් මේ ලඟදී ආපු එකක තිබුණු සමහර කරුණු මගේ හිතට අල්ලලා ගියා. මොකද ඒ සමහර ඒවා අත් දුටුවයි සත්තකයි නිසා.
ඉතිං, ඒ ඊ-මේල් එකේ කොටස් මට ඕනෑ විදියට කපලා කොටලා, වෙනස්කරලා, මගේ අනුවර්තිත සංස්කරණයක් තමයි අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකට දාන්නේ.
මෙන්න බැඳපු උන්ට උපදෙස්. පිරිමි ඇසකින් ලියන්නේ. කාන්තා පක්‍ෂය ඇය වෙනුවට ඔහු යොදා කියවන්න.
1. ඇය ලස්සනයි කියා ඔබට හිතේ නම් ඒ බව ඇයට පවසන්න.
(මම මේක නිතරම කරනවා!)
2. මං ඔයාට ආදරෙයි කියා දවසකට එක් වරක් වත් කියන්න.
(එවිට එවැනිම ප්‍රතිචාර ලැබෙනු ඇත!)
3. උයන්න පිහන්න, අස්-පස් කරන්න උදව් වෙන්න.
(කතන්දරකාරයාට මේ සම්බන්ධයෙන් දියුණු වීමට අවකාශ බොහෝය!)
4. ඇයව වෙනස් කරන්නට යෑමට වඩා ඔබ තවත් හොඳ විමට කාලය වැය කරන්න.
(මං තවත් හොඳ වෙන්නයි නිතරම බලන්නේ කියා ද කියන්න.)
5. උදේ පාන්දර නැගිට, ඇයට තේ කෝප්පයක් සාදා ඇඳ ලඟටම ගෙනත් දෙන්න.
(සතියේ දින පහම කරමි. හැකි සෑම දිනකම රාත්‍රියේ ද තේ සාදා කොම්පීටරය අසලටම ගෙනැවිත් දෙමි!)
6. සමහර දේවල් එකට කරන්න. සමහර දේවල් තනියෙන් කරන්න.
(මේ කියන්නේ බැන්දා වුනත් පෞද්ගලිකත්වයක් තිබිය යුතු බවයි. හැම දේටම ඇඟිලි ගහන්න යන්න එපා! ලියුං, ඊ-මේල් බලන්න යන්න එපා. දෙන්නාට ඊ-මේල් ලිපින දෙකක් තිබිය යුතුයි. අපේ යාළු කපල් එකක් ඉන්නවා දෙන්නාටම එක ඊ-මේල් ලිපිනය, මල වාතයක් ඒක!)
7. රැකියාව, වෟත්තිමය ජීවිතය වැදගත්, නමුත් පවුල තමයි ප්‍රධාන.
(මේ ගැන මං වෙනම කතන්දරයක් ලියන්නම්.)
8. ඇය ගේ ඉගෙනීමේ, රැකියාවේ, විනෝදාංශ, ගෙදරදොර වැඩ, ඉවුම් පිහුම් නිතරම අගය කරන්න, ප්‍රසංශා කරන්න.
(කතන්දර හාමිනේ හදන කෑම නම් ඇත්තටම සුපිරිය!)
9. ඇයව විනෝදෙන් තබන්න. විහිළු කරන්න.
(විහිළු සපයන්න!)
-කතන්දරකාරයා
ප/ලි:
මෙන්න හොඳම එක.
10. රණ්ඩු වෙන කොට නිරුවතින් රණ්ඩු වෙන්න. ටික වෙලාවකින් රණ්ඩුව අවසාන වෙනු ඇත.
(නෝ කමෙන්ට්ස්!)
(image: http://www.hat.net/album/asia/india/10_temples_and_gods/20_ranakpur/detail039.htm)
Labels:
උපදෙස්,
සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා
Subscribe to:
Post Comments (Atom)
හුරේ මම එක.
ReplyDeleteසිරා අදහස් ටික :)
කකා මහත්තයත් අර හුචක්කු මහත්තයා වගේ වෙන්ටද යන්නෙ..!!?? :D
ReplyDelete// මට එන බොහොමයක් ඒ වගේ චේන් ඊ-මේල්වල මං තමයි අවසාන පුරුක. //
ඇයි මමත් එහෙමයි, ඒ විතරක් නෙවෙයි වෙලාව තියෙනවනං අනිත් පැත්තට එවපු එකාට reply එකකුත් දානවා මේ වගේ මගුල් ආයමත් එවන්න එපා කියලා.. :))
මරු අදහස් ටික.. ඔක්කොමත් හරි 10 වන එක තමයි කරන්න අමාරු වෙන්නෙ. ගෙදර තව අය නැත්නම් පුලුවන් වෙයි. නැත්නම් අප්සෙට්...
ReplyDeleteපොතේ හැටියට වැඩ කරනව ට වඩා ,හිතේ හැටියට වැඩ කරොත් මොක ද?
ReplyDeleteචේන් මේල්.. fw හරි fwd හරි subject විදියට තියෙන මේල් ගොඩක් වෙලාවට මම open කරන්නෙවත් නෑ. නිකන්ම කුණුකූඩෙට.
ReplyDeleteඋපදෙස්ටික පොඩ්ඩක් විතර වෙනස් කරලා අපිටත් පාවිච්චියට ගතහැකි වේවි නේද? හික්ස්
අන්තිම එක :-P !
ReplyDeleteඅන්තිම එකද මන්දා හොදම එක :P
ReplyDelete10. රණ්ඩු වෙන කොට නිරුවතින් රණ්ඩු වෙන්න. ටික වෙලාවකින් රණ්ඩුව අවසාන වෙනු ඇත.
ReplyDelete(නෝ කමෙන්ට්ස්!)
නෝ කමෙන්ට්ස් නෙමෙයි කසූ.. "අත් දුටුවයි සත්තයි" කියන්න......
අභිතට වැඩේ තේරුණෘ
Deleteඅන්තිම එක 100% ඇත්ත කතන්දර. අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි
ReplyDelete10 අත් හදා බලන්නට පෙර රණ්ඩු වීමට හේතුව සලකා බලන්න..
ReplyDeleteබිරිඳ -" මන් කිව්වෙ.. ඔහේගෙ ඕක නිසා තමයි මේ ප්‍රශ්න සේරම.."
ඔක්කොමත් හරි අන්තිම එක කරන්න ගියොත් තමයි රන්ඩුව නවත්ත ගන්න බැරිවෙන්නේ !!!
ReplyDeleteඉදිරියේදි ට්‍රයි කරලා බලන්න ඕනේ...!
ReplyDeleteඅන්තිම එක තමයි මරු...
ReplyDeleteවිනාඩී පහෙන් ඔක්කොම ඉවරයි..
වයිෆ්ගෙයි ගර්ල් ෆ්‍රෙන්ඩ් ගෙයි අතර බරෙහි වෙනස 45 Kg
වයිෆ්ගෙයි ගර්ල් ෆ්‍රෙන්ඩ් ගෙයි අතර කාළයෙහි වෙනස 45 mnts
තවත් අගය කළ හැකි දෙයක් තමයි පෞද්ගලිකත්වයක් තියෙන්න ඕන කියන දේ..
වටිනා උපදේස් මලාවක් - විවාහෝපදේශය කියල පොතක් ගහමු .
ReplyDeleteකකා අය්ය 10 වන එක වහාම අස් කරගන්න වෙනවා. මට පේන්නෙ දැන් ඔක්කොම බලන්නෙ රන්ඩු වෙන්න වගේ
ReplyDeleteමේක ගෑණු ඇසකින් ලිව්වනං ඉවරයිනෙ.එහෙම උනානං මංතුමාට තිබුන මේක "එතුමිය"ට පෙන්නන්න.මේ විදියට පෙන්නල අහක යන නයි දාගන්නෙ මොකටද!
ReplyDeleteමෙන්න මගේ කමෙන්ට්ස් (අනිත් ඒවා පිළිගතිමි)
ReplyDelete1. ඇය ලස්සනයි කියා ඔබට හිතේ නම් ඒ බව ඇයට පවසන්න.
(නොහිතුනත් හිතුන වගේ කරන්න!)
4. ඇයව වෙනස් කරන්නට යෑමට වඩා ඔබ තවත් හොඳ විමට කාලය වැය කරන්න.
(වෙනස් නොකරම බැරි තැන් ඇත.)
5. උදේ පාන්දර නැගිට, ඇයට තේ කෝප්පයක් සාදා ඇඳ ලඟටම ගෙනත් දෙන්න.
(පාන්දර නැගිටින්නට නං බැරිය!)
9. ඇයව විනෝදෙන් තබන්න. විහිළු කරන්න.
(එයාට මාව විහිළුවක්ද මන්දා!)
Traffic Ano
@උපදෙස් අංක 6
ReplyDeleteමම කාලෙකට පෙර උනන්දු වෙච්ච ගෑනු ලමයා මට කිව්ව එයාට ඊමේල් එවන්න එපා මොකද ඒකෙ පාස්වර්ඩ් එක එයා බඳින්න ඉන්න එක්කෙනා දන්නව සහ හැම තිස්සෙම චෙක් කරනව, ඒක නිසා එයාගෙ අලුත් යාහූ එකවුන්ට් එකට විතරක් මේල් එවන්න කියල. ඉතින් අපි එහෙමයි පෙම්වතුන් උනේ....ඇය ඇත්තටම හොඳ පෙම්වතියක්.
උපදේශය: පෞද්ගලිකත්වය ශෙයාර් කරගැනීම කියන්නෙ කවුරුවත් කැමති දෙයක් නෙමයි. විශේශයෙන් සම්බන්ධයකදී ඒක කරන්නෙ සැකය නිසා මිසක් ආදරය නිසා නෙමයි. ඔබේ පෙම්වතා/වතී එහෙම ඉල්ලනවනම් එකඟ වෙන්න. අලුතින් යාහූ එකවුන්ට් එකක් ඔබට පටන් ගන්න පහසුවෙන්ම පුලුවන්නෙ!
සැඟවුන උපදේශය: ආදරය ඇත්තේ පෞද්ගලිකත්වය ආරක්ශා වුන තරමටයි
- සනාත
මට නිකන් කවලම් උනා වගේ
Deleteඑතකොට ඇය බැන්දේ අර බඳින්න හිටපු කෙනාද? නැත්තම් ඔයාව ද? නැත්තම් නොබැඳ හිටිය ද?
අන්තිම එක නම් පට්ටය !!
ReplyDeleteඒක තමයි අත්හදා බලන්නම වටින එක.
මම කතන්දරගේ කියවපු හොඳම උපදෙස් මාලාව මේක වෙන්න ඇති. ඇයගේ පැත්තෙන් බලනවාට වඩා නම් මේක බර ඔහුගේ පැත්තෙන් බලන්න. මොනවා උනත් මම කතන්දරගේ පළවෙනි උපදෙස් නවයම එලෙසින්ම පිළිගන්නවා.
ReplyDelete10 වෙනි එක නේද?...:DDD
ඒක ඉතින් දෙන්න කැමතිනම් අනික් අයට වැඩක් නෑනේ.
ප/ලි
රන්ඩු වෙන්න වෙනම තැනක් ගෙදර හදාගන්න වෙයිද?
(Traffic Ano)
ReplyDeleteරාජ් said...
"මේක ගෑණු ඇසකින් ....................දාගන්නෙ මොකටද!"
ඒ කමෙන්ට් එක දැකල ආපු අදහසක් මේක. සමහර මිනිස්සු සහ ගැහැණු චිත්රපටියක් හරි නවකතාවක් හරි (බ්ලොග් එකක් හරි) දැකපුවහම ඒකෙ තියෙන චරිතයක් තමන්ට ආරෝපණය කරගන්නව. දැන් මේ උපදෙස් මාලාව සියයට සීයක්ම හැම හස්බන්ඩ් / වයිෆ් කෙනෙකුටම අනුගමනය කරන්න බෑනෙ. සතියකට වතාවක් ගෙදර එන අය, මාස තුනකට වතාවක් ගෙදර එන අය, නයිටි ෂිෆ්ට් කරන අය යනාදී වශයෙන්. ඒ නිසා මේවා තමන්ට ගලප්පවාගැනීමට තමන්ට හැකි වෙන්න ඕනෑ. කලා නිර්මාණයකින් උපදේශයක් ගන්නව කියන්නෙ චරිතයක් ආරෝපණය කරගන්න එන නෙවි.
අනිත් එක, මේක ගෑණු ඇසකට ට්රාන්ස්ලේට් කරල පෙන්නලා ඔය කියන සත්කාර ටික තමන් බලාපොරොත්තු වෙන හස්බන්ඩ්ල කරන්නෙ බරපතල වැරැද්දක්.
හිතෙන දෙය කියන්නට බැරිය
ReplyDelete@Anonymous said(Traffic Ano)
ReplyDeleteහැමදාමත් වගේ කතන්දර වලට ඇවිල්ල මම දාන්නෙ විහිළු කමෙන්ටුවක්. මෙතනදීත් එහෙමමයි. මම කවදාවත් කිසිම චරිතෙකට ආරෝපනය වෙන කෙනෙක් නෙවේ.
//ඔය කියන සත්කාර ටික තමන් බලාපොරොත්තු වෙන හස්බන්ඩ්ල කරන්නෙ බරපතල වැරැද්දක්// නෑ නෑ මම බ්ලොග් බලබල ලව් කරන්නවත් ජීවත් වෙන්නවත් පුරුදු වෙච්ච කෙනෙක් නෙවේ.මම සීරියස් කියන තැන් වලදී සීරියස් කියනවා එහෙම නැති තැන් වලදී මේවගේ.ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට.
මගේත් හිතේ හොඳම උපදෙස 10 තමයි. හෙට බ්ලොග් පෝස්ට් එකක් මගෙන් නැති වුනොත් හෙතුව මේක අත්හදා බලන නිසයි. මොකද මම් හෙට උදේට නිවාඩු. දුව පාසැල්. හාමිනේත් ගෙදර.
ReplyDelete@වෙද ගෙදර මහ වෙදනා
ReplyDeleteපරිස්සමින්!
සියල්ලන්ටම දැනුම්දීමයි!
තව දින කිහිපයක් යනතුරු වෙදගෙදර පැත්තේ ගියාට ලිපි බලාගත නොහැක!
@වෙද ගෙදර මහ වෙදනා,
ReplyDeleteහාමිනේට මේක කලින් කියන්ට ඕනේ නැද්ද?...:D
10 වෙනි එක වගේ ඒවට කියන්නේ ටොප් ගියර් එකේ රණ්ඩු වෙන්වා කියලා! :D
ReplyDeleteඉතාම ප්‍රයෝජනවත් ලිපියක්. එක්ස්ට්‍රා ස්පැසල් වල හොඳම එක (මට)
ReplyDeleteමේවායින් ගොඩක් දේවල් නම් දැනටම වෙනවා.
9. ඇයව විනෝදෙන් තබන්න. විහිළු කරන්න.
(විහිළු සපයන්න!) මේක ගැන නං කතා කරලා වැඩක් නෑ. උන්දැ හිනාවෙනවා බලන්න මම කොච්චර කැමතිද? ඒ හින්දා මම විහිලු කරනවා.
අගය කිරීම ගැන තමා පොඩි අවුලක් තියන්නෙ. එයා අතින් මං සතුටු දේවල් වෙද්දි මට හිතෙනවා එයා ලැබුනු එක මගේ පුර්ව කුසලයක් කියලා. ඒත් මට එයා අගය කරන්න අමතක වෙනවා. ඒකනං දැං ටිකක් හදාගෙන තියෙන්නෙ.... හැබැයි තව තියෙනවා.
@ වෙද මහතා....
ReplyDeleteමැච් එකට ජයවේවා.....ටෙස් ද එක් දිනදො...
@ කතන්දරේ
මල් පහයි මචො
මාතලංගෙ අදහස නං සිරාම සිරා . . .
ReplyDelete@වෙද ගෙදර මහ වෙදනා:
මට මැවිල පේනව වෙද මහත්තය ගෙදර වලියක් දාගෙන . . . කරේ වලං ගැට්ට පිටිං පාර දිගේ දුවනව
ඔන්න හෙට උදේට මම පේන්න නැති උනොත් කට්ටිය මාව සොය සොය පස්සෙන් එනව හෙම නෙවේ...
ReplyDeleteමධුරංග මලයො යමන් හෙට පොඩි නිවාඩුවක් දාලා .පැපරාසි කැමරාවයි. ඉනිමගකුයි අරන් වර කොහෙන් හරි වෙදනාගේ ගේ පිලිකන්නට යන්ට.අපි දෙන්නට මූණු පොතට දාන්න නියම කවි ටිකක් සමග විඩියෝ එකකුත් දාන්න පුලුවන්..
අනේ වෙදමහත්තයට බොහොම පිං කල්තියා දැනුම් දුන්නට ...
ගේට්ටුව ඇරල තියන්න ඩින්ගිත්තක්. බල්ලො හේම නෑ නෙව?
ගිම්හාණී,
ReplyDeleteහාමිනේ රංඩුවට ආවේ නැත්නම් මොකද කරන්නේ කියලා මම මේ හිතුව විතරයි. දැන් හරි. ගේට්ටුව ඇරලා. දොරත් ලොක් කරලා නැහැ.
අර අන්තිම උපදේසේ නියමයිනේ...
ReplyDeleteමාතලන්ගේ අදහස මරු..
@Gimhani ,
ReplyDeleteගිම්හානී දැක්ක හැටියේ වෙද හාමිනේ, මහ වෙදනා එක්ක කොහොමවෙතත්, ඔයා එක්ක රන්ඩුවට එයි. ඔයාට නම් දැන් යන්ටම වෙනවා. අපටත් හොඳ විඩියෝ එකක් බලන්ට පුලුවන් වෙයි. ඇඳුම් නැති කට්ටියයි, ඇඳුම් ඇඳපු කට්ටියයි ගහගන්න හැටි...:D
අනේ අර දුප්පත් මධුරංග. අලුත් ජොබ් එකක් හම්බ උනා විතරයි...:D
@මහ වෙදනා,
මොකද උනේ කියලා මතක ඇතිව පෝස්ට් එකකුත් දාන්ට...:D
@ ඕනය..
ReplyDelete// @වෙද ගෙදර මහ වෙදනා:
මට මැවිල පේනව වෙද මහත්තය ගෙදර වලියක් දාගෙන . . . කරේ වලං ගැට්ට පිටිං පාර දිගේ දුවනව //
ඒ මදිවට යුරේකා ස්ටයිල් එකේ...!!!
(Traffic Ano)
ReplyDelete@රාජ්.
සිත රිදුනි නම් සමාවෙන්න.
මා කීවේ ඔබට (@Raj) නොවෙයි. ඔබ විහිළු කමෙන්ට් ලියන බව ඇත්ත. ඒත් මට ඒ කමෙන්ට් එක දැක මතකයට නැගුණු දෙයක් ගැනයි ලිව්වෙ. ඔබ එවැන්නකුයැයි මා අදහස් කළේ නෑ.
මේ බ්ලොග් බලන වැඩි දෙනෙක් එය කියවා රස විඳිනවා විනා කමෙන්ට් දාන්නෙ නෑ නේද?.
මගේ කමෙන්ට් එක කෙටි වැඩි නිසාද කොහෙද කියවන අයට ඒක වරදවා වැටහෙනව වගේ.
ඔය ආරෝපණ කතාව මට කිව්වෙ මගේ ඥාති සහෝදරයෙක් එක් මළගෙදරකදි. (එතුමා රිය අනතුරකින් අවාසනාවන්ත ලෙස මිය ගියා) ඔහු කියා සිටියේ මිනිසුන් මළ ගෙදරකදී හඬා වැලපෙන්නේ තමන් ඒ තත්වය ආරෝපණය කරගෙන කියලයි. එ්හත් මා එය පිළිගත්තේ නෑ. පිළිගන්නෙත් නෑ. කාලකන්නි බල්ලො රංචුවක් අපේ ගෙදර හිටපු සුරතල් පූසි මරල දාල ගිහින් තිබුනු වෙලාවෙ මට ඇඬුම් ආවෙ පුසීගෙ ජීවිතේ මට ආරෝපණය වෙලායැ.
ඒ වුනාට මම දැකල තියනව සමහර අය. විශේෂයෙන් කාන්තා පක්ෂය. අර විදිහට වෙනත් චරිතයකට ආරෝපණය වෙනව. එහෙම නැත්නම් තවත් කෙනෙක්ව වෙනත් චරිතයකට ආරෝපනය කරනව.
දැන් මේ කතන්දරගෙ උපදේශ මාලාව මගේ හාමිනේ කියවලා, එයා කතන්දරහාමිනේ ආරෝපණය කරගෙන කතන්දර කාරයා එක්ක මාව සන්සන්දනය කරන්න ගියොත් මල ජූලියයි නේද?
නියම පොස්ට් එකක් කතන්දර .ගොඩාක් වටිනා කතා ටිකක් තියෙන්නේ.
ReplyDelete*වසිලිස්සා*
අපේ ගෙදර ඇත්තො මොනවා නැතත් විහිලු නම් සපයනව මදියි නොකියන්න....
ReplyDeleteඉස්සිසෙල්ලා අද තමයි මේ පැත්තෙ ආවෙ.... බැලුවහම ගොඩක් දේවල් තියෙනවනෙ කියවන්න...
පංකාදු උප්දෙස් ටික. 10 නම් අවසාන වෙන්නේ වෙන විධියේ රංඩුවකින්!
ReplyDelete@ ඕනය..
// @වෙද ගෙදර මහ වෙදනා:
මට මැවිල පේනව වෙද මහත්තය ගෙදර වලියක් දාගෙන . . . කරේ වලං ගැට්ට පිටිං පාර දිගේ දුවනව //
ඊට පිටිපස්සෙන් 'ගිම්හානි යි එයාගේ පැපරාසියයි' ඉනිමග කරේ තියාන දුවනවා. ඒ පස්සෙන් වෙද හාමිනේ පන්නනවා....etc etc..
//ගිම්හාණී,
ReplyDeleteහාමිනේ රංඩුවට ආවේ නැත්නම් මොකද කරන්නේ කියලා මම මේ හිතුව විතරයි. දැන් හරි. ගේට්ටුව ඇරලා. දොරත් ලොක් කරලා නැහැ.//
හික් හික් . . වෙදමහත්තය තමයි දවසකටවත් "වෙදා"
@ ඕනයා,
ReplyDeleteඒ කියන්නෙ ගිම්හානිත් ඇඳුම් නැතුවද වෙද ගෙදර යන්න ඕනෙ?
P.S.
අනේ මන්ද බොලා අනුන්ගෙ බ්ලොග් වල කුණුහරප කියනව, අපි වගේ අහිංසකයො "අන්තිම පේලිය" ට චුටි කතාවක් එව්වම පබ්ලිස් කොරන්න බෑ කියනවා... දෙපිට කාට්ටුවො....
අම්මෝ... මං කියවපු හොඳම හාස්‍යජනක කොමෙන්ට් තියන ලිපියද මන්ද...
ReplyDelete@ Kandiyan
[ // @වෙද ගෙදර මහ වෙදනා:
මට මැවිල පේනව වෙද මහත්තය ගෙදර වලියක් දාගෙන . . . කරේ වලං ගැට්ට පිටිං පාර දිගේ දුවනව //
ඊට පිටිපස්සෙන් 'ගිම්හානි යි එයාගේ පැපරාසියයි' ඉනිමග කරේ තියාන දුවනවා. ඒ පස්සෙන් වෙද හාමිනේ පන්නනවා....etc etc.. ]
මට දැන් ෆුල් සීන් එකම මවාගත්ත හැකි..
හික් හික් මටත් සිදුවීම් පෙළ හිතේ මැවුනා...අෆ්ෆො මම් නම් බැන්දට පස්සෙ රන්ඩුවෙන්න නම් යන්නෙ නෑ. :))
ReplyDeleteබඳින්න අකමැති උනත් මේ උපදෙස් වලට එකඟය! :)
ReplyDelete2500 ta baduwak gahala nidaganin badin nathuwa
ReplyDeleteආ......ශයි... ඒත් බයයි....... :Q සියල්ල අත හැර 10ට පණිමි...
ReplyDeleteෂෝක් උපදෙස් ටික .....
ReplyDeleteඅන්තිම අදහස නම් සුපිරි .. දැන්මම බැඳලා වලියක් දාගන්න හිතයි ..
ReplyDeleteකතන්දරගේ පෙම් කිරීමට දුන් උපදෙස් නිසා මම ගොඩ ගියා ඉතින් මට නම් කතන්දරගේ පිහිටයි ..
10 නම් පට්ටය !
ReplyDeleteඒක තමයි අත්හදා බලන්නම වටින එකය.
ඒත් පොඩි කොස්සක් ඇත්තේය... තවම තනිකඩ චූටි කොල්ලෙක්ය.
නියම උපදෙස් මාලාව කකා . . .
ReplyDeleteමලපැනල ඉන්න වෙලාවකට ඔය 10 විදියට කරන්න ගිහින්! මොකකින් හරි දමල ඇරියොත් සෙට්එකටවත්! එදාට තමා කෙලවෙන්නේ....
ReplyDelete@ All
ReplyDeleteසියළු දෙනාටම ස්තුතියි.
නැවතත් කියනවානං ඔය ලයිස්තුව මං නිෂ්පාදනය කරපු එකත් නෙමේ, මට ආපු ලයිස්තුවකින් මට ඕනෑ පරිදි වෙනස් කරලා හදාගත්තු එකක්.
මෙන්න ඔරිජිනල් ලිපිය. අමාරුවෙන් හොයා ගත්තා. ඒක වෙබ් පිටුවකින් ගත්තු එකක්.
http://www.smh.com.au/lifestyle/life/45-steps-to-a-happy-marriage-20110708-1h68q.html#ixzz1RVFuZfsT
@ගිම්හානි :
ReplyDeleteගිම්හානි අක්කා කියනවනම් අපායට උනත් යමු !!! කැමරාවකුත් හොයා ගන්න තියෙන්නේ !!!
තවම බැදල නැති උනත් ඔය උපදෙස් ටිකනම් සහතික ඇත්තය... 10 නම් ඉතින් බැදලම තමයි ට්‍රයි කරන්න වෙන්නෙ...
ReplyDeleteවෙද මහත්තය සන්ඩු කලාද හාමිනේ එක්ක ??
10 අත්හදා බලන්නනම් පුලුවන් ඒත් පොලිසියේන අල්ලයිද කියලා බයයි
ReplyDeleteහික් හික්...
ReplyDeleteමරු උපදෙස් ටික, මොනවා උනත් කාට කාටත් අත්හදා බලන්න වැඩි කැමැත්තක් ඇති වෙලා තියෙන්නේ අංක 10 නේද
නරකම නැහැ වගේ... බලමු බලමු
ඒත් ඉතින් රණ්ඩු වෙන එකනම් හරි කරදර වැඩක් තමයි
නෝ කමෙන්ට්ස් කියපූ දහවෙනි එක නම් හරිම අපූරුයි.... හි හික්ස්
ReplyDeleteනිරැවතින් රන්ඩු කිරිමට නොහැක. කෙල්ල දකිනවාය. අපිට කොහෙද කාමර හත අටක් .අපිට එකනේ තියෙන්නේ
ReplyDeleteawasaana upadeeshayata man kamathie!
ReplyDeleteඑල නිරැවතින් රන්ඩු වෙලා බලන්න ඕන එහෙනම් .. :P
ReplyDelete