Friday 28 May 2010

කතන්දරකාරයා කතන්දර හාමිනේ ට ලියූ නාඩගම් ගීතය


මේ සටහන පලවෙන්නේ කතන්දරකාරයා සහ හාමිනේ ගේ අද (මැයි 28) දිනට යෙදෙන විවාහ සංවත්සරය නිමිත්තෙනි.

කතන්දරකාරයා කවිවලටත් කැමති බව මේ බ්ලොග් එක මුල ඉඳලා කියවන අය නං දන්නවානේ.

අද මෙන්න බලාගන්න, කතන්දරකාරයා පෙම්බර සිතින් යුතුව කතන්දර හාමිනේ වෙනුවෙන් ලියූ නාඩගම් ගීතය.

======================
විඩා නිවා මා හද සනසන්නී
සිතට සෙමෙර රන් පවන් සලන්නී
සදාතනික සෙනෙහස ගෙන එන්නී
මා පෙම්බර දේවී
මා පෙම්බර දේවී

විසිර දුවන සිත රන්දා
හසරැලි මල් මුව බන්දා
සඳ සිසිලස මුදු පහස දෙවන්නී
මා පෙම්බර දේවී
මා පෙම්බර දේවී

ගිම්හානය නෙත දවනා
සන්තාපය හද පෙලනා
සිඳ අමරස සුව සිසිල සදන්නී
මා පෙම්බර දේවී
මා පෙම්බර දේවී
======================

හොඳයි නේද?

කවද හරි ඕක සින්දුවක් විදියටත් කියන්නයි ඉන්නේ. තනුව සහ සංගීත රචනය - ෂෙල්ටන් ප්‍රේමරත්න මාස්ටර්.

මාස්ටර් ගෙ තනුව අනුව එයා ඕක මෙන්න මේ විදියට වෙනස් කලා.

======================
විඩා නිවා මා හද සනසන්නී
සිතට සෙමෙර රන් පවන් සලන්නී
සදාතනික සෙනෙහස රිවි කිරණ ගෙනෙන්නී
මා පෙම්බර දේවී
මා පෙම්බර දේවී

විසිර දුවන සිත රන්දා රන්දා
හසරැලි මල් මුව බන්දා බන්දා
සඳේ සිසිල මුදු පහසින් දොවනා
මා පෙම්බර දේවී
මා පෙම්බර දේවී

ගිම්හානය නෙත දවනා දවනා
සන්තාපය හද පෙලනා පෙලනා
නැතේ මෙදින ඔබ සිටිනා හන්දා
මා පෙම්බර දේවී
මා පෙම්බර දේවී
======================

තවත් හොඳයි නේද?


-කතන්දරකාරයා

37 comments:

  1. කවිය නම් මරේ මරු..සින්දුව තවත් මරු... අපේ කතන්දර හරි ආදරණීය ස්වාමිපුරුශයෙක්නෙ (අද කී දෙනාටද විවාහ සංවත්සරය මතක තියෙන්නේ

    කතන්දරගෙ සංවත්සරයට මගේ සුබ පැතුම්!!

    ReplyDelete
  2. කීවෙනි හනිමූන් එකද....?
    ඇත්ත කියහo ගොයියෝ... හාමිනේ උඹට නෙලුවා නේද...?
    අනිත් ගෑනූ ගැන ලියන්නෙ... තෝ ම ගැන ලියන්නෙම නෑ නේද කියල.....
    මම දැනගත්ත චූටී ටීචර් ගැන හැම තිස්සෙම පෝස්ට් දාන කොට....

    කය්ය නම් මරු.... අද තොත්තු වරුසාවක්ම ලැබේවා....!!!! හොහ්... හොහ්....

    ReplyDelete
  3. @මාතලන්..
    අපොයි උඹ අපේ කාකා ව කෑවා..
    යන්තම් වැඩෙ ගොඩ දාගත්තා විතරයි..
    දැන් ඉතින් රෝසපාට තුවා පොට්ටනියක් දීලිවත් ෂේප් වෙනවා බොරු..

    @කතන්දර...

    ඔහොම යමන් අයියා..
    ඔය කරගහගෙන ගියා වගේ තව ගොඩාක් දුර බැරිබර කරේ තියන් යන්න ශක්තිය, ධෛර්ය, වාසනාව සහ..
    ඇන්ලීන් පිට කොන්දක් ලැඛෙවා..

    ReplyDelete
  4. ඔන්න මගෙනුත් සුබ පැතුම් !

    සංසාර චාරිකාවක යනෙනා
    පෙම්බර දේවිය සමගිනා
    සැනසෙනු රිසිසේ සතුටිනා
    සියක් ආයූත් ගෙන සොඳිනා.....

    ReplyDelete
  5. අපේ පෝරමයට ලියන්න කියල අපි ඔබට ආරාධනා කරන්ව
    අපි www.sriwow.info

    ReplyDelete
  6. ඔහොම කවි ලියනවා නම් මොනවා කරන්න බැරිද? (කවියක්වත් ලියලා හාමිනේව ෂේප් එකේ තියාගත්නෙ නැත්නම් බ්ලොග් ලියල හමාරයිනෙ, නේද?)

    ReplyDelete
  7. කතන්දරකාරයාගේත් හාමිනේගේත් විවාහ සංවත්සරයට අපේ සුභ පැතුම්.

    ඒක නෙමෙයි මේ කීවෙනි සංවත්සරයද ?

    ඒ වගේම කතන්දර හාමිනේගේ රස කතා මොකවත් නැද්ද ? හාමිනේගෙන් අහලා එයාගේ කතන්දර ටිකකුත් දැම්මා නම් එයත් සතුටු වෙයි මේ විවාහ සංවත්සරයේ දවස්වල. අම්මපා :)

    ReplyDelete
  8. එල එල.. කයිය නම් එල...


    හසිත කොල්ලො...රිදී ජුබිලිය වෙන්ටැ......

    ReplyDelete
  9. අපෙනුත් ඔන්න දෙන්නගෙ විවාහ සංවස්තරයට සුබපැතුම්.....

    ReplyDelete
  10. ලස්සන පදවැලක්..!
    විවාහ සංවත්සරයටත් උණුසුම් සුබ පැතුම්!

    ReplyDelete
  11. කවිය(නාඩගම් ගීතය.) දෙවන ගීතයට වඩා අගෙයි.......
    සංවත්සරයට උණුසුම් සුබ පැතුම්... (දැනුයි ලිපෙන් බෑවේ.. පිච්චෙයි )

    ReplyDelete
  12. හා පැටික්කිගෙනුත් උණුසුම් සුභ පැතුම් අයියා........!!!!

    අර හසිත අයිය කිව්වත් වගේ කතන්දර හාමිනේගේ කතාවකුත් දැම්ම නම් තමා තව හැඩ........

    ReplyDelete
  13. ආදරය සතුට පිරි නිරෝගී දිවියකට මගෙන් සුබ පැතුම්!

    ReplyDelete
  14. සංවත්සරයට සුබ පැතුම්!!

    [ කෝ කේක් ? ]

    ReplyDelete
  15. ම්ම්ම්... කසාදයක් ‍රැක ගන්නවා කියන එක ලේසි නෑ නේ...? නොබැන්ද අය කෙසේ කීවත්, හෘදයංගම විවාහයක් හරියට කාලයත් එක්ක පදම් වන දිස්නය වැඩිවෙන ලී බඩුවක් වාගේ... එකිනෙකා නොරවටන... ලෝකාපවාදය හෝ දරුවන් නිසා වෙන් නොවී ඉන්න මූනිච්චාවට පවත්වාගෙන නොයන.... හැබෑම ආදරයක්... දෙන්න කොයි ලෝකයේ හිටියත් විශ්වාසය ‍රැකෙන... එකිනෙකා ගැන තැවෙන වෙහෙසෙන....
    මගේ හෘදයංගම සුබපැතුම්...

    ReplyDelete
  16. සුභ පැතුම් අයියේ....!!! චිරාත් කාලයක් අයියටයි අක්කටයි ගොඩාක් සතුටින් සමාදානයෙන් ඉන්න ලැබේවා කියලත් හදවතින්ම ප්‍රාර්ළුනා කරනවා.....!!!

    ReplyDelete
  17. My Congratulations .........

    ReplyDelete
  18. කතන්දරසූරීන්ට
    ඕන් කසූගේ හාමිනේගේ කතා කීපයක් දාන්න කියලා කට්ටියගේ ඉල්ලීම් වැඩියි.
    සුවහසක් රසික ජන මනෝරංජනය අරබයා කසූ හාමිනේගේ කතාවකුත් ඉක්මනට දාන්න වෙනවා ඕන්

    ReplyDelete
  19. ඔන්න මමත් සුබ පතන්න එකතු වෙනවා. මගේ හෘදයංගම සුබපැතුම් පිළිගන්වන ගමන්ම පුරාවිද්‍යාඥයෙකුගේ කල්පනාවලින් ඉදිරි ජීවිතය ගත කරන්න ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.

    -ජය

    ReplyDelete
  20. බ්ලොග් ලියනා හැටි බලලා
    වෙන වැඩ නැද්දැයි අහලා
    ඉලපත ගෙන අතුගාපන් කියන්නී
    මා පෙම්බර දේවී
    මා පෙම්බර දේවී

    ReplyDelete
  21. මගෙනුත් සුභ පැතුම්..

    ReplyDelete
  22. හ්ම්ම් හාමිනේගේ කතාවක අඩුව දැනෙනවා. මම හිතන්නෙ ඉදිරි කාලයේදී දැනගන්න ලැබේවි. මගෙනුත් සුභ පැතුම් දෙන්නටම. ඇත්තටම කීවෙනි සංවත්සරේද මේ ?

    ReplyDelete
  23. බුදු අම්මෝ සුභ පැතුම් සූ ගාල!

    හැමෝටම ස්තුතියි.

    කතන්දරකාරයා ගේ හැම කතන්දරයකටම හාමිනේත් ඉන්නවා.

    එතුමියගෙන් අවසර නැත්තං මේ කතන්දර ලියන්න වෙලාව හොයා ගන්නෙ කොහොමද?

    දරු දෙන්නෙක් එක්ක කුටුම්භයත් රැකගෙන, දවසට පැය අටක් වැඩ කරල, පැය තුන හමාරක් යන්න එන්න ගත කරන මට දවසට එක ගානේ කතා දාන්න කාලය තිබීම හාස්කමක් වගේ එකක්.

    හැමෝටම මගේ ස්තුතිය.

    එක් එක්කෙනාට වෙන වෙනම ලියන්න නං කාලය හොය ගන්න අමාරුයි.
    කඳුළු කතා ලියන්ත් තියෙනව.

    දැන් ඒ මදිවට හාමිනේ ගේ කතන්දර ලියන්නත් එපායැ?

    කකා

    ReplyDelete
  24. එළ එළ කතන්දර අයියා........
    ඔන්න ජේ.ඩී කොලුවගෙනුත් සුභ පැතුම ඈ.....
    දෙන්නටම නිදුක් නිරෝගී සුව සමගින් සුභ අනාගතයක් පතමි...........
    කතන්දර හාමිනේට වැඩි වැඩියෙන් පිං ලැබේවා කතන්දර අයියට බ්ලොග්වැට පනින්ට දෙනවට :D

    ReplyDelete
  25. ඇත්තටම ඔබ කරන දේ හාස්කමක් තමයි. ඒක දන්නෙ ඒක රඟ දන්න අයයි. දිගටම ලියන්න ශක්තිය හා සහයෝගය ලැබේවා කියල පතනව. සුබ පැතුම්..! සංවත්සරයට...ජීවිතයෙ ඉදිරි ගමනට...

    ReplyDelete
  26. දුක් විදල විදල මමත් ඔන්න පටන් ගත්ත පුන්චි blog එකක්. http://tikakhinawenna.blogspot.com/

    ReplyDelete
  27. ජය වේවා................. චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා.............

    ReplyDelete
  28. මගේ සුභ පැතුම් ! ඔහොම යං ! ඔහොම යං !

    ReplyDelete
  29. අ හා......!!

    මගෙ සුබපතුම්.!!
    මගෙ ස්න්වත්සරයත් මෙ මසෙ... පලවෙනි එක...
    කතන්දරට සුබපතුම්........!!
    සැමදාම සතුට සමය ‍රැකෙවා.....!!

    කතන්දර හාමිනෙව හමූඋන හැටි කියන්න කො...

    ReplyDelete
  30. සිංහලෙන්ම ලියන්නම් ඉතින්....
    කන්ග්‍රැජුලේෂන්ස්.... දෙන්නටම.

    නාඩගම් සිංදු ඉතින් රඟපාල කියන්න එපැයි... ලස්සණට තියෙන්න ඇතිය හිතුනා.

    ReplyDelete
  31. කතන්දර විවාහ සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්‍ෂක සහ මහ කලමනාකරු, සුභ පැතුම් එවූ සියළු දෙනාටම සැපවත් යුග දිවියක් ලැබේවා යයි ප්‍රාර්ථනය කරති.

    ජයෙන් ජය වේවා!

    ReplyDelete
  32. lassanai kathandare. adai dekke. thuthi bedaa gaththata. thawath digu kaalayak ohomama aadaren innath [ae kiwwe ara kurulu joduwa wage],hema avuruddakama ooka welaawata mathak wennath kiyaa pathannam. Hitha pathulenma suba pethum!

    Manel

    ReplyDelete
  33. kathandara me ki veni ani-ya da? mokada man bandeth oya davasemayi.

    ReplyDelete
  34. ආව් ආව් ෂෝයි අය්යේ.. සුබ පැතුම් මගෙනුත්.. දැක්කෙනම් ගොඩක්ම ප්‍රමාද වෙලා ඉතිං කමක් නෑනෙ.. :)

    ReplyDelete
  35. මොකද කතන්දර මේ පරණ එකක් රිපීට් කරලා...ලියන්න වෙලාවක් නැති තරමට සංවත්සරේ සමරලා වගේ....මමත් කොමෙන්ට් නොදැම්මට මුල ඉඳන්ම කතන්දර කියවන කෙනෙක්..මතක විදියට කතන්දර නිසා තමයි බ්ලොග් කියවන්න පුරුදු වුනෙත්..

    ReplyDelete
  36. @ Luckey
    පරණ වෙන්නේ කොහොමද හාමිනේට තියෙන ලව් එක එන්න එන්නම අළුත් වෙනවා.

    අනික වෙඩින් ඇනිවසරිය කියන එක හැම අවුරුද්දේම එනවානේ!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.