Thursday 27 May 2010

මං හොඳ වෙන්න උත්සාහ කරන කෙනෙක්


අද කතන්දරේ පටන් ගන්නේ අග ඉඳලා මුලට කියන්නයි.

එක්තරා වෙලාවක මගේ කටින් අවංකවම පිටවුනු - මං හොඳ වෙන්න උත්සාහ කරන කෙනෙක් - කියන ප්‍රකාශය මගේ ජීවිතයේ වැදගත් වෙනසක් සිදු කළා.

ඒ ගැන විස්තර කියන්න කලින්, අහල තියෙනවද බලන්න මෙන්න මේ කතාව?

ඔන්න හොඳ අඹ යාළුවෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ඉතාමත් හොඳ ධාර්මික ජීවිතයක් ගත කලේ. සුරා සූදු නෑ. අඩි පුඩි නෑ. අවලං වැඩ නෑ. නිකං බෝ පැලයක් වගේ කෙනෙක්.

ඒකටත් එක්ක අනිත් එකා හරිම පව්කාරයා. පොතේ තියෙන සේරම නරක වැඩ ටික කළා. දුම දාගෙන, බෝතලේ ඇරගෙන, බ්ලූ බල බල, .., .., .., යනාදී වශයෙන්.

ඔන්න ඉස්සෙල්ලාම ධර්මිෂ්ඨ පොර මළා. ටික දවසකින් අනත් එකාත් අවසන් ගමන් ගියා.

පව්කාරයා ගියේ දිව්‍යලෝකෙයි. ධර්මිෂ්ඨයා අපායටයි.

මේ කතන්දරේ හැටියට, මේකට හේතුව තමයි පව්කාරයා නරක වුනත් ආශ්‍රය කලේ හොඳ මිනිහෙක්ව. ධර්මිෂ්ඨයා හොඳ එකා වුනාට, ආශ්‍රය කලේ පව්කාරයෙක්.

මෙහෙමයි. අපි කවුරුත් පරිපූර්ණ මිනිස්සු නෙමේනේ. මාර්ග ඵල ලබල නෑනේ. කා අතිනුත් වැරදි වෙනවා. නමුත් වැදගත් දේ තමයි, ඒ වැරදි ඉදිරියට නොවෙන්න කටයුතු කරන එක.

මං මුලින් කිව්ව වගේ එක දවසක, සාමාන්‍ය කතා බහක යෙදිල ඉන්න අතරේ, මං කිව්වා මෙන්න මෙහෙම.

මං නං කියාගන්නෙ නෑ, මං හොඳම හොඳ කෙනෙක් කියලා. ඒත් මං හොඳ වෙන්න අවංකවම උත්සාහ කරන කෙනෙක් කියල නං කියන්න පුළුවන්.

ඉතිං ඔය කතාවෙන් සති කීපයකට පස්සේ, මා අතින් කලින් දවසක සිදුවුණු වැරදි වැඩක් එළිදරව් වුනා.

මං බොරු හදල නිදහසට කරුණු කියා පාන්න ගියේ නෑ.

හැබැයි මට මතක් වුණා, මං සති කීපයකට කලින් කියපු අර කතාව. මං ඒ කතාව මතක් කළා.

දන්නවද වුණු දේ.

මට සමාව ලැබුණා.

පව්කාරයා දිව්‍යලෝකෙ ගියා වගෙයි නේද?

මේ වෙසක් පෝය දවසේ සැමට ශාන්තියද, ලොවට සාමයද පතමි.

කතන්දරකාරයා
p/s:
මෙන්න මං එකම ලින්ක් එකක්වත් නැති පෝස්ට් එකක් දැම්මෝ!

26 comments:

  1. ලින්ක් නැති එක ගැන මාත් පුදුමයි.මම ඒත් බැලුව මම වැරදි බ්ලොග් එකේද කියලා!!! :)

    ඔබටත් සුභ වෙසක් දිනක් පතනවා.කකා තව තවත් හොඳ පුද්ගලයෙක් බවට පත් වේවා!!!!

    ReplyDelete
  2. මෙන්න මං එකම ලින්ක් එකක්වත් නැති පෝස්ට් එකක් දැම්මෝ!

    hi hi . . . link nati katandara mokada mokadda wage . . monaa unath ela katandar . .

    ReplyDelete
  3. ෂික් මාත් අපායට තමයි ........

    [ කතන්දර කාරයාගේ කතන්දර කියවීමේ වරද ]

    ReplyDelete
  4. අද වෙසක් නිසාද මෙහෙම කථාවක් දැම්මෙ. හො‍ඳයි හො‍ඳයි කියවල අපටත් නවන් දකින්න ලැබෙයිනෙ. අනේ සාධු...

    ReplyDelete
  5. මට නවුරැ හරි කියනවද ඳ ලියන ක්‍රමයක් මම මේක වෙන තැනකින් copy & paste කරල ගත්තෙ සිංහල Keyboard එකේ alt-gr-o කියල තියනවා ඒත් වැඩ කරේ නෑ

    ReplyDelete
  6. කතන්දර මේ ඔයාද?
    මාත් හොඳ වෙන්න ඈත්තටම උත්සාහ කරන කෙනෙක් තමයි....ඒත් අර කීව වගේ ම​ම ආශ්‍රය කරන ගොඩක් අය නරකයි කියල සම්මත අය.....
    මේ වෙසක් පෝය දවසේ සැමට ශාන්තියද, ලොවට සාමයද පතමි.ඒක හොඳයි.......
    පැතුම් ඉටු වේවා
    ලොවට සෙත සෑදේවා
    කතන්දර ලියනා
    ඔබට සැමදා දිරි ලැබේවා......

    ReplyDelete
  7. එහෙනම් කට්ටියම අපායෙදී මුණ ගැහෙමු... එහෙදිත් කතන්දරයක් තාරිය ලියන්න බැරිය නේද???

    ReplyDelete
  8. mokakda ane oyage kathandare kiyala nehe ne..

    tharaha wenna epa me mage computer eken nemei post danne...

    game yaaluwekge gedarain.... u ahanawa mata pissuda kiyala... e unata mage guru ge blog eka balanne nethuwa kohomei...

    mahattayo arakku sigarat bona eka vedihiti film balana eka paw kaara wedakda....?

    ReplyDelete
  9. @මාතලන්,
    දැක්කේ නැද්ද නොලියපු ටික?

    ".., .., .., යනාදී වශයෙන්"

    අමාරුවෙන් වුනත් කතන්දර බලන්න ආපු එකට ගැන සන්තෝශයි.

    මගේ කතාව හැංගිලා තියෙනවා. අර ගුරු ගෝල තරඟේ වගේ.

    ReplyDelete
  10. @ වැප්
    වත් කිව්වා වගේ අපායේදී හමුවෙමු.

    @ වත්, ජංජාල චාමර, දුකා
    මේලේ ලින්ක් නැති වුනාට, මේකට දාන්නං නහුතයක් ලින්ක්ස්.

    @ ප්‍රියන්ත, ඒ.බී.
    මං කපුටා ගෙන් ටයිප් ගහලා කන්වර්ට් කරන්නේ.

    ReplyDelete
  11. කකෝ, මේකෙ ලිංක් තියනවා ඇයි නැත්තේ ! එකක් අපායට අනික දිව්‍යයලෝකයට !

    ReplyDelete
  12. @ගාමිණී
    මරු කතාව ඒකනං, අම්මපා!

    ReplyDelete
  13. කතන්දර..ඔන්න ඔබතුමාට දිව්ය ලෝකෙ ගමනට පොඩි තල්ලුවක්. මට විවරන දීපු, මාව උනන්දු කරපු, මගේ කතා වලට ඉඩ දීපු පින.
    අද මේ වෙසක් දවසෙ, මමත් ඔන්න ඔහේ පටන් ගත්ත බ්ලොගග් ලියන්න. මේ කතාවෙන ඒව ඇහුවම මට මතක් වෙන කතන්දර හැමදාම කතන්දරටම ලිව්වොත් මාව මාර ඇනයක් වෙයි කියල හිතල, බලන එකෙක් බලපුවාවෙ, සුප්ප ටිකක් ගෙරෙව්වත් මොකෑ කියල අද අත ගැහුව වැඩේට. තාම ප්‍රාථමික තත්වෙ තීන්නෙ. තව තාක්ෂනික අඩුපාඩු ගොඩක් තීනව හදාගන්න ( ලී යි සිමෙන්තියි එක්ක හප්පෙන් අපිට මොන කොම්පියුටර්ද ) ඇවිත් බලල අඩු පාඩු හදාගන්න පුලුවන් උපදෙසක් දෙන්න.

    ReplyDelete
  14. හපෝයි කතන්දර බ්ලොග් එක hack කරලද කොහෙද, අද link නැති කතාවක් දාලා... හික්ස්

    ReplyDelete
  15. කතන්දර blue film බලන එක 3 වෙනි සිල් පදය කැඩීමක් වෙන්න බැහැ නේද? 3 වෙනි සිල් පදයෙන් කියන්නෙ "කාමයේ වරදවා හැසිරීමෙන් වැලකෙමි" කියල නේ. හැසිරෙන්නෙ නැහැ නෙ බලද්දි. එහෙනම් තදට කොටට ඇඳල යන ගෑනු ළමයි දිහා ආපහු හැරිල බැලුවත් 3 වෙනි සිල් පදය කැඩෙනවා නේද? මන් හිතන්නෙ මාරයා හෝ තරිඳු මෙක ගැන පැහැදිලි කිරීමක් කළොත් හොඳයි. ඊයෙ මගෙ යාලුවෙක් මුහුණු පොතේ දාලා තිබ්බා It considered as cheating if you watch a blue film in 3D " කියලාත්. ඒකත් හිතන්න වටින කතාවක්.

    ReplyDelete
  16. සිරා කතාව. මාත් එහෙමනම් මේ වෙසක් සතියේ ඉදන් හොඳ වෙන්න උත්සහ කරනවා. වැරැද්දක් උණත් ගැටළුවක් නැහැනේ. මොකද හොඳ වෙන්න යන අය අතින් වැරදි වෙන්න පුළුවන්නේ.

    @ priyantha.ඒබී
    Real time Unicode Converter එකෙන් ඳ ගන්න නම් nndha type කලා නම් හරි

    ReplyDelete
  17. හපෝ පට්ටපල් ඇත්ත දෙසා බාන හැටි මේ පෝය දවසෙ :D

    හොඳ ධර්මිෂ්ඨ කෙනෙක් ආශ්‍රය කරපු හින්දා හොඳයි.
    නැත්තන් මෙලහට හම්බ වෙලා තියෙයි සමාව නෙවෙයි, දන්නවනෙ

    ReplyDelete
  18. වැප් කිවුවා හරි අපිත් අපායට තමයි..

    ReplyDelete
  19. ජේ.ඩී කොලුවත් ඉතින් ඌගෙ ෆ්ලයිට් එක ලැස්ති කොරල තියෙන්නෙ අපාය දෙසට දක්කන්න තමා.
    කොහෙද ඉතින් මේ කකා අයිය ඒකට ඉඩදෙන එකක් යෑ....... කමක් නෑ එහෙනම් මම දිවිය ලෝකෙ පැත්තට එහෙනම් සුක්කනම කැරකෙව්ව එහෙනම් ඕන් ඈ.......... :D

    ReplyDelete
  20. බොහොම කල්පනා කරලා හිතා ගත්තා පුළුපුළුවන් හැම වෙලාවෙම ඇවිත් මෙතන මොනවම හරි කොටලා යන්න.

    මං වගේ උන් සෑහෙන දෙනෙක් එහෙම කෙරුවොත් මේ කකා දිව්‍යලෝකෙ යයි.

    ගිහින් එහෙ ඉන්න උන්ට මේ කතා කිව්වොත් මොකක් හරි වෙනසක් වෙයි හිතුණා.

    ReplyDelete
  21. ඳ ලියන්න උදව් කළ හැමට පින් (වෙසක් සතියනේ. තෙරණක් ගහල දන්සලන් දුන්නා වගේ තමා)

    ReplyDelete
  22. අඩේ අපිත් එහෙනම් නරක් වෙලා අපායෙ යනවා..අපායෙ ලොදිය හැලියෙ සිවිම් කරනවා වෙරි නයිස් මෙයා..හොක් හොක් හොක්..! එළ එළ :-D

    ReplyDelete
  23. යමපල්ලො කසු එනකං බලං ඉන්නවා කතන්දර අහගන්න. අපායට ගියත් මෙයාට නං සුර සැප තමයි.

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. යසේල අයියේ කතාව නම් මරේ මරු කියලා වැඩක් නැහැ උපරිමයි :) :) :)

    ReplyDelete
  26. ඉහික් ඉහික්... මාත් එහෙනම් දිවියලොකෙ යයි නේද?? හැක් හැක්...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.