
මිලාගිරියෙ සෙන්ට් පොල් එකේ ස්ටුඩන්ට් කෙනෙකුට ඒ ඉස්කොලේ ප්‍රින්සිපල් දුන්නු දඬුවමක් ගැන කියවපු මගේ හිතට අපේ කාලේ හිටපු නපුරු ගුරුවරු, විදුහල්පතිවරු ගැන කතන්දර එක දිගට ගලාගෙන ආව.
මං ඊයෙ ලිව්ව නපුරු විදුහල්පති ගැන කතන්දරයට ලැබුණු ප්‍රතිචාරය ඉතාමත් ඉහලයි.
මට පේනනෙ අපේ කට්ටිය හුඟ දෙනකුට මේ නපුරන් ගේ නපුරු කම්වල නපුරු ගතිය දැනිල තියෙනව අඩු, වැඩි වශයෙන්.
නපුරු ගුරුවරු වගේම සොඳුරු ගුරුවරුත් හිටිය ඒ දවස්වල. අදත් එහෙමයි. සමහරු වෙලාවකට සොඳුරුයි, වෙලාවට නපුරුයි.
මුලින් නපුරු අය ගැන ලියල ඉවර කරන්නම්කෝ.
අද කතන්දරේ මෙන්න මේකයි.
අපි ඒ දවස්වල අවුරුදු පහේ පොඩි ළමයි. ඔන්න අපේ හෝඩියෙ පන්තිය බාර ටීචර් අපිට මොකක් හරි වැඩක් බාර දීල තමන් තමන්ගෙ වැඩක් කරන්න පටන් ගත්ත.
මට මතක විදියට මං චිත්‍රයක් අඳින්න පටන් ගත්ත. ඔන්න එක පාටරම අපේ ටීචර් නිකං පරල වෙලා වගේ කෑ ගහන්න පටන් ගත්ත, හරිම සද්දෙන්. මෙච්චරයි මට මතක ඒ වචනවලින්.
"මීට පස්සෙ හෙම අහුවුනොත් පුච්චනව පස්ස පැත්ත."
පන්තියේ ඉස්සරහ හිටිය ලමයෙක් දුවල හිහිං පුටුවක වාඩි වුනා. අපි ළමයි සේරම දෙනා පුදුමයට පත්වුනා කිව්වොත් නිවරදියි.
පස්සෙ අපිට ආරංචි වුණු හැටියට මේකයි වෙලා තිබුණෙ.
අපේ පන්තියෙ එක ගෑණු ළමයෙක් යට ඇඳුමක් අඳින්නෙ නැතුව ගවුම විතරක් ඇඳන් පාසල් ඇවිත්. මේ ළමය පන්තියෙ ඉස්සරහට ගිහින් නැමිල ඉන්නකොට අපේ ටීචර්ට ඔය බව පෙනිල. ඒ හින්දයි ඒ වගේ මහා ගාලගෝට්ටියක් කළේ.
අපේ ඉස්කෝලෙ ගමේ පාසලක්. අපි දවස්වල පාසලට ඇන්දෙ සාමාන්‍ය ඇදුම්. යුනිෆෝම් තිබුනෙ නෑ. අපේ ටීචර් ට කරන්න තිබුනෙ එදා කලේ වගේ කෑ ගහන එක නෙමේ. හොරෙන්ම ළමයින්ගේ අම්මාට ඔය සේරම කතාව කියන්නයි.
ප/ලිඃ
මේ කතාවෙ වැඩි දෙයක් නෑ වෙන්න පුළුවන්. ඒත් මේ සිද්ධිය වෙලා දශක ගණනාවකට පස්සෙත් තාමත් මේ සිද්ධිය මගේ හිතේ රැඳිල තියෙන්නෙත්, ඒක මතක් වෙන කොට බිය මුසු හැඟීමක් මගෙ හිතට එන්නෙත් ඇයි?
නැවත දවසක තවත් කතාන්දරයක් සමග හමුවෙමු.
කතන්දරකාරයා
මදෑ වේවැලක් අරන් පස්සපැත්තට නොදුන්නා!
ReplyDeleteහුටා, නයි කයිද රෝස් පාං කිව්ව කිව්වලු. මම මෙච්චර කලක් හිතාගෙන හිටියෙ,commando ගහගෙන යෑම, ඒරොප්පෙන් කොපිකරපු දෙයක් කියලනෙ. බලාගෙන යනකොට මේක හොයාගෙන තියෙන්නෙ අපේ ගම් පලාතක, දෙකේ පංතියේ කෙල්ලෙක් නෙ.
ReplyDeleteකාලා වරෙංකෝ..
ReplyDeleteමෙතන සිදුවී ඇති දේ පෙළ ගැස්වූවොත්,
ReplyDelete1. ගුරුවරිය විසින් අදාළ සිසුවියට ප්‍රසිද්ධියේ අපහාස කිරීම.
2. එය හේතුකොටගෙන සිසුවියගේ ආත්මශක්තියට හානි ඇති වීම.
3. අදාළ සිසුවියට එසේ පාසල් පැමිණීමට හේතු වන්නට ඇත්තේ බොහෝ දුරට දුප්පත්කම විය යුතුය. එමනිසා, දුප්පත්වී සිටීම සමාජයෙන් ගැරහුම් ලැබීමට හේතුවක් බව අදාළ සිසුවියගේ සිතේ සටහන් වීම.
4. ඇතැම් විටක ඇයගේ නිවසේ වැඩිහිටියන් ඇය ගැන ප්‍රමාණවත් අවධානයක් නොදක්වනු විය හැකිය, එමනිසා පාසලේදීද මෙවන් තත්වයකට මුහුණ පෑමෙන් ඇය දැඩි මානසික පීඩනයකට ලක්වීම.
5. ගුරුවරියකගේ රාජකාරිය නොවුනද, මවක් වශයෙන් සිසුවියට ලංවී අදාළ කාරණය ගැන කතා කොට උපදෙස් නොදීම.
6. අපහසුතා මධ්‍යයේ උවද පාසල් එන සිසුවියකගේ පාසල් ගමන නැවැත්වෙන තැනට දිරිදීම.
වැනි කාරණා රාශියක් දැක්විය හැකිය.
[said]
මේ කතාවෙ වැඩි දෙයක් නෑ වෙන්න පුළුවන්. ඒත් මේ සිද්ධිය වෙලා දශක ගණනාවකට පස්සෙත් තාමත් මේ සිද්ධිය මගේ හිතේ රැඳිල තියෙන්නෙත්, ඒක මතක් වෙන කොට බිය මුසු හැඟීමක් මගෙ හිතට එන්නෙත් ඇයි?
[/said]
ඔබේ ගුරුවරුන් කෙරෙහි ඔබට තිබුනේ තමන්ට සේවය සපයන තැනැත්තෙකු කෙරෙහි තිබිය යුතු ගෞරවය නොවේ. හුදෙක් බියක් පමණි. ගුරුවරුන් විසින් එම බිය සිසුවන්ගේ මනස් තුළ රෝපණය කරන්නේ තමාගේ රාජකාරිය කෙලෙසින් ඉටු කළද නොකළද ප්‍රශ්න කිරීම් වලින් තොරව තමන්ට සුවසේ සිටිය හැකි තත්වයක් නිර්මාණය කරගැනීම සඳහාය.
කුඩාකළ මනස් තුළ රෝපණය කළ හැඟීම්, දීර්ඝ කාලයකට පසුව උවද මගහරවා ගැනීම අපහසු විය හැකිය.
ඕක ඔච්චරටම මතක හිටියේ ඒ වෙලාවේ අපේ කසුත් හිටියේ සිවිල් නිසාද දන්නේ නැහැ :-p
ReplyDeleteපූදූම වෙන්න දෙයක් නෑ කතංදර, මගේඇස්වලට නිකංම කඳූළු ආවා ඒකතාවට !
ReplyDelete"මීට පස්සෙ හෙම අහුවුනොත් පුච්චනව පස්ස පැත්ත."
ReplyDeleteමම නම් කියන්නේ බැනපු එක හොඳයි.
ඉස්සර කැත වචන කියන කොටත් අම්මල බනින්නෙ " පුච්චනව කට කියල "
පිස්සු ටීච කෙනෙක් බං . .
ReplyDeleteha ha.ඔය අමතක වෙන වැඩේ පොඩි කාලෙ මටත් වෙනව.උදේට තාත්ත එක්ක එලියට බැහැල පාරෙ බාගයක් දුර ආවමයි තේරෙන්නෙ යමක් අඩුයි අඩුයි කියල.ඉතිං බැණුම් අහ අහ ආයෙ ගෙදර දුවනව.lol.
ReplyDeleteමට නම් නපුරු ගුරුවරු අහු වෙලා නෑ.ඇත්තම කියනව නම් 2,3,4වසර වල මගේ පන්ති භාර ගුරුතුමියන් කවුද කියල වත් මතක නෑ.මම ඉස්කෝලෙ ගියේ කලාතුරකින් දවසක....
අපිට ගණිතය උගන්නපු ගුරුතුමෙක්ට පුරුද්දක් තිබ්බා දඬුවමකට පහරක් ගහන්න කලින් ඒ සිසුවාව(මම ගියේ පිරිමි පාසලකට) කමිසයේ පපුව හරියෙන් ගුලි කරල අල්ලල ගුරු මේසේ ඉන්දෙන තරමට උස්සන්න.ඊට පස්සෙ තමයි පහරක් දෙකක් ගහන්නෙ. ඉතින් එහෙම දඩුවමක් දෙන්න කියල දවසක් එහෙම ළමයෙක්ව කමිසෙන් අල්ලලා උස්සද්දි කලිසමට යට කරල තිබ්බ කමිසයයි බැනියමයි දෙක එළියට ඇදිල ආව. ඒ ළමය යට ඇඳුමක් ඇඳන් ඉඳල තිබ්බේ නැහැ. ඉතින් හොඳින් යට කරල තිබුණ කමිසයත් බැනියමත් එළියට එද්දි ඒත් එක්කම එළියට ආපු දේ ගැන හිතාගන්න පුලුවන්නෙ.
ReplyDeleteපන්තියම මහ හයියෙන් හිනා උනා. ඒත් ගුරුතුමා නම් ට්කක් විතර උන සිදුවීමෙන් සසල උන බවක් තමයි පේන්න තිබ්බෙ. හැබැයි ළමයින්ව කමිසෙන් අල්ලල උස්සන පුරුද්ද නම් දිගටම තිබ්බා.
Hikzzz:-)
Deleteගුරුවරයා කරපු වැඩේ වැරදියි ගොඩක්! ඒ කෙල්ල ඒක නිසා කොච්චර අවුල් වෙන්න ඇද්ද?
ReplyDeleteඔබගේ කතන්දර ගොඩක් තාත්විකයි, ලස්සනයි. ඇත්තටම මන්නම් ගොඩක් වෙලාවට ගහන්නේ බුරුල් වෙච්ච පටි ජෝක්කු....
ReplyDeleteඔය වගේම දෙයක් මටත් උනා පොඩි පන්තියක . කොලෙකුඉ මමයි පොඩි වලියක් දාගත්තා, ඒ අස්සේ කෙල්ලෙක් හිනා වෙන ගත්තා උද දාගෙන , අපි දෙන්නට අප්සට් ඇයි දෙයියනේ මෙහෙම හිනා වෙන්නේ කියලා, බැලින්නම අනිත් කොළ යට කලිසමක් ඇදලා නෑ. කෙල්ල දැකල කොල්ලගේ මල්ලියා, එකට හිනා වෙලා, රැන්දුව පැත්තක තියලා කොල්ල ලැජ්ජාවේ දිවුවා
ReplyDelete