ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Monday, 26 April 2010
පියා ගේ කතාව
පහුගිය ටික දවස ඇතුලත මං මගේ තාත්තා ගැනයි, තාත්තා ලඟින් ගැවිලා යන විවිධ දේවල් ගැනයි බ්ලොග් ලිපි කිහිපයක්ම ලිව්වා.
අද කතන්දරෙත් තාත්ත කෙනෙක් ගැන. හැබැයි ටිකක් වෙනස් එකක්.
ඔන්න මගෙ යාළුවෙක් ඉන්නව පියසිරි කියල. අපි පොරට කියන්නෙ පියා කියලයි කෙටියෙන්. මිනිහ ඉන්නෙ පිටරටක දැන් අවුරුදු බර ගානක ඉඳන්. මේ කතන්දරේට මූලික වෙලා තියෙන්නෙ පියසිරි. මට කතන්දරේ කිව්වෙත් පොරම තමයි.
පියසිරි ගෙ හොඳ යාළුවෙක් ඉන්නවලු සමන් කියල. සමනුත් දරු පවුල් කාරයෙක්. ඉන්නෙ පිටරට. පියසිරිලගෙ ගෙවල් කිට්ටුවම ලු පදිංචිය.
අවුරුදු කීපෙකට කලින් සමන් ල සිය පවුලම ආව ලංකාවට නිවාඩුවක් ගත කරන්න.
සමන් ගෙ දුව පිටරට ඉපදිලා එහෙම ජීවත්වෙන ළමයෙක් නෙ. ඉතිං සිංහල දැනුම අඩුයි.
මෙන්න සමන් ගෙ දුව නිෂිති යි, එයාගෙ නැන්දගෙ දුව විහංගා යි අතරෙ වුණ දෙබසක්. මේ දෙන්නම අවුරුදු අටේ, නමයෙ ළමයි.
නිෂිතිඃ අපචී කියන්නෙ කාටද?
විහංගාඃ අපචී නෙමේ අප්පච්චී. ඒ කියන්නේ තාත්තට.
නිෂිතිඃ ඇත්තද?
විහංගාඃ ඔයා දන්නවද තාත්තට කියන තවත් නමක් තමයි, "පියා".
නිෂිතිඃ "පියා" කියන්නෙ තාත්තට නෙමේ.
විහංගාඃ එහෙනම්?
නිෂිතිඃ "පියා" කියන්නේ තාත්තට නෙමේ, තාත්ත ගෙ යාළුවෙකුට නේ.
සමන් ගෙ දුව මේ කියන්නේ අපේ පියසිරි ගැනයි.
* * * *
මේ වගේම කෑල්ලක් තිබුනා ඉස්සර රේඩියෝ එකේ ගිය "විනෝද සමය - අමාරිස් අයියා" විහිළු වැඩ සටහනේ.
ඔන්න අමාරිස් අයිය ගිහින් එයාගෙ පුතාව ඉස්කෝලෙට ඇතුලත් කරන්න.
විදුහල්පතිඃ හා, හොඳයි දැන් පියා මෙතනට එන්න.
අමාරිස් අයියාඃ අන්න, පලයන් කොළුවො, ලොකු මහත්තය ගාවට.
විදුහල්පතිඃ මේ මොකද මේ ළමය මෙතන. ළමය යන්න ගිහින් වාඩිවෙන්න. පියා මෙතනට එන්න.
අමාරිස් අයියාඃ ඉතිං මහත්තයො ඔය ඉන්නෙ පියා තමයි. මගෙ නම අමාරිස් නේ. කොළුවගෙ නම පියදාස.
කතන්දරකාරයා
ප/ලිඃ අදත් මං තාත්තගෙ ඇඳ ලඟ ඩියුටි. ඉස්පිරිතාලෙ නෙමේ ගෙදර. අද මගෙ ෂිෆ්ට් එක පටන් ගත්තෙ ඊයෙ රෑ දොලහට, පැය තුනක නින්දකින් පස්සෙ. පෙරේද නං මාර කට්ටක් කෑව පෙරේද උදේ පහේ ඉඳල ඊයෙ උදේ පාන්දර තුන හතර වෙනකං.
අද රෑට මේ මුර සේවාව අවුට්සෝස් කරනවා! ඊට පස්සෙ ඩේ ෂිෆ්ට් විතරයි.
Subscribe to:
Post Comments (Atom)
හ්ම්.....
ReplyDeleteපියා ගැන මතකයන් නම් ලියා ගන්න බැරි තරම් තියනව. ඒ හැමදේම හිතේ පිරිල තියනව. පුංචි කාලෙ රෑ නිදිමරන් තාත්තා ඔයාව බලාගත්ත වගේ දැන් ඔයත් තාත්තව බලා ගන්නව. ළඟ හිටියනම් බලල යන්න එනව...
මට ඈත්තටම සතුටුයි දැන් කතා ගේ තාත්තට ටිකක් හරි සුවයි නිසා...
අපේ තාත්ත පිය සේන....අපේ පියා කිව්වහම ඒක නිකම් මොකක්ද වාගෙ....
ReplyDeleteක(තන්දර අ)යියාගේ තාත්තාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා. කාලෙකට පස්සේ අළුත් හිනා යන කතාවක් කියෙව්වා..
ReplyDeleteඔය තියෙන්නෙ නියම කතාවක්. පියාගේ අසනීප තත්වය ගැන මටනං මේ කතාවෙන් හිතාගත්තැකි. ඒ මේ කතාවේ ඔයා මුලින් කතා ලියපු සරළ බව ගැබ් වෙලා තියෙන හින්දා!
ReplyDeleteකොහොමද ගෙදර තත්වේ - අර දෙයියන්ගෙන් නියන් ඉල්ල ගත්තු මැරයන්ට තාම හරිහමං ''විසදුමක්'' හොයා ගන්න බැරි උනාද?
හිතවත් කතන්දර පළමුව ඔබ ගේ පියානන්ට නිරෝගි සුව පතමි. අපාචී යනු ඇමෙරිකාවේ නිපදවන හෙලිකොප්ටර් වර්ගයෙකි.
ReplyDelete@Dinesh_Silva
ReplyDeleteඅපාචි (Apahe) යනු අමෙරිකාවේ සිටි රණකාමී රතු ඉන්දියානු ගේත්‍රයක නමකි. අමෙරිකානු යුධ හෙලිකොප්ටරයට (gun-ship) නම ලැබුනේ ඔවුන්ගෙනි..
This comment has been removed by the author.
ReplyDeleteමාස එකහමාරකට විතර පස්සෙ අද කන්තොරු ආවෙ. වැඩ පටන් ගන්න කලින් තැපැල් මල්ලෙ කුනු අහක් කරල කෙලින්ම ආවෙ කතන්දර බලන්න. එක හුස්මට ඔක්කොම ඉවර කරා. තාත්තට ඉක්මන් සුවය, පුතාට සහනය සහ කතන්දරගෙ හිතවතුන් සැමට (better late than never) උදාවූ අලුත් අවුරුද්ද එසේම වේවා.!
ReplyDeleteනියම කතාව, අමාරිස් අයියලගෙ වැඩ සටහන් ගැන කියල වැඩක් නැහැ. දැන් ඒ වගේ විහිළු කාරයො නැති වුනත් "ලයිව් ඇට් එයිට්" බැලුවහම හිනා යන ඒවා යනව සමහර වෙලාවට. ටෙනීගේ ජෝක්ස් වලට හිනා ආවට පොඩි එවුන් එක්ක ඒව බලන්න බැහැ. බන්දුගෙ පන කඩාගෙන එහාට මෙහාට දුවන එකටනම් මට බඩ අල්ලන් හිනා වෙන්න පුලුවන්.
ReplyDeleteකතන්දරෙ..ඔයා බ්ලොග් මැරතන් එකෙ හිටියට මම දැක්කෙ නැහැ.. දැනුයි දැක්කෙ මෙ පොස්ට් එකත්..
ReplyDeleteසියළු දෙනාටම ස්තුතියි.
ReplyDeleteමම මේක කියවනකොට සෑහෙන්න පරක්කුයි. දැන් මැයි මාසෙත් වෙලා නෙව. හිතනවා තාත්තාට දැන් සනීපයක් ඇති කියල. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව.
ReplyDelete--
කතාව මරු!