
මේක ඇඩල්ට්ස් ඔන්ලි කතන්දරයක්.
කරුණාකරල පොඩි ළමයි යන්න ආපහු. ඔව්, මං මේ කියන්නෙ, සුදාරක ල, බුධාජීව ල, හා පැටික්කි ල වගෙ දහ අටෙන් අඩු කට්ටියටයි.
අනිත් අය දිගටම කියවයි කියල මං හිතනව.
ඔන්න ගිය සුමානෙ මං ඔෆීසියෙ රිපෝට් එකක් හද හද ඉන්න වෙලේ එතනට ආව අපේ ඔෆීසියෙම වෙන සෙක්ෂන් එකක වැඩ කරන ලේඩි කෙනෙක්. නම "අමා" කියල කියමුකෝ ලේසියට.
අමා ආවෙ මගෙ අල්ලපු මේසෙ ඉන්න එක්කෙනා, එයත් සුන්දර වනිතාවක් - නම "රසිකා", එක්ක කතාකරන්නයි. ඔෆීෂියල් වැඩේ කතාකරල ඉවර වෙලා දෙන්න පොඩි කයියක පැටළුනා. දන්නවනෙ, ඔය නිකං "ඕ.පී.ඩී." කතා.
ඔය අතරේ අමා දැක්ක මගෙ මේසෙ උඩ තියෙන පොඩි ෆොටෝ ඇල්බම් එක.
මේ ෆොටෝ ඇල්බම් එකේ තමයි තියෙන්නෙ මං තායිලන්තෙ ඉන්න කාලෙ ගත්තු ෆොටෝ. මං මේක ඔෆිස් එකට ගෙනාවෙ අර කතන්දරකාරයා මහණ වෙලා හිටිය විස්තරේ ලියන කාලෙ අවශ්‍ය ෆොටෝ ස්කෑන් කරන්නයි. ගෙදර ස්කෑනර් එකේ පොඩි අවුලක්.
"ආනේ, ෆොටෝ නේද? මං හරිම ආසයි ෆොටෝ බලන්න." අමා කිව්වා.
"බලන්න! බලන්න!!" මං ඇල්බම් එකේ පිටු පෙරලුවා.
"මේ කොහෙද? කෝ ඔයා මේ ෆොටෝ එකේ?" ආදී ප්‍රශ්ණ වැලක් ආව ඉන් පස්සෙ, විශේෂයෙන්ම මං අර නුවර පැත්තෙ තිප්පොලේ ඉන්න කාලෙ ගත්තු ෆොටෝ දැකල.
මෙන්න මේ ෆොටෝ එක බලන්න.

මං ඕක අමා ට පෙන්නල "මේ ෆොටෝ එක ගත්තෙ මං බැඳපු දාට පස්සෙ දවසෙ" කියල කිව්ව.
"ආනේ! කතන්දර ඉන්නෙ හරියට හීනෙන් බය වෙලා වගෙනේ මෙතන ඉන්නේ." අමා කියවන්න ගත්ත.
"වෙඩින් එකට පස්සෙ දවසෙ කිව්ව නේද? අනේ මං මේ වැටුණු අමාරුවක හැටි කියල හිත හිත නේද ඉන්නේ? අනේ පව් කතන්දර නේද රසිකා?"
රසිකා නං කතාවක් නෑ. එයා ඉතිං මගෙ අල්ලපු මේසෙ ඉන්න අසල්වැසියනේ කොහොමටත්.
"නෑ, අමා ඒක නෙමේ ඇත්ත, මෙන්න මේකයි." මං කිව්ව.
"මේ ෆොටෝ එක ගත්තෙ මං බැඳපු දාට පහුවෙනිදා උදේ නේ. ඉතිං කලින් දා රෑ නිදිමරල මං හිටියෙ හොඳටම නිදිමතේ!"
රසිකා බ්ලෂ් වෙලා යනව මං දැක්ක.
"මං යනව අනේ, පරක්කු වුණා!" කියන්න විතරයි අමා ගෙ කට ඇරුනෙ.
කතන්දරකාරයා
ප/ලිඃ මං ඉන්න ෆොටෝ එක කොතන ඉඳන් ගත්තු එකක්ද කියල හොයන්න පුළුවන්ද?
ප/ලිඃ ඕ.පී.ඩී. (OPD) කතා කියන්නේ ඕපාදූප කතාවලටයි.
[said]
ReplyDeleteකරුණාකරල පොඩි ළමයි යන්න ආපහු. ඔව්, මං මේ කියන්නෙ, සුදාරක ල, බුධාජීව ල, හා පැටික්කි ල වගෙ දහ අටෙන් අඩු කට්ටියටයි.
[/said]
මේක කියවන අයට මං ගැන වැරදි වැටහීමක් ඇතිවෙන්න පුළුවං මම ඊනියා සදාචාර සම්පන්න, නිකං බෝ පැළයක් වගේ පෙනී හිටින්න හදන පියරු බබෙක් කියලා.
කොහොම උනත් රසිකා බ්ලෂ්ද ෆ්‍ලෂ්ද මොකක්ද එක වෙලා ගියේ එයා ඔය වැඩේ දන්නෙම නැතිව වෙන්ටැ?
අන්න ඒ වගේ කෂ්ටියට මේක කියවන්න එපා කීව නං තමා වඩා හොඳ!
චික් කිසි දෙයක් නැහැ ....
ReplyDeleteමදැයි .... බැලුවා ... ෂික් ... අපරාදේ
@ Budajeewa
ReplyDeleteමෙතන මගේ විහිළුව- 18+ ද නැද්ද කියන එක යි.
@ වැප්
ReplyDeleteමේක දාන්න තිබුනෙ, අප්‍රියෙල් 1 දා.
"මේ ෆොටෝ එක ගත්තෙ මං බැඳපු දාට පහුවෙනිදා උදේ නේ. ඉතිං කලින් දා රෑ නිදිමරල මං හිටියෙ හොඳටම නිදිමතේ!"
ReplyDeleteහනිමුන් ගියෙ කෝවිලක් ළඟ හෝටලේකට ද?
මං තාම කියෙව්වේ නෑ උඩ ටික දැක්කම මේක දාලම ඉන්න හිතුන.....
ReplyDeleteඅයියා කොයි ඉස්කෝලෙටද ගියේ???? 20, 18ට වඩා අඩුයි කියල ඉගැන්නුවේ ඔයාගේ අර නපුරු ගුරුතුම කෙනෙක් වත්ද?????
අපරාදෙ.....කෝ මේකේ 18+ නැහැනේ ...sad.
ReplyDeleteකතන්දරට තිබ්බෙ ඒ වෙලේ අමාගෙ මූනෙ පින්තූරයක් අරගන්න!
ReplyDeleteනිදි මරලනම් වෙන්න බෑ, හොල්මනකට බය වෙලා වගේ.
ReplyDeleteප්‍රශ්න ගොඩයි...කතන්දර බැඳල තියෙන්නේ තන්ගච්චි කෙනෙක්වත් ද? කොවිලක් ගාව මධුසමයට ගියේ?
ReplyDeleteමම දන්නවා ෆොටෝ එක ගන්තෙ කොහෙ ඉඳලද කියලා...
ReplyDeleteකැමරා එක ඉස්සරහ ඉඳල නේද?
මොනා වුනත් කතන්දර ඒ කාලෙ හැඩකාරයෙක් වගේ....
ReplyDeleteතායිලන්තයේ කෝවිල් තියද?
කෝවිලක් ලඟ තානායම් තියද?
මධු සමය ගත කරන්න තානායමකටම යන්න ඕනද?
මධු සමය දවසෙ රෑ නිදිමරන්නෙ මොකටද?
මේ වගේ ප්‍රශ්ණ ඇහුවම මගෙත් අමා ගෙත් වෙනසක් නැහැ නේද?
පින්තූරෙ ලස්සනයි. එච්චරයි කියන්න තියෙන්නේ.
අඩේ... මට 18වෙන්න තව පොඩ්ඩයි අඩු!
ReplyDeleteආ 18ට අඩු උනත් මටනං තේරුනා. කෝවිල ලඟ හරි සද්දෙ නේද කතන්දර අයියේ. ඉතිං කොහොමද නිදා ගන්නෙ.
ReplyDeleteමේ පින්තුරය ගත්තේ වෙඩිමට පහුවදා දවල් බත් කඩේක උඩ තට්ටුවේ ඉඳලයි. ඔය කෝවිල පෙන්නේ එතන පාර අනිත් පැත්තේ.
ReplyDeleteමගේ ප්‍රොෆයිල් ෆොටෝ එකට දාල තියෙන්නේ මීට පැය දෙකකට විතර කලින් ගත්තු ෆොටෝ එකක්.
මේ කතන්දර කියවන, කමෙන්ට් කරන ඔබ සියළු දෙනාට ස්තුතියි, ජයවේවා.
කතන්දර ලියන ඔබටත් එසේම වේවා... (ජයෙන් ජය වේවා )
ReplyDeleteඅප්පා වෙලාවට මට 18 පැන්නේ :-D
ReplyDeleteමේ නුවර ලියෝන්ස් එකනේ
ReplyDeleteඔව්..ඔව්.. අර එහා පැත්තෙන් කෝවිල පේන්නේ... :)
ReplyDeleteරැ නිදි මරල බවත් පේනව.ඒත් ඒ නිදි මරපු රැ.(ඔව් ඔව් ඉතින් ඒ රැ ගැන තමයි...ඔච්චර ආඩම්බර වෙන්න එපා).කතන්දර අයිය මොකට හරි බය වෙලා තියෙනවා....
ReplyDeleteha ha me ithn leyon ekane,kowilath tiyenne lanagama :D thippolatath langai ne neda ithn ;)
ReplyDeleteඔන්න මම නම් බැලුවෙ නෑ.. (බැලුවටත් පාඩුයි :( )
ReplyDelete