Followers

Friday, September 11, 2009

මාස දෙකයි! - වැඩේ "පබා" වෙයි ද?

දැං කතන්දර කාරයා මේ කතන්දර බ්ලොග් එක පටන් අරං මාස දෙකක් වෙනව. මේ කාලෙ ඇතුලත බ්ලොග් ලියන, පබ්ලිෂ් කරන, කමෙන්ට් මොඩරේට් කරන, ඊ-මේල් වලට උත්තර බඳින යනාදී මෙකී නොකී වැඩ වලට ජීවිතෙන් සෑහෙන්න කාලයක් ගෙවුනු බව අමුතුවෙන් කියන්න ඕනැ නෑනෙ.

මෙතෙන්දි වැදගත් වෙන සත්‍යයක් තමා, බ්ලොග් එක පටන් ගත්ත කියල ජීවිතේ ට අමුතුවෙන් කාලය එක් උනේ නෑ කියන එක. බ්ලොග් කෙරුවාවට ගතවුනු කාලය වෙනද කරපු වෙනත් වැඩ අඩු කරල තමයි හොයාගත්තෙ. වැඩියෙන් ම පාඩු උනේ මගේ පොත් කියවීමේ විනෝදාංශය ට යි.

ඒ මොනව වුනත්, ඒ කරපු ඉන්වෙස්ට්මන්ට් එකෙන් ලැබුනු රිටන්ස් ගැන නං ලොකු සතුටක් දැනෙනව. හිට් කවුන්ට් එක හොඳයි, ෆලෝවර්ස් ල ගොඩයි. කමෙන්ට්ස් සහ ඊ-මේල් හෝ ගාල. ඒ සේරටමත් වැඩිය මගෙ කතන්දර දැන් සන්නස පත්තරේ කොලමක් විදියට යන එකයි, කතන්දර වලට ආසා කළ මී මැස්සී සහ තුන්වැන්නී දෙන්නාත් බ්ලොග් කාරියෝ වීමයි සිහිපත් කළ යුතුමයි.

මට තියෙන එකම ප්‍රශ්ණය මෙන්න මේකයි.

බ්ලොග් ලියන එක හරිම ඇඩික්ටිව්. නිදාගන්න යන කොටත්, නින්දෙන් නැගිටින කොටත්, තේ බොන කොටත්, නාන කොටත්, කන කොටත්, ගමන් බිමන් යන කොටත්, ටෙලිවිෂන් බලන කොටත් හැම තිස්සෙම මතක් වෙන්නෙ බ්ලොග් ලිවිල්ල ගැනයි.

ඉතිං, "වැඩේ පබා වෙයිද?" කියන එකයි ප්‍රශ්ණෙ.

"වැඩේ පබා වෙනව" කියන්නෙ මගෙ හිතට ආපු අළුත් කෑල්ලක්. ඒකෙ අදහස නම් අර "පබා" කියන ටෙලි නාට්‍යය වගේ සතිය පුරා, දිගින් දිගටම, කතන්දර ගොත ගොත ඉන්න ගිහින් අන්තිමේදි කතා නීරස වෙලා කතන්දර බ්ලොග් එක අල වෙලා යයි ද කියන එකයි.

මේ සංසිද්ධිය විස්තර කරන්න මං දාපු වාක්‍ය ඛණ්ඩය තමා තමා "වැඩේ පබා වෙනව" කියන එක. මේ අළුත් chatch-phrase එක අල්ලල යයි කියල මං හිතනව.

මේකත් කියන්නම ඕනැ මේ කතන්දරේ ඉවර කරන්න ඉස්සර.

මගෙ නෑයො දහ දෙනෙක් ගත්තොත් නම දෙනෙක් ම "පබා" ටෙලිය බලනව. මගෙ යාළුවො දහ දෙනෙක් ගත්තොත් හය දෙනෙක් විතර "පබා" ටෙලිය බලනව.

මං නං මීට මාස දහයකට විතර කලින් වැරදිලා වගේ විනාඩියක් දෙකක් බැලුන වෙලෙන් පස්සෙ තාමත් මං නිකමට වත් "පබා" ටෙලිය බලල නෑ.

මට මැවිල පේනව, මේ බ්ලොග් පෝස්ට් එක කියවන "පබා බලන බබා ල" ගෙ මූණු මැලවෙලා යන විදිහ.

"වැඩේ පබා වෙන්න" පටන් අරගෙන වගේ දැන්මම! හා! හා!! හා!!!

කතන්දර කාරයා

මට ලියනවා නම්: kathandara@gmail.com
පරණ කතන්දර බලන්නඃ
ජූලි මාසෙ කතන්දර
අගෝස්තු මාසෙ කතන්දර
සැප්තැම්බර් මාසෙ කතන්දර

6 අදහස්:

  1. කතාව නම් ඇත්ත, පබා එපා වෙලා ඉන්නෙ දැන්...

    ReplyDelete
  2. ඔයා පබාවෙන්නෙත් නෑ එපාවෙන්නෙත් නෑ ඔහොම යං ඔහොම යං

    ReplyDelete
  3. මචෝ මේ වගේ නැතුව කතාන්දරම ලියන්න ගන්න මචං. රසවත් හරවත් ඒවා ලියද්දි කවදාවත් පබා වෙන්නේ නෑ.

    ReplyDelete
  4. උඹ බබා.... අනෙ පලයන්.....

    ReplyDelete
  5. ඔයා පබා වෙන්නෙ පබා ගැන කියන්න ගිහින් තමයි කවද හරි.

    ReplyDelete
  6. හැබැයි දැන් නම් (පබාගෙ අර දෙරණ ඉන්ටවීව් එකෙන් පස්සෙ) "වැඩේ පබා වෙනව" කියන එකට අලුත්ම අර්ථකතනයකුත් තියෙනව....ඒ තමයි "නොදන්න දෙමලෙට ගිහින් හත් පොලේ ගා ගැනීම".

    ReplyDelete

කතන්දරේ ගැන මොකද හිතෙන්නේ? ලියන්න! Any comments, please?
(Comments are moderated and those with inappropriate content will be deleted).