
අළුත් අවුරුද්දෙ පොඩි අඩුවක් දැනුණා.
ඒක ගැන කියන්නයි, කට්ටියටම සුභ නව වසරක් ප්‍රාර්ථනා කරන්නයි තමයි මේ කවිය දාන්නේ.
අවුරුද්දෙ අඩුවක්
සීතල සුළඟක් ඒවිද කෙදිනක සිසිලක් සුවයක් එකට අනා
ඉඩෝරයේ සරතැස දාහය මැද දුක්වෙන කල ලොව සියළු දෙනා
"එක පදයක් අඩු කවියක්" වාගේ තව නව වසරක් උදා වුනා
ගතානුගතිකවු එරබදු මල් සහ කොහෝ කුරුළු නාදය තිබුනා
රතිඤ්ඤ සද්දේ කැවුම් කොකිස් සහ කි‍්‍රකට් සමග අවුරුදු ලැබුනා
ඒත් මොකක්දැයි හිතාගන්න බැරි අඩුවක් ඒ මැද්දෙන් එබුනා
ලැබු නව වසරේ දාහය නිවනා සීතල වා රැුළි හමන්නයි
සිරිපොද වැසි මැද පිච්ච සමන් මල් සුවඳ විහිදමින් පිපෙන්නයි
"පද හතරක කවියක්" සේ අඩු නැති සුභ නව වසරක් ලබන්නයි
සුභ නව වසරක් වේවා!
කතන්දරකාරයා
ප/ලිඃ
කලින් මේ කතන්දර කියෝල නැති අයටයි මේ හරිය ලියන්නෙ. දැං නම් වැඩිය කවි ලිව්වෙ නැති වුනාට කතන්දරකාරය මුලින් ම කවි ලියන්න පටන් ගත්තෙ තුනේ පන්තියෙ ඉන්දැද්දියි.
ඊට පස්සෙ පටන් ගත්ත පෙම් කවි ලියන්න.
උසස් පෙල කරද්දි ලියපු අවකලනය ගැන කවිය මතකයි නේද?
ඒ එක්කම මං කැමතියි රසික සූරියආරච්චි ගේ "සිව් සිත් කව්" පොතේ කවි කියවන්නත්.
සුභ නව වසරක් වේවා! කියා නැවතත් ප්‍රාර්ථනා කරනවා!
අඩු වූ අඩුව කිසි කෙනෙකුට නෙපෙනේවා
ReplyDeleteඅඩු වූ පදය කිසිවෙක් පුරවා දේවා
අඩූ වූ නිසා කලබලයක් නොම වේවා
අඩු වූ පදේ බැිකුවෙ තැන්පත් වේවා.
සුභ නව වසරක් වේවා!
ReplyDeleteකතන්දරකාරයාටත් සුභ නව වසරක් වේවා!
ReplyDeleteසීතල සුළඟක් ඒවිද කෙදිනක සිසිලක් සුවයක් එකට අනා
ReplyDeleteඉඩෝරයේ සරතැස දාහය මැද දුක්වෙන කල ලොව සියළු දෙනා
"එක පදයක් අඩු කවියක්" වාගේ තව නව වසරක් උදා වුනා
හුටා!!!
උදාවන්නා වූ සිංහල හා හින්දූ අළුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සැමටත් සාමය, සතුට, සෞභාග්‍යය හා නීරෝගීබාවය සපිරි සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා !!!
ReplyDeleteකතන්දරකාරයා..
ReplyDeleteලැබුවා වූ නව වසර....
සාමය, සතුට සපිරි ඔබේ සියළු පැතුම් ඉටුවන සුබ නව වසරක්ම වේවා !!!
@All
ReplyDeleteහැමෝටම එසේම වේවා!
@Wath, Gadol
වත් ටයි, ගඩොල් ටයි නං අවුරුද්දෙ අඩුවක් නැති බව පේනවා. ඔය තියෙන්නෙ කවියෙ පද හතරම!!!
සීතල සුළඟක් ඒවිද කෙදිනක සිසිලක් සුවයක් එකට අනා
ReplyDeleteඉඩෝරයේ සරතැස දාහය මැද දුක්වෙන කල ලොව සියළු දෙනා
"එක පදයක් අඩු කවියක්" වාගේ තව නව වසරක් උදා වුනා
අවුරුදු අසිරිය ගෙනැවිත් වැස්සක් ඒ පදයත් දැන් එකතු වුනා
ගතානුගතිකවු එරබදු මල් සහ කොහෝ කුරුළු නාදය තිබුනා
රතිඤ්ඤ සද්දේ කැවුම් කොකිස් සහ කි‍්‍රකට් සමග අවුරුදු ලැබුනා
ඒත් මොකක්දැයි හිතාගන්න බැරි අඩුවක් ඒ මැද්දෙන් එබුනා
කවදත් සුපුරුදු අවුරුදු කෙළියෙන් ඒ අඩුවත් හොඳහැටි පිරුණා
ලැබු නව වසරේ දාහය නිවනා සීතල වා රැළි හමන්නයි
සිරිපොද වැසි මැද පිච්ච සමන් මල් සුවඳ විහිදමින් පිපෙන්නයි
"පද හතරක කවියක්" සේ අඩු නැති සුභ නව වසරක් ලබන්නයි
සිවු වෙනි පද ටික පිරවූ වරදට කකා තරහක් නොවන්නයි
ලැබුවා වූ නව වසර කයි කතන්දර උතුරන (කට කතා නොවෙයි)වාසනාවන්ත නව වසරක් වේවා....!!!!