ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Monday, 5 April 2010
රුපියල් දෙකේ නපුරු ගුරුවරු
අද මං මේ ලියන්නේ නපුරු ගුරුවරු ගැන තුන්වෙනි කතන්දරයයි.
මං මුලින්ම ලියපු විදුහල්පති ගේ වේවැල් පාර කාලා මගේ ලේ සෙලවීම ගැන කතන්දරේටත්, ඊලඟට ලියපු හෝඩියේ පන්තියේ ටීචර් ගේ තර්ජනය ගැන කතන්දරයටත් ප්‍රතිචාර ගොඩක් ලැබුණා.
අද මං කියන්න යන්නේ මගේ හිතේ රැඳිලා තියෙන තවත් බියකරු කතාවක්.
මං දෙකේ පන්තියේ මාලවතී ටීචර් ගෙ 2B පන්තියෙ ඉගෙන ගත්තු කාලේ, අපේ පන්තියට අල්ලපු (2A) පන්තිය බාරව හිටියේ ටිකක් වයසක ටීචර් කෙනෙකුයි. කොණ්ඩෙ සුදු, ඔසරි අඳින, පැන්ෂන් යන්න ලඟ කෙනෙක්. අද මට එයාව සිහිවෙන්නේ මන්තරකාරියක් වගේ චිත්‍රයක් සිතේ ඇඳෙමිනුයි.
ඔය මන්තරකාරි ටීචර් ගෙ පන්තියෙ හිටිය ලාල් කියල ටිකක් දඩබ්බර කොල්ලෙක්. අපිට වැඩිය වයසයි අවුරුද්දක් විතර. මොකද කියනව නම් ලාල් ඒ දෙකේ පන්තියෙ ඉන්න දෙවෙනි අවුරුද්දයි
.
එක දවසක් මන්තරකාරි ටීචර් ගෙ බෑග් එකේ තිබුණු රුපියල් දෙකක් නැතිවෙලා. ඒ දවස්වල රැපියල් දෙකක් කියන්නෙ ලොකු ගානක්. මහජන සම්පත ලොතරුයියක් ශත පනහයි. පාන් ගෙඩියක් ශත තිස්පහයි.
මන්තරකාරි ටීචර් මේකට කෙලින්ම සැක කලේ ලාල් ව.
ලාල් ඇත්තටම මන්තරකාරි ටීචර් ගෙ බෑග් එක ඇරල ඒකෙ තිබුණු රුපියල් දෙක හොරෙන් ගත්තද කියල මං හරියටම දන්නෙ නෑ. ඒත් මට ලාල් කිව්වෙ, පොර හොරකම් කලේ නෑ කියලයි.
ලාල් මට ඊට වඩා දරුණු දෙයක් කිව්ව. ඒ මන්තරකාරි ටීචර් ලාල් ට තර්ජනය කරපු විදිය.
"මං බ්ලේඩ් එකක් අරගෙන උඹේ ඇඟිලි කපනව!" කියල යි මන්තරකාරි ටීචර් ලාල් ට තර්ජනය කරල තියෙන්නෙ. ඒ කතාවෙන් ලාල් බයවෙලා හිටියෙ නෑ. පොර මට ඒ කතාව කිව්වෙ හිනාවෙවී.
බය වුනේ මායි. ඒ ටීචර්වයි, ඔය කතාවයි මතක් වෙනකොට මගේ හිතේ මන්තරකාරියෙකු ගෙ චිත්‍රයක් ඇදෙන්නේ ඒ නිසා විය යුතුයි.
අන්තිමට මේකත් කියන්න ඕනැ. මේ මං කියන කතන්දර ඒ කාලෙත්, පසු කාලෙත්, අදත් ලංකාවෙ ඉස්කෝලවල වෙන දේවල් එක්ක සසඳල බලන කොට නිකං අහසට පොළොව වගේ දේවල්.
නමුත්, මං ඊයෙත් ඇහුව වගේ, ඇයි මේ කතන්දර අවුරුදු බර ගාණකට පස්සෙත් මගේ හිතේ එදා වගේම අදත් රැඳිල තියෙන්නෙ?
මගේ මතකය මේ කතන්දර වලින් පිරිල හින්ද පාඩුව මට ම යි. අළුතින් දේවල් දාගන්න Hard Disk එකේ ඉඩ නෑ.
කතන්දරකාරයා
Labels:
නපුරු ගුරුවරු
Subscribe to:
Post Comments (Atom)
මේ සිද්ධියෙදි නම් අනුමාන කරන්න පුළුවන් මේක බොරු තර්ජනය කිරීමක් බවත්, එසේ කළේ ලාල්ගෙන් ඇත්තටම රුපියල් දෙක ගත්තේද නැත්ද යන වග දැනගැනීමට විය යුතු බවත්ය.
ReplyDeleteඇත්තටම තරහ ගිහිං කළ ප්‍රකාශයක් නං "බ්ලේඩ් එකක් අරගෙන ඇඟිලි කපනවා!" වැනි ජෝක් නොකර කියන්නට ඒ දවස්වල ඔය වයසේ අයට වෙනත් බොහෝ වචන තිබුනු බව මට විශ්වාසය!
:D
මට මෙතනදි පොඩි ගණිත් ගැටළුවත් පැන නැගුනා. කතන්දරකාරයා 2 පන්තියේ දී මහජන සම්පත ලොතරුයියක් ශත පනහයි. පාන් ගෙඩියක් ශත තිස්පහයි.දැන් මහජන සම්පතක් රු.20යි පාන් ගෙඩියක් රු.40ද කොහෙද. අහෙම බැලුවම දැන් කතන්දරට ගොඩක් වයසයි නෙ.
ReplyDeleteනමුත්, මං ඊයෙත් ඇහුව වගේ, ඇයි මේ කතන්දර අවුරුදු බර ගාණකට පස්සෙත් මගේ හිතේ එදා වගේම අදත් රැඳිල තියෙන්නෙ?
මෙන්න උත්තරේ.. කතන්දරකාරය කියන්නෙ නිකම් නෙවෙයි නෙ. පුංචි සිද්ධියක් වුනත් හිතල හිතල අමුතුම අවසානයක් ගොතා ගන්න පුංචි කාළේ ඉඳලම තිබ්බ හැකියාව නිසයි එහෙම වුනේ.ඒ දවස්වල blog ලියන්න ඈති හිතෙන් . පුංචි කාලේ අපි කොයි තරම් නම් දේවල් ගැන අනන්තයට හිතනවද ?
ඈඟපතින් ලොකු වෙන කොට මනසේ අවධානය අඩු වෙන නිසා චුංචි පුංචි දේවල් අපිට මතක හිටින්නෙ නැහැ.දැන් බලන්න අද කාර්යාලයේදී සිද්ධවුන පුංචි දේවල් දැන් මතක නැහැ නේද
බය වෙන්න එපා ලෝකෙ තිබ්බ සියළුම කොම්පියුටර් වල hard disk පිරුණත් අපේ මොළේ නම් ඉඩ බොහොමයි.
මොලේ විතරද ... ඈයි හිතේ ඉඩ ....
කකා said--
ReplyDelete''මගේ මතකය මේ කතන්දර වලින් පිරිල හින්ද පාඩුව මට ම යි. අළුතින් දේවල් දාගන්න Hard Disk එකේ ඉඩ නෑ.''
අලුතින් දෙවල් වෙනම තැන්පත් කරලා හේමීට කියන්න. පරණ කතා හොදයි අපිට. ලෝරා ඉංගල් වයිල්ඩර් ලිට්ල් හව්ස් කතා මාලාවෙන් එයාගේ කතාව කිව්වට අන්තිමේ දී එකේ ලියවිලා තියෙන්නෙ ''ඈමරිකාවේ ඉතිහාස'' කියලා ඒයාම කියලා තියෙන්නෙ. ඉතිං ඔයාගේ පරණ හාඩි ඩිස්ක් එකක් ඒ වගේ කරන්න පුලුවන්නෙ.
ටීචර් කිව්වෙ බ්ලේඩ් එකක් අරන් ඇඟිලි කපනව කියලද, ඇඟිලිවල නියපොතු කපනවා කියලද?
ReplyDeleteලාල් බය වෙලා හිටිය නිසා ඇහිල නෑ හරියට මගෙ හිතේ. හරි හොඳ ටීචර් කෙනෙක් නෙව, දරුවන්ගෙ නියපොතුත් කපල දෙනවා!
මමත් පොඩි කාලෙ ඉදන් B පන්තිවල තමයි හිටියෙ.. කතන්දෙරෙ කොහොමත් A පන්තිවල ඉන්නෙ මරුමුස් පැටවු. වයසක ගුරුවරු මහන්සි වෙලා මහන්සි වෙලා , දරදඬු වෙලා...
ReplyDeleteකතන්දර... පුංචි හිත් වලට සමහර බ්ලේඩ් තල වචන සැර වැඩියි.. ඒවා පතුලටම කිඳා බහිනවා... සුව කළ නොහැකි තුවාල ඇති කරනවා.. අද මං මෙතැන ඉන්නෙ මගේ ගුරුවරු හිංදා.. ඒක අවිවාදාත්මකයි.. ඒත් මගේ සමහර දේවල් ලත් තැනම ලොප් වුනෙත් සමහර ගුරුවරු හින්දයි..ගුරුවරුන් උපාදිධාරින් උනාට මදි.. ඔවුන්ට ළමා මනස තෙරුම් ගන්න පුහුණුව තියෙන්නම ඕනෙ..
ReplyDeleteගුරුවරු දෙමව්පියෝ කියන්නේ අපේ ප්‍රතිරූප.... role models.. ඒ නිසාම ගුරුවරු හුඟාක් පරිස්සම් වෙන්න ඔනා අවවාදයක සහ තර්ජනයක වෙනස වටහ ගන්න... පුංචි මනස දඟකාර නමුත් බොහෝ දෙයින් නොපිරිච්ච අහිංසක එකක්. එයට විස තුඩු දමා පාරන්න හොඳ නැහැ.. මොකද සමහර තුවාල හොඳ වෙන්නෙ නැහැ... ඔඩු දුවනවා.. එක්කෝ කල් ගිහින් හරි මතු වෙනවා...
ReplyDeleteමම නම් හිතන්නේ එකම දේ විවිධ වු ස්වරුපයෙන් හා අඩු වැඩයෙන් පුනරාවර්තනය වෙනවා කියලා
ReplyDelete[
අන්න රවා වැදගත් කතාවක් කියලා තියනවා
1 සිට 5 ට B
9 සිට 11 ට B මාත් හිටියා
]
කතාව කියවනකොට Wathට වගේ මටත් හිතුනේ ක.කා ට සෑහෙන වයසයිනෙ දැන් කියල. කතන්දර සීයා කියල නම වෙනස් කරොත්?
ReplyDeleteරවා කිව කතාවනම් හරි තමා..! A පන්තිවල ඉන්නෙ මරුමුස් පැටව් තමා..මාත් A පන්තියේ හිටිය කොල්ලෙක්...අපේ වැඩේම අල්ලපු පන්ති වලට ගරිල්ලා ප්‍රහාර එල්ල කරන එක :D ...අන්තිමත කොහොම හරි ඉස්කෝලෙ ඉන්න හොදම ළමයි ටික අපේ පංතියේ මම ඇතුලු මගේ යාලුවෝ සෙට් එක උනා ! අපි තාමත් හරිම එකමුතුයි ! :-)
ReplyDelete(අපි හොද ළමයි උන හැටි ඉතින් අහන්න දෙයක් නෑනේ) :-P
පාන් ගෙඩියක් ශත තිස් පහට තිබුණ කාලෙ ගැන කියන්නෙ අපේ තාත්ත එහෙම තමයි. මම දන්න කාලෙ නම් රු.2 ක් විතර වුණා. 2004 දි 3.50 ට දුන්න. මහජන සම්පත දන්න කාලෙ ඉඳන් රු.10යි. කට්ටිය කියනව වගේ කතන්දරට හරි වයස ඇති තමයි.
ReplyDeleteමමනම් ගුරුවරුන්ට එදා ඉඳලම කැමැතිම නෑ. අන්තිම නරක කොට්ඨාශයක්. මට හරි සතුටුයි එයාල විවේචනය වෙනව දකිද්දි.
@ All
ReplyDeleteප්‍රතිචාර දැක්වූ සියළු දෙනාටම ස්තුතියි.
අද මහජන සම්පත් රුපියල් 20 යි. නමුත් ඊට කලින් 15 ට, 18 ට තිබුණද, නෑ නේද? ඊයෙ දහයයි, අද විස්සයි, හෙට හතලිහයි. බඩු මිල වැඩි වෙන්නේ එහෙමයි. ලොතරුයියේ ගාන කිව්වේ, මන්තරකාරි ටීචර් ගේ රුපියල දෙකේ කලබලයට නිසි තැන දෙන්නයි. නැතුව මගේ වයස ගැන කියන්න නෙමේ.
-කකා
ඒක හරි. නැත්තම් අපි හිතනව මොකද මේ රු.2කට ටීචර් කෑගහන්නේ කියල.
ReplyDeleteනියමයි...
ReplyDelete