Followers

Wednesday, November 25, 2009

[කතන්දර කාරයා] ලංකේන්ඩියා Lankendia - ලංකාවටයි ඉන්දියාවටයි පොදු භාෂාවක්


මට මේ කතාව කිව්වෙ පිටරට ඉගෙන ගත්තු මගෙ යාළුවෙක්. නෑ, නෑ, මේ කියන්නෙ අර අරක්කු ඕනා කෝක් වානා කතන්දරේ කතා නායකයා වුනු ඉන්දියාවෙ ඉගෙන ගත්තු මගෙ යාළුව නෙමේ.

මේ කියන පොර රුසියාවෙයි ඉගෙන ගෙන තියෙන්නෙ. හැබැයි මේ කතාවට ඉන්දියන්කාරයෙකුත් සම්බන්ධයි. එයත් අර බර්ත් ඩේ කාඩ් එක ගැන කතන්දරේ හිටිය ඉන්දියන්කාරය නං නෙමේ. වෙනිං එකෙක්.

ඔන්න ඉතිං මගෙ හිතවතා ගියා රුසියාවෙ ඉගෙන ගන්න ස්කොලර්ෂිප් එකක් ලැබිලා. මිනිහ එහෙදි නතරවුණු විශ්ව විද්‍යාල නේවාසිකාගාරයේ හිටියෙ ඉන්දියන්කාර රූම් මේට් කෙනෙක්.

මුලදි, මුලදි දෙන්න කතාබහ කළේ දන්න ඉංගිරිසියෙන්. ටික ටික රුසියන් භාෂාව ඉගෙන ගන්න කොට නොදන්න රුසියන් වලිනුත් කතා කරන්න හැකිවුනා.

හැබැයි විවිධ අවස්ථා ඇවිල්ල තියෙනව මේ දෙන්නට, රුසියන් සහ ඉංගිරිසි වලට අමතරව වෙන භාෂාවකින් කතාකරන්න අවශ්‍ය වුනු. ඒ අනිත් අයට, විශේෂයෙන් ම රෂියන්ලටයි, ඒ එක්කම ඉංගිරිසි දන්න අයටයි නොතේරෙන්න.

මේ වෙනකොට දෙන්නට තේරිලා තිබුනෙ, ඉන්දියන්කාරයගෙ හින්දි භාෂාවටයි, ශ්‍රී ලාංකිකයගෙ සිංහල භාෂාවටයි පොදු සංස්කෘත භාෂාවෙ වචන තියෙන බව. හොඳම උදාහරණය තමා භාෂා කියන වචනයම. මේ සංස්කෘත වචන ඉන්දියන්කාරයටයි, අපේ පොරටයි දෙන්නටම තේරෙනව, හැබැයි වෙන උන්ට අණ්ඩර දෙමල!

ඉතිං මුං දෙන්න දන්න දන්න වචන පාවිච්චි කරමින් හදාගත්ත මං මේ කියන ලංකේංඩියා භාෂාව. (මේ නම දැම්මෙ මමයි 2009 නොවැම්බර් වල).

ඔන්න උදාහරණෙකට හිතමු මුං දෙන්න කොහෙ හරි ගිහින් ඉන්න කොට පිටි පස්සෙ ඉන්නව කියල හොඳ ලස්සන කෙල්ලෙක්. මේ බව මුලින් දකින එකා අනිකට කියනව මෙන්න මෙහෙම.

දක්‍ෂිණ දිශා, සුන්දර් ස්ත්‍රී.

හොරුහෙන් ඒ දිහා කාටවත් නොතේරෙන විදියට බලන අනිකා උත්තර දෙනව මෙහෙම.

උත්කර්ෂ ස්ත්‍රී! විශාල් පයෝධර්. චිත්තහ් ප්‍රීතී!

වැඩේ තේරුණා නේද?

මුං දෙන්න ඔය ආකාරයට මේ ලංකේන්ඩියා භාෂාවෙන් කතාකර කර හරි ජොලියක් වින්ද. භාෂාවත් එන්න එන්නම දියුණු වුණා. හැබැයි ඔන්න එක දවසක් වැඩේ වැරදුණා.

ඒ කතාව පස්සෙ දවසක කියන්නම්!

- කතන්දර කාරයා -
දෙසැම්බර් 19 දා Sinhala Bloggers Union සාදයේ දී හමුවෙමු!

එතකං මගේ පරණ කතන්දර බලන්න.

1. ජූලි කතන්දර
2. අගෝස්තු කතන්දර
3. සැප්තැම්බර් කතන්දර
4. ඔක්තෝබර් කතන්දර
5. නොවැම්බර් කතන්දර

10 අදහස්:

  1. ela katha ban!

    ReplyDelete
  2. හික් හික් දෙන්නට මරු ආතල් ඇති.. අහන් ඉන්න අයට මොනා හිතෙනවද දන්නේ නැහැ නේ.

    ReplyDelete
  3. "උත්කර්ෂ ස්ත්‍රී! විශාල් පයෝධර්. චිත්තහ් ප්‍රීතී! ? niyama bhaashaawa machan . .. pissu kora wenawaa . . hik hik

    ReplyDelete
  4. හකාස්.. .එළනෙ බං.
    මරු ජෝඩුව !

    ReplyDelete
  5. නියම භාෂා ප්‍රයෝගයක් වගේ ඒක නම්...සංස්කෘතහ් හැමෝටමහ් බැහ් කීවලු!

    මමත් විද්‍යාවට බර කතාවක් ලියල තියෙනව

    ගිහිං බලන්න...

    http://teraki.blogspot.com/2009/11/blog-post.html

    ReplyDelete
  6. "දක්‍ෂිණ" කියන්නෙ "පසුපස" කියන එකදැ? කෝම උනත් ආර්තල් කතාව! :P

    ReplyDelete
  7. Chaminda from DhakaJul 28, 2010 04:28 AM

    Malli Gindara Kathawa!

    ReplyDelete
  8. ඇත්තටම දියුණු කරන්න පුළුවන් භාෂාවක් වගෙයි දකුණු ආසියාවටම.

    ReplyDelete

කතන්දරේ ගැන මොකද හිතෙන්නේ? ලියන්න! Any comments, please?
(Comments are moderated and those with inappropriate content will be deleted).