Followers

Sunday, April 25, 2010

තවත් කැන්ටිං කතන්දර : KK-BM5


අපේ තාත්තව නතර කරල තිබුණු ඉස්පිරිතාලෙ පෙරේරා උන්නැහලො රන් කරන කැන්ටිමේ පාන් කන්න පුළුවන් සම්බෝලයි, අල හොදියි එක්ක විතරළු.

ඒ කොම්පැණියෙ අය තීරණය කරල තියෙනව, චිකන් දෙන්නෙ රොටි කන අයට විතරයි කියල.

ඔය නීති වලින් ඇහැකියැ, මගේ පාන් කෑම නවත්තන්න. මගේ වචනෙට දෙකට කෂ්ටිය සරෙන්ඩර්. විනාඩියකින් මං පානුයි චිකනුයි එක්ක හැප්පෙන්න පටන් ගත්ත.

ඒගොල්ලො දුන්න පාන් පෙති හතර මට ගෑවෙන්නත් මදි වුනා.

මං ආපහු කවුන්ටරේට ගියා කැන්ටිමේ දෙවන නීතියත් කඩන්න. ඒ තමයි කරි නැතුව පාන් විතරක් මිලට ගැනීම. කැන්ටිං එකේ අයගේ හොඳ වෙලාවට පාං ඉවරවෙලා!

මං ඒ පාර සල්ලි ගෙව්ව සීනි සම්බෝල දාපු මාළු පාං ගෙඩි දෙකකටයි, නෙස්කැෆේ එකකටයි.

බිල අරගෙන ගිහින් බඩු දෙන කොළුවට දුන්නහම මෙන්න එයා මගෙන් අහනව, "සර් කෑමටද?" කියල.

මාළු පාං ගන්නෙ කන්නෙ නැතුව බොන්නයැ?

මං ඉතිං කිව්ව මෙන්න මෙහෙම.

"ඔය නෙස්කැෆේ එක නං බොන්න. අනිත් ඒව කන්න තමයි."

පස්සෙයි තේරුනේ මේ කොළුව අහල තියෙන්නෙ, මාළු පාං ගෙනියන්නද (take away) කියලයි!

කතන්දරකාරයා

2 අදහස්:

  1. නියමයි, නියමයි..

    ReplyDelete
  2. අයියෝ සර් තව ඩිංගෙන් ඔයා කන්නෙ මොනාද කියල මට මැවිල පේනව? වෙන මොනවද ඉතින් ගුටි තමයි......

    ReplyDelete

කතන්දරේ ගැන මොකද හිතෙන්නේ? ලියන්න! Any comments, please?
(Comments are moderated and those with inappropriate content will be deleted).