ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Saturday, 3 April 2010
මිලාගිරියේ St Pauls නපුරු විදුහල්පති සහ අපේ කාලයේ නපුරු ගුරුවරු
අද දිවයින පත්තරයේ තිබුණු එක්තරා ප්‍රවෘත්තියක් දැක්කට පස්සෙයි මේ කතන්දරය ලියන්න මට හිතුනෙ. මේක ඇත්තටම එක කතන්දරයක් නෙමේ, කතන්දර වැලක ආරම්භයක් කියල කියන්නත් පුළුවන්.
කතන්දරකාරය අවුරුදු දාහතරක් ම ඉස්කෝලෙ ගිහින් අවසාන වුනේ දැන් සෑහෙන්න කාලෙකට කලින්. මං හිතං හිටියෙ ඒ කාලෙ හිටිය නපුරු විදුහල්පතිවරුයි, නපුරු ගුරුවරුයි, කාලයේ වැලිතලාවෙන් දැන් වැසී ගොහින්, ලංකාවේ සමාජය ඉදිරියට ගිහිල්ලා කියලයි.
නමුත් මේ සෙන්ට් පෝල් එකේ ළමයගේ ප්‍රශ්ණය නිසා ලෝකෙ තාමත් කොච්චර කුරිරුද කියල මට හිතුන. මීට මාස හය හතකට කලින් අර කෑගල්ලෙ දෙමල තාත්ත කෙනෙක් දිවිනසා ගත්ත මතකද, තමන්ගෙ පුතාට ඉස්කෝලයක් නැහැ කියල. ටීචර්ල ගෙ කැත වැඩ නිසාහිටපු ඉස්කෝලෙන් අස්කර ගන්න උනාට පස්සෙ.
මේ සේරම දේවල් හින්ද තමයි නපුරු ගුරුවරුන්, විදුහල්පතිවරුන් ගැන මේ කතන්දර පෝලිම ලියන්න ඕනැම කියල හිතුනෙ.
කතන්දර කුට්ටි කරනව කියල දොස් කියන්න නං එපා. මේව එච්චර ලොකු කතා නෙමේ කොහොමටත්.
මිලාගිරියෙ බාලිකා ඉස්කෝලෙ විදුහල්පතිනියගෙ වැඩ ගැන කියවපු වෙලේ මට ඉස්සෙල්ලාම මතක් වුනේ මං හතරෙ පන්තියෙදි වෙච්ච සිද්දියක්.
අපි ප්‍රාථමික පන්තිවල ඉන්න කොට ඉංගිරිසි හැර අනෙක් සේරම විෂයයන් උගන්වන්නෙ පන්තිය බාර ටීචර් තමයි. වාර විභාග පවත්වන්නෙත්, ලකුණු දෙන්නෙත් එතුමියම තමයි. ඉංගිරිසි වලට වෙනම සර් කෙනෙක් හිටිය.
ඔන්න එක වාර විභාගයක් ඉවර වෙලා ටීචර් රිපෝර්ට් කාඩ් හදන කොට තමයි තේරුනේ, මගෙයි තව ළමයි දෙතුන් දෙනෙකුගෙයි ඉංගිරිසි ලකුණු එයා ට ලැබිල නැති බව.
කතන්දර, ගිහින් ඉංගිරිසි සර්ගෙන් ලකුණු සේරම ලයිස්තුව ඉල්ලගෙන එන්න අපේ ටීචර් මට කිව්ව.
මාත් ඉතිං ඒ අණ පිලිපැද්ද.
ඉංගිරිසි සර් ගෙ මේසෙ වටේ ළමයි දෙතුන් දෙනෙක් පිරිල හිටිය. සර් උත්තර පත්තර සේරම අවුල් කරගෙන. ඔන්න ඉතිං එයා සේරම කොල කෑලි අවුස්ස අවුස්ස අපේ ලකුණු හොයන්න පටන් ගත්ත.
එක පාරටම, එතන හිටපු අනිත් ළමයි ටික අන්තර්ධාන වුණා. මං විතරයි ඉතුරු වුනේ. බැලින්නං අපේ නපුරු විදුහල්පතිතුමා සම්ප්‍රාප්ත වෙලා.
එතන හිටපු අනිත් ළමයි කෙසේ වෙතත්, මං එතනට ඇවිල්ල හිටියෙ අපේ පන්ති බාර ටීචර් ගෙ පණිවිඩයකට නෙ. මං බලං හිටිය අපේ ඉංගිරිසි සර් මට ලකුණු ලයිස්තුව හොයල දෙනකං. ඔය අතරෙ, නපුරු විදුහල්පතිතුමා අපේ ඉංගිරිසි සර් එක්ක මොකක්දෝ කතාවක් පටන් ගත්ත.
තත්පර කිහිපයකින් පොර දැක්ක මං එතන නොසැලී ඉන්න බව. දැකල පොර හැරුණ මං හිටිය පැත්තට.
ගුරුවරු කතා කරන තැන්වල මොකද මේ කරන්නේ කියල මට බණින ගමං කෙලින්ම ජාතික ඇඳුමෙ අත යටින් එලියට ආව එයාගෙ දිග වේවැල.
හොඳ වෙලාවට මං ආපහු හැරුණෙ. ඒක හින්ද වේවැල් පාර වැදුණෙ මගෙ කකුලට විතරයි. කකුලෙ තිබුණු පොඩි විසර ගෙඩියක් පැලිල ලේ ගලන්න පටන් ගත්ත.
අපි හිටපු තැනට එයා තමයි පස්සෙ කඩං වැටුනෙ කියල විදුහල්පති එක්ක රණ්ඩු කරන්නයැ?
මං ගුටිය කාගෙන අපේ පන්තියට දුවල ගියා.
ඇක්සයිස් පොතක අග පිටුවෙන් බාගයක් කඩල කෙලවලින් ඒක පොඟෝල අර ලේ එන තුවාලෙ අලව ගත්ත.
එච්චරයි. අද වෙනතුරු මං අපේ අම්මටවත් කිව්වෙ නෑ මේ කතාව.
"ආනන්තර්ය පාප කර්මයක්" කියන්නෙ, පාසැල් සිසුවෙකුගෙ ලේ හෙලවීමට නෙමේ නේද? මං හිතන්නෙ ඒක "අහෝසි කර්මයක්" වෙන්න ඇති.
සමහර විට, මට එදා පටිසන් දුන්නෙ "අපරාපරියවේදනීය කරමයක්ද" දන්නෙත් නෑනේ.
කෝ මේ අපේ සුදන්ත සාදු?
කතන්දරකාරයා
Labels:
නපුරු ගුරුවරු
Subscribe to:
Post Comments (Atom)
මම දන්න විදුහල්පතිතුමෙකුත් තමන්ගේ කාඩ් කුඩු කර ගත්තා ඉන්ටවල් එකෙන් පස්සේ ළමයි අල්ලන්න වැසිකිලියට රිංගලා. එයා තාමත් විදුහල්පති. පතෝල වැටකොළු වලට ප්‍රසිද්ධයි..
ReplyDeleteකොහොම වුනත් පරපීඩා කාමුකත්වයට නමක් නැති වෙනවා ගුරුවරු ඒකෙන් පෙලෙනකොට.
කතන්දර ගියේ මොන ඉස්කෝලෙට ද කියල දන්නෙ නම් නැහැ (අනුමානයික් තියනව. හරියටම දන්නෙ නැහැ ).මම ගිය ඉස්කෝලෙත් හිටිය මේ වගේම ගුරුවරු තුන්දෙනෙක්.(තව ඉන්න ඈති. මට මුලිච්චි වුනේ තුන්දෙනයි)
ReplyDeleteඑක්කෙනෙක් මාව බොහොම අසරණ කරල ච්ත්‍ර පන්තියෙන් එළියට දාලා ඒයාගෙ යහළු තුරුවරියකගෙ දුවෙක්ගෙන් ඒ පුරප්පාඩුව හවල දැම්ම.මට වෝටර් කලර්ස් ගන්න විදිහක් තිබිබෙ නැහැ.ඒ දවස් වල තාත්තට පඩි ගෙවුවෙ නැති නිසා.
ඒත් එයා කරේ හොඳ දෙයක්. මොකද මම දැන් හොඳ වයලීන් වාදකයෙක්. නැත්තම් කුරුටු බලි ඈඳ ඈඳ ඉන්නව.
අනිත් කෙනා ක්‍රීඩා තුරුවරිය. අනිත් කෙනා බටහිර සංගීත ගුරුවරිය. එයාට ඕන වුනේ ලස්සන ළමයි. වැඩ බැරි වුනාට මොකද පොත්ත රතු අය තමයි එයා තෝර ගත්තෙ. අපි ඉතින් ඒ දවස් වල කිළිටි පෙරන් හිටියෙ .
ඒ අතරෙත් මල් තියල වඳින්න පුලුවන් ගුරුවරු හිටිය . දැනුත් ඈති.මගේ ගණිත තුරුවරිය , විද්‍යා ගුරුවරිය සහ ඉිග්‍රීසි ගුරුතුමාට පින් සිද්ධ වෙන්න අද මම තැනක බඉන්නව.
කතන්දර , අද ගොඩක් දුර අතීතෙකට අපිව අරන් ගියා. (දැන් ඉතින් අපි නාකි )
මම හිතුවෙ දැන් සුකෝල ගොඩක් වෙනස් වෙලා කියල . බැලුවම වෙනස තියෙන්නෙ පුද්ගල නමේ විතරයි . නමට යටින් ඉන්නෙ පරණ පුරුදු අයම තමයි.
දරුවන්ගෙ අවාසනාව
කසූගෙ ප්‍රශ්නයට උත්තර දෙන්න මට අභිධර්මයේ චිත්ත කාණ්ඩය නවත වතාවක් මතක් කර ගන්න උනා. කෙටියෙන් කියනවනම් ඒ අවස්ථාවේ ප්‍රින්සිපල්ට ඇති උන සිත අයත් වෙන්නෙ කාමාවචර සිත් කාණ්ඩයට. නැවත වතාවක් බෙදා දක්වනවානම් අකුසල සිත් කාණ්ඩයේ දෝස සිත් 2 න් එකක් තමා ඇති වෙන්නෙ.
ReplyDelete- දෝමනස්ස සහගත පටිඝසම්පයුත්ත අසංඛාරික සිත -
දොම්නස, අමනාපය, තරහව සහිත ගැටීමෙන් යුක්ත බාහිර පෙලඹවීමක් නැතිව ඇති වුන සිතක්. ඇති වෙන සිත මොකද්ද කියල කියන්න පුලුවන් උනත් විපාක ගැන කියන්න බෑ. බුදු හාමුදුරුවෝ කිව්වෙ කර්ම විශය හරි ගැඹුරුයි කියලනෙ.
දැන් කව්රුත් සාදු කාරයක් දීල පින් අනුමෝදන් වෙලා ගෙනාපු පිරිකර අරන් එන්න.
අමතක උනා කියන්න මේ සිත් ගැන දනගන්න ආස අය ඉන්නවනම් මෙන්න තැන http://bit.ly/djGmHT
ReplyDeleteහොද කතාවක්
ReplyDeleteඅනෙ කතෙ.. ඔයගෙ ඉව තිබුන්නෙ නැද්ද.. පරිසරයෙ තියෙන වෙනස්විම් අල්ල ගත්තෙ නැද්ද..යාහලුවන්ව අදුනගන්න තැන් තමයි ඔය.. විදුහල්පති ලැන්ඩ් කරද්දි අපෙ ඉස්කොලවල හෙව්වැහැකි..විදුහල්පතිට කලින් රැල්ල එනවා..ඔව්වා එච්ච්ර වැඩ නෙමෙ. අපෙ සර් කෙනෙක් එකෙකුට ගැහැව්වා දවස් දෙකක් ඉස්පිරිතාලෙ ඉන්න.. හැබැයි වු අදත් ගහපු එකට පින් දෙනවා..
ReplyDeleteඅපේ ඉස්කෝලෙ හිටපු පොල් ටොක්කා ස'රුයි, කම්මුලු අබේ ස'රුයි මතක් වුනා.
ReplyDeleteකසූ එදා නොදිව්වට අපිනං ප්‍රින්සිපල් දැක්ක ගමන් දුවනවා කිසිම හේතුවක් ඔනි නැහැ.
ReplyDeleteඔය පුරුද්ද අපි උ.පෙල කරන කාලේ වෙනකංම ඈරගන්ඩ බැරි උනා.
උපෙළ කරන කාලේ එක දවසක් අපි ඒ කාලේ ඉස්කෝලෙ හිටපු ප්‍රින්සිපල් (මිනිහට අපි කිව්වෙ සංඛභානු-අර ජැක්සන් හදපු නාට්ටියේ හිටපු සංඛභානු වගේ නිසා)දැකලා දුවද්දි එයත් පන්නගෙන ඈවිත් අපෙන් අහැව්ව 'උඔලා මාව දැක්කහම දුවන්නෙ ඈයි කියලා විතරක් කියල යමල්ලා' කියලා බොහොම කාරුනිකව.
අප්පච්චියේ බොහෝම ස්තූතියි අතීතයට ගෙන ගියාට.
ReplyDeleteමාත් ඉතින් හෙඳට කාලා හැදිච්ච එකෙක් තමයි.(හැදුනාද කියලා නම් හරියටම කියන්න මමවත් දන්නේ නෑ)
මම තරම් ඒ දවස් වල හොඳ අහපු එකෙකුත් නෑ ගුටි කාපු එකෙකුත් නෑ.
ඒත් ඉතින් පට්ට යන්න ගැහුවත් මම මගේ ගුරුවරුන්ට අදටත් හරිම ආදරෙයි.
මොනවා උනත් ගුරුවරු කියන්නේත් මිනිස්සුම තමයි.
එයාලගෙත් හැගීම් තියෙනවා. තරහා ක්‍රෝධ වෛර ඊර්ෂ්‍යා ඇති සාමාන්‍ය මිනිස්සු..
ඒ දේවල් යටපත් කරගෙන හැකි උපරිම අයුරින් මට ඉගැන්වූ දේවල් වලට මම ණයගැතියයි හැමදාමත්...
මගේ ලොකු ආශාවක් තියෙනවා මගේ ජීවිතේ බාලම සන්ධියේ ඉදලා මට ඉගැන්වූ ගුරුවරු ඔක්කෝම එක තැනකට එක්කාසු කරලා ඒ අයත් එක්ක දවසක් ගත කරන්න...
ඒ වගේ අත්දැකීම් නැති අය මම හිතන්නේ නැහැ අපි අතර ඇති කියලා. (මටත් තියෙනවා, අපේ අම්මලා තාත්තලා කාරණා කාරණා තේරෙන අය නිසා හොඳයි ඉතින්). බොහොමයක් වෙලාවට මානසික ආබාධ (අපි කියමු උදාහරණයකට පරපීඩා කාමුකත්වය නැතිනම් සාමාන්‍ය විශාදය කියලා) ගුරුවරු අතරත් තියෙනවා. ඒ අයත් මිනිස්සුනේ. ඒත් ඒ අයට සමාජයේ අනික් මිනිස්සුන්ට වඩා ලොකු වගකීමක් තියෙනවා, මොකද පුංචි ළමයෙක්ගේ හිතකට පළුදු වීමක් වුනොත් සුව කිරීම අමාරුයි.
ReplyDeleteහරිම අවාසනාවන්ත තත්වයක් මචං . . .
ReplyDeleteඋඹ අර කිව්ව පොඩි එකාගේ තාත්තා වස බීලා මැරුනු කතාව දැකලා ඇති වුනු කම්පනයෙන් තමයි මම "එයාට අපි ටීචර් කියලයි අමතන්නේ" පෝස්ට් එක ලිව්වේ. (http://dukaa.blogspot.com/2009/07/blog-post_05.html)
ගුරු වෘතියට ගිය කලක් . . . ඒත් අමත්ක කරන්න එපා නරක ගුරුවරු ටික දෙනෙක් අතරින් හොඳ ගුරුවරු රාශියක් ඉන්න බව . . . මේ ප්‍රින්සිපල්ට නම් මානසික රෝගයක් තියෙනවා වෙන්න ඕන. . . සමහර විට අර හොඳ කරන්න බැරි රෝගේ . . . "ඉරිසියාව" ඒක වෙන්න ඇති කියලත් හිතෙනවා
මටත් මගේ පාසැල් කාලයෙදි දෙවිවරු වගේ ගුරුමෑණිවරුන් පියවරුන් වගේම සිසුන් ගැන නොහිතන අපිව මරාගෙන කන්න හදපු ගුරුවරු කියල බෝඩ් ලෑල්ලක් විතරක ගහගත්ත නොමිනිස්සුත් මුණ ගැහිල තියෙනවා.. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව තමන්ගෙ අතේ පයේ හිරි ඇරගත්ත මේ අය ගැන මතක් වෙනකොටත් ඇතිවෙන්නෙ පිළිකුලක් !
ReplyDeleteමම උසස් පෙළ කරත්දි එහෙම කෙනෙක් හිටිය...
මම මිනිහ ගැන තිබ්බ තරහ පිටකළේ කවියකින්..
අවවාදය …
ඉල්ලුම ද සැපයුම ද …
පන්ති කාමරය තුළ පල් වෙද්දි...
වර්ධනය … සංවර්ධනය …
දැක විභාගෙන් පැන යත් දි
“යන්න එපා තොපි ටියුෂන් …
ඕන නෑ ඔය රිවිෂන් ...“
එහෙම කිව්වා, අපෙ ඉකොන් සර් …
දෙලොවකට මැදි වෙත් දි
හවස ටියුෂන් පංතියෙදි
හමුවුණා මට … සර්ගෙ ලොකු දුව …
එයත් …!
ටියුෂන් ඇවිත් ..!!
- සන්සරසිදු -
26/06/2003
Wath අක්ක කිව්ව හරි මේක අපේ අවාසනාව...
මට නිතරම මතක් වෙන්නෙ ටෙට්සුකො කුරොයොනගිගේ “The Little Girl at the Window” කෘතිය.. මේක ලීලානන්ද ගමාච්චි මහත්මයා සිංහලට පරිවර්තනය කළා.. “හරි පුදුම ඉස්කෝලේ“ කියල.. මෙම සත්‍ය කතාවේ එන කොබයාෂි මහතා වැනි ගුරුවරුන් ලබන්නට අප පින් කොට නැති සැටි...
This comment has been removed by the author.
Deleteඔය හරිම පුදුම ඉස්කොලෙ කියන පොත ගුරුවරුන්ට කියවන්න දෙන්න ඔනා....මමත් කියවලා තියනවා... දැන් ඉන්න ගොඩක් ගුරුවරු හිතන්නෙ ගුරුවරයෙක් කියන්නෙ තවත් එක වෘතියක් විතරක් කියලා.. ඇත්තටම නියම ගුරුවරයෙක් කියන්නෙ දාහෙන් සම්පතක්. අම්මාගෙනුයි, තාත්තගෙනුයි පස්සෙ ඉන්නෙ ගුරුවරයා තමයි ලමෙයෙකුට...
ReplyDeleteමේ ගැන ලියන්න යොමු වීම ඉතාම වැදගත්. ඒවගේම ලිපි පෙලක්ම මේ ආශ්‍රිතව ලියනවා කියන එක, මේ කාරණය පිළිබඳ හොඳ සංවාදයක් ගොඩ නැගෙන්නට පදනමක් වේවි!
ReplyDeleteප්‍රධානම දේ ගුරුවරුන් විසින් තමන්ගේ හා සිසුන් ප්‍රමුඛ සෙසු සමාජය මගින් ගුරුවරුන්ගේ රාජකාරිය කුමක්ද යන්න වටහා නොගැනීමයි. ගුරුවරුන්ගේ රාජකාරිය විය යුතු විෂය කරුණ ඉගැන්වීම පසෙක තබා කටයුතු කරන්න යෑම බොහොමයක් ප්‍රශ්නවලට මුල.
මීට හේතුව ලෙස දකින්න පුළුවන් අපේ සමාජය විසින් ගුරුවරුන් වෙත ලබාදෙන අසීමිත සමාජයීය පිළිගැනීම.
එයට හේතුව අපේ සමාජය ඇතැම් වෘත්තීන් දෙස බලන්නේ ස්‍වභාවයෙන්ම (?) ඒ වෙත හිමි වෙන කළු සුදු දෘෂ්ටියකින්.
සුදු රැකියාවන් කිහිපයක් මෙලෙස දක්වන්න පුළුවන්:
* දේශපාලනය.
* ආගමික පූජකත්වය.
* ඉංජිනේරුවන්
* වෛද්‍යවරුන්.
* ගුරුවරුන්.
කළු රැකියාවන් කිහිපයක් මෙලෙස දක්වන්න පුළුවන්:
* බස් රථ රියදුරන් සහ කොන්දොස්තර වරුන්.
* කම්කරුවන්.
* පොල් කඩන්නන්.
* වෙළෙන්දන් (මහා ව්‍යාපාරිකයින් නොවේ!).
* ධීවරයන්.
මෙතැනදී ඒ ඒ පුද්ගලයාගේ පෞද්ගලික ස්‍වභාවය මත කෙනෙකු ගැන අගයනවාට වඩා, කෙනෙකුගේ රැකියාව සහ සමාජ තත්වය මත කෙනෙක් ගැන අගයනවා.
සුදු අය කියන - කරන දේ හරි, කළු අය කියන - කරන දේ වැරදියි.
මෙලෙස සමාජය සිතන නිසා ගුරුවරුන් තමන්ගේ පෞද්ගලික අසහනයන් ආදිය සිසුන් මත හෙලන්නට කිසිදු පැකිළීමක් වෙන්නෙ නෑ. මොකද එතකොට සමාජය කියන්නේ "ගුරුවරයෙක් ළමයින්ට *දඬුවම්* කරන්නේ *හරිමග*ට ගන්න, නැතුව ගුරුවරයෙක් ළමයෙකුට නරකක් කරාවිද?" ලෙස බව ඔහු දන්නා නිසා. මෙතැනදී ගුරුවරයා කියන්නෙත් මනුෂ්‍ය ප්‍රාණියෙක් බව සමාජය විසින් අමතක කරලා සර්ව සම්පූර්ණත්වයක් සමාජය ඔහු තුලින් දකිනවා.
ගුරුවරයෙක්ට එරෙහිව කතා කළ සිසුවෙක්ට සමාජයෙන් ලැබෙන ප්‍රතිචාරය මොකක්ද? "ගුරුවරයෙක්ටවත් කතා කරන්න දන්නෙ නැති එකා, කොහෙද අද කාලෙ එවුංට සාරදර්මයක් සදාචාරයක් කියල එකක් ගෑවිලාවත් තියනවයැ?"
සුදු පුද්ගයන් සමාජයෙන් ලැබෙන ආරක්‍ෂාවට මුවා වී කළු වැඩ කරන්නේ ඔන්න ඔහොමයි.
අවුටිස්විට්ස් හි දොස්තරලා මෙන් සිසුවන් බය කරගෙන සිටීමටද, සිසුවන් අපයෝජනයට ලක්කර තමන්ගේ ශාරීරික හා මානසික අවපාතයන් සමනය කරගැනීමටද සමාජය විසින් ගුරුවරුන්ට ලයිසන් දී ඇති නිසා, ඔවුන්ට පැකිළෙන්න කවර හේතුවක්වත් නැහැ.
තමන් සිසුවන්ට සේවා සැපයීමට ඉන්නා පිරිසක් බව ගුරුවරුන් වටහාගත් දිනක, තමන්ට රජයෙන් වේතනයක් දෙන්නේ සිසුවන්ට සේවය කිරීමට බව ගුරුවරුන් වටහාගත් දිනක, වඩාත් වැදගත් ලෙස ගුරුවරුන් යනු තමන්ට සේවය කිරීම සඳහා වේතනයක්ද ලබන්නවුන් පිරිසක් බව සිසුන් ප්‍රමුඛ සමාජය වටහාගත් දිනක, ගුරුවරුන් ඔවුන්ගේ රාජකාරිය නිවැරදිව ඉටු කරනු ඇති.
ඔය පාසලේ මම දන්න කාලේ ඉඳලා ( මම ඉස්කෝලෙ යන කාලෙ ඉඳල) ඔය ඉස්කෝලෙ ඔය වගේ ප්‍රශ්ණ වලට ගොඩක් ප්‍රසිද්ධයි. ඕකට එන ප්‍රින්සිබල්ලාත් ඕකටම හරියන කට්ටිය. තේරෙන්නෙ නැත්තෙ, ගෑනු ලමයෙක්ට මේ වගේ දඬුවමක් දෙන්න තරම් මේ මිනිස්සු සත්තු වෙච්ච එකයි.
ReplyDeleteමෙතෙක් කලකට මම නම් අපේ ලොකූ සෑර්ගෙන් ගුටියක් කාලා නෑ :-D
ReplyDeleteඅපො ඒ අතින් සර්ලා කිප දෙනෙක් හිටියා මාරම ඉරිසියාවේ !! IT කරන කොට මාව නිකන් මුගටියාට නයා පේනව වගේ !!
ඉස්කොලේ කාලෙ නම් ගුටි කාල තියෙනවා. ඒත් ඉතින් අපිට ඉව තිබ්බනේ. ඔය වගෙ ගුරුවරු ලන් වෙනකොට ඉවට දැනුන. අපි මාරු
ReplyDeleteපුදුමාකාර කමෙන්ටු ගොඩක් ඇවිත් තිබේ.
ReplyDeleteකවුරු කවුරුත් ගුටි කා ඇති බව පෙනී යයි!!
නපුරු ගුරුවරු ගැන කතන්දර තව කීමට ඇත. එහෙත් සොඳුරු ගුරුවරු ද සිටිණ බව සැලකුව මැනව!!!
කකා
ගුරුවරු, දොස්තරලා මේ හැම චරිතයක්ම රඟපාන්නේ මිනිස්සුනේ.
ReplyDeleteමේ තත්ත්වය ගැන මීට වඩ හිතන්න වෙනව. ගුරුවරයා\ගුරුවරිය ඉතාම ඉහල පෞර්ෂයකකින් හෙබි අයෙක් විය යුතුයී. තමාගෙ සිසුවා යනු වහලෙක් නොවන බව ගුරුවරයා\ගුරුවරිය තෙරුම් ගත යුතුයි. සරලව ම කිව්වොත් "අපිට කෙලවන්න හදපු ඔක්කොම උන් අපිට තාම මතකයි". බොහෝ ගුරුවරු එම තනතුර දැරීමට සුදුසු නෑ, ඒත් දෙවියන් වනි ගුරුවරු අතලොස්සක් ද ඇත. ඔබගෙ ජීවිතය වෙනස් කිරීමට උදව් කල ගුරුවරුන් කව්ද යන ප්‍රශ්නය තමන්ගෙන් ම අසන්න. ඔබට නම් 10 ක් වත් ලබෙන්නෙ නෑ.එත් ඒ ටික දෙනා ඔබෙ ජීවිතය වෙනස් කලා.එකයි ඇත්ත. හොඳ ගුරුවරයෙක්ට ලොකු වෙනසක් අති කරන්න පුලුවන්. මගේ ජීවිතේ ගොඩ දාපු ගුරුවරු සියලු දෙනාටම පිං.
ReplyDeleteඅයියාගෙ මේ ලිපිය කියවල මගේ අද්දැකීමකුත් මතක් උනා මම ඒ කතන්දරය මගේ එකේ දානව හොදේ, අයියාගෙ සයිට් එකට හයිපරයකුත් දැම්ම ඔන්න
ReplyDeleteaiyooooo e ganita elava elava denna one
ReplyDeleteමම නම් ප්‍රින්සිබැල්ලිගේ කොදුඇට පෙලම කඩනවා
ReplyDelete@ Railbus
ReplyDeleteඑහමෙ නෙමේ, එතකොට ලෙඩ්ඩු දෙන්නයි නේ.
මුළු සිස්ටම් එකමයි වෙනස් කරන්න ඕනෑ.
බලය තියෙන එකා බලය නැති එකාට පහර දී අවනත කර ගන්න හදන එකයි නවත්තන්න ඕනෑ.
වෛරයෙන් පාඩම් උගන්නන්න යනවට වඩා ඒවගේ ක්ෂනික දඩුවමක් හොදයි.
ReplyDeleteමොකද සමහර ගුරුවරු ඉන්නව එලව එලව පලිගන්න.
නමුත් ලමයෙක් හදන්න ගහන එකයි ලැජ්ජාව වහගන්න ගහන එකයි වෙනස්