
"අප කන හැටි ලිපා දනී!" කියලා කීමක් ඇති බව දන්නවනේ? මේක සාමාන්‍යයෙන් කියන්නේ තමන්ගේ නැති බැරි කම දන්නේ තමන්ම බව කියා පෑමටයි.
මගේ කතන්දරේ නම් හැබැයි ඊට වඩා වෙනස් එකක්.
අපේ තාත්තා සතියක් නේවාසිකව සිටි රෝහලේ රෙස්ටුරන්ට් එකක් හෙවත් කැන්ටිමක් තියෙනව. මේක කොන්ත්‍රාත්තු පදනමක් මත පෙරේරා උන්නැහේලා විසින් පවත්වා ගෙන යන එකක්.
මහ රෑ ඉඳලා තාත්තා ලඟ නිදි මැරූ කතන්දරකාරයා අඟහරුවාදා උදේට කන්න මේ කැන්ටිං රාජයා වෙත ගියා.
පොඩි කාලෙ ඉඳලම මං කැමති කෑමක් තමයි පාං. පොඩි කාලෙ අපි පාං කෑවෙ සීනි එක්ක, නැත්තං පැණි එක්ක. ලොකු කාලෙ පරිප්පු වලට මාරු වුනා.
ඊටත් පස්සෙ කාලෙක මගේ දොළ දුක වුනේ පානුයි, චිකන් කරියි කන එකයි.
ඉස්පිරිතාකෙ කැන්ටිම කරන පේරේරා උන්නැහේ ලා බේකරි වැඩ වලට නම ගිය අයනෙ.
ඉතිං මං කවුන්ටරේට ගිහින් ඉල්ලුව පානුයි, චිකනුයි දෙන්න කියල.
මෙන්න බොලේ කැෂියර් තුමා කියපි දෙන්න බෑ කියල. නෑ කියල නෙමේ බෑ කියල!
තේකක් බීල ඇවිත් ලියන්නම් ඒ ඇයි කියල.
කතන්දරකාරයා
අනේ ඒ කියන්නේ අනිත් post එක දානකම් ඉන්න වෙනව නේද? හ්ම් හ්ම් එහෙනම් තේ බීලම එන්නකෝ
ReplyDeleteඒ මොකද බොලේ ඒ.
ReplyDeleteඇවිත් ලියමු එහෙනම්.
ඇවිත් ලියමු ...
ReplyDeleteතාත්තට දැන් කොහොමද මචං ? අර ඉබ්බගෙ කතාව මගේ හිතට අල්ලල ගියා ...
ReplyDeleteAsiri Surgical, 1 P&S 1, wenna ethi??? Oka maha pada show thank. ! DDDDDDDDD
ReplyDelete