
අවුරුදු බර ගාණකට ඉස්සර කාලෙක.
"තාත්තේ!"
"හ්ම්."
"තාත්තේ, කතන්දරයක් කියන්නකෝ!"
"හ්ම්."
"අනේ තාත්තේ කියන්නකෝ!"
"ඔන්න එකමත් එක රටක හිටිය මහ කිරි ඉබ්බෙකුයි, මහ කිරි ඉබ්බියෙකුයි. මේ දෙන්නට හිටියා පොඩි කිරි ඉබ්බො පැටවු තුන් දෙනෙක්."
"අනේ තාත්තේ, ඔය කතාව අපි දන්නවා, වෙන එකක් කියන්නකෝ."
"හ්ම්."
"අනේ තාත්තේ කියන්නකෝ!"
"ඔන්න එකමත් එක රටක හිටිය මහ ගල් ඉබ්බෙකුයි, මහ ගල් ඉබ්බියෙකුයි. මේ දෙන්නට හිටියා පොඩි ගල් ඉබ්බො පැටවු තුන් දෙනෙක්."
"අනේ තාත්තෙ, අපිට එපා ඔය ඉබි කතා. තාත්ත හැමදාම කියන්නේ ඔය ඉබි පැටව් තුන්දෙනාගෙ කතාවමයි නේ."
"හ්ම්."
"අනේ තාත්තෙ, වෙන කතාවක් කියන්නකෝ, ඉබ්බො පැටවු නැති එකක්."
"හ්ම්."
"අනේ තාත්තේ කියන්නකෝ!"
* * * *
පසුගිය අඟහරුවාදා පාන්දරඃ
"තාත්තේ!"
"හ්ම්."
"තාත්තේ, මාව අඳුනන්න පුළුවන්ද?"
"හ්ම්."
"තාත්තේ, මං තමයි අර කිරි ඉබ්බො පැටවු තුන් දෙනාගෙන් ලොක්කා."
"හ්ම්."
"තාත්තේ"
හ්ම්.
කතන්දරකාරයා
ප/ලිඃ මගේ තාත්තාට ඉක්මන් සුව පැතූ සියළු දෙනාටම "තෑන්ක් යූ" කියමි.
ඉබි තාත්තා සුවපත් වී ඇතැයි සිතමි.
ReplyDeleteඉබි පැටියා නැවතත් ලියනවනේ නේද..?
දැන් තාත්තට සුවයිද?
ReplyDeleteඔව් අපිට කියන්නෙ නැද්ද ඉබි තාත්තට දැන් සුවයිද කියල
ReplyDeleteතාත්තාට සුවවී ඇතැයි හිතනවා... කතාව කියවලා අමුතුම දුකකුත් දැනුනා
ReplyDeleteකතාව කෙටියි... ඒත් මහමෙරක් දේවල් හිතන්න ඉතුරු වුනා..පැය ගානක් හිතන්න තරම්... සංවේදී වැඩිදෝ මන්දා කතාව..ගොඩක් බරට දැනුනා.... පියාණන් සුවෙන් යයි සිතමු... ඉක්මන් සුවයම පතමු....
ReplyDeleteකියන්න මේ ගල් ඉබ්බගෙ තාත්තාට දැන් සනීපද කියල....
ReplyDeleteතාත්තාට දැ සනීපද . . .?
ReplyDeleteතාත්තා සුවපත් වී ඇතැයි සිතනවා.
ReplyDeleteතාත්තලා නිහඬවම අපේ ජීවිත වලට කතන්දර සහ පාඩම් බොහොමයක් කියලා දෙනවා. අදටත් මම ඒ පාඩම් කියවමින් ඉන්නෙ.
machan.. thaththata kohomada? saneepada?
ReplyDeleteඔබතුමාගේ පියාණන් සුවපත් වී ඇතැයි සිතමි
ReplyDeleteඅයියාගේ තත්තාට නීරෝගි සුව පතනවා...
ReplyDeleteතාත්තා සුවපත් වුනා නම් නිරෝගීව ඉන්නට ලැබේවා!
ReplyDeleteඅනේ අර ඉබි පැටවු තුන්දෙනාගෙ කතන්දරේ ලියන්නකො. ඒක මම අහලම නෑ
ReplyDeleteකෙලින්ම ඇහැට කඳුළක් ආවා....... කොහොමද මහත්තය මෙහෙම ලියන්නෙ
ReplyDeleteමේක සිරාවටම මාරයි....
ReplyDelete