මඩු කියන්නේ මූදූ මාළුවෙක්. නිකං කුල්ලක් වගෙයි සයිස් එක. මුගේ දිග වලිගයක් තියෙනවා. මේකට තමයි මඩු වලිගේ කියන්නේ. අර වේවැලෙන් ගහනවා වගේ මඩු වලිගෙන් ගහනවා කියලා කියනවා අහලා ඇතිනේ.
මඩුවාගේ වලිගය තමයි උගේ ආරක්‍ෂක අවිය. ඒකේ තුඩ තියුණුයි. මඩුවෙක් වලිගෙන් ඇනලා තමයි බින්ඩි ගේ තාත්තාත් මැරුණේ දැනට අවුරුදු පහකට කලින්.
සමහර විට මාළු දැල්වලට මඩු මාළුවෙක් දෙන්නෙක් අහුවෙනවා. මං දැකලා තියෙනවා ගනේමුල්ලේ මාළු ලෑලිවල මඩු මාළු තියෙනවා විකුණන්න.
අපේ සීයා නං මඩු මාළුන්ට ඒ දවස්වල කිව්වේ "පෙම්බර මඩු" කියලයි!
ඒකට හේතුව තමයි "පෙම්බර මධු" කියන චිත්‍රපටිය.
ප/ලි: මට මෙතනදී වැඩේ ටැපලිලා. මං මුලින් ලියලා තියෙන්නේ දුහුළු මලක් චිත්‍රපටිය ගැනයි. පල්ලෙහායින් ඇනෝ කෙනෙක් දාලා තියෙනවා කතාව. ඇනෝ මට ඒක ලියලා ඊමේල් කල හින්දා මං නං ඇනෝ ගේ නම දන්නවා හරිය? වෙනත් කෙනෙක් කියපු විදියට මේ චිත්‍රපටිය අවසානයන් දෙකක් එක්කයි හදලා තියෙන්නේ. එදා අයිටී එන් එකේ දාලා තියෙන්නේ සුඛාන්තයයි. හෝල් එකේ පෙන්නන කාලේ දවසක් ඇර දවසක් සුඛාන්තය සහ දුඛාන්තය පෙන්නලා තියෙන්නේ. | |
හැබැයි ඔය චිත්‍රපටියේ තිබුණු "පෙම්බර මධු මගේ" කියන සින්දුව නම් කවදාකවත් අමතක වෙන එකක් නෙමේ!
"පෙම්බර මධු මගේ" සින්දුව කියන්නේ වික්ටර් රත්නායක. මා ගාව තියෙන ස ප්‍රසංගයේ ලයිව් රෙකෝඩින් තියෙන ද්විත්ව සංඝත තැටි වල දෙවෙනි එකේ තමයි මේ සින්දුව තියෙන්නේ. මං ඒ සින්දුව සියපාරක් විතර අහලා ඇති.
ඒක එච්චර මගේ හිත ගත්තු සින්දුවක්. ගායනය විතරක් නෙමේ, මියුසික් සහ තනුවත් අසමසමයි. උපරිමයි. මැක්සා. එළ!
මෙන්න සින්දුවේ පදමාලාව. රචනය කරුණාරත්න අබේසේකර ගේ. (දිලීප ගේ තාත්තා).
පෙම්බර මධු මගේ මා නැතේ ඔබෙන් මිදුනේ
සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ පෙම්බර මධු මගේ
ලොවේ හි ඈත අනන්තේ පැලක් තුලේ නොපෙනී
ඇතත් හොරෙන් හැංගීලා මගේ දුකත් නොදැනී
අරං එමී ඔබ කැන්දා ඇසිල්ලකින් පැමිණී
සුරූපි දේව විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ පෙම්බර මධු මගේ
වඩාලා දෝත පුරාලා පරෙවි කුමාරිය සේ
සුගන්ධ මල් යහනාවේ හොවා පෙමින් සිතු සේ
පවන් සලා ඔබ සනසම් ළදල්ලකින් සුවසේ
සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ පෙම්බර මධු මගේ
අපේ ම පාළු විමානේ නිසංසලේ සහනේ
අමා පැණින් මත් මත්වීලා ඔබේ දෙතොල් බඳුනේ
විඳින්නෙමී රස මදිරා පෙරුම් පිරූ ලෙසිනේ
සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ පෙම්බර මධු මගේ
සංගීතය-පී.එල්.ඒ.සෝමපාල (චිත්‍රාල් ගේ තාත්තා)
ගායනය වික්ටර් රත්නායක (ලෙලුම් ගේ තාත්තා)
මෙතනින් අහන්න.
http://www.sinhalajukebox.org/cgi-bin/smi.cgi?s=A0250011C01
ඉතිං මේ සින්දුවට මගේ තිබුණු ආශාව කොච්චරද කියලා කියනවා නං මේන්න මේ පහත තියෙන යූ-ටියුබ් වීඩියෝ එක ඊයේ රෑ ෆේස් බුකියේ තිබිලා දැක්ක වෙලේ මට ඇති වුණු ඉච්ඡාභංගත්වය වචනවලින් විස්තර කරන්න බෑ.
(Masood rana- Meri dua hai ke- film CHIRAGH KAHAN ROSHNI KAHAN)
මෙච්චර කාලයක් අග්‍ර ගනයේ නිර්මාණයක් කියලා මං හිතාගෙන ඉඳලා තියෙන්නේ උර්දු මූවි එකක කොපියකට නේ!
අනේ අපොයි!
-කතන්දරකාරයා
ප/ලි:
මට අර අහවල් වීඩියෝ එක දැකපු වෙලාවේ වත් මෙච්චර ඉච්ඡාභංගත්වයක් දැනුනේ නෑ.
අපේ කෂ්ටිය බැෂ්ටිය දුන්නු හැටි හිතාගන්න නං අපිට අමුතුවෙන් වීඩියෝ ඕනැද? නෑ, නේ?
(image: www.caglecartoons.com)
ව්ක්ටර්ගෙන් ඒ අය කොපි කරලද? පසු තැවීමට පෙර කාල වකවානුද පරීක්ශා කර,වික්ටර් එය ස්වතන්ත්‍ර නිර්මානයක් කියා කොහේ වත් කියා තිබේද යන්නත් සොයා බැලිය යුතුය.
ReplyDeleteවික්ටර් රත්නායක මහත්තයා ගීය ගායනා කරලා තියනවා විතරයි. සංගීතය පී.එල්.ඒ. සෝමපාල මහත්තයගෙන් බවක් සඳහන් වෙලා තියෙන්නේ. ගීයක් ගායනා කිරීමෙන් පමනක් එය ගායකයාගේ 'ස්වතන්ත්‍ර නිර්මානයක්' වෙනවද?
ReplyDeleteඅපෙන් වෙනත් රටවල් උදවිය කොපි කල සිංදුත් තියෙනවද?
දන්නේ නැති හින්දයි ඇහුවේ?...:)
අයි.ටී.එන්. එකේ භාරත ගී වින්දන එක දවසක් වත් බලලා තිබුන නම ඔය වගේ ඉච්ඡාභංගත්වයකට සාර්ථකව මුහුණ දෙන්න තිබුනා.
ReplyDeleteඒ දවස් වල සින්දු ගොඩක් අල්ලපු රටෙන් කොපි කරපු එව්වා තමයි. මම දන්න විදියට ඒක වෙනස් උණේ (වෙන්න පටන් ගත්තේ) හරූන් ලන්ත්‍රා සමග ඇන්ජලීන් ගයන "සුළං කුරුල්ලෝ" සින්දුවෙන් තමයි.
හැබැයි ගොඩක් වෙලාවට ඔරිජිනල් එකයි කොපියයි දෙකම විඳින්න පුළුවන් තත්ත්වයක තියනවා.
වැඩිහිටියන්ට පමණයි වෙච්චි පළවෙනි සිංහල චිත්‍රපටිය නේද ඔය . ළමයින්ට තහනම් වෙන්න හේතුව බිරිඳක් සැමියාට ද්‍රෝහී වෙනවා තියෙන නිසාද කොහෙද මයෙ හිතේ. මමත් ඕක දැකලා නෑ
ReplyDeleteවික්ටර්ගේ සින්දුවේ පොඩි සොෆ්ට් ගතියක් තියනවා . දෙකම ලස්සනයි. කොපිය වුනත් ලස්සනට කර ඇති නිසා රස විඳින්න හැකි. අපි අපේ කියල හිතන් ඉන්න ගොඩක් දේවල් කොපිද. නැත්නම් විශ්වය ගම්මානයක් කියන හින්ද එක වගේ එව්වා හැමතැනම විසිරිලාද . කෑම බීම වුනත් එහෙමයි. උදාහරනෙකට අතිරස කැවුම් . මන් හිතන් හිටියේ අපේම දෙයක් කියලයි.
ReplyDeleteහිහ්... තව කොපි තියෙනවා එහෙනම්.... අයියා දාලා තිබ්බ ලිස්ට් එකේ මං අහලා තිබුනේ "කොඩි ගහ යට සෙවනේ" විතරයි....
ReplyDeleteහෆෝයි දෙයියනේ....
ReplyDeleteChirag Kahan Roshni Kahan ෆිල්ම් එක ආවෙ 1959.. එතකොට කරු මහත්තය තමා කොපි කරලා තියෙන්නෙ.. ඒ වුනත් වික්ටර්ගෙ සිංදුව ලස්සනයි, මධුරයි නේද හින්දි එකට වඩා.. :)
ReplyDelete@චානක,
වැඩිහිටියන්ට පමණයි වෙච්චි පළවෙනි සිංහල චිත්‍රපටිය 'සුබසරණ සැප සිතේ'..
අනේ කතන්දර මට මේ සිංදුව අහන්ට බෑනේ....:(
ReplyDeleteමම නම් එච්චර මඩු මාලු වලට ප්‍රියතාවයක් නෑ.
ReplyDeleteඅයියට පුලුවන් නම් මඩු වලිගයක් හොයාගෙන තියාගන්න. ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්. :)
අපුරු යෝජනාවක් :)
Deleteහික් හික් . . . . කතන්දර ආයෙ දවසක නුගේගොඩ පැත්තෙ ගිය වෙලාවක සුපර් මාකට් එකට ගිහිං රංජිත් එදිරිසිංහ ලොක්කට කතාකරන්න . . . . ඔය කොපි කරපුවා මොනවද කොපි කරපු නැතිවා මොනවද කියල දැනගන්න පුලුවං වෙයි මයෙ හිතේ එතකොට
ReplyDelete//වඩාලා දෝත පුරාලා පරෙවි කුමාරිය සේ//
ReplyDeleteටිකක් බර වැඩි කෙනෙක් උනා නම් ඉවරයිනේ. hikz.
පෙම්බර මධු ගීතයනම් හරිම ආසම කරන ගීතයක්.කොච්චර ඇහුවත් ඒපා වෙන්නේ නෑ..
ReplyDeleteචිත්‍රපටියත් ඒවගේ.. අපේ නිලි රැජින මාලනියත් විජය කුමාරණතුංගත් මට මතක හැටියට රවින්ද්‍ර රන්දෙනියත් ඉන්නේ. හරි ලස්සන කතාව. බලපු නැති අය බලන්න . අඩන්න කැමති අයට අඩන්නත් පුලුවන්.
මේ සින්දුව වෙලඳ සේවෙන් අහල තියෙනව ඉස්සර . පුදුමයි ඔබතුමා මේක කලින් අහල නැහැ කිව්වම.
ReplyDeleteඅපේ මාමා ලඟ පරණ ග්‍රැමෆෝන් තැටි වගේක තිබිලා මම සුනිල් එදිරිසිංහගේ සිංදු වල හිංදි වර්ෂන් එක ඇහුවා, බැලුවාම කවුරුත් එකයි ........
ReplyDeleteඇත්තටම පෙම්බර මධු “පෙම්බර මඩු“ වෙලා .....
මං අහල තියෙනවා ඉස්සර ගායකයෝ මෙහේ කට්ටියගෙ ස්වතන්ත්‍ර තනු කියලා හිතාගෙන ගායනා කරපුවා පස්සේ හින්දි/දෙමළ කොපි බව එලි වෙච්ච හැටි. ජෝතිපාලත් සමහර වෙලාවට ගයපුවා ඒ විදියට නොදැන ගයලා තියෙනවලු.
ReplyDeleteපොඩි වෙනස්කම් තියෙනවා නේද උර්දු සහ සිංහල සින්දුවේ තනු වල? ඉන්ටර්ලූඩ් නං ගොඩක් සමානයි. මං හිතන්නෙ එකම රාගයක් පදනම් කරගෙන හැදුවම ඔය වගේ දේවල් වෙන්න පුලුවන්. කවුරුහරි දන්නවද මේ සින්දුව පදනම් වුනු හින්දුස්ථානි රාගය මොකක්ද කියල?
හැබැයි වික්ටර් රත්නායකගේ කටහඬට නං ගහන්න කටහඬක් නෑ උර්දු සින්දුවේ.
තව මොනව කියනවද? "පිට දීප දේශ ජය ගත්තා... ආදි සිංහලුන්" " අන්තිමේදී බුදියන පැදුරත් දැන් දැන් පිටරටින් එන්නා " කියන සිංදුවත් ඉන්දියානු ද්‍රවිඩ චිත්‍රපටි සිංදුවක කොපියක්නෙ!
ReplyDelete"පිට දීප දේශ ජය ගත්තා ආදි සිංහලුන් ගීයේ තනුව
Deleteඋපුටාගෙන තිබුණේද චින්තාමනී චිත්රපටයේ ගීතයකිනි"
මන් හිතන්නේ ත්නුව දෙමල ගීතයක් වෙන්න ඇති ඒත් පද ටික නම් අපේ වෙන්න ඕන නැතුව "ආදී සිංහලුන්...." කියලා එකක් එන්න විහිහක් නැහැ නේ
කවුරු හරි දන්නවද "පිට දීප දේශ ජය ගත්තා... ආදි සිංහලුන්" පද රචනය කාගෙද කියලා
සිංදුව අහන්න ඇහැකි නං මක්කටෙයි පැටිකිරිය?
ReplyDeleteසිංදුව අහන්න බැරි උනත් මක්කටෙයි පැටිකිරිය? අහන්න පුළුවං අය තව ඉන්නව නෙව.
බුද්ධිමය දේපළ? අපිට මොකෝ, අපේය?
සාමාන්‍යෙන් හින්දි තනුව කින් හැදුව ගීත වල පොඩි වෙනස් ගතියක් තියනවා නේද...
ReplyDeleteහැබැයි 'පෙම්බර මධු' සින්දුව මම කැමතිම ගීතයක්.
අර 'කුරුල්ලෝ උඹේ තාලෙන්' සින්දුවත් එහෙමයි. හැබැයි මම සිංහල සින්දුවට කැමතියි හින්දි ගීත 2 ට වඩා. අපේ මේ හින්දි තනු කොපි කිරිල්ල නිසා මම අල්ලපු රටේ කට්ටිය ලංකාවේ සින්දු ඉල්ලුවාම හරි පරිස්සමෙන්! නැත්තම් මාර නෝන්ඩි නේ...
හැබැයි අපේ සුරංගනී සින්දුව නම් අල්ලපු රටේ ප්‍රසිද්දයි (අලුත් එකයි පරණ බයිලා එකයි දෙකම).
අප්පට සිරි, කසු කියන කම් මමත් හිතන් හිට්යේ පෙම්බර මධු කියන්නෙ ඔරිජිනල් එකක් කියලා. මගෙත් ඕල් ටයිම් ෆේවරිට් සින්දුවක්.
ReplyDeleteහැබැයි වික්ටර්ගේ ගායනය මේ ඔරිජිනල් එකට වඩා ඉස්සරහින් තියෙනවා. ඒවගේම කොපිය උනත්, ඔරිජිනල් එකට වඩා ආරම්භක සහ අතර මැද සංගීතය ලස්සනට යොදාගෙන තියෙනවා.
හෙට (20) යූත් සෙන්ටර් එකේ "ස" ප්‍රසංගය තියෙනවලු. මමත් ෆුල් ට්‍රයි එකක් දෙන්නෙ ඒක බලන්න යන්න.
ඕකට එච්චරම කණගාටු වෙන්න එපා වික්ටර් රත්නායක මහත්මයගෙ සින්දුවත් හරිම මිහිරියිනේ. උර්දු ගීතයේ ගායකයගෙ කටහඩට වඩා අපේ ගායකයගෙ කටහඩ ලස්සනයි.
ReplyDeleteමම අහලා තියෙනවා " පෙම්බර මධූ " ෆිල්ම් එක ආව දවස්වල ඔය සින්දුවට " පෙම්බර බඩුව මගේ " කියල කිව්වලු විහිලුවට. ඒ දවස්වල ඔඅය ෆිල්ම් එක බලපු කෙනෙක්ගෙන් අහල බලන්න පුලුවන්නම් හොඳයි ඔය කතාව ඇත්තද කියල.
මම එක පාරටම දැක්කෙ දාලා තියෙන පින්තූරෙ. සත්ව ලෝකෙ මිනිස් ඒජන්තයා Steve Irwinගෙ මරණයට සම්බන්ධවයි ඔය පින්තූරෙ නිර්මාණය කරල තියෙන්නෙ. ආසාවෙන් ජීව විද්‍යාව කරපු හැමෝම වගේ එදා දුක් වෙන්න ඇති.
ReplyDeleteමාත් හරිම ආස සින්දුවක් ඕක. ඒත් අද තමයි ඒකත් කොපියක් කියලා දැන ගත්තේ.
ReplyDelete@දුමී - අයියේ අපේ ගෙදර අයත් "ස" බලන්න යන්න ඉන්නෙ. අයියව දැක ගන්නත් පුලුවන් වෙයිද දන්නෙ නෑ..:))
අනේ ඒ වුණාට වික්ටර්ගෙ ගායනය මේකෙ ගායනයට වඩා ඉහළයි කියලමයි මට නම් හිතෙන්නෙ....
ReplyDelete@ කලිකාල,
ReplyDeleteෂ්........ කෑ ගහන්න එපා....
කතන්දරට ඇති වුන ඉචචා භංගත්වය ගැන හිතා ගන්න පුළුවනි.
ReplyDeleteතමන් ඉතාමත් පාරිශුද්ධයි කියල හිතන් ඉන්න දේවල් එහෙම නැතැයි කියල තේරුම් යන කොට එහෙම වෙනවා. මේ කතාව මමත් කලින් දැනගෙන සිටියේ නැහැ .
ඒත් මෙතැනදී වික්ටර් රත්නායකයන් පෙම්බර මදූ ගයත් දී මුල් උර්දු ගීතය අසා ඇති බව වත් නොසිතෙන තරමට ඔහුගේ ගායනය ලාංකික වී තිබෙනවා නේද? පෙම්බර මදූ ගීතයේ ඇති හැගුම්බර ගතිය උර්දු ගීතයේ නැහැ භාෂාව ගැන දැනුමක් නැතත් ඒක තේරෙනවා
අපේ රටේ වෘත්තිය කලා කරුවන්ට තමන්ගේ ප්‍රතිපත්ති පවත්වාගෙනයාම හැමවිටම ලෙහෙසි නැහැ.
අර උඩින්ම කියලා තියෙනවා වගේ භාරත ගී වින්ඳන ඇහුවා නම් ඔහොම වෙන්නේ නෑ..මොනවා වුනත් ඔය ගීතයට මමත් කැමතියි..
ReplyDeleteපෙම්බර මධූ චිත්‍ර පටියෙ ඉන්නෙ බිරිඳ සහ සැමියා නෙමෙයි.....
ReplyDeleteවලව්වක කොල්ලෙක්(විඡ්) වලව්වෙම වැඩ කරන ගෑනු කෙනාගෙ දුව(මාලනී) එක්ක පුංචි කාලෙ ඉදල යාලුයි(යාලුවෝ). දෙන්නම කැම්පස් යනවා(batch 2ක) මේ දෙන්න පෙම්වතුන්...
විඡ්ට වත්තක් බලා ගන්න දෙනවා මාම... මේකෙ සුපිරින්ටන්ඩන්ගෙ නෝනා (ගීතා කුමාරසිංහ) හුගක් තරැනයි සුපිරින්ටන්ඩන්ට වඩා (මාලනීගෙ batch එකේමයි....) විඡ් වත්තට ගිය දා (යාලුවා එක්ක(රවීන්ද්‍ර)) මෙයා විඡ්ව වරදට පොලබවා ගන්නවා.... මේක රවී දැනගෙන(දැකලා) ප්‍රරෂ්නයක් ඇති වෙනවා.... මාලනීත් තරහ වෙනවි....විඡ් final exam fail වෙනවා.....
මාලනී කලින් විඡ්ව පොරොන්දු කරන් ඉන්නෙ degree ඉවරවෙලා අවුරැදු 3/2 ක්(හරියටම මතක නෑ) ගුරැවරියක් වෙන්න ඹ්නි කිහලා... මේ අවුරැදු 3 ඉවරවෙන දා විඡ් මාලනීව මුනගැහෙන්න එනවා...මේ වෙනකොටත් මාලනී විඡ්ව බදින්න කැමති නෑ.... වෙන කෙනෙක්ව බදින්න හදනවා... විඡ් කිහලා ඒකත් නවත්තනවා....(මගුල් ගෙදර දවසෙ මනමාලයා එන්නෙ නෑ) ඊට පස්සෙ doctor කෙනෙක් බදින්න හදනවා...විඡ් ඒකත් නවත්තන්න doctorට කතා කලාම doctor කියනවා දවස්3ක් ඇතුලත මාලනී කැමති කර ගන්න නැත්නම් බෑ කියලා....
මාලනීව කැමති කර ගන්න විඡ් මාලනී නැවතිලා ඉන්න තැනට යනවා.... (විඡ්ගේ නැන්දගේ ගෙදර මාලනී නැවතිලා ඉන්නෙ....)මාලනී විඡ්ට කියන්නෙ "කාම ආෂාවට මාව ඹ්නිනම් ඒකත් සන්සිදුවගෙන යනවා " කියලා.... විඡ්ට කලකිරිනවා.... මාලනීව ගෙදරට බස්සවලා විඡ් යනවා... විඡ් නැන්දගේ දූව බදින්න පොරොන්දු වෙනවා(නැන්දගේ දූව තමයි මාලනීගෙ හොදම යාලුවා).මාලනීට දාන්න ගේන මුද්ද දාල...
විඡ් රට යන්න හදන දවසෙ මාලනී එනවා... නැන්දගේ දූවට දාපු මුද්ද ඉල්ලගෙන මාලනීට දාන්නවා ...
පුදුම ලස්සන කථාවක් ඒක.....
ගිය මාසෙ ඡන්දයක් තිබුන දා රෑ ITN එකේ ගියා.....
@Samanalee :////වඩාලා දෝත පුරාලා පරෙවි කුමාරිය සේ//
ටිකක් බර වැඩි කෙනෙක් උනා නම් ඉවරයිනේ. hikz. //
චිත්‍ර පටියෙත් විඡ්ට මාලනීව බර වැඩි වෙලාද මන්ද ඹය කොටසෙ ඇත්ත පරවියෙක් අතේ තියන් ඉන්න රූප රාමුවක් තමයි තීන්නෙ.....
කොපියක් උනත් ගීතය, අදහස විඳින්න පුලුවන් නේද? සමහරවිට සිංහල ගීතයේ අදහස මුල් ගීතයට වඩා ලස්සන වෙන්නත් ඇති :)
ReplyDeleteමමත් ඔය සිංදුවට තියෙන්නේ පුදුම කෑදර කමක්.
ReplyDeleteසමාධිගත වෙලා අහන්න පුලුවන්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ...කවදාවත්ම.
ඇත්තටම මමත් film එක නම් බලල නෑ.
Anonymous ගොඩක් ස්තූතියි ඔයාට, මේ කතාව අපට දැන ගන්න අවස්තාව සැලසුවාට.
ඒවගේම කොපියක් කියලා දැනගෙන හිටියෙත් නෑ.
ඒත් ඒ ගැන දුකක් නම් නෑ...මොකද වික්ටර්ගේ ගායනය අති විශිෂ්ඨ නිසා. තාමත් මට හිතෙන්නේ ඒක වික්ටර්ගෙම ගීයක් කියලා.
මේ ගීතය මීට කලින් අහලා තිබුණා. කොහෙන්ද මතක නෑ අයි.ටී. එන් එකේ භාරත ගී වින්දන එකෙන්ද මන්දා.
ReplyDeleteඇනෝ ට ස්තූතියි ච්ත්‍රපටිය ගැන කිව්වට. මැතිවරණ විකාශනයක් අතරතුර ඉවසීමකින් ච්ත්‍රපටයක් රස විඳින එකත් ලොකු දෙයක්.
මේක දුක හිතෙන කතන්දර දෙක තුනක එකතුවක් වුනාට මටනම් ඉස්සරවෙලාම කසූගේ සීයා මඩු මාළුන්ට "පෙම්බර මඩූ" කියනව කිව්ව කතාව ඇහුවමනම් ඇත්තටම හිනා ගියා.
ReplyDeleteමේක කසූගේ කතන්දරේටනම් කිසිම අදාලත්වයක් නැති out of the topic එකක්.ඒත් ආය මතක් වුන එකේ ඔන්න ඔහේ කියලම දාන්නන්කෝ.
මගේ යාළුවෙක් හිටියා මූදූ රස්සාව කරන.පොර කිව්ව විදිහටනම් මඩුවෝ වැඩිපුර අහුවෙන කාලයට බුවාලගේ බිරින්දෑවරු හෙනම වලිලු බුවාල සති ගනන් මූදූ යන එකට.හේතුව අහන්ට එපා. කැමති කෙනෙක් ඉන්නවනම් නිකමට වගේ මාළු ගැන දන්න කියන කෙනෙක්ගෙන් අහල බලන්ටකෝ.
මගෙත් all time favourite සින්දුවක්. කතන්දර ට උනා වගේ මටත් උර්දු සින්දුව ඇහුවම පොඩි හිත රිදවීමක් ආව. ඒ උනාට වික්ටර් ගේ සින්දුව අවංකවම මේකට වඩා ලස්සනයි.
ReplyDeleteලංකාවේ කොපි වර්ග තුනක් තියෙනවා.
1. කොපිය ඔරිජිනල් එකට වඩා හොඳයි. උදා. පෙම්බර මධු....
2. කොපියයි ඔරිජිනල් එකයි දෙකම සිරා. උදා. නින්ද නේන රාත්‍රියේ (ජෝති)
3. කොපෝය පට්ට චාටර්. උදාහරණ ඕනේ නැහැ. මේ දවස් වල කොපි ගොඩක් එහෙමයි.
කසූගෙ පෝස්ට් එක කියවලා මටත් ඉච්ඡාභංගත්වය ඇති වුණා. මොකද මේ මගෙත් ප්‍රියතම ගීතයක්.
ReplyDeleteකලිකාල - බිපෙසි
මාලුවගේ පෝස්ට් එක දැකල ද කකාට මේක ලියන්න හිතිල තියෙන්න ?
ReplyDeleteමගෙත් ප්‍රියතම ගීතයක්....
"පෙම්බර මධු මගේ මා නැතේ ඔබෙන් මිදුනේ" ඒ ටිකම ඇති.
සින්දුව මගේ පට්ට ම ෆේවරිට් එකක්. ඕකට අපි ආසා අර වඩාගෙන යන සීන් එක නිසා කියා මට හිතෙන්නේ.
ReplyDeleteමට නම් සින්දුව ගැන වෙනසක් වෙන්නේ නැහැ. කතන්දරගේ තියෙන අයිඩියලිස්ටිකා රෝගය නිසා තමයි මේ ඉච්චා බන්ගේ හැදෙන්නේ.
මේකත් අර මං පොඩිත්ති නිදි කරන්න කිව්ව එකක්. [අපේ එකිට ළමා ගීත කියල පුදන්න බැහැ පය දෙකක් විතර ගියා එ කාලේ දොයි කරන්න. එකත් මට විතරමයි පුළුවන්. දන්නා ඔක්කොම සින්දු කිව්වා - මට කියන්න හැකියාවකුත් නැතිව] :)
ඇත්තෙන්ම ලංකාවේ අමු ස්ව තන්ත්‍ර නිර්මාණ කළේ ලයනල් රන්වල විතරයි කියා මට හිතෙන්නේ. මොකද දැඩි රාගධාරී සින්දු ගැහුවම ඉබේම ඉන්දියාවේ එකේ "සොයුරි-ගීතය" තියෙන්න පුළුවන්. හැබැයි කේමදාස මාස්ටර් කරපුවත් යුනික් නේද?
මමත් බොහොම ආස කරන ගීතයක් මේක.හැබැයි ඔලෙවල් කරද්දි ඊස්ටන් මියුසික් සබ්ජෙටි නරද්දි මෙව්වා වර්ගීකරණය කලේ හින්දි තනු යුගයේ ග්‍රැමෆෝන් තැටි ගී යුගය කියලා යුගයකට...ඒ කියන්නේ මේ කාලවකවානුවේ රෙකෝඩිං වෙච්චි හුගාරියක් ගීත හින්දි ගී වල තනුවම අරගෙන වචන වෙනස් කරලා ලියපුවම විතරයි.ජෝතිපාල මහත්තයම කියපු මේ වගේ එව්වා කොයි තරම් නං තියනවද?
ReplyDeleteමේ ගැන පෝස්ට් එකක් දාපු එක හුගාක් වටිනවා,කසූ අයියේ....පෝස්ට් එකෙන් වගේම දාපු කමෙන්ට්ස් වලිනුත් හුගාක් දැනුම් කාරණා එකතු කරගන්න පුලුවන් වුණා.
මම ඕවා ගැන කිව්වහම කෂ්ටියගේ හිත හොඳ නෑ.. ඔහෙත් මේ අය ගැන දාපූ එක හොඳා....
ReplyDelete"මඩු වල්ගෙන් ගහනවා" කියලා අහලා තියනවා ඒත් අපේ පැත්තේ වඩාත්ම ප්‍රසිද්ධ "බූවල්ලෙන් ගහනවා කියන එක"
ReplyDeleteකතන්දරගේ සියා නම් නියමයි ඈ ! අපේ සීයලා ඔහොම නෑ නේ !
මම නම් ඔය පැරනි ගීත වලට වැඩිය කැමැත්තක් නෑ ඒත් මේ පෝස්ට් එක කියෙවුවාම සහ මඩු මාලුවා ගැන මතකෙට ආවාම මට හිතුනා මේ සින්දුව අහලා බලන්න
කතන්දරගේ හිත රිදුනා වගේම මගේත් හිත පුදුම විදියට රිදුනා දවසක්.
ReplyDelete"කොයි යන්නේ බඳ නළවාලා" කියලා එච්.ආර්. ජෝතිපාල කියන්නේ.
ඒකේ ෆිල්ම් එකනං මට මතක නෑ.
ඕකෙම හිංදි සින්දුව දවසක් තේ කඩේකදි ඇහුණා ඒ කඩේ රේඩියෝ එකෙන්.
ඒ වෙලාවේ මට ඇතිවෙච්ච ඉච්ඡාභංගත්වය විස්තර කරන්නත් වචන නෑ...
ජය වේවා...
මඩු වලිගෙ වගේම පහර දීමට භාවිත කල හැකි තව දයක් තියනවා හරකා සතුව .....
ReplyDeleteඇයි ජිප්සීස්ලගේ 'කුරුමිට්ටෝ' සින්දුවේ ඔරිගීනල් ජර්මන් සින්දුව අහනකොට ...
ReplyDelete@රනා,
ReplyDeleteඔයා ඔය 'කොයි යන්නේ' සිංදුවෙයි ඔරිමජිනල් එකෙයි දෙකේම වීඩියෝ එකත් බැලුවනං බඩ කපාගෙන මැරෙනවා.. ඒ තරමටම අමු කොපිය.. හින්දි සිංදුවෙ දෙන්න ඇඳලා ඉන්න විදියටමයි ගාමිණියි මාලිනියි ඇඳුම් පවා ඇඳලා ඉන්නෙ.. :)
මේ ගීතය තියෙන්නේ එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටියේ නේද?
ReplyDeleteමේකනං ලිපියට අදාල නැහැ කාකා...
ReplyDeleteමේ බ්ලොග් එකේ පළල වැඩි ඇයි...මං හිතුවේ මගේ ලැපේ හරි වෙන මොනයම්ම හරි පුරස්නයක් කියලා..අද මේ බොහෝම අමාරුවෙන් ඔක්කෝම හරි ගස්සලා බැළුවා..ඒත් තාමත් මේ බ්ලොග් එක විතරක් පලලින් වැඩියි... පොඩ්ඩක් හොයලා බලලා පිළිවෙලක් කරන්ට..ඒක කියවන්ට පහසුවක් වෙයි... දැන් මේකේ දෙපැත්ත පේන්නේ නැහැ සාමාන්‍ය ක්‍රමයට...
//හෝල් එකේ පෙන්නන කාලේ දවසක් ඇර දවසක් සුඛාන්තය සහ දුඛාන්තය පෙන්නලා තියෙන්නේ.//
ReplyDeleteමරු මාකටින් පාරක්නෙ.. හැම එකාවම ෆිල්ම් එක දෙපාර දෙපාර බලවන්න...
පරාක්‍රම නිරිඇල්ලගෙ "වරෙන්තු" නාට්ටියෙ ඔහොම එකක් තියෙනව... නාට්ටිය සාමාන්‍ය විදිහට ගිහින් ඉවර වෙනව.. කට්ටිය අත්පුඩි හෙම ගහල ඉවරවුනහම ආපහු අන්තිම සීන් එකට කලින් සීන් එකට ගිහින් වෙනස් විදිහක අන්තිම සීන් එකකින් ඩ්‍රාම එක ඉවර කරනව... ප්‍රේක්ෂකයන්ට දෙකෙන් කැමති එකක් තෝරගන්න..
ඒත් ෆිල්ම් එකක ඔහෙම දෙයක් ඇහුවමයි... මදිවට දවස් දෙකකට..
..........
වික්ටර්ගෙ "පෙම්බර මදූ" මටත් හිතෙන්නෙ උර්දු ගීතයට වඩා ඉස්සරහින් තියෙනව කියල... ඒත් මටත් මේ කතාව නිවුස් එකක්... මම අහල තියෙනව වික්ටර් නොයෙක් තැන්වල හින්දි තනු ගායනයට විරුද්ධව කතාකරනව... ඉතින් මම හිතුවෙ නෑ වික්ටර්ගෙ ඉතිහාසෙ මෙහෙම ගීතයක් ඇතියි කියල... ඒත් ඒකෙන් සිංහල ගායකයන් අතරෙන් ඉතාම සජීවී කටහඬක් තියෙන ගායකය හැටියට මම ප්‍රිය කරන වික්ටර් ගැන මගෙ අදහස වෙනස් වෙන්නෙ නෑ...
මම " ස " බලන්න ගිහින් තියෙනව අර විවේකයට වාදක මණ්ඩලේ නැගිටල ගියහම. වික්ටර්ම සර්පිනාව වාදනය කරමින් , ඩොලැක් වාදකය විතරක් එක්ක " පොඩි කුමාරිහාමියේ " ගීතය ගායනා කරනව බලන්නම...
...........
පින්තූරය දැකල මම ඉතාම ප්‍රිය කරපු චරිතයක් වුණු Steve Irwin ( crocodile hunter )ගේ වේදනාත්මක මරණය සිහිවෙලා හිත බර වුණා..
- සපතේරු උන්නැහේ
@ All
ReplyDeleteසියළු දෙනාටම එක පිළිතුරක්.
සූ ගාල කමෙන්ට්ස් ආවත් වෙන වෙනම උත්තර බඳින්න වෙලාවක් නැහැ වඩෙ රාජකාරි හින්ද.
මේ චිත්‍රපටිය මං දැකල තිබුණෙ නෑ. කතාව එවපු ඇනෝ ට ස්තුතියි. මං පස්සේ පෝස්ට් එක එඩිට් කළා.
සින්දුව කොපියක් කියල දැනගත්තහම ආපු ෂොක් එක නිසයි දාන්න සෙට් කරල තිබුණු කතන්දරේ කල් දාල මේක ලිව්වේ.
හෙට සන්ඩේ ස්පැෂල් එකත් මේ වගේ එකක්.
මනෝරත්න ඉන්ටර්වීව් එක ටයිප් කරගන්න වෙලාව හොයා ගන්න බැරිවුණා!
බොහොම ස්තුතිය හැමෝටම.
මට මතක හැටියට සුඛාන්ත දුඃඛාන්ත අවසාන මාරුවෙන චිත්‍රපට කාලයක් තිබුණා. හින්දි දෙමළ ඒවයෙන් තමා ඕක ආවෙ. වසන්ත මාලීගෙයි කියල එකක් බැළුව මතකයි.
ReplyDeleteගී තනු රිසයිකල් කිරීම අපි එදා ඉඳලම කල දෙයක්. කරු අයියා හින්දි තනු වලට සිංහල පද රචනයේ මුදුන් මල් කඩ. මේ තනුත් පදත් 'මගේ ම' කරගෙන හද පත්ලෙන් ගැයූ (ගායක) ගායිකාවෝ සමහරු දැන් මගේ ගීත කොල්ලෝ කුරුට්ටෝ 'තමුන් ගේ' කරගෙන ගැයීම ගැන සාතිශයින් දුක් මනස්තාප වෙනවා ත් අපි අහන වා නේ
ඔනෙම දෙයක් අපේ කරගැනීම අපේ ජාතික ශක්තියක් කියායි මම හිතන්නේ. මේක දුපත් වාසීන් වන අපට මේ තාක් කල් අපේ අනන්‍යතාවක් තියා ගන්නට උදව් වූ හැකියාවක් කියායි මම හිතන්නේ ...
http://www.youtube.com/watch?v=ihON0Gx-nn4
ReplyDeleteඉහත සින්දුව බලන්න බෑ, මෙන්න මේක දාන්න. කවුරු මොනව කිව්වත් අපේ ගීත පිටරැටියො කොපි කරපු බවයි කියන්න තියෙන්නෙ.
තුති ජයරත්නයෙනි, ඕන්න හැදුවා!
Deleteස්කූල් කට් කරලා ගිහිල්ලා රාජගිරියෙ ඉම්පාලා එකේ දි ”පෙම්බර මධු” පස් වතාවක් බැලුවා සුඛාන්තය බලන්න. අනේ දවස් පහේම ගියේ ශෝකාන්තයමයි.
ReplyDeleteවික්ටර් රත්නායක දන්නේ නැත්තේ කවුද බන් මේ රටේ? ආය ලෙලුමෙක්ගෙ තාත්ත කියන්න ඕන නෑ.
ReplyDelete