Sunday 17 February 2013

සින්දු ෆැක්ටරියක් දාන්න ක්‍රමයක් - Factory produced songs!!!


මෙන්න මේකයි කේස් එක.

මං ලියපු කවි කෑලි විස්සක් විසි පහක් "එන්ඩෝ, මේ කවි කෑලි සින්දුව වලට ගන්ඩෝ" කියලා බ්ලොග් එකක දැම්මා දැන් අවුරුදු කීපෙකට කලින් 2005 දී. (ඔව් ඒ කියන්නේ ඒක ප්‍රාග් ඓතිහාසික කාලේ බ්ලොග් එකක්, හැබැයි ඒ දවස්වල නෝ යුනිකෝඩ් නිසා රූප විදියටයි පළ කෙරුවේ!)

ඕවා දාලා ටික කාලෙකින් ඉල්ලීම් එන්ණ පටන් ගත්තා ලෝකේ දස දෙසින් සූ ගාලා.

එයින් එක පදමාලාවක් වෙන "ඉස්සර දවසක - ලස්සන හවසක" වචන වලින් ඇරඹෙන හන්තානේ පෙම් ගීතයටත් ආවා "අනේ මේ කවිය මට සින්දුවකට ගන්න දෙන්ඩෝ" කියලා ඉල්ලීමක්. එසේ මෙසේ තැනකින් නොවෙයි ආයිබෝං, ඇමරිකාවෙන්, ඇමරිකාවෙන්.

නමුත් ඉතිං ඒ කවිය සින්දුවක් වෙලා අපිට ඇහෙන්න තවත් සෑහෙන කාලයක් ගියා.

මෙන්න ඒ සින්දුව ගැන කතන්දරේ.

ඇම්.පී.ත්‍රී. සහිත හන්තානේ ලව් සෝන්ග් එක: http://kathandara.blogspot.com/2010/09/blog-post_13.html

ඔය අතරතුරේ ඉතාලියේ ඉන්න වෙන්ඩ ගායකයෙකුගෙනුත් මට මේ කවියම දෙන්න කියලා ඉල්ලීමක් ආවා.

එක සින්දුව දෙන්නෙකුට දෙන්න බෑනේ. මං උන්නැහේට ඒ අදහසම, ඒ තාලෙම තියෙන වෙනම එකක් ලියලා දුන්නා.

මෙන්න ඒ දෙවෙනි සින්දුව ගැන කතන්දරේ.

එක අදහසක්, කවි දෙකක් සහ සින්දු දෙකක්: http://kathandara.blogspot.com/2012/04/one-seed-and-two-fruits.html

ඔය වගේම තවත් කේස් එකක් වුණා මේ ලඟදී.

සමන් ජයනාත් ජිනදාස සහ ධම්මිකා දේවසුරේන්ද්‍ර ගායනා කරන මේ සින්දුව මතකද?

වරම් නැත මට ඇඟිලි තුඩඟින් සුමුදු කම්මුල් පිරිමදින්නට: http://kathandara.blogspot.com/2012/12/saman-jayanath-jinadasas-latest-song.html

තවත් දුරු රටක ඉන්න සංගීතඥ ගායකයෙකුත් අර මුලින් ගී පදමාලාවටම ටියුන් දාලා, මියුසික් දාලා සින්දුවක් හදලා!

ඉතිං මොකද කරන්නේ? එක පදමාලාව දෙන්නෙකුට දෙන්න බෑනේ. හැබැයි දැන් මේ දුරු රට සංගීතඥ ගායකයා හොඳ ටියුන් එකක් දාලා මියුසික් කරළා නිසා ඒවා අහක දාන්නත් බෑ!

මං වහාම ඒ වගේ අදහසක්ම, ඒ තාලෙම තියෙන තවත් පදමාලාවක් ලිව්වා. එතකොට අර හදලා තියෙන මියුසික් එකටම කියන්න පුළුවනිනේ. ඔය විකල්ප පදමාලාව ලියන්න වචන එහෙට මෙහෙට කපන කොටන කොට අන්තිමේදී එක විකල්ප පදමාලාවක් නොවෙයි විකල්ප පදමාලා දෙකක්ම ලියවුණා!

මෙන්න ඒවා.

පලමු විකල්පයදෙවන විකල්පය
1.
වරම් දෙනු මැන ඔබේ තුරුලේ
සදාකල් මා හට රැඳෙන්නට
වරම් දෙනු මැන ඔබේ නාමෙන්
සදාකල් මට ගී ගයන්නට

A.
වරම් දෙනු මැන මගේ දෙතොලින්
සුමුදු ඔබ වත මල සිඹින්නට
වරම් දෙනු මැන මගේ සුරතින්
සුමුදු කෙහෙරැලි පිරි මදින්නට

2.
සිතේ බැඳි සෙනෙහසේ මැදුරේ
ඇතේ නටඹුන් විසිරිලා
අසම්මත පෙම බැඳුනු දෙසිතේ
වසන්තය අද ගොළුවෙලා

B.
සදා මේ ලොව එක්ව ඉන්නට
බැඳුණු පැතුමන් සුන්වෙලා
අසම්මත පෙම හදේ සිරකර
ඉඳිමු දෙලොවක තනිවෙලා


3.
හිරු නැතේ අද සඳු නැතේ අද
මගේ ලොව අඳුරුයි පි‍්‍රයේ
ගිලන් හදවත කොනක සෙනෙහස    
ඔබ නමින් සැමදා තියේ


C.
හිරු නොමැති ලොව සඳු නොමැති ලොව    
අපේ ලොව අඳුරුයි පි‍්‍රයේ
සතුට මදහස මිහිර සිසිලස
සිහිනයකි සැබවක් නොවේ


ඒ පදමාලා දෙක ලියලා ඉවර වුණාම තමයි මට තේරුණේ මේ පදමාලා දෙකෙන් ඕන්නම් සින්දු දෙක ගානේ කියන්න ක්‍රම හතරක් තියෙනවා නේද කියලා. ඒ කියන්නේ ඕනි නම් සින්දු අටක් හදන්න පුළුවනි මේ කවි පන්ති දෙකෙන්.

මැත්ස් ඕනෑවට වඩා දන්න කෙනෙකුට හිතෙන්න පුළුවනි සින්දු අටක් නොවෙයි ඕන්නම් හැට හතරක් වුනත් හදන්න පුළුවනි නේද කියලා.

නමුත් ඒ කොහොම වුනත් කියන්න පුළුවන් සින්දු දෙකයි! එක සින්දුවක එන පදයක් තවත් එකක එහෙමම ආවොත් හරි නෑනේ.

දුරු රට ඉන්න ගායකයා සින්දුව කිව්වට පස්සේ දාන්නම් ඇම්.පී.ත්‍රී. එකක්.

-කතන්දරකාරයා

ප/ලි:
මෙය සන්ඩේ ඉස්පැෂල් ඇක්ට්‍රාවකි.


(image: http://i88.photobucket.com/albums/k178/ulver_2006/2qcfd54.jpg)

32 comments:

  1. දැන් ගීතයක් ලියද්දේ කොහොමත් පරණ සිංදුවක වචන ගන්නම වෙනවා. ඒ තරමටම සිංදු.

    ReplyDelete
    Replies
    1. කොහෙන් ආවත් ඉතිං සිංහල භාෂාවේ තියෙන වචන ටික නේ.

      Delete
  2. රත්න ශ්‍රී විජේසිංහ මහත්මයාගේ කවි සිංදු කිරීමේ කලාවත් ටිකක් මේ වගේ.

    ReplyDelete
    Replies
    1. කාගේ වුනත් අන්තිමට පවතින්නේ සින්දු විතරයි.

      රත්න ශ්‍රී ගේ වස්සානය කවි පොත මා ළම තියෙනවා. ඒකේ තියෙන කවි කාටවත් මතක නැති වුණාට මගෙ බිසවුනේ අසාපන්, බිම්බරක් සෙනග වගේ සින්දු දහසක් දෙනා දන්නවා කටපාඩමින් කියන්න.

      Delete
  3. sindu paktariyakata wada narakada kai paktariyak dammoth. ethakota kai padawal bandagena yanna puluwan neda.

    ReplyDelete
    Replies
    1. අනේ අංකල් ඔයාට ඔය කතවා එපා වෙන්නේම නැද්ද?

      දැන් අවුරුදක් නෙවා නේද මං දාන හැම කවියකටම ඔය කයිය පද බඳින කතාව දාන්න වෙලා?

      එකම කතාව හැමදාම කියන ඔයා ද මෝඩයා, වාරණයට විරුද්ධ නිසා ඒකට ඉඩ දෙන මම ද මෝඩයා?

      Delete
  4. පුලුල් පරාසයක් දක්වා විහිදීගිය කකාගේ සුපිරි කලා හැකියාව තමා මේ..ජයම වේවා මිත්‍රයා...ඔබේ නිසග හැකියාවන් අපේ රසාස්වාදය පිනිසම වේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.

      හැබැයි සින්දු කියන්න කියලා නම් කියන්න එපා!

      Delete
    2. මම අහවල් එක වටේ යන අහවලා.

      Delete
  5. සින්දු වල පද කොහොම තිබ්බත් වැඩක් නෑ අද! අපේ කට්ටිය හොයන්නේ ශබ්ද රසය විතරයි!

    ReplyDelete
    Replies
    1. හින්දි සින්දු වලට කැමති වෙලා අහන්නෙත් එහෙමනේ!

      Delete
  6. Replies
    1. මෙන්න සින්දු යුගල් හතර. සේරම 2x2x2 = 8.

      123 සහ ABC
      12C සහ AB3
      1B3 සහ A2C
      1BC සහ A23


      Delete
  7. කතාගෙ ඒවා කතාම වෙනස් කරන නිසා හොඳයි. වෙනෙ කෙනෙක් වෙනස් කලොත් කතා නඩු දායි. ඉරාජ්ට උනා වගේ....

    ReplyDelete
    Replies
    1. එහෙනම් මාත් දස ලක්‍ෂපතියෙක්!

      Delete
  8. ඇමති මණ්ඩලයේ විෂයන් වෙන් කිරිල්ල වගේ

    ReplyDelete

  9. කකා ඇත්තෙම්ම එකම ලිරික්ස් එකට ටියුන් කීපයක්
    තිබුනට මොකද .එහෙම වෙනස් විදිහට නිර්මාණයක්
    කරන්න ඉඩ දෙන්න .ඒක වටිනවා .අහන අය තෝරා
    ගනී වැඩියම හොඳ එක...

    ReplyDelete
    Replies
    1. හකර ආයෙමත් හකර් කතාවක් දාල.

      Delete
  10. රෝස බබා කෝ

    ReplyDelete
  11. we both are fools, cause you write the tasteless posts and i read them.

    ReplyDelete
    Replies
    1. me also a foolish, cause i write tasteless comments.

      Delete
  12. we both are fools, cause, you write nonsense and i contineously read them.

    ReplyDelete
  13. බලන් යද්දිත් කතන්දරත් සින්දු ෆැක්ටරියක්

    ReplyDelete
  14. ජනප්‍රිය පොප් සිංදු බොහොමයක්ම හදලා තියෙන්නෙ කෝඩ්ස් 4කින් කියලා, Axis of Awesome කියන බැන්ඩ් එක ඉදිරිපත් කරපු 4 Chord Song එක මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. හනේ.... ඔය ඇත්තමද තිසර.
      ඔයා කිව්වහම තමා මටත් ඔය ගැන හිතන්න ඉතුනේ. ඔයා බ්ලොග් අවකාශයේ සුසමාදර්ශය නෙ

      Delete
  15. කකා,
    ලාබෙට බැංකොක් යන්න ආස ද ?

    ReplyDelete
  16. මොන කුණු හරුපයක්ද මේ18 February 2013 at 18:49

    මොන කුණු හරුපයක්ද මේ කොමෙන්ට් දාන්න තියන විදිහ....

    ReplyDelete
  17.  මොකක්ද කකා මේ බ්ලොග් එකට කරලා තියෙන්නේ?

    ReplyDelete
  18. මොන කුණු හරුපයක්ද මේ18 February 2013 at 19:04

    වෙනද පිට එවුන්නෙ මේකෙ කක්කා කරේ අද කකාම කක්ක කරල....

    ReplyDelete
  19. Chinthaka Maduranga18 February 2013 at 19:30

    කකා ඉතින් කැටයම් දාන්න යනවා නෙ. දැන් ඉතින් අද ඉදන් කමෙන්ට් කරන්න එකෙක්වත් නැති වෙයි.

    ReplyDelete
  20. කට්ටිය බය වෙන්න එපා.මන් ඉන්නවා ඔයාලගේ හැම ප්‍රශ්නයක්ම විසදන්න .
    මන් දෙන්නම් ක්‍රමයක් . මන් තමයි bot ගැනත් ඔයාලට කිව්ව කෙනා.ඔයාල
    කරන්න ඕනේ --------- කියන --- ෆයිල් එක ------ ෆයිල් එකෙන් ----- කරන එක ..ඒ උනාට මන් මේක කියන එක හරි නැහැ මොකද මේ බ්ලොග් එක කන්න දෙන්න බැහැ පහත් ආසාවන් තියෙන අයට . ඒ නිසා කකා ඔයාගේ මේ ක්‍රමය මන් විනාස කරන්නේ නැහැ.මන් තමයි ඔයාව ----- කලේ ..හැක හැක හැක

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.