Sunday 3 February 2013

සමලිංගික පරබල්ලා! - Homosexual Pariah dog


මේ ලියන්න යන්නේ කාට හෝ කරන බැනුමක් ගැන නම් නොවේ.

හොඳ සුද්ද සිංහලෙන් බණින විදිය ගැන ලියවුණු කතන්දරයක් බලන්න ඕනෑ නම් මෙන්න පාර.
http://kathandara.blogspot.com/2012/04/few-rarely-heard-sinhala-words.html

මේක බල්ලෙක් ගැන කතාවක්!

නිකං බල්ලෙක් ගැන කතාවක් නොවෙයි, ඇමරිකාවේ ඉන්න බල්ලෙක් ගැන කතාවක්!!

නිකං ම නිකං ඇමරිකාවේ ඉන්න බල්ලෙක් ගැන නොවෙයි, ඇමරිකාවේ ඉන්න සමලිංගික බල්ලෙක් ගැන කතාවක්!!!

මූ ඇමරිකාවේ හිටියට හොඳ බුල්ඩෝග් ක්‍රොස් බල්ලෙක්. කාලයක් තමන්ගේ අයිතිකාරයා ලඟ හොඳින් හිටියත් එක දවසක් මූ වෙනත් බල්ලෙක් ලඟ උරහිස් හකුලාගෙන නැට්ට පස්ස පැත්තේ ගහගෙන නිකං බාල්දු වෙච්ච විලාසයක් පෙනිලා තියෙනවා අයිතිකාරයාට.

අයිතිකාරයා හිතලා තියෙන්නේ මේ බල්ලා තවත් බල්ළෙක් ලඟ පීචං විදියට හැසීරීම සමලිංගික ලක්‍ෂණයක් කියලායි. ඉතිං ඊට පස්සේ ඌ මේ බල්ලාව අත දැරලා දාලා.

අන්තිමේදී මරණයට ගොදුරු වෙන්න නියමිතව හිටි මේ බල්ලාට දැන් අළුත් අයිතිකාරියක් ලැබිලා. ඒ විතරක් නොවෙයි, එල්ටන් කියලා අළුත් නමකුත් ලැබිලා.

මෙන්න මේ කේස් එක ගැන මං කියවපු පත්තර කෑල්ල.

වැඩි දුර විස්තර මෙතනින්.
http://www.dailymail.co.uk/news/article-2271192/Dog-sentenced-death-gay-saved-minute--new-owner-calls-Elton.html

එල්ටන් ගේ මුල් අයිතිකාරයාට වැරදුණු තැන තමයි, බල්ලෙක් තව බල්ලෙක් ලඟ අසරණව හැසිරුණා කියන එක සමලිංගික ලක්‍ෂණයක් ය කියලා හිතීම.

ඕනෑ බල්ලෙක් දන්නවා ඒක ඇත්තටම බය පක්‍ෂපාතබව පෙන්නීමේ ලක්‍ෂණයක් බව.

හැබැයි සමලිංගික බල්ලොත් නැතුවම නොවෙයි.

බල්ලෝ විතරක් නොවෙයි ෆ්ලෙමින්ගෝස්ලා, බයිසන්ලා, බීට්ල්ස්ලා වගේ සත්ව වර්ග 450 ක් අතර සමලිංගික හැසිරීම් තියෙන බවයි ජීව විද්‍යාඥයෝ කියන්නේ.

ඇලස්කාවේ ඇල්බට්‍රොස් කියන පක්‍ෂී ජෝඩු අතරින් තුනෙන් එකක්ම ලෙස්බියන් ජෝඩු බව 2010 සමීක්‍ෂණයකින් හොයා ගත්තා ලු. සත්ව උද්‍යානවල ඉන්න පෙන්ගුයින්ලාගෙන් 20% ක් ම සමලිංගිකයි ලු!

හොමෝ-සෙපියන්ස් ලා අතර මේ තත්වය කොහොමද මන්දා?

මේ කතන්දරත් බලන්න.

1. අපේ අයියලා ගේ ලෙස්බියන් භීතිකාව:
http://kathandara.blogspot.com/2011/11/whats-wrong-with-being-gay-or-lesbian.html

2. සමලිංගිකතාව ස්වාභාවික ප්‍රවණතාවයකි – ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන
http://kathandara.blogspot.com/2011/08/homosexuality-is-natural-tendency-dr.html

3. බැන්කි මූන් ගේ බටහිර අධිරාජ්‍යවාදී ගේ-ලෙස්බියන් සමරිසි කුමන්ත්‍රණය - කතන්දකාරයා ගේ සමාජමාමක හෙලිදරව්වකි
http://kathandara.blogspot.com/2012/02/ban-ki-moons-gay-lesbian-conspiracy.html

-කතන්දරකාරයා

ප/ලි:
මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවකි!

(image: by KK)

44 comments:

  1. සමලිංගිකයෝ බලුද කියලා මම දන් නැහැ. හැබැයි ලංකාවේ දැන් සැලකිය යුතු කොටසක් සමලිංගිකයෝ. ලෝකයේ සමලිංගිකත්වය සාමාන්‍යයි...........

    ReplyDelete
    Replies
    1. ලංකාවේ තියෙන විකාර අද්යාපන ක්‍රමයේ විදිහට (ගෑනු පිරිමි වෙනම පාසල් ) සමලින්ගිකයෝ බිහි නොවුනොත් තමා පුදුමේ

      Delete
    2. සම ලිංගිකයෝ කවදත් ලෝකයේ මෙන්ම ලංකාවේත් හිටියා. විෂම ලිංගිකයින්ට ලෝකයේ බලය හිමි නිසා ඔවුන් නීතිරීති සැදුවේ සමලිංගිකයින්ට ගැන හිතා නොවේ.

      මෙනිසා අදත් සමලිංගිකයින් පීඩිත කොටසක්.

      Delete
    3. කාගේ එක කාට දානවද කියන එක නෙවි අපි ඔක්කොම මනුස්සයෝ කියල හිතනකන් ඔය ප්‍රශ්නේ තියෙනවා .. ක්‍රිස්තියානි .. මුස්ලිම් අය මේකට විරුද්ද වෙන එක හිතාගන්න පුළුවන් .. නමුත් බුදුදහම අදහන අපි ? ඇයි මේක මෙච්ච්ච්ර ලොකු ප්‍රශ්නයක් කරගෙන ?

      Delete
    4. මං හිතන්නේ දැන්වත් අපි රාමුවෙන් පිට පයින්න ඕනේ. ඒ තැනට අපේ තර්කය ගෙන්න බැරිනම් අපි හෙන අපුල සමාජ කොටසක්.

      Delete
  2. නැට්ට අකුලගෙන පැත්තට ගිය පලියට සමරිසියෙක් නෙමෙයි හරිය

    ඕකනෙ කියල තියෙන්නෙ

    මේ සත්තු හින්ද තමය් අප්ප අහිංසක මිනිස්සුත් නාක් වෙන්නෙ

    ReplyDelete
  3. ඉරිදා උදේ පාන්දර කියවන්ට හොඳ //සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා // එකක්...:D:D

    ReplyDelete
    Replies
    1. ඇයි රෑට කියවන්න නාකෙයි?

      Delete
  4. කක ලිංකු ටිකත් එක්කම ගත්තාම ඉරිදට හොදටම ගැලපෙන අගනා කතිකාවක් මේක.

    ReplyDelete
    Replies
    1. නිකංද, සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කියන්නේ?

      Delete
  5. ලංකාවේ තියෙන විකාර අද්යාපන ක්‍රමයේ විදිහට (ගෑනු පිරිමි වෙනම පාසල් ) සමලින්ගිකයෝ බිහි නොවුනොත් තමා පුදුමේ

    ReplyDelete
    Replies
    1. ඒක වැරදියි. ඔව්ව ඔක්කොම වෙන්නෙ හිතේ තියෙන වල් අදහස් වල හැටියට. මිශ්‍ර පාසල් වල ඔයිට වඩා වැඩ වෙනව. (ලඟදිම ඔක්කොම මිශ්‍ර පාසල් කරනව කියන්නෙ)

      සමලිංගිකත්වය කියන්නෙ මම දකින හැටියටනම් තවත් එක මානසික රෝගයක්. ((ගෙඩි හැදෙන්නැති පැල හිටවන්නෙ පුරුදු වෙන්නෙද ? කහනවටද ?))

      Delete
    2. සමලිංගිකත්වය රෝගයක්ය කියා හිතන අයට තමයි රෝගය තියෙන්නේ!

      Delete
    3. අනිවාර්යයෙන් කකා. මෙයාලා කිසි දෙයක් ගැන නොදැන ඔහේ සමලිංගිකයෝ කියන්නේ මානසික රෝගීන් කියනවා. නිකමටවත් හොයලා බැලුවොත් මොකද ඇත්තටම මේ සමලිංගිකත්වය කියන්නේ මොකක්ද කියලා. හොයලා බලනවයි කියලා ඕවා පුරාණ පුස්කොල පොත් වලින්නම් කියවන්න එපා

      Delete
    4. කොහේදෝ රටක මිනිස්සු ගෝනුස්සෝ බැදලා කන බව අසා මට මුලින් පිළිකුලක් දැනුණා. ඉස්සෝ කනවා නම් ගෝනුස්සෝ කන්න බැරි ඇයි කියා පසුව අවබෝධ වුණා!

      Delete
    5. @පෙට්ටියේ අධිපති.. ..හරස්කඩ, ඕයා දොස්තර කෙනක් ද ? නැත්තන් ගත්ත තැනක් පෙන්නන පුළුවන් ද ? හිතට එන හැමදේම කියවන එවුන් නේද මනසික රෝගියෝ ?

      Delete
  6. දැන් සමලිංගිකයො වැඩී කියලනම් මමත් පිලිගන්නව. යුරෝපීය රටවල් කොහොම උනත් ලංකාව වගේ බෞද්ද රටක මේ වගේ හැසීරීමක් ටියෙන කට්ටිය බිහිවීම දුක්ඛිත කාරනයක්

    අපිටම කියල සංස්කෘතියක් තියෙද්දි වෙන වෙන විකාර මොකටද ...


    පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න.

    ReplyDelete
    Replies
    1. බුදුන් වහන්සේත් සමලිංගිකත්වය පිළිබඳව විනය නීති පනවල තියෙනවා.ආගමේ බලපෑමක් නැහැ.ඒ අයට පාඩුවේ ඉන්න දෙන එකයි කරන්න තියෙන්නේ.

      Delete
    2. බුද්ධාගමයි, මිනිසා ගේ ලිංගික කැමැත්තයි අතර සම්බන්ධයක් නෑ.

      අනික ආගම් තියෙන්නේ නීතී පනවන්න නොවෙයි. නීති දාන ආගම් තියේ නම් ඒවා ප්‍රතිගාමියි.

      Delete
    3. කොහොමද කකා කතිකාවක් ඇති වෙන්නේ වැට කඩුලු බැඳලා නේ. ආගම් හා මිනිසාගේ ලිංගික කැමැත්තවල් හා සෞඛ්‍යයට සම්බන්ද දේවල් පටලවන්න උත්සහ කිරීමත් ප්‍රතිගාමී ලක්ෂණයක්. දැන් සම ලිංගික පිරිස් වැඩි වෙලා නොවේ, ඉස්සර හැංගිලා හිටිය පිරිස නව තත්වයන් යටතේ ඔවුනගේ අයිතිවාසිකම් ඉල්ලන්න එළිපිට කතා කරනවා. ළමා අපචාර පවා ඉවසන සමහරුන්, සම ලිංගික පිරිස් ලෙස බලන්නේ එල්ලුම් ගහට යැවිය යුත්තන් ලෙස. ඔබ කියන්නා වගේම එවැනි අයට තමා ලොකුම රෝගය තියෙන්නේ.

      Delete
    4. නමුත් හෙමින් හෙමින් හෝ සමාජයේ ප්‍රගමණයක් වෙනවා!

      Delete
    5. @පෙට්ටියේ අධිපති.. ..හරස්කඩ, මම ගොඩක් අගය කරන හිමි නමක් සමලිංගිකයන් හා බුදුදහම ගැන දක්වන අදහස් ... බුදුහාමුදුරුවෝ හිටියත් මෙයට වඩා දෙයක් කියය කියල හිතන්න අමාරුයි

      https://www.youtube.com/watch?v=GOPcbFhCEj0

      Delete
    6. @පෙට්ටියේ අධිපති.. ..හරස්කඩ

      මම වෙන කෙනෙක් එක්කනම්, කරුණු කාරණා සහිතව තර්ක කරනවා. ඒත් ඔයා වගේ අඩි පහේ වස්සෙක් එක්ක කරුණු කාරණා වැඩක් නෑ. ඔයා කියන විදියට බෞද්ධ රටක සමලිංගිකයො ඉන්න විදියක් නෑ. මොකද අපිට පට්ට ආගමක්, පට්ට සංස්කෘතියක් තියෙනවා. එහෙමනම් මචෝ ඇයි අපි අනෙක් දේවලින් ඉස්සරහින් නැත්තෙ? ඇයි මෙච්චර ස්ත්‍රී දූෂණ වෙන්නෙ? අනෙක පන්සල් වල සිද්ධ වෙන දේවල් දන්නෙ නැති බබෙක් නෙවෙයිනේ ඔයා. මතක තියාගන්න, මේ වගේ දේවලට ආගම් පලි නෑ. පන්සල් වල වගේම කතෝලික පල්ලියෙත් මේ වගේ කේස් තියෙනවා.

      //අපිටම කියල සංස්කෘතියක් තියෙද්දි වෙන වෙන විකාර මොකටද ...//
      එතකොට අපේ තියෙන මාර සංස්කෘතිය නිසා මේ විකාරකාර සමලිංගිකයො ටික ගහල එලවන්න ඕන. එතකොට හරිනේ? මචන්, අපිට මාර සංස්කෘතියක් තියෙනව තමයි, හැබැයි වෙන රටවලටත් මාර සංස්කෘති තියෙනවා. උඹට උබේ රටටවත් වැඩදායී මිනිහෙක් වෙන්න ඕන නම් ඔය පසුගාමී අදහස් අයින් කරපන්.
      සමලිංගිකත්වය මානසික රෝගයක් නම් උඹටත් තියෙනවා රෝගයක්, හොමෝෆෝබියා කියලා.

      @ කතන්දර කාරයා
      අද තමයි මුලින්ම මේ බ්ලොග් එක දැක්කෙ.

      Delete
    7. /// එහෙමනම් මචෝ ඇයි අපි අනෙක් දේවලින් ඉස්සරහින් නැත්තෙ? ඇයි මෙච්චර ස්ත්‍රී දූෂණ වෙන්නෙ?///

      මෙව්වට ප්‍රදාන හේතුව තමුන් වගේ මිනිස්සු වැඩි හරියක් සිංහල ජාතිය / ලංකාව තුල ඉන්න එකයි @Anonymous

      Delete
  7. Replies
    1. ලොකු කතිකාවක් ඇතිවෙලා නෑනේ තාමත්?

      Delete
  8. හ්ම්ම්...එතකොට දැන් මිනිස්සු විතරක් නෙවෙයි සමලින්ගිකයෝ එහෙනම් නේ...

    ReplyDelete
  9. සමලිංගික බල්ලෝ විතරක් නෙවෙයි. සමලිංගික අලිත් ඉන්නවා. බලන්න මෙතනින් http://sobaroo.blogspot.com/2012/04/homosexual-elephants-gay.html

    ReplyDelete
  10. අපිට හිතෙන විදිය හරිම කියලා හිතන නිසයි සමලින්ගිකයෝ සමාජයෙන් කොන් වෙන්නේ. සමස්තය ගැන හිතලා නීති හැදුවත් එයට අයිති නොවන 1% - 2% ක් හරි ඉන්න පුළුවන් සමලිංගික.

    ReplyDelete
    Replies
    1. මං දන්නා තරමින් ඇත්තටම සමලිංගික අය බොහෝ දෙනෙක් සමාජ බලපෑම් නිසා විෂම ලිංගික විවාහවලට ඇතුලත් වී දුක් විඳිනවා. අපිට 1% හෝ 2% යැයි පෙනෙන තත්වය සමාජය වෙනස් වූ විට ඉතා ඉහලට යාවි.

      Delete
    2. කකා සමලින්ගිකද?

      Delete
  11. මන් හිතුවේ මිනිස්සු අතර විතරයි සමලිංගිකයන් හිටියේ කියලා.

    ReplyDelete
  12. ජනගහනය පාලනයට ස්වභාවිකම උදව් වෙන ක්‍රමයක් වශයෙන් දිරිමත් කල යුතු අංශයක්!

    කතන්දර සූරීන්ට තව මාතෘකාවක්
    ගල් කැපීම සම ලිංගික ක්‍රියාවක්ද?

    ReplyDelete
    Replies
    1. ගල් කැපීම සම ලිංගික ක්‍රියාවක්ද?

      නෑ එක කර්මාන්තයක් !

      Delete
    2. ගල් කැපීම කලාවක්...

      Delete
    3. ගල් කැපීම මොකක් වුනත් අකමැත්තෙන් හෝ, බලහත්කාර කමින් හෝ පොලඹවා ගැනීමකින් ගල් කැපීමකට ලක් වීම මහ අප්‍රසන්න අත් දැකීමක්....

      විශේෂයෙන්ම ඒක සම ලින්ගික වුනාම වෙන්න තියන පොසිබිලිටි එක හරි වැඩියි...... මොකද ගොඩක් වෙලාවට එකම ලින්ගයෙ ඇත්තො එකට ඉන්න නිසා...

      එහෙමත් වෙලා ලෙඩකුත් හැදුනාම මහා පාපයක් වෙනවා...

      චාල්ස් නයිජල් සිල්වා... ටැබූ ලියපු ආටිකල් එක මතක් උනා....

      Delete
  13. එතකොට කකාත් සමලිංගික ද ?

    ReplyDelete
  14. සමලිංගිකත්වය කියන එක විකෘතියක් විදිහට තමයි මට හිතෙන්නේ... ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඒක නරකයි හෝ නොපැවතිය යුතුයි කියලා... දැන් මේ පෝස්ට් එකේ කියන්නා වගේම මේක සත්ව ලෝකයෙත් තියනවා... ඒ නිසා මේක මානසික මිනිසුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. දැන් ඔය උපතින්ම විවිධ අංගවිකලතා, අබාධ ඇති අය ඉන්නේ... ඒ වගේම මම හිතන්නේ මේකත් සම්මතයෙන් සිද්ධවෙච්ච අපගමනයක්... නමුත් ශිෂ්ට සමාජය කරන්නේ මේ වගේ අයට සමාජයේ අනිත් අය වගේම හැසිරෙන්න පුළුවන් තරම් පහසුකම්, ඉඩප්‍රස්ථා දෙන එකයි. ඒ නමුත්, මෙවැනි පුද්ගලයන්ට සමාජයේ ජීවත් වීමේදි, සම්මත් යැයි සැලකෙන පිරිසට වඩා වැඩි ගැහැටක් විඳින්න සිද්ධවෙනවා. කොච්චර පහසුකම්, පිළිගැනීම ලබා දුන්නත් ඔවුනට 'සම්මත' කියන තත්වයටම එන්න අපහසුයි කියලා මට හිතෙන්නේ...

    ReplyDelete
  15. කාලේ වෙනස් තාලේ අලුත්. :) අනේ මන්දා. සමලිංගික වෙන්න පොළඹවන එක නම් මට හිතාගන්නත් බෑ. එහෙම වෙන්න බෑ කියලයි මම කියන්නේ. ඒත් ඔවුන් එදත් අදත් හෙටත් ඉඳීවි.

    ReplyDelete
  16. http://www.lifewithdogs.tv/2013/01/upate-an-innocent-dogs-life-is-saved-in-tenessee/

    ReplyDelete
  17. සමලින්ගිකත්වය කියන්නෙත් මිනිස්සුන්ගෙ හිතෙ ඇති වෙන හරිම අහින්සක ඒ වගේම ගොඩක් බලවත් අදරනීය හැගීමක් ගොඩක් අය ඔය වචනෙ ගැන අහපු ගමන් හිතට එන්නෙ ලින්ගික දෙවල් නමුත් ඔයාල දන්නවද මේ වචනෙ ඇතුලෙ කොච්චර ආදරයක් පිරිල තියෙනවද කියල
    සමහරු කියයි කොල්ලෙක් තවත් කොල්ලෙක්ට ආදරේ කරනව කියන්නෙ මොන පිස්සු කතාවක්ද කියල
    එක තමයි අපෙ හැගීම් වල විවිදත්වය සමලින්ගික නොවෙන අයෙකුට කවදාවත් මෙ දේ තෙරුම් ගන්න බැහැ

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.