Wednesday 2 July 2014

බ්ලොග්කාරයෙක් ගේ වයිෆරේ ගේ කතාවක් සහ ඒ බ්ලොග්කාරයා ගේ මතකයන් සමගින් තත්කාලීන කේස් එකකට සම්බන්ධ කතන්දර කීපයක ආරම්භය - Here we go!


මේ දවස්වල වින්නඹු-හෙදි සටනක් යනවනේ ජයටම. ඕකට දොස්තරලාත් එහෙන් මෙහෙන් හෝ කෙලින්ම සම්බන්ධයි ලු.

මේ ගැන බ්ලොග්කාරයින් දෙතුන් දෙනෙක්ම ලිපි ලියා තිබුණා. එක්කෙනෙක් රාජ්. ඊලඟට පැරා. මේ ලිපිය ලියලා පලකරන අතරේ මාතලනුත් එකතුවෙලා.

පැරා නම් අදත් ලිපියක් ලියා තිබුණා, ඒ අර කලින් ලිපියක කමෙන්ට් එකක් දාපු ඇනෝවෙක් උපුටා දක්වලා තිබුණු දිවයින වාර්තාවට හරියටම ගැලපෙන විදියටයි. ඒ ඇනෝලා ගේ යටි අදහස ලෙස පෙනුණේ බ්ලොග්කාරයින් ගේ ලිපිවලින් කියවෙන මතය ඔවුන්ගේ බිරින්දෑවරුන් ගේ රැකියාව අනුව සැකසී ඇති බවකුයි.

අපි ඕනෑම කෙනෙකුට රටේ ලෝකේ ප්‍රශ්ණ ගැන මතයක් තියෙනවා. ඒක අපේ අත්දැකීම්, දැනුම සහ අපි අගය කරන වටිනාකම් ඒ කියන්නේ වැලිව්ස් මත පදනම් වෙච්ච දෙයක්. එය අපේ කලත්‍රයා ගේ රැකියාවට අදාල වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්.

විවාහ වෙලා ඉන්න දෙපලකට ඕනෑම දෙයක් ගැන දෙයාකාරයක අදහස් තියෙන්න පුළුවන්. මතවාද දෙකක් දරන්න පුළුවන්. සමහර විට මේ මතවාද එකිනෙකට අතිශයෙන් ප්‍රතිවිරුද්ධ වෙනකොට නං වැඩේ අංජබජල් වෙන්න ඉඩ තියෙනවා. නමුත් බොහෝ වෙලාවට ඔය අදහස්වල තියෙන සුළු සුළු වෙනස් කම් නම් සුළු සුළුම තමයි!

මේ බ්ලොග් බලන අස්සේ මටත් මතක් වුණා පරණ සහ අලුත් කතන්දර දෙක තුනක්.

ඒවායින් සමහර කතන්දරවලට අදාල දේ මීට කලිනුත් මං අතින් ලියවිලා තියෙනවා.

මුලින්ම මතකද මං ලියපු පේරාදෙනිය ද කටුබැද්ද ද කියන කතන්දරේ?

ඒ කතන්දරේ කියවුණා වගේම වැදගත් තීරණයක් මට ගන්න සිදුවුණා අපි දහයේ පන්තියේ ඉඳලා එකොළහේ පන්තියට යන දවසේ.

"මැත්ස් කරන ළමයි මේ පේලියට එන්න, බයෝ කරන ළමයි අර පේලියට යන්න!" අපේ අංශබාර ප්‍රධානියා කීවා. ඒ වෙනකොට අපි හැමදෙනාම වගේ ඒ තීරණය අරගෙනයි හිටියේ.

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය අනුව විභාග ප්‍රතිපල අනුව ශිෂ්‍යයින් හැදෑරිය යුතු විෂයන් මොනවාද කියන එක කලින්ම තීරණය වෙලායි තියෙන්නේ.

හොඳට ඩිෂ්ටින්ෂන් තියෙන අය එක්කෝ මැත්ස් නැත්නම් බයෝ. ඊලඟට ස්ථතරය යන්න ඕනෑ කොමර්ස් කරන්න. අන්තිම ස්ථරයට, ඒ කියන්නේ ගණිතයට, විද්‍යාවට ඩිෂ්ටින්ෂන් හෝ ක්‍රෙඩිට් නැති අයට කලා විෂය ධාරාවේ අබ සරණ පමණයි.

ඔය කලාව කිරීම ගැන තවත් මං ලියපු කතන්දරයක් තමයි මේක.
http://kathandara.blogspot.com/2012/01/disaster-strikes-kathandara-household.html

ඒ වගේම මිණිවන් පී තිලකරත්න ලියපු "කුඩා දොස්තර, මහ දිසාපති" කියන කෙටිකතාවත් මේ කේස් එක මත පදනම් වුණු එකක්. මං ලියපු "මං ලියන්නේ මට ඕනෑ දේවල්, ඇයි උඹ ලියන්නේ කාට ඕනෑ ද?" කියන කතන්දරේ පෙර කතාවේත් ඔය වගේ සම්බන්ධයක් තිබුණා.

ඒ මොනවා වුණත්, මං එදා අම්මා ගේ කැමැත්තටත් පිටුපාලා, මැත්ස් පන්තියට යන පෝලිමට එකතු වුණේ අර පවිත්‍රා වන්නිආරච්චි වගේ මැත්ස්වලට විශිෂ්ඨ සාමාර්ථයක් තිබුණු නිසාම නොවෙයි. ඊට වඩා මට ජීව විද්‍යා විෂයයන් ගැන ඒ වෙනකොට ඇතිවෙලා තිබුණු අප්‍රසන්නකම නිසයි.

කූප්‍රකට බ්ලොග්කාරයෙකුගේ වයිෆරේ ගේ නයෙක් කියලා මං ලියපු කතන්දරේ කියවුණු කේස් එකේදී මේ කියන වයිෆරේට සාමාන්‍ය පෙළට ගණිතයට විශිෂ්ඨ සාමාර්ථයක් තිබුණාට විද්‍යාවට තිබුණේ ක්‍රෙඩිට් එකක් විතරක් නිසා ඇගේ අම්මා වගේම පාසලේ ගුරුවරියනුත් උපදෙස් දිලා තියෙන්නේ ඒ ලෙවල්වලට මැත්ස් කරන්න කියලයි. නමුත් ඇය බයෝ පන්තියටයි ගිහින් තියෙන්නේ. ඒ මොනවා වුණත් ගණිතයට ඇති බය හින්දා වෙන්න ඕනෑ!

මට කියන්න ඕනෑ එක කරණයක් නම්, අද සෞඛ්‍ය ක්‍ෂේතයයේ රැකියාවන් කරන අති බහුතරය ඒ තැන්වලට ගිහින් තියෙන්නේ මේ ලෙඩ්ඩුන්ට සලකන්න තියෙන පින් අතේ සිතුවිලි හින්දා නොවෙයි. වෙනත් සමාජ, ආර්ථික කරුණු හින්දයි.

මතකද මං ලියපු ලොකු වෙලා තාත්තා කෙනෙක් වෙන්න ආසයි කියන කතන්දරේ?
http://kathandara.blogspot.com/2009/09/blog-post.html

එදා තමයි මං තීරණය කලේ ලොකු වෙලා මැවිසුරුවෙක් වෙනවා කියලා. ඒ තීරණයට හේතුව මේ මැවිසුරුකමට කිසිසේත්ම අදාල දෙයක් නොවෙයි.

ඒ වගේම තමයි, අද දොස්තර ලා, නර්ස් ලා, මිඩ් වයිෆ්ලා වෙලා ඉන්න අයත්.

බහුතරයක් එහෙම වුණාට සුළුතරයක ගේ පසුබිම් කතාව ඊට වෙනස් වෙන්න පුළුවනි.

මං පොඩි කාලේ ගමේ ගිය වෙලාවක අපේ ඇන්ටිලා මගේ අහපු ප්‍රශ්ණයම, අපි හතේ පන්තියේ විතර ඉගෙන ගන්න කාලේ අපිට සමාජ අධ්‍යයනය උගන්නපු සුගතදාස ගුරුවරයා අපෙන් ඇහැව්වා.

පන්තියේ කොල්ලෝ, කෙල්ලෝ සාමාන්‍ය ටිපිකල් උත්තර දුන්නා. දහයේ පන්තියෙන්ම ඉස්කොලෙන් කැපිලා තාත්තා වගේ ඩ්‍රෑයිවර් කෙනෙක් වෙන්න ගිය සුනිල් පවා දුන්නේ වෙනත් උත්තරයක් මට මතක විදියට.

ඒ උත්තර අසා අවසානයේ සුගතදාස සර් මෙහෙම කිව්වා.

"මගේ දුව නම් පොඩි කාලේ කියන්නේ එයා ලොකු වෙලා නර්ස් කෙනෙක් වෙලා ලෙඩ්ඩුන්ට සාත්තු කරන්යි කැමති කියලා. මං එහෙම කතාවක් වෙනත් ළමයෙක් කියනවා තාම අහලා නෑ!"

කතාව ඇත්ත නේද?

මාත් තාම අහලා නෑ!

-කතන්දරකාරයා

ප/ලි:
සෞඛ්‍ය සේවයේ අය ඒ ක්‍ෂේත්‍රවලට යොමුවෙලා තියෙන්නේ රෝගීන්ව සනීප කරන්නට, රැකබලා ගන්නට, උපස්ථාන කරන්නටය කියා සිතීම, අද දවසේ දේශපාලුවන් දේශපාලනයට එන්නේ මහජනයාට සේවය කිරීමටය කියා සිතීම වගේ දෙයකි!

(image: http://www.dreamstime.com/royalty-free-stock-photography-hospital-staff-standing-row-over-white-image8564507)

84 comments:

  1. මම මතක ඇති කාලෙ ඉඳන් අවුරුදු 13ක් වයස වෙනකල්ම මට ඕන උනේ Nurse කෙනෙක්ම වෙන්නමයි. ඒත් අවුරුදු 13න් පස්සෙ මං ඒක කෘෂිකර්ම උපදේශිකාවක් වෙන්න ඕන කියල වෙනස් කරගත්තා. හේතුව ඒ වයසෙදි මගේ ලොකු අක්කා Nurse කෙනෙක් විදියට ශ්‍රී ලංකා යුද හමුදාවෙ වෛද්‍ය බලකායට බැඳුන එක. ලොකු අක්කට එතකොට ගෙදර එන්න බෑ හැමදාම. මාසෙට සැරයක් දෙකක් ආවත් දවස් දෙක තුනෙන් ආයිත් ගියා. මං එක්ක රැඳෙන්න වෙලාවක් නෑ. ඉතිං මං හිතුව Nurse කෙනෙක් උනාම එයාල වෙනස් වෙනව කියල. මට හෙදවෘතිය එපා උනා.

    වින්නඹු හෙද ප්‍රශ්නෙ නම් අනේ මන්දා. ඒ ඒ වෘත්තිකය ඒ වෘත්තියෙ ඉඳන් බලන හංදා කෙනෙක් තමන්ගෙ තත්වය නැතිවෙයි කියලයි, කෙනෙක් තමන්ට දෙයක් ලැබෙනවට අනිත් අය ඉරිසියාව කියලයි හිතනව ඇති.

    ReplyDelete
  2. මට හම්බුනා දැනට අවරුදු පහලවකට විතර කලින් එළකිරි වගේ නියම නර්ස් කැල්ලක්.... මම කරේ එයාව අල්ලලා කසාද බැඳ ගත්ත එකයි

    ReplyDelete
    Replies
    1. උඩ කොමෙන්ට් එක දාලා තියෙන්නේ ඇනෝ කෙනෙක්

      Delete
    2. බලාගෙන යනකොට බ්ලොගර්ලා ගණනාවකගේ වයිපරේ නර්ස්ලා නෙවැ.

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
    6. අනේ...කකා....මේ තත්වයෙන් මේ බ්ලොග් ලෝකය මුදවාගන්න. ඔබ මේ ටෙක්නිකල් සයිඩ් එක දන්න කෙනෙක් හැටියට මේ මඩ වලේ දඟලන අයගෙන් මෙය බේරාගන්න. මේ පෙන්නන්නේ රටේම සමාජ පැතිකඩක් නේද? අපි අපි නිවැරදි නොවී කරන්නේ ඒ වැරැද්දම නේද..දන්න කියන අය නිහඬව සිටීම හරි මදි. මේ නම් වෙන මුකුත්ම නෙමේ...බ්ලොග්ස් වලින් පාඨකයා ඉවත් කිරීමයි කියා මට හිතෙනවා. කකාවත් සාධරනයක් කරන්න. මේ යෝජනාවක් පමනයි. කෝ එදා තිබූ සාර්ථක අදහස් හුවමාරු...

      Delete
    7. This comment has been removed by a blog administrator.

      Delete
    8. This comment has been removed by a blog administrator.

      Delete
    9. This comment has been removed by a blog administrator.

      Delete
    10. කමෙන්ට් නොකර ඉන්න එපා බොලං...ඇත්ත ඇති සැටියෙන් කියලා කමෙන්ට් කරන බොලාගෙ වර්ගයේ අය ඉන්නෙ අතලොස්සයි
      ඒ හින්දයි මම ඒ වගේ කමෙන්ට් වලට කැමති...අනිත් උන් වැල යන අතට මැස්ස ගහන උන්

      Delete
    11. This comment has been removed by a blog administrator.

      Delete
    12. මම නං හරිම කැමතිය හොද කියනවට වඩා ඇත්තම කියන එකට
      ඒ හින්දා දකින වරදක් අනිත් දවසෙ කියලා පලයන් ලොකු මාමෙ

      Delete
    13. PM, මෙතෙනට නම් කැකුණ ගේන්න හිතන්නවත් එපා. අපේ කකුල් දෙකෙන් අල්ලල උස්සල හොම්බෙන් ගහල ඒව තලයි මේ අය. මන් යනවෝ බයි බායි

      Delete
    14. This comment has been removed by a blog administrator.

      Delete
    15. This comment has been removed by a blog administrator.

      Delete
    16. This comment has been removed by a blog administrator.

      Delete
    17. ප්‍රා ජේ.. කැකුණ . මොනවද ඒ ?? :D නිච්චියක් නෑනෙ . අපි නෑනෙ ඔය කැකුණ එක්ක ගණුදෙනු .නැද්ද බං.

      Delete
    18. අද දවල් කාලයේ මා ඉන්ටර්නෙට් එකෙන් ඈත් වී සිටි පැය හයක් වගේ කාලය ඇතුලත මෙහි සිදුවී ඇති දේ ගැන මට ඉතා කණගාටුයි.

      අරූ කියා ඇති පරිදි බ්ලොග් කියවන්නන් එයින් ඈත් වීම තමයි මෙයින් සිදුවෙන්නේ!

      අද පමණක් නොව අනාගතයේදීත් මට මේ කතන්දරයක් පලකර ඒ ගැන ඇස ගසා ගෙනම ඉන්නට බෑ.

      බ්ලොග් ලියන එකෙන් සතුටක් නැත්නම් දිගට බ්ලොග් ලියන්නට මගේ කැමැත්තකුත් නෑ!

      ස්තුතියි!

      Delete
    19. ++++++++++++++++++++++++++++++==

      Delete
    20. කකා කියන එක ඇත්ත. ලියලා ඒ ගැනම ඇහැ ගහගෙන ඉන්න කකාට වෙන වැඩක් නැතුවද? මොනව උනත් අනුන්ගේ බ්ලොග් එකක කුණුහරුප ලිව්ව එක වැරදියි. තමන්ගේ බ්ලොග් එකේ නම් ඕනෙ දෙයක් කර ගත්තට කමක් නැහැ.

      Delete
    21. මේක මාර මැකිල්ලක්! කිසි අපහාසයක් නොතිබුන මගේ එක කමෙන්ටුවක් වලිගෙ ඉතිරි වෙන්න මකල. මාතලන්ට උත්තර දීපු අනෙක වලිගෙත් නැති වෙන්න මකල!

      Delete
    22. @රාජ්, ගණන් ගන්න එපා බං. ටැබුවත් උබේ කමෙන්ට් මකපු එකේ, උඹත් ඇනෝලාගේ කමෙන්ට් මකන එකේ කකා ඒක කළාම මොකද?

      Delete
    23. @ රාජ,

      මේකයි කේස් එක.

      මාතලන් තමා දැමූ කමෙන්ටුව ඔහුම මකා ඇත.

      එවිට එහි කොටස් උපුටා දක්වා ඇති පිළිතුරු කමෙන්ටුපමණක් අදාල මුල් කමෙන්ටුව නැතුව පැවතීම ප්‍රශ්ණයකි.

      එනිසායි ඔබේ කමෙන්ටු මැකුවේ.

      මා අතින් වී ඇති වරද නම්, සමහර කමෙන්ටුවල "වලිගය ඉතිරිවීමය". එයින් වැරදි අදහසක් ඇතිවෙන්නට ඉඩ ඇති නිසා, ඒවාද මකා දමමි.

      ඔබේ කමෙන්ටුවල අපහාසයක් හෝ කුණුහරුපයක් නොතිබුණු බව පවසමි.

      Delete
    24. තමන්ගේ බ්ලොග් එකේ කුණුහර්ප ලියාගත්තාට කමක් නැතයි කියු ඇනෝ මහතාට.

      නොදන්න ලබ්බක් කතා කරන්න එපා. මගේ භාර්යාවට තියෙන කැතම වචනයකින් අපහාස කලායින් පස්සෙ කට වහගෙන ඉන්න තරම් හරකෙක් නෙමෙයි. මෙතබ වෙන කාගෙවත් නෝනලට එහෙම ආමන්ත්‍රනය කරලා නෑ. දන්නෙ නැති ඒවා ගැන කතා නොකර ඉන්න එක වඩා හොඳයි නේද?

      Delete
  4. ගෙදර අයට ඕනෙ උනේ මාව දොස්තරෙක් කරන්න. ඉස්පිරිතාලෙට පය ගහපු ගමන් දබස් ගාල කලන්තෙ දාන මං ආස උනේ අණුක ජීව විද්‍යාවට.
    අන්තිමට මොකද උනේ ලංකාවෙ සයන්ටිස්ට්ලට තියන තැන ඇහුව ගමන් මම සිමා කරන්න ගියා.
    ඉන් පස්සෙ ඩිග්‍රිය පාර්ට් ටයිම් උනා. හීන හීන විතරක්ම උනා. සල්ලි සහ තත්වය කියන රෝද දෙක උඩ ජීවිතේ බැලන්ස් උනා.
    අපි මොන බයිල ගැහුවත් ඇත්ත තත්වෙ ඕක නේද?
    නැත්නම් මගුලටද සමහරු තුන් පාරක් විභාගෙ ලියලා කට්ට කාල, ආය අවුරුදු පහක් (ඉලාස්ටික් අවුරුදු.) කැම්පස් ගිහින්. දුෂ්කර සේවය කරල වද විඳල දොස්තරල වෙන්නෙ.
    ඔය තරම් ගිලානෝපස්ථානයට ආදරේනම් යන්න පුලුවන්නෙ පාරම්පරික සිංහල වෙදමහත්තයෙක් ගාව අත් උදව් දෙන්න. නැද්ද?
    ගොඩක් අය කියන්නෙ බයිල. මොන රැකියාවක් හරි ගන්න පඩියට ණය නොවී කරනවනම් එච්චරයි නේද?

    ReplyDelete
    Replies
    1. yes බස්සු , ////මොන රැකියාවක් හරි ගන්න පඩියට ණය නොවී කරනවනම් එච්චරයි නේද?/// මං මේ දේ නිසාම නිකන් කාකා බිබී හිටපු ජොබ් එක දාලා ගිහින් වෙන ජොබ් එකක් හොයාගත්තා ,, ඒක කොච්චර අමාරු වුණත් මාර සතුටක් මං ලබන්නේ දැන් :D

      Delete
    2. @අපූර්වි දීදී,

      //මං මේ දේ නිසාම නිකන් කාකා බිබී හිටපු ජොබ් එක දාලා ගිහින් වෙන ජොබ් එකක් හොයාගත්තා , ඒක කොච්චර අමාරු වුණත් මාර සතුටක් මං ලබන්නේ දැන් :D,//

      හුක්කියෝ.....................!!!!!!!

      අපේ කමෙන්ට්ස් නයි නම් මෙව්වා මොනාද හලෝ....???

      ඇත්තම කියමු! අර වයසක මනුස්සයගේ ගෙදර තිබුණ ඇන්ටික් බඩු ටිකට ගේම දීලා පනින්න හැදුවා!!! අක්කගේ අවේලාවට බඩු අතේ මාට්ටු!!!!!!!!!!

      මේ දවස්වල බරපතල වැඩ සහිතව වැටුප්!!!!!!!

      හික්z!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    3. හි හි හි හි ,,

      Delete
  5. පොඩි කාලෙ මගේ ආසාව උනේ බස් කොන්දොස්තර කෙනෙක් වෙන්න.
    ෆුට් බෝඩ් එකේ යන එක මාර ආතල් රැස්පොට් ජොබක් කියල හිතන් උන්නෙ.

    ReplyDelete
    Replies
    1. මටත් ඔය උණ සැරටම තිබ්බා බං :D

      Delete
    2. අපේ මල්ලි පොඩිම කාලෙ ආසාවෙලා තිබුනෙ සිකුරුටි කෙනෙක් වෙන්න. යුනිෆොර්ම් එක ඇඳන් ඉන්න.

      Delete
    3. ඇනෝ ඒක මාර රැස්බොට් ජොබක් තමා
      බස් එකට නගින ඕනෙම ගෑනියෙක්ගෙ පිට හරි පස්ස හරි ටච් කරන්න පුලුවං නෙ ඔෆිසියලි

      Delete
  6. මට නම් ඕනිම වුණේ වයිෆ් කෙනෙක් වෙන්ටලු. අපේ අම්මා තමා කියන්නේ. ඉංජිනේරුවෙක් බඳින්ට ඕනි කීවලු. ඒ කාලේ ඉංජිනේරුවෙක් කියන්නේ කවුද කියලවත් නොදන්න කාලේ... :D

    ReplyDelete
    Replies
    1. හප්පොච්චියේ කකා බේරුණු බේරිල්ල!

      Delete
    2. //මට නම් ඕනිම වුණේ වයිෆ් කෙනෙක් වෙන්ටලු.//

      දැන් Melbourne Prison එකේ ජේලර්වරියක්ද ?

      Delete
  7. (අර බ්ලොග් ලැයිස්තුවට එන්නම ඕන ලිපියක් තියනව කකා. දොස්තර කෙනෙක් වෙච්ච දිනෙල්ක ලියපු ලිපිය දැක්කද? බොහොම හොඳ ලිපියක්. නමුත් දිනෙල්කගෙ අඩවිය මතක නෑ)

    1.ලංකාවෙ හැමෝම වගේ 'ලොකුවුනාම වෙන්න' හිතාගෙන ඉන්නෙ එක්කෝ දොස්තර නැත්තං ඉංජිනේරු එහෙමත් නැත්තං ටිකක් 'ඉහල' ජොබක් තමයි. පැරා කියනව වගේ දොස්තරලයි දොස්තරල වෙන්න බැරි උදවියයි තමයි වැඩි. පොඩි කාලෙ මම කිව්වෙ පයිලට් කෙනෙක් වෙනව කියල. සාපෙල කරල මැත්ස් වලින් උපෙ කරල භෞතික විද්‍යා උපාධියක් අරගෙන දැං කාර්යාලෙක වැඩ :-)
    මොනවා කලත් සතුටෙන් ජොබ් එක කරනව නං එච්චරයි.
    2.පැරාගෙ ලිපිවල ඇනෝල කියන 'නෝනගෙ තත්වෙ නිසා අදහස් වෙනස්වීම' නං මඩක් විතරයි. පැරා ලියල තියනව දෙපැත්තෙම වැරදි ගැන. (මේ ගැන දිනෙල්ක ලියපු ලිපියටත් කවුදෝ කියල තිබුන එයා බඳින්න ඉන්නෙ නර්ස් කෙනෙක් කියල:)

    ReplyDelete
  8. @ කාකා ජී,

    පොඩි දවස්වල මම ජී දන්න කියන ගෑණු ළමයෙක්ගේ කටේම තිබුණේ මම ලොකු වුනහම 'මිසී' කෙනෙක් වෙනවා!" කියන එක විතරමයි!!

    ඒත් යන්තම් පහලව ලබනකොටම එයා ගෙදරින් "මිසින්" වුණා!!! (ඕල්‍රෙඩි ළමයි දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් එක්ක! හික්z!!)

    පලවෙනි ළමයාව (රහසිගතවා රට පැටෙව්වා!!! (විකිණුවා!)

    දැන් එයාගේ වයස විසිතුනයි!!! තුන්වෙනි හස්බන්ඩ් එක්ක ජීවත් වෙනවා!!!!

    මේතුමිය ඇත්තටම නර්ස් කෙනෙක් වුණා නම් ෂෝයි නේ?????????

    හික්z!!

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. හේයි මුන්නා ,, නිකන් පච හලන්නේ නැතුව හිටියනම් හොදයි නෙහ් ඉදගෙන :D

      Delete
    2. @ අපූර්වි දීදී,

      ගර්....ර්....ර්..ර්!!!!!!

      බ්ලඩී අක්කියේ.................. ඔයා මේ සීන් එක නයෙක් කියලා කියනවා නම් මෙයාගේ අම්මගේ සීන්ස් කිව්වොත් එහෙම මේ ආත්මෙට විශ්වාස කරන්න හිතෙන එකක් නැහැ!!! ඒ අයියයි නංගියි අතර සීන්ස්... බුදු අම්මෝ!!!!!!!!!!!!!

      උන්ගේ පවුලම සිරාම "ජල්තර්" පවුලක්!!!

      ප:ලි:- පිල්ලියා බොක්කෙන්ම පිලිකුල් කරන මනුස්ස පරාණ ටිකකට කියලා ඉන්නේ ඔය *ස පවුලේ එවුන් විතරඉ!!! සිරාවටම!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    3. මුජේ මාෆ් කර්දේ මුන්නා ,, :D කිත්නා බ්ලඩි ස්ටෝරී හේනා මුන්නා ඉදගෙන

      Delete
  9. මම දන්න ළමයෙක් නම් කිව්වා නර්ස් කෙනෙක් වෙනවා කියලා. හේතුව කිව්වේ නැන්දා දොස්තර උනත් නැන්දට බබා හම්බෙන කොට නර්ස්ලා උදව් කර නිසා කියලා. එයා අන්තිමට නර්ස් උනාද කියල නම් නොදනී!

    ReplyDelete
  10. මම පොඩි කාලේ ඉදලම පැතුවෙ ....හොද පියෙක් වෙන්න...
    තුනේ.... පංතියෙ ඉදලම.......
    අද.... මම දෙදරු පියෙක්..... ඒ දෙන්නට ආදරේ.....

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. ඇයි බන් උඹ තිදර පියේක නේ , ළමයා දන්නේ නැති උනාට අම්මා ද්නනවානේ

      Delete
  11. පොඩි කාලෙ මොකෙක් වෙන්න ආසාවෙන් හිටියද කියල දැන් නං මතක නෑ.කොල්ල කාලෙ පත්තරේක ගියපු කතාවක් දැකල දැන් කරන රස්සාවට ආස හිතුනා.

    ReplyDelete
  12. ///තත්කාලීන කේස් එකකට සම්බන්ධ කතන්දර කීපයක ආරම්භය// හම්මේ. කතන්දර ගොඩයි. මට ඕනේ විදියට මගේ ජිවිතේ තීරණ ගන්න නිදහස එදා ඉදන් මට තිබ්බා. ඒ නිසා මං අද සතුටින්, ඔය වර්ජන ගැන මට හිතාගන්න බැහැ කාකා, ඔබේ ලින්ක් අතර මට කියවන්න ශෝක් මෙවුවා එකක් හම්බුණා, කියවන්න ඕනේ

    ReplyDelete
  13. මගේ සිව් හැවිරිදි කුඩා දියණිය නොදන්නාකමින් පැනඩෝල් පෙති හතරක් බී ලේඩි රිජ්වේ එකට රැගෙන ගියෙමි.

    මුලින්ම මුණ ගැසුණු වයසක හෙදිය නපුරු ලෙස ඇසුවේ මෙවන් ප්‍රශ්නයකි. "ඇයි පැනඩෝල් පෙති හතරක් බීලා නැවතුණේ තව බොන්න තිබුණනෙ"

    මුන්ගෙ හැටි දැක්වීමට මෙය ඇතිය සිතමි.

    ReplyDelete
  14. මොකෙක් වෙන්න ඕනද කියලා හිතේ තිබුනාද මන්දා....පත්තරකාරයෙක් ගැන නම් අදහසක් තිබුනා...ඒ ඔක්කොටම වඩා ඉස්කෝලෙන් අස්වෙලා, ඉක්මනටම මොකක් හරි රස්සාවක් කරන්න හිතේ තිබුනා.

    ReplyDelete
  15. ටික දවසක ඉඳන් කකාගේ ගෙදර පතෝල වැටකොළු වගේ කිසි ගෝ එකක් තිබ්බ නැති හින්ද මම තාවකාලිකව මෙහෙන් තොලොංචි වෙලා පැරාගේ මඩුවේ ගිහින් ලැග්ග. ඔය කියන ඇනෝ කොමෙන්ටුව දැම්මේ මම.

    අනෝලා ඊයේ පෙරේද කකාගේ රෙදි එතන ගැලෙව්වට පස්සේ මට ඇත්තටම දුක හිතුන කකා ගැන. සිංහලයට , බුදධාගන් කාරයට හින්ට් දාන්නේ කකාගේ ළමා කාලයේ ඇතිවෙච්ච අප්‍රසන්න සිදුවීම් වල ද්වේශය පියවගන්න කියල දැනගත්තම අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කිසි දෙයක් කරන්න හිතෙන්නේ නෑ ඔං.

    මේක ගැන කියනවා නං , සමාන අදහස් ඇති අය එකට ඉන්නවා. "same birds flock together" කියන එක ප්‍රසිද්ද අදහසක් නේ. බැඳපු උං දෙන්නේක්ටත් මේවගේ දේ ගැන සමාන අදහස් තියාගත්තේ නැත්නම් ඒ දීගේ බොහෝකොට හබක්. එහෙම නොවෙන්න නම් ලොකු බුද්ධිමත් බවක් සහ අන්නොන්ය අවබෝධයක් තිබිය යුතුයි. සමාජවාදය කියන මිත්‍යාවෙන් ඔලුව අවුල් කර ගත්ත ගුරුවරයෙකුටයි , හැමෝටම අප්‍රසන්න නර්ස් වුර්තිය කරන කෙනෙකුටයි එහෙම බුද්ධිමත් බවක් තියෙනවා නම් හඳේ හාලුත් තියේවි.

    මගේ ඒ උපකල්පනය සත්‍ය බව පැරා අද දාපු ලිපියෙන් ඔප්පු කරා. මරාගන්න හෙදියෝ , වින්නබුවන් මග ඇරලා පැරා ගෝන හමට තඩිබාන්න අල්ලාගත්තේ කොහෙවත් ඉන්න දොස්තරලා. ඒ ලියවිල්ලේ තියෙන ඒක පාර්ශවිය කුහකත්වය උකුණු ඔලුවක් වත් මොලයක් තියෙන කෙනෙකුට නොපෙනී යන්නේ නැහැ.

    "සෞඛ්‍ය සේවයේ අය ඒ ක්‍ෂේත්‍රවලට යොමුවෙලා තියෙන්නේ රෝගීන්ව සනීප කරන්නට, රැකබලා ගන්නට, උපස්ථාන කරන්නටය කියා සිතීම"

    මෙහෙම හිතන කවුරුවත් මම නම් දන්නේ නැහැ. ඔවුන් කරන්නේ පඩියට රස්සාවක්. මාතලන්ගේ ලිපියේ කොමෙන්ට් වලින් පෙනෙන්නේ පොදු සේවයේ ත්‍රාඩලෙස හැසිරෙන හෙදියන් පෞද්ගලික රෝහල් වලදී කුකුළු පැටවුන් වෙන බව.

    ප්‍රශ්නය තිබෙන්නේ පිනට දුවන නිදහස් සෞක්‍ය සේවයේ අකාර්යක්ෂම , දුෂිත පාලනය මත බව වටහා නොගන්න තාක් ප්‍රශ්නය එතනම පවතීවි. මේක ලංකාවේ පමණක් පවතින තත්වයක් නොවෙයි. හේතුව දේශපාලකයන් දුෂිත වීමත් නොවෙයි. ලෝකයේ කොහෙත් පවතින රාජ්‍ය පාලනයේ අසාර්ථකත්වය පමණයි. තව ඕන නං උදාහරණත් දෙන්නම් කකාගේ ඕස්ට්‍රේලියාවෙ තියෙන පබ්ලික් හොස්පිටල් වලින්ම.

    ReplyDelete
    Replies



    1. Yes Minister වල හරි Yes Primeminister වල හරි තිබුන පරිපාලකයන්, දොස්තරවරුන්, නර්ස්ලා සහ අනෙකුත් සේවකයන්ට රෝහලක් කාර්යක්ශමවත්, පිරිසිදුවත් ලස්සනට කරගෙනයාමට ලොකුම බාදාව ලෙඩ්ඩු සිටීම කියල
      :-D

      Delete
    2. @ මහසොහොන් පිල්ලිය

      /* සිංහලයට , බුදධාගන් කාරයට හින්ට් දාන්නේ කකාගේ ළමා කාලයේ ඇතිවෙච්ච අප්‍රසන්න සිදුවීම් වල ද්වේශය පියවගන්න කියල දැනගත්තම */

      අනේ මහසොහොන් පිල්ලිය
      සැබෑ දුක ඔබ ගැනයි. ඒ ඔබ (මා ගැන) සියල්ල දත් වගේ කෙනෙක් යැයැ සිතා ඉන්න නිසයි. නැත්නම් ඔබද ඔය කියන ඇනෝ කමෙන්ට් දැම්මේත්? දැන් එතකොට ඇනෝවෙක් මොනවා හරි ලිව්වාම ඔබ එයින් දැනුම ලබාගන්නවා, සත්‍යය දැන ගන්නවා, අනේ අපොයි!

      Delete
    3. තවත් එකක්,

      RCH එකෙන් ඕනෑ තරම් උදාහරණ දෙන්න.

      ඒවා මං නොදන්න ඒවා. මා ඒ ලඟ අවුරුදු ගණනක් හිටියට ඔතැන ඇතුලට අඩියක් තියා නෑ!

      Delete
    4. @ප්‍රා...මචං...මේකට නේද satire කියන්නේ. මම උඹෙන් තරම් ඕක කිසි කෙනෙකුගෙන් දකින්නෙ නැහැ. ඒක ග්‍රේට්. සිංහලෙන් ලියන එකෙක්ගෙන්. උඹ තමයි බ්ලොගක් ලියන්න ඕන. ඒ තුල political & social satire & humour කතා කරන්න පුළුවන් වෙයි

      Delete
    5. අනේ කකා මම ඔබේ ඉතිහාසය දන්නේ නැහැ. දැනගත්තත් ඔහොම දාන්නෙත් නැහැ. ඔබ ප්‍රතික්ෂේප කර නැති නිසා සත්‍යය ලෙස සලකනවා පමණයි. ප්‍රොෆයිල් කාරයෙක් ලියන සියල්ල සත්‍යත් , ඇනොල ලියන සියල්ල බොරුත් කියල නිව්ටන් නියමයක් නං මං දන්නේ නැහැ. ඔය ඇනෝ එන්නෙත් මේ ප්‍රොෆයිල් කොමෙන්ට් දාන උදවියම තමයි.

      උඩ අයින්කරපු කොමෙන්ටු වල වැඩිපුරම කුණුහරප කියල තිබෙත් ඔබතුමාගේම ගෝලය නෙව. :P

      Delete
    6. @ මහසොහොන් පිල්ලිය
      ඇනෝලාගේ අපහාස ප්‍රලාපවලට පිළිතුරු බැඳීම මට තරම් නොවේ යැයි සිතුවා. මේ පිරිසගේ අරමුණ අපහාස කර අදාල පුද්ගලයා ආවේශශීලි කර ගැනීමයි.

      ඒ ආවේගශීලී විම තමයි, ඊලඟට කුණුහරුපයෙන් නතරවෙන්නේ.

      කෙසේ වෙතත් ගෝලයන් හදන්න මා ශාස්තෲවරයෙක් නොවේ!

      Delete
    7. මචන් මහසොහොන්....කාලෙකින් දැක්කේ,,, විසිල් එකක් ගහපන් සින්දුවක් කියන්න. කමෙන්ට් එකේ අරුත පැහැදිලියි!

      Delete
    8. වඩු බාස්ලටත් ගෝලයෝ ඉන්නේ. ගෝලයෙක් හදන්න ශාස්තෲවරයෙක් වෙන්නම ඕනෑය ? අනිත් එක ශාස්තෲ කියන්නේ සත්ත වාහක. එනම් මග පෙන්වන්නා. ඒ අර්ථයෙන් කකත් ශාස්තෲවරයෙක තමයි.

      එක්ලව්‍ය , ද්‍රෝනව ගුරු කර ගත්තේ මැටි පිළිමයක් හදල ගුරු දක්ෂිණා දීල නෙව. ද්‍රෝණ දන්නෙත් නැහැ එහෙම ගෝලයෙක් ඉන්නවා කියල.
      කකත් වැස්සකට හරි දහම් පාසලකට ගියා නං ඔව්ව දැනගන්නවා නෙව. :)

      Thanks and glad to be back Aru. Maybe not so much Kaka. ;)

      Delete
    9. අපට කුණුහරුප නොකියා සංවාද කරන්න බැරිද? දැන් ඔහොම කුණුහරුප කියැවෙන්නේ බ්ලොග් එක දෙකක පමණයි. අනෙක්වායේ ඔය යස අගේට සංවාද කෙරෙන්නේ.

      Delete
    10. බ්ලොග් ලියන්නන් අතර තියෙන කැත සිරිතක් තමයි කවුරු වැරැද්දක් කළත් අන්තිමේදි ඒක ඇනොවකුගේ පිටින් යවන එක. මේ සිද්ධිය හොඳ උදාහරණයක්.

      Delete
    11. අරූ
      මන් මේ යුනිකෝඩ් කමෙන්ට් එකක් ලියා ගන්නෙත් KK සහ රාජ් ගේ උවදෙස් , මගපෙන්වීම හා දිරිගැන්වීම් ( අප්පට සිරි එතකොට මාත් ගෝලයෙක්ද kk? :-D )_, තිසර වැන්නන්ගේ විවේචන, කෙන්ජිගේ බැනුම් ( PM , පිල්ලි ආදීන් බැන්නද කියල හරියට මතක නෑ. හිනා වුනා මතකයි. අනෙකුත් බැන්න අය මග හැරී ඇත්නම් සමා වෙන්න ) නිසා.

      මට බ්ලොග් එකක් ලියන්න තරම් හැකියාවක් නැහැ.

      කොහොමත් මා සුදුසු Co-authoring editor විදිහ්ට තමයි. කාට හරි අවශ්යනම් , මට පුලුවන් දෙයක් නම්, වෙලාව තියන විදිහට උදව් කරන්න පුලුවන්.

      Delete
    12. කකා ප්‍රොෆයිල්කාරයින්ම ගෝලයින් හැටියට සලකන කොට අපටත් මල පනිනවා. මොකද ඇනෝලා කකාගෙ ගෝලයින් නෙවෙයිද?

      Delete
    13. කකා=අනෝලා

      Delete
  16. ඔන්න කකා...... ඉස්සර හවහට කාසු අය්ය කුලීවැඩ කරල ඇවිල්ල නාල කොරල වෙල අයිනෙ ඉඳගෙන පඩ මිටියක් පාවට්ටා කාප්පෙ ඔතල පට්ට ආතල් එකේ ගහනව මම හැම දාම දකිනව. ඕක දැකල පොඩිකාලෙ මගේ එකම ආසාව උනේ කාසු අය්ය වගේ හොඳ ගන්ජා කාරයෙක් වෙන්න. කොහෙද ඉතිං අපේ ගෙදර උන් මගේ ඒගමන වැලැක්කුවනෙ. සික් විතරක් අප්ප....

    ReplyDelete
    Replies
    1. දැං උනත් පරක්කු නෑ බං :D

      Delete
  17. ඔය කොයි කවුරුත් මොනවා කිව්වත් කරන්නේ කරන්නේ තමන්ට කැමති රස්සාව නෙවේ.

    මට ඕන උනේ කෝච්චි ඩ්‍රයිවර් කෙනෙක් වෙන්ට. අන්තිමට උනේ ට්‍රැක් පැනලා වෙන පාරක යන්ට. හැබැයි රස්සා ජාති හය හතක් කරලා අන්තිම්ට චෑන්ස් එකක් වැදිලා තියෙනවා කෝච්චි එල්වන්ට ඉගෙනගන්ට..මියුසියම් එහෙක!

    මගේ නංගිගෙ කොලුවා කිව්වේ ඌ කරන්නේ පොල් කඩන රස්සාව කියලා. මොකද සල්ලි ගොඩකුයි පොල්යි හම්බවෙන නිසා. ඌ සම්බොල් කන්ට රුසියා.!

    ReplyDelete
  18. මාත් පොඩි කාල හරිම ආසාවෙන් හිටියා පොලීසියට බැඳෙන්න……

    ඒත් දැන්……???? :) :D

    ReplyDelete
  19. මට පොඩි කාලෙ මොකෙක් වෙන්න ඔනද කියල හරි හමන් මෙව්ව එකක් තිබුනෙ නෑනෙ. එන එන විදියට කලා මිස.මැවිසුරු වෙන්න් නම් හිතක වත් නොතිබුණු බව නම් සුවර්.ඒක උනේ මට ගනන් වලට තිස් පහක් ලැබුන වතාවෙ උගන්නන්න ආව අයිය කෙනෙක් නිසා.කකාගෙ කම්මලේ ඩයල් එකක් .

    ReplyDelete
  20. පොඩි කාලෙදි අපි කියන්නෙ අපට ආස හිතෙන රස්සාවල්නෙ. ‍ඒව‍ගේ රස්සාවකදි ආදායම කොච්චරද? සමාජ තත්වය කොහොමද? වගේ දේවල් දැනෙන්නෙ නෑ. මගෙ පංතියෙ හිටපු එකෙක් දවසක් (අටේ හෝ නමයෙ පන්තියෙදි) ඇහුව "මචං බස් කොන්දොස්තර කෙනෙකුට පඩිය කොච්චර විතර හම්බ වෙනවද?" කියල. ඌට ආස හිතිල තියෙන්නෙ බස් කොන්දොස්තර කෙනෙක් ජොලියෙ ඉන්නව වගේ දැකල. ඒ දවස්වල ප්‍රයිවට් බස් නැති කාලෙ සීටීබී කොන්දොස්තරල ටිකක් විතර ජොලියක් ලැබුවා. විශේෂයෙන් ස්කූල් බස් වලදි.

    බ්ලොග් කාරයෝ ලියන්නෙ වයිෆ්ල ගෙ ජොබ්එක ගැන කියල හිතන අසරණ මෝඩයො නිසා තමයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ. මලිත්ට ගහනකොට චංචලා අඬන්නෙ ඇයි කියල අහන්නෙ ඒකයි.

    ReplyDelete
  21. මම හිතන්නේ පොඩි කාලේ ඉඳලම අපේ ඔළුවට දාලා තිබ්බ දෙයක් තමයි, දොස්තර ඉංජිනේරු සිහිනය... සෑහෙන දැනුම් තේරුම් ඇති කාලෙක නම් මම හිතුවා චිත්‍රපටි අධ්‍යක්ෂක කෙනෙක් වෙනවා කියලා... දැන් නම් කම්මැලියි...

    බ්ලොග් ලියන්නන්ගේ වයිෆ්ලා සම්බන්ධයෙන් මෙහෙම දෙයක් තියනවා. ඕනෑම කෙනෙක් ගත්තොත් ඒ අය කියන දෙයට ඔවුන්ගේ පැත්තෙන් හේතු තියනවා. අපි පොදු තලයකදී දේවල් දිහා සාමූහිකව බැලුවට, පෞද්ගලික මට්ටමෙන් බැලුවොත් සමහර විට ඔවුන් කියන කරන දේට බලපාන "සාධාරණ" හේතු ඇති බව පේන්න පුළුවන්. ඒවා දන්න කෙනෙක් ඒ ගැන ලිවීම හොඳ දෙයක් විදිහටයි මම දකින්නේ.

    ReplyDelete
  22. ඇත්ත කථාව. මැවිසුරැවෙක් ඒ කියන්නේ?

    ReplyDelete
  23. ගෙදර තිබුන සමාජ සහ ආර්ථිකමය පසුබිම නිසා ඉතාමත් බාල වයසේ සිටම මට ඕනි උනේ එතනින් පනින්න, හැබැයි උඩට ! මම ඉගෙනීම පාවිච්චිකලා තල්ලුවක් හැටියට හැබැයි මොකෙක් වෙනවාද මොනා කරනවාද කියන එකට වඩා, උසස් යයි පිලිගත්ත විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලැබිය යුතුය යන්න ඇටමිදුලු වල පවා තිබුනා.
    කොච්චර දුක් වින්දද කිව්වොත්, ගෘහනිර්මාන ශිල්පියෙක් වීමට පෙර මා ගොවියෙක්, ගෙවතුවල ඇති පුවක්, පොල්වැනිදේ එකතුකර විකුනන්නෙක්, සාස්තර කන්තෝරුවක රුපියල් පහේ ලිපිකරුවෙක්, ඉරඔට්ටුකරුවෙක් වැනි නොයෙක් රැකියාවවල නියුතුවන්න උනා.
    කෙසේ වෙතත් මිනිසා සොයා යන්නේ නිදහස පමනයි. එය ආර්ථික නිදහස පමනක්මය යන්න අද පෙරමුන ගෙන ඇති නිසා නොවේද මේ දුක....

    ReplyDelete
    Replies
    1. //එය ආර්ථික නිදහස පමනක්මය යන්න අද පෙරමුන ගෙන ඇති නිසා නොවේද මේ දුක//

      මේක ඇවිත් වාණිජ කරණය වෙච්චි සමජයක්නේ.හැමදේටම නොවුණත් ගොඩක් දේවල් වලට මිලක් තියෙනවා.ඉතින් තමන් හොයන සතුට ලඟ කර ගැනීමට නම් ආර්ථික නිදහසක් තිබීය යුතුයි කියා බොහෝ දෙනා සිතනවා.ඉතින් එතකොට ඒ දේ වෙනුවෙන් ප්‍රමුඛතාවය නිකංම එනවා.

      Delete
  24. පොඩිකලෙ මගෙ ආසාව උනේ අපේ තාත්ත වගේ වෙන්න. ඒත් යමක් කමක් තේරෙන කාලෙ වෙනකොට ඒක අම්මට හොඳ නැති නිසා අත ඇරල දැම්ම....

    ReplyDelete
  25. පුස්තකාලාධිපති කෙනෙක් වෙන්ඩ තමා මමනං හිතං හිටියේ.මොකද ඒකට වෙලා පොත් ටික ඔක්කොම කියවන්ඩ ඇහැක්නේ කියලා මං හිතාන හිටියේ.කොහෙද වැඩේ ගැස්සුනානේ කකා.දැං ඉතිං රෝගීන් කෙරේ පතල මහා කරුණාවෙන් සේවේ කරන්ඩ තමා හිතං ඉන්නේ.ඇත්තටම සෞඛ්ය ක්ෂේත්‍රයේ දොස්තරලා වෙන්නේ තන්හාවට සහ සමාජ තත්ත්වයට තමයි බහුතරයක් දෙනා.හැබැයි නර්ස් ලා ගැන නං මං හිතන්නේ තත්ත්වේ ටිකක් වෙනස්.ඒ හම්බවෙන පඩියට නර්ස් ලා පුදුම කට්ටක් කන්නේ.උන්ට පැහැදිලිවම වෙන රස්සාවක් කරන්ඩ යන්ඩ ඇහැකියි මේකට කැමති නැත්තං.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.