එක්තරා සුවිශේෂී හේතුවක් හින්දා මට හිතුණා මරණය ගැන කතන්දරයක් ලියන්න.
ඔන්න එක ආච්චී කෙනෙක් ගියාලු එයා ගේ හිතවතියක ගේ මළ ගෙදරකට, ඒ කියන්නේ සිංහලෙන් කියනවා නම් "මර්ඩර් හවුස්" එකකට. ඒ ගිහිල්ලා ආපහු ඇවිල්ලා කේන්තියෙන් පිපිරි පිපිරී ගෙදර හිටිය උන්දෑ ගේ ළමයින්ට කියලා තියෙන්නේ මේකයි.
"මං දැක්කා අර සිරියාවතී ගේ මිනියේ අත්වලටයි, කකුල්වලටයි මේස් දාලා තියෙනවා. ඔන්න නොකිව්වැයි කියන්න එපා, මං මැරුණු දාක නං ඒ කෝලං කරන්න හිතනවා නෙමෙයි! මට එහෙම ඒ විදියට මේස් දාන්න ආවොත් මගෙන් හොඳවෑයින් දෙකක් අහගන්න පුළුවන් වෙයි උඹලාට!"
අපි පොඩි කාලේ අපේ ගමේ විවිධ මරණ වෙන්න ඇති. නමුත් මගේ හිතේ හොඳින් ම රැඳිලා තියෙන මුල්ම මළ ගෙදරක මතකය අපේ බාප්පා ගේ මරණයයි.
බාප්පා මැරුණේ අපේ සීයලා, ආච්චිලා කිසිම කෙනෙක් මැරෙන්න කලිනුයි. ඒ කියන්නේ ඒ මරණය, ස්වභාවික රෝගී තත්වයක් නිසා සිදුවුණත්, හදිසි මරණයක්.
බාප්පා හිටියේත්, ආච්චීත්, සීයාත් එක්ක, අපි පොඩි කාලේ හිටිය තාත්තා ගේ මහ ගෙදරමයි. එක දවසක් මං මහ රෑ හදිසියේ කළබල සද්දයක් නිසා නැගිටලා බලන කොට බාප්පාට අසනීප වෙලා හොස්පිටිතාලේ ගෙනිහිල්ලා.
අපි වෙනදා වගේ පාසල් ගියා. මං හිටියේ හතේ පන්තියේ.
එදා හවස අපි පාසල් බසයේ ඇවිත් ගෙදර ලඟින් බහින කොට බස් එකේ කොන්දොස්තර අපෙන් ඇහැව්වා "බාප්පා මැරුණාලු නේද?" කියලා.
ඒ කතාවෙන් අපි ගල් ගැහුණා වගේ වුණත් මල්ලියි, මායි ගෙදරට ගොඩ වෙලා එතැන රැස්වෙලා හිටිය අය ගේ විකාර රූපී මුණත් තහඩු දකින කල්ම ඒ කතාව විශ්වාස කෙරුවේ නෑ.
එදා තමයි මං දැනගත්තේ මළ ගෙදරක් වුණාම බිත්තිවල එල්ලලා තියෙන බුද්ධ රූප ඇරුණාම අනිත් සියළුම ෆොටෝ අනිත් පැත්ත හරවනවාය කියලා.
බාප්පාගේ අවසන් ගෞරවය දක්වන්න ආපු අයට සංග්‍රහ කරන්න එලිෆන්ට් හවුස් බීම, බුලත් විටවලට අමතරව, සිගරැට් බන්ඩල් පිටින් ගෙනත් තිබුණා මට මතකයි.
අපේ පන්තියේ ඉස්සර හිටපු මදාවි කොල්ලෙක් (පොර මේ වෙනකොට ගියේ වෙනත් ඉස්කෝලෙකටයි) තවත් ලොකු කොල්ලන් දෙන්නෙක් එක්ක ඇවිත් මේ සිගරැට් දෙක තුනක් අරන් දෙන්න කියලා මගෙන් ඉල්ලනවාත් මට මතකයි.
බාප්පා ගේ අවසන් කටයුතු කෙරුණේ සාමාන්‍ය චාරිත්‍රාණුකුලවයි. මං පසුව සහභාගී වුණු අවමංගල්‍යවලට වඩා තිබුණු එකම වෙනස තමයි බාප්පාව ආදාහනය කෙරුණේ අපේ ඉඩමේ ම වීම. ඇත්තටම ඊට අවුරුදු හතකට පස්සේ මැරුණු සීයාව ආදාහනය කෙරුණේත් එතැනමයි.
මේ දෙන්නා ගේ ම අළු කැළණි ගඟට දැම්මා මිස සොහොන් හැදීමක් කෙරුණේ නෑ.
මේ විස්තරය ලියන්න හිතුණු සුවිශේෂී හේතුව දැනට නොකියා වෙනත් කාරණයක් කියන්නම්.
ඒ තමයි මාතලන් ගොයියා ලියපු අවමගුල් ගැන ලිපිය කියවා මං එතැන ලියපු දේ.
තමන් මලාම මොකක්ද කරන්න ඕනෑ කියලා තමන්ගේ ඥාතීන්ට කියලා මැරෙන්න අපිට පුළුවන් නේද?
මේ ලඟදී මං දන්නා කියන කෙනෙකුගේ ඥාතියෙක් මිය ගියාම පහුවදාම අවසාන කටයුතු කෙරුණා. ඒ මිය ගිය අයගේ ඉල්ලීම අනුව. ඒ වගේම තවත් මැණියෙකු ගේ සිරුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට බාර දුන්නා.
එහෙම ඉල්ලීම් නැතුව යමෙක් මැරෙන්නේ තමන්ගේ මරණයෙන් පසු කෙරෙන අවසාන කටයුතු කෙසේ කෙරුණත් තමන්ට ඉන් ප්‍රශ්ණයක් නැති නිසා විය යුතුයි.
මා මල පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවිකියලා මහගම සේකර ලිව්වා.
එතකොට ඒ ගී රාවය හීන් හඬින් මට ඇසේවි
මා මල පසු සොහොන් කොතේ බලු බැටියෙක් බඳිනු මැනවිකියලා ඉවාන් පවුලූෂා ලියා තිබුණා.
එතකොට ඌ රෑ ජාමෙට හීන් හඬින් මට බුරාවි
රොබරෝසියා ගසුත් මැරෙන එකේ අපි ගැන මොන කතාද, නේද?
මට නං කියන්න තියෙන්නේ මා මල පසු සොහොන් කොතේ ස්මයිලි ෆේස් එකක් ☺ අඳිනු මැනවි කියලයි.
එහෙම කිව්වාට දුක් ගීයක් ලිව්වා කියල මං අර මේස් දානවට විරුද්ධ ආච්චී වගේ ඔහෙලා එක්ක තරහ වෙලා, ඒ කමෙන්ට් කපලා දාන්නේ හෙම නෑ හොඳේ?
-කතන්දරකාරයා
ප/ලි:
සුවිශේෂී හේතුව ඊලඟ දවසේ ලියන්නම්!
(image: http://zenwords.com/?attachment_id=497)
හිටපු ගමන් කට්ටිය ඔක්කොම කෑම ගැන කතා කරනවා. ඊලඟට මළ ගෙවල් ගැන කතා කරනවා. හරියට කතා කරගෙන වගේ...:)
ReplyDeleteඕක සාමාන්‍යයෙන් වෙන්නේ මෙහෙමයි. කවුරු හරි වැඩිය ප්‍රසිද්ධියක් නැති කෙනෙක් මාතෘකාව පටන් ගන්නවා. මාතලන් ඒක බ්‍රෝඩ්කාස්ට් කරලා හෙණ පබ්ලිසිටියක් දෙනවා. එතකොට කකා දුවන් ඇවිත් බස් එකේ එල්ලෙනවා යකෝ මේ නිකන් යන හිට්ස් නේද කියලා.
Delete@ Podi Kumarihami
Deleteමං කෑමක් ගැන අන්තිමට ලිව්වේ මේ කතන්දරයයි.
http://kathandara.blogspot.com/2014/06/hidden-treasure.html
මේ කතාව ලියන්නට සුවීශේෂී හේතුව මෙතැන ලියා නෑ!
මම කිව්ව හරි, මගෙ තව යාලුවෙක් මල ගෙදරක ගිහින් මලා
ReplyDeleteහැබෑටම ඇනෝ උඹේ යාලුවෝ එකෙක්වත් දැන් ජීවතුන් අතර නැද්ද?
Deleteවෘෂණ කෝෂ අයින් කරලා මැරිච්ච යාලුවෝ නැත්ද උඩ ඇනෝ..............
Deleteඇනෝ, පොඩ්ඩක් පරෙස්සමෙන්. මගේ යාලුවෙක් මලා මැරුණු යාලුවෝ ගැන බ්ලොග් වල කෙමෙන්ට් කරලාම.
DeleteAno 8.27 +++++++++++
Deleteමං හිතන්නේ මේ ඇනෝ ගේ යාලුවෝ පොර එක්ක ආශ්‍රය කරන්නට වීම නිසාම කළකිරීලා මෙලොවෙන් චුත වෙලා ගිහින්!
Deleteමේ ටිකේම මළ ගෙවල් ගැන නේ වැඩියෙන්ම ,කියවලාම බලමු ඊලඟට සුවිශේෂ හෙතුව ....
ReplyDeleteඅර ආච්චි අරම කිව්වට ජිවත් වෙලා ඉන්න මිනිස්සු එහෙම කරයි ද ?
සුවිශේෂී හේතුව මීළම කතන්දරයෙන්!
Deleteමට මතකයි පොතක කියෙව්වා ඔය මැරුණයින් පස්සේ මෙහෙම කරන්න මෙහෙම කරන්න කියන එක ගැන. අඩුම ගාණේ මැරිලාවත් තමන්ට ඕනේ විදිහට වැඩ කරන එක නවත්තන්න හිතක් නෑ කියලා. කොහොමත් මරණයක් කියන්නෙ ජීවත්ව ඉන්න මිනිස්සුන්ට වැදගත් දෙයක් විතරයි. අර කියන්නේ "රේන්ද මුදලාලිගෙ බල්ලා මැරුණහම ගමකට සෙනග, රේන්ද මුදලාලි මැරුණහම බල්ලෙක්වත් නෑ" කියලා.
ReplyDeleteසුවිශේෂ හේතු දෙකක් හිතුණා... එකක් නම් නිකං පංතියකින් පංතියකට පාස් වෙනවා වගේ වැඩක්... අනික නම් ටිකක් දරුණුයි, උසස් පෙළ කරලා ඉවර කලා වගේ.
ඔය රේන්ද මුදලාලිගේ කතාව හොඳට පෙනුනා ගාමිණී අතුකෝරලගේ තුන්මාසේ දානේ දවසේ.
Delete'ඉළන්දාරියා' කියලා කවුරු හරි මතකද කාටවත්?
Deletehttp://ilandhariaya.blogspot.com.au/
Delete@Anonymous9 July 2014 09:23
Delete+++++++++++++++++++++++++++++++++++
ඔන්න එක ගමක ලොක්කෙක් කෙරුවේ ගමේ මළ ගෙදරරක් වුණාම තමන් යන්නේ නැතුව තමන්ගේ බස්තම යවපු එකලු.
Deleteපොර මැරුණු දා අවමගුලට සහභාගීවෙලා තියෙන්නේ බස්තම් විතරයි!
ෂහ් .. ෂෝක් පෝස්ට් එකක් කකා .. ඕ යේස්. !!!
ReplyDelete@ පත්තර මල්ලී භයියා,
Deleteහෝව්! හෝ.....ව්!! මරණය දුකක් අයියණ්ඩී!!!!!!
(මැරුණ කෙනාගේ ගෙදර වුණට! හත් දවසේ දානේ වෙනකොට උන් ටික හත්සිය වතාවක් විතර මැරිලා ඉපදිලා, ආපු වුන්ට කන්න බොන්න දීලාම!!! හික්z!)
ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ආං හරි.. කලින් කියල මැරෙනවෑ :D
Deleteඅන්තිමට වැඩෙන් පාඩුයිලු !! මොකෝ අපි වගේ උන් ආයෙ ගෙවල් වල යන්නෙ හත් දවසෙ දානෙත් කාල ඉතුරුවත් ඔතාගෙන :D
@ කතන්දර පිල්ලිය9 July 2014 09:40
Deleteහෝයි ජඃ ජඃ
@ පත්තර මල්ලී භයියා,
Deleteසිරාවටම!!
නිල පානය "නෙස්කැෆේ"!!! (අපි නම් කාලා අත හෝදන්නෙත් නෙස්කැෆේ වලින් නෙවැ!!)
ජාතික ආහාරය "සැන්විච්"!!!!
අපේ එවුන් මලගිය ඥාත්යට පින් දෙද්දි, මලගිය එකාගේ ඥාතියෝ අපෙ අම්මා අප්පාටත් එක්ක පින් දෙනවා මදි නොකියන්න!!!!
පැමිණි දුක් පැනිරසයි නේන්නම්!!!!!
හික්z!!
@ ඇනෝ සහබ්,
හුකෑz!!!!!!!!!
ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
මරණයත් ෂෝක් තමයි, මැරිලාම බලන්න ඕනෑ!
Deleteමොකද මේ බ්ලොග් ලෝකෙට ගොක්කොල පේන්න අරන් තියෙන්නේ.......... දිගටම මල ගෙවල් ගැන
ReplyDeleteමැලේසියාවේ මළගෙදරක ගිහින්ම නෑ , වැඩේ වෙයි වගේ :P
Deleteහරියන එකක් නැ බන්.... මමත් බලන් හිටියා මැදැයි ලංකාවේ ඩෙංගු හැදිච්ච එකෙක්ගේ මල ගෙදර එන්න
Deleteමට තරහ අර ඩෙංගු මදුරුවත් එක්ක.. එක්කො ඌ හරියට විදින්න ඕනැ.. නැත්තං නොවිද ඉන්න ඕනැ :D
Deleteමරණය කාටත් පොදුයි නේ මැලේ රාළ!
Deleteකකාටත් ගොක්කොල පේන්න පටන් ඇරන් වගේ..
ReplyDeleteහැක්
දැන් ගොක්කොළ නෑ, සුදු ඉටි රෙදි පටි නේද දාන්නේ?
Deleteමලවුන්ගේ මාසයද?
ReplyDeleteඒ නොවැම්බරය!
Deleteඅපේ සීයගෙයි, ආච්චිගෙයි ඉල්ලීම උනේ මැරිල පැය හයක් තුල අවසන් කටයිතු කරන්න.
ReplyDeleteසීය මරුනෙ රෑ 9:00 ට ,කැමැත්තට කටයුතු කරන්න නීතිය හරහට හිටිය. ආච්චි අන්තිම කැමැත්ත ඇමෙන්ඩ් කලා පැය 12:00 දක්වා. අපේ ආච්චි අන්තිම කැමැත්ත වෙනස් කල එකේ කකා කොමෙන්ට් අයින් කොලාට මොකද ?
ටැබූත් කමෙන්ට් අයින් කළාය කියලා රාජ්ගෙ බ්ලොග් එකේ පොර ටෝක්ස් වගයක් දීල තිබුණ. හැබැයි එහෙම අයින් කරපු ඒවා මොනවද ඇහුවම සාක්ෂියක් පෙන්නන්න බැරි වුණා.
Deleteමලාට පස්සේ මොනවා අයින් කරන්න හිතෙයිද කවුද දන්නේ?
Deleteඇනෝලා බැනපු ඒවා අයින් කරන්න හිතෙන්නත් ඉඩ තියෙනවා.
කකා,
ReplyDeleteමම නං ගෙදරට සහ හිතවත් අයට දැනුම් දීලා තිබෙන්නේ මම මැරුණම කුමක් කලයුතුද කියා. මා කියා ඇත්තේ,සිරුර කිසිවිටකත් එම්බාම් නොකළ යුතුයි. මගේ මල සිරුර නිවසට ගෙන නොයා යුතුයි. සිරුරේ කිසිම කොටසක් පරීක්ෂණ කටයුතු සදහා තබා නොගත යුතුයි. මා මිය යාමෙන් පසු හැකි ඉක්මනින් සම්පුර්ණ සිරුරම ආකාර ලුණු දමා ආදාහනය කල යුතුයි කියායි.
හදිසියේ පාරක,තොටකදී අනතුරක් වෙලා මිය ගියොත් මල සිරුර පරික්ෂා කරන අන්අයට දැකගන්න ඕනි හින්දා මම පසුම්බියේත් මේ ගැන සිංහලෙන් සහ ඉංග්රීසියෙන් සදහන් කරපු ලියමනක් තබාගෙන සිටින්නේ.
ආකාර ලුණු කියන්නේ මොනවද?
Delete@ උඩ ඇනෝ සහබ්,
Deleteඑතකොට ඔබතුමාට කවුරුහරි මර්ඩර් පාරක් දුන්නොත් එහෙම පොර ගේමක් නැතුව බේරෙනවා නේ......!!
@ යට ඇනෝ සහබ්,
ආකාර ලුණු
ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
මම මේ කල්පනා කළේ සෝම හාමුදුරුවොත් ඔහොම ලියුමක් ලියලා තියා ගත්තා නම් රට ගිනි ඇවිලෙන්නේ නෑ නේද කියලා.
Deleteමෙතුමා කරවල ව්යාපාරිකයෙක්ද?
Delete@ Anonymous 9 July 2014 08:58
Deleteමරණයට එවරෙඩි වගෙයි! ඉතා හොඳයි.
ආකර ලුණු දාන්නේ කරවල වෙන්නද? ජාඩි වෙන්නද?
ගොඩක් අය අහලා තියෙනවා ඇයි මේ අකාර ලුණු දාලා සිරුර ආදාහනය කරන්න කිව්වේ කියලා. මම දාන්න විදියට ඕක යම්කිසි විශ්වාසයක්. ඒ කියන්නේ කකා, මේ විදියට සිරුර ආදාහනය කරාම නැවත අදෘශ්‍යමාන බලවේගයක් වෙලා එන්නේ නෑ කියලා ඒ උදවිය විශ්වාස කරනවා. මම හිතුවේ නෑ මේ ලංකාවෙත් මේ අය ඇති කියලා. බටහිර ඇතැම් ප්‍රදේශ වල තමයි ඔවැනි අය සිටින්නේ.
Deleteමගේ අදහස් අනුව කෙනෙකුට තමන්ගේ ශරීරයට තියෙන නීත්‍යානුකූල අයිතිය මරණයත් සමඟ අහිමි වෙනවා. ඊට පස්සෙ ඒක අයිති සමාජයට. සමාජ සම්මතය අනුව ඒකෙ අයිතිය කිට්ටුම ඥාතියාට. එනිසා ඊට කළ යුත්තේ කුමක්ද යන්න අදාළ ඥාතියාගේ අයිතිය හා වගකීම. තමන්ගේ සිරුරට මොනවා කරන්නද කියලා ඉල්ලා තිබුණාට කමක් නැහැ. නමුත් එය ක්‍රියාත්මක කරන හෝ නොකරන එක ඥාතියාගේ අයිතිය විය යුතුයි.
ReplyDeleteඒක හින්දා තමයි අර ආච්චී කළා වගේ තර්ජනයක් කරලා තියෙන්න ඕනෑ!
Deleteමං කියන විදියට නොකළොත් මං භූතයෙක් වෙලා එනවා කියලා කියන්නත් පුළුවනි!
ඇරිච්ච ඇහැට නැති සැලකිලි වැහිච්ච ඇහට දෙන්න දගලන මිනිස්සු.…
ReplyDeleteමළගෙවල් ගැනම කියවලා ඊයෙ රෑ හිනෙන්නුත් මිනියක් දැක්කා. කාගෙද මතක නැහැ. :)
ඉවාන්ගෙ වෙන්න ඕනැ .. මාත් දැක්කනෙ බං :D
Deleteෂුවර් එකටම පත්තරයාගේ , මොකද මම දැක්කා මම මිනිහෙක් මරලා හිරේ ඉන්නවා
Deleteරන්ඩු නොවී දවස් දෙකකට මැරියල්ල, නැත්ත්ම් පාඩු අපිට. අන්තිම කැමැත්ත මතක ඇතුව කියලපල්ල. ( මලගෙදරදි බොන්ඩ ඕනෙ brand එක )
Deleteනෑ නෑ බොලවු මාවමද මන්දා දැක්කෙ. ;)
DeletePM, දැන්මම එම්බාමින් ප්‍රෝසෙස් එක පටන් ගමු නේ?
DeleteSalute! ( (Cin cin ද?)
සිහින පලාපල කියන්න දන්න කෙනෙක් නැද්ද?
Deleteමං හිතන්නේ තමන්ගේ මරණය දැකීම හොඳයි. මොකද අනිත්‍යය මෙණෙහි කිරීම ඇඟට ගුණයි නේ!
කාකා ජී,
ReplyDeleteසිංහල බ්ලොග් ලෝකෙත් හරියට අපේ දේශීය සිනමාව වගේ.........!!!
එක කාලයකට යුද්ධ කතා...
ආමි දෙවිවරු අපිව (දෙමල අයත් ඇතුලුවා ත්‍රස්තවාදී යක්ෂයන්ගෙන් බේරගන්නවා! සිංහල කෙලි පැටික්කියොන්ට, දෙමල කොලු පැටවු වැවට බැහැලා නෙලුම් මල් කඩලා දෙනවා!! පන්සලේ හාමුදුරුවෝ කොටින්ගෙන් බේරිලා ආපු දෙමල අයට පන්සලේ රැකවරණය දෙනවා!!! සහ තවත් සංවේදී ආතල් සීන්ස්..... හෝව්!! ටැමිල් කෙල්ලෙකුයි සිංහල කොල්ලෙකුයි (කොල්ලා ආමි හෝ කෙල්ල එල්.ටී.ටී.ඊ නොවන තරමට ප්‍රොඩියුසරයාගේ පොකැට්ටුවට ගුණ ය! නැත්නම්, බඩුම තමා!!) අතර ඇතිවන වෙජිටේරියන් (රාගය තියා අනුරාගයවත් නැති. ඒ කියන්නේ විරාගී වෙන්ටැ! හික්z!!) ලව් ස්ටෝරියක්!!!!!!!!!!!!!!!!
ඊලඟට ඉතිහාස කතා......
ඉන්දියානු දේව කතාවල වගේ කිලෝ දහයක විතර ආභරණ එල්ලගත්තු, අඩි දෙකක් තියන්නත් පැයක් විතර ගන්න ටොම්බා සයිස් බඩ ගෙඩියක් ඉස්සරහට දාගත්තු රජෑක්!!!
කඩු ෆයිට් නාමයෙන් කෙරෙන ලී කෙලි සන්දර්ශන!!!!!! රජ්ජුරුවොන්ගේ සිංහ ටෝක්ස්!! ඇමත්තොන්ගේ බලු කෙඳිරිලි!!! තව, උරේශාගේ, කසුන්ගේ, නිරෝෂාගේ සින්දු!!!!!!! චන්නයගේ ඩාන්සින් ස්කූල් එකේ කෙල්ලෝ සෙට් එක!!!!
වැදගත්ම දේ, කතාව පටන් ගන්නකොටම ෆිල්ම් එක ඉවරයි!!!!!!!!!!!
නෙක්ස්ට් ළමා කතා, වෙල් ඉපනැලි දිගේ දුවන! සමනල්ලු අල්ලන, පොත් මිටිය අරන් නියර දිගේ ඉස්කෝලේ යන (එතකොටම, කොක්කු ටිකකුත් රුං ගාලා පියෑඅලා ගියා නම් සීන් එක සම්පූර්ණයි!!!!). මල් වට්ටි අතේ අරන් සුදු ඇඳුම ඇඳගෙන අම්මා අප්පත් එක්කා නංගි මල්ලිවත් ඉස්සර කරගෙන පන්සල් යන, (ඈතින් චෛත්‍යය පේනවා! එතකොටම වගේ ඝන්ටාරේ සද්දෙත් ඇහෙනවා!!) මීට අමතරව ඕනෙම නම් ප්‍රධාන චරිතය කරන පොඩි එකාගේ පශ්චාත් භාගය කැමරාවට නිරාවරණය වුණාට අවුලක් නෑ!!! (නෙට් එකේ "පෙඩෝ/ ජේල්බේට්" සීන්ස් තහනම් වුණාට, අපේ ෆිල්ම් වලට එව්වා අදාල නෑ!!)
ඒ වගෙම තමයි අපේ බ්ලොග් ලෝකෙත්..... එක කාලෙකට ළමා වියී සීන්ස්! තව කාලෙකට ටැබූ සීන්ස්..... ඊලඟට සැර සීන්ස්..... තව, ලව් ස්ටෝරි.....
දැන් මල ගෙවල් කතා................!!!!!!!
(හැබැයි පිල්ලි ජී නම් ඔය හැම ටොපික් එකකටම ෆට්ට ලයික් හේ!!!!!!!)
තව එකක්! කාකා ජීගේ සොහොන් කොතේ මෙහෙම ලිව්වොත් නරක ද?
"මා මල පසු සොහොන් කොතේ- වවුල් ජොකෙක් එලනු මැනවි......!
කැපිටලයගෙ කමෙන්ට් පාර- හීන් හඬින් මට ඇසේවි....!!"
(ජස්ට් ෆෝ ෆන් හේ!!!!!)
හික්z!!
ප:ලි{- ඇත්තටම කාකා ජීයි, කැපිටල් දෝස්තුයි අතර කෝන්තරය මොකක්ද හැබෑටම???
ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
රාජ්ගෙ සොහොනෙ ගහනවලු මෙහෙම
Deleteමා මල පසු සොහොන් කොතේ- බෝතලයක් තියනු මැනවි
අනෝලාගෙ වමනෙ ගොඩෙන් - හීන් ගඳක් මට දැනේවි
ෆිල්ම් සීන් ටික නං මැවිලා පෙනුන බං.. :D
Deleteනරකද ෆිල්ම් එකක් කරොත් උඹ ??
අපේ කැපිටල් අංකල් මේ ටිකේ දැක්කෙ නෑ,චැහ්.
කකාගේ සොහොනෙ ගල් පුවරුවක් තියෙනවාලු මොකවත් නොලියා.
Deleteඒක ඇනෝලාගෙ කැටපත් පවුර!
//"මා මල පසු සොහොන් කොතේ- වවුල් ජොකෙක් එලනු මැනවි......!//
Deleteඔයා මේ මගුලක් කතා කරනව . . . ඕක විතරක් කොටල කොහොමද ?? ලිංක් එක කොටන්නෙ නැද්ද ??
කොතෙන්ටද ලින්ක් කරන්නේ..
DeleteThis comment has been removed by the author.
Deleteකොතෙන්ටද ලින්ක් කරන්නේ කියලා ගොන් ප්‍රශ්න අහන්න එපා. මේ බ්ලොග් එකේ පෝස්ට් එකකට ඇර කකා වෙන කොහාටවත් ලින්ක් කරයිද? සමහර විට මේ පෝස්ට් එකටම ලින්ක් කරයි. හිට්ස් යයි හිටු ගාලා. උන්නත් හිට්ස් දාහයි මළත් හිට්ස් දාහයි.
Delete@ බොනපාට් ඇනෝ සහබ්,
Deleteඅරේවා!!!!
කාකා ජීට කැපිටල් දෝස්ත් වගේ අපේ රාජ් සහබ්ටත් බොනපාට් ඇනෝ සහබ්ගෙන් බේරිල්ලක් නෑ ව්ගේ......!!!
එල එල ඔහොම යං!!
@ පත්තර මල්ලී භයියා,
බොහොත් ෂුක්‍රියා අයියේ........!!
එකෙන්ම! ගහමුකෝ බොලිවුඩ් හෙල්ලෙන සයිස් එකේ ෆිල්ම් එකක්!!!!
සිරාවටම අපේ කැපිටල් දෝස්ත් ආගිය අතක් නෑ නේන්නම්!!!
@ ඇනෝ සහබ්,
බුදුඅම්මෝ! මරුවට තියෙයි උඹලා අතට කැටපත් පවුරක් දුන්නොත් එහෙම...
"ඔයා මගේ ට්‍රැක්ටරෙ- මන් ඔයාගේ ට්‍රේලරේ...!
අපි දෙන්නම එකතු වෙලා- (ටීක්.... ටී...ක් ටීඑ....ඊක්!!)" තමයි!!
හැබැයි මරු අදහස!!!
@ඕනමැන්ටල් සහබ්,
අඩේයප්පා! දැන්නෙ සීන් එක නෝට් වුණේ......!!
මෙන්න වැරැද්ද නිවැරදි කලා එහෙනම්!
"මා මල පසු සොහොන් කොතේ- වවුල් ජොකෙක් එලනු මැනවි......!
කැපිටලයගෙ කමෙන්ට් පාර- හීන් හඬින් මට ඇසේවි....!!"
හික්z!
@ නලීන් සහබ්,
වෙන කොහාටද ඉතින්, අපේ සහෝදර බ්ලොග්කරුවෝන්ගේ/ කාරියන්ගේ සොහොන් කොත්වලට තමයි!!!!!!!!!!
හික්z!!!!!!!!!!!
ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
@ යටම ඇනෝ සහබ්,
Deleteඩිජිටල් සොහොන් කොත්!
හික්z!!!!!!!!!!!
ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
කතන්දරකාරයා මැරුණාම කතන්දර පිල්ලියක් වෙන්නත් බෑ නේ.
Deleteමොකද මැරෙන්න කලින්ම ඒ තනතුරේ වැඩ බාර අරගෙන වෙන එකෙක්!
කැපිටල් ඇනෝ ට තියෙන්නේ අර ෆෙටිෂ් කියන එකක් අර එයාගේ සුන්දර වචන සැට් එක ගැන.
Another death???
ReplyDeleteimminent....!
Deleteමේ මොකද හැමෝටම ගොක් කොල සුදුකොඩි පේන්න අරගෙන තියෙන්නෙ?
ReplyDeleteඇයි, හැමදාම ඉන්න හිතාගෙන ඉන්න අයත් ඉන්නවාද?
Deleteගුණදාස ලියනගේ තම අන්තිම කැමැත්තෙන් ඉල්ලීමක් කරලා තිබුණා මිනිය පෙට්ටියක දාන්න එපා. ඒ වගේම සොහොනට කිසිම සැරසිල්ලක් කරන්න එපා දර ගොඩ විතරක් පේන්න තියන්න කියලා. ඔහුගේ ඒ ඉල්ලීම් නම් සේරම වගේ එදා අවමංගල සභාවෙදි සිදුවුණා. කිසිම කතා පැවැත්විල්ලක් තිබ්බේ නෑ. ආගමික වතාවත් විතරයි. දෙන ගෙනියන මහ මග ඉතා හොදින් අතුගාන්න කියලත් ඉල්ලලා තිබ්බා එයත් ඉටු කොට තිබුණා.. මේ තමා මං දැක්ක කෙනකුගේ අවසන් කැමැත්තෙන් ඉල්ලපු දෙයක් ඒ විදියටම ඉටු කළ අයුරු. තමන්ගේ අවසන් කැමැත්ත දෙන ඉදිරිපිට ප්‍රදර්ශනය කරන්න කියලත් තමාගේම අත් අකුරෙන් ගුණදාස ලියනගේ මහතා ඉල්ලා තිබුණා.
ReplyDeleteමේ ගැන පොඩ්ඩක් කියන්න තියෙනවා, කතන්දර ලොක්කෝ කපන්න එපා.
Deleteගුණදාස ලියනගේ අන්තිම කාලෙදි වයිපරේ එක්ක පොඩි පොඩි වලිත් නෙවෙයි සැලකියයුතු තරම් වලි කිහිපයක් ඇති කරගෙන ගෙදරින් වෙන්වෙලා ගෙදර පැත්තකින්ම තරමක කාමරයක් හදාගෙන ඒකෙ තමයි ජීවත් වුණේ ගෙදර එක්ක අවම සම්බන්ධකම් සහිතව. ඔය අන්තිම කැමැත්තෙන් ටිකක් පෙණුනා පොර වයිපරේට තමන්ගෙ මෘත දේහය විකුණාගෙන කන එක නතර කරන්න දරපු උත්සාහයක්. (වයිපරේ ටිකක් අමුතු මනුස්සයෙක්ලු.) උදාහරණයක් හැටියට මිනිය තියන්න කියලා තිබුණේ ගෙදර නෙවෙයි අර තමන් හිටිය වැඩි ඉඩක් නැති කාමරේ. ඒ එක්කම අන්තිම කැමැත්ත අවමඟුලට එන අයට ප්‍රදර්ශනය කරන්න කියලා ලියපු එකෙනුත් මේ සැකය තහවුරු වෙනවා. හැබැයි මේකත් සියයට සියයක්ම මියගිය තැනැත්තාගේ ඉල්ලීම් ඉටු කළ අවමඟුලක් නෙවෙයි. පය විසි හතරකින් ඔක්කෝම ඉවර කරන්න කියලා කියපු එක කෙරුණේ නැහැ.
මිනිය පෙට්ටියක දාන්න එපා කියලා කියා තිබුණාද මතක නැහැ. කියලා තිබුණා නම් ඒකත් වුණේ නැහැ, මතක හැටියට.
Deleteනලින්,ඇනෝ.
Deleteඅවසාන කටයුතු ඉවරවෙලා ගෙදරට එන අයට ඉස්තරම් බල කරෝලත් ඇට ලොකු පරිප්පුත් එක්ක මළබත දෙන්න කියලත් ලියල තිබුණ මට මතකයි.
මමත් මතකෙන් කිව්වේ පොඩි පොඩි අඩුපාඩු ඇති මා ලියූ සටහනේ. ඒ දවස්වල කියවපු මතකෙන්.
Deleteමාදුළුවාවේ හිමි තමා එකම කතාව නම් කළේ....අර ඇනෝ කිව්වා වගේ එළියේ තිබ්බ කාමරේ පැදුරක් එලලා ඒ පැදුර මත තැබු ඔප නොදමන ලද පෙට්ටියකයි දෙණ තියලා තිබ්බේ.
Deleteමළ බත ගැන මටත් මතකයි. ඔය ලියපු විදිහටම තිබුණා. ඒ හින්දාම ගිහිල්ලා සප්පායම් වුණා. මේ මරණ ගෙදර මගේ තව මතකයක් තමයි ජැක්සන් ඇන්තනි පරණ ෆෝක්වැගන් කාර් එකක් එළවාගෙන මළ ගෙදර ආපු එක, කළු පාට කමිසයකුයි ඩෙනිමකුයි ඇඳලා. අනේ අද නම් ජැකා එහෙම එයිද පරණ කාර් එකකින්?
Deleteගුලි ගැන මේ කතාව මා දැනගත්තේ අදයි. ස්තුතියි.
Deleteගුලි ගේ පුතා ශ්‍රීමත් ඉන්ද්‍රජත් පාසලේ ඉදන් මා සමග එකටම සිටි එකා. පසුව පත්තරෙත් අපි දෙන්නා එකට වැඩ කළේ. දැන් ඌ පත්තරේ නෑ. කටහ ඬ උගන්නම්න් යනවා.
Deleteමට අනුවත් අපි මිය ගියාම සිදු කරන දේවල් අපිට කලින් කියලා තියෙන්න පුළුවන් වෙන්න ඕනේ.
ReplyDeleteඒත් මම ඕක අපේ ගෙදර අයට කීවම තුන්වන ලෝක යුද්දේ පටන් ගන්න හදපු හින්දා මම හිතාගත්තා මැරුණත් මම කාටවත් කියන්නේ නෑ කියලා... :)
ඒත් මිය ගියාම තව අයට දුකක් වෙනවට වඩා කාටවත් නොදැනීම උත්සව නැතිව අවසන් ගමන් යන එක තාමත් මගේ හීනයක්.
මම නම් මගේ නෑ හිතවතුන් මිය ගියාම මළගෙවල් වලට නොයන තරම්. මම යන්නේ සොහොනට එහෙම නැත්නම් පල්ලියට. ඉටි පන්දම් පත්තු කලා මල් එකක් තිබ්බා ලංකාවේ වගේ නම් එයාලා වෙනුවෙන් කාට හෝ කෑම හෝ අවශ්‍යතා අරන් දුන්නා ඒක හරිම සරලයි සැහැල්ලුයි.
ඒත් මේ දේවල් ලංකාවේ සාමාන්‍ය ජන ජීවිතයේදි කරන්න බැරි තරමට අපි හිර වෙලා.....
අපට අපේ නොවන අපේම ජීවිතයක් තිබුණා. අනුන්ට රිසි සේ දිවි ගෙවලා අනුන්ට ඕන විදියට අවසන් කටයුතුත් සිදුවෙනවා....
Deleteමැරෙන එකත් පණ යන වැඩක්ය කියලා කියන්නේ ඔය නදසා විය යුතුයි!
Deleteමැරුනාට පස්සේ මලගමට හෝ මිනියට ඕන බම්බුවක් ගහගනිල්ලා කියලා මම ගෙදර අයට කියලා තියෙන්නේ. මැරෙන එකත් වාතයක් වෙනවා ඕවා හිතුවාම. මට දෙන්නවත් ගන්නවත් දෙයක් නැහැ.
ReplyDeleteඇයි පිං පොතේ නැතිද මොකුත්?
Deleteයුතුකම් පොතේ නම් කරපුවා මොනවා මොනවා හරි ඇති. පින් පොතක් එකක් තියෙනවාද කියලාවත් දන්නේ නැහැ කකා.
Delete//යුතුකම් පොතේ නම් කරපුවා මොනවා මොනවා හරි ඇති //
Delete+++++++++++++++++++++++++++
අරූ..+++++++++++++++++++++++++++++
Deleteමේ පේන්නේ keyboard එකක් නේ? End කියලා තියෙන්නේ...හපොයි ඔන්න මගේ හිතට එක, එක ඒවා එනවා...:(
ReplyDeleteසිත කලබල කරගන්න එපා!
Deleteමම මැරුණාම මොනවා කරන්න කියලාද කියන්නේ කියලා හිතාගන්නවත් බැහැ.එක්කෝ ඉන්න එවුන් ඕනෑ දෙයක් කරගත්ත දෙන්කෝ.මයේ මොකෝ මම මැරිලා නේ එතකොට....::D
ReplyDeleteඒක අන්න අර ආච්චීට කියන්න!
Deleteකකාගෙ හිතගැස්සුන එහෙම නෙමෙයි නේ
ReplyDeleteහිත හීලෑ නෑ හරිම මුරංඩුයි තැන තැන ඇවිදිනවා
Deleteහිතෙන හිතෙන තැන නවතිනවා!
කකා ටිකක් අමුතු වෙලා තමා. ගොක් කොලවත් පෙනිලද? අද ලින්ක් දාල තියෙන්නේ කකාගේ පෝස්ට් වලටම නෙවේ. මටත් ලින්ක් එකක් දාලා.
ReplyDeleteඇයි ඔය දඛුු පැත්තේ තීරුවේ හැමදාම තියෙන ලින්ක් එක? ඒක දැක්කේ නැද්ද?
Deleteකැමති පත්තර අකමැති පත්තර කොහොම උනත් හිතවත් වත් කං අමතක කරන්නේ කොහොමද කාකා
ReplyDeleteඒකෙන් වෙන්නේ අන්තිමට හිතපු විදිහට වැඩේ සිද්ද නොවෙන එක
හා නැද්ද මං අහන්නේ
මැරිලාම බලන්න ඕනෑ ඒක සහසුද්දෙන්ම දැන ගන්න නම්!
Deleteමැරෙන බව හිතන්නෙවත් නැති අවුරුදු හාරපන්සීයක් ජීවත් වෙන්න හිතං ඉන්න මිනිස්සුත් ඉන්නව කකා..
Deleteකාලෙකට ඉස්සර “මගේ මරණය“ කියල අපූරු බොගක් තිබ්බා. ඌත් ලියන එක අතඇරල දැන්...
ReplyDeletemaranaya.blogspot.com
පහුගිය සෙනසුරාදා එටිසලාට් ෂෝශල් මීඩියා ඩේ උත්සවයෙදි ඔහු හමු උනා බ්ලොග් එක වාගේම සිත් ගන්නා සුළු හාදයෙක්
Deleteමගේ මරණය දැන් මූණු පොතේ!
Deleteඔහු තමයි පොත් කියවන අය කණ්ඩායමේ ඇඩ්මින්.
මාත් එතැන හිටියා නේද අටං මචං.... මරණයාට කොච්චර අඩගැව්වාද අපි ඒකා ආවේ නැනේ...
Deleteකකා ඌ දැන් පුර්ණ කාලිනව ට්විටර් ඉන්නවා
DeleteGuli ge awasan kemeththa dala thibuna, eyage swayn charithapadanya "Diwelakada Gunadasa"kiyana potheth.(Ranjan-Düsseldorf)
ReplyDeleteබ්ලොග් කාරයෝ මැරෙන්න දගලන දැඟලිල්ලක්..
ReplyDeleteනොමළ ගෙදරකින් මට අබැටක් දියන් මලයා
Deleteසඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ!
Deleteමේ සේරම ලියන්නේ මරණයේ බියකරු බව අමතක කරන්න ඕනැ නිසා නේද?
ReplyDeleteඅපොයි නෑ හෙනහුරා... මේ ගෙවෙන තත්පරයත් ඇති මරණයට.. ජීවිතය විදලා ඇති යුතුකම් ඉටුකොට ඇති අය කිසිදා මරණයට බිය නැ.
DeleteNaleen...+++++++++++++++
Deleteනලිය ...+++++++++++++++++++++++
Deleteදිනෙක මෙහෙන් චුත වෙනවා, එළෙව ගිහින් ඉපදෙනවා
Deleteපෙළපත් නම වෙනස් වෙලා ආයෙත් මෙලොවට එනවා!
තමන්ගේ අවමඟුල ගැන කලින් කියලා මැරෙණ අය අඩුයි.. මොකද ඉතින් ඉතින් සමහරු ඒ ගැන කතා කරන්නත් අකමැති නේ.. නොමැරෙන විදිහට ඉන්න හන්දා..
ReplyDeleteවැරදීමෙන් හුස්ම ගියත් අපි අඬන්නෙ නෑ!
Deleteඔව් දැන් අපිට පෙනී යන අන්දමට කකා ගොයියා උදඩුකුරුන්ඥන් ගහන්න කිට්ටුයි වගේ,.................
ReplyDeleteමට කලින් ඔහේ යයිද කවුද දන්නේ?
Deleteකියෙව්වේ නැතිද මේ කතන්දරේ තියෙන බාප්පා ගේ මරණය? එතකොට මතාලන්ගේ කතන්දරේ තිබුණු අකල් මරණය?
කකා බ්ලොග් එක වහන්න හරි තාවකාලික විරාමයක් දෙන්න හරිද මේ හදන්නේ ?
ReplyDeleteඅනේ කකා, බ්ලොග් එක නම් වහන්න එපා. ඒක නිකන් හරියට කොළඹ වත්තක පොදු වැසිකිලියක් වැහුවා වගේ හිටීවි. ඇනෝලා වන අපි කක්කා කරන්නේ කොහේද කකාගේ බ්ලොගේ නැත්නම්? මාතලමා කක්කා කරන්න දෙන්නෙත් ප්‍රොෆයිල් කාරයින්ට විතරයි.
DeleteAnonymous 10 July 2014 09:40
Deleteරහස් නැත.
@ Anonymous 10 July 2014 12:10
Deleteපස්සේ පොරොප්පයක් ගහගන්න! නැතිනම් මක පුසා ගන්න.
මේ කොමෙන්ටුව දැමු අනොවා ඉතාමත්ම දුරදර්ශී අයෙකි. මෙන්න බලන්න http://kathandara.blogspot.com/2014/07/end-of-era.html
Delete//මට නං කියන්න තියෙන්නේ මා මල පසු සොහොන් කොතේ ස්මයිලි ෆේස් එකක් ☺ අඳිනු මැනවි කියලයි// ටිකක් විතර අමුතු ඉල්ලිමක්...
ReplyDeleteදිනෙක අප යන්නේ නම මිය
ReplyDeleteකුමටද අප වන්නේ බිය!
හිස් අතින් පැමිණි ගමනේ.,
ReplyDeleteහිස් පිටුවකි මේ ජිවිතේ,
බලිකුරුටු නොලියා...,
සිතුවමක් ඇදපන්නේ,
ආශා මලු නොරැගෙන...
හිස් වලේ සැතපියන්නේ.................