ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Friday 26 November 2010
උන්මාද චිත්‍රසේනව දැකල තියෙනවද?
ජැක්සන් ඇන්තනි හදපු අබා චිත්‍රපටිය මතකයි නේද? තව පොඩ්ඩක් එහෙ මෙහෙ වුණා නං මායි ඔය චිත්‍රපටිය නිෂ්පාදනය කරන්නේ. මේ ගැන මං ලියපු කතන්දරේ කියවල නැති අයට මෙන්න මෙතනින් ඒක බලාගන්න ඇහැකි.
අබා ෆිල්ම් එකේ සබීතා පෙරේරා රඟපෑවේ උන්මාද චිත්‍රා ගේ චරිතයයි. පඬුවස්දෙව් රජ්ජුරුවන් ගේ බිසව භද්දකච්ඡායනා ට ලැබුණු දූ කුමාරි චිත්‍රා ට උන්මාද චිත්‍රා කියල කාඩ් එකක් වැදිල තිබුණෙ එයාව දැකපු දැකපු පොරවල් පිස්සු වට්ටන තරම් ලස්සන හින්දලු.
මං හිතන්නෙ අබා ෆිල්ම් එකට කාස්ටින් කරපු අය ඔය කතාව දැනගෙන ඉඳල නෑ!
එදා උන්මාද චිත්‍රාව එක්ටැම් ගෙයක හිර කරල තිබුණෙ නං, රටේ තරුණයො චිත්‍රාව දැකල පිස්සු වැටෙන එකෙන් වලක්වන්න නං නෙමේ.
රටේ තරුණයො ගැන හිතන්න කලින් ඕනැ රජෙක් හිතන්න ඕනැ තමන් ගේ පුත්තු ගැන නේ. චිත්‍රා ගේ කුසෙන් උපදින පුතෙකුගෙන්, රජකම හිමි මාමලා දුසිමටම මැරුම් කන්න වෙනව කියල අනාවැකියක් තිබුණු හින්දයි කෙල්ලව එක් ටැම් ගේ හිර කලේ.
දකින දකින අය පිස්සු වට්ටන උන්මාද චිත්‍රා ලා එදා විතරක් නෙමේ අපේ කාලෙත් හිටියා. අදත් ඉන්නවා වෙන්න පුළුවන් මං දන්නේ නැති වුණාට. මේ කතන්දරේ කියවන පිරිමි කෂ්ටිය සාක්‍ෂි දෙයි ඒ බවට.
මගේ ප්‍රශ්ණේ, ඒක නෙමේ, මෙන්න මේකයි.
උන්මාද චිත්‍රා ලා විතරද ලංකාවේ හිටියේ?
ඇයි උන්මාද චිත්‍රසේන ලා නැද්ද අපේ රටේ?
අපොයි හිටියා!
මෙන්න උන්මාද චිත්‍රසේන කෙනෙක් දැක්කොත් අඳුණා ගන්න ක්‍රමය. මේවා අදාල වෙන්නේ කාන්තා පක්‍ෂයට විතරයි, හොඳේ?
1. උන්මාද චිත්‍රසේන ව දැක්කහම කාන්තාවන් ගේ කකුල් ගැහෙනවා.
2. නිකං වතුර තිබහ වගේ ගතියක් දැනෙනවා. තොල් වේලිලා යනවා. දිවෙන් දෙතොල් තෙත් කරගන්න හිතෙනවා.
3. වලාකුලක් මැද්දේ වාඩි වෙලා පාවෙලා යනවා කියලයි හිතෙන්නේ.
4. හිතට නිකං කවි සිතුවිලි පවා පහල වෙනවා.
5. අනේ මට මෙයා එක්ක ලස්සන දිය ඇල්ලක් පාමුල තියෙන පුංචි පිදුරු පැලකට වෙලා ඉන්න ඇත්නං කියල වගේ සුන්දර සිතුවිලි හිතට ගලාගෙන එනවා.
6. අනේ මේ ආත්මේ බැරිනම්, ලබන ආත්මේ දී වත් ඒ වාසනාව උදාවේවා කියල හිතෙනවා.
කොහොමද මං මේව දන්නේ?
ඔය උඩින් තියෙන ෆොටෝ එක ගත්ත කාලෙ තමයි මට ඔය කතා සේරම ආරංචි වුනේ.
-කතන්දරකාරයා
ප/ලි
මේ මුළු කතන්දරේම තමයි අද ප/ලි එකකි!
Subscribe to:
Post Comments (Atom)
උන්මාද චිත්‍රසේන දුටුවෙමි.......
ReplyDeleteඅප්පද බොල..උන්මාද චිත්‍රසේන...
ReplyDeleteනයි කයිද රෝස් පාං කිව්වළු..හැබෑව හැබෑව...
වැඩේ කියන්නේ මට ඔය පොටො එක දැකල හිතුනේ ඔය එකක්වත් නෙවෙයිනේ අයියේ...... :(
ReplyDeleteමට දැක්ක ගමන්ම හිතුනේ " මොකාද බොලේ මේ හූනා..?" කියලනේ....
ඒ පින්තූරේ දැක්කම, මගෙත් කකුල් ටිකක් ගැහෙන්න පටන් ගත්තා.
ReplyDeleteඒක කොයි කාලේ ගත්ත එකක්ද?
When I look into your eyes
ReplyDeleteI feel nothing but cravings
You make me feel so ecstatic
Chills rush down my spine
My heart beats fast
I just don't know what to do
I just hope one day, I get to see you
Unmaada Chitraa
ඇත්තට කවුද ඉතිං පිතූරෙ ඉන්න උන්මාද චිත්‍රසේනට ඔය කරුණු ටික කිව්වෙ??ඉතින් කතන්දර අයියා හිතාගෙන හිටියෙම තමුන් චිත්‍රසේන කෙනෙක් කියලද?? පව් අනේ ඔයා!!!!
ReplyDeleteඋන්මාද චිත්‍රසේන සිවුර පොරවගෙන ඉන්නකොට මීට වඩා හැන්ඩියා මගෙ හිතේ.
ReplyDeleteකොහොම උනත් තට්ටේ තියෙන පින්තූරයක් දැම්ම නම් ගෑණු ළමයි තවත් උන්මාද වෙයි. තට්ටේ සෙක්සි කියනවානේ.
මෙහෙව් හිටපු මනුස්සයටනෙ අම්මපා දැන් මෙහෙම වෙලා තියෙන්නෙ......
ReplyDeleteඅපොයි දෙයියනේ පිරිමින්ට ගිය කලක් . . .
ReplyDeleteෂුවර් එකටම කතන්දර හාමිනේගේ රැවටුම් බහක්.... පේනවද මේ පිරිමි උදවිය කොච්චර ඉක්මනට රැවටෙනව ද කියලා. . ..
මලට මිසක් බඹරට මොන ලස්සන ද මෙයාලා...
ඒක නෙමෙයි .... කතන්දරගෙ මේ අලුත් වෙනසට නම් ඔන්න මගෙන් ලකුණු ගොඩක් ...
ReplyDelete"උන්මාද සිතුවම් මැවේ බිදේ මීදුම් වලා මැද අතීතයේ" කිවුවලු.. කොහොම හිටපු කොල්ලෙක්ද හැබෑටම.. :)
ReplyDeleteඋන්මාද චිත්‍රසේන හරි හැන්ඩ්සම්නෙ.
ReplyDeleteහේහේහේ තව පොඩ්ඩක් එහා මෙහා වුනානම් විජය කුමාරතුංග මහතාට මාරුවෙනවා නෙවැ මේ උන්මාද චිත්‍රසේන...
ReplyDeleteහැබැයි උන්මාද චිත්‍රව හිර කලේ එක්ටැම් ගේක...හුදී ලාංකීය කාන්තා පාර්ශවයේ හිතසුව පිණිස, එතකොට මේ උන්මාද චිත්‍රසේනව හිරකලේ කටුගේකද? (වටේ පිටාව අනුව ඕන් හොදේ...)
උන්මාද චිත්‍රා ලා අදත් ඉන්නවා හැබැයි පිස්සු හදෙන්නෙ එයාලව දැක්කම නෙමෙයි එයාල ඇඳගෙන යන ඇඳුම් දැක්කාම
ReplyDeleteමාව දැක්කාමත් ඔය වගේ හිතෙනවාද කියලා කෙල්ලෙක්ගෙන් අහන්න ඕනේ :DDDD (කුනුහරුප අහගන්න වෙයිද දන්නේ නෑ)
මේ හැබෑටම කතන්දර කටුස්සෙක් වෙලාද?
ReplyDeleteනෑ ඉතිං දවසින් දවස මෙහෙම පාට මාරු කරන්න....
පෙනේද මේකා වයසට ගියත් මනමාල කම අඩුවෙලා නැති හිටි... naughty 40 නේ.
ReplyDeleteගැහැණුන් පිරිමින් දිහා බැලීමත්, පිරිමින් ගැහැණුන් දිහා බැලීමත් අතර ලොකු වෙනසක් තියෙනවා, මානව පරිණාමයේදී ඇති වූ.
ReplyDeleteගැහැණියකට ගැබ් දැරිය හැකි නිශ්චිත කාල සීමාවක් තියෙනවා. මේ අනුව පිරිමියකු වයස 45-50ට වඩා වැඩි ගැහැණියක වෙත ආකර්ෂණය කිරීමේ පරිණාමීය අර්ථයක් නැහැ. මේ නිසා පිරිමි මනස පරිණාමීයව සකස් වී ඇත්තේ සරු වියෙහි වෙසෙන ගැහැණුන් අනෙකුන් ගෙන් මැනැවින් තෝරා බේරාගෙන ඔවුන් වෙත ආකර්ෂණය වීමට. වෙනත් විදියකින් කිව්වොත් 'ලුක් එක', වයස පිරිමින්ට සහකාරියක සොයා ගැන්මේදී ඉතා වැදගත් සාධක.
අනෙක් පැත්තෙන් පිරිමියකු මිය යන තුරුම ලිංගිකව සරුයි. වයස අනූවේදී වුණත් දරුවකු හදන්න පුළුවන්. මේ නිසා ගැහැණු මනස සකස් වී ඇත්තේ 'ලුක් එකට' අමතරව තවත් බොහෝ සාධක ගැන බලා ඒ සියල්ලම 'පැකේජ් එකක්' සේ සලකා ලකුණු දී සහකරුවා තෝරා ගන්ට.
අපේ නංගිලත් ඔය ඇහැට කණට පේන තරුණ කොල්ලො පැත්තක ඉන්දැද්දි ගිහිල්ලා BMW එකක් තියෙන ඕල් මෑන්ස් කෙනෙක් එක්ක සෙට් වෙන්නේ ඒකයි. නැතුව ටේස්ට් එකක් නැති නිසාම නෙවෙයි.
- Taboo
LIKE (ෆේස් බුක් වගේ ලයික් බට්න් එකක් බ්ලොග් කමෙන්ට් වලට තියේනම් ලේසියි)
Delete+++++++ ගහ ගහ ඉන්න ඕනෑ නෑ.
කවුරු පිළිගත්තත් නැතත් සත්ව ලෝකයෙ වැඩියෙන්ම ලස්සන පිරිමි සත්තු..... :)
ReplyDeleteඇත්තටම මිස්ටර් කතන්දර.... ඔය දශක කීයකට කලින් හිට් වෙච්ච චිත්‍රසේන කෙනෙක්ද???
ReplyDeleteඅනිවා ඩෙෆා මේක නම් සික් ගහපු වෙලාවක ගත්ත එකක්. ඔය වාගෙ වෙලාවක ගන්න ෆොටෝ දැක්කහම අර කිව්වා වගේ සිතුවිලි පහළ වෙනවා. හැබැයි ඉතිං බුද්ධාගම එක්ක හිතුවොත් මට නම් හිතෙන්නෙ “මේකත් ඉතිං ජීවිතයක්නෙ“ කියලා.
ReplyDeleteකථාවෙ දේවල් නම් ඇත්ත.
උන්මාද චිත්‍රසේන! කතන්දර හාමිනේද ඔය කතාව කිව්වේ?
ReplyDeleteNot so bad looking. How old wre u back then?
ReplyDeletelooks very innocent.
අර බැදපු දාට පහුවෙනිදා ගත්ත ෆොටෝ එකෙයි මේකෙයි වෙනස බලපුවම මොකද ළමයි හිතෙන්නෙ..
ReplyDeleteමට නං හිනා යනවා මේකයි ඒකයි මතක් වෙන කොට.
(මේ බදින්ඩ කලිං මගේ හිතේ)
මගේ ශෝක් මටම ශෝක්නේ.
ReplyDeleteකතන්දර අය්යා අවුරුදු විස්සකට, තිහකට කලින් හැන්ඩියෙක් වගේ පෙනෙන්නේ නේ?
ReplyDeleteඅනේ මෙයා, එදා උන්මාද චිත්‍රසේන මෙදා කව්ද ? පව්!
ReplyDeleteකාන්තා පක්ෂයටනේ මේක අදාළ. ඒක නිසා පුරුෂ පක්ෂයට අදාළවත් යමක් ලිව්වා නම් කොහොමද ?
ReplyDelete@All
ReplyDeleteබුදු අම්මෝ තියෙන කමෙන්ට්ස් කන්දරාව!
චිත්‍රසේනටත් ඒ දවස්වල ඔහොම තමයි.
හා,හා!
ටැබූ නං තාමත් ඩෙස්මන් මොරිස් ගේ පොත බිම තියලා නෑ වගේ!
ReplyDelete@All
ReplyDeleteහැමෝම විත්‍රසේන ගේ එක ගැන කමෙන්ට්ස් දෙනවා මිසක් මෙන්න මේ පේලි දෙක දැකලා නෑ වගේ.
1. මං හිතන්නෙ අබා ෆිල්ම් එකට කාස්ටින් කරපු අය ඔය කතාව දැනගෙන ඉඳල නෑ!
2. එදා උන්මාද චිත්‍රාව එක්ටැම් ගෙයක හිර කරල තිබුණෙ නං, රටේ තරුණයො චිත්‍රාව දැකල පිස්සු වැටෙන එකෙන් වලක්වන්න නං නෙමේ.
-KK
මාර පොරක්කෙ මු?????
ReplyDeleteකතන්දර පස්සෙ පෙන්නලා දීලා තියෙන කරුණු දෙකම අමතක වෙනවා අර පොටෝ එකේ කොල්ලව දැක්කම. ඒකයි ඔය කරුණු දෙක මඟ ඈරිලා තියෙන්නෙ මගෙ හිතේ.
ReplyDeleteමේ කොල්ලාගෙ ලස්සන තියෙන්නෙ බෙල්ලෙ. බොරුනං හොඳට බලන්න.
උන්මාද ච්ත්‍රා කෙසේ වෙතත්, අර ලොකු පොතේ අත්සන් කලාට පස්සෙ මේ චිත්‍රසේනව නං සුවර් එකට එක්ටැම්ගේක දාලා වගේ තියාගත්ත ඈති මෙයාගෙ චිත්‍රා.
පෙන්නැද්ද මුණෙ තියෙන ෆෙම්පාට.
එක්ටැම් ගේ රැදෙව්වට මාමල ඉතුරු උනේ නෑනේ.
ReplyDeleteඋන්මාද චිත්‍රසේනත් මේපාර එයිද දන්නෑ නේද?
ගිය පාර නං මතකයි "I LOVE Kathandara" කියල ටී එකෙත් ගහගෙන හිටියා. හැබයි ඔය කොණ්ඩෙ නං පේන්නවත් තිබ්බෙ නෑ
උන්මාද චිත්‍රා කිවුවෙ චිත්‍රා දැක්කම පිස්සු හැදෙන නිසා වුනාට උන්මාද චිත්‍රසේන කිවුවෙ චිත්‍රසේනට පිස්සු නිසයි...
ReplyDelete1 ඒක නම් සහතික ඇත්ත.
ReplyDelete2 අදත් එහෙම තමා. අදත් චිත්තරාලව හිර කරන්නෙ 'පරම්පරාව' නැති කරන්ඩ ඉඩ තියෙන මොකෙක් හරි නසරාණියෙක් ඇවිත් උස්සන් යයි කියලා.
@ Taboo,
ඔන්න ඕවා අමතක කරන්ඩ. කවද හරි තේරෙයි මරුටියත් රෝද හතර තමා කියලා.
මිල්ක් ෆාදර් ට ඩෝග්ස් ජම්පින් කිව්වලු.. කවුද බොලේ මේ.. නිකන් හාරත හේරා වගේ
ReplyDeletelol.මගේ කකුල් ගැහෙන්නේ නම් නෑ (මගේ) "උන්මාද චිත්‍රසේනව" දකිද්දී,කියන්න හදපු දේ අමතක වෙනවා විතරයි.එතකොට ඉතින් අහල පහල ඉන්න යාලුවෙක් මට ඇඟිල්ලෙන් ඇනල යථා තත්වෙට ගේනවා.hehe.උන්මාද චිත්‍රාට ඉන්නේ සබීත කියල දැනගත්තම නම් හිනා ගියා අපිටත්.මම නම් අබා බැලුවේ නෑ !කතන්දර අයියගේ photo1 නම් මරේ මරු.නළුවා වගේ ...
ReplyDeletelol.මගේ කකුල් ගැහෙන්නේ නම් නෑ (මගේ) "උන්මාද චිත්‍රසේනව" දකිද්දී,කියන්න හදපු දේ අමතක වෙනවා විතරයි.එතකොට ඉතින් අහල පහල ඉන්න යාලුවෙක් මට ඇඟිල්ලෙන් ඇනල යථා තත්වෙට ගේනවා.hehe.උන්මාද චිත්‍රාට ඉන්නේ සබීත කියල දැනගත්තම නම් හිනා ගියා අපිටත්.මම නම් අබා බැලුවේ නෑ !කතන්දර අයියගේ photo1 නම් මරේ මරු.නළුවා වගේ ...
ReplyDeletelolz ... mama meka nithipatha kiyewwata ada thama comment eakak dannea ... kaka .. mara handiyek nea ... hikzz .. aththatama kaka oka awrudu keeyakata kalin gaththa eakaktha ... :P
ReplyDeleteආ.....
ReplyDeleteඔය ඉන්නෙ හැන්ඩිය වගෙ..
හැබැයි බැල්මනම්.... හොර බැල්මක්..
දැන් ඔයා කියන්නෙ අර ෆොටෝ එක දැක්කම කාන්තා පක්ෂයට ඔයා ඔය කියන සිතුවිලි ටික පහල වෙන්න ඕනෙ කියලද?
ReplyDeleteඅනේ......... මන්දා .............
@ චර්මි
ReplyDeleteනසරාණියා කිවුවට තාම චිත්‍රා කෙනෙක්ව උස්සන්න බැරි වුනා නොවැ...
ඕකට තමයි කියන්නේ ආදරේ අන්ධයි කියල.... විද්‍යාත්මකවත් ඒක ඇත්ත කියල ඔප්පු කරල තියෙනවයි කියන්නේ... හිතට කාගැන හරි ආදරයක් දැනුම ස්‍රාවය වෙන හෝමොන නිසා අපේ පෙනීම සම්බන්ධ සමහර දෘෂ්්‍යි ස්නායු හරියට වැඩකරන්නෙ නැතිව යනව ලු... ඉතින් එහෙම බැලුවම "කතන්දර හාමිනේ" ආලයෙන් වෙලුන කාලෙක දි වෙන්නැති මේ කතන්දරව දැකල මේ වගේ කියන්න ඇත්තේ.
ReplyDeleteඅර කීව ඩෙස්මන්ඩ් මොරිස්ගේ පොතක් සිංහලට පරිවර්තනය කරපු එකක තිබ්බ මම දැක්ක... පිරිමින්ට ලෝකේ ලස්සනට පෙන්න ගන්නේ ආදරය කරල ඉවර වුන ගමන් ලු.. කුරුල්ලන් සින්දු කියන හඬ, මල් වල සුවඳ , ජීවිතේ මෘදු බව එයාලට දැනේනේ ආදරය කරල ඉවර වුන ගමන් කියල ඒ පොතේ නම් තිබ්බ...
ගැහැණුන්ට නම් ඒ වගේ ලස්සන ලස්සන දේවල් පෙන්න ගන්නේ ආදරයක් හිතට ඇතිවුන මුල් දවස් වල කියලයි කියන්නේ.....
ඔන්න ටැබූ සර් දීලා තියනවා පොඩි කුමාරිහාමිගෙ http://podikumarihami.blogspot.com/2010/11/blog-post_27.html පෝස්ට් එකට උත්තරයක්. ඒක කියවලා සුදුසුකම් ලැයිස්තුව සංශෝධනය කරයිද දන්නේ නෑ.....
ReplyDeleteis Sabheetha that ugly?
ReplyDelete@ඉන්දික උපශාන්ත
ReplyDeleteWho said Sabetha is ugly. She is a beautiful 45 years old woman today.
My comment was about casting her as Unmada Chrithra in moveie made in 2008.
Sabeetha was perhaps good for this role in 1985.
ඇත්තටම මේ කතන්දරද??..මට මෙයාව හොදට දැකලා හුරුයි..මම කොහොන්ද දැක්කේ කියලයි කල්පනා කරන්නේ..බොරුවක් නම් නෙමෙයි...
ReplyDeleteමන්දාකිණී
ReplyDeleteමං හිතන්නේ ඉහත ආත්මෙක වෙන්න ඇති, නේද?
මාව දැකපු ගර්ල්ස් ලා ට පස්සේ අමතක වෙලා යනවා. ඇයි උන්මාදය හැදෙනවනේ!
-චිත්‍රසේන
හික් හික් මරු චිත්‍රසේන
ReplyDeleteඅයියා ඒ වගේ කියලා කව්රු හරි කිව්ව්ද වැරදිලාවත්....
කෙලියනෙ තාප්පෙට. උන්මාද චිත්‍රෙ ගැන අහලා නෑනෙ මම. හරි හරි මේ ඒ චිත්‍රෙ ඇඳපු කොළුවද... හරි සීදේවී නේද..???
ReplyDelete@ පාදඩයා
ReplyDeleteසීදේවී කියන්නේ, කෙල්ලෝ වශී වෙනවා නොවැ ඒ කාලේ!
බැරිම තැන කොණ්ඩේ බූ ගාලා රුවුලක් වවලා වෙස් වලා ගත්තා.
@ හිමි අහිමි
ReplyDeleteහාමිනේ නං තාමත් කියනවා, වෙස් වලා ගෙන හිටියත්!
මරු කතා පොජ්ජ
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් කාලය මැවූ වෙනසක අරුමේ ...
ReplyDeleteThe products are formulated using good quality natural
ReplyDeleteingredients, they're packed with essential macro and
micro nutrients to fulfill the core nutritional and
weight loss requirements coming from all individuals.
Recovery out of this condition demands how the blood urea nitrogen (BUN) level and serum creatinine level are normalized.
Sit down with a pen and a few paper and also think of everything you want.