අමරදේව හින්දි චිත්‍රපටියක සින්දුවක් කොපි කරලා හදපු සිංහල ගීතය ගැන මං ලියපු කතන්දරේටම සම්බන්ධ වෙනත් කතන්දරයක් තමයි අද ලියන්න යන්නේ.
ඒ කියපු "පටු අදහස් නම් පවුරෙන්" ගීතයේ පදවැලට අදහස මහගම සේකර අරගෙන තියෙන්නේ බෙංගාලි ජාතික තාගෝර් ගේ කවියකින්. ඒ කියන්නේ මුලු සින්දුවම කොප්පෙනුත් කොප්පක්!
ඉන්දියන් කවිවල අදහස් අරගෙන අපේ ගේය පද රචකයෝ ලියපු එකම සින්දුව ඒක නොවේ.
අමරදේව ම ගයන, මහගම සේකර ම ලියපු අර සන්නාලියනේ කියන සින්දුවේ පදමාලාවට සම්පූර්ණ අදහස ම අරගෙන තියෙන්නේ ඉන්දියන් ජාතික සරෝජිනී නායිඩූ ගේ කවි පන්තියකින් බව අපි බොහෝ දෙනෙක් දන්නවා.
මෙන්න සරෝජිනී ගේ කවිය:
Indian Weavers Weavers, weaving at break of day, Why do you weave a garment so gay? . . . Blue as the wing of a halcyon wild, We weave the robes of a new-born child. Weavers, weaving at fall of night, Why do you weave a garment so bright? . . . Like the plumes of a peacock, purple and green, We weave the marriage-veils of a queen. Weavers, weaving solemn and still, What do you weave in the moonlight chill? . . . White as a feather and white as a cloud, We weave a dead man's funeral shroud. |
මෙන්න මහගම සේකර ගේ ගී පද:
සන්නාලියනේ, සන්නාලිනේ මේ හිමිදිරි උදයේ සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී කාටද ඇඳුම වියන්නේ මාල ගිරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ මාල ගිරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ ඊයේ ඉපදුනු කුළුදුල් දූටයි මේ පොඩි ඇඳුම වියන්නේ සන්නාලියනේ, සන්නාලිනේ මේ හැන්දෑ යාමේ හැඩ වැඩ දමලා ලස්සන කරලා කාටද ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුම වියන්නේ ඒ කුළුඳුල් දූ දීගෙක දෙන්නයි මංගල ඇඳුම වියන්නේ සන්නාලියනේ, සන්නාලිනේ සීතල හඳ එලියේ මැලවුණු මුහුණින් වෙව්ලන ඈතින් කාටද සළුව වියන්නේ සීතල සලුව වියන්නේ කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සළුව වියන්නේ කාටද සළුව වියන්නේ කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සළුව වියන්නේ මියගිය ඇයගේ මිනිය වහන්නයි සීතල සළුව වියන්නේ |
මෙන්න අමරදේව කියන සින්දුවේ යූ ටියුබ් ක්ලිප් එක.
මං එදා "අමරදේවත් කොප්පේ ගැහුවා එහෙනං, ඈ?" කතන්දරේ ප/ලි කොටසේ සඳහන් කරපු දෙවෙනි සින්දුව තමයි නන්දා මාලනී ගයන "උඩඟු ලියන්" කියන ගීතය.
මේ ගීතයේ පද මාලාව ලියලා තියෙන්නේ අර සීගිරි ගලෙත් කවි ලියපු ඩෝල්ටන් අල්විස්.
මෙන්න ඒ පදමාලාව.
උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට මා පිපුනේ නැත මේ දෙරණේ උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට මා පිපුනේ නැත මේ දෙරණේ උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට මා පිපුනේ නැත මේ දෙරණේ හිස් මිනිසුන් කුස් පුරවන සිත් පිනවන බස් දොඩවන හිස් මිනිසුන් කුස් පුරවන සිත් පිනවන බස් දොඩවන බොජුන් මේස මත සුවඳ හලන්නට මා පිපුනේ නැත මේ දෙරණේ උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට මා පිපුනේ නැත මේ දෙරණේ රට වෙනුවෙන් සටනට වැද දිවි දුන් රණ විරුවෙකු ගේ අවසන් ගමනට රට වෙනුවෙන් සටනට වැද දිවි දුන් රණ විරුවෙකු ගේ අවසන් ගමනට යන මහ ජනතා පා දෑවිල්ලෙන් යන මහ ජනතා පා දූවිල්ලෙන් තැලී වෙලී සැනහී මිය යන්නෙම් මගේ පරම පැතුම එයයි මගේ පරම පැතුම එයයි මගේ පරම පැතුම එයයි එමගට මා විසි කරන්න |
දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඩෝල්ටන් අල්විස් ඒ පදමාලාවට අදහස ගත්තේ කොහෙන්ද කියන එකයි. (පොර ම ලියුවා ය කියන සීගිරි ගලේ සින්දුවට අදහස ගත්තේ කොහෙන්ද කියන එක නම් අපි අහලා තියෙනවානේ.)
සමහරු, කොටින්ම සුනිල් ආරියරත්න පවා, කියනවා මේ සින්දුවේ අදහස තාගෝර් ගේ ම කවියක් ය කියලා. මේ ගැන හොයා බලපු අය කියන්නේ ඒ කරුණ හරි නම්, ඒ කියන්නේ තාගෝර් ලියපු ගීතාංජලි කියන කවි පොතේ එන Flower කියන කවිය වෙන්න ඕනෑ.
මෙන්න ඒකේ ඉංගිරිසි පරිවර්තනය.
Flower Pluck this little flower and take it, delay not! I fear lest it droop and drop into the dust. I may not find a place in thy garland, but honour it with a touch of pain from thy hand and pluck it. I fear lest the day end before I am aware, and the time of offering go by. Though its colour be not deep and its smell be faint, use this flower in thy service and pluck it while there is time. |
පොඩ්ඩක් නෙමේ අදහස ගොඩක්ම වෙනස් නේද?
මෙතන තමයි සුනිල් ආරියරත්න ඇතුළු අපි බොහෝ දෙනෙකුට වැරදුණු තැන.
මගේත් ඇදුරෙක් වෙන මොරගොඩ මලියසේන කවියා පොඩ්ඩක් මේ ගැන අන්තර්ජාල රිසර්ච් එකක් කරලා තියෙනවා. ඒ කියන්නේ අන්තර්ජාලයේ තියෙන ප්‍රසිද්ධ ඉන්දියානු කවි කොනක ඉඳන් කියවලා තියෙනවා.
අන්න ඒ සමීක්‍ෂණයේ ප්‍රතිපලය තමයි මෙන්න මේ කවිය හමුවීම.
Chah Nahin Mai SurBala Ke Gehnon Mein Guntha Jaaon. Chah Nahin Premi Mala Mein Bindh, Pyari Ko Lalchaon. Chah Nahin Samraton Ke Shav Par, He Hari Dala Jaaon. Chah Nahin Devon Ke Sar Par Chadhon, Bhagya Par Itraoon. Mujhey Tod Lena Banmali, Us Path Par Tum Dena Phaink, Matra Bhoomi Per Sheesh Chadhaney, Jis Path Jaayen Veer Anek. |
මේ "පුෂ්ප් කි අභිලාෂා" කියන කවිය ලියා ඇත්තේ නොබෙල් සාහිත්‍ය සම්මානය ලබපු තාගෝර් වගේ අපි දන්න කෙනෙක් නොවුනාට ඉන්දියාවේ ප්‍රසිද්ධ මඛන්ලාල් චතුර්වේදී හින්දි කවියායි.
මෙන්න ඒ "පුෂ්ප් කි අභිලාෂා" කවියේ ඉංගිරිසි පරිවර්තනය.
I don't want to be a part of the necklace of the beautiful girl, I don't want to woo the lady love, I don't want to be spread over dead bodies, I don't want to act snob, after someone offers me to the Gods Just pluck me Gardner and throw me on the road, which is taken by the brave soldiers to give away their lives for the Motherland ! |
පැහැදිලිවම අපිට පේනවා තාගෝර් ගේ කවිය අනුසාරයෙන් නොවෙයි මේ චතුර්වේදී ගේ "පුෂ්ප් කි අභිලාෂා" කවියෙන් තමයි ඩෝල්ටන් අල්විස් "උඬගු ලියන්" සින්දුවට අදහස අරගෙන තියෙන්නේ කියලා.
-කතන්දරකාරයා
(image: http://shamazkhan.wordpress.com/2010/12/19/nuclear-doctrine-of-pakistan-dilemmas-of-small-nuclear-force-in-the-second-atomic-age/)
Kai Iwara wela Anunge kai pada wal ussanawa
ReplyDeleteකකාත් ඔන්න පොඩි පර්යේෂණයක් කරලා, කතන්දරයක් ලියලා....:)
ReplyDeleteමොනා උනත් 'උඩඟු ලියන්' සහ 'සන්නාලියනේ' ගී දෙකම මාර ලස්සනයි.
මං කළ දෙයක් නොවේ.
Deleteඒවංමේසුතං!
මේ අදහස් මේවා ලියවුණු යුගයේ ලෝකයේ ජනප්‍රිය සමාජවාදී අදහස්. එකකට එකක් අසම්බන්ධව පවා එවැනි අදහස් ලොව විවිධ තැන්වලින් ජනිත වන්න පුළුවන් නේද?
ReplyDeleteඅනෙක ආභාසය සම්බන්ධයෙන් අපි හැමතිස්සෙම හිතන්නේ ආභාසය අපට පිටතින් ලැබෙන දෙයක් පමණක්මය කියායි. මේක දූපත් මානසිකත්වයේ ප්‍රතිඵලයක්.
පිටත ලෝකයට ආභාසය ලබාගන්න පුළුවන් නිර්මානාත්මක මිනිස්සු අපට නැද්ද?
ප්‍රශ්ණය තියෙන්නේ පැරා, ජෝතීපාල මරාගෙන කාපු මේ ප්‍රබුද්ධ, සුභාවිත ගීතය ගැන කතා කරන මහා නිර්මාණකරුවනුත් කරලා තියෙන්නේ ඒ දෙයම් වීම. මොකෝ මොවුන් මහා නිර්මාණකරුවෝ විදියට නේ පෙනි සිටින්නේ. ක්ලැරන්ස් බටහීට ගීත කොපි කිරීම වැරදියි. මෙයාලා ගෙඩිය පිටින් බටහිරට පරිවර්ථනය කරන ලද ඉන්දීය දේ ගෙඩිය පිටින් කෑම නෝ ප්‍රශ්... ඕකට ප්‍රධානම හේතුව. විශ්ව සාහිත්‍ය කටපාඩම් කිරීම. ඇයි අපිට බැරි අපේ දේ නිර්මාණය කර ගන්න.. නිර්මාණ බිහි කිරීම සඳහා ඉතා හොඳ පරිසරයක් මේ රටේ ඇර වෙන කොයි රටේද තියෙන්නේ.. අප ඒ ගැන ලැජ්ජාවට පත්විය යුතුයි...
Delete@ Ajith Jayasinghe
Deleteඑකම අදහස දෙදෙණෙකුට එන්ණ පුළුවනි. නමුත් මේවා එහෙම නොවෙයි.
මේ ලිපියේ සහ ගිය සුමානේ එකේ අරමුණ වුනේ අපි බොහෝ දෙනෙකු නොදන්නා ඒ නිරමාණ අනුකරන ගැන අන් අයට දැන ගන්නට ඉඩ සැලසීමයි.
නවකතා, ඛෙටිකතා වගේ නිර්මාණ වලදී මෙන් නොව ගිතයකට තුන් දෙනෙක් සාමාන්‍යේරන් දායකත්වය සැපයුවත් රසිකයෝ බොහෝ විට දන්නේ ගායකයා ගැන විතරයි.
සිංහල සාහිත්‍ය නිර්මාණ තාම පිටට ගිහිල්ලා නෑ නේද?
@ මාතලන්
Deleteඅද කේස් එකෙන් මතුවුණු ප්‍රශ්නය තමයි දැන් ඩෝල්ටන් නැති නිසා උඩඟු ලියන් ගීතයේ මූලාශ්‍රය ගැන වැරදි මත පලවීම. සුනිල් ගේ සිළුමිණ පුන්කලස ලිපිය (ලින්ක් කර ඇත) බලන්න.
@මාතලන්, ඔබත් සමඟ එකඟ නෑ.ඔබ කියන්නේ මේ කලාකරුවන් ගැයූ, ලියූ සියලුම ගීත කොපි කියලද? නෑ මා දන්නා පරිදි නම් එකක් දෙකක් හැර බොහෝ නිර්මාන ස්වතන්ත්‍ර. එක ගීයක් ඉන්දියානු අභාශය ලැබූ බව දුටු පමණින් මෙලෙස චෝදනා කිරීම වැරදියී.
Delete'' නොමග නොයන් පුතේ '' ගීතය ඒ අදහසම වෙනත් රටක භාෂාවකින් ගයනා කරන්න යන බව කියා තිබුණා මතකයි
Deleteඔබේ නිගමනය ගැන එකඟ වෙන්න අමාරුයි.වෙනත් භාෂාවකින් තියෙන හොඳ නිර්මාණයක් එම භාෂාව නොදන්නා අයගේ පහසුව (උසස් රස වින්දනය) තකා දේශීය කිරීමේ වරද මොකක්ද? ඔබ ඉහතින් දැක්වූ සින්දු දෙකට අමතරව සුනිල් සාන්තයන්ගේ මද බොන්ගුරේ සින්දුවත් බෙන්ගාලි තනුවක්නේ. ඉතින් මේ සිංහල සින්දු වලතියෙන වැරැද්ද මොකක්ද? මුල් නිර්මාණයට වඩා සිංහල නිර්මාණය හොඳයි. (නවකතා වලත් ඔහොමයි willage in the jungle වලට වඩා බද්දේගම රසවත් බැවින් ඉහල නැද්ද?) එම තනුව අරගෙන විකාර අදහස් එලියට දමනවානම් ඒක වැරදියි. හැම දේකම නරක බලන පුරුද්දෙන් මිදෙන්න ඔබට බැරි මොකද? ඒ නරක දේ තුල තිබෙන හොඳ දේ පෙනෙන්නේ නැත්තේ ඇයි?
ReplyDeleteඅනෙක ඔබ අනුමත කරන දේ පමණක් පල කරනවා කියන කොන්දෙසියටත් මම කැමති නෑ.blog එක ඔබේ උනාට ඔබ ලියන්නේ සමාජ ගත කරුණු.ඒවා කියවන්න සමාජය කාලය සහ වියදම දරනවා. එබැවින් කියවන්නාට අයිතිය තිබෙනවා ඒවාට පිලිතුරු ලියන්න .පිළිතුරු ලෙසින් ලැබෙන මල් සහ ගල් පිළිගෙන ඒවාට උත්තර දෙන්න ඔබට කොන්ද පන නැති එක තමයි එම කොන්දේසියෙන් කියවෙන්නේ කියලටි මට හිතෙන්නෙ..
සමරසේකර
@සමරසේකර
Deleteමගේ ලිපියෙන් කියවෙන්නේ වෙනත් භාෂාවක/සංගීතයක අනුසාරයෙන් පදමාලාවක් ලිවීම හෝ තනුවක් සැදීම වැරදියි කියා නොවේ. නැවත ලිපිය බලන්න.
සන්නාලියනේ ගීතයේ මූලාශ්‍රය ගැන අමරදේවම කියනවා, එය යූ ටියුබයෙන් බලා ගන්න පුළුවනි.
උඩමු ලියන් ගීතය ගැන සිළුමිණ පුන්කලස ලිපියේ සුනිල් ආරියරත්න කුරුවිට බණ්ඩාර කියා ඇති වැරදි මතය තවත් හුඟ දෙනෙක් දරනවා. මේ ලිපිය ලීවේ නිවරදි මූලාශ්‍ර එලි කරන්නයි.
ඔබ මගේ ලිපිය හරිහැටි කියවා නැතියැයි මට සිතේ!
/* අනෙක ඔබ අනුමත කරන දේ පමණක් පල කරනවා කියන කොන්දෙසියටත් මම කැමති නෑ.blog එක ඔබේ උනාට ඔබ ලියන්නේ සමාජ ගත කරුණු.ඒවා කියවන්න සමාජය කාලය සහ වියදම දරනවා. එබැවින් කියවන්නාට අයිතිය තිබෙනවා ඒවාට පිලිතුරු ලියන්න .පිළිතුරු ලෙසින් ලැබෙන මල් සහ ගල් පිළිගෙන ඒවාට උත්තර දෙන්න ඔබට කොන්ද පන නැති එක තමයි එම කොන්දේසියෙන් කියවෙන්නේ කියලටි මට හිතෙන්නෙ..
Delete*/
ඉහත ප්‍රකාශය ඔබ කරුණු නොදැන කියූ එකක්. මා හිතන්නේ නෑ ඔබ කතන්දර බ්ලොගය මෑත කාලයේ නිතිපතා කියවූ කෙනෙකුය කියා.
මේ පෝස්ට් බලන්න.
1. මෝඩ ආතල් ඇනෝලා, මන්ද බුද්ධික ඇනෝලා සහ මානසික රෝගී ඇනෝලා
2. එක් අනුවණයෙක් හොඳටෝම සෑහේ
3. මං වාරණයට අකමැතියි නංගියේ
පාඨකයින් මෙහි තබන ප්‍රතිචාර අතරින් මා මෙතෙක් පල නොකර සිට ඇත්තේ අමු කුණුහරුප සහ අන් අයට අපහාස වෙන දේ පමණයි.
මට අපහාස වෙන දේ සහ අන් අයට උපහාස කරන දේ මෙහි පලවී ඇති බව ඔබට පෙනිය යුතුයි.
මගේ මතයට විරුද්ධ ප්‍රතිචාර මා පල නොකරයි ඔබ සිතුවේ ඔබ නවකයෙකු නිසා දො යැයි සිතෙනවා :-)
ඔබ හරි. මා blogs කියවන්න පටන් ගත්තේ ලඟකදී. comments ලියන්න පටන් ගත්තේ ඊයේ පෙරේදා. හැබැයි මම වැදගත් පරණ ලිපි ඔක්කොමත් කියවනවා. ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙන අතරේ ගොන් පාට් ගොඩකුත් තියෙනවා. මම computer අතපත ගාන්නේ මගේම දැනුමෙන්.මම හිතුවේ kk සහ dd යනු එක්කෙනෙක් විසින්ම ලියන blogs දෙකක් කියල. එසේ නෙවෙයි නම මගේ දරදඬු වචන ගැන ගැන මම කණගාටු වෙනවා.
Deleteසමරසේකර
ඒකෙ වරදක් මටනම් පේන්නෙ නෑ...........
ReplyDeleteමොනවා?
Deleteමඛන්ලාල් චතුර්වේදී ලියූ පුෂ්ප් කි අභිලාෂ් කවියේ අදහස තාගෝර් ගේ යැයි සිතීම වරදක් නොවේද?
පුදුම කතාවක් නේ!
කකා විවාදාත්මකයි මේ ලියැවිල්ල. ඇත්තටම කොපි කිරීමක් ද අනුකරණයක් ද සංකල්පයක් අපේ දෙයක් බවට හැරවීමක් ද?
ReplyDeleteඑතකොට රන්බණ්ඩා සෙනවිරත්න දවසක් පැල නැති හේනේ සිංදුව ලියන්නේ පටාචාරාවත හි එන ඡේදයක් ඇසුරින්. ඒ අනුව එයත් කොපියන් නොවෙද?මට මේ වෙලාවේ ඒ ඡේදය සොයාගන්න අපහසුයි.
බැද්දේගම හෝ සුදු වැද්දා ලිව්වේ ඒපී ගුණරත්න යැයි අප කියන්නේ නෑ. ඒවා වුල්ෆ් ගේ, ස්පිට්ල් ගේ පරිවර්තන බව අප දන්නවා.
Deleteසින්දු සඳහා විදේශිය කවිවල අදහස් පරිවර්තනය කරලා ගත්තාම අර නවකතා වල විදියට නෙමේ වෙන්නේ. මූලාශ්‍රය අමතක වී යනවා. චතුර්වේදී ගේ කවිය තාගෝර්ට පැටවෙනවා.
රබීන්ද්‍රනාත් තාගෝර් ලියපු කවියකින් හදපු සින්දුවක් තියනව ටී. එම්. ජයරත්න කියපු.. මට මතක හැටියට 'බලන් කඩතුරා හැර දෑසේ' කියන සින්දුව.
ReplyDeleteවෙන්න ඇති!
Deleteකාලෙකට පස්සෙ කකාගෙන් හොඳ කතන්දරයක්.!!
ReplyDeleteමෙතන වෙලා තියෙන්නේ අදහස් කොපි කිරීමක් මිස තනු කොපි කිරීමක් නෙවෙයි නේද.? එහෙම බැලුවහම ජෝතිපාලගෙ කොපි කිරීමෙයි, මේ කොපි කිරීමෙයි වෙනසක් තියෙනවා නේද.? අනෙක ඉන්දීය කවි දෙකට වඩා සේකරගෙයි, ඩෝල්ටන්ගෙයි ගී පද රචනා සුන්දරයි කියලයි මට නම් හිතෙන්නෙ..
අනිත් අතට මාතලන් කියන්නා වගේ ජෝතිපාලට ගරහපු අය මෙහෙම දේ කලානම් ඒක වැරැදියි තමා.. කොපි කරලා ඒක ප්‍රතික්ෂේප කිරීම හා තමන් කොපි කල බව පිළිගැනීම අතර ලොකු වෙනසක් තියෙනවා නේද.?
/* කාලෙකට පස්සෙ කකාගෙන් හොඳ කතන්දරයක්.!! */
DeleteCorrection - ඔබ කැමති කතන්දරයක්!
සිංහල අනුවර්තන ගී පද මාලා දෙකම ඉංගිරිසි වර්ෂන්වලට වඩා හොඳයි වගේ පේනවා තමයි.
Deleteඑයට එක හේතුවක් මේවා පරිවර්තන කවි ලෙස නොව අනුවර්තන, තවත් වචන සහ අදහස් යොදා දියුණු කරන ලද දිගු ගී පද ලෙස ලියා තිබීමයි.
අනික ලිව්වෙත් ඔහෙලා අපි නොවෙයි නේ. සිරා පොරවල්!
//අන් අයට උපහාස කරන දේ මෙහි පලවී ඇති බව ඔබට පෙනිය යුතුයි//
ReplyDeleteමේ ගැනත් මම ලියනවා CNN එකට.... අපේ අහවලාට කියලා දෙනවා බැස්ටිය...
අනේ මට දැන් නීති වේදියො පස්සෙ ගිහින් ඇතිවෙලා තියෙන්නෙ....
ඇමරිකාවෙ හිටියනම් අක්ක කියනව වගේ මටම ලෝ කොලේජි ගිහින් බෙටී ඈන් වෝටර්ස් වගේ ලෝයර් කෙනෙක් වෙලා කකා ට විරුද්ධව නඩු පවරලා වන්දි ගන්නවා...
එතකොට මට, කළ වැරදි වසන් කරගන්නට, තනතුරු ආරක්ෂා ගන්නට මහජන මතයට නැමෙන, වාසි නිසා බොරු කියන මිනිසුන් අතර සත්‍ය දැනුම සොයා යන්නට කැප වූ, ඊට සහාය දෙන සොඳුරු මිනිස්සු හමුවේවි.
මට නම් මේ කමෙන්ටුවෙන් වැඩක් නැත.
Deleteනමුත් එය මෙහි පලවීම තුලින් ඔබේ ව්‍යාධියට තාවකාලික සහනයක් ලැබේ යැයි සිතමි.
එය මට සතුටකි.
ඔබට ඉක්මන් සුවය පතමි.
:) Hikz.niyama uttarak kaka :)
Deleteකකා
Delete++++++++++++++++++++++++++++++++++
වැදගත්ම දේ තමයි විශ්වීය වූ අදහසක් අපේ සංස්කෘතියට හරියන විදිහට ප්‍රතිනිර්මාණය කරලා තියෙන එක! නැත්නම් මේ අදහස් සාමන්‍ය මහ ජනයා ග්‍රහණය කරගන්නේ නැති වෙයි!
ReplyDeleteඔව් එය ඉතා වැදගත්. අපේ සාහිත්‍යය ලෝක සාහිත්‍යයෙන් ආභාෂය ලැබිය යුතුයි.
Deleteඒ සමගම මූලාශ්‍ර නිසි පරිදි ප්‍රසිද්ධ විය යුතුයි!
අපි අගය කරන ගීත කිහිපයක්ම අලලා කෙරුනු ගවේශන වල ප්‍රතිඵල මෙසේ ප්‍රකාශිත කිරීම ගැන කතන්දර ට හා අපෙත්ගුරු තුමෙකු වන මලියසේන ඇදුරන්ට (එතුමා නම් අපිට කවි මෙන් ඉගන්නුවේ වෙනත් දේවල්ය ) බොහෝ තුති. මහින්ද අලහකෝන්.
ReplyDeleteඑතුමා දැන් විවේක සුවයෙන් පසුවෙනවා.
Deleteඑස්රාජ් පමණක් නොව මා හිතන්නේ සිතාරයද වාදනය කරනවා!
අපි අගය කරන ගීත කිහිපයක්ම අලලා කෙරුනු ගවේශන වල ප්‍රතිඵල මෙසේ ප්‍රකාශිත කිරීම ගැන කතන්දර ට හා අපෙත්ගුරු තුමෙකු වන මලියසේන ඇදුරන්ට (එතුමා නම් අපිට කවි මෙන් ඉගන්නුවේ වෙනත් දේවල්ය ) බොහෝ තුති. මහින්ද අලහකෝන්.
ReplyDeleteස්තුතියි මහින්ද!
Deletemooda, manda buddhika, manasika rogee, anuwana, uddhachcha, thaman maha ugath yayi sithna, bogek innawa.
ReplyDeleteඔයා ගේ ගෙදර කණ්ණාඩියේ නේද එයාව දැක්කේ?
Deleteඅද කතාවට වඩා කොමෙන්ටු වල අමුතු ආනන්දයක් තියෙනව... කකා කියන්නෙ "අල වලට අල කියමු ගෝව නොකිය" කියල විතරයි... කට්ටිය කතා කරන්නෙ අල කෑමේ ගුණාගුණ ගැන...
ReplyDeleteදාන්න පහක් සපතේරු උන්නැහේ!
Deleteහොඳයි ඒ ගී දෙක කොපි ලෙස හෝ එලෙස නොලියවුනානම් ඔබ කැමති වෙනවද ?
ReplyDeleteමේ ලිපිය ලියවුනේ උඩගු ලියන් ගීතයට අදහස සැපයූ හින්දි කවියේ නියම රචකයා තාගෝර් නොව මඛන්ලාල් චතුර්වේදී බව කියන්නටයි.
Deleteඑපමණයි!
ඔය "සන්නාලියනේ" ගීතයේත් "උඩඟු ලියන්" ගීතයේත් අපේ සංස්කෘතියට නුහුරු ගතියක් මට මුල් කාලෙ ඉඳන්ම පෙනුනා. අර "පැලලයිකාව" ගැන තියෙන්නෙ සිංදුවක්, ඒකත් ඒ වගේ.
ReplyDeleteඒත් කරු අයිය සහ තවත් අය ලියපු කොපි ගීත ගොඩක් වෙලාවට අපේ සංස්කෘතියට ගැලපෙනවා. (සමහර විට හින්දි සිනමාවේ ලක්ෂණ නිසා වෙන්න ඇති.)
ජෝතිපාල "අරුන්දතී මල්ලි මොටද ගමන් බිමන් යන්න, අදින් පසුව මේ පාරෙන් ඔබ තනියම එන්න" කිව්වහම මැවිල පේනවනෙ.
ඒ වුනාට රන් එතනා සුදූම සුදුයි
Deleteකළු එතනා තල එළලුයි
කියන් සින්දීුව නං මවා ගන්න බෑ!
මෙ ගීත දෙකේම තනුව, ගායනය, පද රචනය ගොඩක් රස විඳිනව. ඒත් ඒ ගීත දෙකේම අදහස තමයි ගොඩක්ම රසවත්. ඒක කොප්පයක් කියල දැන ගත්තම එකෙ මුලින් තිබුණ රසය නැතිවෙල යනව. දුරස්ත බවක් හැඟෙනව.
ReplyDeleteසෝෂලිස්ම් හරි ලිබරලිස්ම් හරි ගෙඩි පිටින් ගේද්දි ඒවගෙ එච්චර දුරස්ත බවක් දැනුනෙ නෑ. ඒව ගෙනාපු ඈයො වීරයො උනා. තවමත් ඒ වෙනුවෙන් පෙනී හිටිනව.
තෙරුනේ නැතත් හින්දි සින්දු රසවිදින්නෙ නිර්මාණ කලාව යුනිවර්සල් නිසාලු?
ඔය ඔක්කොම අස්සෙ උඩ කොමෙන්ට් එකක කියල තියෙනව "ඇයි අපිට බැරි අපේ දේ නිර්මාණය කර ගන්න.. නිර්මාණ බිහි කිරීම සඳහා ඉතා හොඳ පරිසරයක් මේ රටේ ඇර වෙන කොයි රටේද තියෙන්නේ.. අප ඒ ගැන ලැජ්ජාවට පත්විය යුතුයි..."
මට නිකන් මඤ්ඤංවගෙ ඕයි!
ජගත් නිර්මාන වලින් අපි පෝෂණය වෙන්න ඕනෑ. පරිවර්තන කෘති තමයි අපි ගොඩ දෙනෙක් මුලින් කියෙව්වේ.
Deleteනමුත් පරිවර්ති කෘතියේ මුල් රචකයා අඳුණා ගැනීමත් වැදගත්!
සිංහල පොතුත් පරිවර්තනය වී තියෙනවා.
නෑ මම කියන්ඩ ට්‍රයි කරේ කට්ටිය කොච්චර කිවුවත් කලාවට වඩා පොලිටික්ස් යුනිවර්සල් නේද කියල
DeleteHariyata hari mama kiyapu wargaye bogek innawa, Kakka ge gedara kannadiya idiriyata giyama eyawa penawa. Mama bogek nowemi. Ape gedara kannadiyen bogalawa nopene.
ReplyDeleteUse this:
Deletehttp://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/
නොදැන සිටි කාරණයක් දැනගත්තා . විශ්ලේෂනාත්මක ලිපියක් . මේ දේවල් දැනගැනීම ගීතවල රසයට බාධාවක් නොවේ . එමෙන්ම අගමුල සොයා යාම වරදක්ද නොවේ .
ReplyDelete@ All
ReplyDeleteඋඩඟුලියන් - සමහරු හිතන්නේ උඩ ඉන්නා ගුලියෝ ගැන යි මේ කියවෙන්නේ කියලයි!
කොහොම වුනත් මෙතනදී රට වෙනුවෙන් සටනට කියන්නේ ඉන්දියාව වෙනුවෙන් සටන් වදින අයටයි!
අර ඉන්ද්‍රින් සාම සාධක හමුදාව වගේ?
මේ ලිපිය ලියවුනේ උඩගු ලියන් ගීතයට අදහස සැපයූ හින්දි කවියේ නියම රචකයා තාගෝර් නොව මඛන්ලාල් චතුර්වේදී බව කියන්නටයි.
එපමණයි!
සියළු දෙනාටම ස්තුතියි!
කලාකෘතියක ප්‍රධානතම පරමාර්තය විය යුත්තේ 'රසවින්දනයයි'. විඳින හදවතක් ස්පර්ෂ කරන්න කලාකෘතියකට හැකියාවක් තියෙනවනම් ඒක පරිවර්ථනයක්ද, අනුවර්තනයක්ද කොප්පයක්ද කියන එකේ වැදගත්කමන් නෑ.....!
ReplyDeleteදුමී, ඔබ හරි, ඒවාගේම කලා කෘතියේ නිර්මාණ පසුබිම ගැන නිවරදිව දැන ගන්නත් රසිකයින්ට අයිතියක් තියෙනවා!
Deleteඔව් සෑහෙන සමාන කමක් තියනවා තමයි, නමුත් මුල් කවියේ අර්ථය එලෙසින්ම අරං නෑ නේද? මඛන්ලාල්, මව්බිම වෙනුවෙන් දිවිපුදන්නට යන සොල්දාදුවන් ගමන් කරන මාර්ගයට මල වීසිකරන්න කියනකොට, ඩෝල්ටන් කියන්නේ, දිවිදුන් රණවිරුවෙකුගේ අවසන් ගමන සිදුවන මගට වීසිකරන්න කියලා. ඒ වගේම මඛන්ලාල්ගේ පලවෙනි පද හතරේ තේරුම ඩෝල්ටන් වෙනස් විදිහට ලියලා තියෙන්නේ. කවියේ මූලික අදහස ගත්තා වෙන්න පුළුවන්. මට ආපු ප්‍රශ්නයක් තමයි, ඩෝල්ටන්ලගෙ කාලෙ සාහිත්‍යධරයන්ටත් අහු නොවුනු, සුනිල් ආරියරත්න වගේ කෙනෙකුටත් මග හැරුනු කවියක් ඩෝල්ටන් කියෙව්වෙ කොහොමද කියන එක... මොකද ඉන්ටනෙට් තිබ්බ කියලයැ...
ReplyDeleteහැබැයි අලුත් එහෙත් බොහොම ජනප්‍රිය ගීත කීපයකම රචකයෙක් මෙහෙම කතාවක් කිව්වා. ප්‍රවීන ගීත රචකයන්ට වචන තියනවා, ඔවුන්ට දැන් නැත්තේ අදහස්... ඒ නිසා නවක ගීත රචකයෝ ලියලා එවන ගීත වල තියන අදහස් අරගෙන, අර ප්‍රවීනයෝ වඩා හොඳ පදරචනයක් කරනවා කියලා. ඔහු ප්‍රසිද්ධ ගායිකාවකට ලියා යැවූ ගීතයක අදහසම තිබෙන වෙනස් පදරචනාවකට ගීතයක් ගායනා කලාලු, පදරචනය තිබුනේ වෙනත් ප්‍රසිද්ධ ගී රචකයෙක්ගේ නමින්ලු.
අනේ මන්දා!..
ReplyDeleteANO - Yanne koheda? = Kakka - Mallepol.
ReplyDeleteI must thank Kathandara Karaya for publicizing my 'discovery'.
ReplyDeleteThe English translation quoted here does not convey the power, the force or the potency of the original Hindi poem. ( No poem is translatable}. I have done a Sinhala translation from the original Hindi which I will include in this blog once I get back home.
I think what Dalton has done is to Sinhalize the original. He has captured the idea and has written a new song. If he used a literal translation it would certainly sound alien to our ears.
I admire Dalton's lyrics. It is a wonderful composition.
By the way, Makhanlal Chathurvedi's fame rests solely on this one poem. I could find just one or two more short compositions of his in the net. However this poem is so well known among the Hindi speaking Indians, as it sung by school children everyday at the the close of school, just like our 'Yo wada thampawa roamanu jesu'.
Happy New Year to all of you.
Maliyasena
पुष्प की अभिलाषा
DeletePushp Ki Abhilasha
by Makhanlal Chaturvedi
Chah Nahin Mai SurBala Ke
Gehnon Mein Guntha Jaaon
Chah Nahin Premi Mala Mein
Bindh, Pyari Ko Lalchaon
Chah Nahin Samraton Ke
Shav Par, He Hari Dala Jaaon
Chah Nahin Devon Ke Sar Par
Chadhon, Bhagya Par Itraoon
Mujhey Tod Lena Banmali,
Us Path Par Tum Dena Phaink
Matra Bhoomi Per Sheesh Chadhaney,
Jis Path Jaayen Veer Anek
පුෂ්පයක අභිලාෂය නොහොත් මලක පැතුම
සිංහලානුවාදය : මොරගොඩ මලියසේන
අප්සරාවක සවන අබරණ වන්නට නැත මට ආසා.
මල්දමක හිඳ පෙම්වතුන්ගේ අනුරාගය පුබුදන්නට නැත මට ආසා.
චක්‍රවර්ති රාජ මෘත දේහ අරා නිදන්නට දෙවියනි, නැත මට ආසා.
දේව ප්‍රතිමා ශිර්ෂ මස්තකාරූඪ වීමට මා ලද භාග්‍යයෙන් උදම් වීමට නැත මට ආසා.
උයන් පල්ලාණෙනි, මුදා හළ මැන. මා.
විසි කළ මැන මා, එ මගට.
මව් බිම උදෙසා දිවි පිදුමට යන
දහසක් විරුවන් යන්නේ යම් මගකද,
එ මගට.
I was reading your blog for some time and this is the 1st comment. Can you also write about the movie themes copies by directors call "prabudda"? When I was in Pera during 90s, once I saw "thunweni yamaya" by Dharmasiri Bandaranayaka in the art's theater and realize it was a copy of an English movie I have seen before. Unfortunately I cannot remember the name of the English movie.
ReplyDeleteහෙළිදරව්වනම් ගොඩක් හොඳයි.
ReplyDeleteනමුත්, කොපියක් කර හෝ මෙම රචකයන් බිහිකර තිබෙනුයේ උසස් කෘති කිහිපයක්. එය අනෙක් කොපි හා සංසන්දනය කරන විට ඉහලින්ම සිටිනවා.
මෙන්න අහන්න හින්දි කවිය:
ReplyDeletehttp://www.youtube.com/watch?v=c4Mmz6V1Owc
මේවා මටනම් රසවත් අනුවර්තන...! ඇරත් මේ ගීත සඳහා අදහස් සැපයුණු මූලාශ්‍ර ගැන පවා සඳහන් කරනවා නේද?
ReplyDeleteමේ අදහසම උපුටා ගෙන පී බී අල්විස් පෙරේරා ත් අනුවර්තන කවියක් ලියලා තියෙනවා. ඔහුගේ කවිය නම් ලියලා තියෙන්නේ 1944 වගේ පේන්නේ. පණ්ඩිත් මඛන්ලාල් චතුර්වේදී "පුෂ්ප කී අභිලාෂා" ලිව්වේ මොන වසරේ ද, ඩෝල්ටන් "උඩඟු ලියන්" ලිව්වේ මොන වසරේ ද කියලා දන්නේ නැති නිසා මුලින් ලිව්වේ කවුද කියලා නම් දන්නේ නැහැ. පණ්ඩිත් මඛන්ලාල් චතුර්වේදී 1889 ඉපදිලා 1968 ජනවාරි 30 මිය ගිය බව විතරයි දැක්කේ.
ReplyDeleteමම දැකපු තවත් වෙනසක් තමයි ඉන්දියානු කවියේ දෙවියන්ට පූජා කරන්න එපා කියලා තිබ්බත් ශ්‍රී ලාංකික අනුවර්තන දෙකේම හෝ තුනේම බුදුන්ට පූජා කරන්න එපා කියලා නම් නැහැ.
මම අනුමාන කරන විදියට පණ්ඩිත් මඛන්ලාල් චතුර්වේදී ගේ (1889 - 1968) කවිය ලාංකීය කරලා පී බී අල්විස් අනුවර්තනය කළහම, පී බී අල්විස් ගේ (1917 - 1966) කවියෙන් වැඩි වශයෙනුත්, පණ්ඩිත් මඛන්ලාල් චතුර්වේදී ගේ කවියෙන් අඩු වශයෙනුත් ආභාසය ලබා ගෙන ඩෝල්ටන් (1926-1987) ලියන්න ඇති කියලා.
https://1drv.ms/u/s!ArjCQTNOtgdNgb4MBCVqOi3MmII94Q
උපුටා ගත්තේ අමර හේවාමද්දුම සහ සරත් විජේසූරිය සංස්කරණය කළ "පී බී අල්විස් පෙරේරා කවි එකතුව" 1993, 76 පිට
මලක් කතා කරයි
උයන් පලු හිතවත!
විදහන සෙයින් ඔබ තැත
මම රෝස තුර මත
සුවඳ පතුරමි වෙමින් විකසිත
හිතවතකු ඇසුරෙන්
සරණ යැදුමක අයුරින්
මම දැන් ඔබ කෙරෙන්
යදිමි තිළිණයක් සෙනෙහෙ පඬුරෙන්
මැසි බඹරුනට
මගේ රොන් රස විඳුමට
ඉඩ නොදෙනු ඔබ හට
කියමි මෙය බිඳ පිනි කඳුළු කැට
කුහක දනපති දන
කෑම මේසය සරසන
ලෙසින් මල ඇරගෙන
නොදිය යුතු මා තුරින් නෙලමින
අවි මුගුරු සුරතට
ගෙන වැද සිටින දෙවොලට
දෙවියා ඉදිරිපිට
නොදෙනු මැන මා රැගෙන තැබුමට
විත් මහ සබා මැද
දනන් රවටන ඇම සඳ
ලොකු මිනිසුන් ගෙළ ද
නො පළඳනු මා මල් දමෙක බැඳ
යුතු මුවග මද හස
උඩඟු ළඳකගෙ වරලස
බැඳ සරසන පිණිස
නොදෙනු හිතවත! මල පඩුරු ලෙස
දෑ නිදහස රිසින
තැත දරන නො පසිඳු වෙන
කෙනෙකු පිය පහරින
තැලෙන්නට මා මගට ලනු මැන
පී බී අල්විස් පෙරේරා
පණ්ඩිත් මඛන්ලාල් චතුර්වේදීගේ "පුෂ්ප් කි අභිලාෂා" 1922 කවිය සහ පී.බී. අල්විස් පෙරේරාගේ "මලක් කතා කරයි" 1944 අනුවර්තන කවියේ ආභාස ඩෝල්ටන් අල්විස්ගේ "උඩඟු ලියන් ගොතා බඳින" 1966 ගී පද රචනයට දායක වුනු අන්දම ගැන විමසුමක්
ReplyDeletehttps://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B6%9B%E0%B6%B1%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A_%E0%B6%A0%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93_%22%E0%B6%B4%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A_%E0%B6%9A%E0%B7%92_%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B7%82%E0%B7%8F%22_1922_/_%E0%B6%B4%E0%B7%93.%E0%B6%B6%E0%B7%93._%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A_%22%E0%B6%B8%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A_%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F_%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%22_1944_/_%E0%B6%A9%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A_%E2%80%9C%E0%B6%8B%E0%B6%A9%E0%B6%9F%E0%B7%94_%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%22_1966
මෙන්න මඛන්ලාල්, පී.බී. අල්විස් සහ ඩෝල්ටන් ගේ කවි තුන සංසන්දනය කරපු යූ ටියුබ් වීඩියෝවක් https://www.youtube.com/watch?v=p-lgsP599Uc
ReplyDelete