
මං ජොක්කු ගැන කතන්දර කීපයක්ම මේ වෙනකොට ලියලා තියෙනව බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ? එයින් දෙකකටම පාදක වුනේ මං කඩෙන් ජොක්කු ගන්න ගිහින් වෙච්ච අකරතැබ්බ තමයි.
මේ ලඟදී දාපු ජොක්කු කඩේ කතාවට ආපු කමෙන්ට්වලින් අහලා තිබුණා, ඇයි මට මේ ජොක්කු ගන්න කඩේ ගියාමම මේ දේවල් වෙන්නේ කියලා.
ඒකට හේතුව මේකයි.
මංතුමා මාස කීපයකට පාරක් ජොක්කු ගන්න කඩේ යනවා.
එහෙම යන්නේ දොස්තර ප්‍රේමකුමාර දුන්නු වෛද්‍ය උපදේශයක් මතයි.
මේ වෛද්‍ය උපදේශය ප්‍රේමකුමාර මට විතරක් පෞද්ගලිකව දීපු උපදේශයක් නෙමේ. පොදුවේ ලංකාවේ හැමෝටම දුන්නු උපදේශයක්.
කාලෙකට කලින් ඉරිදා ලංකාදීප පත්තරේද කොහෙද ප්‍රධාන පිටුවක තමයි මේ දොස්තර ප්‍රේමකුමාර ගේ වෛද්‍ය උපදේශය සහිත ලිපිය පලවුනේ.
ලිපිය ලියවිලා තිබුණේ, සනීපාරක්‍ෂාව, ඒ කියන්නේ පර්සනල් හයිජීන් ගැන ප්‍රේමකුමාර එක්ක කෙරුණු සාකච්ඡාවක් ආශ්‍රයෙනුයි.
ඔන්න මං ලිපිය කියවං යනවා.
"හොඳ ශරීර සෞඛ්‍යයක් පවත්වාගෙන යාමට නම් තමන්ගේ පිරිසිදුකම ගැනත් සැලකිලිමත් වෙන්න ඕනෑ!" දොස්තර ප්‍රේමකුමාර කීවේය. "අඩු වශයෙන් මාස හයකට වරක්වත් තමන්ගේ යට ඇඳුම් මාරු කරන්න ඕනෑ."
මගේ ඇස් උඩ ගියා. මේ ප්‍රේමකුමාරයා මොන පිස්සුවක් කෙලිනවද මන්දා? පොර කියන්නේ මාස හයක් එක ජොකාම ඇන්දාට කමක් නෑ කියලාද?
මං නං එක ජොකෙක් අඳින්නේ එක ගමනකට විතරයි. උදේ ගිහින් ඝෙදර ඇවිත් හවස ආපහු ගමනක් යනවා නං ඇඟ හෝදලා වෙන ජොකෙක් ගහගෙනයි යන්නේ.
එකම ජොකා මාස පහ හයක් ඇන්දොත් හොඳට තියෙයි...!!!
බයවෙන්න දෙයක් නෑ!
අපේ දොස්තර ප්‍රේමකුමාරට වචන ටැපලිලා. පොර වහාව ඒක හරිගස්සලා තිබුණා ඊලඟ වාක්‍යයෙන්.
"මං එයින් අදහස් කරන්නේ, එකම යට ඇඳුම මාස හයක් එක දිගට ඇඳීම හොඳය කියා නොවෙයි. මං කියන්නේ මාස හයකට පමණ වරක් තමන් භාවිතා කරන යට ඇඳුම් වෙනුවට අළුතින් ඒවා ගන්න කියලායි."
ඔන්න ඔහොම එන්නකෝ ප්‍රේමකුමාර!
ඒ ටික කියෙව්වාම තමයි මගේ ඇඟේ වතුර ටික ලේ වුනේ.
ඉන්ටර්වීව් එක කරපු බොට්ල් ජර්නලිස්ට්කාරයාත් ඉන්ටර්වීව් එක එඩිට් නොකරම දාලා. මං හිතන්නේ පාඨක රසාස්වාදය උපරිම කරන්න හිතාගෙන වෙන්න ඕනෑ.
ප්‍රේමකුමාරව මං අන්තිමට දැක්කේ ලේඩි රිජ්වේ එකට අපේ රෝස බබා අසනීප වෙලා අරංගිය වෙලාවක වගෙයි මට මතක.
මේ පීඩියට්‍රික්කාරයෝ මොනවට ජොක්කු ගැන කතාකරන්න යනවද මන්දා? ඒවා මේ අපි වගේ පොරවල්වලට තියන්නේ නැතුව.
ඔය කියන ඉන්ටර්වීව් එක තිබුණු පත්තර කෑල්ල මං කියෙව්වේ මීට අවුරුදු හත අටකට කලින්. ඒ දවස්වල මංතුමා මේ බ්ලොග් කලාව ගැන හාංකවිසියක්වත් දැනගෙන හිටියේ නැති හින්දා, ඒ පත්තර කෑල්ල කපලා තියාගත්තේ නෑ, දැං කරනවා වගේ.
-කතන්දරකාරයා
ප/ලි:
පත්තර කෑලි බලන්න ඕනෑ නං, මගේ කතන්දර දැනුම් සාගරේ සීරීස් එක බලන්න.
ඒ එක්කම මාස හයකට පාරක් අළුත් ජොක්කු ගන්න අමතක කරන්න එපා.
(image: http://www.spreadshirt.com/)
අද නම් මං එක
ReplyDeleteඅලුත් අවුරුද්ද ලබන දවසේ හොඳ මාතෘකාවක්.:D
ReplyDeleteකතන්දරට මෙ වගේ රසවත් මාතෘකා වැඩි, වැඩියෙන් ලියැවෙන සුබ අලුත් අවුරුද්දක් වේවා.!!!
කතන්දර අයිය වැඩියම කතා කරන්න කැමැති මාතෘකාව මේක වෙන්න ඕන :D
ReplyDeleteඔබ ඇතුලු සියලු දෙනාට සුබ සුබ අලුත් අවුරුද්දක් වේවා කියා පතනවා !
කකාටත්
ReplyDeleteරසවත් කතා වැඩි වැඩියෙන් ලියවෙන, මාස හයකට වරක් ජොක්කු මාරු වෙන
සුබ අලුත් අවුරුද්දක් වේවා..........!!!
අලුත් අවුරුද්දට මම අලුත් ජොක්කු පෙට්ටියක්ම ගත්තා...
ReplyDelete:D:D:D
Deleteහොද උපදෙසක්...මම අවුරුද්දක් විතර අදිනවානෙ බොලේ..
ReplyDeleteකකා මහත්තයටත් සුබ අලුත් අවුරුද්දක් වේවා..........!!!
සුබ අලුත් අවුරුද්දක් වේවා....!!!
ReplyDeleteඅම්මෙ වෛද්‍ය උපදෙස් නම් එමටයි නෙව....හී හී...මගෙ යාළු බුවෙක් ඉන්නව..ඌට ඩොකෙක් කියල පාට පාට ජොක්කු ඇඳම වඳ භාවයට පත් වෙනව කියල....ඉතින් මූ උගෙ පරපුර රැක ගන්ට කියල..එදා ෆටන් ශ්වේත වර්ණ වව්ල්ලු ෆමණමයි භාවිත කරන්නෙ..any way....wish u a හැප්පි හැප්පි new year....:P
ReplyDeleteකකා දන්නවද වැඩක්? රටක ආර්ථිකය යහපත්ව තියෙනවද කියල මනින්න පුළුවන් හොඳ මිම්මක් ලු ඒ රටේ ජොක්කු අලෙවිය. මොකද සල්ලි නැති උනාම පිරිමි මුලින්ම කරන්නෙ අලුතෙන් ජොක්කු ගන්න එක නවත්තන එකලු. ඉතින් අලෙවිය බහිනව කියන්නෙ පිරිමි අතේ සල්ලි නෑ. :D
ReplyDeleteලබන්නාවූ අවුරුද්ද කතන්දරටත් පවුලේ සියලු දෙනාටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!
එහෙනම් ඔක්කොටම ජොක්කු වැඩි වැඩියෙන් ලැබෙන නිරෝගී සම්පන්න අලුත් අවුරුද්දක් වේවා කිව්ව...!!
ReplyDeleteඅවුරුදු දවසෙම හොද උපදෙසක්..
ReplyDeleteකතන්දර ශූරීන්ට සුභ අලුත් අවුරුද්දක් වේව!!
මන් ඔය එක එක බාල ජොක්කු අදින්නෙ නෑ. මම අදින්නෙ එක්කො Calvin Klein නැත්නම් Harrods
ReplyDeleteඒවා මෙහෙම මාස 6න් විසිකරන්ඩ පුලුවන්ද. මොන කුනුහරුපයක්ද බන් මේ?
හිහි
ReplyDeleteඅවුරුද්දත් එක්ක අලුත් වෙන්න, අලුත් ජොකෙක් මිලදී ගන්න.. එල පොස්ට් එක!
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා තුමනි!
මාස 6 න් මාරු කලාට විතරක් වැඩක් වෙන්නේ නැහැ, යට ඇඳුම් කියන ජාතිය හෝදලා වේලුනාට පස්සේ,
ReplyDeleteඅඳින්න කළින් හොඳ රස්නේ තියෙන ඉස්තිරික්කයකින් මැදලාම අඳින්න පුළුවන්නම් තමයිලු වඩා හොඳ...
නැත්නම් රෙදි වැලවල් වල, මල් වැටවල් වල, හැමතැනම තියෙන විෂබීජ යට ඇඳුම් වල තැවරෙනවානේ...
(මමත් පත්තරේක තියෙනවා දැක්කේ)
කසු සහ පවුලේ සැමට කිරියෙන් පැණියෙන් උතුරන සුබ අළුත් අවුරුද්දක් වේවා...!
මේ පාර අවුරුද්දට අඳින්න කියන්නෙ නිල් පාට
ReplyDeleteඒ කියන්නෙ නිර්වස්ත්‍රයෙන්.... සොරි සොරි නිල්වස්ත්‍රයෙන් සැරසී වැඩ අල්ලන්න කියලද.. :)
DeleteJocks Archives!!!
ReplyDeleteමතක් කිරීමක් .. ජොක්කු රිනිව් / රි ප්ලේස් කිරීමට පෙර මාතලන්ගේ උපදෙස් පිලිපදින්න ...
ReplyDeletehttp://maathalan.blogspot.it/2012/02/mens-underwear.html
සුභ අළුත් අවුරුද්දක් වේවා!!!